S B ගේ පුද්ගලික විශ්ව විද්‍යාල කතන්දරය ගැන ඹබ කුමක් සිතන්නේද? දැනට ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරින්ට අප රට තුල රැකියාවක් සොයා ගැනිම ඉතා අපහසු කටයුත්තක් වන අතර එයට පුද්ගලික විශ්ව විද්‍යාල කතන්දරය ගැටළුවක් කර නොගත යුතුය.ලංකාවේ පවතින රැකියා වලට ගැලෙපෙන උපාධි පාඨමාලා ඇත්තේ කියෙන් කියද? මේවා අප රටට ගැලපෙන වෙනස්කල යුතු නොවේද?
මට හිතෙන විදිහට අපරට තුලට විදේශ විනිමය ගෙන්වා ගැනිමට හා අප රටේ අනාගත පරපුරට මෙමගින් ( නොමිලේ ටික දෙනෙකුට හෝ ) අවස්ථාවක් ලැබෙන්නේ නම් S B ඇමතිතුමාගේ මෙම උත්සහය අගය කල යුතු නොවේද?
තවත් සමහරෙකුට කිව හැකියි මෙමගින් අධ්‍යාපනය පුද්ගලිකරනය වන බවත් අධ්‍යාපනය මුදලට විකිනෙන බවත්. ඔව් ඇත්ත එසේ විය හැකියි. නමුත් අධ්‍යාපනය අමුතුවෙන් පුද්ගලිකරන කිමටත් විකිනීමටත් අවශ්‍ය නැත. එය සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ අශිර්වාද මැද ටියුෂන් ගුරැවරැන් ජයටම කරගෙන යයි. අද දෙකේ තුනේ පංතියේ සිට දොළහ දහතුන පංති දක්වාම සියළුම විෂයන් සදහාම ටියුෂන් පවත්වාගෙන යයි. විශේෂයෙන්ම පාසැල් පැවැත්වෙන කාලයේත් (උදේ 7.30 සිට දහවල් 1.30) මොවුන් පංති පවත්වා ගෙන යයි.
දැන් අධ්‍යාපනය විකුණා අවසන් නොවේද? තවත් විකිනීමට දෙයක් ඉතිරි වී තිබේද? ඉතින් පුද්ගලික විශ්ව විද්‍යාල ශ්‍රිලංකාවට නොගැලපේද?
Anonymous active කර ඇති නිසා බනින්න අවශ්‍ය අයට හොදට බනින්න පුළුවන්. බනින සමහර අය නිදහස් අධ්‍යාපනය ගැන කතා කලාට හවසට හවසට ටියුෂන් එකක් කරලා කියක් හරි හොයා ගන්න අය වෙන්නත් පුළුවන්.