Friday, April 30, 2010

ගණීතය ට පෙර වදනක් අපොස (සා පෙළ) සිසුන්ට විශේෂයි


මේ ලිපිය මෙම වසරේ අපොස (සා පෙළ) විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට, ගිය වසරේ පෙනී සිට අසමත් සිසු සිසුවියන්ට, දැනට 10 වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට බෙහෙවින් වැදගත් වනු ඇත.






අද පාසැල් සිසු සිසුවියන් බ්ලොග් කියවිමට පමනක් නොව බ්ලොග් ලිවීමටත් කටයුතු කරන අවදියක් නිසා බ්ලොග් එකක් මගින් ඔවුනොවුන්ට යම්කිසි දැනුමක් නැතහොත් විෂය කරැනු මතක් කර දිමක් කිරිමට මම බලාපොරොත්තු වෙනවා.



මම කලින් ලබා දුන් ජ්‍යාමිතිය පාඩම මෙන්ම මෙයත් pdf file එකක්ලෙස ඔබට download කර ගත හැකියි.





මෙහි විෂය කරැනු විශාල ප්‍රමානයක් ඇති අතර අවශ්‍ය අය මෙතනින් බා ගන්න.



පසුගිය ජ්‍යාමිතිය පාඩම අවශ්‍ය අය මෙතනින් ගන්න.

Saturday, April 24, 2010

YOU TUBE වලින් video download කරන්න පහසුම ක්‍රමයක් මෙන්න

YOU TUBE වලින් video download කරන්න ගිහින් අමාරුවේ වැටුන හොයා ගත්තා ලේසි ක්‍රමයක්.( තරහා වෙන්න එපා මම හොයා ගත්තා කිව්වට මොකද මට කලින් ගොඩක් අය හොයා ගෙන ඇති . ඒවුනාට මම දන්නේ නැහැනේ ඒගොල්ලෝ හොයා ගත්තා කියලා)


මේක වෙන මුකුත් නොවේ software එකක් . මේකේ නම තමයි YouTubeDownloader මේක පාවිච්චි කරලා YOU TUBE එකේ තියෙන ඕනම video එකක් download කරගන්න පුළුවනි.




අපිට කරන්නේ තියෙන්නේ සුළු දෙයයි.


YOU TUBE එකේ අවශ්‍ය video එක මත right click කරලා ලැබෙන menu එකේ copy link Address කියන තැන click කරලා Address එක copy කර ගන්න. ඊට පස්සේ software එක open කරලා එකේ Enter the video URL කියන තැනට paste කර ගන්න.( Address එක copy කරගත් විට ඉබේම paste වේවි.) ඊට පස්සේ OK කරන්න විතරයි තියෙන්නේ.

කරලම බලන්නකෝ YouTubeDownloader software එක මෙතනින් බා ගන්න

පස්සේ හොද නරකත් කියන්නකෝ

Friday, April 16, 2010

සංඛ්‍යා දෙකක් එක පේලියට ගුණ කිරීම

සංඛ්‍යා දෙකක් ගුණ කරන වෙනත් ක්‍රමයක් මම වෙනත් බ්ලොග් කක දුටු නිසා තමයි මට මේක ලියන්න හිතුනේ.




76 × 89   මෙම සංඛ්‍යා දෙක ගුණ කල යුතු යැයි අපි සිතමු.
සාමන්‍ය ගුණ කරන ආකාරය පහත දැක්වේ.
           

               
    76
  ×89
  684
608
6764


මම කියන ආකාරය දක්වන්නම්

 
    76
  ×89
6764   
  


 මෙය ලබාගත් ආකාරය පහත රුපයෙන් පැහැදිලි කර ගත හැකිය.


ගැටළුවක් ඇති නම් දන්වන්න.

Wednesday, April 14, 2010

සුභ නව වසරක්

සු ළුත්වුරුද්ක් වේවා!








ඹබ සියළුදෙනාටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අළුත් අවුරුද්දක්ම වේවා!



Friday, April 9, 2010

ELECTRONIC CIRCUIT -1 ගෙදර TV බලන කොට remote control එක කරදරයක්ද?

ගෙදර TV බලන කොට remote control එක කරදරයක් නම් මෙන්න විසදුම

හැබැයි ඉලෙක්ට්‍රොනික් ගැන පොඩි අවබෝධයක් අවශ්‍ය වෙනවා.

 මෙම එක circuit  හදාගෙන TV එක ඉදිරියෙන් තියාගත්තහම වැඩේ හරි. හොයා ගන්න අමාරු දේවල් ඇත්තෙත් නැහැ. වේරෝ බෝඩ් එකක හරි PCB එකක අමුන ගන්න පුළුවන්. 555 timer IC එකට IC BASE එකක් යොදා ගන්න. විදුලිය සැපයිමට 9V battery යක් භාවිතා කරන්න. අවශ්‍යනම් power pack එකක් වුවත් භාවිතා කල හැකිය. Infrared LED  2 වෙළද පොලෙන් ලෙහෙසියෙන්ම සොයා ගත හැකිය. කිසිම හේතුවක් නිසා 180 ohm resistor එක 100 ohm ට වඩා අඩු නොකරන්න. TV එක ඉදිරියෙන් circuit එක තියාගෙන  remote control එක වැඩ නොකරන තෙක් 10K preset එක සිරු මාරු කරන්න.
 අවශ්‍ය ද්‍රව්‍ය
555 IC -  1     & IC base
BC557 transistor -1
IN4148 signal diode -2
Infrared diode -2
10K preset -1
10 nf condenser -2
 1K resistor-1
470 ohm resistor -1
560 ohm resistor -1
180 ohm resistor -1


මෙම Electronic circuit එකෙන් කරනුයේ Infrared diode වලින් 38 KHz සංඛ්‍යාතකින් යුත් තරංගයක් නිපදවා remote control එකෙන් නිකුත් වන තරංගය අවුල් ( jam ) කිරිමය.  

ගැටළුවක් තිබේ නම් කියන්න
 

Wednesday, April 7, 2010

බැංකුවල ඇයි මේ තරම් දිග පෝලිම්

රටේ සල්ලි ඉවර වෙන්න යනවද දන්නේ නැහැනේ. අද මම ගියා ලංකා බැංකුවට සල්ලි ටිකක් ගන්න කියලා. මිටර් 20ක30ක පෝලිම් 2යි මට සංසාරේ එපා වුනා. ටෙලර් මැෂින් එක තියෙන කාමරයම ලොක් කරලා අගුල දාලා. මේ දවස්වල හැමෝටම පඩි දුන්නට ගන්න විදිහක් නැහැ. බැංකු පොත අරන් ගියත් ගිණුම එම ශාඛාවෙම වෙන්නත් ඔනලු. අපි ඉතින් කොහොමද සල්ලි ගන්නේ. ඡන්දෙට වියදම් කරන්න නම් කට්ටියට ඔන තරම් සල්ලි තියෙනවා.  මෙහෙම කට්ටියට අපේ ඡන්දය දිලා වැඩක් තියෙනවද? හිතේ අමාරැවෙන්මයි මේ මම ලියන්නේ. ඡන්දෙට කලින් මෙහෙම දුකක් විදිනවා නම් ඡන්දෙන් පස්සේ කොහොම හිටියි ද? අපිට ඉතින් කාගේ පිහිටක්ද?

Sunday, April 4, 2010

පාසැල් යන සිසුවෙක් නම්,ළමයෙක් ඉන්න දෙමාපියෙක් නම් කියවිය යුතුම ලිපියක්

මම මෙහෙම දෙයක් ලියන්න හිතුවේ දැන් පාසල් සිටින සිසු සිසුවියන්ගේ මූලික ජ්‍යමිතිය සංකල්ප ඉතා දුර්වල තත්වයේ පවතින බැවින්ය. මිට හේතු මම දකින දෙය නම් ලමුන් පාසැලේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනයට වඩා ටියුෂන් පංති ගැන වැඩි විස්වාසයක්  තබා තිබිමයි.  ජ්‍යමිතිය දුර්වල විමට මමදකින හේතු වන්නේ සමහර ටියුෂන් ගුරැවරැන් ජ්‍යමිතිය හරිහැටි නොදන්නා බව {මෙය මම වගකිමෙන් කරන ප්‍රකාශයක් බව සලකන්න.  සමහර කට්ටිය O/LවලටDඑකක් හෝAඑකක් අරගත්තහම ඒගොල්ලො හිතනවා  එක්කොම හරි එක්කොම දන්නවා කියලා  යන්තම් A/L ගොඩදාගෙන  (commerce හරි art කරලා)  පටන් ගන්නවා  maths ටියුෂන්.  ඉතින් කොහොම ජ්‍යාමිතිය උගන්නන්නද  පව් ඉතින්  පොඩිඑවුන්. ටියුෂන් පංතියකට යනකොට සර් හරි මිස් හරි අඩුම ගානේ A/L වලට maths කරලා තියෙනවාද කියලා හොයලා බලන්නකෝ.මොකද සමහර විට art කරලා degree එකක් ගත්ත කෙනාට වඩා A/L maths කරලා වැඩ තුනම පේල්  කෙනාට වැඩි ගණිත දැනුමක් තියෙන්න පුළුවන්. }

ගණිතය පාඩම- මුලික ජ්‍යාමිතික සංකල්ප

ජ්‍යාමිතියට ගොඩක් දුර්වල  කෙනෙකුට අවශ්‍ය මුලික ජ්‍යාමිතික සංකල්ප ටිකක් මම අද ඹබට ලබා දෙන්නම්.  විශේෂයෙන්  9 සිට 11 ශ්‍රේණි වල සිසුන්ට  මෙය වැදගත් වේ.
පාඩම මෙතනින්  අර ගන්න .                    වැඩේ ගැන  comment එකක් දාන්න

Saturday, April 3, 2010

Mobile phone එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය කියවිය යුතු ලිපියක්

අළුත් හෝ පාවිච්චිකල ජංගම දුරකථනයක් මිලට ගැණිමේදි  ඔබගේ අවශ්‍යතාවයට සරිලන දුරකථනයක් තෝරා ගත යුතුයි.


Call හා message වලට පමනක් පාවිච්චිකරන්න ගන්නවානම් මට හිතන විදිහට හොදම phone එක nokia 1202 පරන එකක් නම් 1110 ,1200 හොදයි (1110,1200 පොලොවේ ගැහුවත් වැඩ)
රළු පාවිච්චියට හොදම nokia තමයි
Camera phone එකක් නම් අඩු මුදලට තියෙන චයිනීස් එකක් ගන්නවාට වඩා use හරි හොද brand එකක එකක් ගන්න එක තමයි හොද.

Internet use කරන්න නම් hsdpa සම්බන්ධතාවය සහිත phone සුදුසුය. නමුත් phone හරහා computer එකකින් Internet use කරන්නේ නම් nokia හෝ sony,ericsson වර්ග සුදුසු වේ. ඊට හේතුව අනෙක් වර්ග phone computer එකට සම්බන්ධ වුවත් Internet connect කරගන්න අපහසු විම.   

Print කිරිමට සුදුසු හොද photo  එකක් ගන්න නම් අඩුම තරමේ 2MP  වත් තිබුනොත් හොදයි.

Dual sim, TV නම් චයිනිස් තමයි ඉතින්.

ඔබ ලොකු ගානක් වියදම් කරලා phone එකක් ගන්නවා නම්  මම අනුමත කරන්නේ Symbian OS තියෙන එකක්. ගොඩක් nokia වල හා සමහර sony,ericsson වල තිබෙනවා. මේවා windows mobile හා BlackBerry os වලටත් ඉදිරියෙන් සිටින බවයි මගේ හැගිම.    


Mobile phone ගැන විස්තර හොයන්න අවශ්‍ය නම් මෙතනින්   යන්න.

පාවිච්චිකල ජංගම දුරකථනයක් මිලට ගැණිමට අවශ්‍ය නම් මෙතනින් සොයා බලන්න.

Thursday, April 1, 2010

Mobile එකෙන් internet යෑම

අද ගොඩක් කට්ටිය internet යෑමට e mail බැලීමට Mobile phone එක පාවිච්චි කිරීමට හුරැ වි සිටිනවා.ගොඩක් අය Mobile phone එකේම තියෙන web browser එකම තමයි හාවිතා කරන්නේ.ශ්‍රි ලංකාවේ හැම network  එකකම 1KB එකකට ශතය ගනේවත් අය කරන කොට 1MBඑකකට රැ 10 වත් ගෙවන්න වෙනවානේ. බොහෝ විට page එකක් download  වෙන්න 500-600 KB විතර යනවානේ. Internet use කරන කොට සීමා මයිම් නැහැනේ. විනාඩි 30-40 net එකේ ඉන්නකොට දන්නෙම නැතිව රැ 100 ක්  200 විතරඉවර වෙලා. Mobitel වල නම් 50MB, 100MB, 200MB ආදි වශයෙන් විවිධ පැකේජ හදුන්වා දි තිබෙනවා. Dialog  අනුව විවිධ පැකේජ ඇති අතර airtel වල 400MB පැකේජයක් හදුන්වා දි තිබෙනවා මට එන වුනේ විවිධ පැකේජ ගැන කියන්න නොවේ. Mobile phone එකේම තියෙන web browser ට අඩු වියදම් විකල්පයක් ගැන කියන්නයි. මොකද හැමොම ලොකු සල්ලිකාරයෝ නොවෙයි නේ.මම කියන්න යන විකල්පය තමයි opera mini භාවිතය සමහර අය දැනටමත් පාවිච්චි කරනාවා ඇති  දැනට නෙකරන අයට මම software එක ලබා දෙන්නම්. හැබැයි phone එක java තියෙන එකක් විය යුතුයි. Nokia sony,ericsson වල නම් හෙදට වැඩ කරනවා. 
මේක use කරලා බලන්න කොච්චර මුදලක් ඉතිරි කරන්න පුළුවන්ද කියලා.

opera mini මෙතනින් බා ගන්න
ගැටළුවක් ඇති වුනොත් කියලා එවන්න