Monday, January 30, 2012

ලාංකික විද්‍යාඥවරියකගෙන් නව සොයා ගැනීමක්



මෙතෙක් විද්‍යාත්මකව වර්ගීකරණයට ලක්ව නොතිබූ නව ශාඛයක් ‍ලොවට හඳුන්වාදීමට ශ්‍රී ලාංකික කෘෂි  විද්‍යාඥවරියක සමත්ව සිටී.

එම ශාඛය "අනිත්ත" යන නමින් හදුන්වනු ලැබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපාධිලාභිනියක සහ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධි අපේක්ෂිකාවකවන ප්‍රභා අමරසිංහ මෙනෙවිය පැවසුවේ වසර ගණනාවක පර්යේෂණවලින් අනතුරුව මෙම ශාඛය ලොවට හඳුන්වාදීමට හැකිවූ බවය.


ඇය මේ නව පැළෑටිය සොයා ගැනීමට අදාළ පර්යේෂණ පටන්ගත්තේ 2008 වසරේ දී වන අතර මේ ව්‍යාපෘතියේ උපදේශක වූයේ ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතාය.

එඩින්බර්ග් ජර්නල් ඔෆ් බොට්නිහි , 68 වැනි වෙළුමෙහි තුන්වැනි කලාපයේ තුළින් මෙම ශාඛය නව සොයා ගැනීමක් ලෙසට ලොව පුරා ප්‍රකාශයට පත් වූ බව ඇය සඳහන් කළාය.

 "මා අලුතෙන් සොයා ගත් ශාක විශේෂය විද්‍යාත්මකව මෙතෙක්‌ වර්ගීකරණයට බඳුන් වී තිබුණේ නැහැ. එහි සිංහල නම අනිත්ත (Anitta). එහෙත් මීට පෙර විද්‍යාත්මකව මෙය විමර්ශනය කර නැහැ. මෙය දෙමළෙන් නාගමුල්ලි කියාත් ඉංග්‍රීසියෙන් White Crane Flower කියාත් හඳුන්වනවා. අයත් වන්නේ Acanthaceae කුලයට. මේ සොයාගත් නව විශේෂය විද්‍යාත්මකව නම් කරන්නේ Rhinacanthus flavovirens (Amarasinghe & Wijesundara) යනුවෙන්. ලොව මේ Rhinacanthus ගණයට අයත් ශාක විශේෂ 30ක්‌ විතර හඳුනාගෙන තියෙනවා. ලංකාවේ මේ Rhinacanthus ගණයට අයත් විශේෂ දෙකක්‌ මීට කලින් හඳුනාගෙන තියෙනවා. එකක්‌ R.nasutus. අනෙක R.polonnaruwensis. දෙවැන්න ලංකාවට ආවේනිකයි. nasutus විශේෂය ලංකාවේ චර්ම රෝගවලටයි, නයි විෂටයි පාවිච්චි කරනවා. ඒ වගේ ම මෙය ප්‍රතිබැක්‌ටීරිකාරක, ප්‍රතිවයිරස හා ප්‍රතිදීලීරක ගුණ දරනවා. එසේ ම පිළිකා නාශක ගුණ ද තිබෙනවා. මෙහි ඇතුළත් රසායනය රයිනකැන්තීන්. එය ඉතා වැදගත්. මේ පැළෑටිය උතුරුමැද, මධ්‍යම හා දකුණු පළාත්වල දක්‌නට ලැබෙන්නක්‌."

Sunday, January 29, 2012

කි‍්‍රකට් වෙනස්කම් කණ්ඩායම ගැන සිතා. - කි‍්‍රකට් සභාපති

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය සහ පුහුණුකරු වෙනස් කිරීම කණ්ඩායමේ ඉදිරිය ගැන සලකා සිදුකළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සභාපති උපාලි ධර්මදාස පවසනවා. පුහුණුකරු ජෙෆ් මාර්ෂ් ඔහුගේ තනතුරින් ඉවත් කරනු ලැබුයේ වසර 2ක කොන්ත‍්‍රාත්තුවේ මාස 6ක කාලයක් පමණක් ගතවී තිබියදීයි. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සභාපතිවරයා සඳහන් කළේ දැන් පත් කර ඇති දකුණු අප‍්‍රිකානු ජාතික පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් 21 වැනි සියවසේ පුහුණුකරුවෙකුගෙන් අපේක්ෂා කරන කරුණු සපුරාලිය හැකි පුද්ගලයෙකු බවයි. ග‍්‍රැහැම් ෆෝඞ් 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසු  ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු ටෙ‍්‍රවර් බේලිස් ඉවත්වීමෙන් අනතුරුව නම් කෙරුණු හතර වන පුහුණුකරුයි.

තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වය වෙනස්වීම ද කණ්ඩායමේ මෙන්ම ඩිල්ශාන්ගේ කි‍්‍රකට් අනාගතයට යහපත් පියවරක් ලෙසයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සභාපතිවරයා හැදින්වූයේ. අමතර වගකීම්වලින් මුදාලීම නිසා ඩිල්ශාන්ට ඉදිරියේදී සිය ක‍්‍රීඩා පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා. පසුගිය කාලය තුළ එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, පාකිස්තානය සහ දකුණු අප‍්‍රිකාව සමග පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලි සියල්ලෙන් ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුණා. කෙසේ නමුත් දකුණු අප‍්‍රිකානු චාරිකාව ජයග‍්‍රාහී ලෙස අවසන් කිරීමට සමත් වූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළ මේ වන විට තුන්කොන් එක්දින තරගාවලියක් සදහා  ඕස්ටේ‍්‍රලියාව බලා ගොස් සිටිනවා. 


Saturday, January 28, 2012

කි‍්‍රකට් ගහන මන්තී‍්‍ර තුමා කොරන දේවල්

තරගයකට සහභාගි වෙමින් සිටියදී කි‍්‍රකට් කී‍්‍රඩක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් ජයසුරිය  එම තරගය අතරතුර පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීම සඳහා නිදහස් කිරීම තරග නීති රීති උල්ලංඝනය කිරීමක් බවට මේ වනවිට කි‍්‍රකට් විනිසුරු  ක්‍ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.
අන්තර් සමාජ ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලියේ ”බී” කාණ්ඩයේ තරගයකදී මේ සිදුවීම වාර්තාවී තිබේ. මෙම තරගාවලියේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර  සනත් ජයසූරිය ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් තරග වදියි.
මෙම තරගයේදී පළමු ඉනිමේ පන්දුවට පහර දුන් ජයසූරිය දැවී  යාමෙන් පසු පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගි වීම සඳහා පිටත්ව යාමට තරගයේ විනිසුරු වන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
විනිසුරුවන් ඒ සම්බන්ධයෙන් තරග තීරකවරයාගෙන් උපදෙස් පතා තිබෙන අතර එහිදී තීරකවරයා සිය මතය ප‍්‍රකාශ කිරීමට නොහැකි වූ තැන එය කි‍්‍රකට් ආයතනයට යොමු කළ බව වාර්තාවේ.
කෙසේ වුවත් පාර්ලිමේන්තු රැස්වීමට පිටත්ව ගොස් යළි පෙරළා පැමිණ තරගයට සහභාගි වී තිබෙන ජයසුරිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර  දී  තිබේ.
එහිදී ඔහුට විනිසුරුවන්ගෙන් උපදෙස් ලැබී ඇත්තේ දෙවෙනි ඉනිමේදී පස්වැනි කඩුල්ල  දැවී යාමෙන් පසු පන්දුවට පහරදීමට පිටියට පැමිණෙන ලෙසය.
එහෙත් ප‍්‍රවීන කි‍්‍රකට් විනිසුරුවන් පිරිසක් ලංකාදීපයට පැවසුවේ ජයසුරිය පාර්ලිමේන්තු රැස්වීමට පිටව ගොස් යළි පැමිණිමෙන් පසු තරගයට සහභාගි කර ගැනීම තරග නීති රීතිවලට පටහැනි බවය.
තරගයක් පැවැත්වෙන අතර ඊට සහභාගිවී සිටින කී‍්‍රඩකයෙකු අතර මග නිදහස් කළ හැකි වන්නේ ඔහුට අනතුරු හා ආබාධ සිදු වුවහොත් හෝ තරගයට සහභාගී වීමෙන් පසුව පිළිගත හැකි වෙනත් සාධාරණ හේතුවක් පදනම් කර ගනිමින් පමණක් බවත් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව මේ කී‍්‍රඩකයා කලින් දැන සිටි බව  නිගමනය කළ  හැකි බැවින් ඔහු තරගයෙන් නිදහස් කිරීමට කටයුතු කිරීම දැන් පවතින තරග නීති රීතිවලට පටහැනි බව විනිසුරුවෝ පවසති.
සනත් පිටියෙන් ඉවත්වීමෙන් පසු ඒ වෙනුවට පන්දු රැකීමට ආදේශ  කි‍්‍රඩකයකු සහභාගී කර ගැනීම තුළත් හා පස්වැනි කඩුල්ල දැවී යාමෙන් පසු සනත් පන්දුවට පහරදීමට නියම කිරීමත් තරග නීති රීති උල්ලංඝනය කිරීමක් බව විනිසුරුවන්ගේ මතයයි. මේ සම්බන්ධයෙන් කි‍්‍රකට් ආයතනයෙන් උපදෙස් ලබා ගැනීමේදී එම උපදෙස් ලබා ඇත්තේද විෂයට අදාල නොවන නිලධාරියකුගෙන් බවද දැනගන්නට ඇත.

Tuesday, January 24, 2012

ඩිල්ෂාන් ඉල්ලා අස්වෙයි නව නායකයා මහේල එක්දින සංචිතය නම් කරයි.


තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඩිල්ෂාන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (23)විද්‍යූත් තැපෑලෙන් (ඊමේල්) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා යොමුකර තිබේ.
ඩිල්ෂාන්, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන කණ්ඩායම් තුනේම නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත් තමන් තව දුරටත් කණ්ඩායමේ ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරන බවත් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් දැනුම්දී තිබේ.


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය තමන්ට තිබුණත් නැතත් තමන් ඒ සම්බන්ධයෙන් හිත කරදර කරගන්නේ නැතැයි තිලකරත්න ඩිල්ෂාන් පසුගිය සිකුරාදා කිම්බර්ලි නුවරදී පැවසීය.
”මම තරුණ කී‍්‍රඩකයන් එක්ක අභියෝගයක් බාරගත්තා. මම තරුණයන්ට තැන දෙනවා”
”තව වසර තුන හතරකින්, තරුණ කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දස්කම් පෙන්නවනවා මට වාඩිවෙලා බලා ඉන්න පුළුවන්. මගේ අරමුණ ඒකයි” යයිද ඩිල්ෂාන් කිම්බර්ලි නුවරදී පැවසීය.





තමන් නායකත්වය බාරගත්තේ ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය දැරීමට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවකදී බවද ඩිල්ෂාන් පැවසීය.
”හැමෝම අයින් වුණා. නායකත්වය බාරගන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවාම මම අභියෝගය බාරගත්තා. මගේ නායකත්වය මම සතුටින් කරගෙන යනවා” යයිද ඩිල්ෂාන් පැවසීය.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් බොහෝ භූමිකා බාරගෙන ඇති කී‍්‍රඩකයන් කිහිප දෙනාගෙන් ඩිල්ෂාන්ද අයෙකි.
”මම හැම දෙයක්ම කළේ රට වෙනුවෙන්”
”ඔවුන්ට  ඕනෑ වුණාම මා කඩුලූ රැක්කා, ඔවුන්ට  ඕනෑ වුණාම මා ආරම්භක පිතිකරුවා ලෙස කී‍්‍රඩා කරලා ඊට පස්සේ අංක 6 පිතිකරුවා ලෙසත් කී‍්‍රඩා කළා” යයිද ඩිල්ෂාන් පැවසීය.
පිතිකරුවකු සහ කඩුලූ රකින්නකු වශයෙන් කී‍්‍රඩා කිරීමට අමතරව ඩිල්ෂාන් අවස්ථානුකූලව පන්දු යැවීමටද ඉදිරිපත් වන අතර පිටියේ  ඕනෑම තැනක විශිෂ්ට පන්දු රකින්නකුද වෙයි.
නායකත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවෙන් ලැබෙන ප‍්‍රවෘත්ති නිසා අසහනයට පත්ව සිටීද යන්න කළ විමසුමකට මුහුණ දුන් ශී‍්‍ර ලංකා නායකයා පැවසුවේ ඒ ගැන තමන් කරදර නොවන බවත් නව තේරීම් කමිටු සභාපතිවරයා සිකුරාදා තමන්ට කතා කළ අවස්තථාවේදී ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකළ බවත්ය.


ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නව නායකයා ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් උප නායකයා ලෙස තව දුරටත් කටයුතු කරයි.
ශ්‍රී ලංවෙන් විහිවූ විශිෂ්ටම පිතිකරුවකු වන මහේල ජයවර්ධන මීට පෙර 2004 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළේය. එම කාලය තුළ මහේලගේ නායකත්වයෙන් ටෙස්ට් තරග 28 කින් තරග 15 ක් ජය ලබා තරග 7 ක් පරාජයට පත්ව තිබේ. මහේල එක්දින තරග 94 කදී ශ්‍රී ලංකා පිල මෙහෙයවමින් තරග 54 ක් ජය ලබා තිබේ.


ඕස්ටේ‍්‍රලියාවේදී ලබන පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ වන ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක‍්‍රීඩක ෆර්විස් මහරුෆ් සහ වේග පන්දු යවන චානක වෙළගෙදර මාස 19 කට පසුව කැඳවා තිබේ.
දකුණතින් වේග පන්දු යවන 27 හැවිරිදි ෆර්විස් මහරුෆ් 2010 වසරේ ජූනි මස 24 වැනිදා දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කර සිටියේය. මහරුෆ් එක්දින තරග 94 කදී කඩුලූ 121 ක් දවා ගනිමින් ලකුණු 984 ක් ද රැස්කර තිබේ.
ටෙස්ට් පිල නියෝජන කරමින් දස්කම් දැක්වූ වමතින් වේග පන්දු යවන චානක වෙළගෙදර 2010 වසරේ ජූනි මස 22 වැනිදා දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කළේය. 30 හැවිරිදි වෙළගෙදර එක්දින තරග 10 කදී කඩුලූ 15 ක් දවාගෙන තිබේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ෆර්විස් මහරුෆ්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙළගෙදර සහ ධම්මික ප‍්‍රසාද්.

Saturday, January 21, 2012

කෝසල නැති තරගය තිසර ජයග‍්‍රහණය කරවයි


ලකුණු 300 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල  ඕවර 48.4 කදී ලකුණු 304 ක් ලබා ජයග‍්‍රහණය වාර්තා කළේය. තිසර පෙරේරා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් වේගවත් ලකුණු 69 ක් නොදැවී ලබා ගත්තේය. තිසර තරගයේ ජයග‍්‍රහණය වාර්තා කළේ දැවැන්ත හයේ පහරකිනි. තිසර පන්දු 44 කදී ලබාගත් ලකුණු 66 ට හතරේ පහර තුනක් සහ හයේ පහර පහක් ඇතුළත්විය.
තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ලකුණු අතර සිටි දිනේෂ් චන්දිමාල් මෙම තරගයේද ලකුණු 59 ක් ලබා ගත්තේය. නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 87 කට දැවී ගියේය. කෙසේ වෙතත් තරගාවලිය 3-1 ක් ලෙස දකුණු අප‍්‍රිකාව මේ වන විටත් ජය ලබා සිටියි.






South Africa innings (50 overs maximum) R M B 4s 6s SR
View dismissal AN Petersen c Tharanga b Herath 37 55 39 4 1 94.87
View dismissal GC Smith c Dilshan b Malinga 68 106 69 7 1 98.55
View dismissal AB de Villiers*† b Perera 96 116 76 8 3 126.31
View dismissal CA Ingram lbw b Kulasekara 1 4 4 0 0 25.00
View dismissal JP Duminy c †Sangakkara b Perera 36 50 47 2 0 76.59
View dismissal F du Plessis c †Sangakkara b Herath 5 13 12 0 0 41.66
View dismissal WD Parnell run out (Tharanga) 21 28 17 0 1 123.52

RJ Peterson not out 23 37 31 2 0 74.19

VD Philander not out 2 12 5 0 0 40.00

Extras (b 4, w 6) 10











Total (7 wickets; 50 overs; 214 mins) 299 (5.98 runs per over)
Did not bat M Morkel, LL Tsotsobe
Fall of wickets 1-84 (Petersen, 13.1 ov), 2-171 (Smith, 23.5 ov), 3-172 (Ingram, 24.3 ov), 4-242 (Duminy, 38.4 ov), 5-250 (de Villiers, 40.5 ov), 6-252 (du Plessis, 41.3 ov), 7-289 (Parnell, 47.5 ov)










Bowling O M R W Econ

View wicket SL Malinga 10 0 57 1 5.70 (4w)
View wicket KMDN Kulasekara 8 0 40 1 5.00


SMSM Senanayake 10 1 53 0 5.30

View wickets NLTC Perera 4 0 34 2 8.50 (1w)

AD Mathews 1 0 6 0 6.00


TM Dilshan 8 0 60 0 7.50

View wickets HMRKB Herath 9 0 45 2 5.00










Sri Lanka innings (target: 300 runs from 50 overs) R M B 4s 6s SR
View dismissal WU Tharanga c †de Villiers b Tsotsobe 6 13 10 1 0 60.00
View dismissal TM Dilshan* c Duminy b Tsotsobe 87 122 87 9 2 100.00
View dismissal KC Sangakkara c Petersen b Peterson 32 56 31 2 1 103.22
View dismissal LD Chandimal b Tsotsobe 59 117 81 1 1 72.83
View dismissal HDRL Thirimanne c Duminy b Philander 13 27 15 0 0 86.66

NLTC Perera not out 69 75 44 3 5 156.81

AD Mathews not out 21 35 25 0 0 84.00

Extras (b 4, lb 5, w 6, nb 2) 17











Total (5 wickets; 48.4 overs; 226 mins) 304 (6.24 runs per over)
Did not bat KMDN Kulasekara, SL Malinga, HMRKB Herath, SMSM Senanayake
Fall of wickets 1-17 (Tharanga, 3.1 ov), 2-100 (Sangakkara, 16.2 ov), 3-168 (Dilshan, 28.5 ov), 4-194 (Thirimanne, 34.4 ov), 5-246 (Chandimal, 40.6 ov)










Bowling O M R W Econ


M Morkel 8 0 43 0 5.37 (2w)
View wickets LL Tsotsobe 10 0 51 3 5.10 (1w)
View wicket VD Philander 6 0 39 1 6.50 (2w)

WD Parnell 9 0 52 0 5.77 (1nb)

JP Duminy 4.4 0 37 0 7.92

View wicket RJ Peterson 6 0 47 1 7.83


F du Plessis 5 0 26 0 5.20 (1w)
Match details
Toss South Africa, who chose to bat
Series South Africa led the 5-match series 3-1
ODI debut SMSM Senanayake (Sri Lanka)
Player of the match NLTC Perera (Sri Lanka)
Umpires JD Cloete and BR Doctrove (West Indies)
TV umpire NJ Llong (England)
Match referee JJ Crowe (New Zealand)
Reserve umpire S George

Friday, January 20, 2012

කලින් තරගයේ වීරයා කොසල කුලසේකර අදත් ක්‍රීඩා කරයිද?


පිට පිටම එක්‌දින තරග හයක්‌ පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකාව අද (20 දා) දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන සිව්වැනි එක්‌දින තරගයට කිම්බර්ලි හිදී සහභාගි වෙයි. දිවා තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට ආරම්භ වීමට නියමිතය.

තරග පහකින් සමන්විත දෙරට අතර එක්‌දින තරගාවලිය මේ වනවිට 3-0 ක්‌ ලෙස ජය ගෙන සිටින දකුණු අප්‍රිකානු කණ්‌ඩායම අද තරගයේදී හෝ පරාජය කරමින් ගෞරවය රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උත්සහ කළ යුතුව ඇත.

තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ සහභාගි පිට පිටම පරාජය වූ සිව්වැනි එක්‌දින තරගාවලිය මෙය වන අතර මීට පෙර පැවැති පාකිස්‌තානය සමග තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේදීද ශ්‍රී ලංකාව ජය ගත්තේ එක්‌ තරගයක්‌ පමණි.

අද තරගයට ලකුණු අතර නොසිටින මහේල ජයවර්ධන ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. තෙවැනි එක්‌දින තරගයේදී පිට කොන්දේ ආබාධයකට ලක්‌ව ඇති මහේල සම්පූර්ණ සුවය ලබා තිබුණහොත් පමණක්‌ අද ක්‍රීඩා කිරීමට නියමිත බව දකුණු අප්‍රිකා වාර්තා සඳහන් කරයි.

දෙරට අතර පැවැත්වෙන පස්‌වැනි සහ අවසන් එක්‌දින තරගය ලබන ඉරිදා (22 දා) පැවැත්වීමට නියමිතය.

ඉදිරියේදී ඕස්ට්‍රේලියානු එක්දින තරග සංචාරයට සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධනට හිමිවනු ඇති බවට ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඕස්ට්‍රේලියාව,ඉන්දියාව හා ශ්‍රී ලංකාව සහභාගීවන තුන්කොන් එක්දින තරගාවලිය පෙබරවාරි 12 වන දින ඇඩලේඩ්හි ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ වැදගත් තීන්දු කිහිපයක් ගනු ඇති බවට එකි ආරංචි මාර්ග තහවුරු කරයි.

මීට ප්‍රථම 2006-2009 වකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේද මහේල ජයවර්ධනයි. 

Tuesday, January 17, 2012

අම්ලා ,කලීස් නැති අදවත් ලංකාව දිනයිද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය වන තීරණාත්මක තුන්වැනි එක්‌දින ක්‍රිකට්‌ තරගය අද බ්ලුෆොම්ටන්හි චෙවර්ලන්ට්‌ පාක්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක්‌ ලෙසින් පැවැත්වෙන අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6 ට ආරම්භ වනු ඇත.

මෙතෙක්‌ පැවැති තරග 2 ම පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමට තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් අද තරගයේ ජය අනිවාර්ය වේ. දකුණු අප්‍රිකානු පිල හමුවේ තුන් ඉරියව්වෙන්ම අසාර්ථක භාවයට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමට අද තරගයේ ජය ලබා ගැනීමට නොහැකි වුවහොත් තවත් තරග 2 ක්‌ ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව හමුවේ තරගාවලිය පරාජය වීමට සිදුවනු ඇත. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව පරාජයට පත්වන සිව්වැනි එක්‌දින තරගාවලිය ලෙසින්ද මෙම තරගාවලිය සටහන් වනු ඇත.

කණ්‌ඩායමේ නායක ඩිල්ෂාන්ගේ සිට ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් අසාර්ථක භාවයට පත්ව සිටීම ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධානම ප්‍රශ්නය වන අතර පන්දු යවන්නන් ප්‍රතිවාදීන් කඩුලු දවා ගැනීමට අපොහොසත් වීමද තත්ත්වය උග්‍ර අතට පත්කර ඇත.

සමබර තාවයකින් යුක්‌තව කණ්‌ඩායම නම් කරනු ලබන බවක්‌ ද නොපෙනේ

පළමු තරගයේදී ලකුණ්‌ 43 ක්‌ වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම දෙවැනි තරගයට අවතීර්ණ වූයේ ප්‍රධාන පිතිකරුවන් 6 දෙනෙකුගෙන් සහ පන්දු යවන්නන් 5 දෙනෙකුගෙන් යුක්‌තව වේ. පිතිකරුවන් අසාර්ථක්‌තවට පත්ව සිටින්නේ නම් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ තවත් පිතිකරුවකු වැඩි කරමින් 7/4 සංයුතියෙන් ක්‍රීඩා කිරීම වේ. එහෙත් ශ්‍රී ලංකාව දෙවැනි තරගයට අවතීර්ණ වූයේද 6/5 සංයුතියෙන් යුතුවය.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කණ්‌ඩායමට එක්‌වී සිටින කෝසල කුලසේකරට පළමු තරග 2 හිදීම අවස්‌ථාව නමුත්, එහිදී ඔහුගෙන් කණ්‌ඩායමට ලබා ගැනීමට බලාපොරොත්තු වන සේවය කුමක්‌ද යන්න හඳුනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා තවමත් අපොහොසත් වී සිටීම පුදුමය දනවන්නකි. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කණ්‌ඩායමට එක්‌ වී සිටින කෝසල කුලසේකර පළමු තරගයේදී ලකුණු 19 ක්‌ පමණක්‌ ලබා ගත් අතර දෙවැනි තරගයේදී පන්දු යවන්නකු ලෙස එක්‌ පන්දු වාරයක්‌ පමණක්‌ යෑවීමට යොදා ගනු ලැබීය. තුන් ඉරියව් ක්‍රීඩකයකු නම් අවම වශයෙන් පන්දු වාර 5 කට වැඩි ප්‍රමාණයක්‌ යෑවිය යුතු නමුත් එසේ නොකොට කෝසලව කණ්‌ඩායමට නම් කරන්නේ නායකයා හා ජ්‍යෙෂ්ඨයන්ට උවමනා පරිදිද එසේ නැතහොත්, එහි ගොස්‌ සිටින තේරීම් කමිටු සාමාජික දොන් අරුණසිරි මහතාට අවශ්‍ය පරදිද යන්න අපැහැදිළි තත්ත්වයකි.

පළමු තරග දෙකේදීම ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වී සිටින නායක ඩිල්ෂාන් සහ සංගක්‌කාර අද තරගයේදී ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වුවහොත් දකුණු අප්‍රිකානු පන්දු යෑවීමේ බල ඇණිය හමුවේ ලකුණු 250 කට එහා ඉලක්‌කයක්‌ ලබා ගැනීම අසීරු කටයුත්තකි.

මේ අතර ටෙස්‌ට්‌ සංචිතයේ පසුවූ රොරී ක්‌ලෙන්ඩ්වල්ට්‌ ආබාධයකට ලක්‌වීම මත ඒ වෙනුවට ටෙස්‌ට්‌ තරගාවලියේදී කැපී පෙනුණු චරිතයක්‌ වූ වර්නන් පිලෙන්ඩර් ආදේශකයා වී සිටියි.

පළමු තරගයේදී ශතකයක්‌ සහ දෙවැනි තරගයේදී අර්ධ ශතකයක්‌ රැස්‌ කළ ආරම්භක පිතිකරු හෂීම් අම්ලාගේ බිරිඳ සිය පළමු දරුවා ප්‍රසූත කිරීමට සැරසෙන බැවින් තරගාවලියේ ඉදිරි තරග සඳහා ඔහු සහභාගි නොවනු ලබන අතර එය ශ්‍රී ලංකා කණ්‌ඩායමට මහත් අස්‌වැසිල්ලක්‌ වනු ඇත. අංක 03 පිතිකරු ජැක්‌ කලිස්‌ද මෙම තරගයේදී විවේක ගනු ලබන බව දකුණු අප්‍රිකානු ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ. ඒ අනුව අම්ලා වෙනුවට තෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී ශතකයක්‌ රැස්‌ කළ ඇල්වරෝ පීටර්සන්ද කලිස්‌ වෙනුවට කොලින් ඊග්‍රැහැම්ද ක්‍රීඩා කරනු ඇතැයි සඳහන් වේ.

Sunday, January 15, 2012

සචින් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි! හිටපු පකිස්‌තාන ක්‍රිකට්‌ නායක රෂීඩ් ලතිෆ් කියයි

සචින් ටෙන්ඩුල්කාර් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු බවට පුවතක්‌ ද ටයිම්ස්‌ ඔෆ් ඉන්දියා" පුවත්පතේ පසුගිය දා පළ වී තිබුණා. එකී පුවත්පතට එම ප්‍රකාශය ලබා දී තිබුණේ හිටපු පකිස්‌තාන් ක්‍රිකට්‌ නායකයෙක්‌ වන රෂීඩ් ලතිෆ් පකිස්‌ථාන කණ්‌ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වූ ලතිෆ් එරට වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 37 කට සහ එක්‌ දින තරග 166 කට ක්‍රීඩා කර තිබෙනවා. වත්මන් ඇෆ්ගනිස්‌තාන ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පුහුණුකරු ලෙසද ලතිෆ් කටයුතු කරනවා.

ලතිෆ්ට එසේ ටෙන්ඩුල්කාර් ගැන කියන්න හිත් දීලා තියෙන්නේ ටෙන්ඩුල්කාර් දැන් සිටින තත්ත්වය අනුවයි. ටෙස්‌ට්‌ ශතක 51 ක්‌ද, එක්‌ දින ශතක 48 ක්‌ ද රැස්‌කර ගෙන ඇති ටෙන්ඩුල්කාර් තවත් ශතකයක්‌ රැස්‌ කරගත හොත් ශතක ශතකයන් රැස්‌ කළ ලොව පළමු ක්‍රීඩකයා වීමේ වාර්තාවට හිමිකම් කියනවා. ඒත් මේ වාර්තාව ආසන්නයට අවස්‌ථා කිහිපයකදීම ටෙන්ඩුල්කාර් ළඟා වුවත් ලකුණු කිහිපයක්‌ මෙපිටින් ඔහු දැවී යනවා.

මේ පිළිබඳව මනා අවධානයෙන් බලා සිට ඇති හිටපු පකිස්‌තාන් ක්‍රිකට්‌ නායකයා පවසන්නේ මෙසේ වීමට හේතුව සචින්ගේ පිතිහරඹයේ දුර්වලතාවක්‌ නොවන බවයි. ඔහු පවසන්නේ සචින්ට ඇත්තේ මානසික ප්‍රශ්නයක්‌ බවයි.

"සචින් මානසික පීඩනයකින් පෙළෙනවා. මෙයින් මිදෙන්න සචින් ක්‍රීඩා මානසික වෛද්‍යවරයෙක්‌ වෙත පෙන්විය යුතුයි."

ලතිෆ් යෝජනා කරනවා. ලතිෆ්ට පෙර ටෙස්‌ට්‌ වරම් ලැබූ සචින් ලතිෆ්ට එරෙහිව ඉන්දීය කණ්‌ඩායම නියෝජනය කර තිබෙනවා. ක්‍රිකට්‌ පිටියේ ප්‍රධාන පෙළේ එදිරිවාදීන් ලෙස සැලකෙන පකිස්‌තානය සහ ඉන්දියාව යන කණ්‌ඩායම් දෙක මේ ක්‍රීඩකයන් නියෝජනය කළත් ලතිෆ්ගේ මේ යෝජනාව යහපත් යෝජනාවක්‌ බවයි විචාරකයන් පවසන්නේ.

ඔහු මානසික පීඩනයක්‌ යටතේ ඉන්නා බවට කිසිම සැකයක්‌ නැහැ. ඒ බව ඔහු නොපිළිගත්තත් ඔහු එවැනි මානසික පීඩාවකට මුහුණ දී සිටිනවා. තමන් ඉදිරියේ ඇති සුවිශේෂ වාර්තාව නිසයි සචින්ට මෙවැනි මානසික පීඩනයක්‌ එල්ල වී තිබෙන්නේ. ඒ නිසා සචින් ක්‍රීඩා මානසික වෛද්‍යවරයෙකු හමු වී උපදෙස්‌ ගන්න එක නරක අදහසක්‌ නොවේ.

මොයින් ඛාන්ගෙන් පසුව පකිස්‌තාන ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වූ ලතිෆ් තවදුරටත් එසේ ප්‍රකාශ කරනවා. ලතිෆ් පවසන්නේ සචින් පිටිය මැද දී ඉතා හොඳින් ක්‍රීඩා කරන බවයි.

ඔහු හොඳින් පිතිහරඹයේ නිරත වෙමින් ඉන්නවා. ඒ වගේම පිටියට පැමිණි විට ඔහු තම පිතිකරණ කාර්යය ඉතා විශිෂ්ට ලෙස ඉටු කරමින් සිටිනවා. ඒත් එක මානසික බාධාවකින් ඔහුට මේ කඩඉමට පිවිසීමේ මග අහුරා දමනවා.

ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ඔස්‌ටේ්‍රලියාවේ පැවැති පළමු ටෙස්‌ට්‌ තරග දෙකේදීම ඉන්දියාව පරාජයට පත් වුණා. එම තරග දෙකේදීම අර්ධ ශතක දෙකක්‌ වාර්තා කළත් ටෙන්ඩුල්කාර්ට ශතකයක්‌ නම් ලබා ගන්න හැකි වූයේ නැහැ. ඒත් ලතිෆ් පවසන්නේ සචින් මේ තරගාවලියේදී අනිවාර්යයෙන්ම ශතකයක්‌ වාර්තා කර ලෝක වාර්තාව ඔහුගේ නමට ලියා ගනු ඇති බවයි.

මම විශ්වාස කරනවා සචින් මේ තරගාවලියේදී අනිවාර්යයෙන් ශතකයක්‌ වාර්තා කරාවි කියා. ලෝකයේ ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩකයන්ටත් සමහර අවස්‌ථා වලදී මෙවැනි මානසික උපදේශනයන් අවශ්‍ය වෙනවා. ඒක සචින්ට පමණක්‌ නොවේ. හැමෝටම වෙන්න පුළුවන් දෙයක්‌.

සචින් තමාගේ අවසාන ශතකය ලබා ගෙන තිබෙන්නේ පසුගිය මාර්තු මාසයේදීය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයකදී ලබා ගත් එම ශතකයට පසුව ඉතා ආසන්නයේ පැවැති පුහුණු තරගයකදීවත් සචින්ට ඉලක්‌කම් තුනේ සංඛ්‍යාවකට පියමං කරන්න හැකි වී නැහැ. ඔස්‌ටේ්‍රලියාවේ පැවැති එරට සභාපතිගේ කණ්‌ඩායමට එරෙහිව පුහුණු තරගයකදීත් ශතකය ආසන්නයටම ගොස්‌ ලකුණු 92 කට සචින් දැවී ගියා.

වෙන කිසිම හේතුවක්‌ නැහැ සචින්ට මේ වාර්තාවට ළඟාවීමට නොහැකි වෙන්න. පසු ගිය මාස දහය ඇතුළත ඔහු ක්‍රීඩා කළ සෑම ඉනිමක්‌ම වාගේ මං නැරඹුවා. මං ඔහු ගැන හොඳ අවධානයෙන් සිටියා. පසුගිය ටෙස්‌ට්‌ තරග දෙකේදීත් ඔහු අනිවාර්යයෙන් හොඳ තත්ත්වයකින් සිටියා. ඉතා හොඳින් ක්‍රීඩා කළා. පන්දුවට පහර දීමේදී ඔහුගේ පාද චලනයන්හි වරදක්‌ මා දුටුවේ නැහැ. පිතිකරණ සීමාවේදී තම සමබරතාව මැනවින් පවත්වා ගෙන ඔහු ඉතා හොඳින් පන්දුවට පහර දෙන අයුරු මං දැක්‌කා. ඒ වගේම හොඳින් ලකුණු අතරටත් පැමිණෙනවා. ඒත් ශතකය ආසන්නයේදීම ඔහු දැවී යනවා.

ලතිෆ් සචින්ගේ දුර්වලතාව විග්‍රහ කරමින් එසේ කියා සිටිනවා. පසුගිය මාර්තු මාසයෙන් පසුව ශතකයක්‌ වාර්තා කර නැති සචින් තමාගේ පළමු ටෙස්‌ට්‌ ශතකය අවුරුදු 17 දී වාර්තා කරන්නට තරම් වාසනාවන්ත වී තිබෙනවා. වයස අවුරුදු 16 දී ටෙස්‌ට්‌ වරම් ලැබූ සචින් පසු ගිය එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් සහ දැන් පැවැත්වෙන ඔස්‌ටේ්‍රලියාව සමග තරග වලදීද හොඳින් ලකුණු අතර සිටිනවා. එම තරග වලදී එංගලන්තයට එරෙහිව ලකුණු 91 කටත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලක්‍ෂ 94 කට සහ 76 කටත්, ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 80 කට සහ 73 කටත් සචින් දැවී ගොස්‌ තිබෙනවා. ඔස්‌ටේ්‍රලියාව සමග තෙවැනි ටෙස්‌ට්‌ තරගය පෙරේදා (13 වැනිදා) පර්ත් හිදීත්, අවසන් ටෙස්‌ට්‌ තරගය 24 වැනිදා ඇඩිලේඩ්හිදීත් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සචින්ව මානසික වෛද්‍යවරයකු වෙත ගෙන යා යුතු බවට යෝජනා කරන ලතිෆ් ද ප්‍රකාශ කරන්නේ තරගාවලියේදීම සචින් තම ශතක ශතකය ලබා ගන්නා බවට තමන් විශ්වාස කරන බවයි.

දිවයින ඉරිදා සංග්‍රහය ඇසුරෙන්

රාජ්‍ය සේවයටත් සංශෝධන

රාජ්‍ය සේවය ගුණාත්මක භාවයෙන් යුතු සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය නව සංශෝධන රැසක් ඉදිරියේදී සිදු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රාජ්‍ය සේවයේ නිලධාරීන් සිදුකරන නීතිවිරෝධී කි‍්‍රයාවන් වැළැක්වීම සහ රජයේ සේවකයන්ට සිදුවන ඇතැම් බලපෑම් වලක්වාගැනීමටද එමගින් බලාපොරොත්තු වන බවයි.

Wednesday, January 11, 2012

සංගක්කාරට ලෝක ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය


ලෝක ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය කුමාර් සංගක්කාරට හිමිව තිබේ.
ලෝක ක්‍රිකට් සභාවේ මෙවර සැසිවාරය ඊයේ සහ පෙරේදා පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදීය.
මෙහිදි කුමාර් සංගක්කාරට නිල වශයෙන් සභාවේ සාමාජිකත්වය පිරිනමා තිබේ.
මෙම සාමාජිකත්වය ලබා ගැනීමට සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම හැකියාව නොලැබේ.
එම පියවර ගැනෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යම් ක්‍රීඩකයෙකු කළ සේවාව පිළිබඳව සභාවේ ජෙෂ්ඨ සාමාජිකයින් සොයා බැලීමෙන් අනතුරුවය.
ලෝක ක්‍රිකට් සභාවේ සභාපති මයික් බ්‍රියෙලිගේ ඉල්ලීම මත සභාවේ සාමාජිකත්වය ලැබුණු බවත් එම අවස්ථාවේදී තමන් විශ්මයට පත්වූ බවත් කුමාර් සංගක්කාර මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
සංගක්කාරට පෙර ලෝක ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය හිමි කර ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා  මයිකල් තිසේරා වේ.

Monday, January 9, 2012

ඉසෙඩ් ලකුණ ගැන කාටත් වැටහෙන ලෙස අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු පැහැදිලි කරයි

සරත් හා ගාමිණී ව්‍යාපාරිකයෝ වෙති. 2011 දෙසැම්බර් 31 වැනි දින සරත් ගේ හා ගාමිණී ගේ වාහන වෙළෙඳසල්වල වාහන 4 බැගින් ඉතිරි වී තිබිණි. මේ වාහන හැරුණු විට දෙදෙනාට කිසි ම වත්කමක්‌ නොමැති යෑයි සිතමු.

සරත් හා ගාමිණී දෙදෙනා ගෙන් වැඩි වත්කමක්‌ ඇත්තේ කාට ද? දෙදෙනාට ම වාහන 4 බැගින් හිමි නිසා දෙදෙනා ගේ වත්කම් සමාන යෑයි සිතිය හැකි ය. වාහන සම්බන්ධව අන් කිසි තොරතුරක්‌ නො දන්නේ නම් වත්කම් සමාන යෑයි සිතීමට යමකු පෙලඹිය හැකි ය.

එහෙත් දෙදෙනා ගේ වත්කම් පිළිබඳ වඩා නිවැරැදි නිගමනයකට පැමිණීමට වාහන වර්ග, ඒවායේ අලුත් හෝ

පැරැණි ස්‌වභාවය සැලකිල්ලට ගත යුතු ය. කොටින් ම දෙදෙනා ගේ වාහනවල වටිනාකම් පිළිබඳව රුපියල් ශතවලින් නිවැරැදි හෝ පිළිගත හැකි ඇස්‌තමේන්තුවක්‌ ලබාගෙන ඒ අනුව වාහනවල වටිනාකම් පොදු සාධාරණ ඒකකයකට ගෙන ආ යුතු ය. දැන් එම වටිනාකම් එකතු කර බැලීමෙන් වැඩි වත්කමක්‌ ඇත්තේ සරත්ට ද, නැත හොත් ගාමිණීට දැයි වඩා නිවරැදිව නිගමනය කළ හැකි ය.

අපි තවත් උදාහරණයක්‌ ගමු. කාන්ති හා ශීලා පිටරට රැකියා කර එක ම දිනයක ලංකාවට පැමිණෙන්නේ යෑයි සිතමු. ඔවුන් ගෙදර රැගෙන එන විදේශීය මුදල් පහත දැක්‌වෙන්නේ යෑයි සිතමු.

            කාන්ති  ශීලා

ඩොලර්     230   340

පවුම්        40     60

දිනාර්       620   490

එකතුව     890  890

මේ දෙදෙනා ගේ මුදල් වර්ග නො සලකා එකතු කළ හොත් එක ම අගයක්‌ ලැබී තිබේ. එහෙත් වැඩිපුර වටිනාකමක්‌ ඇති මුදල් ගෙදර ගෙනෙන්නේ කවුද? නිවැරැදි තීරණයක්‌ ගැනීමට හොඳ ම ක්‍රමය නම් ඩොලර්, පවුම් හා දිනාර් එක ම මුදල් ඒකකයකට පරිවර්තනය කර සලකා බැලීම බව පැහැදිලි ය. මෙහි දී වඩාත් ම යෝග්‍ය ඒකකය රුපියල් ශත බව පැහැදිලි වේ.

සුනිල් හා ජයන්ත උසස්‌ පෙළ අවසන් කළ සිසුන් දෙදෙනෙකි. ඔවුහු 2009 වසරේ අගෝස්‌තු මාසයේ භෞතික විද්‍යාව, සංයුක්‌ත ගණිතය හා ජීව විද්‍යාව යන විෂයයන් තුන සඳහා උසස්‌ පෙළ විභාගයට වාඩි වූ හ. දෙදෙනා ගේ ප්‍රතිඵල සඳහා දළ (අමු) ලකුණු (raw marks)) පහත දැක්‌වේ.



එක්‌තරා උසස්‌ අධ්‍යාපන ආයතනයක එක ම විෂය පථයක්‌ හැදෑරීමට ඉතිරි වී ඇති එක ම එක පුරප්පාඩුවක්‌ සඳහා සුනිල් හා ජයන්ත යන දෙදෙනා ම අයදුම් කළේ යෑයි සිතමු. මේ දෙදෙනා ගැන ලබාගත හැක්‌කේ ඉහත සඳහන් උසස්‌ පෙළ ලකුණු පිළිබඳ දත්ත පමණක්‌ නම් ආයතනය විසින් මේ දෙදෙනා ගෙන් තෝරාගත යුත්තේ කවු ද? සුනිල් ද? ජයන්ත ද?

දෙදෙනා ගේ ම ලකුණු එකතුව සමාන ය. එහෙත් ඉහත දැක්‌වූ වාහන පිළිබඳ ප්‍රශ්නයේ දී හෝ විදේශීය මුදල් පිළිබඳ ප්‍රශ්නයේ දී හෝ මෙන් මේ ලකුණු තුළ ද, අන්තර්ගත යම් ප්‍රශ්නයක්‌, යම් විෂමතාවක්‌ තිබිය හැකි ය.

දෙදෙනා ගේ ලකුණු එකතුව සමාන නමුත්, විෂයයන් වශයෙන් දෙදෙනා ගේ ලකුණු වෙනස්‌ ය. වැඩි වටිනාකමක්‌ ඇති ලකුණු ඇත්තේ කාට ද? මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට විවිධ විදේශීය මුදල් එක ම ඒකකයක්‌ වූ රුපියල් ශතවලට ගෙන ආවාක්‌ මෙන් විවිධ විෂයන් ගේ ලකුණු කිසියම් පිළිගත හැකි, සම්මත, සාධාරණ හා විද්‍යාත්මක පොදු ඒකකයකට ගෙන ආ යුතු බව පැහැදිලි ය. දෙදෙනා ගේ ලකුණු එකතුවට වඩාත් නිවරැදි වටිනාකමක්‌, වඩා සාධාරණ අර්ථයක්‌ ලැබෙන්නේ එවිට බව පැහැදිලි ය.

උදාහරණයකට 2009 වසරේ උසස්‌ පෙළ විභාගයේ සංයුක්‌ත ගණිත විෂය පිළිබඳ ප්‍රශ්න පත්‍රය සාපේක්‌ෂව අසීරු විය හැකි ය. විභාගයට පෙනී සිටි වැඩි දෙනකුට මෙකී අමාරු ප්‍රශ්න පත්‍රය සඳහා අඩු ලකුණු ලැබී තිබුණේ නම් එම වසරේ සංයුක්‌ත ගණිතය සඳහා යම් අපේක්‌ෂකයකු ලබා ගත් ලකුණුවලට වැඩි වටිනාකමක්‌ දිය යුතු ය. එසේ ම එම වසරේ ජීව විද්‍යාව විෂයය සඳහා විභාග අපේක්‌ෂකයන්ට වැඩි ලකුණු ලැබී තිබුණේ නම් ඒ අනුව ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සාපේක්‌ෂව සරල යෑයි තීරණය කළ හැකි ය. එවිට ජීව විද්‍යාව සඳහා ශිෂ්‍යයකු වැඩි ලකුණු ලබා තිබුණ ද, එකී ලකුණක සාපේක්‌ෂ වටිනාකමේ අඩුවක්‌ ගැන සිතිය හැකි ය.

දැන් සුනිල් හා ජයන්ත ගේ ලකුණු අධ්‍යයනය කළ හොත්, වඩා අමාරු සංයුක්‌ත ගණිත විෂයයට වැඩි ලකුණු (90) ගත් ජයන්ත ගේ ලකුණුවලට වැඩි වටිනාකමක්‌ තැබිය හැකි බව බැලු බැල්මට පෙනේ.

යම් තරමක අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා ඉහත විස්‌තර කළ උදාහරණ හා තීරණ ඉතා නිවැරැදි හා විද්‍යානුකූල නො වූවත්, සුනිල් ගේ හා ජයන්ත ගේ ලකුණුවලට ඉතා විද්‍යාත්මකව හා සාධාරණව නිවැරැදි වටිනාකම් දීමට ලොව පිළිගත් ගණිතමය ක්‍රමයක්‌ සංඛ්‍යානය (Statistics) හරහා ඉදිරිපත් කළ හැකි ය. මේ සධාරණ ක්‍රමය නම් ඉසෙඩ් ලකුණු (Z-Score) සොයා ලකුණු සංසන්දනය කොට තීරණයක්‌ ගැනීම වේ.

අ.පො.ස. උසස්‌ පෙළ විභාගය ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ද්විතීය අධ්‍යාපනයේ අවසන් සහතිකකරණ විභාගයයි. 1990 දී අයදුම්කරුවන් 149,949ක්‌ ඉල්ලුම් කළ මේ විභාගයට 2009 දී අයදුම්කරුවෝ 238,921ක්‌ ඉල්ලුම් කළ හ. 1964 දී ආරම්භ කළ අ.පො.ස. (උ.පෙළ) විභාගය මඟින් මෙරට විශ්වවිද්‍යාල ප්‍රවේශය මෙන්ම අධ්‍යාපන විද්‍යා පීඨවලට ප්‍රවේශය ද තීරණය වේ. එබැවින් මේ විභාගය ඉතා තරගකාරී ය. ඊට අමතරව රැකියා සඳහා මූලික සුදුසුකමක්‌ ලෙස මෙන්ම, පෞද්ගලික අනුබද්ධිත උසස්‌ අධ්‍යාපන ආයතනවලට, නීති විද්‍යාල, වරලත් ගණකාධිකරණය, CIMA වැනි සමහර උසස්‌ අධ්‍යාපන පාඨමාලාවලට ද මෙය මූලික සුදුසුකමක්‌ ලෙස සැලකේ. විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට බලාපොරොත්තු වන සිසුන්ට ද, මේ සුදුසුකම් භාවිත කළ හැක්‌කේ එකී විශ්වවිද්‍යාල පවා අප විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වා අගයනු ලබන මෙකී විභාගය (ලොව පුරා) පිළිගන්නා බැවිනි.

එකී පිළිගැනීම් ආරක්‌ෂා වීම පිණිසත්, සැම අපේක්‌ෂකයකුට ම සාධාරණය ඉටු වීම පිණිසත් ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී හා ලකුණු දීමේ දී විභාග දෙපාර්තමේන්තුව පරීක්‌ෂකවරුන් ගේ හා ප්‍රශ්න පත්‍ර මණ්‌ඩලවලින් බලාපොරොත්තු වන කරුණු කීපයක්‌ කෙටියෙන් පහත දැක්‌වේ.

(1) අපේක්‌ෂකයන් ගේ මානසික වයසට හා අත්දැකීම්වලට සරිලන පරිදි ප්‍රශ්න පත්‍ර සැකසීම.

(2) මුළු නිර්දේශය ආවරණය වන විද්‍යානුකූල පදනමක පිහිටීම.

(3) ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා ඉහළ මානසික හැකියා මැනීමට ඉඩ තැබීම.

(4) විෂය නිර්දේශය එදිනෙදා ජීවිතයට හා වත්මන් සිදුවීම්වලට ගැලපීම.

(5) ජාතික පොදු අරමුණු හා නිපුණතා සාක්‌ෂාත් කර ගැනීමේ අවධානය.

(6) නිර්දේශයක වෙනස්‌ ඒකකවලින් දෙන ප්‍රශ්න සංඛ්‍යාව තීරණය කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම.

(7) අදාළ විෂයය කාණ්‌ඩයේ සෙසු විෂයයන් ගේ සාධන මට්‌ටම් සැලකිල්ලට ගැනීම.

(8) විකල්ප ප්‍රශ්න අතර සමාන මට්‌ටමක්‌ පවත්වාගෙන යැම.

(9) හැකි සැම විට ම ව්‍යqහගත ස්‌වරූපයෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම.

(10) අපේක්‌ෂිත පිළිතුර ලබා ගැනීමට උචිත ම වචන යොදා ගැනීම.

(11) නිවැරැදි පාරිභාෂිත වචන මාලාව.

(12) නිවැරැදි ලකුණු දීමේ පටිපාටිය.

(13) ලකුණු දීමේ දී ප්‍රශ්න විසඳීමට ගත වන කාලය පිළිබඳව සැලකීම.

(14) ලකුණු ප්‍රමාණ ප්‍රශ්න පත්‍රයේ ම සටහන් කිරීම ආදියයි.

මේ සියලු කරුණු බලාපොරොත්තු වුව ද, සියල්ල සිදු කරන්නේ මනුෂ්‍යයන් බැවින්, පරීක්‌ෂණ ලකුණු මත ශිෂ්‍ය සාධනය සම්බන්ධ තීරණ ගන්නා විභාග ක්‍රමයක්‌ පවතින අප රටේ මෙකී විභාග ක්‍රමය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක්‌ නම් පරීක්‌ෂකවරුන් ගේ ලකුණුවලත්, ප්‍රශ්න පත්‍රවල සරල හෝ අසීරු භාවයන් ගේත් දක්‌නට ලැබෙන විචල්‍යතාවන් ය. මේ නිසග විචල්‍යතාවන් නිසා පරීක්‌ෂණ ලකුණු මුල් කරගෙන ගන්නා තීරණවල විශ්වාසය පිළිබඳව ගැටලු ඇති වේ.

මේ නිසා පරීක්‌ෂණ කටයුතුවල දී සංඛ්‍යාන විද්‍යාව (Statistics) අනුව දක්‌වා ඇති විද්‍යානුකූල ක්‍රම යොදාගෙන පරීක්‌ෂකයන් ගේ ලකුණු අතරත්, අවසාන ලකුණු එකතුවලත් ඇති විචල්‍යතා අවම කිරීමට ප්‍රයත්න දරනු ලැබේ. මේ සඳහා පරීක්‌ෂකයන් ගේ දළ ලකුණුත්, විවිධ විෂයන් පිළිබඳ දළ ලකුණුත් වෙනත් පරිමාණවලට පරිවර්තනය කිරීම දක්‌නට ලැබේ. මෙසේ සිදු කරන පරිවර්තන අතර දළ දකුණු (අමු ලකුණු) සංඛ්‍යානය අනුව වූ Z නමැති ලකුණකට පරිවර්තනය කිරීම මඟින් එම ලකුණු ආශ්‍රිතව වඩා නිවැරැදි තීරණවලට එළැඹිය හැකි යෑයි පරීක්‌ෂණ පිළිබඳ විශේෂඥයෝ විශ්වාස කරති.

මේ පිළිබඳව සාමාන්‍ය මට්‌ටමේ අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා නැවතත් සුනිල් ගේ හා ජයන්ත ගේ උසස්‌ පෙළ ලකුණු පිළිබඳ ප්‍රශ්නයට යමු.

දෙදෙනා ගෙන් තෝරා ගන්නේ කවුද යන්න පිළිබඳ වඩා නිවැරැදි තීරණයක්‌ ගැනීමට ඔවුන් විෂය පිළිබඳව ලබාගෙන ඇති වෙනස්‌ වූ ලකුණුවලට, වඩාත්

නිවැරැදි වටිනාකමක්‌ දිය යුතු බව පැහැදිලි කරන ලදි.

යම් ප්‍රශ්න පත්‍රයකට සිසුන් ලබා ගත් ලකුණු පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී ළමයින් ඒ ඒ විෂයට ලබා ගත් ලකුණුවල සමාන්තර සාමාන්‍යය එනම් මධ්‍යන්‍යය (average or mean) වැදගත් සාධකයකි. එකී විෂයයෙන් විභාගයට පෙනී සිටි සියලු ළමයින්ගේ ලකුණු එකතු කොට, එකී එකතුව ළමයින් සංඛ්‍යාවෙන් බෙදීමෙන් ළමයකු ලබාගත් ලකුණුවල සාමාන්‍යය එනම් මධ්‍යන්‍යය ලැබේ.

උදාහරණ වශයෙන් 2009 අගෝස්‌තු උ.පෙළ විභාගයේ සංයුක්‌ත ගණිතයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 24,793ක්‌ ද, ළමයින් ලබාගත් සියලු ලකුණුවල එකතුව 738,583ක්‌ ද වේ.

මේ අනුව සංයුක්‌ත ගණිතය සඳහා සමාන්තර සාමාන්‍ය (මධ්‍යන්‍යය) ලකුණ

      කි.

මේ අයුරින් ම ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව සඳහා සාමාන්‍ය ලකුණු පිළිවෙළින්

   ක්‌ ද ක්‌ ද විය.

දැන් මධ්‍යන්‍යයන් අනුව බැලු බැල්මට විෂයයන් තුනෙන් සිසුන් සාමාන්‍යයෙන් සාපේක්‌ෂව වැඩි ලකුණු ලබා ඇත්තේ ජීව විද්‍යාවට බවත්, අඩු ලකුණු ලබා ඇත්තේ සංයුක්‌ත ගණිතයට බවත් පෙනේ. එවිට වැඩි දෙනකු අඩු ලකුණු ලබාගත් ගණිත විෂයයට වැඩි ලකුණු (90ක්‌) ලබා ගත් ජයන්ත ගේ ලකුණුවලට වැඩි වටිනාකමක්‌ දිය යුතු යෑයි අනුමාන කළ හැකි ය. එහෙත් මේ අනුමානය ඉතා විද්‍යාත්මක නො වේ.

මේ ලකුණුවල නිවැරැදි වටිනාකම විද්‍යාත්මකව සෙවීමට, කලින් විස්‌තර කළ Z ලකුණු සොයාගත යුතු ය. සංඛ්‍යානය නො දන්නේ නම් Z ලකුණ පිළිබඳ විස්‌තරය තේරුම් ගැනීම එතරම් සරල නො වූවත් පහත දැක්‌වෙන්නේ යම් තරමක විස්‌තරයකි.

යම් ලකුණක ප්‍රමිත ලකුණ එනම් Z ලකුණ සෙවීමට එකී ලකුණු ශේ්‍රණියේ සම්මත අපගමනය (S) නමැති තවත් රාශියක්‌ සොයාගත යුතු ය. සම්මත අපගමනය යනු ලකුණු ශේ්‍රණියක එක්‌ එක්‌ ලකුණ එම ශේ්‍රණියේ මධ්‍යන්‍යයෙන් ඈත් වන ප්‍රමාණය දැක්‌විය හැකි මිම්මකි. ප්‍රායෝගික ලකුණු ශේ්‍රණියක සම්මත අපගමනය (S) සෙවීමට අනුගමනය කළ හැකි ගණිත සූත්‍රය පසුව දක්‌වමු.

දැනට තවදුරටත් Z ලකුණ තේරුම් ගැනීමට උත්සාහ කරමු.

විෂයයක්‌ සඳහා වූ යම් ලකුණක (X); ප්‍රමිත ලකුණ හෙවත් Z ලකුණ යනු, එකී ලකුණ, විෂය සඳහා අනෙකුත් සිසුන් ලබාගත් ලකුණු විසිරීමේ (ව්‍යාප්තියේ) මැද අගයේ (එනම් මධ්‍යන්‍යයේ) () සිට කවර සම්මත අපගමන (S) ප්‍රමාණයක්‌ වැඩි පැත්තට හෝ අඩු පැත්තට හෝ පිහිටන්නේ ද යන්නයි. මධ්‍යන්‍යයෙන් වැඩි පැත්තේ ඇති ලකුණක්‌ සඳහා Z අගය ධන (+) ද, අඩු පැත්තේ ඇති ලකුණක්‌ සඳහා Z අගය සෘණ (-) ද වේ. මෙහි සම්මත අපගමනය (S) එකී ලකුණු විසිරීමට අදාළ සම්මත අපගමනය වේ.

තවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම්, Z ලකුණ යනු යම් ලකුණක්‌ (X), සියලු ළමයින් එකී විෂය සඳහා ලබා ගත් ලකුණු ශේ්‍රණියේ මධ්‍යන්‍යයේ () සිට ඈත් වන ප්‍රමාණය එම ලකුණු විසිරීමේ (ව්‍යාප්තියේ) සම්මත අපගමනයෙහි (S) භාගයක්‌ ලෙස ඉදිරිපත් කළ විට ලැබෙන අගයයි.

මෙය ගණිතමයව ලබා ගැනීමට අදාළ ලකුණු (X) හා මධ්‍යන්‍ය () අතර වෙනස ලකුණු ශේ්‍රණියේ සම්මත අපගමනයෙන් (S) බෙදිය යුතු ය.

මේ අනුව     වේ.

මේ කරුණු තවදුරටත් තේරුම් ගැනීමට පහත දැක්‌වෙන උදාහරණය සලකා බලමු. මෙහි විෂයයන් තුනකට ළමයින් 7 දෙනකු ලබාගත් ලකුණු වගුවක්‌ ඉතා සෛද්ධාන්තිකව ගොඩනඟා තිබේ. මෙහි ලකුණු වුවමනාවෙන් ම ක්‍රමානුකූල විසිරීමක්‌ අනුව සකස්‌ කර ඇත්තේ අමාරු ගණිතයකට නො ගොස්‌ සම්මත අපගමනය සොයාගත හැකි වීම පිණිසත්, තේරුම් කිරීම, සරල කිරීම පිණිසත් ය. එහෙත් ප්‍රායෝගික උදාහරණයක මෙකී ගණනය කිරීම මීට අමාරු වුවත්, මේ සරල උදාහරණයෙන් Z ලකුණ ගැන සැලකිය යුතු අවබෝධයක්‌ ලබාගත හැකි යෑයි සිතමි. මෙය මනඃකල්පිත උදාහරණයක්‌ පමණක්‌ බව සලකන්න. මේ වගුව ක්‍රමානුකූලව පිළියෙල කර ඇත්තේ සම්මත අපගමනය පහසුවෙන් ම පෙනෙන පරිදි ය.

ඉහත දළ ලකුණු වගුව ඉතා හොඳින් හා ඉවසීමෙන් පරීක්‌ෂා කරන්න. එහි දී ගණිත විෂය සඳහා සිසුන් අඩු සාධන මට්‌ටමක්‌ පෙන්නුම් කර ඇති බව පෙනේ. සමහර විට පරීක්‌ෂකවරයා අඩුවෙන් ලකුණු දෙන ක්‍රමයක්‌ අනුගමනය කරන්නට ඇති. නැත හොත් ප්‍රශ්න පත්‍රය අමාරු වැඩි ය. සමහර විට මෙවැනි කරුණු කීපයක්‌ වැඩි අඩුවෙන් මිශ්‍ර වී තිබෙන්නට පුළුවන. මේ අයුරින් අනෙක්‌ විෂයයන් ගැන ද අනුමාන කිරීම් කළ හැකි ය.

එහෙත් ඒ ඒ ලකුණු සඳහා Z ලකුණු බැලූ විට අර්ථය වෙනස්‌ වී පෙනේ. ඉන් ප්‍රකාශ වන්නේ එක්‌ එක්‌ ලකුණ එයට අයත් ශේ්‍රණියේ මැද සිට කොපමණ දුරකින් වැඩි හෝ අඩු පැත්තේ තිබේ ද යන්න සම්මත අපගමනයේ භාගයක්‌ ලෙසට ය. මේ අනුව ලකුණු ශේ්‍රණිය යම් බලපෑමකට යටත් වුවත්, Z ලකුණ මඟින් යම් දළ ලකුණක්‌ අදාළ ශේ්‍රණිය තුළ පිහිටන ස්‌ථානය වඩා ස්‌වාධීනව ප්‍රකාශ කිරීමක්‌ බව පැහැදිලි ය.

මෙසේ අපේක්‌ෂකයකු ගේ දළ ලකුණු අදාළ, ලකුණු ශේ්‍රණියේ පිහිටන ස්‌ථානය පිළිබඳ අවබෝධයක්‌ Z ලකුණෙන් ලැබෙන නිසා එය ලකුණු සැසඳීමටත්, ලකුණු එකතු කිරීමටත්, තීරණ ගැනීමටත් වඩා හොඳ නැත හොත් වඩා සාධාරණ පදනමක්‌ ලබා දෙයි.

කෙසේ වුව ද, ඉහත වගුව, පැහැදිලි කිරීම සඳහා ක්‍රමවත්ව සකසන ලද විශේෂ වගුවකි. එහි ලකුණු ක්‍රමවත්ව (වුවමනාවෙන් ම) පෙළ ගසා ඇති බැවින්, ගණිත සමීකරණයකට නො ගොස්‌ සම්මත අපගමන (S) බැලූ බැල්මට ම පෙනේ. භෞතික විද්‍යාව සඳහා සම්මත අපගමනය 6ක්‌ ද, මධ්‍යන්‍යය 43ක්‌ ද ආදී වශයෙනි.



එහෙත් ප්‍රායෝගික දළ ලකුණු ශේ්‍රණියක සම්මත අපගමනය (S) සෙවීමට ගණිතමය ක්‍රමයක්‌ අනුගමනය කළ යුතු ය. එම සමීකරණය පැහැදිලි කිරීම මෙහි දී අසීරු වුවත්, සමීකරණය පහත දැක්‌වේ.



මෙසේ සම්මත අපගමනය ගණනය කළ හැක්‌කේ බොහෝ උසස්‌ පෙළ විෂයයන් සඳහා සිසුන් ලබා ගන්නා ලකුණු ව්‍යාප්ති ප්‍රමත වක්‍රයක පිහිටා තිබීම නිසා ය.

දැන් සුනිල් ගේ හා ජයන්ත ගේ 2009 අගෝස්‌තු විභාගයේ ලකුණු නැවතත් සලකා බලමු.

ඉහත සමීකරණ අනුව ගණනය කළ, 2009 වසරේ භෞතික විද්‍යාව, සංයුක්‌ත ගණිතය හා ජීව විද්‍යාව සඳහා සම්මත අපගමනවල සත්‍ය වටිනාකම් 15.92, 18.37 හා 14.85 විය. මේ අනුව සිසුන් දෙදෙනා ගේ Z ලකුණු මෙසේ ගණනය කළ හැකි ය.



මේ අනුව වඩා සාධාරණ ලෙස ලකුණු එකතුව විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ සංයුක්‌ත ගණිතයට ජයන්තට වඩා අඩු ලකුණු ලබාගෙන තිබුණත්, සුනිල් ගේ ලකුණුවලට වැඩි වටිනාකමක්‌ ඇති බවයි. එබැවින් දෙදෙනා ගේ දළ ලකුණු එකතුව සමාන වුවත්, තෝරාගැනීමේ තීරණයේ දී සුනිල්ව තෝරා ගැනීම වඩාත් නිවැරැදි වේ.

2011 වසරේ උසස්‌ පෙළ ප්‍රතිඵල සංසන්දනය කිරීම මීටත් වඩා සංකීර්ණ වූයේ විෂය නිර්දේශයන් වෙනස්‌ වූ නිසා, එක ම විෂයයක්‌ සඳහා වුව ද, පළමු වර විභාගයට පෙනී සිටින්නන් අලුත් නිර්දේශය අනුව එක්‌ ප්‍රශ්න පත්‍රයකට ද, දෙවැනි වර පෙනී සිටින්නන් පැරැණි නිර්දේශය අනුව තවත් ප්‍රශ්න පත්‍රයකට ද පෙනී සිටි බැවිනි.

විභාග දෙකකින් ලකුණු ගත් සිසුන් ගේ ලකුණු සඳහා යම් විෂයයකට ඒකරාශි කළ Z අගයන් (Pooled Z Score)) ලබා දීම පිණිස දී ඇති විෂයකට විභාග දෙක සඳහා ඒකරාශි කළ මධ්‍යන්‍යයක්‌ (Pooled Mean) හා ඒකරාශි කළ සම්මත අපගමනයක්‌ (Pooled Standard Deviation) ලබා ගත යුතු විය. මේ සඳහා දී ඇති විෂයක ප්‍රශ්න පත්‍ර දෙක සඳහා ලකුණු ව්‍යාප්ති සැසඳිය යුතු වූ අතර, ඒකරාශි කළ මධ්‍යන්‍යය හා ඒකරාශි කළ සම්මත අපගමනය ලබා ගැනීමේ ක්‍රමය සඳහා ගණිත මහාචාර්යවරුන් ගෙන් සමන්විත කමිටුවක උපදෙස්‌ ලබාගන්නටත්, වෙන ම පරිගණක ක්‍රමලේඛන මෙහෙයුම් කරන්නටත් සිදු විය. මේ නිසා මෙවර උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම වෙන දාට වඩා ප්‍රමාද විය.

එපමණක්‌ නො ව මානසික පීඩනය යටතේ කාලය හා සටන් කරමින් නිලධාරීන් විසින් මෙය සිදු කරනු ලැබීමේ දී දිස්‌ත්‍රික්‌ක පිළිබඳව ඇති වූ සුළු පරිගණක දෝෂයක්‌ නිසා සිසුන් ගණනාවකට බලපාන ලෙස මුලින් නිකුත් කළ ප්‍රතිඵලවල දිස්‌ත්‍රික්‌ක කුසලතා ශේ්‍රණිගත කිරීම්වල දෝෂ ඇති විය. මෙය ප්‍රතිඵලවලට හෝ Z ලකුණුවලට හෝ විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සඳහා හෝ දිවයිනේ ශේ්‍රණිගත කිරීමට බල නො පෑ නමුත්, අහිංසක සිසුන් ගණනාවක ව්‍යාකූලත්වයකට හේතු විය. මෙවැනි කටයුත්තක දී කෙතරම් උනන්දුවෙන් හා වගකීමකින් ක්‍රියා කළ යුතු ද යන්නත්, සුළු දෝෂයක්‌ වුව ද කෙතරම් දෙනකුට බලපෑවේ ද යන්නත් ඉතා පැහැදිලි ය. එබැවින් එකී වගකීමෙන් පැන යන්නට අදාළ කිසිවකුට අයිතියක්‌ නැත.

කෙසේ වුව ද, පැය කිහිපයක්‌ ඇතුළත මේ දෝෂය නිවැරැදි කර යළි දිස්‌ත්‍රික්‌ කුසලතා ශේ්‍රණිගත කිරීම ඉදිරිපත් කරන ලදි. එහෙත්, සමහර දූ දරුවන් ගේ තැලුණු මනසට සැනසුමක්‌ ගෙන ආ හැක්‌කේ කෙසේ ද? මේ පිළිබඳව වාද විවාද කිරීමට වඩා වැදගත් වන්නේ කණගාටුව ප්‍රකාශ කර නැවත මෙවැනි සුළු ප්‍රශ්නයක්‌ වුව ද ඇති නො වීමට වගබලා ගැනීම ය.

2012 ජනවාරි 04 විදුසර පුවත් පත ඇසුරින්

Sunday, January 8, 2012

ශිෂ්‍යත්වය සමත් සිසුන්ට ලබා දී ඇති පාසැල්

ශිෂ්‍යත්වය සමත් සිසුන්ට ලබා දී ඇති පාසැල සොයා ගැනීමට මෙතනින් යන්න

Thursday, January 5, 2012

අකුණු ගැන විද්‍යාත්මක ඇසින්

අකුණු ගැන කතා කරන විට නිතැතින් ම අපේ හිත දුවන්නේ බියකරු පැත්තකට වුව ද ලෝකයේ ජීවය ආරම්භ වීමට (සම්භවයට) මෙන්ම ජීවය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට අකුණු විශාල ලෙස දායක වී ඇත. අකුණු නො තිබුණා නම් අද අප ජීවත් වන ලෝකය අපට ජීවත් වීමට සුදුසු ස්‌ථානයක්‌ නො වීමට ඉඩ තිබිණි. එනම් පෘථීවියේ උපතට අකුණු ගැසීම හේතු වූවා සේ ම ජීවය අඛණ්‌ඩව පවත්වා ගැනීමට ද ආධාර විය. මිනිස්‌ වර්ගයා ගේ වර්ධනයත් ව්‍යාප්තියත් සමඟ ක්‍රමයෙන් මෙවැනි ආපදා වාර්තා වීම ද ඉහළ යමින් තිබේ. එබැවින් අකුණු ගැන දැනුවත් වීම අකුණු අනතුරුවලින් බේරීමට තිබෙන පහසු ම මාර්ගයයි.

මිනිසුන්ට මෙන්ම අනෙක්‌ ජීවීන්ට හා ස්‌වාභාවික පරිසරයට හානි සිදු කරන මේ ස්‌වාභාවික විපතින් සිදු වන අනතුරු අවම කිරීමට හා වළක්‌වා ගැනීමට පෙර අකුණු පිළිබඳව විද්‍යාත්මකව බැලීම කාලෝචිත ය. සිදු කර ඇති විද්‍යාත්මක පරීක්‍ෂණවලට අනුව වායුගෝලයත්, ලෝක ගෝලයත් ආරම්භ වීමට වර්ෂ මිලියන 4500කට පමණ පෙර අකුණු ගැසීම සිදු වී ඇත.

විශේෂයෙන් ම අවධානය යොමු විය යුතු කරුණක්‌ නම් අන්තර්මෝසම් කාලවල දී සංවහන ක්‍රියාවලිය ශීඝ්‍ර ලෙස සිදු වන අතර අකුණු ඇති කරන කැටි වැහි වලාකුළු (Cumulolimbus) ශීඝ්‍ර ලෙස වර්ධනය වීම ය. (අන්තර් මෝසම් සමය සාමාන්‍යයෙන් ඔක්‌තෝබර් දෙවැනි සතියේ පමණ සිට දෙසැම්බර් දෙවැනි සතිය දක්‌වා පවතී. පළමු අන්තර්මෝසම් සමය මාර්තු - අප්‍රේල් ය.)

වලාකුළු පිළිබඳව දැන සිටීම අකුණු පිළිබඳ අවබෝධයට වැදගත් වේ.

උස සමඟ සිරස්‌ව වර්ධනය වන වලාකුළු

අ. පහළ වලාකුළු

ආ. මධ්‍යම වලාකුළු

ඇ. ඉහළ වලාකුළු

ලෙස ප්‍රභේදවලට වෙන් කළ හැකි අතර ඒවායේ උප ප්‍රභේද 10ක්‌ පමණ දැකිය හැකි ය. මෙසේ වර්ග කළ හැක්‌කේ වලාකුළුවල ආරම්භක ආකාරය හා වලාකුළුවල පිහිටීමේ උස අනුව වේ. අකුණු ඇති වීමට වැදගත් වනුයේ පහළ මට්‌ටමේ සිට ඉහළ මට්‌ටම දක්‌වා වර්ධනය වන කැටි වැහි වලාකුළු ය. ඉහළ වායුගෝලයේ සිරස්‌ව උෂ්ණත්වය බැසීමේ අනුක්‍රමණයේ අගය කිලෝමිටරයට කෙල්වින් අංශක 9.8ක්‌ වූ සෘණ අවස්‌ථාවල දී, වායුගෝලයේ සංවහන ක්‍රියාවලිය ඉතා ශීඝ්‍රයෙන් සිදු වේ. මෙසේ වායුගෝලයේ අස්‌ථායිතාව අනුව පෘථිවිය ආසන්නයේ උණුසුම් තෙත් වායුව සංවහනයට භාජන වීමෙන් අකූණු වලාවන් ඇති වේ. මෙසේ සංවහන වායු ධාරාවල අඩංගු ජල වාෂ්ප ඉහළ සිසිල් වායු ස්‌ථරවල දී ඝනීභවනය වි ජල බිංදු සෑදේ. මෙසේ ඝනීභවනය වී නිදහස්‌ වන ගුප්ත තාපයෙන් උණුසුම් වන වලාකුළුවල සංවහන ක්‍රියාවලිය තවදුරටත් සිදු වී ඉහළ මට්‌ටම දක්‌වා වර්ධනය වේ. මෙසේ අකූණු ඇති වීමට මූලික වන කැටි වැහි වලාකුළු අවස්‌ථා 3ක දී වර්ධනය වේ.

අ. ආරම්භක අවධිය

මෙහි දී කැටි වලාවල ආයුෂ කාලය විනාඩි 2 සිට 5 දක්‌වා වේ. කැටි වලාකුළුවල තැනින් තැන යටි සුළං පහරවල්, උඩු සුළං පහරවල් ඇති වේ. උඩු සුළං ඇති විමේ ක්‍ෂේත්‍රයේ විෂ්කම්භය මිටර 300 සිට මිටර 2000 දුරකට වේ.

ආ. කැටි වලාවක දෙවැනි අදියර

කැටි වලාව වර්ධනය වේ. සිරස්‌ සුළං ප්‍රවේගය තත්පරයට මිටර 10ක්‌ වන අතර මැදින් ඉහළට නෙරා ගිය වලාකුළු කඳුගැට ලෙස ඈතට දිස්‌ වේ. තවදුරටත් සංවහනය සිදු වුව ද ස්‌ථිර මට්‌ටමක දී සිරස්‌ වර්ධනයට බාධා පැමිණීමෙන් අකුණු අවස්‌ථාව වන කැටි වැහි වලාකුළු ඇති වේ. හොඳින් වර්ධනය වුණ අකුණු වලාකුලක ඉහත කොටසේ පාර්ශ්විකව වර්ධනය වි අයිස්‌ ස්‌ඵටිකවලින් යුක්‌ත පැතලි ස්‌ථරයක්‌ ලෙස ඈතට දිස්‌ වේ. තිරස්‌ ස්‌ථරය කිනිහිරය ලෙස ද වලාකුළුවල මේ අවස්‌ථාව කිනිහිරි වලාකුළු ලෙස ද හැඳින්වේ. ඕනෑ ම අවස්‌ථාවක පෘථිවි පෘෂ්ඨය මතුපිට කැටි වැහි වලාකුළු 1000ක්‌ පමණ වර්ධනය වේ. තව ද ඉතා වැදගත් කරුණක්‌ වනුයේ අකුණු මඟින් පථිවියේ විද්යුත් සමබරතාව රැකීමයි. එනම්,

01. පෘථිවියේ ඇති විද්යුත් ආරෝපණ විවිධ ද්‍රව්‍ය හා කොටස්‌ මඟින් ඉහළ වායුගෝලය වෙත ළඟා වේ.

02. ස්‌ථිති විද්යුත් ආරෝපණ එකතු වීම නිසා ඉහළ වායුගෝලය අසමතුලිතතාවට පත් වේ.

03. මෙසේ නැති වී යන ආරෝපණ නැවත පෘථිවි තලයට අකුණු මඟිsන් ලැබීමෙන් පෘථිවියේ විද්යුත් සමබරතාව ඇති වේ.

04. මෙසේ පෘථිවියට පැමිණෙන අකුණු පහරක්‌ ඇම්පියර 25000ක ධාරිතාවයකින් යුක්‌ත අතර ඇම්පියර් 10ක ස්‌ථිති විද්යුත් ආරෝපණයක්‌ පෘථිවි තලයට ලබා දේ.

05. සැම අකුණු අවස්‌තාවක දී ම ආසන්න ලෙස අකුණු 100ක්‌ පමණ පෘථිවියට ලැබේ. එම නිසා අකුණු පෘථිවි විද්යුත් සමබරතාව රැකගැනීමට උපකාරී වේ.

අකුණුවලින් සිදු වන අනතුරු සහ
එම අනතුරු අවම කරගත හැකි පියවර

ශ්‍රී ලංකාවේ පිහිටීම දෙස බලන කල බොහෝ විට අකුණු ඇති වීම අන්තර් මෝසම් කාලසීමාව තුළ බෙහෙවින් සිදු වන බව නිරීක්‍ෂණය වේ. සැම වසරක ම අකුණු අනතුරට ලක්‌ වීමෙන් මිනිස්‌ ජීවිත අහිමි වන අතර බොහෝ දෙනෙක්‌ විවිධ ආබාධවලට භාජන වෙති. එමෙන් ම දේපළවලට සිදු වන හානිය ද ඉතා විශාල ය. අකුණු අනතුරුවලින් සිදු වන හානිය වැළැක්‌වීමට ගත හැකි පියවර නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ දී අකුණු ආපදා සැලකිය යුතු මට්‌ටමකින් අඩු කරගත හැකි ය. අකුණු අනතුරු වළක්‌වා ගැනීමට ගත හැකි පියවර සලකා බැලීමේ දී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

අ. කාලීන ආරක්‍ෂක පූර්වෝපායන්.

ආ. අකුණු සහිත කාලගුණ තත්වයක්‌ ගැන අනාවැකි
ප්‍රකාශ කළ විට ගත යුතු පියවර.

ඇ. අකුණු සහිත කාලගුණයක්‌ පවතින අවස්‌ථාවල දී ගත යුතු පියවර.

කාලීන ආරක්‍ෂක පූර්වෝපායන්

01. ගොඩනැඟිලිවල විද්යුත් පරිපථ හා සම්බන්ධ භූගත පුවරු හෙවත් පෘථිවියට දඬු සම්බන්ධ කිරීම.

02. සමාන්තරගතව පෘථිවි දඬු කිහිපයක්‌ සවි කර තඹ නැතිනම් වෙනත් හොඳ සන්නායක කම්බිවලින් ඉතා හොඳ සන්නායක සම්බන්ධතාවක්‌ ඇති කර ප්‍රතිරෝධය අඩු කරගත හැකි ය.

03. කොන්ක්‍රීට්‌ සහිත ගොඩනැඟිsලිවල එම කොටස්‌ හා පොළොවට සම්බන්ධ වන ලෙස සිරස්‌ සන්නායක කම්බි සහිත අමතර කොන්ක්‍රීට්‌ කණුවක්‌ ඉදි කිරීමට සැලසුම් කිරීම යෝග්‍ය වේ.

04. නිවසක්‌ හෝ වෙනයම් ගොඩනැඟිල්ලක්‌ අසල උසට වැඩුණු ගහකොළ නොමැති විට දී එම ගොඩනැඟිල්ල සෘජු අකුණු පහරවලට භාජන වීමට ඉඩ ඇත. මේ අවදානම බොහෝ දුරට අඩු කරගත හැක්‌කේ අකුණු සන්නායක සවි කිරීමෙනි.

05. නිවස සහ අවට ගස්‌ යකඩ හෝ වෙනත් ලෝහමය ද්‍රව්‍යමය මඟිsන් සම්බන්ධ කිරීමෙන් වළකින්න. කම්බි යොදා සකස්‌ කළ රෙදි වැල්, අබලන් ගස්‌ බැඳ තැබිමට යොදන කම්බි මෙවැනි අනතුරුදායක සම්බන්ධතා අතර වේ.

අකුණු සහිත කාලගුණික තත්ත්වයක්‌ ගැන අනාවැකි ප්‍රකාශයට පත් කළ විට ගත හැකි ආරක්‍ෂක පූර්වෝපායන්

අකුණු සහිත කාලගුණික තත්ත්වයකට පෙර පරිසරයට නිරාවරණය වීම අවම කිරීම සඳහා සංවෘත ගොඩනැඟිල්ලක්‌ වැනි ආරක්‍ෂක ස්‌ථානයක්‌ වෙත යන්න. සංවෘත වාහනයක්‌ තුළ වඩා ආරක්‍ෂාකාරී ය. අකුණු දර්ශනය වීම හා ගිගුරුම් හඬ ඇසීම අතර කාලය තත්පර 15ට අඩු නම් හෝ ඉතා ආසන්නයේ ඇති අවස්‌ථාවල මේ කටයුත්ත කඩිනම්න් කළ යුතු වේ. අකුණු පහරක ඇති අධික විද්යුත් ධාරාව සම්පූර්ණ හෝ අර්ධ ලෙස සැපයුම් කම්බි, රූපවාහිනි ඇන්ටනා කම්බි හා දුරකථන කම්බි හරහා සන්නයනය වීම නිසා දේපළ හා ජීවිත හානි වන අවස්‌ථා බොහෝ ය. අකුණු සහිත කාලගුණික තත්ත්වයක්‌ ගැන අනාවැකි ප්‍රකාශ වූ විට,

01. විදුලි උපකරණ විද්යුත් පරිපථවලින් විසන්ධි කරන්න

02. රූපවාහිනි විසන්ධි කොට ඇන්ටනා පේනුව නිවසෙන් බාහිරව පොළොවට ආසන්න වන පරිදි තබන්න. වඩාත් යෝග්‍ය වනුයේ භුගත කොට ඇති සන්නායක දණ්‌ඩකට සම්බන්ධ කිරීමයි.

අකූණු සහිත කාලගුණික තත්ත්වයක්‌ පවතින අවස්‌ථාවල දී ගත යුතු ආරක්‍ෂක පූර්වෝපායන්

01. ශීතකරණ, විදුලි ස්‌ත්‍රික්‌ක, ලෝහ ජනෙල් රාමු, ගුවන් විදුලි යන්ත්‍ර වැනි උපකරණ ස්‌පර්ශයෙන් හා පරිහරණයෙන් වැළකීම.

02. ලෝහ ආකෘති කම්බි වැටවල් හෝ කම්බි රෙදි වැල් ළඟ ගැවසීම හා ඒවා ස්‌පර්ශ කිරීමෙන් වැළකී සිටීම.

03. දුරකථන භාවිත නො කරන්න.

04. කොන්ක්‍රීට්‌ ලෑලි මත සකස්‌ කළ ලිප් සහ කොන්ක්‍රීට්‌ ලෑලි සෙවිලි කළ දුqම් කවුළු සහිත මුළුතැන්ගෙයි තුළ විශේෂයෙන් ම එම කොන්ක්‍රීට්‌ ලෑලි ආසන්නයේ නො සිටීම.

05. ක්‍රීඩා පිටියක්‌, තේ වත්තක්‌, කුඹුරක්‌ වැනි විවෘත ස්‌ථානවල ගැවසීම සීමා කරන්න.

06. උදලු, අලවංගු වැනි උපකරණ භාවිත කර එළිමහනේ කටයුතු කිරීමෙන් වළකින්න.

07. හුදෙකලා වෘක්‍ෂ අතර හෝ උස්‌බිම්වල නො රැඳෙන්න.

08. නොවැළැක්‌විය හැකි හේතුවක්‌ නිසා ගසක්‌ අසල සිටීමට සිදු වූයේ නම් අතු විහිදී ඇති සීමාවෙන් පිටත සිටීමට උත්සාහ කරන්න.

09. විවෘත බෝට්‌ටුවක සිටී නම් හා අකුණු කුණාටුවක්‌ ළඟා වේ යෑයි හැඟේ නම් උස අඩු වන සේ පහත් වන්න.

10. අශ්වයන් පිට යැම, පාපැදි, යතුරුපැදි වැනි විවෘත වාහන පැදවිම නතර කරන්න.

11. ජලාශවල පිහිනීම හෝ ජලය ඇති ස්‌ථානවල ඇවිදීමෙන් වළකින්න.

12. කැළයක්‌ හෝ වන ලැහැබක්‌ ආසන්නයේ ඇත්නම් ගස්‌ ගහණය අඩු ස්‌ථානයක උස අඩු වන සේ පහත් වන්න.

13. හුදෙකලා ගස්‌වලින් හැකි තරම් දුරට දුරස්‌ වන්න.

14. ශරීරයේ ඉහළට නෙරා යැමෙන් තොර ලෝහමය ද්‍රව්‍ය පැළඳීම අනතුරුදායක නො වේ. එහෙත් ලෝහමය ද්‍රව්‍ය, ගොල්ෆ්පිති, යකඩ අලවංගු, බිලී කොකු, ක්‍රිකට්‌ පිති වැනි දෑ ශරීරයෙන් ඉහළට එසවීම අනතුරුදායක ය.

15. බෝට්‌ටු තරග, මාළු බෑම, ගොල්ෆ් ක්‍රීඩාව ආදී ක්‍ෂේත්‍ර ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ දී කාලගුණ අනාවැකි පිළිබඳව විමසිලිමත් වන්න.

16. රබර් පාවහන්, බූට්‌ස්‌, වැහි කබා පැළඳීමෙන් අකුණුවලින් ආරක්‍ෂා වන බවට සහතික විය නොහැකි ය. එනම් අකුණු පහරක්‌ යනු අති විශාල විද්යුත් ශක්‌තියකි.

17. අකුණු ධාරාවෙන් වැඩි ම ආරක්‍ෂාවක්‌ ලබාගැනීමට නම් සම්පූර්ණයෙන් ලෝහයෙන් වට වූ ෆැරඩේ මැදිරිය නමින් හැඳින්වෙන කුටීරයක්‌ පිළියෙල කරගත යුතු වේ.

අකූණු අනතුරු සැම විට ම මාරාන්තික නො වේ. අකුණු ධාරාව ශරීරය හරහා ගමන් කරන මාර්ගය ද, තීව්‍රතාව ද යන කරුණු මත අනතුරේ ස්‌වභාවය රඳා පවතී. අකුණු අනතුරට පත් වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ආරෝග්‍ය ශාලාව වෙත රැගෙන යන තෙක්‌ හැකි අයුරින් ප්‍රථමාධාර ලබා දෙන්න. අකුණු පහරින් අත් පා හිරි වැටීමට හෝ දරදඬු විමට ලක්‌ වූයේ නම් සම්බාහනය මඟින් කෘත්‍රීම ශ්වසනය ලබා දී ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන්න. අකුණක්‌ නිසා යමකුට අත් විය හැකි බරපතළ ම උපද්‍රවය මරණයයි. බොහෝ දෙනකු ගේ මරණයට හේතුව හෘද ස්‌පන්දනය අකර්මණ්‍ය විම ය. හෘද ස්‌පන්දනයට යළි පුනර්ජීවයක්‌ ලබා දීමෙන් වැඩි දෙනකු ගේ ජීවිත බේරාගත හැකි ය. තව ද අකුණු අනතුරට ලක්‌ වූ අයකු ස්‌පර්ශ කිරීම හෝ එසවීම හෝ අනතුරුදායක නො වන අතර අකුණු පහරට ලක්‌ වීමෙන් පසුව ශරීරයේ කිසිදු ආරෝපණයක්‌ හෝ ධාරාවක්‌ හෝ ශේෂ නො වේ. ප්‍රථමාධාර දෙන්නට ඉදිරිපත් වන අයකුට කිසිදු හානියක්‌ සිදු නො වේ.

අකූණු පවතින විට ඒවා නිරීක්‍ෂණය වන ආකාරය අනුව ඒවා වර්ගීකරණය කළ හැකි ය. එනම්,

තාප අකුණු (Heat lightning)

මේ අකුණු හටගන්නා විට ගිගුරුම් නො ඇසේ. එහෙත් වලාකුළු ආලෝකවත් වේ. පොළෝ මට්‌ටමේ සිට කි. මි. 25කින් හෝ ඊට වඩා වැඩි උසකින් හටගනී. මේ අකුණු ඇති විමට හේතුව ඉහළ වලාකුළුවලින් අකුණු පරාවර්තනය වීම ය.

තල අකුණු (Sheet lightning)

වලාකුළක්‌ තලයක්‌ වැනි ආකාරයට දීප්තිමත් වෙමින් හටගන්නා අකුණු, තල අකූණු වේ.

රොකට්‌ අකුණු (Rocket lightning)

ප්‍රමාණයෙන් දිගු මාර්ග සහිත අකුණු රොකට්‌ අකුණු වේ. මෙහි දී මේ අකුණු සිය ගමන් මාර්ගයේ සෙමින් ගමන් කරන ආකාරයක්‌ දිස්‌ වේ.

රිබන් අකුණු (Ribbon lightning)

සුළං ප්‍රවාහවල බලපෑම මේ අකුණුවලට හේතු වේ. මේ නිසා වලාකුළු හා පොළොව අතර සිදු වන අකුණු පහර ප්‍රසාරණයට ලක්‌ වීම නිසා පළලට දිස්‌ වේ.

පබළු අකුණු

වලාකුළක්‌ හා පෘථිවිය අතර හටගන්නා අකූණු පබළු අකූණු වේ. මේ අකුණුවල ඇති විශේෂත්වය නම් මිටර 10ක්‌ පමණ දිගින් යුත් කොටස්‌වලට කැඩී හෝ කැඩී තිබෙන ලෙස පෘථිවියට දර්ශනය වීමයි.

බෝල අකුණු ((Ball lightning)

විවිධ ප්‍රමාණයෙන් දිස්‌ වන මේ අකුණු වායුගෝලය තුළ එහා මෙහා ගමන් කරන වර්ණවත් ආලෝක ධාරාවලින් යුක්‌ත වේ. ගෝලීය ස්‌වභාවයක්‌ ගන්නා අකුණු ධාරාවක විශ්කම්භය සෙන්මිටර 20ක්‌ පමණ වේ.

රතු දේවතාවන් ((Red sprites)

අකුණු වලාවක ඉහළ කිලෝමිටර කීපයක්‌ දුරට දිස්‌ වන පිපිරීම රතු දේවතාවන් යන අකුණු වර්ගයට අයත් වේ.

නිල්ජෙට්‌ (Blue jet) අකුණු

වලාවේ මැද ප්‍රදේශයේ සිට ඊට ඉහළින් පිහිටි වලාකුළු දෙසට ඉතා සැණෙන් විහිදී යන අකුණු නිල් ජෙට්‌ යනුවෙන් හැඳින්වේ.

අකුණු පහරේ අන්තර්ගත ප්‍රබල විද්යුත් ධාරාව හේතුවෙන් එහි ගමන් මාර්ගයේ තිබෙන වායු කඳ රත් පැහැ ගැන්වීම හෙවත් රක්‌ත තප්ත වීම සිදු වේ. මේ ක්‍රියාවලිය නිසා පොළොවට ළඟා වන අකුණු එම අවස්‌ථාවේ සිට විවිධ දිශා ඔස්‌සේ සැණෙකින් ගලා යයි. මෙසේ වීම නිසා වායුගෝලයේ තිබෙන ජලය සහ වායු වර්ග ඉතා සැණෙකින් සෙල්සියස්‌ අංශක 1000 තරම් අධික උෂ්ණත්වයකට පත් වීම නිසා ක්‍ෂණික පිපිරීමක්‌ හටගනී. මේ නිසා අකුණු ගමන් ගත් පොළොව මතුපිට මාර්ග පැලීම්, පිපිරීම් මෙන්ම වළවල් හෑරීම්වලට ද ලක්‌ වේ. මෙසේ පොළොව මතුපිට හෑරීම් වැනි දේ අකුණු පහරකින් සිදු වන නිසා අකුණක්‌ සමඟ ලෝහමය දණ්‌ඩක්‌ පොළොවට ළඟා වන බවට ඇතැම් අය තුළ මිථ්‍යා විශ්වාසයක්‌ පවතියි. පෘථිවියේ අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර් 25000ක්‌ පමණ වන අතර වෝල්ටියතාව වෝල්ට්‌ මිලියන 100ක්‌ පමණ වේ. සාමාන්‍ය පෘථිවිය මතුපිටට එන අකුණු ධාරාවක්‌ සතු ශක්‌තිය ජූල් මිලියන 500ක්‌ පමණ විශාල අගයකි. 

අපි වාහනයක ඉද්දී ඒකට අකුණක් වැදුනට අපිට මොකුත් නොවෙන්නේ වාහනයේ රබර් ටයර්
නිසා නෙවෙයි, සංවෘත වස්තුවක් Faraday cage එකක් විදිහට ක්‍රියාකරන නිසා. මේ පින්තූර
බලපුවහම
තේරෙයි ෆැරඩේ කේජ් එක ගැන. සංවෘත වස්තුවක් තුල විද්‍යුත් විභවය බින්දුවයි. ඒ නිසා කොච්චර පව් කාරයෙක් වුනත් මේ වගේ එකක් ඇතුලේ හිටියට හෙණ ගහන්නේ නෑ.



Tuesday, January 3, 2012

රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නන් අතර හත්වැනි ස්ථානයට, සංගා පිතිකරුවන් අතර තවමත් පෙරමුනේ


ඩර්බන් ටෙස්ට් තරගයේ වීරයා, රංගන හේරත්, සිය වසර 13 ක ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීමේ ස්ථානයට ලගා වී සිටී. ඩර්බන් තරගයේදී දැක්වූ දස්කම් වලින් අනතුරුව, ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත ලයිස්තුවේ ස්ථාන හයක් ඉදිරියට පනිමින්, ටෙස්ට් පන්දු යවන්නන් අතර හත්වැනි ස්ථානය ලබාගැනීමට රංගන හේරත් සමත්ව සිටී.
රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ඩර්බන් තරගයේ දිනයක් ඉතිරිව තිබියදීම, ලකුණු 208 ක පහසු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. මෙය ශී‍්‍ර ලංකා කණ්ඩායමක් මාස 17 කට පසුව ලබාගත් ටෙස්ට් ජයක් වන අතර දකුණු අපි‍්‍රකාවේදී ලබාගත් පළමුවැනි ටෙස්ට් ජයග‍්‍රහණය ලෙසද වාර්තා පොතට එක්වෙයි.
ටෙස්ට් පන්දු යවන්නන් අතර හේරත්ගේ ඉහළ නැගීම වඩාත් වැදගත් වන්නේ පසුගිය වසර මැදදී මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ලෝකයේ හොඳම ටෙස්ට් පන්දු යවන්නන් 10 දෙනා අතරට එක්වූ පළමුවැනි ශී‍්‍ර ලාංකිකයා රංගන හේරත් වීමයි.
ඉතා අඩුවෙන් කතාබහ කරන, තැන්පත් කී‍්‍රඩකයකු ලෙසින් ගැනෙන ඩර්බන් වීරයා තරගය අවසන් වීමෙන් පසුව සිය දස්කම් ගැන කීවේ ”මට නම් මේක හිතාගන්නවත් බෑ, මේක ඓතිහාසික අවස්ථාවක්” යන්න පමණි.
ටෙස්ට් පිටියේදී තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙස නොසැලකෙන නමුත් ටෙස්ට් පිතිකරුවන් අතරේත් 89 වැනි ස්ථානය ලබාගැනීමට සමත්ව සිටින රංගන ඉදිරි පෙළ පිතිකරුවන් අසරණ වූ බොහෝ අවස්ථාවන්හිදී පසුපෙළ පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට ලකුණු කිහිපයක් එක්කිරීමට සමත් වූ කී‍්‍රඩකයෙකි.
මේ අතර වමතින් මඳ වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදර ද ටෙස්ට් පන්දු යවන්නන් අතරේ 29 වැනි ස්ථානය දක්වා ඉහළ නැග ඇත. ඩර්බන් තරගයේදී කඩුලූ පහක් දවාගත් වෙළගෙදර, සෙන්චූරියන්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් හොඳ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ 3 ක් දවාගත්තේය.
අන්තර්ජාතික ටෙස්ට් කී‍්‍රඩකන් ශ්‍රේණිගත කිරීමේදී පිතිකරුවන්ට වඩා පන්දු යවන්නන් ඉහළට පැමිණීම ජයග‍්‍රහණයට පෙරමග සාදන්නකි. ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම අනුව මේ වන විට අංක 1 ස්ථානය හිමිකරගෙන සිටින එංගලන්ත පිලේ පන්දු යවන්නෝ තිදෙනෙක් ලොව හොඳම පන්දු යවන්නන් පස් දෙනා අතර සිටිති.
දශකයකට වැඩි කලක් ශී‍්‍ර ලංකා පිලේ සිටින, කණ්ඩායමේ පළපුරුදුම පන්දු යවන්නාද වන,  දිල්හාර ප‍්‍රනාන්දු පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අතරේ 38 වැනි ස්ථානය ලබා සිටී. තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙස සලකනු ලැබුවද, ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පන්දු යවනන් අතරේ 91 වැනි ස්ථානය දක්වා පහළ වැටී සිටී.
සෙන්චූරියන් තරගයේදී වැඩිපුර ලකුණු ලබා නොගත් නමුත්, ඩර්බන් තරගයේ දෙවැනි ඉනිමේදී සටන්කාමී ශතකයක් ලබාගත් කුමාර් සංගක්කාර, ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානය තවදුරටත් රැකගැනීමට සමත් විය. ඒ සඳහා ඔහුට සිටි ආසන්නතම තරගකරුවා වූ දකුණු අපි‍්‍රකාවේ ජැක් කලිස්, ඉනිම දෙකේදීම ලකුණු නොලබා දැවී යමින්, තරග 149 ක ටෙස්ට් දිවියේ පළමු වරට ‘බෝතල්අඩි කණ්ණාඩි කුට්ටම’ පැළඳ ගත්තේය. ඩර්බන් තරගයේදී අසාර්ථක වීමත් සමගම ප‍්‍රසාද ලකුණු 50 කට වැඩි ප‍්‍රමාණයක් අහිමි කරගත් කලිස්, ටෙස්ට් පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානය දක්වා පල්ලම් බැස්සේය.
සංගක්කාරගේ ශතකය වාර්තා වූයේ පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී යාමෙන් අනතුරුවය. පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවීගොස්, දෙවැනි ඉනිමේදී ශතකයක් ලබාගත් පිතිකරුවන් අතර අටවැනි ශී‍්‍ර ලාංකිකයා වන්නේද සංගක්කාරය.
කිසිදු සාධාරණ හේතුවකින් තොරව, පාකිස්තානු සංචාරයෙන් කපා දැමූ තිලාන් සමරවීර, ඩර්බන් තරගයේදී ලබාගත් ශතකයත් සමගින් ටෙස්ට් පිතිකරුවන් අතර 13 වැනි ස්ථානය දක්වා නැවතත් ඉදිරියට පැමිණ සිටී.
සිය මංගල ටෙස්ට් තරගයේදීම අගනා අර්ධ ශතක දෙකක් ලබාගත් දිනේෂ් චන්දිමාල්, එකම තරගයකින් ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර 54 වැනි ස්ථානය දිනාගැනීමට සමත්ව සිටී. අංක 3 හෝ අංක 4 යන ස්ථානවල කී‍්‍රඩා කළ හැකි, දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන චන්දිමාල්, සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළේ කඩුලූ රකින්නාගේ භූමිකාවටද උර දෙමිනි.
ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම අංක 3 පිතිකරුවන් දෙදෙනා වන අසංක ගුරුසිංහ සහ කුමාර් සංගක්කාර යන දෙදෙනාද, සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළේ කඩුලූ රකින්නන් ලෙසින් වීමද විශේෂත්වයකි.
මහේල ජයවර්ධන ටෙස්ට් පිතිකරුවන් අතරේ 25 වැනි ස්ථානය දක්වා පහත වැටී සිටියදී 33 වැනි ස්ථානයේ සිටින තිලකරත්න ඩිල්ෂාන් ලකුණු සොයමින් වෙහෙසෙයි. ඇන්ජලෝ මැතිව්ස් 37 වැනි ස්ථානයේ සිටිමින් ගිළිහෙන කීර්තිය රැකගැනීමේ උත්සාහයක නිරතව සිටී.
තරග තුනකින් සමන්විත ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා ටෙස්ට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය අද (3 වැනිදා), කේප් ටවුන් නුවර, නිව්ලන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.