Saturday, March 31, 2012

රථ වාහන බදු වැඩි කරයි

මෝටර් රථ, තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදි සඳහා මෙතෙක් පැවති නිෂ්පාදන බද්ද ඉහළ දමා ඇති අතර, නිෂ්පාදන බද්ද ඉහළ දැමීමෙන් පසුව යතුරුපැදි සඳහා 61% ක්ව පැවති සියලූ බදු එකතුව 100% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව, පෙට්රල් තී‍්‍ර රෝද රථ සඳහා 51% ක්ව පැවති බදු එකතුව සහ ඞීසල් තී‍්‍ර රෝද රථ සඳහා මෙතෙක් 61% ක්ව පැවති බදු එකතුවද, 100% දක්වා ඉහළ දැමුවා. සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්රල් කාර් සඳහා සියලූ බදු එකතුව 200% දක්වා ඉහළ දමා තිබෙනවා. කෙසේ වෙතත්, කෘෂිකාර්මික ට‍්‍රැක්ටර්, බස් රථ, ලොරි රථ සහ ට‍්‍රක් රථ සඳහා පැවති බදුවල කිසිදු වෙනසක් සිදුකර නැහැ.
මුදල් අමාත්‍යාංශය පැවසුවේ, 2009 වර්ෂයේ සිට  මෙරට මෝටර් රථ ආනයනය ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් මාර්ග තදබදය සහ ඉන්ධන සඳහා වන ඉල්ලුම වැඩිවීමත් සලකා එකී වියදම් අඩු කර ගැනීමේ අරමුණින් අදාළ සංශෝධන කළ බවයි.
  ඉහළ දමන ලද මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා වන නිෂ්පාදන බදු පිළිබඳ සවිස්තර වාර්තාව පහතින් දැක් වේ.

සංගා පහලට හේරත් ඉදිරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  කුමාර සංගක්කාර ටෙස්ට්  පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 4කින් පසුබැස තිබේ.
 

ඒ අතර ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තම හොඳම ශ්‍රේණිගත කිරීම් ස්ථානයට පැමිණ සිටී.

මාස 4ක් තිස්සේ අඛණ්ඩව ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානයේ සිටි කුමාර් සංගක්කාර මේ වන විට එම ලේඛනයේ සිව්වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.


සංගක්කාර එංගලන්ත කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයට පිවිසුණේ, අංක එකේ පිතිකරුවා ලෙසයි.


නමුත් ඔහුට එම තරගයේ ඉණිම දෙකේදීම සාර්ථක වීමට නොහැකි වු අතර ශ්‍රේණිගත කිරීම් ලකුණු 850, 813 දක්වා පහළ ගොස් තිබේ.


සංගක්කාර පහළට යාමත් සමග දකුණු අප්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස් සහ ඕස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාක් පළමු ස්ථානයට පැමිණ සිටිති.


ඒ ලකුණු 821 බැගින් හිමි කර ගිනිමිනි.


ලොව පළමු ටෙස්ට් පිතිකරුවන් දස දෙනා අතර ශ්‍රී ලංකාවේ තිලාන් සමරවීර ද රැඳී සිටී.


එංගලන්තය සමග ඊයේ අවසන් වු ටෙස්ට් තරගයේ ඉණිම දෙකේදී කඩුලු 12ක් දවා ගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබේ.


ඒ අනුව ඔහුට මේ වන විට එම ලේඛනයේ 7 වැනි ස්ථානය හිමි වී තිබේ.


රංගනට හිමි ශ්‍රේණිගත කිරීම් ලකුණු සංඛ්‍යාව 752කි.


ඔහු තම ක්‍රීඩා දිවියේ පැමිණි ඉහළම ශ්‍රේණිගත කිරීම් ස්ථානය ද මෙයයි
.

අපිට තව හදා ගත යුතු දේවල් තියෙනවා - මහේල

එංගලන්ත දෙවැනි ඉනිම දවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පන්දු රැකීම ඉතාම ඉහළ මට්‌ටමක පැවැතිණි. එහිදී හිටපු නායක ටී.එම්. ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්න රැකගන්නා ලද උඩපන්දු විශේෂත්වයක්‌ ගත්තේය. ඒ පිළිබඳද අදහස්‌ දක්‌වා සිටි ජයවර්ධන, 'මං හිතන්නේ කණ්‌ඩායමේ හැමෝම මේ ජයග්‍රහණයට සහය වුණා. හැම දෙනාම තමන්ගේ වගකීම් කොටසක්‌ හරියට ඉටු කළා. ලෝකයේ අංක එක කණ්‌ඩායම වශයෙන් සැලකෙන එංගලන්තය සමග පැවැති පළමු ටෙස්‌ට්‌ තරගය ජය ගැනීමට ලැබීම ගැන නායකයකු ලෙස මට හරිම සතුටුයි' යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙහිදී තමන් සතු ප්‍රධාන අවිය වන දඟ පන්දු යවන රංගන හේරත් පිළිබඳවද ශ්‍රී ලංකා නායකයා අදහස්‌ පළ කර සිටියේය.

'මං හිතන්නේ රංගන තමයි අපිට ඉන්න අංක එකේ ස්‌ථිර දඟ පන්දු යවන්නා. ඔහු ඒ වගකීම අකුරට ඉටු කළා. මම නිතරම කිව්වේ මුරලි වගේ වගකීමක්‌ රංගනට ගන්න අමාරුයි ඔහුට සහයෝගය ඕන. ඒ සහයෝගය දෙන්න අපි හොඳ බලඇණියක්‌ සාදා ගත යුතුයි. රංගන තමයි එහි ප්‍රධානියා' යනුවෙන් ජයවර්ධන සඳහන් කළේය.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ රංගන හේරත් අදහස්‌ දක්‌වමින් පවසා සිටියේ,

'කඩුලු 12 ක්‌ ලබා ගැනීම මට විශේෂ හැඟීමක්‌ දනවන්නක්‌. එය තවත් වැඩිවෙන්නේ ලෝකයේ අංක එකේ කණ්‌ඩායමට එරෙහිව ලබා ගැනීම නිසා. මෙය තමයි මගේ ක්‍රිකට්‌ දිවියේ ඉස්‌තරම්ම අවස්‌ථාව' යනුවෙන් හේරත් පැවැසීය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ තරගය ලබන 03 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේදී ආරම්භ වේ.

Friday, March 30, 2012

මුරලිගෙන් පසු මවුබිමේදී මුල්ම ජය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ලකුණු 75 ක ජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව විසි මසකට පසු මව්බිමේදී ටෙස්‌ට්‌ ජයක්‌ ලබා ගැනීමට ඊයේ (29 දා) සමත් විය.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ පන්දු යවන්නකු වාර්තා කළ තෙවැනි හොඳම පන්දු යෑවීම වාර්තා කිරීමට දඟ පන්දු යවන රංගන හේරත් (171/12) සමත් වීම මත වත්මන් ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.


ඉකුත් 2010 වසරේ අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය කණ්‌ඩායමට එරෙහිව ගාල්ල පිටියේදීම පැවැති තරගයේදී වාර්තා කරන ලද ටෙස්‌ට්‌ තරග ජයග්‍රහණයට පසුව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද දෙවැනි ටෙස්‌ට්‌ තරග ජයග්‍රහණය මෙය වීමද විශේෂත්වයක්‌ වේ. අදාළ ජය මාස 20 කට පසු ශ්‍රී ලංකා කණ්‌ඩායම සිය මව්බිමේදී වාර්තා කළ පළමු ටෙස්‌ට්‌ ජයග්‍රහණයද වේ.


ජයග්‍රහණය සඳහා ලකුණු 340 ක ඉලක්‌කයක්‌ හඹා ගිය එංගලන්ත කණ්‌ඩායම වෙනුවෙන් අංක 3 පිතිකරු ජොනතන් ට්‍රොට්‌ හුදෙකලා සටනක නිරත වෙමින් පන්දු 266 කදී ලකුණු 112 ක්‌ ලැබුවද එය එංගලන්ත කණ්‌ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. පරාජිත එංගලන්ත කණ්‌ඩායම ගාල්ල තණතීරුවේ සිව්වැනි ඉනිමේ වැඩිම ලකුණු වාර්තා කළ කණ්‌ඩායම බවට පත්විය. මීට පෙර සිව්වැනි ඉනිමේදී ගාලු ක්‍රීඩාංගණයේ වාර්තා කොට ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ශ්‍රී ලංකාව (253) වාර්තා කර තිබිණි.


ට්‍රොට්‌ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පීටර්සන් සමගින් ලකුණු 70 ක්‌ද ප්‍රයන් සමගින් පස්‌වැනි කඩුල්ල සඳහා ලකුණු 81 ක සම්බන්ධතා පවත්වමින් එංගලන්ත කණ්‌ඩායමට ජයග්‍රාහී මාවත විවර කරදීමට සමත්වුවත් නව පන්දුව ලබාගැනීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කිරීමත් සමග ජයග්‍රහණය සඳහා එංගලන්තය තබා තිබූ සියලු බලාපොරොත්තු සුන්විය.


ප්‍රයන්ගේ දැවී යැමට ප්‍රථම එංගලන්ත කණ්‌ඩායමට අවශ්‍යව තිබුණේ ලකුණු 106 ක්‌ පමණක්‌ වන අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 6 ක්‌ම ඉතිරිව තිබිණි. එහෙත් නව පන්දුව ලබා ගනිමින් හේරත් විසින් ක්‍රියාත්මක කරන ලද 86 වැනි පන්දුවාරයේදී ප්‍රයන් විසින් එල්ල කරන ලද පහරක්‌ ෂෝට්‌ ලෙග්හි පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්නගේ දෙඅතේ සිරවීම එංගලන්ත පරාජයට පත්වීම සඳහා ප්‍රධාන සාධකයක්‌ විය.


සිය හත්වැනි ටෙස්‌ට්‌ ශතකය වාර්තා කළ ට්‍රෙට්‌ගේ ඉනිම සඳහා මිනිත්තු 336 ක්‌ වැය වූ අතර එහිදී හතරේ පහර 10 ක්‌ සමග ලකුණු 112 ක්‌ වාර්තා කිරීමට ඔහු සමත් විය.


කඩුලු 4 ට ලකුනු 233 ක්‌ වශයෙන් ප්‍රභල ස්‌ථානයක පසු වු එංගලන්ත දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 6 ම ලකුණු 33 කදී දැවී යැම විශේෂත්වයක්‌ විය.


හේරත්ට ප්‍රථම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරගයකදී කඩුලු 10 ක්‌ හෝ ඊට වැඩියෙන් ලබාගෙන ඇත්තේ ලෝක වාර්තාලාභී දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් (අවස්‌ථා 13 ක්‌), චමින්ද වාස්‌ (එක්‌ අවස්‌ථාවක්‌), අජන්ත මෙන්ඩිස්‌ (එක්‌ වතාවක්‌) සහ උපුල් චන්දන (එක්‌ වතාවක්‌) යන සිව් දෙනා පමණි. මෙහිදී මෙන්ඩිස්‌ සහ උපුල් චන්දන දෙදෙනා මුළු තරගයේදීම දවා ගෙන ඇත්තේ කඩුලු 10 බැගින් වීම මත ඔවුන් දෙදෙනාට වඩා ඉදිරි ස්‌ථානයක රංගන හේරත්ගේ නම ලියෑවෙනු ඇත.


හේරත් දැක්‌වූ 171/12 මෙම දක්‍ෂතාව මෙතෙක්‌ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ හත්වැනි හොඳම පන්දු යෑවීම මෙන්ම ගාල්ල ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නකු විසින් වාර්තා කළ දෙවැනි හොඳම පන්දු යෑවීම වශයෙන්ද සටහන් වේ. ගාල්ල තණතීරුවේ හේරත්ට ඉදිරියෙන් පසුවන්නේ මුරලිදරන් (171/13) පමණි.


හේරත් විසින් කඩුලු 5 ක්‌ හෝ ඊට වැඩියෙන් දවා ගත් නවවැනි අවස්‌ථාව සහ තරගයකදී කඩුලු 10 ක්‌ දවා ගත් පළමු අවස්‌ථාව වශයෙන්ද මෙය සටහන් වේ. අදාළ දක්‍ෂතාව හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද හේරත් පිදුම් ලැබීය. දෙරට අතර මීළඟ ටෙස්‌ට්‌ තරගය පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ 3 වැනිදා ආරම්භවේ.



Sri Lanka vs England 1st Test | 26th March

 - Day 1 – Highlights
- Day 2 – Highlights
- Day 3 – Highlights
- Day 4 – Highlights

 

Wednesday, March 28, 2012

ටෙස්ට් මැච් එක නොමිලේ බලන්න



ශ්‍රී ලංකා -  එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රවේශ පත්‍රයක අවම මිල රුපියල් 5000ක් බව ඊයේ අනාවරණය විය.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග එසේ පැවසුවත් ගාල්ල ක්‍රීඩාංගණය භාර නිලධාරී ජයනන්ද වර්ණවීර පැවසුවේ සාමාන්‍ය ජනතාවට නොමිලේ තරග නැරඹීමේ පහසුකම් සලසා ඇති බවය.
මෙම තරගය නැරඹීමට නොමිලේ පහසුකම් සලසා ඇත්දැයි අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස පැවසුවේ නොමිලේ තරග නැරඹීමට අවස්ථාව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඊට අනුබද්ධ ක්‍රිකට් සමාජ හා සංගම් නියෝජිතයින්ට පමණක් බවය.
එහෙත් අප කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ තරගය නොමිලේ නැරඹීම සදහා ක්‍රීඩාංගණයේ වෙනම කලාපයක් වෙන් කර ඇති බවය.
මේ පිළිබදව අප යළිත් වරක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය භාර නිලධාරී ජයනන්ද වර්ණවීරගෙන් විමසීමක් කළේය.
සාමාන්‍ය ජනතාවට මෙම තරග නොමිලේ නැරඹීමේ පහසුකම් සලසා ඇති බවට ජයනන්ද වර්ණවීර එහිදී සහතික විය.

Tuesday, March 27, 2012

මහේලගෙන් ලෝක වාර්තාවක්

එක්‌ ක්‍රීඩාපිටියකදී ලකුණු 2000 සීමාව දෙවතාවක්‌ පසු කළ ලොව පළමු ක්‍රීඩකයා වීමේ වාර්තාවද සමගින් සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ 30 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සමත්වීම මත සංචාරක එංගලන්ත කණ්‌ඩායම සමග ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ ඊයේ (26 දා) ඇරැඹි පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 8 කට ලකුණු 289 ක්‌ වශයෙන් සැනසිලිදායක තත්ත්වයකට පැමිණීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත් විය.

මුහුණ දුන් පළමු පන්දුවේ සිටම මනා විශ්වාසයකින් යුතුව තම පිත්ත හැසිරවූ ශ්‍රී ලංකා නායකයාගේ පන්දු 290 කින් ලබා ගන්නා ලද ලකුණු 168 ක ඉනිම සඳහා 20 වතාවක්‌ පන්දුව හතරේ සීමාව පසු කරමින්ද 3 වතාවක්‌ පන්දුව හතරේ සීමාවට ඉහළින්ද යෑවීමට සමත්වූවේය. මහේල විසින් රැස්‌ කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ටෙස්‌ට්‌ තරගවලදී 150 සීමාව පසු කර ගිය 14 වැනි වතාව වශයෙන්ද සටහන් වූවේය.

ජයවර්ධන මීට පෙර තම ක්‍රීඩා සමාජ පිටිය වන කොළඹ එස්‌. එස්‌. සී. පිටියේදී ලකුණු 2697 ක්‌ ලබා තිබූ අතර ඊයේ දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද (2100) ලකුණු 2000 සීමාව පසු කර යමින් අදාළ දස්‌කම දෙවතාවක්‌ කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට සමත්වූවේය. ලොව පිතිකරුවන් අතුරින් එක්‌ ක්‍රීඩාංගණයක ලකුණු 2000 සීමාව පසු කිරීමට සමත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජැක්‌ කලිස්‌ (කේප්ටවුන්හි නිව්ලන්ඩ්ස්‌ ක්‍රීඩා පිටියේදී ලකුණු 2098 ක්‌) සහ එංගලන්ත ක්‍රීඩක ග්‍රැහැම් ගුච් (ලෝඩ්ස්‌ ක්‍රීඩා පිටියේදී ලකුණු 2015) දෙදෙනා පමණි.

කණ්‌ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසු සිය මව්බිමේදී නායකත්වය ලබා දුන් පළමු තරගය වූ මෙම තරගයේදී ජයවර්ධන ලබාගත් ශතකය ගාල්ල ක්‍රීඩා පිටියේදී පිට පිට ඉනිම දෙකකදී ඔහු වාර්තා කළ දෙවැනි ශතකය වීමද සුවිශේෂී වෙයි. හෙතෙම අවසන් වරට ඔස්‌ට්‍රේලියාව සමගින් ගාල්ල ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 105 ක්‌ ලබා ගැනීමට සමත්වූවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ ලකුණු 10,000 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා බවට පත්ව සිටින මහේල ජයවර්ධන මේ වන විට රැස්‌ කළ ඇති ලකුණු 10,254 කින් ලකුණු 4797 ක්‌ම ගාල්ලේදී සහ කොළඹ එස්‌. එස්‌. සී. යන ක්‍රීඩාංගණවලදී වාර්තා කර ගැනීමට සමත්වීම තවත් කැපී පෙනෙන සිදුවීමකි. ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව එස්‌. එස්‌. සී. පිටියේදී රැස්‌ කරන ලද ලකුණු 51 ක ඉනිමෙන් පසු ක්‍රීඩා කරන ලද 13 වැනි ඉනිමේදී මෙම ශතකය ලබා ගැනීමද විශේෂත්වයක්‌ වේ. අවසන් වරට ක්‍රීඩා කරන ලද ඉනිම 12 දීම මහේල රැස්‌ කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 234 ක්‌ පමණක්‌ වන අතර එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 19.5 ක්‌ ලෙස සටහන් විය.

තරගයේ ප්‍රතිඵලය සඳහා බෙහෙවින්ම වැදගත් සාධකයක්‌ වශයෙන් සැලකෙන කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළද සිව්වැනි පන්දුවාරය වන විට ඉදිරි පෙළ කඩුලු 3 ම ලකුණු 15 කදී දවා ගැනීමට එංගලන්ත වේග පන්දු යවන්නෝ සමත්වූහ. ප්‍රථමයෙන්ම තිරිමාන්නව ලකුණු 03 කට දවා ගත් ඇන්ඩර්සන් ඊළඟ පන්දුවේදීම කුමාර් සංගක්‌කාරව දවාගැනීමට සමත්වූවේය.

තම පළමු ලකුණු වාර්තා කිරීම සඳහා පන්දු 31 ක්‌ වැය කළද අනතුරුව හොඳ ස්‌ථාවරත්වයක්‌ ගොඩ නගාගැනීමට සමරවීර සමත්වූවේය. එහෙත් ජයවර්ධන විසින් එල්ල කරන ලද පහර පන්දු යෑවූ ඇන්ඩර්සන්ගේ අතේ වැදී පන්දු යවන්නාගේ කඩුල්ල බිඳී යැම මත අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යැමකට හසුව සමරවීරගේ ඉනිම ලකුණු 20 කදී නිමා වූවේය. එපරිද්දෙන්ම ප්‍රසන්න ජයවර්ධනගේ ඉනිමද ලකුණු 23 කට නිමා වීම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක්‌ වූවේය.

නවක ක්‍රීඩකයකු වුවද නිරන්තරයෙන්ම ලකුණු අතර සිටින ක්‍රීඩකයකු ලෙස නමක්‌ දිනා සිටින දිනේෂ් චන්දිමාල්ට ඊයේ දිනයේදී සිය මංගල ටෙස්‌ට්‌ ශතකය වාර්තා කර ගැනීමට හොඳින්ම අවස්‌ථාව තිබුණද සංයමය බිඳී යැම මත ඔහුගේ ඉනිම ලකුණු 27 කට සීමා වූවේය. ඒ වන විටත් දැවැන්ත හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 2 ක්‌ තම ඉනිමට ඇතුළත් කර ගැනීමට චන්දිමාල් සමත්වී සිටියේය.

එංගලන්ත කණ්‌ඩායම වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ෙ-ම්ස්‌ ඇන්ඩර්සන් ලකුණු 56 ට කඩුලු 3 ක්‌ද සිය මංගල ටෙස්‌ට්‌ තරගයට සහභාගිවෙමින් සිටින සමිත් පටෙල් ලකුණු 27 කට කඩුලු 2 ක්‌ ද බිඳ හෙලුවේය. මෙම තරගයේදී තිරිමාන්නව දවාගත් ඇන්ඩර්සන් තම ටෙස්‌ට්‌ දිවියේ කඩුලු 250 සීමාව පසු කර ගිය අතර එංගලන්තය වෙනුවෙන් එම සීමාව පසු කළ 6 වැනි ක්‍රීඩකයා වශයෙන්ද ඔහු ඉතිහාස ගත විය.

සමස්‌තයක්‌ ගත් විට ඊයේ දිනයේදී එංගලන්ත කණ්‌ඩායමේ පන්දු රැකීම දුර්වල මට්‌ටමක පැවැතීමද ශ්‍රී ලංකාවට තරමක වාසිදායක තත්ත්වයක්‌ උදා කළේය. එහිදී මහේල ජයවර්ධන විසින් මොන්ටි පනේසාර් වෙත ලකුණු 147 දී සහ 152 දී ලබා දුන් උඩපන්දු දෙකම අත හැරීම ඒ අතරින් කැපී පෙනිණි. අද තරගයේ දෙවැනි දිනයයි.

Sunday, March 25, 2012

සුදුසුකම් ඇති විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කැපිල්ලක්‌!

නියම සුදුස්‌සන් විදුහල්පති තනතුරුවලට පත් කිරීම වැළැක්‌වීමේ උත්සාහයක අධ්‍යාපන අමාත්‍යාංශය නිරතව සිටින බවට අමාත්‍යාංශයේම නිලධාරීහු චෝදනා කරති. ජාතික පාසල් අසූවක්‌ සඳහා සම්මුඛ පරීක්‍ෂණවලින් මීට මාසයකට පමණ පෙර තෝරාගත් සුදුස්‌සන් අතරින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට මෙතෙක්‌ යවා ඇත්තේ පස්‌දෙනකුගේ තොරතුරු පමණි. එම පස්‌දෙනා අතරින් තිදෙනකු කුරුණෑගල මලියදේව බාලිකා, මලියදේව පිරිමි සහ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා යන පාසල්වල විදුහල්පති තනතුරුවලට පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත. මෙහි විශේෂත්වය වන්නේ සම්මුඛ පරීක්‍ෂණවලින් සුදුසුකම් ඇති විදුහල්පතිනියක තෝරාගෙන සිටියදීත් මලියදේව බාලිකාවේ විදුහල්පති ධූරයේ රාජකාරි ආවරණය සඳහා අමාත්‍යාංශය අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ තැනැත්තියක පත්කිරීමයි. එහි විදුහල්පති ධුරය සඳහා සම්මුඛ පරීක්‍ෂණයෙන් තෝරාගත් අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන මහව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා සෝමා රත්නායක මහත්මිය හෙට (26 වැනිදා) සිට එම ධුරයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පත්කර තිබේ. මේ අතර අමාත්‍යාංශය විසින් එහි වැඩ බැලීම සඳහා පත්කරන ලද අඩු සුදුසුකම් සහිත තැනැත්තිය තවදුරටත් එම ධුරයේ තබාගැනීම අවශ්‍ය බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පෙත්සමක්‌ ලැබී ඇත.

මේ අතර කොළඹ සිරිමාවෝ බණ්‌ඩාරනායක විදුහලේ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා ද අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවැනි ශ්‍රේණියේ නිලධාරියකු අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබ තිබේ. අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක එහි විදුහල්පති ධුරය සඳහා පත් කළ යුතුය.

අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පති තනතුරක්‌ වන ගම්පහ බණ්‌ඩාරනායක ජාතික පාසල සඳහා ද මේ වන විට පත් කර සිටින්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි.

අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන් සිටිය යුතු පාසල්වලට විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන්ට ද අයෑදුම් කළ හැකි වන පරිදි අවශ්‍ය වෙනස්‌කම් සිදු කිරීම සඳහා අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා කැබිනට්‌ මණ්‌ඩලයෙන් ඉල්ලා ඇත්තේද මෙවන් තත්ත්වයක්‌ යටතේය. එමෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පති තනතුර සඳහා එම සේවයේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවට අමතරව විශේෂ සේවක සංඛ්‍යාව යටතේ ඇතුළත් වී සිටින්නන්ටද අවස්‌ථාව හිමි විය යුතු බවද ඇමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයට දැනුම්දී තිබේ. විශේෂ සේවක සංඛ්‍යාව යටතේ අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත් වන නිලධාරීන් සාමාන්‍ය සේවක සංඛ්‍යාවට එක්‌වන්නේ දසවසරකට අධික කාලයකින් පසුවය.

Saturday, March 24, 2012

පළමු තරගයට මැතීව්ස් ඉවතට චාමර ඇතුලට උපනායකත්වය තිලාන්ට


සඳුදා ආරම්භ වන ශ‍්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය තිලාන් සමරවීර වෙත පවරා තිබෙනවා. ඒ, කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් ඔහු පළමු තරගයට සහභාගි නොවීම හේතුවෙන්. ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට පළමු තරගය සදහා චාමර සිල්වා කණ්ඩායමට එක්කොට තිබෙනවා. මේ අතර පළමු තරගය සදහා සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සදහන් කළේ. 

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම ද මේ වන විට නම්කොට තිබෙනවා. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ටී. එම්. ඩිල්ෂාන්, තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, චාමර සිල්වා පිතිකරුවන් ලෙස එක්වනවා. සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, චානක වෙළගෙදර, සුරාජ් රන්දිව්, රංගන හේරත්, පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වී ඇති අතර කඩුලූ රකින්නා වන්නේ ප‍්‍රසන්න ජයවර්ධනයි. තරඟ 2 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී ලබන සඳුදා ආරම්භවීමට නියමිතයි.

Friday, March 23, 2012

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ උපුල් තරංග ,කුලසේකර හා තිසර නෑ


එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් සහ  ඇන්ජලෝ මැතිව්ස් උප නායකත්යෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරිණ.
 

තරග දෙකකින් සමන්විත එංගලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ලබන 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර පිටියේදී පැවැත්වේ.

ඒ සඳහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයෝ 14ක් ඇතුළත් වෙති.ඒ අනුව මහේල හා ඇන්ජලෝට අමතරව පිතිකරුවන් ලෙස ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, තරංග පරණවිතාන, ලහිරු තිරිමාන්න, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, ප්‍රසන්න ජයවර්ධන කණ්ඩායමට ඇතුළත් වෙති.වේග පන්දු යවනනන් ලෙස ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල් සහ චානක වෙළගෙදර ක්‍රිඩා කරනු ඇති.රංගන හේරත් හා සුරාජ් රන්දීව් සංචිතයට නම් කර ඇත්තේ, දඟ පන්දු යවන්නන් ලෙසයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හා ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක් වු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර හා තිසර පෙරේරා සංචිතයට නම් කර නොමැත.

ශ්‍රි ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ද හිමි ව තිබේ.

හිමිවරුන් ඝාතනය මුදල් කොල්ලකෑමට

කොල්ලකෑම සැලසුම් කළැයි සැකකරන පුද්ගලයා

කෝට්‌ටේ රජමහා විහාරයට කඩාවැදී එහි වැඩවිසූ භික්‍ෂූන් වහන්සේලා දෙනමක්‌ ඉතාම කෲර අන්දමින් කපා කොටා මරාදැමූ ඝාතකයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සැඟවී සිටියදී විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් ඊයේ (22 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්‌වූ බොරලැස්‌ගමුවේ ගුණරතන හිමියන් සතුව තිබූ රුපියල් ලක්‍ෂ 5 ක මුදලක්‌ මෙම සැකකරුවන් විසින් කොල්ලකෑමට උත්සාහ කිරීමේදී මෙම සිද්ධිය වූ බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම ද්විත්ව ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන ගල්ගමුව ප්‍රදේශයේ විහාරස්‌ථානයක බස්‌නායක නිලමේවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත භික්‍ෂූන් වහන්සේලා දෙනම මරාදැමූ ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

භික්‌ෂූන් වහන්සේලා දෙනම මරාදැමූ ඝාතකයා 21 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. මීට වසර 5 කට 6 කට උඩදී මොහු චීවරධාරියකු ලෙස වැලිගම ප්‍රදේශයේ විහාරස්‌ථානයක සිටි අයෙකි.

වසර 3 ක පමණ කාලයක්‌ චීවරධාරියකු ලෙස සිටි මොහු පසුව සිවුරු හැර මහරගම ප්‍රදේශයට පැමිණ ඇත. මහරගම ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පළක සිටිමින් මොහු සුළු රැකියාවක්‌ කරගෙන ගියේය.

මෙම ඝාතනයේ මහ මොළකරු වන බස්‌නායක නිලමේවරයා මොහුට හමුවී ඇත්තේ මහරගමදීය. බස්‌නායක නිලමේවරයාගේ නිවස පිහිටා තිබී ඇත්තේ මෙම 21 හැවිරිදි තරුණයා තාවකාලිකව නවාතැන්ගෙන සිටි නිවස අසලය.

පසුකලකදී මොවුන් දෙදෙනා දැඩි මිත්‍රයන් වී ඇත. සුළු

රැකියාවක්‌ කරන අතර 21 හැවිරිදි තරුණයා සුළු හොරකම් ද කරන්නට පටන්ගෙන තිබේ.

ගල්ගමුව ප්‍රදේශයේ විහාරස්‌ථානයක විෂ්ණු දේවාලයේ බස්‌නායක නිලමේවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන සැකකරු ද 26 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි.

බස්‌නායක නිලමේවරයා ඝාතනයට ලක්‌වූ බොරලැස්‌ගමුවේ ගුණරත්න හිමියන් ඉතාම සමීපව ඇසුරු කළේය. නිතරම සිය මෝටර් රථයෙන් රජමහා විහාරයට පැමිණීමට පුරුදුව සිටි මොහු ගුණරතන හිමියන්ගේ ලැගුම් කුටියට වී පැය ගණනක්‌ කතාබස්‌ කරමින් සිටීමද පුරුද්දක්‌ ලෙස කරගෙන ගියේය.

ගුණරතන හිමියන්ගේ අසනීප සඳහා බෙහෙත් ලබාගැනීම සඳහා යන්නේද බස්‌නායක නිලමේවරයාගේ මෝටර් රථයෙන්ය.

තමන් සතුව ඉතිරිකරගත් විශාල මුදලක්‌ තිබෙන බව ගුණරතන හිමියන් අවස්‌ථා කීපයකදීම බස්‌නායක නිලමේවරයාට පවසා ඇත. ගුණරතන හිමියන්ගේ කාමරයේ රුපියල් ලක්‍ෂ 5 ක ට ආසන්න මුදලක්‌ තිබෙන බවද මොහු දැක තිබිණි.

ගුණරතන හිමියන් සතු මුදල් කොල්ලකෑමට බස්‌නායක නිලමේවරයා සැලසුම් කර ඇත්තේ ඉන්පසුවය. ඒ සඳහා සිය නිවස අසල පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයාගේ සහාය ලබාගැනීමටද මොහු සැලසුම් කළේය.

සුළු සොරකම් සම්බන්ධයෙන් මහරගම පොලිසිය මෙම 21 හැවිරිදි තරුණයා පසුපස පන්නමින් සිටි නිසා ඔහු ඒ වන විට මහරගම කුලී නිවස අතහැර තණමල්විල ප්‍රදේශයට ගොස්‌ සිටියේය.

සැකකාර බස්‌නායක නිලමේවරයා තරුණයාට දුරකථන ඇමතුමක්‌දී වහාම තමන් හමුවීමට එන ලෙස පවසා ඇත. ඒ අනුව මීට දින කීපයකට උඩදී 21 හැවිරිදි තරුණයා මහරගමට පැමිණ බස්‌නායක නිලමේවරයා මුණගැසුණේය.

පසුව ඔවුන් දෙදෙනා ගුණරතන හිමියන් සතු මුදල් කොල්ලකෑමට සැලසුම් කළහ. මේ අතර රජමහා විහාරයේ රනින් නිම කළ අසිපතක්‌ ද තිබෙන බවත් එයද සොරා ගැනීමට සැලසුමක්‌ සකස්‌ කළ යුතු බවත් බස්‌නායක නිලමේවරයා මෙම තරුණයාට පවසා ඇත.

අසිපත සොරාගැනීම පසුවට තබා ගුණරතන හිමියන් සතු මුදල් මුලින්ම කොල්ලකෑමට මොවුහු සැලසුම් කළහ.

ඒ අනුව ඉකුත් 20 වැනිදා දහවල් බස්‌නායක නිලමේවරයා ගල්කිස්‌ස ප්‍රදේශයේ හෝටලයකට ගොස්‌ මිතුරකුද සමග මත්පැන් පානය කරමින් සිටියේය. පසුව මොහු 21 හැවිරිදි තරුණයාට ද දුරකථන ඇමතුමක්‌ ලබාදී ඔහුවද ගෙන්වාගෙන ඇත.

එහිදී ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක සමග හිතවත් වූ මොවුන් දෙදෙනා ඇයද රැගෙන වෙනත් හෝටලයකට ගොස්‌ තිබේ.

පසුව අතරමගදී ද බස්‌නායක නිලමේවරයා සහ තරුණයා බියර් පානය කර තිබේ. තමා ගුණරත්න හිමියන් සමග විහාරස්‌ථානයේ වෙනත් ස්‌ථානයක කතාකරමින් සිටියදී හොර රහසේම එම හිමියන්ගේ කාමරයට ගොස්‌ මුදල් සොරාගන්නා ලෙස නිලමේවරයා 21 හැවිරිදි තරුණයාට එහිදී උපදෙස්‌ දුන්නේය.

එහිදී තරුණයා පවසා ඇත්තේ ඒ සඳහා තමන්ට කිසියම් ආයුධයක්‌ අවශ්‍ය බවයි. පසුව මොවුන් දෙදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට ගොස්‌ පිහියක්‌ ද මිලදී ගෙන තිබේ.

එදින රාත්‍රි 9.30 ට පමණ මොවුන් දෙදෙනා කෝට්‌ටේ රජමහා විහාරයට පැමිණ ඇත. බස්‌නායක නිලමේවරයා ගුණරතන හිමියන් හමුවී උන්වහන්සේ සමග ආවාසගෙයි පහළ මාලයේ කතාබස්‌ කරමින් සිටියේය. ඒ අතර 21 හැවිරිදි තරුණයා ගුණරතන හිමියන් ලැගුම්ගෙන සිටි කාමරය සොයා ඉහළ මාලයට ගොස්‌ තිබේ. ඉහළ මාලයේ කාමර 5 ක්‌ තිබූ අතර ඉන් එක්‌ කාමරයක්‌ හැරෙන්නට අනෙක්‌ කාමර සියල්ල අගුලු දමා වසා තිබී ඇත.

ගුණරතන හිමියන් නවාතැන් ගන්නා කාමරය පිහිටි ස්‌ථානය පිළිබඳව බස්‌නායක නිලමේවරයා ඊට පෙර 21 හැවිරිදි තරුණයාට කොළයක ඇඳ පෙන්වා තිබිණි. ඒ අනුව තරුණයා ගුණරතන හිමියන්ගේ කාමරය සොයා ගත්තද එය වසා දමා තිබී ඇත.

ඒ වනවිට ගුණරතන හිමියන් සහ බස්‌නායක නිලමේවරයා ලැගුම්ගෙයි ඉහළ මාලය වෙත පැමිණ තිබේ. කලබලයට පත්වූ තරුණයා ඉහළ මාලයේ පිහිටි නාන කාමරයේ සැඟවී ඇත.

ඒ අවස්‌ථාවේ පිටිගල ජිනසිරි හිමියෝ දත් මදිමින් නානා කාමරය වෙත ඇතුළු වූහ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ තරුණයා පිටිගල ජිනසිරි හිමියන්ගේ ගෙල කපා ඝාතනය කළේය. ඒ සැණින් තරුණයා නාන කාමරයෙන් පිටතට පැන තිබේ. නාන කාමරය දෙසින් ඇසුණු ශබ්දය පිළිබඳව බැලීමට ගුණරතන හිමියන් ඒ දෙසට පැමිණ ඇත්තේ ඒ අවස්‌ථාවේදීය.

ඒ වන විට තරුණයා ලේ තැවරුණු පිහියක්‌ ද අතැතිව නාන කාමරය ඉදිරිපිට සිටියේය. ඒ දුටු ගුණරතන හිමියන් තරුණයා අල්ලා ගැනීමට උත්සාහ කර තිබේ. එහිදී බස්‌නායක නිලමේවරයා ගුණරතන හිමියන් සිය ග්‍රහණයට ගෙන ඇති අතර 21 හැවිරිදි තරුණයා එම හිමියන්ගේ උදරය ප්‍රදේශය පිහියෙන් කපා දමා ඇත.

පසුව ලැගුම්ගෙයි පහළ මාලය වෙත දිව ආ ඝාතකයන් දෙදෙනා විහාර භූමියේ දෙපසට දිවගොස්‌ තිබේ. 21 හැවිරිදි තරුණයා විහාරයේ පිටුපස දොරටුවෙන් පිටවූ අතර බස්‌නායක නිලමේවරයා සිය මෝටර් රථයේ නැගී විහාරස්‌ථානය ඉදිරිපස දොරටුවෙන් පිටව ගොස්‌ තිබේ.

නාඳුනන පුද්ගලයකු කලබලයෙන් පැමිණ මෝටර් රථයක නැගී යනු දුටු විහාරයේ සිටි තරුණයකු එම රථයේ අංකය වැලි මළුවේ සටහන් කරගත්තේය.

අතරමගදී බස්‌නායක නිලමේවරයා 21 හැවිරිදි තරුණයාගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ දී ඔහුව සිය මෝටර් රථය වෙත ගෙන්වාගෙන ඇත. පසුව ඔහු තරුණයා නවාතැන් ගෙන සිටි බොරලැස්‌ගමුව ප්‍රදේශයේ කොන්ක්‍රීට්‌ වැඩපළ වෙත ගොස්‌ ඔහු ඇරලවා පසුව මහරගම නිවසට ගොස්‌ තිබේ.

මෙම ද්විත්ව ඝාතනයෙන් පසු පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය තරුණයා වැලිමළුවේ සටහන් කළ මෝටර් රථයේ අංකය හිමිකරුවා සොයා ගත්තේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, පොලිස්‌ අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ සිදුකළ මහරගම පොලිස්‌ ස්‌ථානාධිපති අනුරාධ මහින්දසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි බස්‌නායක නිලමේවරයාගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

ඒවනවිට බස්‌නායක නිලමේවරයා අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටින සිය පෙම්වතියගේ නිවසට පලා යැමට සූදානමින් සිටියේය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධියට සම්බන්ධ අනෙක්‌ තරුණයා පිළිබඳවද තොරතුරු හෙළිකර ගැනීමට පොලිසියට හැකි විය.

ඒ අනුව බස්‌නායක නිලමේවරයා රැගෙන ගිය විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ඉතාම සූක්‍ෂමව කළ වැටලීමකදී 21 හැවිරිදි තරුණයාද අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඝාතනයට ලක්‌වූ ගුණරතන හිමියන්ගේ ලැගුම් කුටිය පොලිසිය විසින් ඊයේ විවෘත කර පරීක්‍ෂා කරද්දී එහි තිබී රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ සහ බැංකු පොත් කීපයක්‌ සොයාගැනීමට හැකි විය. සැකකරුවන්ට ගුණරතන හිමියන් සතු මුදල් කිසිවක්‌ සොරා ගැනීමට අවස්‌ථාවක්‌ ලැබී නැත.

මේ අතර මෙම සැකකරුවන් දෙදෙනා භික්‍ෂූන් වහන්සේ දෙනම ඝාතනයට යොදාගත් පිsහිය කෝට්‌ටේ රජමහා විහාරය ආසන්නයේ කාණුවක සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ.

මෙම ද්විත්ව ඝාතනය සිදුවී පැය දෙකක්‌ ගතවීමට පෙර ඊට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ විහාරයේ සිටි තරුණයා ලබාදුන් මෝටර් රථයේ අංකය ඔස්‌සේ කළ පරීක්‍ෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා කියා සිටියි.

එමෙන්ම පොලිස්‌ නිලධාරීන් ඉතාම දක්‍ෂ ලෙස කාර්යශූර ලෙසත් කටයුතු කිරීම නිසා මෙම මහා අපරාධයේ සියලු තොරතුරු අනාවරණය කරගෙන ඊට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනා පැය 24 ක්‌ ගතවීමට පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියා සිටියේය.

පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් කෙරුණු පරීක්‍ෂණ කටයුතු පිළිබඳව විශේෂ උපදෙස්‌ ලබාදුන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා ඒ පිළිබඳව පුළුල් ලෙස විමර්ශන පවත්වන ලදී.

බස්‌නාහිර දකුණු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති අයි. එම්. කරුණාරත්න, පොලිස්‌ අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මහරගම, වැලිකඩ, බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් වන අනුරාධ මහින්දසිරි, ඒ. කමල්, නිශාන්ත ඇපලකොටුව ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

මේ අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ජානක කුමාර, උප පොලිස්‌ පරීක්‍ෂක පෙරේරා, සැරයන්වරුන් වන ලක්‍ෂමන්, විපුල ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කළහ.

Thursday, March 22, 2012

කෝට්‌ටේ හිමිවරුන් දෙනම ඝාතනයට ගල්ගමුවේ බස්‌නායක නිලමේ දැලේ

කෝට්‌ටේ රජමහා විහාරයට කඩාවැදී එහි වැඩ සිටි භික්‍ෂූන් දෙනමක පෙරේදා (20) රාත්‍රී කපා කොටා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන ගල්ගමුව ප්‍රදේශයේ විහාරයක බස්‌නායක නිලමේවරයකු මහරගම පොලිසිය මගින් ඊයේ (21 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

භික්‍ෂූන් වහන්සේලා දෙනම ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක්‌ සැකකරු පලාගොස්‌ ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඇඹිලිපිටිය ප්‍රදේශයට පිටත් කර යවා ඇත.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක්‌ සම්බන්ධයෙන් වූ ආරවුලක්‌ මත මෙම භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් සැකකරු මුලින් කළ ප්‍රශ්න කිරීම්වලදී කියා සිටියේය.

එහෙත් දීර්ඝ ලෙස මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ කෝට්‌ටේ රජමහා විහාරයේ ඇතිබව කියන මැණික්‌ එබ්බවූ රන් අසිපතක්‌ සොරා ගැනීමට පැමිණි අවස්‌ථාවේ භික්‍ෂූන් වහන්සේලා තමන් හඳුනා ගැනීම නිසා මෙම ද්විත්ව ඝාතනය කිරීමට සිදුවූ බවයි.

ඊයේ (21 දා) අලුයම මහරගමදී අත්අඩංගුවට ගත් සැකකරු ගල්ගමුව පලුගොල්ල ප්‍රදේශයේ විහාරයක බස්‌නායක නිලමේවරයකු ලෙස කටයුතු කරන අයෙකි. මොහු රක්‍ෂණ ආයතනයක ද සේවය කරන 26 හැවිරිදි තරුණයෙකි.

මෙම සැකකරු කෝට්‌ටේ රජමහා විහාරයට නිතර ආගිය පුද්ගලයකු වන අතර එහි භික්‍ෂූන් වහන්සේලා සමගද සමීප මිත්‍රත්වයක්‌ පවත්වාගෙන ගිය අයෙකි.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින අනෙක්‌ සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු කලක්‌ චීවරධාරියකු ලෙස සිට පසුව සිවුරු හැර දමා සුළු රැකියාවක්‌ කරගෙන යන බව පොලිසිය පවසයි.

මෙම ද්විත්ව ඝාතනය කිරීමට පෙරදින මොහු බොරලැස්‌ගමුව ප්‍රදේශයේ සිමෙන්ති වැඩ පළක සුළු රැකියාවක්‌ සඳහා පැමිණ ඇත්තේ පුවත්පතක පළකර තිබූ දැන්වීමකට අනුවය.

මොහු කෝට්‌ටේ රජමහා විහාරයට රාත්‍රි කාලයේ ඇතුළු වීමේ අරමුණ ඇතිව මෙම සුළු රැකියාව සඳහා පැමිණ ඇති බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

පෙරේදා රාත්‍රි 9.45 ට පමණ මෙම සිද්ධියට සම්බන්ධ බස්‌නායක නිලමේවරයා විහාරස්‌ථානයට පැමිණ ඇත. මෙම සිද්ධියට සම්බන්ධ අනෙක්‌ සැකකරුද හොර රහසේම විහාරස්‌ථානයට ඇතුළුවී භික්‍ෂූන් වහන්සේලාගේ ලැඟුම් ගෙයි සැඟවී සිට ඇත.

සැකකාර බස්‌නායක නිලමේ ලැගුම්ගෙයි සිටි බොරලැස්‌ගමුවේ ගුණරතන හිමියන් සමග කතාබස්‌ කරමින් සිටියේය. මොහු එම හිමියන්ගෙන් වතුර වීදුරුවක්‌ද ඉල්ලාගෙන පානය කර තිබේ.

ඒ අවස්‌ථාවේ පිටිගල ජිනසිරි හිමියන් ලැගුම්ගෙයි වැසිකිළියේ සිට ඇත. ලැඟුම් ගෙට ඇතුළුවූ ඝාතකයා වැසිකිළියේ සිටි ජිනසිරි හිමියන්ට තියුණු ආයුධයකින් පහරදී උන්වහන්සේ ඝාතනය කර තිබේ.

වැසිකිළිය දෙසින් ඇසුණු ශබ්දය පරීක්‍ෂා කිරීමට බොරලැස්‌ගමුවේ ගුණරතන හිමියන් එහි යැමට උත්සාහ කරද්දී සැකකාර බස්‌නායක නිලමේවරයා එම හිමියන් වළක්‌වා සිය ග්‍රහණයට ගෙන ඇත.

ඒ අවස්‌ථාවේ ලැගුම්ගෙයි සැඟවී සිටි ඝාතකයා ගුණරතන හිමියන්ටද පිහිපහර එල්ල කර තිබේ.

ගුණරතන හිමියන් ශබ්දනඟා කෑගසා ඇති අතර ඝාතකයන් දෙදෙනා ලැගුම්ගෙයින් පිටවී විහාර භූමිය ඔස්‌සේ ඉන් පිටතට දිව ගොස්‌ ඇත.

මෙම ප්‍රහාරයෙන් පිටිගල ජිනසිරි හිමියෝ වැසිකිළිය තුළම අපවත්වී සිටියහ. බරපතළ කැපුම් තුවාල සහිතව වැටී සිටි ගුණරතන හිමිගේ ප්‍රදේශවාසීන් සහ විහාරස්‌ථානයේ අනෙක්‌ හිමිවරුන් විසින් කළුබෝවිල රෝහලට ගෙන යද්දී අතර මගදී අපවත් වූහ.

භික්‍ෂූන් වහන්සේලා දෙනම ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකු විහාර භූමියේ ස්‌ථාන දෙකකින් පිටවූ බව ඒ වන විට විහාරස්‌ථානය අසල සිටි කීප දෙනකු දැක ඇත. එක්‌ සැකකරුවකු විහාරස්‌ථානය අසල නවතා තිබූ මෝටර් රථයක නැඟී පලා ගිය අතර ඒ අසල සිටි ප්‍රදේශවාසියෙක්‌ එම මෝටර් රථයේ අංකය සටහන් කර ගත්තේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ වූයේ ඉන් පසුවය. සිද්ධිය සැලවූ වහාම බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති අයි. එම්. කරුණාරත්න, පොලිස්‌ අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීහු කෝට්‌ටේ රජමහා විහාරය වෙත පැමිණියහ.

සැකකරුවකු පලා ගිය මෝටර් රථයේ අංකය ඔස්‌සේ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළ අතර පොලිස්‌ නිල සුනඛයන්ද ඒ අවස්‌ථාවේම විහාරස්‌ථානය වෙත ගෙන්වීමට පොලිසිය කටයුතු කර තිබේ.

ඝාතකයාගේ ඉවපාරේ ගිය පොලිස්‌ නිල සුනඛයන් විහාරය අසල නිවසකට යද්දී එහි මත්පැන් පානය කරමින් සිටි සිව් දෙනෙකු පැන දිව ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් එම පුද්ගලයන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර සැකකරුවන් පලා ගිය මෝටර් රථයේ අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ මහරගම පොලිසියේ ස්‌ථානාධිපති අනුරාධ මහින්දසිරි, පොලිස්‌ පරීක්‍ෂක රණබාහු ඇතුළු නිලධාරීහු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව එම මෝටර් රථයේ හිමිකරු පිළිබඳව තොරතුරු සොයා ගත්හ.

අදාළ මෝටර් රථයේ අංකය හිමි පුද්ගලයා මහරගම පිළියන්දල පාරේ ෂිරෝමනී මාවතේ පදිංචිකරුවකු බව හෙළි කරගත් පොලිසිය ඊයේ අලුයම එම නිවස වැටලූහ.

නිවසේ දොරගුලු විවෘත කරගත් පොලිස්‌ නිලධාරීන් නිවස පරීක්‍ෂා කරද්දී එහි නිදා සිටි බස්‌නායක නිලමේවරයා සොයා ගැනීමට හැකි විය.

තමන් මෙම ද්විත්ව ඝාතනය පිළිබඳව කිසිවක්‌ නොදන්නා බව සැකකරු අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ පොලිසියට ප්‍රකාශ කළේය.

නිවසේ පිටුපස ගරාජය පරීක්‍ෂා කරද්දී අදාළ අංකය සහිත මෝටර් රථය එහි තිබී සොයා ගැනීමට පොලිසියට හැකිවිය. ඒ වන විටත් මෝටර් රථයේ එන්ජිම කොටස දැඩි ලෙස රත්වී තිබූ අතර මෝටර් රථය ඊට ටික මොහොතකට පෙර ගරාජය වෙත දමා ඇති බවද පොලිසිය හෙළිකර ගත්තේය.

පසුව පොලිසිය සැකකරුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරද්දී ඔහු පවසා ඇත්තේ තමා තවත් පුද්ගලයකු සමග ගොස්‌ මෙම ද්විත්ව ඝාතනය සිදුකළ බවයි.

මෙම ද්විත්ව ඝාතනයට පසු තම සගයාද සමග මෝටර් රථයේ තමන් පැමිණි බවත් සගයා බොරලැස්‌ගමුව ප්‍රදේශයේදී මෝටර් රථයෙන් බැස ගිය බවත් ඔහු කියා සිටියේය.

බස්‌නායක නිලමේවරයකු වන මෙම සැකකරු තවමත් අවිවාහකයෙකි. මොහුගේ පෙම්වතිය අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටින බවද පොලිසිය හෙළිදරව් කර ගත්තේය. සැකකරු මෙම ද්විත්ව ඝාතනයෙන් පසු අම්පාර ප්‍රදේශයට පලා යැමේ සූදානමින් මහරගම නිවසේ රැඳී සිටි බවද පරීක්‍ෂණවලදී හෙළි විය.

බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. ඇපලකොටුව, වැලිකඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. කමල්, මහරගම පොලිස්‌ ස්‌ථානාධිපති අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්‍ෂණ සඳහා මිරිහාන පොලිසිය වෙත භාර දී තිබිණි.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පත්කළ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Tuesday, March 20, 2012

ඉන්දියාව පරාජය කළා වගේ ශ්‍රී ලංකාව පරද්දන්න පහසු නැහැ - රහීම්

ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගැනීම සහ බංග්ලාදේශයේ අවසන් මහා තරග බලාපොරොත්තුව සඳහා වූ තීරණාත්මක තරගය අද ධාකා හි ෂියා බංග්ලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට ආරම්භ වේ.

අද තරගයෙන් බංග්ලාදේශය ජය ගතහොත් නියත වශයෙන්ම පාකිස්‌තානය සමග ලබන 22 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන අතර ශ්‍රී ලංකා නායකයා මහේල ඒ සඳහා බංග්ලාදේශයට කිසිදු අවස්‌ථාවක්‌ නොදී තරගය ජය ගැනීමේ සූදානමින් පසුවේ.

zඅපි තරගාවලිය පරාජය වී අවසානයි. නමුත් අපිට අද තරගය ජය ගැනීම විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඒ සඳහා අපේ කණ්‌ඩායමේ සියලුම ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයකින් සහ ශරීර සෞඛ්‍යයකින් සිටිනවා. අපේ පන්දු යෑවීමේදී සහ පන්දුවට පහර දීමේදී සිදුවූ වැරැදි නිවැරැදි කරගනිමින් මේ තරගයට සහභාගි වෙනවා. යනුවෙන් මහේල පවසයි.

zඅපි දැනගෙන හිටියා මේ තරගාවලියට සහභාගි වෙන කොටම අපේ කණ්‌ඩායම ගොඩක්‌ මහන්සි වෙලා හිටිය බව. නමුත් අපි තරගාවලිය පරාජය වුණේ අපේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් දුර්වල වුණ හින්ද. අපේ ක්‍රීඩකයන් කිහිප දෙනකු ආබාධවලට ලක්‌වෙලා තියෙනවා. ඒත් දැන් අපිට ඉන්න ක්‍රීඩකයන් 14 දෙනාම හොඳ ශරීර සෞඛ්‍යයකින් මේ තරගය වෙනකොට ඉන්නවා. බංග්ලාදේශය මේ වෙනකොට හොඳ පරිණත කණ්‌ඩායමක්‌ බවට පත්වෙමින් සිටින කණ්‌ඩායමක්‌. ඔවුන් ලෝක ශූර ඉන්දියානු කණ්‌ඩායම පවා පරාජය කරල තමයි අපිත් එක්‌ක තරගයට එන්නෙ. තරගාවලියෙන් ඉවත් වුණත් මේ තරගය අපිට සුළුවෙන් හිතන්න බැහැ. ජයග්‍රහණය සඳහා හොඳින් තරග කිරීමට අපි සූදානම්. යනුවෙන් වැඩිදුරටත් මහේල පවසයි.

පළමු වරට ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මාන බලමින් සිටින බංග්ලාදේශ් නායක
මුස්‌ෆිකාර් රහීම් අද තරගයේ සිය බලාපොරොත්තුව පිළිබඳව අදහස්‌ දක්‌වමින් කියා සිටියේ අපිට හොඳ අවස්‌ථාවක්‌ තියෙනවා ආසියානු කුසලාන අවසන් මහා තරගය සඳහා සහභාගි වෙන්න. අපි ලෝක ශූර ඉන්දියාව පරාජය කළා. දැන් එහි අනුශූර ශ්‍රී ලංකාව පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබන්න තමයි කණ්‌ඩායමේ සියලුම සාමාජිකයන්ගේ අභිප්‍රාය. යනුවෙන් පවසයි.

ඉන්දියාව පරාජය කළා වගේ ශ්‍රී ලංකාව පරාජය කිරීම පහසු නැහැ. ඒත් ඉන්දියානු කණ්‌ඩායම සමග අපේ ක්‍රීඩකයන් දැක්‌වූ දක්‍ෂතාව මේ තරගයේදී ඉස්‌මතු වුණොත් අපේ සිහිනය සැබෑ වෙනවා. යනුවෙන් බංග්ලාදේශ් නායකයා වැඩිදුරටත් පැවසීය.

අද තරගය පැවැත්වෙන ෂියා බංග්ලා
ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව මෙතෙක්‌ සහභාගි වූ තරග 10 දී තරග හතරක්‌ පරාජය වී ඇති අතර 2009 වසරේදී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාව පරාජය කරන ලද්දේද මෙම ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී පාකිස්‌තානය සහ ඉන්දියාව හමුවේද පරාජයට පත්විය. එහෙත් ශ්‍රී ලංකාව ෂියා බංග්ලා ක්‍රීඩාංගණයේ සහභාගි වූ තරග 10 දී ජයග්‍රහණ 6 ක්‌ ලබා තිබීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසික ස්‌ථාවරභාවයට හේතුවක්‌ වී තිබේ.

Saturday, March 17, 2012

සචින් 100 ඒවා 100 ක් ගහයි ඒක නිසා දෝ බංග්ලාදේශය ඉන්දියාව පරදයි


ආසියානු කුසලාන තරගාවලියේ තවත් තරගයක් මේ වන විට පැවැත්වෙන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි. මීර්පූර් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 05ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 289ක්. එහිදී ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අන්තර් ජාතික කි‍්‍රකට් තරගවලදී ශකත 100ක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා වෙමින් ශතකයක් වාර්තා කිරීම ද විශේෂත්වයක්. ඔහු ටෙස්ට් තරගවලදී ශතක 51ක් වාර්තා කරගෙන ඇති අතර, ඊයේ (16) ලබාගත් ශතකයත් සමග ලබාගෙන ඇති එක්දින ශතක සංඛ්‍යාව 49ක් වනවා. 
සචින් ගේ ලකුණු 114 සදහා පන්දු 147 වැය කර තිබෙනවා එම නිසා දෝ තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 05 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 49 පන්දු 02 ක් තුළ කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 293 ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

Friday, March 16, 2012

කාන්දම් ප්‍රතිකාරක සවි කිරීමෙන් ඇත්තට ම ඉන්ධන ඉතිරියක්‌ වනවා ද?


චුම්බක නැත්නම් කාන්දම්වලින් කළ හැකි අපූර්ව ක්‍රියාකාරකම් ගැන කෙනකුට දැනගන්නට ලැබෙන්නේ, කුඩා වියේ දී ම ය. කඩදාසියකට යටින් තැබූ කාන්දමක්‌ (චුම්බක) භාවිත කරමින් ඇණයක්‌, කටුවක්‌ වැනි දෙයක්‌ එහා මෙහා ඇදගෙන යැම, රූකඩ නැටවීම වැනි දේ කළ හැටි ඇතැම් විට ඔබට මතක තිබෙන්නට පුළුවන.

එහෙත්, එදා ඒ කළ පොඩි පොඩි සෙල්ලම්වලින් ඔබ්බට ගොස්‌ අද ලොකු ලොකු සෙල්ලම් කළ හැකි චුම්බක ගැන අසන්නට ලැබේ.


රෝග සුව කරන, විශේෂයෙන් ම රුධිර රෝග හා චර්ම රෝග සුව කරන චුම්බක ගැන අසන්නට ලැබේ. එසේ ම, වේදනා සමනය කරන, හිතන පතන දේ ඉටු කර දෙන, ශාක වර්ධනයට උදව් දෙන, ජලය මෘදු කරන, දත් දිරා යැම වළක්‌වන, කොන්ක්‍රීට්‌වල ශක්‌තිය ඉහළ නංවන චුම්බක පවතින බව කියෑවේ. ඉන්ධන පිරිමැසීම සිදු කරන චුම්බක පිළිබඳ කතාව ද මෙවැන්නකි. ශ්‍රී ලංකාව තුළ ද ඉන්ධන ඉතිරි කර ගැනීමට අදාළ කාන්දම් ප්‍රතිකාරය (Fuel Saving Magnetic Treatment) ගැන උනන්දුවක්‌ වර්ධනය වෙමින් පවතී. මෙහි එක්‌ කොටසක්‌ වන්නේ LP ගෑස්‌ යොදා ගනිමින් මෝටර් රථ ධාවනය කරන උපකරණ කට්‌ටල ස`දහා මේ චුම්බක ප්‍රතිකාර සාර්ථක බවට පවතින ප්‍රචාරයයි.


සමහර චුම්බක ප්‍රතිකාරක ක්‍රමවේද/පද්ධති අලෙවි කරන අයට අනුව දැන් පවතින ඉන්ධන පිරිමසින හොඳ ම ක්‍රමය චුම්බක ප්‍රතිකාරයයි. මේ අලෙවිකරුවෝ තම ක්‍රමවේද අලෙවිය සඳහා මහා පරිමාණ ප්‍රචාරණ ක්‍රම ද භාවිත කරති. රූපවාහිනි, පුවත්පත් දැන්වීම් මෙන් ම වෙබ් අඩවි ද මේ සඳහා යොදා ගැනේ. මේ අලෙවි කිරීම් බහුල ව සිදු කෙරෙනුයේ අන්තර්ජාලය හරහා බව ද පෙනී යයි. ප්‍රධාන පෙළේ වෙළෙඳසල් හරහා මේවා අලෙවි කෙරෙන අවස්‌ථා විරල අතර බොහෝ දුරට අලෙවිය සිදු කෙරෙනුයේ කුඩා පරිමාණ ව්‍යාපාරික මට්‌ටමිනි.


ඉන්ධන ඉතිරිය සඳහා අදාළ චුම්බක ප්‍රතිකාර ක්‍රමයේ දී සිදු කෙරෙනුයේ එන්ජිමේ ඉන්ධන නළය (ගෑස්‌ ටැංකිය හා කාර්බියුරේටරය අතර) වටා චුම්බකයක්‌ සවි කිරීමයි.


මේ ක්‍රියාවලිය මඟින් ලැබෙන ප්‍රතිලාභ විශාල ගණනක්‌ ඇති බව අලෙවිකරුවෝ පවසති. අහිතකර වායු විමෝචනය නවතා ලීම, පූර්ණ දහනය සිදු කිරීම, එන්ජිමේ බලය වැඩි දියුණු කිරීම, එන්ජිමේ කොටස්‌වල ගෙවීම අඩු කිරීම, සියයට විස්‌සක්‌ දක්‌වා ඉන්ධන ඉතිරි කර දීම ආදිය ඉන් සමහරකි. වාහන සඳහා වූ මේ ඉන්ධන ප්‍රතිකාර ක්‍රමය සඳහා අය කෙරෙන ගාස්‌තු ඩොලර් 50 සිට 300 දක්‌වා විහිදේ.


මේ අලෙවිකරුවන් මේ උපකරණ/ක්‍රමවේද ගැන ඉහළින් ම වර්ණනා කරතත් ඇත්තෙන් ම මේවා සාර්ථක බව පෙන්වන්නට විද්‍යාත්මක සාධක නැත. තිබුණොත් තිබෙන්නේ, හිතාමතා ම සැකසූ ව්‍යාජ පරික්‌ෂණ ය. කෙසේ වෙතත් මේවා අලෙවියෙහි නිරත වන්නෝ, අලෙවිකරණයේ දක්‌ෂයෝ වෙති. මොනවා හරි කියා මේවා පාරිභෝගිකයා ගේ ඇෙ`ග් ගසන්නට ඔවුනට පුළුවන. විද්‍යාත්මක පරීක්‌ෂණ ගැන කියා ගන්නට බැරි වූ විට ඔවුහු මේ උපකරණ භාවිත කරන සමාගම්වල, රජයට යම් සම්බන්ධයක්‌ ඇති ආයතනවල (නගර සභාවන් වැනි) නම් ලැයිස්‌තු ඉදිරිපත් කරති. එසේ ම, මේ අය විද්‍යාත්මක යෑයි බැලූ බැල්මට හිතෙන පැහැදිලි කිරීම් ද ඉදිරිපත් කරති. එහෙත් එය ඇත්තෙන් ම වචන හරඹයක්‌ පමණි. විශාල විද්‍යා ඥානයක්‌ නොමැති කෙනකුට හිතෙන්නේ අලෙවිකරු ගේ පැහැදිලි කිරීම නිවැරැදි බව ය. ඔවුන් කරන තවත් කපටිකමක්‌ ඇත. එය නම් පාරිභෝගිකයාට දෙන පොරොන්දු වරින් වර වෙනස්‌ කිරීමයි. මේ උපකරණය භාවිත කරන කෙනකුට එය ඉන්ධන ඉතිරි නො කරන බව එනම් ලීටරයට විශාල දුරක්‌ නො යන බව පෙනී ගොස්‌ ඒ ගැන පැමිණිලි කළ විට මේ අලෙවිකරුවෝ අපූරු උත්තර දෙති.


"වාහනය දුවන සැතපුම් ගණන වැඩි නො වේ නම්, අශ්වබලය හෝ වැඩි වෙයි." ඒ ඔවුන් ගේ අපූරු පැහැදිලි කිරීමකි. සමහර විට ඔවුන් කියන්නේ මේ ප්‍රතිඵල පෙනෙන්නට ටිකක්‌ කල් යන බව ය. බොහෝ විට පාරිභෝගිකයාට ලැබෙන මේ වාසිය හඳුනාගන්නටත් බැරි තරම් සුළු එකකි. මේ අන්දමට අලෙවිකරුට ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඔහු දෙන උත්තර මත


රැඳෙනවා මිස ක්‍රමවේදය සැබැවින් ම ක්‍රියාත්මක වනවා ද කියා දැනගන්නට වත් පාරිභෝගිකයාට අවකාශ නො ලැබේ. සමහර විට වාහනය විකුණන හෝ කැඩෙන තුරු ම මේ කාන්දම් බලය ගැන හරි අවබෝධයක්‌ ලබාගන්නට පාරිභෝගිකයාට නො හැකි වනු ඇත.


අලෙවිකරුවෝ මේ මොන ම හේතු දැක්‌වීමකින් වත් ගැලවෙන්නට බැරි වූ විට අපූරු ම කතාවක්‌ කියති. එනම් වාහන නිෂ්පාදකයන් හා තෙල් සමාගම් මේ ක්‍රමවේදයට එරෙහි ව කුමන්ත්‍රණ මෙහෙයවන බවත් මේ ක්‍රමවේදය විවේචනය කරමින්, පල රහිත බව කියමින් පළ වන ලිපි එහි ප්‍රතිඵල බවත් ය.


ඉන්ධන පිරිමසින චුම්බක අලෙවිකරුවන් ගේ ඊනියා පැහැදිලි කිරීම් තුළ පවතින එක්‌ ප්‍රකාශයක්‌ වන්නේ "මේ ක්‍රමවේදය ම`ගින් ඉන්ධන අණු එකෙලි (align = එක්‌ පිළිවෙළකට සැකසීම) කරන බවයි. මෙය පිළිගත නො හැකි ය. අපි මොහොතකට චුම්බක නිසා ඉන්ධන අණු එසේ align වනවා ම යෑයි සිතමු. එහෙත් මේ align වීම වනවා නම් වන්නේ චුම්බකය හරහා යන අවස්‌ථාවේ දී පමණි. එනම් ඇන්ජිමට ඇතු`ඵ වන අවස්‌ථාවේ දී අංශූ යළි සාමාන්‍ය තත්ත්වයට පත් වේ.


අනෙක්‌ අතට මේ එකෙලි වීම (align) පිළිවෙළකට පැමිණීම නිශ්චිත ලෙස සිදු වනවා යන්නට පිළිගත හැකි සාක්‌ෂි නැත. එය හුදු උපකල්පනයක්‌ පමණි. (මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කර ගැනීමට අවශ්‍ය අයකුට ලොව පිළිගත් ආයතනයක්‌ වන ඇමෙරිකානු පරිසර ආරක්‌ෂණ නියෝජිතායතනයේ (EPA) වෙබ් අඩවියෙන් සෑහීමකට පත් විය හැකි තොරතුරු ප්‍රමාණයක්‌ ලබාගත හැකි ය. එම ආයතනය විවිධ වෙළෙඳ නාම යටතේ ඉදිරිපත් ව තිබෙන මෙවැනි උපකරණ එක සිය ගණනක්‌ විද්‍යානුකුල පරීක්‌ෂාවන්ට ලක්‌ කර ඇති අතර කියන ආකාරයේ ප්‍රතිඵලයක්‌ එයින් නො ලැබෙන බව පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.


ඉහත විස්‌තර කළ ආකාරයට චුම්බක හරහා ඉන්ධන අණු රටාවකට ගමන් ගැනීමෙන් ඉන්ධන දහනය කාර්යක්‌ෂ්ම කෙරෙනවා ය යන්න චුම්බක ප්‍රතිකාරක අලෙවිකරුවන් ගේ පැහැදිලි කිරීමයි.


තවත් විටක ඔවුන් පෙන්වා දෙන්නේ චුම්බක බලය හේතුවෙන් ඉන්ධනයේ දිගු දාම අණු, කෙටි දාම අණු බවට පත් වන බවයි. පෙට්‍රල් හා ඩීසල් සතු විවිධ අණු ඇති අතර ඒවා ඔක්‌ටේන් වැනි දිගු අණු ද, බියුටේන් වැනි කෙටි අණු ද විය හැකි ය.


කෙසේ වෙතත් දිගු අණු කෙටි අණු බවට පත් වීමෙන් ඉන්ධන ඉතිරියක්‌ හෝ වෙන වාසියක්‌ සිදු නො වේ. කෙටි දාම අණු දහනයේ දී වැඩිපුර ශක්‌තියක්‌ ලබා නො දෙන නිසා දිගු දාම කෙටි දාම බවට පරිවර්තනය වීමෙන් ලැබෙන වාසියක්‌ නැත.


තව ද බොහෝ හයිෙඩ්‍රාකාබන ඉන්ධනවල කැලොරික අගයන් 44-46 MJ/kg පරාසයේ පවතින බැවින් අණුවේ වෙනස නිසා නිකුත් වන ශක්‌ති වෙනස එතරම් ලොකු වෙනසක්‌ නො වේ. එනිසා කුඩා අණු හො`දින් දැවේ හෝ කුඩා අණු ලොකු ශක්‌තීන් නිදහස්‌ කරයි යන ප්‍රකාශ සාධාරණය නො වේ.


ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක වූ මෙවැනි ප්‍රකට චුම්බක ප්‍රතිකාර ක්‍රම අලෙවි කරන සමාගම්වලට එරට ෙµඩරල් වෙළෝද කොමිසම මගින් නඩු පවරා තිබේ. ඒවායේ අලෙවි බලපත්, ප්‍රචාරක කටයුතු තහනම් කරන්නට දැනුම් දී තිබේ. එසේ ම මෙවැනි එක්‌ සමාගමකට ව්‍යාජ තොරතුරු ලබා දීමේ හේතුවෙන් ඩොලර් මිලියන 4.2ක දඩයක්‌ ගෙවන්නට ද සිදු විය.


කෙසේ වෙතත් ලොව පුරා ක්‍රියාත්මක වන අනෙක්‌ චුම්බක ප්‍රතිකාරක වෙළෙන්දන් මෙයින් පසුබෑමට පත් ව ඇති බවක්‌ නො පෙනේ. ඔවුහු විටින් විට මොනවා හෝ කතාවක්‌ ගොතාගෙන ඉදිරියට පැමිණෙති.


ළ`ග දී සිට මේ අය කියන කතාවක්‌ වන්නේ දෙවැනි ලෝක යුද්ධයේ දී රාජකීය ගුවන් හමුදාවේ යානාවලටත් ඉන්ධන ඉතිරියට උදව් කළේ චුම්බක ප්‍රතිකාර ක්‍රමය බවයි. මේ ස`දහා විවිධ සෙබ`ඵන් ගේ හා යානාවල පිංතූර ඔවුහු භාවිත කරති.


මේ වෙළෙන්දන් වැඩිපුර ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලය තුළ බව සැබෑවක්‌ වුවත් හෙට ඔවුන් මේ ප්‍රතිකාර ක්‍රමයේ තොරතුරු පත්‍රිකා රැගෙන ඔබ ගේ නිවස හෝ කාර්යාලය අබියස රැදී සිටින්නට ඉඩ නැතුවා නො වේ. 

 මනෝඡ් රත්නායකගේ විදුසර පුවත්පතේ ලිපියක්

Wednesday, March 14, 2012

එංගලන්ත තරගාවලියට ඩී.ආර්.එස්. ක‍්‍රමවේදය එයි.

විනිසුරු තීරණ අභියෝග කිරීමේ තාක්ෂණික ක‍්‍රමවේදය එළැඹෙන එංගලන්ත - ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලියේදී යොදා ගැනීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංග පවසනවා.

මීට අමතරව ස්නිකෝ මීටර් ක‍්‍රමවේදයද භාවිත කෙරෙන බවයි ඔහු කියා සිටියේ. එහෙත් මෙම තරගාවලිය සඳහා හොට් - ස්පොට් ක‍්‍රමවේදය භාවිත නොකරනු ඇති.

ඒ සඳහා අධික මුදලක් ගෙවීමට සිදුවීම ඊට හේතුවයි. අවසන්වරට විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක‍්‍රමවේදයක් මෙරටදී භාවිත කරනු ලැබුවේ  ඕස්ටේ‍්‍රලියාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදීයි.

එංගලන්ත කණ්ඩායම මෙරට දී ටෙස්ට් තරග 02 ක් සඳහා සහභාගී වන අතර, පළමු තරගය මේ මස 26 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතයි.

Tuesday, March 13, 2012

අද තරගයට මාලින්ග නෑ

ශ්‍රී  ලංකා කණ්‌ඩායම තරග වදිනු ලබන පළමු එක්‌දින ජාත්‍යන්තර තරගය අද (13 දා) ලෝක ශූර ඉන්දීය කණ්‌ඩායම සමගින් බංග්ලාදේශයෙහි ධකා නුවර පිහිටි ෂෙයා බංග්ලා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය දිවා/රාත්‍රි තරගයක්‌ වශයෙන් පැවැත්වෙනු ඇත.

ඉකුත් 2011 ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයේදී දෙපිල මුණ ගැසීමෙන් පසු පසුගියදා ඔස්‌ට්‍රේලියාවේදී නිමාවූ කොමන්වෙල්ත් කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවස්‌ථා 4 කදී මුණ ගැසුණු අතර එහිදී තරග 2 ක ජය ඉන්දියාවත් එක්‌ තරගයක ජය ශ්‍රී ලංකාවත් අත්කර ගත්හ. එක්‌ තරගයක්‌ ලකුණු සමවීම මත අවසන් විය.

මෙම තරගයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉන්දියාව මුණ ගැසුණු අවසන් අවස්‌ථාවේදී ලද දැවැන්ත පරාජය කිසි විටෙකින්වත් අමතක නොකරනු ලබන බව නොඅනුමානය. එම තරගයේදී ලකුණු 321 ක දැවැන්ත ඉලක්‌කය ඉන්දීය කණ්‌ඩායම හමුවේ තැබීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත්වුවද, එය පන්දු 80 ක්‌ ඉතිරිව තිබියදී කඩුලු 3 ක්‌ පමණක්‌ දැවී රැස්‌ කර ගැනීමට ඉන්දීය පිල සමත්වූවේය.

මාස එකහමාරකට වැඩි කාලයක්‌
ඔස්‌ට්‍රේලියාවේ ඇති වේගවත් තණතීරුවල ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම අද තරගයේදී මුහුණ දෙනු ලබන ප්‍රධාන අභියෝගය වන්නේ යළිත් වියළි සහ දඟ පන්දු යවන්නන්ට උචිත ආසියානු තණතීරුවලට හුරුවීම වේ. කොමන්වෙල්ත් කුසලාන තරගාවලියේ අවසන් මහ තරග අවස්‌ථාව ඉන්දීය පිලෙන් ගිලිහී යැම මත ඔවුන්ට වැඩි කාලයක්‌ සිය දේශීය තණතීරු යටතේ ක්‍රීඩා කිරීමට වැඩි අවස්‌ථාවක්‌ හිමිවීම මත එම තත්ත්වය ඔවුන්ට නම් එතරම් බල නොපානු ඇත.

ඔස්‌ටේ්‍රලියාවේදී දැඩි ලෙස ප්‍රහාරයකට ලක්‌ වුවද සිය ප්‍රබල පන්දු යවන්නා වන ලසිත් මාලිංග සහ උප නායක ඇන්ජලෝ මැතිව්ස්‌ දෙදෙනා ආබාධවලට ගොදුරු වීමෙන් පසු තවමත් සියයට සියයක්‌ සුවය නොලබා තිබීම අද තරගයේදී ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කණස්‌සල්ලට පත් කරනු ලබන ප්‍රධාන කරුණු අතරට එක්‌වනු ඇත. අනෙක්‌ තුන් ඉරියව් ක්‍රීඩකයා තිසර පෙරේරාගේ තත්ත්වයද තවමත් එතරම් සුව අතට පත්වී නොමැති බව බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග වල සඳහන් වේ.

සිය උරහිසේ ආබාධය උත්සන්න අතට පත්වීම මත මෙම තරගාවලියට ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරු විඡේන්ද්‍ර ෂෙවාග් සහභාගි නොවනු ඇත. එහෙත් නැවතත් යුසුප් පතන් කණ්‌ඩායමට එක්‌ව සිටීම මත ඉන්දීය පිතිකරු බල ඇණිය තවත් ශක්‌තිමත් කරනු ඇත. ලෝක කුසලාන තරගාවලියේ සිටම සිය ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග දිවියේ සියවැනි ශතකය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන සචින් ටෙන්ඩුල්කාර්ද මෙම තරගාවලියේදී සිය අභිප්‍රාය කෙසේ හෝ සාක්‌ෂාත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. එමෙන්ම විරාත් කෝලිද සිය සුපුරුදු රිද්මය දිගින් දිගටම පවත්වාගෙන යැමට සමත්වීම මත මෙම තරගය පිළිබඳව ශ්‍රී ලංකා පිලට කිසි විටෙකින් වත් සුළුවෙන් තැකිය නොහැක.

තරඟ පාවාදීම පිළිබඳව චෝදනා පාකිස්ථානයට හා ඉන්දියාවට එල්ල වේ.

පසුගිය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති අවසන් පූර්ව තරඟයේදී මුදලට තරඟ පාවාදීම පිළිබඳව චෝදනා එල්ලවනවා.


බි‍්‍රතාන්‍යයේ පළවන සන්ඬේ ටයිම්ස් පුවත්පත මෙම තොරතුරු අනාවරණය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. එම තොරතුරු පදනම් කරගනිමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයද ඊට අදාළව පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් වනවා.


බුකී කරුවන් විසින් ක‍්‍රීඩකයන්ට මුදල් ලබාදී තරඟයේ තීරණයට බලපෑමක් ඇති කළේද යන්න මෙමඟින් සොයා බැලෙනු ඇති. එංගලන්තයේ සිට ක‍්‍රියාත්මක වන බුකී කරුවන් තරඟ තීරණ වෙනස් කිරීම සහ තරඟ පාවාදීම් සඳහා ක‍්‍රීඩකයින්ට ඉතා ඉහළ මුදලක් ලබාදෙන බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.


ඒ අනුව පිතිකරුවෙකුට පවුම් 44000 ක්ද, පන්දු යවන්නෙකුට පවුම් 50000 ක මුදලක්ද ගෙවීමට බුකී කරුවන් ඉදිරිපත්ව ඇති බව ටයිම්ස් වාර්තාවේ සඳහන්. මීට අමතරව තරඟයක තීරණයට ඍජුවම බලපාන නිලධාරීන්ට සහ ඇතැම් වටිනා ක‍්‍රීඩකයින්ට බුකී කරුවන් විසින් පවුම් හත්ලක්ෂ පනස්දහසක් ගෙවීමටද පසුබට නොවන බවයි එහි දැක්වෙන්නේ.


පසුගිය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය අතරතුර නවසීලන්ත ක‍්‍රීඩකයින්ද මුදලට තරඟ පාවාදුන් බවට චෝදනා එල්ලවනවා. එහෙත් නවසීලන්ත ක‍්‍රිකට් බලධාරීන් එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.


මුදලට තරඟ පාවාදුන් බවට චෝදනා එල්ලවන ඉන්දු - පකිස්ථාන් තරඟයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 29 කින් ජයගනු ලැබුවා. 2010 වසරේදී එංගලන්ත සංචාරය අතරතුර මුදලට තරඟ පාවාදුන් බවට පාකිස්ථානු ක‍්‍රීඩකයින් වන මොහොමඞ් අසීෆ්, මොහොමඞ් අමීර් සහ සල්මන් බට් එංගලන්ත අධිකරණයක් විසින් වරදකරුවන් කෙරුණා.

Monday, March 12, 2012

අපේ ක්‍රීඩකයින් ශ්‍රේණි ගත කීරීම් වලින් ඉදිරියට

ඕස්ටේ‍්‍රලියාවේ පැවති සී.බී. කුසලාන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේදී දස්කම් දැක්වු ශී‍්‍ර ලංකා පිතිකරුවන් අන්තර්ජාතික කි‍්‍රකට් සම්මේලන දර්ශකයේ ඉදිරියට පැමිණීමට සමත් වී සිටිනවා.

කුමාර් සංගක්කාර මෙහිදී ස්ථාන 05 කින් ඉදිරියට පැමිණ දර්ශකයේ 04 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා. සී.බී. කුසලාන තරගාවලියේදී සංගක්කාර ලකුණු 420 ක් රැස්කළා.

තුන්කොන් තරගාවලියේදී ලකුණු 513 ක් රැස්කර තරගාවලියේ වීරයා බවට පත්වු තිලකරත්න ඩිල්ෂාන්ද ස්ථාන 04 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට හිමිව ඇත්තේ දසවන ස්ථානයයි.

තරගාවලියේදී ලකුණු 419 ක් රැස්කරගත් දිනේෂ් චන්දිමාල් අන්තර්ජාතික කි‍්‍රකට් සම්මේලන එක්දින පිතිකරු දර්ශකයේ ස්ථාන 18 ක් ඉදිරියට පැමිණීමට සමත් වී සිටිනවා.

චන්දිමාල් ප‍්‍රථම වරට පළමු කී‍්‍රඩකයන් 20 දෙනා අතරට ඇතුළත් වී ඇති අතර, ඔහුට හිමිවී ඇත්තේ 18 වන ස්ථානයයි.


Sunday, March 11, 2012

ආසියානු කුසලානයේ වැඩි වාසිය ශ‍්‍රී ලංකාවට - වකාර් යූනිස්


ඕස්ටේ‍්‍රලියාවේ පැවති සී බී කුසලාන තුන් කොන් තරඟාවලියේදී දස්කම් දැක්වූ ශී‍්‍ර ලංකා පිල මෙවර ආසියානු කුසලාන ශූරතාව දිනාගැනීමට වැඩි අවස්ථාවක් ඇති කණ්ඩායම බව පාකිස්ථාන පිලේ හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක සහ පුහුණුකරු වකාර් යූනිස් පවසනවා. ඔහු කියා සිටින්නේ පසුගිය කාලය තුළ පැවති එක් දින ජාත්‍යන්තර තරඟවලදී ඉන්දියානු සහ පාකිස්ථාන කණ්ඩායම් අසීරුතාවන්ට ලක්වූ බවයි. එහෙත් ශ‍්‍රී ලංකා පිල අනපේක්ෂිත අන්දමින් දක්ෂතා අතරට පැමිණුනා. මේ නිසා ශ‍්‍රී ලංකා පිල ආසියානු කුසලානය දිනාගැනීමේ වැඩි අවස්ථා සහිත කණ්ඩායම බවට පත්ව තිබෙනවා. එහෙත් ඉන්දීය උප මහද්වීපයේ තණතිලි දඟ පන්දු යවන්නන්ට වැඩි වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරන නිසා මෙම තත්ත්වය වෙනස්විය හැකි බවයි වකාර් යුනීස් පෙන්වා දෙන්නේ.

උසස්‌ පෙළ විෂයයන් සාමාන්‍ය පෙළට ?

උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ විරෝධය පළවී ඇත.

ලබන වසරේ (2013) සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇතත් එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න හා විෂය මාලා සැකසිය යුතු ආකාරය පිළිබඳව නිශ්චිත තීරණයකට පැමිණීමට අමාත්‍යාංශයට නොහැකි වී තිබේ. උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා සකස්‌ කරන විද්වතුන් සමග එහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්‌ඩාර මහතා සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්වූ අතර එහිදී ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ එම ක්‍රමවේදයට අදාළ ලිඛිත තොරතුරු අවශ්‍ය බවය. උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළට ඇතුළත් කිරීම පිළිබඳව ඔවුන්ගේ පූර්ණ එකඟතාවක්‌ නොමැති බවද දැනගන්නට ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ සිටම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අක්‍රීයව පවතින මෙවන් අවස්‌ථාවක සිසු දරුවන්ට අදාළ අතිශය වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක්‌ අමාත්‍යාංශයට ගත හැකිදැයි ප්‍රශ්න කරන අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විද්වත්හු මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ හොත් එම විෂයයන්වලට අදාළ ගුරුවරුන්ගේ හිඟයක්‌ ඇති වී දරුවන් අතරමං වීම නොවැළැක්‌විය හැකි යෑයිද සඳහන් කරති.

මෙම ක්‍රමය යටතේ උසස්‌ පෙළ විෂය ධාරාවලට අදාළ විෂයයන් සාමාන්‍ය පෙළට ඇතුළත් කෙරෙන අතර ප්‍රධාන විෂයයන් හයට අමතරව සාමාන්‍ය පෙළ සිසුන් උසස්‌ පෙළට නියමිත මෙම විෂයයන් තුනක්‌ හැදෑරීම අනිවාර්ය වේ. එලෙස හැදැරීම උසස්‌ පෙළට පහසුවක්‌ වන බව අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතත් මෙය සාමාන්‍ය පෙළ සිසුන් තවත් පෞද්ගලික උපකාරක පන්ති කරා යොමු කරවන ක්‍රියාවලියක්‌ යෑයිද විද්වත්හු පෙන්වා දෙති.

Thursday, March 8, 2012

අද ක්ලාක් සහ පැටින්සන් නෑ මැතිව්ස් තවමත් අවිනිශ්චිතයි ,තරගාවලියේ වීරයා වීමට ඩිල්ෂාන් පෙරුම් පුරයි



අවසන් මහා සටනේ තීරණාත්මක සටනට අද (08 දා) ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී සහභාගි වෙයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 8.15 ට පමණ ආරම්භ වීමට නියමිතය.

තරග තුනකින් සමන්විත අවසන් මහා තරගාවලියේ පළමු තරගය
ඕස්ටේ‍්‍රලියාව ජය ගත් අතර දෙවැනි තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමග අද පැවැත්වෙන තීරණාත්මක තෙවැනි අවසන් මහා තරගයේ ජය ගන්නා කණ්‌ඩායමට කුසලාන හිමිවේ.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ
ඕස්ටේ‍්‍රලියාව මුණ ගැසුන අවස්‌ථා හයකදී ජයග්‍රහණ හතරක්‌ වාර්තා කරගත් ශ්‍රී ලංකාව අද කුසලාන ජය ගැනීම සඳහා වැඩි ජයග්‍රාහී බලාපොරොත්තු රඳවා ගනිමින් සටන් වදිනු ලබයි. ශ්‍රී ලංකාවට එරෙහිව දෙවතාවක්‌ පමණක්‌ ජය ගෙන සිටින සත්කාරක ඕස්ටේ‍්‍රලියාවට අද ඔවුන්ගේ නිත්‍ය නායක මයිකල් ක්‌ලාක්‌ නොමැතිවීමේ පීඩනය සමග තරග වැදීම ශ්‍රී ලංකාවට තවත් අමතර වාසියක්‌ වී තිබේ. ආබාධයක්‌ හේතුවෙන් ක්‌ලාක්‌ට මෙම තීරණාත්මක අවසන් තරගය පමණක්‌ නොව ඉදිරියේදී ඔවුන් සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයද ක්‌ලාක්‌ට අහිමිව යැමේ අවධානමක්‌ ඇති බව වාර්තා වේ. ක්‌ලාක්‌ නොමැති ඕස්ටේ‍්‍රලියානු කණ්‌ඩායම අද තරගයේදී උපනායක ෂේන් වොට්‌සන් විසින් මෙහෙයවනු ඇත.
එමෙන්ම වේග පන්දු යවන කී‍්‍රඩක ජේම්ස් පැටින්සන් ද එක් වන්නේ නැහැ. කෙසේ වෙතත්, ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර හෙට පැවැත්වෙන තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායකත්වය ෂේන් වොට්සන් හොබවනු ඇති.  ඊට අමතරව කායික ආබාධයකට ලක්වී සිටින පැටින්සන් වෙනුවට නේදන් ලයන් හෝ හිල්ෆන්හවුස්  හෝ ජෝජ් බේලි   හෙට කණ්ඩායමට එක් වීමට නියමිතයි. සී.බී. කුසලාන තරගාවලියේදී මයිකල් ක්ලාක් ආබාධ හේතුවෙන් තරග කිහිපයකට නායකත්වය ලබා දෙමින් එක් නොවූ අතර, එක් සෑම තරගයක් ම  ඕස්ටේ‍්‍රලියාව පරාජය වීම විශේෂත්වයක්.
දීර්ඝ තරගාවලියක්‌ අවසානයේ දැඩි වෙහෙසට පත්ව සිටින කණ්‌ඩායම් දෙකේම ක්‍රීඩකයන් කීප දෙනකු ආබාධවලට ලක්‌ව ඇති අතර එහිදී ශ්‍රී ලංකා උපනායක ඇන්ජලෝ මැතිව්ස්‌ සම්පූර්ණ සුවය ලබමින් සිටින බව වාර්තා වේ. අද උදැසන ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන් පසුව තරගයට සහභාගිවීම පිළිබඳව තීරණය කරනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

තරගාවලියේ වීරයා සම්මානය සඳහා මේ වන විට පෙරමුණේ පසුවන තිලකරත්න ඩිල්ෂාන් පිතිකරුවකු ලෙස ලකුණු 505 ක්‌, උඩ පන්දු 5 ක්‌, දුවද්දී දවා ගැනීම් දෙකක්‌ සහ පන්දු යෑවීමෙන් එක්‌ කඩුල්ලක්‌ දවා ගෙන ඇත. ඩිල්ෂාන්ට පිටුපසින්
ඕස්ටේ‍්‍රලියාවේ ඩේවිඩ් වෝනර් ලකුණු 458 ක්‌ සහ ඩේවිඩ් හසී ලකුණු 420 ක්‌ ලබා ඇත. එම ලැයිස්‌තුවේ සිව්වැනි ස්‌ථානයට පත්ව සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 414 ක්‌ ලබා සිටී. පන්දු යෑවීමෙන් පෙරමුණේ පසුවන ලසිත් මාලිංග කඩුලු 18 ක්‌ දවා ඇත. මෙම ක්‍රීඩකයන් අතරින් අද තරගයේදී දක්‌වන දක්‍ෂතාද පදනම් කරගනිමින් තරගාවලියේ වීරයා සම්මානය නිර්දේශ වනු ඇත. "මම බලාපොරොත්තු වෙනවා තරගාවලියේ වීරයා සම්මානය ලබාගන්න. මට පන්දු යෑවීමෙනුත් කණ්‌ඩායමට උපරිමය කරන්න පුළුවන්. ඒ පිළිබඳව නායකයා සහ පුහුණුකරු සමග මම සාකච්ඡා කළා. තරගාවලිය පුරාවට දැක්‌වූ සාර්ථකත්වය තීරණාත්මක තරගයේදීත් මට කරන්න හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා." යනුවෙන් ඩිල්ෂාන් පවසයි.

ඕස්ටේ‍්‍රලියානු ක්‍රිකට්‌ ආයතනය දීර්ඝ කාලයක සිට සංවිධානය කරනු ලබන ප්‍රධානතම ජාත්‍යන්තර එක්‌දින තරගාවලියක්‌ වන මෙම තරගාවලිය පළමුව බෙන්සන් ඇන්ඩ් හෙජස්‌ තරගාවලිය වශයෙන්ද, දෙවනුව කාල්ටන් යුනයිටඩ් තරගාවලිය වශයෙන්ද තෙවනුව වීබී තරගාවලිය වශයෙන්ද පැවැති අතර වර්තමානයේ එය කොමන්වෙල්ත් බැංකු කුසලාන වශයෙන් පැවැත්වේ. අදාළ තරගාවලියට විටින් විට ශ්‍රී ලංකාවට ආරාධන ලැබුන අතර එහිදී ශ්‍රී ලංකාවේ පළමු සහභාගීත්වය 1985 වසරේදී සටහන් විය. එතැන් සිට ශ්‍රී ලංකාව මෙම තරගාවලිය නව වතාවක්‌ නියෝජනය කළද අවසන් මහ තරග අවස්‌ථාව උදාකරගත් දෙවැනි අවස්‌ථාව ලෙස මෙවර තරගාවලිය සටහන් වේ.

මීට පෙර ශ්‍රී ලංකාව 2006 දී අවසන් මහ තරගයට පිවිසියද එහිදී පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත් අතර සෙසු තරග දෙක පරාජය වීමෙන් කුසලාන
ඕස්ටේ‍්‍රලියාව සතුවිය. ඉකුත් 2007 සහ 2008 වසරේදී අදාළ ශූරතාව පිළිවෙලින් එංගලන්තය සහ ඉන්දියාව දිනා ගත් අතර එහිදී සත්කාරක ඔස්‌ටේ්‍රලියාව අනුශූරයන් බවට පත්විය.

වත්මන් එක්‌දින ක්‍රිකට්‌ ලොව සුපිරිම කණ්‌ඩායම් තුනක්‌ වන ලෝක ශූර ඉන්දියාව, එහි අනුශූර ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර එක්‌දින වර්ගීකරණයේ අංක එකට පත්ව ඇති
ඕස්ටේ‍්‍රලියාව අතර මෙම තරගාවලිය පැවැත්විණි. මෙම තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්‌ඩායම වත්මන් එක්‌දින ශූරයන් ලෙස හැඳින්වීමට හැකියාවක්‌ ඇත. එබැවින් අද තරගය වත්මන් එක්‌දින ශූරයන් සොයා යන තරගයක්‌ බවට පත්ව තිබේ.
 1990 වසරේ සිට  ඕස්ටේ‍්‍රලියාවේ පැවති තුන්කොන් තරඟාවලියේදී තරඟ 3 කින් යුත් අවසන් තරඟ සියල්ලම ජයගෙන ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවයි. ඔවුන් ශ‍්‍රී ලංකාවට එරෙහිවද 2005 - 2006 ක‍්‍රීඩා වාරයේදී එවැනි ජයග‍්‍රහණයක් ලැබුවා.

ඕස්ටේ‍්‍රලියාව ඉදිරිපත් කළ ලකුණු 270 කට වැඩි ඉලක්කයක් සාර්ථකවම හඹාගොස් ජයගත් කණ්ඩායම වන්නේ ශ‍්‍රී ලංකාවයි. ඊයේ පැවති තරඟයේදී ශ‍්‍රී ලංකාව පන්දු 34 ක් ඉතිරිව තිබියදී ලකුණු 271 ක  ඕස්ටේ‍්‍රලියානු ඉලක්කය අභිබවා ගියා.

Wednesday, March 7, 2012

කවුද හරි මහේලට දඩ


සී.බී. කුසලානය සදහා  ඕස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර ඇඩිලේඞ් නුවර පැවැති දෙවන අවසන් තරගය කඩුලූ 8කින් ජයග‍්‍රහණය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියාව පන්දුවාර 50 අවසානයේ කඩුලූ 06 ක් දැවී ලකුණු 271 ක් රැස් කළා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු වාර 44 යි පන්දු 2 කදී කඩුලූ 02 ක් දැවී ලකුණු 274 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.
ෆර්විස් මහරුෆ් 44 වැනි  ඕවරයේ 5 වැනි පන්දුව පිතිකරුගේ ඉනට ඉහළින් (ෆුල් ටොස් පන්දුව) යැවූ පන්දුවකට ගැසූ හතරේ පහර විනිසුරු හයේ පහරක් ලෙස සටහන් කිරීමෙන් පසුව එය හතරේ පහරක් ලෙස ඩිල්ෂාන් දැන්වීමෙන් පසු නැවත වෙනස් කර නිපන්දුවක් බවට සංඥ කිරීමෙන් පසු මහේල සහ විනිසුරුවන් අතර වාදයක් ඇතිවිය.
නායක මහේල ජයවර්ධනට හිමි වැටුපෙන් 10% ක් අයකරගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

අද පැවති තරගයේදී විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක්කරමින් අත දිගු කොට විවේචනය කිරීම නිසාත්,එය ජාත්‍යන්තර ක්‍රිකට් නීතිවලට අනුව වරදක් නිසාත් මෙම තීරණය ගත් බව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් නීතියට අනුව විනිසුරුවරයාගේ තීරණය අවාසාන තීරණය බැවින් මහේල ජයවර්ධනගේ ක්‍රියා පිළිවෙත කිසිසේත්ම අනුමත කළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.  

 මහේලගේ අදහස
නිපන්දුවක් ලෙස සංඥා කළේ, ටික වේලාවක් ඉදලා ඒකත් ක්ලාක් කිව්වට පස්සේ, නෑ මට වෙන කිසිදු ගැටලුවක් නැහැ. ඒත් ඇයි විනිසුරු නිවරදි තීරණයක් නොගත්තේ, ඉක්මනින් නිපන්දුවක් කියන එක මට ගැටලුවක් නැහැ. ඒත් ඇයි විනිසුරු නිවරදි තීරණයක් නොගත්තේ,  අපිට ගැටලුවක් වෙන්නේ, ක්ලාක් කිව්වට පස්සේ විනිසුරු තීරණය කිරීම. වැරැද්දක් වෙනුවෙන් පමණයි මම කතා කළේ, ඒත් දැන් දඬ නියම වෙලා මට එය ප්‍රශ්නයක් නැහැ. අපිට තරගය දිනන්න හැකි වුණේ, ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 179ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට හැකි වීම හේතුවෙනි. කුමාර් සංගක්කාර තරගය නිම කළා. තරගය ජය ගැනීමේ ගෞරවය කණ්ඩායමක් ලෙස සියල්ලන්ට ලබා දෙන්න මම කැමතියි
විඩියෝව මෙතනින්

Tuesday, March 6, 2012

2012 වසරේ වැඩිම ලකුණු ලබාගත්1,2,3 ම අපේ ලංකාවෙන්

2012 වසරේ මේ වන විට එක්දින කි‍්‍රකට් පිටියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා සහ කඩුලූ ලබාගත් පන්දු යවන්නා ලෙස ඉදිරියෙන්ම පසුවීමට ශ‍්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල් සහ ලසිත් මාලිංග සමත් වී තිබෙනවා.

දිනේෂ් චන්දිමාල් මේ වන විට 2012 වසරේ එක්දින තරග 14කට සහභාගි වී ලකුණු 608ක් ලබා සිටින අතර, ලකුණු 560ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ශ‍්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ශානුයි.

එමෙන්ම එක්දින පිටියේ වැඩිම ලකුණු ලබා සිටින පිතිකරුවන් අතරේ තුන් වැනි ස්ථානයත් ශ‍්‍රී ලංකාවට හිමිවී ඇති අතර ඒ කුමාර් සංගක්කාර ලකුණු 529ක් ලබා ගනිමින්.

මේ අතර වැඩිම කඩුලූ ලබාගත් පන්දු යවන්නා ලෙස තරග 14කට සහභාගි වී කඩුලූ 26ක් ලබා ගත් ලසිත් මාලිංග ඉදිරියෙන්ම පසුවනවා.

අද ශ්‍රි ලංකාවට තීරනාත්මකයි ,ඇඩිලේඩ් ඕවල් දඟ පන්දු යවන්නන්ට වාසියි


කොමන්වෙල්ත් කුසලාන තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමි තීරණාත්මක අවසන් අවස්‌ථාව වන දෙවැනි අවසන් මහ තරගය අද (06 දා) සත්කාරක ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම සමග ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක්‌ වශයෙන් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 8.50 ට පමණ ආරම්භ වීමට නියමිත වේ.

තුන්කොන් තරගාවලියේ පෙරේදා (04 දා) පැවැති පළමු අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 15 ක ජයක්‌ ලැබීමට
ඔස්‌ට්‍රේලියානු පිල සමත්වීම හේතුවෙන් කුසලාන දිනා ගැනීම සඳහා අද තරගයේ ජය ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වේ. යම් හෙයකින් ශ්‍රී ලංකාව අද පරාජයට පත් වුවහොත් ලබන 08 වැනිදා ඇඩිලේඩ් ඕවල් පිටියේදීම පැවැත්වෙන තෙවැනි අවසන් මහ තරගය හුදෙක්‌ම ප්‍රදර්ශන තරගයක්‌ බවට පත්වනු ඇත.

ඔස්‌ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ අතුරින් ඇඩිලේඩ් ඕවල් තණතීරුව දඟ පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක්‌ ලබා දෙන බව සඳහන් වන හෙයින් දෙපිළම වැඩි වශයෙන් දඟ පන්දු යවන්නන් යෙදවීමට උත්සුක වනු ඇත.

වසර 2006 සී. බී. කුසලාන ශ්‍රී ලංකා - ඔස්‌ට්‍රේලියා අවසන් මහ තරගය ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙම පිටියේදී සහභාගි වූ අවසන් මහ තරගය වේ. අදාළ තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම ලකුණු 22 ක ජයක්‌ වාර්තා කළ අතර ඒ සඳහා ටී. එම්. ඩිල්ෂාන් විසින් ප්‍රතිවාදී පිතිකරුවන් සිව් දෙනෙකුම දුවද්දී දැවී යැමට හසුකර ගැනීම විශේෂ සිද්ධියක්‌ වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම ඇඩිලේඩ් පිටියේදී තරග 16කට සහභාගිවී ඇතත් ජය ගෙන ඇත්තේ තරග තුනක්‌ පමණි. මෙවර තරගාවලියේදී ඉන්දියාව සමගින් පැවැති තරගයේ ලකුණු සමවීම හැරෙන්නට සෙසු අවස්‌ථා 12 දීම ශ්‍රී ලංකාව පරාජයට පත්වී තිබේ.

ඉකුත් තරගයේදී (4දා) ඉකිලියේ ආබාධයකට ලක්‌වූ ලකුණු 163 ක්‌ ලබා ගත් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ අද තරග සහභාගිත්වය අවිනිශ්චිත බව වාර්තා වේ. ඒ වෙනුවට පීටර්
පොරෙස්‌ට්‌ව යොදා ගනු ලබන බව විදෙස්‌ වාර්තාවල සඳහන් වේ.

ආබාධයකට මුහුණ දී සිටින ඇන්ජලෝ මැතිව්ස්‌ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු තරගයට සහභාගි කර ගැනීම පිළිබඳ අද උදැසන අවසාන තීරණයකට එළැඹීමට නියමිතය.

ඇඩිලේඩ් තණතීරුව දඟ පන්දු යවන්නන්ට දක්‌වනු ලබන සහයෝගය හේතුවෙන් අද තරගයේදී තවත් අතිරේක දඟ පන්දු යවන්නකුගේ සේවය ලබාගැනීමේ අදහසක්‌ බවතින බවත්, එහිදු එම ස්‌ථානය බොහෝ දුරට සචිත්‍ර සේනානායකට හිමිවනු ඇතිබවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - මහේල ජයවර්ධන(නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්‌කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, උපුල් තරංග, පර්වීස්‌ මහරූප්, සචිත්‍ර සේනානායක, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, රංගන හේරත්, ඇන්ජලෝ මැතිව්ස්‌, ධම්මික ප්‍රසාද්, චාමර කපුගෙදර, චානක වෙලගෙදර.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම - මයිකල් ක්‌ලාක්‌(නායක), ෂේන් වොට්‌සන්, ඩැනියල් ක්‍රිස්‌ටියන්, ක්‍ෂේවියර් ඩොහර්ටි, පීටර්
පොරෙස්‌ට්‌, බෙන් හෙල්ෙµන්හස්‌, ඩේවිඩ් හසී, මයිකල් හසී, බ්‍රෙට්‌ ලී, ක්‌ලින්ට්‌ මැකේ, ඡේම්ස්‌ පැටින්සන්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්.

Sunday, March 4, 2012

විහිදෙන්නේ බුදු රැස්‌ද?


විද්‍යා අධ්‍යාපනය ලබන බහුතරයක්‌ සිටින සහ සෙසු ජනතාව ද විද්‍යා හා තාක්‌ෂණ අධ්‍යාපනය වෙත තල්ලු කරන අධ්‍යාපන ක්‍රමයක්‌ වඩාත් සුදුසු යෑයි උගතුන් සහ විද්වතුන් සංවාද කරන මේ අජටාකාශ යුගයේ සාමාන්‍ය ජනමාධ්‍යවල දක්‌නට ලැබෙන ගතානුගතික ලක්‌ෂණ කාලීන ලෙස වර්ධනය විය යුතු යෑයි පාඨකයා බලාපොරොත්තු වේ. යහපත් ජනමාධ්‍යයක ජනතා සේවය එසේ විය යුතු ය. අපට කියවන්නට ලැබෙන ජාතික පුවත්පත් රැසක්‌ මාතෘකා කිහිපයක්‌ ම ඔස්‌සේ අප වෙත ගෙන එන ලිපිවලින් ජනතාව ගේ විද්‍යා අවබෝධය මොට කිරීමක්‌ සිදු වන බව පැහැදිලිව පෙනේ. බුදුරැස්‌ විහිදෙන කතාන්දර ද මේ අතරට වැටෙන මාතෘකාවකි.

ඕනෑ ම භෞතික වස්‌තුවක්‌ හෝ ස්‌කන්ධයක්‌ මඟින් රශ්මියක්‌, රැස්‌ වළල්ලක්‌ හෝ තාප කිරණ නිකුත් කරන බව පාදක කොට ගෙන ගසකින් ප්‍රතිමාවකින් හෝ දාගැබකින් බුදුන් ගේ රැස්‌ හෝ බුදුරැස්‌ පිට වන්නේ යෑයි පැවසීම විහිළුවකි. ළාබාල වැඩකි, මෝඩකමකි. ඒ ඒ වස්‌තුවලට ආවේනිකව, එහි උණුසුමට සරිලන තීව්‍රතාවකින් තාප කිරණ නිකුත් කිරීම සිදුවන්නේ ය. මෙය ජීව අජීව සැම ස්‌කන්ධයක්‌ සඳහා ම පොදු විද්‍යාත්මක සත්‍යයකි. ගසකින් හෝ ගල් ගොඩකින් බුදුන් ගේ රැස්‌ විහිදෙනවා යයි තීරණය කරන්නෝ මේ සත්‍යය ගැන කිසි ම අවබෝධයක්‌ නැත්තෝ ය. විදුසර පාඨකයන් ද එම අදහස ම අවබෝධ කරගත හොත් එහි ප්‍රතිඵලය ඉතා අභාග්‍යයක්‌ වනු ඇත. පාසලේ දී නවීන විද්‍යාව ඉගෙන ගන්නා දූ පුතුන්ට නම් මේ ව්‍යාජ බුදුරැස්‌ විහිදීම විහිළුවකි.


නිරපේක්‌ෂ උෂ්ණත්වය ශුන්‍යය හෙවත් බිංදුවට වැඩි වන තරමට උණුසුම් වන සජීවී/අජීවී වස්‌තූන් තාප කිරණ (විද්යුත් චුම්බක තරංග) නිරතුරු ව ම විමෝචනය කරන බව ස්‌ටෙෆාන් සහ බෝල්ට්‌ස්‌මාන් (Stefan and Boltzmann) විසින් පෙන්වා දෙනු ලැබුවා පමණක්‌ නො ව, ඒ හා සම්බන්ධ වන සමීකරණ පවා හඳුන්වා දෙන ලද්දේ මීට ශතවර්ෂ ගණනාවකට පෙර ය. මෙය ස්‌ටෙෆාන් බෝල්ට්‌ස්‌මාන් නියමය (Stefan-Boltzmann law) ලෙස අද අ.පො.ස. උසස්‌ පෙළ සිට ම භෞතික විද්‍යාවේ දී ඉගෙන ගන්නා භෞතික න්‍යායකි.


කෘෂ්ණ වස්‌තුවක (Black body) ඒකීය වර්ගඵලයක්‌ හරහා නිකුත් වන ශක්‌තිය, J, එහි උෂ්ණත්වයේ (නිරපේක්‌ෂ උෂ්ණත්වයේ) T, සතර වැනි බලයට අනුලෝම ලෙස සමානුපාත වන බව ස්‌ටෙෆාන් බෝල්ට්‌ස්‌මාන් නියමයෙන් කියෑවේ. එය J = aT
4 සමීකරණයෙන් දැක්‌වේ. මෙහි a, ස්‌ටෙෆාන් බෝල්ට්‌ස්‌මාන් නියතය වේ.

එපමණක්‌ නො ව, ස්‌ටෙෆාන් බෝල්ට්‌ස්‌මාන් නියමයට අනුව නිකුත් වන කිරණ හෝ රශ්මි වළලුවල තරංග ආයාමය λ එම වස්‌තුවේ උෂ්ණත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වන බව වීන් (Wien) නම් විද්‍යාඥයා පෙන්වා දී ඇත. මේ සියලු දේවල සත්‍ය අසත්‍යතාව ප්‍රායෝගික ලෙස ඕනෑ ම කෙනකුට පරීක්‌ෂා කළ හැකි ය. වීන් පෙන්වා දුන් නියමය λ = b/T සමීකරණයෙන් දැක්‌වේ. මෙහි b වීන් නියතය (Wien's displacement constant) වේ.


උෂ්ණත්වයට අනුව වස්‌තුවකින් නිකුත් වන කිරණ ග්‍රහණය කිරීමට හැකි උපකරණයක්‌ මඟින් එය නිරීක්‌ෂණය කිරීම පහසු දෙයක්‌ වුව ද මිනිස්‌ ඇසට ග්‍රහණය කළ හැකි වන්නේ දෘෂ්‍ය වර්ණාවලිය තුළ අඩංගු වන මයික්‍රෝ මීටර් 0.40 (දම් පාට) සිට 0.70 (රතු පාට) දක්‌වා වන තරංග ආයාමයක්‌ පමණි. එම වර්ණාවලියෙන් බැහැර වූ විද්යුත් චුම්බක තරංග නිරීක්‍ෂණය කිරීමේ හැකියාව සහිත මිනිසුන් අතීතයේ සිටියා නම් පමණක්‌ ඔවුනට විවිධ වස්‌තුවලින් හෝ සමහර මිනිස්‌ සිරුරුවලින් නිකුත් වූ රශ්මි දැකගත හැකි වන්නට ඉඩ තිබිණි. එසේ නොමැති ව ශරීර


රැස්‌ දුටුවා යෑයි පවසන්නෝ මන(කල්පිත ව මවා ගත් දෙයක්‌ පවසති. එසේ නැත හොත් ඔවුහු මානසික රෝගයකින් පෙළෙන්නෝ වන්නෝ ය.


වර්ණ ග්‍රහණය කිරීමේ මිනිස්‌ ඇසේ හැකියාව මෙන්ම ප්‍රතිබිම්බ රඳා ගැනීමේ හැකියාව ගැන කරුණු බොහොමයක්‌ මේ වන විට විද්‍යා ලොවට රහස්‌ නො වේ. අපේ ඇසට දෘෂ්‍යමාන වන තරංග ආයාම පරාසය මයික්‍රෝමීටර් 0.40-0.70 වන බව එක්‌ වැදගත් සාධකයකි.


අප ඇසේ දෘෂ්ටි විතානායේ සෑදෙන ප්‍රතිබිම්බ මනසින් හඳුනාගෙන මතකයේ රඳා ගැනීමට තත්පරයකින් දහයෙන් පංගුවක තරම් කාලයක්‌ ගත වේ. ඇසේ ප්‍රතිබිම්බ රඳා ගැනීමේ එම කාර්යක්‌ෂමතාව නිසා තත්පර දහයෙන් පංගුවක (1/10) කාලයක්‌ තුළ සෑදෙන ප්‍රතිබිම්බ දෙකක්‌ වෙන් කර හඳුනා ගැනීමට මිනිසුන්ට අපහසු ය. තව ද අපේ ඇසේ දෘෂ්ටි විතානය කරා එක මොහොතක ළඟා වන ආලෝක කිරණ ප්‍රමාණය අති විශාල ය. ආලෝක කදම්බ ඇස වෙත ගමන් කරන දුර ප්‍රමාණය තුළ එම කදම්බ මුහුණ පාන, පරාවර්තනය, වර්තනය, ප්‍රකිරණය, පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ආදී, විවිධ ක්‍රියාකාරකම් නිසා එක ම ආලෝකවත් වස්‌තුවක සිට විවිධ දිසා ඔස්‌සේ කදම්බ ළඟා වීමෙන් එක ම ප්‍රභවය ස්‌ථාන කිහිපයක පිහිටා ඇත්තා සේ පෙනේ. තව ද ඇසේ (සත්‍ය වශයෙන් ම ඇසේ කාචයේ) ඉතා අල්ප චලනයක දී වුව ද ආලෝකවත් වස්‌තුවක සිට ළඟා වන කිරණ රාශියක්‌ විවිධ දිසාවලින් ඇසේ නාභිගත විය හැකි ය. මෙවන් කරුණුවල බලපෑම නිසා අපට යමක්‌ දෘෂ්‍යමාන වීම ඉතා සංකීර්ණ ලෙස සිදු වන දෙයකි. ඒ සංකීර්ණත්වය නිසා අපට වටහා ගත නොහැකි තරම් සංකීර්ණ දර්ශන අප අවට පරිසරයේ දිස්‌ වේ. මේ සංකීර්ණත්වයට හේතු නො දන්නා අයකුට එවන් දර්ශන එක්‌කෝ ආශ්චර්යවත් දේවල් විය හැකි ය. නැතිනම් නො දන්නා බලවේගයක නිර්මාණ විය හැකි ය.


භෞතික විද්‍යාවේ දී මෙවන් දර්ශන දෘෂ්ටි මායාවන් (Optical Illusions) ලෙස නම් කෙරේ. රූපවාහිනි රූප රාමුවක වම් පසට ගමන් කරන රථවාහනයක රෝද දකුණු දෙසට කරකැවෙන්නා සේ දිස්‌ වීම, මීදුම හෝ පින්න සහිත වාතාවරණයක අහසේ විවිධ රූප සහ ආලෝකවත් ලප දිස්‌ වීම, ක්‌ෂිතිජයෙන් නැඟ එන හිරු සෙලවෙන්නා සේ දිස්‌ වීම, විවිධ වර්ණයන් ගෙන් සමන්විත රූප රාමුවක සමහර වර්ණ පෙන්වන මායිමේ තවත් වර්ණයක්‌ රංගනවල යෙදීම ආදිය මෙයට උදාහරණයි. වර්ණ වෙන් වන මායිමේ තවත් වර්ණයන් රංගනවල යෙදීම වර්ණවත් බිත්තිවල හෝ ප්‍රතිමාවල පැහැදිලිව පියවි ඇසට දැකගත හැකි වීම දෘෂ්ටි මායාවක්‌ මිස ආශ්චර්යයක්‌ නම් නො වේ. මෙවන් වර්ණ රංගනයක්‌ බුද්ධ ප්‍රතිමාවක දක්‌නට ලැබුණ විට එය බුදුරැස්‌ ලෙසට හඬ නඟන්නේ මේ පිළිබඳ යථාර්ථය නොදන්නාකම නිසා ම ය. අභයසිංහ වන මා ගේ ප්‍රතිමාවක්‌ විවිධ වර්ණයෙන් සායම් කොට මට "අභයසිංහ රැස්‌" දැකගත හැකි ය. ඔබ ගේ මේ ආකාරයේ රූප රාමුවකින් ද මෙලෙස රැස්‌ විහිදෙන බව ඔබට නිවසේ දී ම වුව දැක බලාගත හැකි ය.


විවිධ ස්‌ථාන හෝ වස්‌තුවලින් නිකුත් වන රශ්මි වළලු පිළිබඳව විද්‍යාඥයන්ට කිසි ම රහසක්‌ හෝ ආශ්චර්යයක්‌ නැත. මෙතෙක්‌ ලොව ලබා සිටින විද්‍යා දැනුම සහ න්‍යායන් මේ රැස්‌ පහදා දීමට ඕනෑ තරම් සෑහේ. එම යථාර්ථය නො දන්නා අයට වස්‌තුවකින් නිකුත් වන ඕනෑ ම ආලෝක කිරණයක්‌


"රැස්‌" වන්නේ ය. බෞද්ධාගමට සම්බන්ධකම් ඇති ගසකින් හෝ ගොඩනැඟිල්ලකින් එම


"රැස්‌" නිකුත් වේ නම් එය බුදුරැස්‌ ම බවට යථාවබෝධය නොමැති බාලයක්‌ වටහා ගැනීම ගැන පුදුම විය යුතු නැත. මෙවන් සිදුවීම් පිළිබඳව විද්‍යාත්මක කරුණු පහදා දෙන ලිපි ලේඛන බහුබූත ලෙස හෝ මිථ්‍යාදෘෂ්ටික අදහස්‌ ලෙස හංවඩු ගැසීමට සමහර බෞද්ධාගමික බලවතුන් පවා ජනමාධ්‍යවල පිටු බදු ගැනීම අප දූ දරුවන්ට කරන අපරාධයකි. එවන් ළාබාල නූගත් ක්‍රියාකලාප නිසා යථාර්ථය සොයා යන අයට සිදු වන බුද්ධි හානිය අපමණ ය.


බුද්ධ ප්‍රතිමාවලින් හෝ බෝ ගස්‌වලින් පිට වන රැස්‌ පමණක්‌ නො ව, උස්‌ කඳුමුදුන්වලට උදා කාලයේ දර්ශනය වන සූර්ය චලනය, දේදුන්න, හිරු සහ සඳ වටා ආලෝක වළලු සහ මිරිඟුව යන සංසිද්ධි පවා ආශ්චර්යවත් සිදුවීම් ලෙස බාර ගැනීමට විද්‍යා දැනුම නැත්තන් සහ අන්ධ භක්‌තිකයන් සැදී පැහැදී සිටීම ඉතා කණගාටුදායක ය. එවන් අය ගේ දෑස්‌ පෑදීමට යථාර්ථවාදී අදහස්‌ පාඨකයා වෙත ගෙන ඒම මේ අජටාකාශ යුගයේ ජනමාධ්‍යවල විශාල ජනහිතකාමී මෙහෙවරක්‌ යෑයි සිතමි.


බුදුරැස්‌ දැනීමට නම් මානසික නිද්‍රාවක්‌ අවශ්‍ය බවත් ඇස වසා සිටියත් එය පෙනෙන බවත් සමහර පණ්‌ඩිත ලිපිවල සඳහන් වේ. මෙයින් ඉතා පැහැදිලි වන ප්‍රධාන කරුණක්‌ නම් මේ බුදුරැස්‌ දුටුවා යෑයි හෝ දකින්නට තරම් පිංවන්තයන් යෑයි පවසන අය ඇසින් දුටු කිසි ම රැස්‌ වළල්ලක්‌ නොමැති බව ය. ඔවුන් මනසේ මවා ගත් රැස්‌ ගැන දොඩවන්නන් ය. තමන් ගේ ආධ්‍යාත්මික අගය ලොවට කියාපෑමේ උත්සාහයක්‌ ලෙස තමන්ට බුදුරැස්‌ පෙනෙනවා යෑයි පවසන්නන් ද නැතිවා නො වේ. ඇස්‌ වසාගෙන රැස්‌ වළලු පමණක්‌ නො ව දෙව්ලොව දිව්‍යාංගනාවන් හෝ අපාය හෝ තමන් ආසා කරන ඕනෑ ම රුවක්‌, දසුනක්‌ මනෝලෝකයේ මවාගෙන දැක ගත හැකි බව කාටත් රහසක්‌ නො වේ.


නිර්මල බුදුදහම ආරක්‌ෂා කරන බව අප ම ලෝකයට පරකාස කරමින් අප ම එම දහමට නිගා කිරීම කෙසේ වත් අනුමත කළ හැකි දෙයක්‌ නො වන බව සැබෑ බෞද්ධයන් බහුතරයක ගේ මතය වන බව මට විශ්වාස ය. ලොව ඕනෑ ම තැනක වසන ඕනෑ ම කෙනකුට සාධාරණ ලෙස පිළිපැදිය හැකි දර්ශනයක්‌ වන බුදුදහම බැලූ බැල්මට සරල වුව ද එය ගැඹුරු ය.


ගිහි පැවිදි අපේ බෞද්ධයන් ළාබාල අබොෘද්ධ පිළිවෙත්වල යෙදීමේ අවස්‌ථාවන් කිහිපයකින් එකක්‌ විටින් විට ජනමාධ්‍ය ඔස්‌සේ බුදුරැස්‌ විහිදීම ලෙස ප්‍රසිද්ධ වේ. මෙහි උච්චතම අවස්‌ථාව වූයේ 2006 අගෝස්‌තු 1-2 දිනවල මුළු දිවයින පුරා ම පාහේ බුදු පිළිම අසලට රැස්‌ වී රැස්‌ විහිදෙනු බලමින් අප ජනතාව ලොව ම හිනැස්‌වීමයි. මේ ළාබාල, අබෞද්ධ, අවිද්‍යාත්මක ප්‍රචාරයන්ට බොහෝ සංඝයා වහන්සේලා පවා ප්‍රධානත්වය දෙන බව ජනමාධ්‍ය තුළින් පෙනේ. තවත් උගතුන් සහ බුද්ධිමතුන් හිනස්‌වන සිදුවීම් වන්නේ සෝමාවතී වෛත්‍යය අවට රැස්‌ විහිදීම සහ චෛත්‍ය ගැබ තුළ සිට පෙරහැර පිටත් වීමයි. මෙවන් බහුබූත දර්ශන පෙනෙනවා යෑයි පවසන අය කිනම් හෝ මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන බව නම් ප්‍රත්‍යක්‌ෂ ය. නිර්මල බුදුදහම ජනතාවට පහදා නො දී, බහුබූත කතා මඟින් බුදුදහම හාස්‌කම්වලින් පිරී ඇත්තේ යෑයි ප්‍රලාප සහ මුසාවාද දෙසාබාන අය ගෙන් බුදුදහමට වන සෙතක්‌ ඇත් ද? ඔවුහු ලොව උගත් ජනයාට විහිළු සපයන්නෝ ය.


දෘෂ්ටි මායා (Optical Illusions) භෞතික විද්‍යා විෂය ධාරාවේ අඩංගු වන කොටසක්‌ වන අතර එම විෂය හදාරන්නෝ එක්‌ එක්‌ අවස්‌ථාවල එන න්‍යායන් උපයෝගී කොටගෙන ආලෝක ධාරා සම්බන්ධ සංසිද්ධීන් හදාරති. විස්‌තර කරති. මෙය අද ඊයේ නො ව අනාදිමත් කාලයක සිට සිදු වූ සහ සිදු වන සාමාන්‍ය දෙයකි. එනිසා තැන තැන දුවමින් අන්ධ රැලක්‌ බුදුරැස්‌ නැරඹුවාට එහි යථාර්ථය දන්නා බුද්ධිමතුන් සහ යථාර්ථවාදීන්ට එය මදුරුවකු දෂ්ට කළ තරම් වත් විශේෂ දෙයක්‌ නො වේ. ඔවුහු එය එදා අද මෙන් හෙටත් වෙනසක්‌ නොමැති ව දකිති. එවන් සාමාන්‍ය සිදුවීමක්‌ ගැන දිනපතා ප්‍රකාශන නිකුත් කිරීමක්‌ විදුධරයන් අතින් සිදුවීමක්‌ බලාපොරොත්තු වන්නට තරම් ජනතාව අවිද්‍යාත්මක නො වේ යයි සිතමි. විවිධ වර්ණ සංකලනයන්වල බලපෑම්වල ප්‍රතිඵල ලෙස අහස්‌ තලයේ නොයෙක්‌ වර්ණ රටාවන් (Coloured sky), උස්‌ කඳු මුදුන්වලට උදා කාලයේ දර්ශනය වන සූර්ය චනලය (Fluctuation of solar images)ල දේදුන්න (Rainbow) හිරු සහ සඳ වටා ආලෝක වළලු (Aurora/Halo) සහ මිරිඟුව (Mirage) ආදිය ඇති වන්නේ කෙසේ ද යන්න භෞතික විද්‍යාව හදාරන අයට විස්‌තර කළ හැකි ය. එම යථාර්ථය නො දන්නා ජනයා මෙන්ම සංඝයා වහන්සේලා මේ සිදුවීම් ආශ්චර්යයන් සේ සිතා නොයෙක්‌ නො දන්නා බලවේග ඒ හා සම්බන්ධ කොට ජනතාව නොමඟ යෑවීම පාපකර්මයක්‌ ද වන්නේ ය.


බොහෝ සංඝයා වහන්සේලා සහ සමහර ආචාර්ය මහාචාර්යවරු අධ්‍යාපන ආයතනවල දී හදාරා ඇත්තේ බෞද්ධ සාහිත්‍යය, ආගම, ඉතිහාසය, පාලි සහ වෙනත් භාෂා ආදී විෂයයන් පමණි. මේ නිසා පරිසරයේ සිදු වන දේ යථා අයුරින් වටහා ගැනීමේ හැකියාවක්‌ ඔවුනට නැත. තම තමන් සත්‍ය යෑයි අදහන සංකල්ප හිස්‌ මත තබාගෙන ඔවුහු ජනතාව නොමඟ යවති. විද්‍යා අධ්‍යාපනය ලැබුව ද භෞතිකවිද්‍යාව විෂයය හදාරා නැති නම් ස්‌වාභාවික සංසිද්ධිවලට පසුබිම් වන සාධක ගැන අවබෝධයක්‌ ලබා ගැනීම ඉතා අසීරු ය. මේ හේතුව නිසා ම විදුධරයන් බොහොමයක්‌ ද විචාරයෙන් තොර අන්ධ භක්‌තිකයන් ලෙස හැසිරීම විද්‍යාවබෝධය ව්‍යාප්ත කිරීමේ දී මුහුණපාන්නට තිබෙන එක්‌ ගැටලුවකි.


ගතානුගතික විශ්වාසයන් කර පින්නාගෙන ඒ විශ්වාසය අන්ධ භක්‌තිකයන් ගේ ඔලුගෙඩිවලට පුනපුනා දමමින් ඔවුන් ද මෝඩයන් කරමින් තම බඩ වියත රැක ගැනීම සමහරකු ගේ එක ම පරමාර්ථය වේ. බෞද්ධ ජනයා සත්‍ය බුදුදහම අවබෝධ කරගැනීමේ රිසින් සිටී නම් ඔවුන් මේ ළාබාල මෝඩ අදහස්‌ පිළිකුළෙන් යුතු ව හෙළාදකිනු ඇත.


කේ. ආර්. අභයසිංහ-විදුසර පුවත්පත

Saturday, March 3, 2012

ශී‍්‍ර ලංකාව සී.බී. කුසලාන අවසන් තරග වලට


Add caption

ඔස්ට්‍රේලියාව සමග පැවති තීරණාත්මක තරගය ලකුණු 9කින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය.  ඒ අනුව ඉන්දිය කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.අද තරගයේදී ඩැනියෙල් ක්‍රිස්ටියන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම විශේෂත්වයකි.
මෙල්බර්න් පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහේල ජයවර්ධන පළමුවෙන් පන්දුවට පහරදී මට තීරණය කළේය.ශ්‍රී ලංකා කණ්ඩයමේ මුළු ලකුණු සංඛ්‍යාව 10ක් වන විට ලකුණු 5ක් රැස් කළ නායක මහේල ජයවර්ධන දුවද්දී දැවී ගියේය.
සිය 30 වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ලකුණු 1,000 සීමාව පසු කිරීමට අද සමත් විය. චන්දිමාල් අඩුම තරග සංඛ්‍යාවකින් ලකුණු 1,000 සීමාව පසු කළ දෙවැනි ශ්‍රී ලංකික ක්‍රීඩකයා වන අතර එහ පළමු තැන හිමිව ඇත්තේ, රෝයි ඩයස්ටය.

සංගක්කාර පන්දු 93කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 64කි.තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක සබඳතාවක් ගොඩනැගීමට සංගක්කාර සහ චන්දිමාල් සමත් වුහ.චන්දිමාල් පන්දු 84කදී 4 පහර 3ක් සහ 6 පහර 2ක් සමග ලකුණු 75ක් රැස් කළේය.28 හැවිරිදි වමතින් වේග පන්දු යවන ඩැනියෙල් ක්‍රිස්ටියන් එක්දින තරගයක කඩුළු ත්‍රිත්වයක් දවා ගත් තෙවැනි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට පත් විය.ඔහු හමුවේ තිසර පෙරේරා සචිත්‍ර සේනානායක හා නුවන් කුලසේකර දැවී ගියහ.
අදාළ හැට්‌ටි්‍රක්‌ අවස්‌ථාවේදී සචිත්‍ර සේනානායක සහ නුවන් කුලසේකර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියද පුනරූපණය වලින් දිස්‌වූයේ එම දැවී යාම් පා ඉන්නෙන් ඉවතට පන්දු ඇදී යන අවස්‌ථාවකදී පාකිස්‌තාන් විනිසුරු රොඩ් ට්‍රකර් ලබාදුන් දුර්වල තීරණයක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාවට අවාසියක්‌ සිදුවූ බවයි.
 ශ්‍රී ලංකා මැද පෙළ ඉනිම ශක්‌තිමත් කළ ළහිරු තිරිමාන්න සිය තෙවැනි එක්‌දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු ලබාගත් ලකුණු 51 සඳහා පන්දු 59 ක්‌ වැය වද්දී හතරේ පහර 2 ක්‌ තම ඉනිමට එක්‌ කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 238කි.පන්දු යැවීමේදී ඩැනියෙල් ක්‍රිස්ටියන් පන්දුවාර 9කදී ලකුණු 31කට කඩුලු 5ක් දවා ගත්තේය.ජේස්ම් පැටින්සන් පන්දුවාර 10 කදී ලකුණු 51කට කඩුලු 4ක් දවා ගත්තේය.


පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 26ක් තුළදී දැවී ගියේය.ශේන් වොට්සන් සිය එක්දින ක්‍රිකට් දිවියේ 26 වැනි අර්ධ ශතකය අද වාර්තා කළේය.වොට්සන් සහ මයික් හසී තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 87ක සබඳතාවක් ගොඩ නැගූහ.මයික් හසී ලකුණු 29කට දවා ගනු ලැබූවේ, ලහිරු තිරිමාන්න විසිනි.ශේන් වොට්සන් ලකුණු 65කට දැවී ගියේය.ඕස්ට්‍රේලියාවට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 10ක් රැස් කර ගත යුතුව තිබුණි.ලකුණු 74ක් රැස් කළ ඩේවිඩ් හසී නුවන් කුලසේකර යැවූ අවසන් පන්දු වාරයේ පළමු පන්දුවේදී දැවී ගියේ ටී.එම්. ඩිල්ෂාන්ගේ විශිෂ්ට උඩ  පන්දු රැකීම හමුවේය.

ඕස්ට්‍රේලියාව පන්දු වාර 49පන්දු 1කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ, ලකුණු 229ක් පමණි.

ලසිත් මාලිංග පන්දුවාර 10කදී ලකුණු 49කට කඩුලු 4ක් දවා ගත්තේය.නුවන් කුලසේකර ලකුණු 38කට කඩුලු 2යි. තරගයේ වීරයා  සම්මානය දිනේෂ් චන්දිමාල් වෙත ලැබුණි.

මෙම තර‍ගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව සී.බී. කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගාවලිය සඳහා සුදුසුකම් ලබයි. 

2013 සිට උසස්‌ පෙළට හැදෑරීමට බලාපොරොත්තු වන විෂයන් තුනක්‌ සාමාන්‍ය පෙළදී හැදෑරීම අනිවාර්යයි


පාසල් දරුවන්ගේ "දැනුම කේන්ද්‍රීය" සාධකය බවට පත්කිරීම සඳහා තොරතුරු තාක්‌ෂණය, ඉංග්‍රීසි භාෂාව, වෙනත් විදේශ භාෂා, විද්‍යාව හා ගණිතය, නැටුම්, සංගීතය ඇතුළු සෞන්දර්ය විෂයන්, ක්‍රීඩා යන අංශ පහ කෙරෙහි මේ වසරේ සිට දැඩි අවධානය යොමු කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (01 වැනිදා) මරදාන සහිරා විද්‍යාලයේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගුණවර්ධන මහතා මෙසේද කීය.මේ වසරේ සිට අධ්‍යාපනයේ වෙනස්‌කම් රාශියක්‌ සිදු කරනවා. ප්‍රාථමික පාසල් 5000, ද්විතීයික පාසල් 1000 මේ වසරේදී නඟාසිටුවීමට බලාපොරොත්තු වෙනවා. එක්‌ දිස්‌ත්‍රික්‌කයකින් පාසල් 3 ක්‌ තෝරාගෙන ප්‍රමුඛ පාසල් ලෙස ස්‌ථාපිත කරනවා.

2013 සිට විෂය නිර්දේශය වෙනස්‌ කරනවා. උසස්‌ පෙළට හැදෑරීමට බලාපොරොත්තු වන විෂයන් තුනක්‌ සාමාන්‍ය පෙළදී හැදෑරීම අනිවාර්ය වෙනවා. ඒ අනුව උසස්‌ පෙළදී ශිෂ්‍යයන්ට විද්‍යා, ගණිතය, වාණිජ, කලා, තොරතුරු තාක්‌ෂණය යන විෂය ධාරා ඔස්‌සේ අධ්‍යාපනය හැදෑරීමට අවස්‌ථාව උදාවෙනවා.

Friday, March 2, 2012

වසරේ ප්‍රධාන විභාග සඳහා දින නියම වේ

උ/පෙළ අගෝ. 6 දා ,ශිෂ්‍යත්වය අගෝ. 26 දා ,සා/පෙළ දෙසැ. 10 දා

මෙම වසරේ ප්‍රධාන පාසල් විභාග සඳහා විභාග දෙපාර්තමේන්තුව දින නියම කර ඇත. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය අගෝස්‌තු මස 6 වැනිදා සිට එම මස 30 වැනිදා දක්‌වා පැවැත්වෙන අතර එම විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව මේ වනවිට අයෑදුම්පත් කැඳවා ඇත. පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ අගෝස්‌තු මස 26 වැනිදායි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 10 වැනිදා සිට 19 වැනිදා දක්‌වා පැවැත්වීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. උසස්‌ පෙළ සිසුන් සඳහා සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය දෙසැම්බර් මස 21 වැනිදා පැවැත්වේ.

Thursday, March 1, 2012

හොර පාරෙන් අධ්‍යාපන පරිපාලනයට

අධ්‍යාපන ඇමතිවරයා විසින් අධ්‍යාපන පරිපාලන සේවයේ වැඩබලන නිලධාරීන් කැබිනට් පති‍්‍රකාවක් හරහා ස්ථිර කිරීමට ගන්නා උත්සාහයට සිය බලවත් විරෝධය පළකරන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී සම්පූර්ණ නිවේදනය පහත පරිදිය.

ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවය 2002 මාර්තු 1 දින නිකුත් කරන ලද අංක 1225/32 දරණ ගැසට් පත‍්‍රයට අනුව ප‍්‍රකාශිත සේවා ව්‍යවස්ථා සංග‍්‍රහයක් යටතේ කි‍්‍රයාත්මක වේ. එම ව්‍යවස්ථාව තුළ එම සේවාවට බඳවා ගැනීම් පටිපාටිය පැහැදිලි ව දක්වා ඇත.

අදාළ ව්‍යවස්ථාව පාදක කොට ගෙන 2010 දෙසැම්බර් 31 වෙනි දින නිකුත් කරන ලද අංක 1687 දරණ ගැසට් පත‍්‍රයෙන් මේ වන විට ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමට තරග විභාගයකට අයඳුම්පත් කැඳවා රු.1000/- ක විභාග ගාස්තුවක් ද ගෙවා 25000 කට වැඩි පිරිසක් එම විභාගයට පෙනී සිට මේ වන විට ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වෙති.

එම විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කොට විධිමත් ව ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට පත්වීමට අපේක්ෂාවෙන් සිටින පිරිස බඳවා නොගෙන අධ්‍යාපන අමාත්‍යවරයා වැඩබලන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් 725 දෙනෙකු අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත් කිරීමට කැබිනට් පති‍්‍රකාවක් යොමු කරන බව මේ වන විට වාර්තා වී තිබේ.

කැබිනට් පති‍්‍රකාවෙන් යෝජිත වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මෙම පත්වීම් ලබාගෙන ඇත්තේ සුදුසු නිලධාරීන් සිටියදී දේශපාලන හා වෙනත් හිතවත්කම් මතය. මේ ආකාරයට වැඩබලන අධ්‍යක්ෂකවරුන් කැබිනට් පති‍්‍රකා හරහා ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට පත්කිරීම පරිපාලන සේවා ව්‍යවස්ථාවට අනුව එම සේවයට ඇතුළු වීමට නොහැකි අයට සේවයට ඇතුළු වීමට පවතින අයථා ක‍්‍රමවේදයකි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම කැබිනට් පති‍්‍රකාව හරහා අයථා ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු දරණ වැඩබලන නිලධාරීන්ට ස්ථිර තත්ත්වයක් ලබාදීම තුළ මෙම තනතුරු අපේක්ෂාවෙන් සිටින සුදුසුකම් ඇති නිලධාරීන්ට බරපතළ අසාධාරණයක් සිදුවන අතර සේවා ව්‍යාවස්ථාව දැඩි ලෙස උල්ලංඝණය කිරීමක් ද සිදු කරයි.

ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගනු ලබන්නේ, සේවා ව්‍යවස්ථාවට අනුව පද්ධතියේ ඇතිවන පුරප්පාඩු සංඛ්‍යාවමත තරග විභාග පැවැත්වීමෙනි. පද්ධතියේ පවතින පුරප්පාඩු කැබිනට් පති‍්‍රකා හරහා පිරවීම තුළින් එම පුරප්පාඩු සම්පූර්ණ වන අතර විධිමත් ආකාරයෙන් එම පත්වීම් අපේක්ෂා කරන්නන් හට එම තනතුර ලැබීමට ඇති අයිතිය වළකාලයි.

මේ තත්වය තුළ මෙම කැබිනට් පති‍්‍රකාවට ගුරු සහ විදුහල්පතිවරුන් නියෝජනය කරන සංගමයක් ලෙස අප දැඩි විරෝධය පළ කරන අතර අපගේ විරෝධය නොතකා මෙම පත්වීම් ලබාදෙන්නේ නම් එයට එරෙහි කි‍්‍රයාමාර්ගයන්ට යොමු වන බව පැහැදිලිව සඳහන් කරමු.

මේ වන විට මෙම තත්වය වළකන ලෙස කැබිනට් ලේකම්,රාජ්‍ය සේවා කොමිෂමේ ලේකම් සහ අධ්‍යාපන ලේකම් ට ලිඛිතව ලංකා ගුරු සංගමය දැනුම් දී ඇත.