Friday, April 29, 2011

ඩිල්ෂාන් සහ ප්‍රදීප් අයි.පී.එල්. වලින් නිදහස්‌ කරීම හා මාලිංග ගැන

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම එංගලන්ත සංචාරයේදී සහභාගි වන පළමු පුහුණු තරගයේ සිට කණ්‌ඩායමට එක්‌වීමට අයි.පී.එල්. නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක තිලකරත්න ඩිල්ෂාන්ට ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් අවසරය ලැබී තිබේ.

ඒ අනුව ඩිල්ෂාන් සමග අයි.පී.එල්. නියෝජනය කරන නුවන් ප්‍රදීප්ද පළමු පුහුණු තරගයේ සිට කණ්‌ඩායමට ක්‍රීඩා කරන අතර අයි.පී.එල්. නියෝජනය කරන සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මැයි මස 18 වැනිදා ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌වීමට නියමිතය.

මැයි මස 14 වැනිදා පැවැත්වෙන පළමු සිව්දින තරගයට අයි.පී.එල්. ක්‍රීඩකයන්ගේ අඩුව පිරවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් මලින්ද වර්ණපුර, කෞෂාල් සිල්වා, චමිත් එරංග සහ පර්වීස්‌ මහරුප් නම් කර ඇතත් ඩිල්ෂාන් සහ නුවන් ප්‍රදීප්ගේ පැමිණීමත් සමග කෞෂාල් සිල්වා සමග පර්වීස්‌ මහරු
ප් හෝ චමිත් එරංග දෙදෙනාගෙන් එක්‌ අයකු පළමු පුහුණු තරගය ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අතරින් ර්වීස්‌ මහරුප් දැනට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කරන බැවින් ඔහුට එම අවස්‌ථාව හිමිවීමට වැඩි අවස්‌ථාවක්‌ පවතී. ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගි වන පළමු පුහුණු තරග ලබන මැයි 14 වැනිදා මිඩිල්එක්‌ස්‌ කණ්‌ඩායම සමග පැවැත්වේ.

මාලිංග 
එය 19 වැනි සියවසේ මැදභාගය විය. අධික ශීතලෙන් ප්‍රාණවත්ව තිබූ එංගලන්ත තණතීරුවක පන්දුවට පහරදීමට සූදානම්ව සිටියේ එවකට එංගලන්තයේ දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකුව සිටි දොස්‌තර විලියම් ගිල්බට්‌ ග්‍රේස්‌ (Dr. William Gilbert Grace) හෙවත් ඩබ්. ජී. ග්‍රේස්‌ය. ඩබ්. ජී. ග්‍රේස්‌ යනු එංගලන්ත ක්‍රිකට්‌ වංශ කතාවේ නම රැන්දු ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකි. ඔහු පන්දුවට පහරදෙනු බැලීමට ක්‍රිකට්‌ ලෝලීහු ක්‍රීඩා පිටි වටා රැස්‌ කනු එකල සුලබ දසුනකි. මෙදිනද විශාල ජනකායක්‌ ක්‍රීඩා පිටිය වටා රොක්‌ව සිටියේ ග්‍රේස්‌ගේ මනරම් පිතිහරඹය දැක ගැනීමටය.

ප්‍රේක්‍ෂක බලාපොරොත්තු සුන් කරමින් තරගයේ ප්‍රථම පන්දුවෙන්ම ග්‍රේස්‌ගේ ඉන්න ගලවා දැමීමට ප්‍රතිවාදී පන්දු යවන්නා සමත් විය. ක්‍රීඩා පිටියම මීයට පිම්බාක්‌ මෙන් නිහඬය. ග්‍රේස්‌ වහා තම පිත්තෙන් කඩුල්ල සිටුවා පන්දු යවන්නා ළඟට ගියේය. "මෙච්චර මිනිස්‌සු ඇවිල්ලා ඉන්නේ උඹ "බෝල්" කරනවා බලන්න නෙමේ, මම "බැට්‌" කරනවා බලන්නයි. දාපන් මිනිහෝ 'බෝල්'.

ග්‍රේස්‌ට අවනත වීම හැර වෙනත් දෙයක්‌ සිතීමටවත් පන්දු යවන්නාට ඉඩක්‌ නොලැබුණි. ග්‍රේස්‌ ඉන්පසු පිටිය වර්ණවත් කරමින් පිතිප්‍රහාරයේ නිරත වූයේ පැමිණ සිටි ප්‍රේක්‍ෂකයන් අමන්දානන්දයට පත් කරමිනි. එකල ග්‍රේස්‌ යනු කෙටියෙන් කිව්වොත් ක්‍රිකට්‌ පිටියේ "කෙරුමෙකි". ඔහු එංගලන්ත ක්‍රිකට්‌ ක්‍රීඩාවට අත්කර දුන් "සුදු ආධිපත්‍යය" අද දක්‌වාද අඩු වැඩි වශයෙන් තිබෙනු දැකගත හැකිය.

එම සිදුවීමෙන් සියවස්‌ දෙකක්‌ ගෙවී යමින් තිබෙන මේ මොහොතේ අප අත්විඳිමින් සිටිනුයේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට බලපා ඇති සුදු ජාතීන්ගේ ආධිපත්‍යයද? නැතහොත් ආසියානු ආධිපත්‍යයද? යන්න මැනවින් විග්‍රහ කළ යුතු මාතෘකාවකි. පසුගියදා නිමාවට පත්වූ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය දෙස බැලූවිට ක්‍රිකට්‌ ආධිපත්‍ය මේ මොහොතේ සතුකරගෙන ඇත්තේ කවුරුන්ද යන්න දැන් මැනවින් පැහැදිලිය.

ක්‍රිකට්‌ ක්‍රීඩාවට බලපා ඇති ආසියානු ආධිපත්‍ය දෙස හොඳින් බැලූ විට අපට සාක්‍ෂාත් කරගත හැකි කරුණක්‌ වනුයේ ආසියානු ක්‍රිකට්‌ ක්‍රීඩාව දේශප්‍රේමය සමග බද්ධව ගමන් කරන බවකි. සියවස්‌ ගණනාවක්‌ යටත් විජිත රාජ්‍යයන්ව පැවැති ආසියානු කලාපයේ සියල්ල තවමත් තීන්දු කරනුයේ "දේශ ප්‍රේමය" වීම අරුමයක්‌ නොවෙන්නා සේම එය ක්‍රිකට්‌ ක්‍රීඩාවට බද්ධ වීම සම්බන්ධයෙන්ද කිසිදු තර්කයක්‌ නොමැත. එහෙත් මෙහි ඇති ෙ€දවාචකය වන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් "ක්‍රිකට්‌ වෙනුවෙන් ක්‍රීඩා කිරීම" වෙනුවට "රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ" සටන් පාඨය පෙරට පැමිණ තිබීමය. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ දේශපාලනයේදී මෙන් මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළත් දේශෙද්‍රdaහීන් හා දේශප්‍රේමීන් බිහිවීමය. එය අප මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දී අත්විඳිමින් සිටින්නෙමු.

අප මේ සියලු කරුණු පෙළගැස්‌වූයේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව පවතින අස්‌ථානය පිළිබඳ යම් වැටහීමක්‌ ලබාගැනීමටය. ඉදින් අපි අපගේ ප්‍රස්‌තුතය වෙත එළඹෙමු.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ටෙස්‌ට්‌ පිටියෙන් සමුගැනීමත් සමග ඔහුට නන්දෙසින් විවේචන එල්ල වී තිබෙනු මාධ්‍ය මගින් දැකගත හැකි විය. සත්‍ය ලෙසම මාලිංග ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් ඉවත්ව සීමිත පන්දුවාර, 20-20 පන්දුවාර ක්‍රිකට්‌ වෙත යොමු වූයේ මුදලට ඇති ගිජු බව නිසාද?

සහතිකයෙන් ම මාලිංග ආබාධයකින් පෙළෙන්නේද?

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මාලිංගට කෙනෙහිලිකම් කළාද? යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලෝලීන් අතර බොහෝ කතාබහට ලක්‌වෙමින් තිබෙන මාතෘකාවක්‌ බවට පත්ව තිබේ. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මේ ගැටලුව වහා නිරාකරණය කරගත යුතුව ඇත.

ක්‍රිකට්‌ වංශ කතාවේ වේග පන්දුකරණය (Fast bowling) ඇරඹෙන්නේ වැරදීමකින් සිදුවූ අත යටින් යෑවූ (under arm bowl) පන්දුවකිනි. එසේ ඇරඹි වේගපන්දුකරණය පසුව අත තිරස්‌ව තබාගෙන පන්දුයෑවීම (Round Arm bowling) බවට පරිවර්තනය වී අද වන විට සයිඩ්-ඕන් (side-On) සහ µaරන්ට්‌-ඕන් (Front-On) යන ප්‍රධාන ඉරියව් දෙකට සීමා වී තිබේ.

ක්‍රිකට්‌ ක්‍රීඩාව අති ධාවනකාරී වෙත්ම වේගපන්දු යවන්නන්ට සිදුවන ආබාධ (Injuries) අවම කරගැනීම උදෙසා ජාත්‍යන්තර ක්‍රිකට්‌ පුහුණු කරුවන්ගේ අධීක්‍ෂණයෙන් හඳුන්වා දුන් Side-on සහ Front-on පන්දුකරණය හේතුවෙන් වේගපන්දු යවන්නන් රැසකට මහත් සෙතක්‌ උදාවී තිබේ. මන්ද මෙම ඉරියව් දෙක භාවිත කරන වේගපන්දු යවන්නන්ට වැළඳෙන ආබාධ අවම මට්‌ටමේ පැවතීම ඊට හේතුවයි.

"සයිඩ්-ඕන්" (Side-On) පන්දුකරණයේ ප්‍රමුඛයකු වන්නේ ඕස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වූ ඩෙනිස්‌ ලිලී (Dennis Lillee) ය. "µaරන්ට්‌ ඕන් (Front-On) පන්දුකරණයේ ප්‍රමුඛයකු වන්නේa බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු කීර්තිමත් වේගපන්දු යවන්නකු වූ මැල්කම් මාර්ෂල් (Malcolm
Marshall) යග මෙම පන්දු යවන්නන් දෙදෙනාම අඩු ආබාධ සහිතව ක්‍රීඩා කිරීම තුළින් ගම්‍ය වන්නේ ඔවුන්ගේ පන්දුකරණය වේගපන්දු යවන්නන්ගේ ශාරීරික යෝග්‍යතාවට කෙතරම් බලපෑමක්‌ ඇති කළේද යන්නය.

ලසිත් මාලිංගගේ පන්දුකරණය ගොඩනැඟී ඇත්තේ මීට හාත්පසින් වෙනස්‌ ඉරියව්වකිනී. එය ක්‍රීඩාවේදී හඳුන්වන්නේ අත තිරස්‌ව සිටිනාසේ කරකවා පන්දු යෑවීම (Round Arm Bowling) හෙවත් "Sling Action" ලෙසය "Sling" යනු කැටපෝලයෙන් විදීම, කවපෙත්ත විසිකිරීම යන අරුත දෙන්නකි. මෙම පන්දුකරණයේ ආරම්භකයා වන්නේ ඩබ්. ජී. ග්‍රේස්‌ (W. G. Grace) ය.

ක්‍රිකට්‌ ක්‍රීඩාව තාක්‍ෂණයෙන් පිරිපුන් වෙත්ම වේගපන්දු යවන්නන්ට මහත් ආබාධ ගෙනදුන් "Sling" පන්දුකරණය ක්‍රිකට්‌ පොතෙන් ඉවත්ව ගියේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ පැවැත්ම වෙනුවෙන් එය සුබදායක පන්දුකරණයක්‌ නොවූ නිසාය. "Sling
Action" පන්දුකරණය වේගපන්දු යවන්නන්ට හානිදායක වන්නේ කෙසේද යන්න අප විග්‍රහ කර බලමු.

සයිඩ්-ඕන් (Side-on) පන්දුකරණයේ නිරත දකුණතින් පන්දු යවන්නකු පන්දුව මුදාගැරීමේදී ඔහුගේ පසුපාදය විකට්‌ටුවේ පසු රේඛාවට සමාන්තරවත් ඉදිරි පාදය පිතිකරුවා වෙතටත් යොමුව පවතී. මෙහිදී ඔහුගේ ඉදිරි අත ඉහළට එසවී තිබෙන අතර පන්දු යවන්නා පිතිකරු දෙස බලනුයේ ඔහුගේ වම් අතට මෙපිටිනි. මෙහිදී පන්දුයවන්නාගේ තුනටිය සහ දණහිස ප්‍රදේශයට සමාන්තරව බලය යෙදෙන අතර මේ හේතුවෙන් වේගපන්දු යවන්නන්ට අත්විඳීමට සිදුවන දරුණුතම ආබාධයක්‌ වන දණහිසේ ආබාධ (Knee
injuries) අවම කරගැනීමට ඔවුන්ට හැකිවනු ඇත.

"µaරන්ට්‌-ඕන්" (Front-on) පන්දුකරණයේදී පන්දුයවන්නා තමන්ගේ සම්පූර්ණ ශරීරය පිතිකරුවා වෙත යොමු කරන අතර මෙහිදී පන්දු යවන්නාගේ තුනටියට සහ දණහිසට සමාන්තරව බලය යෙදෙන බැවින් Front-on පන්දුකරණයේදී ද ආබාධ ඇතිවීමට අවම මට්‌ටමේ පවතී.

"සයිඩ්-ඕන්" (Side-On) සහ "µaරන්ට්‌ ඕන්" (Front On) පන්දුකරණයේදී පන්දු යවන්නාගේ හිස, දෑත් සහ පාද එකම රේඛාවක පිහිටන බැවින් පන්දුකරණයේදී යෙදෙන බලය ශරීරයේ සියලු අංශ වෙත සමාන්තරව බෙදී යයි. එහෙත් "ස්‌ලින්ග්" (Sling) පන්දුකරණයේදී පන්දුයවන්නාගේ හිස, දෑත් සහ පාද විවිධ රේඛාවල පිහිටන බැවින් පන්දුයවන්නා යොදන බලය වැඩිපුර යෙදවෙන්නේ ඔහුගේ දණහිස සහ තුනටිය ප්‍රදේශයටය. මාලිංගගේ පන්දුකරණයේ ඉරියව් නිරීක්‍ෂණය කළ විට මෙය හොඳින් පැහැදිලි කරගත හැක.

ඒ නිසා ලසිත් මාලිංගගේ "ස්‌ලිනග්" පන්දු රටාව (Sling Action) ඔහුට බලවත් හානිය ගෙනදෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මාලිංග හැරුණු විට පකිස්‌තානයේ කම්රන් කාන් (Kamran Khan), ඕස්‌ටේ්‍රලියාවේ මිචෙල් ජොන්සන් (Mitchell Johnson), ෂෝන් ටේට්‌ (Shaun Tait) බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක පීඩ්ල් එඩ්වර්ඩ් (Fidel Edwards) 'Sling' පන්දුකරණයේ නිරත පන්දු යවන්නන්ය. මෙම පන්දු යවන්නන් අතුරින් සිරුරට සමානව වැඩිම අංශක ප්‍රමාණයකින් (අංශක 90 ආසන්න) "Sling" පන්දුකරණයේ නිරත එකම පන්දු යවන්නා ලසිත් මාලිංගය. එබැවින් මාංලිගට දණහිසේ ආබාධයක්‌ (knee injuries) උරුම වීම අරුමයක්‌ නොවේ.

මාලිංග, දිගින් දිගටම පන්දුකරණයේ නිරත වීමේ අවදානම මතුවූයේ අද ඊයේ නොවේ. එබැවින් මාලිංග ටෙස්‌ට්‌ ක්‍රීඩාවට ආයුබෝවන් කීම පිටුපස ඇති සත්‍ය කතාව ඔහුගේ මේ දණහිසේ ආබාධය බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද ටෙස්‌ට්‌ තරගයකට ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයකුට දින 5 ක කාලයක්‌ ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට සිදුවේ. මේ දින 5 ඇතුළත පැය 30 ක පමණ කාලයක්‌ ක්‍රීඩාපිටියේ රැඳී සිටීමට ක්‍රීඩකයන්ට සිදුවේ. සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නකු නම් මේ පැය 30 ක කාලය ඇතුළත පන්දු වාර 30-40 ආසන්න ප්‍රමාණයක්‌ යවනු ලබයි. මෙය "ස්‌ලින්ග්" (Sling) පන්දුකරණයේ නිරත වේග පන්දු යවන්නකුට නම් ඉතාමත් අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නකි. පැයකට කිලෝ මීටර් 140-150 අතර වේගයකින් "ස්‌ලින්ග්" (Sling) ඉරියව්වෙන් පන්දුකරණයේ නිරත මාලිංග තවමත් ක්‍රීඩා පිටියේ රැඳී සිටීම ගැන අප සතුටු විය යුත්තේ මේ නිසාය. මාලිංග ඔහුගේ ක්‍රිකට්‌ අනාගතය වෙනුවෙන් ගත් යහපත් තීන්දුව අප අගය කළ යුතුය. එම තීන්දුව ගැනීමේ අයිතිය ඔහුට ඇත.

මාලිංග "ටෙස්‌ට්‌" ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කීරීමත් සමග ඇතැම් මාධ්‍ය මගින් දිගින් දිගටම ඔහුව විවේචනය කරනු අප දුටුවෙමු. "මාලිංග රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැතිව මුදල් පසුපස හඹා යනවා" යනුවෙන්ද අසන්නට ලැබුණි. අපගේ අදහස්‌ නම් එම තර්කවල කිසිදු පදනමක්‌ නැති බවය. අද ලෝකයේ ක්‍රීඩාව ශීඝ්‍රයෙන් වාණිජකරණයට ලක්‌ව තිබේ. මේ වෙළෙඳ පොළ තුළ ප්‍රමුඛතාව ලැබෙන්නේ දක්‍ෂයන්ට වන අතර ඔවුන් වැඩි මිලකට අලෙවි වීම පුදුමයට කරුණක්‌ නොවේ. එබැවින් මාලිංග පමණක්‌ නොව අද ලෝකයේ සියලුම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ඉන්දියාවට ඇදෙන්නේ "රට වෙනුවෙන්ද, මුදල් වෙනුවෙන්ද? යන්න මේ දිනවල අයි.පී.එල්.  ක්‍රිකට්‌ තරග නරඹන ඕනෑම අයකුට පැහැදිලි කරගත හැක. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් "රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතුයි" යන තර්කය නඟන බොහෝ දෙනකුට වටහා ගත නොහැකි සත්‍යය මෙයයි.

ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ යුත්තේ ක්‍රිකට්‌ ක්‍රීඩාව වෙනුවෙනි. ක්‍රීඩාවේ ජීව ගුණය මහත්මා ගුණය ආරක්‍ෂා කරගත හැක්‌කේ එවිටය. ක්‍රිකට්‌ වෙළෙඳ පොළ තුළ ක්‍රීඩකයන් මුදලට විකිණෙන්නේ නම් එය නිවැරදිව කළමනාකරණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයටය. ලසිත් මාලිංග ආබාධ හේතුවෙන් ඔහුගේ ක්‍රිකට්‌ අනාගත කළමනාකරණය කරගන්නවා සේම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කළ යුත්තේ වෙළෙද පොළ තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ව නිවැරදිව කළමනාකරණය කර ගනිමින් ක්‍රීඩාවේ යෙදවීමය. "රට වෙනුවෙන්" ක්‍රීඩකයන් ක්‍රීඩාවේ යෙදවීමට පෙර "ක්‍රිකට්‌ වෙනුවෙන්" ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් නිවැරදි කළමනාකරණය කරගන්නේ නම් ඉදිරියේ දී වත් මාලිංග වැනි ක්‍රීඩකයන්ට මාධ්‍ය ඉදිරියේ "දණහිස" පෙන්වන්නට ඉඩ නොලැබෙනු ඇත.

ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව වර්ණවත් කළ තවත් එක්‌ ක්‍රීඩකයෙකි. ඔහු ශ්‍රී ලංකා කණ්‌ඩායමට බොහෝ ජය අත්කරදීමට ලබාදුන් දායකත්වය අගය කළ යුතුය. එහෙත් මාලිංග "ටෙස්‌ට්‌" ක්‍රීඩාවෙන් සමුගැනීම සම්බන්ධව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කියූ දෑ සම්බන්ධයෙන් අපටද විවේචන තිබේ. මාලිංග එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පරිපාලනය දැඩිලෙස දොaෂදර්ශනයට ලක්‌ කළේය. ඕනෑම ක්‍රීඩකයකුට තමන්ගේ අදහස්‌ නිදහස්‌ව ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත. එහෙත් එම අදහස්‌ ප්‍රකාශ කිරීමට පෙර එම විවේචන එල්ල කිරීමට තමා කෙතරම් සුදුස්‌සෙක්‌ද යන්න මාලිංග ප්‍රමාද වී හෝ වටහා ගත යුතුය.

මාලිංග ටෙස්‌ට්‌ ක්‍රීඩාවට අත් පොත තැබූ 2004 වර්ෂයේදීම මාලිංගගේ පන්දු යෑවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් නොයෙක්‌ මතවාද තිබුණි. "ස්‌ලින්ග්a" (Sling) ඉරියව් පන්දු යවන්නකු ජාතික කණ්‌ඩායමට කැඳවීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ක්‍රිකට්‌ ක්‍රීඩාවට නරක ආදර්ශයක්‌ ලබාදී ඇතැයි පවසමින් ජාත්‍යන්තර මාධ්‍ය දැඩි ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විවේචනය කළේය. එංගලන්තයේ "විස්‌ඩන්" (Wisden) ක්‍රිකට්‌ සඟරාව මාලිංගගේ පන්දු යෑවීම දැඩි දොaෂ දර්ශනයට ලක්‌ කරමින් "Slinga Malinga" යන හිසින් ලියූ වාර්තාවක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරින්ගේ පතුරු ගලවා තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරින් මාලිංගට ටෙස්‌ට්‌ වරම් ලබාදුන්නේ මේ විවේචන එල්ල වන බව දැන දැනමය. මන්ද මාලිංග ගේ පන්දු යෑවීමේ ඉරියව්ව නවක ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ටද නරක ආදර්ශයකි. මන්ද "Sling Action" පන්දු යවන්නකුගේ ක්‍රිකට්‌ අනාගතය ඉතා කෙටි කලකින් අවසන් වන බැවිනි. එම නිසා ලෝකයේ කිසිදු ක්‍රිකට්‌ පුහුණුකරුවකු "Sling Action" පන්දුකරණය අනුමත කරන්නේ නැත. නමුත් එදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ලසිත් මාලිංග ආරක්‍ෂා කරමින් පන්දුකරණයේ යොදාගත් ආකාරය පැසසිය යුතු කරුණකි. අද මාලිංග වෘත්තීමය ක්‍රීඩකයකු දක්‌වා පැමිණි ගමන් මගේ ගෞරවය හිමිවිය යුත්තේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය භාරව කටයුතු කළ බලධාරින්ටය.

වර්තමාන ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ දිශානතිය සම්බන්ධයෙන් ඉඟියක්‌ මාලිංග විසින් ලබා දී තිබේ. අද මාලිංගගේ විවේචනය හෙට වෙනත් ක්‍රීඩකයකු විසින් සිදුකළ හැකිය. ක්‍රීඩකයකුට යම් අසාධාරණයක්‌ සිදුවී ඇත්නම් ඒ පිළිබඳව ලිවීමට තවමත් කොන්දක්‌ ඇති මාධ්‍යවේදීහු රටේ සිටිති. එවන් පසුබිමක ක්‍රීඩකයන්,දේශපාලඥයන් මෙන් තමන්ගේ හිතුමතේට පවත්වන මාධ්‍ය සාකච්ඡා තුළින් පෙනෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිහානියේ ගමන් මගද? යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුය.


දිවයින ඇසුරින්




Monday, April 25, 2011

ආනයනික රථ වාහන බදු ඉහළට

ආනයනය කරන ත්‍රීරෝද ඇතුළු මෝටර් රථ වාහන කාණ්ඩ ගණනාවක බදු සංශෝධනය කළ බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පැවසීය. දෙමුහුන් විද්යුත් වාහන, සිලින්ඩර ධාරිතාව 1600ට වඩා අඩු මෝටර් රථ සහ ත්‍රීරෝද රථ යන කාණ්ඩ 3ත් සදහා මෙම බදු සංශෝධන ක්‍රියාත්මකයි.
කලින් දෙමුහුන් මෝටර් රථ සදහා සිලින්ඩර ධාරිතාව නොසලකා 38%ක බද්ධක් අය කෙරුණද දැන් එම සිලින්ඩර ධාරිතාව සලකා සංශෝධනය කර තිබේ.
එය පහත පරිදි වේ.



දෙමුහුන් මෝටර් රථ
පෙර බද්ද
නව බද්ද

38%
2000ට අඩු
2001 - 3000
3000ට වැඩි
50%
75%
100%
මීට අමතරව සිලින්ඩර ධාරිතාව සලකා දෙමුහුන් නොවන මෝටර් රථ සදහා අය කරන බදු ප්‍රමාණයන්ද වැඩිකර තිබේ. එය මෙසේය.

ධාරිතාව
පෙර බද්ද
නව බද්ද
1000ට අඩු
95%
120%
1001 - 1600
119%
128%

තවද පෙට්‍රල් සහ ඩීසල් ත්‍රීරෝද රථ සදහා අය කෙරෙන බදු මුදලද වැඩිකොට ඇත. එය පහත පරිදි දැක්විය හැකිය.

ත්‍රීරෝධ රථ
පෙර බද්ද
නව බද්ද
පෙට්‍රල්
38%
50%
ඩීසල්
38%
60%
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පැරණි මෝටර් රථ ආනයනයෙන් පරිසරයටවන හානිය අවම කිරිමටත් පරිසර හිතකාමි වාහන දිරිමත් කිරිම සදහාත් දැනට පනවා ඇති ආනයන පාලනයට යටත්වන කාල සීමාව අවුරුදු 2 දක්වා සීමා කර ඇති බවය


Saturday, April 23, 2011

රජයේ පාසල් වහනවාද වැසී යනවාද? රජයේ පාසල් වහනවාද වැසී යනවාද?

මෑත භාගයේදී මාධ්‍ය කරලියේත්, දේශපාලන කරලියේත් විවාදිත මාතෘකාවක්‌ වූයේ ශ්‍රී ලංකාවේ රජයේ පාසල් වාර්ෂිකව වැසීයැමේ ප්‍රවණතාව සම්බන්ධවයි. විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් මහත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති කීපයක්‌ මේ සම්බන්ධයෙන් පළවිය. නමුත් මෙම ප්‍රවෘත්ති හා අනෙකුත් සංවාදයන් සම්බන්ධව විශ්ලේෂණාත්මක දත්ත හා තොරතුරු පාදක වී ඇති බවක්‌ දැකීම උගහටය. බොහෝවිට වාර්ෂිකව රජයේ මුළු පාසල් සංඛ්‍යාවේ අඩුවීම පමණක්‌ හුවා දක්‌වමින් මෙම සංවාදයන් ගොඩනැඟීම බුද්ධිමය විචාරයකට ප්‍රමාණවත් නොවේ. මෙම ප්‍රස්‌තුතය හා සම්බන්ධිත සමාජ, දේශපාලන, ආර්ථික හා අධ්‍යාපනික සාධකයන් විමසා බලා බුද්ධිමය මතවාදයකට සමාජයකට ඉදිරිපත් කළ යුතුය. එබැවින් මෙම තේමාව සම්බන්ධයෙන් වඩාත් මධ්‍යස්‌ථ හා විශ්ලේෂණාත්මක විග්‍රහයක්‌ කිරීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණයි.

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ගත්කල, රජයේ පාසල් ස්‌ථාපිත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ජාතික ප්‍රතිපත්තියක්‌ අතීතයේ පැවති බවට සාක්‍ෂි සොයා ගැනීම තරමක්‌ අසීරුය. විශේෂයෙන් ඉතිහාසයේ දී පැවති ජාතික අවශ්‍යතාව වූයේ අධ්‍යාපන ප්‍රවේශ සම අවස්‌ථා ඇති කරලීමය. එහිලා විවිධ පුද්ගලයන්, දානපතියන්, ආගමික නායකයන්, ප්‍රභූවරුන් තම තමන්ගේ ප්‍රදේශවල සමාජ ඉල්ලුම අනුව හෝ තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් හා අරමුණු අනුව හෝ පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පහසුකම් සපයා දුනි. එසේ වුවද 1961 දී අංක 08 දරන පනත හරහා සියලු පාසල් රජයට පවරා ගැනීමෙන් පසුව මෙම පාසල්වලට අවශ්‍ය මානව, භෞතික, යටිතල පහසුකම් හා මූල්‍ය සම්පත් සැපයීම සම්බන්ධයෙන් වගකීම සෘජුවම රජය මත පැවරුණි.

වර්තමාන පාසල් සංවිධාන ව්‍යqහය ගත්කල තරමක්‌ සංකීර්ණ බවක්‌ ගෙන ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය, 1Aඊ වර්ගය, 1C වර්ගය, 2 වර්ගය, හා 3 වර්ගය වශයෙන් කොටස්‌ හතරකට බෙදී ඇත. මීට අමතරව විවිධ රජයන් යටතේ විවිධ නම් වලින් (උදා ( ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමින් සංවර්ධනය කෙරෙන පාසල්, නවෝද්‍යා පාසල්, ඉසුරු පාසල්, නාගරික ප්‍රදේශවල සංවර්ධනය කිරීමට තෝරාගත් පාසල්, ජාතික පාසල්) පාසල් වර්ග කිරීම හරහා සමස්‌ත පාසල් පද්ධතිය වර්ගීකරණය සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූල බවකට ලක්‌ වී ඇත. මේ හරහා සම්පත් බෙදීයැමේ විෂමතාවකට ලක්‌වී ඇති බැව් සංඛ්‍යාලේඛන ඇසුරින් මොනවට පැහැදිලිය.

පසුගිය වසර කිහිපය තුළ රජයේ පාසල් වල ශිෂ්‍ය සංඛ්‍යා ව්‍යාප්තිය ගත්කල දැඩි පරතරයක්‌ දැකිය හැකිය. විශේෂයෙන් රජයේ පාසල් ශිෂ්‍ය සංඛ්‍යා අනුව දත්ත විග්‍රහ කර බැලමේදී පෙන්නුම් කරන තත්ත්වය පිළිබඳ වහා අවධානය යොමුකළ යුතුවේ.

මෙහිදි පාසල් සංඛ්‍යාව ක්‍රමිකව වැඩි වන ප්‍රවණතාවක්‌ පෙන්නුම් කරයි. 2002 වර්ෂයේ 1,360 ක්‌ වූ එම සංඛ්‍යාව 2009 වන විට 1,512 ක්‌ දක්‌වා වැඩි වී ඇත. එසේම 51-500 දක්‌වා සිසුන් සංඛ්‍යාවක්‌ සිටින පාසල් සංඛ්‍යාව 6,061 (2002) සිට 5,675 ක්‌ (2009) දක්‌වා අඩු වී ඇත. ඒ අතරම 2,001 ට වැඩි සිසුන් සංඛ්‍යාවක්‌ සිටින පාසල් සංඛ්‍යාව 262 (2002) සිට 303 ක්‌ (2009) දක්‌වා වර්ධනය වී ඇත. මෙම තත්ත්වය හරහා වර්තමාන ග්‍රාමීය පාසල්වල අර්බුදකාරී තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. තවදුරටත් බලන කල සිසුන් 51-500 දක්‌වා සිසුන් සිටින පාසල් සංඛ්‍යාව අඩුවීමත්, විශාල පාසල් සංඛ්‍යාව වැඩිවීමත් යන තත්ත්වය මත සමස්‌ත ශිෂ්‍ය සංඛ්‍යාවේ විසිරීම විමසා බැලීම වැදගත්ය.

මේ අනුව බලන කල 1Aඊ වර්ගයේ පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාවන් වාර්ෂිකව වැඩිවන ප්‍රවණතාවක්‌ දැකිය හැකිය. ඒ තත්ත්වය හරහා මෙම පාසල්වල පොදුවේ ගත්කල පාසලක සිටිය යුතු ප්‍රශස්‌ත ශිෂ්‍ය සංඛ්‍යා මට්‌ටම ඔරොත්තු නොදෙන මට්‌ටමකට පත්වී ඇත. විශේෂයෙන් තිබෙන (aඩ්සක්‌ඉකැ) හා අවශ්‍ය (රුqමසරුd) යටිතල පහසුකම්, මූලික හා උසස්‌ මට්‌ටමේ ඉගෙනුම් ඉඩකඩ සැපයීම කඩිනම්ව නොකෙරෙන තත්ත්වයක මෙම ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්‌මවා යැම හරහා වඩාත් යහපත් ඉගෙනුම් පරිසරයක්‌ තිබේ ද යන්න විමසා බැලිය යුත්තකි. අනෙක්‌ අතට 1C වර්ගයේ පාසල්වල වුව ද මුළු ශිෂ්‍ය සංඛ්‍යාවන්ගේ වෙනස්‌වීම් සුළු පරතරයකින් සිදුවී ඇත. 2 හා 3 වර්ගයේ පාසල්වල මුළු ශිෂ්‍ය සංඛ්‍යාව දැඩි ලෙස අඩුවන ප්‍රවණතාවකට ගොදුරු වී ඇත. මෙම තත්ත්වය අනුව බලන කල පාසල් වර්ග අතර ශිෂ්‍ය ජනගහන සංයුතියේ දැඩි විෂමතාවකට ලක්‌ වී ඇත.
මේ අනුව පාසලක සිටිය යුතු ප්‍රශස්‌ත ශිෂ්‍ය සංඛ්‍යාව කුමක්‌ ද? එක්‌ පංතියක සිටිය යුතු ප්‍රශස්‌ත ශිෂ්‍ය සංඛ්‍යාව කුමක්‌ ද? සමාන්තර පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව කුමක්‌ද? සමාන්තර පංති කීයක්‌ උපරිමව තිබිය හැකිද? යන ප්‍රතිපත්තිමය ප්‍රශ්න ගණනාවක්‌ මතුවන අතර ඒවාට විසඳුම් සෙවීමට බලධාරීන්ගේ ප්‍රතිපත්තිමය අවධානය යොමු විය යුතුය. තත්ත්වය එසේ වුව ද, රජයේ මුළු පාසල්වල සිටින සමස්‌ත ශිෂ්‍ය සංඛ්‍යාව ගත්කල, එම සංඛ්‍යාවන් දැඩි ලෙස වෙනස්‌වීමකට ලක්‌ වී නොමැත. මේ අනුව ඇතැමුන් තර්ක කරනු ලබන පරිදි රජයේ පාසල්වල සිසුන් අතිශීඝ්‍රව පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් වීමේ ප්‍රවණතාවක්‌ ඇතැයි යන තර්කය එතරම්ම වලංගු නොවේ. සමස්‌තයක්‌ වශයෙන් රටේ පවත්නා ජනගහණ වර්ධන වේගය සලකා බලන කල, එතරම් සැලකිය යුතු මට්‌ටමක ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ මෙම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් වේ ද යන්න තවදුරටත් අධ්‍යයනය කළ යුත්තකි. නමුත් මෙම පාසල්වලට තරමක සිසුන් සංඛ්‍යාවක්‌ ඇතුළත් වුවද, එම තත්ත්වය රජයේ පාසල් පද්ධතියේ දරුණු කඩා වැඩීමකට හේතු නොවේ. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ පාසල් අතර ශිෂ්‍ය සංඛ්‍යාවන් විසිරීමේ දැඩි ව්‍යාකූලත්වයත්, අසමතුලිතභාවයත් හරහා ඇතිවන ප්‍රශ්නකාරී තත්ත්වයන් ය. මෙම තත්ත්වය හමුවේ වහාම පාසල් පද්ධතිය විචාරවත් කිරීමකට, සිතියම්කරණයකට ලක්‌කිරීම අද යුගයේ අවශ්‍යතාවක්‌ වී ඇත.


වගුව අනුව එක්‌ ශිෂ්‍යයකු හෝ ඇතුළත් වීමට ඉල්ලුqම් නොකළ පාසල් සංඛ්‍යාව 2006 ට සාපේක්‌ෂව 2008 දී හා 2009 දී අඩු වී ඇත. එසේම ශිෂ්‍යයන් 05 ට අඩුවෙන් ඇතුළත් වූ පාසල් සංඛ්‍යාව 1,054 සිට 1,073 දක්‌වා වර්ධනය වී ඇත. එසේම සිසුන් 9 ට අඩුවෙන් ඇතුළත් වූ පාසල් සංඛ්‍යාව 2006 දී 2,160 වූ අතර එය 2008 දී 2,317 ක්‌ වී ඇත. මෙය අධ්‍යාපන ආර්ක විද්‍යාත්මක දෘෂ්ඨියෙන් බලන කල සුවිශේෂී අවධානයක්‌ යොමු කළ යුතු බරපතළ තත්ත්වයකි. මෙසේ එක්‌ ශිෂ්‍යයෙකු හෝ ඇතුළත් නොවන පාසල්වල සම්පත් උපයෝජනය බරපතළ අධ්‍යාපන මූල්‍යමය ආයෝජනය හා සම්බන්ධ අභියෝගාත්මක කරුණක්‌ වේ. එබැවින් මෙම පාසල් හඳුනාගෙන, එම පාසල්වල සුවිශේෂී තත්ත්වයන් සම්බන්ධයෙන් විමසා බලා අවශ්‍ය සංවර්ධනාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජාතික අවශ්‍යතාවක්‌ වී ඇත.

මෙම තත්ත්වයන් නිර්මාණය වීමට මුලින් සාකච්ඡා කළ ආකල්පමය සංසිද්ධීන් ද, නාගරීකරණය, ග්‍රාමීය/ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් දියුණු වීම, ප්‍රවාහන ජාලයේ සංවර්ධනාත්මක ප්‍රවණතාවන් යනාදී සාධකයන් බලපා ඇත. පොදුවේ වැඩිදෙනෙකු කල්පනා කරනුයේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය යනු ගොඩනැඟිලි හා භෞතික පහසුකම්වලින් පරිපූර්ණ වීමය. එසේම බාහිර පාසල් පරිසරයේ අලංකාරය ගුණාත්මක සංවර්ධනය ලෙස ඇතැම්හු විශ්වාස කරති. නමුත් එය යථාර්ථය නොවේ. සමාජයේ කෘත්‍රිම තරගකාරිත්වය, අනුකරණය වැනි කරුණු නිසා තම නිවස ආසන්න පාසල වෙනුවට නගරයේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට වෙර දරයි. එසේම ග්‍රාමීය/ප්‍රාදේශීය ආර්ථිකයේ වෙනස්‌වීම් ද ප්‍රවාහන පහසුකම් දියුණු වීම යන කාරණා ද නගරයේ පාසල්වලට ඇති ඉල්ලුම ඉහළ යැමට Rජුව බලපාන ප්‍රබල හේතු සාධකයන් වේ.

ජාතික පාසල් හා පළාත් පාසල් අතර අධ්‍යාපන සම්පත් බෙදාහැරීම සම්බන්ධයෙන් දැඩි විෂමතාවන් දැකිය හැකිය. ඒක ශිෂ්‍ය හා පාසල් වශයෙන් පිරිවැය සම්බන්ධයෙන් ජාතික පාසල් හා පළාත් පාසල් අතර ඇත්තේ ඇදහිය නොහැකි තරමේ විෂමතාවකි. එසේම මෙම පාසල් සඳහා වාර්ෂිකව ලැබෙන රාජ්‍ය ආයෝජනය සම්බන්ධයෙන් ද දැඩි විෂමතාවක්‌ පෙන්නුම් කරයි. මීට අමතරව මෙම ජනප්‍රිය යෑයි ලේබල් සහිත පාසල් අතිරේක වශයෙන් විවිධ මූලාශ්‍රයන් හරහා ආදායම් උපයා ගැනීම තුළින් පාසල් ප්‍රතිරූපයක්‌ ගොඩනඟා ගෙන ඇත. ආර්ථිකමය හා සමාජයීය වශයෙන් ශක්‌තිමත් පාසල් ප්‍රජාවක්‌ සහිත මෙම පාසල් අධ්‍යයන කාර්යයන්ට වඩා විෂය බාහිර කටයුතු හරහා සමාජයේ ඉහළින් සිටීමට හැකියාව ලබාගෙන ඇත. එසේම රටේ අති දක්‌ෂ සිසුන් මෙම පාසල්වලට ඇතුළත් වීම හරහා ඔවුන් අධ්‍යයන වශයෙන් රජයේ විභාගවලින් ඉහළ අත්පත් කරගැනීම් ලබාගෙන ඇත. "පාසල්", පිළිබඳ සාකච්ඡා කරන විට අත්‍යවශ්‍ය සත්‍ය යෙදවුමක්‌ වනුයේ ගුරුවරුන් ය.

ඉහත සාකච්ඡා කළ පරිදි පාසල් සංඛ්‍යාවේ වෙනස්‌වීම්, ශිෂ්‍ය සංඛ්‍යාවේ වෙනස්‌වීම් සිදුවන බැව් පෙන්වා දුනි. එසේ වුවද සමස්‌ත ගුරු සංඛ්‍යාවේ වෙනස්‌වීම් ඒ අයුරින්ම සිදුවී ඇද්ද යන්න විමසා බැලිය යුතුය.

වාර්ෂිකව රජයේ පාසල්වල ගුරු සංඛ්‍යාවක්‌ වර්ධනය වී ඇත. නමුත් සමස්‌තයක්‌ වශයෙන් ගත්කල ගුරු සංඛ්‍යාව අනුමත සංඛ්‍යාවට වඩා වැඩිපුර සිටින නමුදු ඇතැම් විෂයයන්ට මෙන්ම මාධ්‍ය වශයෙන් ද අත්‍යවශ්‍ය ගුරුවරුන් පවා නොමැති බැව් ප්‍රසිද්ධ කරුණකි. මෙය එක්‌තරා අන්දමකට මානව සම්පත් උපයෝජනයට බලපාන ප්‍රශ්නයකි. එසේම අවිධිමත් ගුරු ස්‌ථාපනය පැහැදිලිව අවාසි සහගත ප්‍රදේශවල සිසු දරුවන්ට ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට Rණාත්මකව බලපෑම් කරනු ලබයි. සමස්‌තයක්‌ වශයෙන් ගත්කල, රටේ අවශ්‍ය ප්‍රමාණය ද ඉක්‌මවා ගුරුවරුන් සිටින අතර, එක්‌ ගුරුවරයකු පමණක්‌ සිටින පාසල් සංඛ්‍යාව ද, ගුරුවරු දෙදෙනෙකු පමණක්‌ සිටින පාසල් සංඛ්‍යාව ද සැලකිය යුතු ප්‍රමාණයකි. මෙහි අනෙක්‌ පැත්ත වනුයේ මෙම පාසල්වල සිටින සිසුන් සංඛ්‍යාව ද ඉතා සීමාසහිත වීමයි. එම නිසා මෙම පාසල්වල ඇති සුවිශේෂී තත්ත්වයන් වෙන් වෙන්ව අධ්‍යයනය කොට යමිකිසි ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළයුතු ය. මෙවන් පාසල්වල සාර්ථක ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියක්‌ පවතින්නේ ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතුය. නමුත් යම්කිසි සුවිශේෂී සමාජ, ආර්ථික, භූගෝලීය, සංස්‌කෘතික තත්ත්වයන් හමුවේ ඇතැම් විට එක්‌ ශිෂ්‍යයකු වෙනුවෙන් හෝ පාසලක්‌ පවත්වා ගෙන යා යුතුයි. එය ළමුන්ගේ ඉගෙනීමට ඇති අයිතිවාසිකම් තහවුරු කිරීමකි.
 

ජයන්ත බාලසූරිය, දිවයින 
http://www.divaina.com/2011/04/23/feature02.html
 

ආබාධය සුව කර ගැනීමට මාලිංග ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි - ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නොපැමිණියහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ගේ ආබාධ තත්ත්වය සුව කර ගැනීමට නම් අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා නොකර ඔහු ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඔහුට දන්වා තිබේ.

එංගලන්ත ටෙස්‌ට්‌ තරගාවලියට ආබාධයක්‌ හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බව දන්වමින් මාලිංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ලිපියක්‌ මගින් දැන් වුවද ඔහු අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමෙන් ආබාධය සුව කර ගැනීමට නොහැකි වීම මත අදාළ තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතා ඊයේ "දිවයින" ට පැවසීය.

"මාලිංග ගේ ආබාධ තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක්‌ අපි ඉල්ලා තියෙනවා. එහිදී ඔහු ගේ ආබාධ තත්ත්වයක්‌ ඇතිනම් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි. නැතහොත් ඔහුට අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමේදී එම ආබාධ තත්ත්වය උත්සන්න වීමට පුලුවන්." යනුවෙන් නිශාන්ත මහතා පවසයි.

එංගලන්තය සමග පැවැත්වෙන එක්‌දින තරගාවලියට මාලිංග ක්‍රීඩා කිරීමට නියමිත බැවින් ඔහු අයි.පී.එල්. තරගාවලියේදී ආබාධ සහිතව ක්‍රීඩා කළොත් එය උත්සන්න වීමට ඉඩ ඇති බැවින් මෙම තීරණය ගත් බව නිශාන්ත මහතා පවසයි.

"අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කියන දේට මාලිංග අවනත වෙයි කියල. වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ තත්ත්වය අවධානම් නම් අනිවාර්යෙන්ම ඔහු ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි. යම් හෙයකින් ඔහු නොපැමිණියහොත් ඒ පිළිබඳව ගන්නා ක්‍රියා මාර්ගය පසුව සලකා බලනවා." යෑයි නිශාන්ත රණතුංග වැඩිදුරටත් පැවසීය.


මාලිංග ටෙස්ට් දිවියෙන් සමුගනියි? -තවම දැනුම් දී නෑ

මාලිංග ටෙස්ට් දිවියෙන් සමුගනියි? -තවම දැනුම් දී නෑ

 

 

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ටෙස්ට් තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.

‍ කෙසේවෙතත් ලසිත් මාලිංග ඒ පිළිබඳව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්දැනීමක් සිදුකර නොමැති බව ඒ පිළිබඳව කළ විමසීමකදී එම ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේය.

‍ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකාව කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග සඳහා ඉදිරියට ද ක්‍රීඩා කරන බව ලසිත් මාලිංග ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

‍ සිය ශාරීරික සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත්, නමුත් දණහිසෙහි පවතින ආබාධිත තත්ත්වය පිළිබඳව තවදුරටත් සැලකිලිමත්වීමට සිදුවන බවත් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ලසිත් මාලිංග ප්‍රකාශ කර තිබේ.

‍ පන්දු යැවීම හා රැකීම ඉදිරියට ද සිදුකිරීම තුළින් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවට මාලිංග සඳහන් කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

 

Monday, April 18, 2011

අයි.පී.එල්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආපසු කැඳවීම ගැන යළි සලකා බලන්නැයි ඉන්දියාව ඉල්ලයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මැයි මස 05 වැනිදාට පෙර හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවීම පිළිබඳ නැවත වරක්‌ සලකා බලන මෙන් ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ලිඛිතව දන්වා ඇතැයි කියන පුවතක්‌ "දිවයින"ට වාර්තා වෙයි.

ලබන මැයි මස 14 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන සියලුම ක්‍රීඩකයන් මැයි මස 05 වැනි දින ශ්‍රී ලංකාවේ පවත්වන පුහුණු සැසිය වෙනුවෙන් සහභාගිවිය යුතු බවත් සහ එසේ නොපැමිණෙන ක්‍රීඩකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ලිපියකින් දැනුම් දීමත් සමඟ මේ පිළිබඳ ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩල අවධානය යොමු වී තිබේ.

මෙහිදී ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් එවනු ලැබ ඇතැයි කියන ලිපියෙහි, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මැයි මස 20 වැනිදා තෙක්‌ අයි. පී. එල්. තරගාවලිය නියෝජනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලනාධිකාරිය අවසර දී තිබෙන බවද සඳහන් වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන සභාපති ඩී. එස්‌. ද සිල්වා මහතාගෙන් "දිවයින" විසින් මේ පිළිබඳ කරුණු විමසන ලදුව, ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් එවැනි ලිපියක්‌ තමාට ලැබී තිබෙන බව සඳහන් කර සිටියේය.

"ක්‍රීඩකයන් හදිසියේ කැඳවීම පිළිබඳ වූ ලිපියක්‌ ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයෙන් අපිට පසුගියදා එවලා තිබුණා. නමුත් ඇමැතිතුමා මේ දිනවල එංගලන්තයට ගොස්‌ සිටින නිසා අපිට ඒ ගැන හරි තීරණයක්‌ ගන්න විදියක්‌ නැහැ. කොහොම වුණත් අපි හෙට(අද) සියලුම අතුරු කමිටු සාමාජිකයන්ද ඇතුළුව ඇමැතිතුමා සමගින් සාකච්ඡා කරලා මේ පිළිබඳ තීරණයක්‌ ගන්නවා" යෑයි ද සිල්වා මහතා සඳහන් කළේය.

ටෙස්‌ට්‌ තරග 3 කින් සමන්විත එංගලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විට නම් කර නොමැති වුවත් එය ඉදිරි සතියේදී නම් කෙරෙනු ඇත. අදාළ නම් කිරීමෙන් අනතුරුව එම පුහුණුවීම් මැයි මස 05 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර මැයි මස 10 වැනිදා තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම පිටත්ව යැමට නියමිතය.

මෙහිදී මැයි 26 වැනිදා කාර්ඩිෆ්හි ආරම්භවීමට නියමිත පළමු ටෙස්‌ට්‌ තරගයට පෙර ශ්‍රී ංකා ක්‍රීඩකයන් සිව්දින පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිත අතර එහි පළමුවැන්න මැයි 14 වැනි දින මිඩ්ල්සෙක්‌ස්‌ ප්‍රාන්ත කණ්‌ඩායම සමඟ ආරම්භ වේ.

මේ වනවිටත් ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීමෙහි සිව්වැනි ස්‌ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්‌ඩායමට එංගලන්තය සමගින් යෙදී තිබෙන ටෙස්‌ට්‌ තරගාවලිය, 2013 වසරේදී එංගලන්තයේදීම පැවැත්වීමට නියමිත ටෙස්‌ට්‌ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් ඉතාමත් වැදගත් වනු ඇත.

අදාළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ 2011 වසර අවසානයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන කණ්‌ඩායම් 4 වන බැවින් එහිදී ශ්‍රේණිගත කිරීම් ඉදිරි ස්‌ථානයක්‌ ලබා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට බෙහෙවින්ම වැදගත් වේ.

මේ වන විටත් ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ ඉන්දියාවද(128), දෙවැනි ස්‌ථානයේ දකුණු අප්‍රිකාවද(117) සහ තෙවැනි ස්‌ථානයේ එංගලන්තයද(115) පසුවේ. ප්‍රසාද ලකුණු 109 ක්‌ ලබා සිටින ශ්‍රී ලංකා පිල යම් ලෙසකින් මෙම තරගාවලිය ජය ගැනීමට සමත් වුවහොත් තමන්ට වඩා ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන කණ්‌ඩායමක්‌ වන එංගලන්තය, ඔවුන්ගේ රටේදීම පරාජය කිරීම මත වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක්‌ ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු වේ. එම හේතුව මත අදාළ ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්‌ථානය දක්‌වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

එමෙන්ම දශකයකට ආසන්න කාලයක්‌ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවුණු ඔස්‌ටේ්‍රලියානු(107) කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ප්‍රසාද ලකුණු 2 ක පරතයකි. මේ හේතුව මත ඉතිහාසයේ පළමු වරට පවත්වනු ලබන ටෙස්‌ට්‌ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසුවෙයි.

2011 වසර අවසාන වීමට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඔස්‌ටේ්‍රලියාව සමගින් ටෙස්‌ට්‌ තරග 3 කට, පාකිස්‌තානය සමගින් ටෙස්‌ට්‌ තරග 3 කට සහ දකුණු අප්‍රිකාව සමගින් ටෙස්‌ට්‌ තරග 3 කට ක්‍රීඩා කිරීමට අවස්‌ථාව උදාවෙයි.

මෙවර අයි. පී. එල්. තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 11 දෙනකු සුදුසුකම් ලබා සිටින අතර එහිදී, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ තිසර පෙරේරා කෝචි ටස්‌කර්ස්‌ පිලටත්, ලසිත් මාලිංග සහ දිල්හාර ප්‍රනාන්දු මුම්බායි ඉන්ඩියන්ස්‌ පිලටත්, නුවන් කුලසේකර සහ සුරාඡ් රන්දීව් චෙන්නායි සුපර් කිංග්ස්‌ පිලටත් සහ ටී. එම්. ඩිල්ෂාන් සහ නුවන් ප්‍රදීප් බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස්‌ පිලටත් සහ හිටපු නායක කුමාර් සංගක්‌කාර ඩෙකෑන් චාජර්ස්‌ පිලටත් (ඇංජලෝ මැතිව්ස්‌ පූනේ වොරියර්ස්‌ කණ්‌ඩායම නියෝජනය කිරීමට නියමිත වුවද ආබාධයක්‌ මත ඔහුට අදාළ තරගාවලිය මඟහැරිණ) ක්‍රීඩා කරති.

මෙම සියලුම ක්‍රීඩකයන් අවසන් වරට රතු පන්දුවකට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය 2010 වසර අවසානයේ කොදෙව්වන් සමඟ පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී වුවත් එම තරග 3 ම වර්ෂාවට සේදී යැම මත රතු පන්දුවට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාව ඔවුන් වෙතින් ගිලිහී ගියේය.

Sunday, April 17, 2011

අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉන්දීය මාධ්‍යවල කතාබහට ලක්වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සම්බන්ධ ගැටලුව ඉදිරි සතිය තුළ විසෙදෙනු ඇතැයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සභාපති චිරායු අමීන් පැවසීය.
අමීන් උපුටා දක්වන ඉන්දීය වාර්තා පවසන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවය.

දැනට අයි.පී.එල්.තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකික ක්‍රීඩකයින් එංගලන්ත තරග සංචාරයට සූදානම් වීම සදහා මැයි 5වැනිදා දිවයිනටය පැමිණිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළේය.

අයි.පී.එල්. තරගාවලිය නිමා වන්නේ මැයි  28 වැනිදා බැවින් එහිදී ගැටලුවක් මතුවිය.

යම් හෙයකින් තරගාවලිය නිමාවීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට දිවයිනට පැමිණීමට සිදුවුවහොත් අයි.පී.එල්.සහභාගීත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට නියමිත 10% ක මුදල් ප්‍රතිශතය නොලැබීමට ඉඩ ඇතැයිද ඉන්දීය වාර්තාවල සඳහන්ය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලංකාවේ ඇමතිවරුන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමේදි මතු වූ ගැටලුසහගත තත්ත්වයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමක් නොමැති බවත් ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

Saturday, April 16, 2011

17, 18 සහ 22 දිනවල සිදු වන භූමිකම්පා තුනක්‌ ගැන අපේ විද්‍යාඥයකු ගෙන් අනාවැකියක්‌ ඇති වන්නේ චිලී, ආජන්ටිනාව හා නවසීලන්තය ආශ්‍රිතවයි

භූමිකම්පා මේ දිනවල පොදු ජනයා අතර අතිශය කතා බහට ලක්‌ වන මාතෘකාවක්‌ වී තිබේ. කෙතරම් දියුණු රටක්‌ වුව ද ස්‌වභාවධර්මයා ගේ උදහස හමුවේ දණින් වැටීමට සිදු වූ ජපානය මේ කතිකාවතෙහි ආසන්නතම උත්ප්‍රේරකයයි. මහා පරිමාණයේ න්‍යෂ්ටික විනාශයක්‌ දක්‌වා යා හැකි ව තිබූ භූමිකම්පාවේ අතුරු කථාව ද මේ අවධානය ඊට දිනා දීමට මුල් විය.

වාසනාවන්ත පිහිටුමක පිහිටා ඇති අපේ රට භූමිකම්පාවක්‌ බඳු ව්‍යසනයකට සෘජුව ම නිරාවරණය වීමට ඉඩක්‌ නොමැති වුවත් සුනාමි බඳු අමතක කළ නොහැකි විනාශයක්‌ ඒ හා අත්වැල් බැඳගෙන පැමිණීමට ඇති ඉඩ සුළුපටු නො වේ. අනෙක්‌ අතට මෑතකාලීනව ලෝක විනාශයක හාහෝවක්‌ ලෝකය පුරා පැතිර ගොස්‌ තිබීම මේ සංසිද්ධිය බරපතළ ලෙස කතාබහට ලක්‌ වීමට හේතුවක්‌ වී ඇත.

භූමිකම්පාව ලෝකය පුරා මිනිසුන් මුහුණ දෙන විනාශකාරී ස්‌වාභාවික ව්‍යසනයන් අතරින් එකක්‌ පමණි. එහෙත් මිනිසා භූමිකම්පාවට මෙතරම් බිය වන්නේත් එය ඉදිරියේ අසරණ වන්නේත් ඇයි? ඊට දිය හැකි සරල පැහැදිලි ම හේතුව නම් භූමිකම්පා පිළිබඳ අප සතු ව ඇති නොදැනුවත්කමයි. භූමිකම්පාව පමණක්‌ නො ව සුළි කුණාටු, ගංවතුර ආදී අනෙකුත් ස්‌වාභාවික ව්‍යසනයන් ද මැඬලීමට තාක්‌ෂණිකව උසස්‌ යෑයි කියා ගන්නා මිනිසා තවමත් සමත් ව නැත. එසේ වුව ද එබඳු සංසිද්ධීන් ඇති වීමට හේතුවත්, සිදු වන ආකාරයත් ගැන සැලකිය යුතු මට්‌ටමකට ඉගෙනගෙන ඇති මිනිසා එම දැනුම උපකාරී කරගෙන එබඳු ව්‍යසනයන් කල් තියා පුරෝකථනය කිරීමට සමත් වී ඇති අතර ඒ හරහා එයින් සිදු වන හානිය අවම කරගැනීමට හැකි වී තිබේ.

එහෙත් භූමිකම්පාව මේ කුලකයෙන් වෙනස්‌ ය. නූතන විද්‍යාවේ ශක්‍යතාවන්ට සරදම් කරන එහි හැසිරීම වර්තමාන මිනිස්‌ දැනුමේ පුරෝකථනයන්ට හසු නො වන මානයක පවතියි. වසරක්‌ පාසා අවාසනාවන්ත ලෙස මිනිස්‌ ජීවිතවලින් වන්දි ගෙවන්නට හේතු වන්නේ මේ නොදැනුවත්කමයි.

බටහිර විද්‍යාවේ නූතන තාක්‌ෂණ උපක්‍රම හා මතවාදයන් භූ කම්පනයන් හමුවේ අසරණ වන බව ඇස්‌ පනාපිට තහවුරු වී තිබේ. මේ තත්ත්වය හමුවේ භූමිකම්පාවක සම්භවය තේරුම් ගැනීම සඳහා නව ප්‍රවේශයක්‌ දියත් විය යුතු බව පැහැදිලි ය. පෙරැළිකාර අදහසක්‌ සමගින් මේ අවශ්‍යතාව තෘප්ත කිරීමට දේශීය පර්යේෂකයකු ඉදිරිපත් ව සිටින බවට පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ භූ අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන අතුල සේනාරත්න ය. ඔහු පවසන අන්දමට අපට භූමිකම්පාවක්‌ ඇති වීම සාර්ථකව පුරෝකථනය කළ හැකි ය. මහාචාර්ය සේනාරත්න මේ නිගමනයට පැමිණෙන්නේ භූමිකම්පා ඇති වීම පිළිබඳව පවත්නා මතවාදයන් අභියෝගයට ලක්‌ කෙරෙන නව මතවාදයක්‌ හඳුන්වා දෙමිනි.

තවමත් නිශ්චිත නමකින් හඳුනාගැනීමට ලක්‌ නො වී ඇති නමුදු මේ නව මතවාදයෙන් කියවෙන්නේ සෞරග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයන් ගේ ආකර්ෂණ බලයන් කේන්ද්‍රගත වීම හරහා මහාද්වීප තලවලට බලපෑම් එල්ල වී භූමිකම්පා ඇති වන බවයි.

එක්‌ අතකින් බැලු කල මෙය සහමුලින් ම අලුත් සංකල්පයක්‌ ම නො වේ. මහාචාර්ය සේනාරත්න ද පවසන පරිදි ඔහු පවා මේ අදහස තුළ මනස මෙහෙයවන්නට කල්පනා කරන්නේ අතීතයේ ලෝකය පුරා විසුරුණු යම් යම් ජාතීන් භූමිකම්පාවක්‌ ගැන දැරුවේ යෑයි කියෑවෙන එක්‌ පොදු අදහසක්‌ ගැන සැලකීමෙනි. එම මිනිසුන් චන්ද්‍රග්‍රහණ හා සූර්යග්‍රහණ සමග ගත් කල භූමිකම්පා අතර යම් සබඳතාවක්‌ ඇතැයි විශ්වාස කළ අතර එසේ සිතා පළ කළ අනාවැකි යම් යම් තැන්වල දී සාර්ථක වී ද, අසාර්ථක වී ද තිබේ. මහාචාර්ය සේනාරත්න උත්සාහ කර ඇත්තේ හිරු සඳු පමණක්‌ නො ව අනෙකුත් ග්‍රහවස්‌තූන් ද සැලකිල්ලට ගෙන ඒවායේ පිහිටීම් හා භූමිකම්පා ඇති වීම් අතර පැහැදිලි සබඳතා රටාවක්‌ පවතින්නේ දැයි සොයා බැලීමට ය. මේ සඳහා ඔහු පසුගිය වසර සියයක කාලය තුළ ලොව පුරා වාර්තා වූ රික්‌ටර් මාපාංක 5ට වැඩි වූ භූමිකම්පා ඇති වූ ස්‌ථානවලට සාපේක්‌ෂව ඒ මොහොතේ දී ග්‍රහ වස්‌තුන් ගේ පිහිටීම සිතියම්ගත කොට තිබේ. මේ සඳහා ඔහු භාවිත කර ඇත්තේ ජ්‍යෙතිෂ්‍ය කටයුතු සඳහා භාවිත කරන මෘදුකාංගයකි. එයට අනුව පෙනී ගොස්‌ තිබෙන්නේ ඒ සැම අවස්‌ථාවක ම පාහේ අනෙකුත් ග්‍රහ ලෝක පෘථිවියට සාපේක්‌ෂව පොදු රටාවකට ගොනුගත වී තිබූ බවයි.

භූමිකම්පාවක්‌ බොහෝ විට ඇති වන්නේ ලෝකය තැනී ඇති මහාද්වීපික තලවල දාරයන් ආසන්නයෙනි. මේ තල වසරකට සෙන්ටිමීටර කිහිපයක වේගයෙන් එකිනෙකට සාපේක්‌ෂව විවිධ දිශාවන්ට චලනය වේ. මහාචාර්ය සේනාරත්න පෙන්වා දෙන අන්දමට හුදෙක්‌ මේ තත්ත්ව යටතේ භූමිකම්පා ඇති විය නොහැකි ය. ඔහු ගේ අදහස අනුව ඒ සඳහා යම් බාහිර බලපෑමක මැදිහත් වීමක්‌ තිබිය යුතු ය. එබඳු බලපෑමක්‌ එල්ල කළ හැකි එක ම ප්‍රභවය වන්නේ හිරු සඳු ප්‍රමුඛ ග්‍රහලෝක බව ඔහු පවසයි.

මහාචාර්ය සේනාරත්න තම මූලික තර්කය ගොඩනඟන්නේ වඩදිය බාදිය ඇති වීමේ සංසිද්ධිය මුල් කර ගනිමිනි. ඔහුට අනුව හඳෙහි ගුරුත්වාකර්ෂණ බලයට සමස්‌ත පෘථිවියේ සාගරය එසවීමට තරම් බලයක්‌ තිබේ නම් එබඳු බලවේගයකට මහාද්වීපික තල හෝ එයට යටින් පිහිටා ඇති මැග්මා ප්‍රවාහයට ද බලපෑම් එල්ල කළ හැකි විය යුතු ය. ඔහු විශ්වාස කරන්නේ එබඳු ගුරුත්ව බලයක්‌ මගින් මහාද්වීපික තලයන්හි දාරයන් අසල පෘථිවි අභ්‍යන්තරයේ ඇති කරන කැළඹීමක්‌ නිසා ඇති වන අසමතුලිත තත්ත්ව භූමිකම්පා හට ගන්නට හේතු වන බවයි.

මහාචාර්ය සේනාරත්න ඉදිරිපත් කරන තර්කය පැහැදිලි නමුත් ඒ සඳහා ඔහු පිළිගත හැකි අන්දමේ ප්‍රමාණවත් විද්‍යාත්මක පදනමක්‌ ගෙන එන්නේ ද යන්න නම් ගැටලුවකි. ගුරුත්වාර්ෂණ බලපෑම් ඇසුරෙන් මේ සංසිද්ධිය පැහැදිලි කරන ඔහු හිරු සඳු ගේ හා සඳු ගේ බලපෑම් පමණක්‌ ගෙන කළ ගණනය කිරීම්වල දී භූමිකම්පා සහ ඒවා අතර පැහැදිලි සබඳතාවක්‌ දක්‌නට නො වූ බවත් සමස්‌ත ග්‍රහ මණ්‌ඩලයේ ම පිහිටීම ගෙන සලකා බැලු විට මනා සබඳතාවක්‌ නිරීක්‌ෂණය කිරීමට හැකි වූ බවත් පවසයි. එහෙත් ගැටලුව ඇත්තේ හිරුට හා සඳුට සාපේක්‌ෂව ගත් කල අනෙකුත් ග්‍රහ වස්‌තූන් මගින් පෘථිවිය මත ඇති කරන ගුරුත්ව බලය ඉතා අල්ප වීමයි. මේ පිළිබඳව අදහස්‌ දක්‌වන මහාචාර්ය සේනාරත්න පවසන්නේ එය මේ සංසිද්ධිය පැහැදිලි කිරීමට ගෙන ආ හැකි මතවාදී ආකෘතියක්‌ පමණක්‌ බවයි. එය අනාගතයේ දී වැඩිදියුණු වීමට, ප්‍රතික්‌ෂේප වීමට හෝ වෙනත් අදහසකින් ප්‍රතිස්‌ථාපනය වීමට ඇති ඉඩ ඔහු පිළිගනියි. එහෙත් ඔහු අවධාරණය කරන්නේ වඩාත් ම වැදගත් කාරණය නිරීක්‌ෂණය බවයි. සිදු වන ආකාරය කවරක්‌ වුවත් භූමිකම්පා සහ ග්‍රහ පිහිටීම අතර පැහැදිලි සබඳතාවක්‌ ඔහු හඳුනාගෙන තිබේ. එයට අනුව ග්‍රහලෝකවල පිහිටීම ඇසුරෙන් පෘථිවිය මත භූමිකම්පා ඇති වීම පුරෝකථනය කළ හැකි ය. වඩාත් වැදගත් වන්නේ එම හැකියාවයි.

මහාචාර්ය අතුල සේනාරත්න පවසන අන්දමට පසුගිය මාස කිහිපය ඇතුළත ලෝකයේ සිදු වූ විශාල භූමිකම්පා සියල්ල ම පාහේ නිවැරැදිව පුරෝකථනය කිරීමට මේ නව ක්‍රමවේදය හරහා ඔහු සමත් ව තිබේ. පසුගිය දා ජපානයේ හොන්ෂු දූපතේ සිදු වූ භූමිකම්පාව ද ඒ අතරට අයත් ය. කෙසේ නමුත් සිදු වූ යමක්‌ ගැන පුරෝකථනය කර තිබුණා ය යන ප්‍රකාශයෙන් පමණක්‌ සෑහීමට පත් වීමට විදුසර පාඨකයන් සූදානම් නොමැත. මේ අභියෝගය සතුටින් භාර ගන්නා මහාචාර්යවරයා ඉදිරියේ දී සිදු වීමට නියමිත භූමිකම්පා පුරෝකථනයන් තුනක්‌ අප වෙත ලබා දී තිබේ. එයට අනුව අප්‍රියෙල් මස 17 වැනි දා සහ අප්‍රියෙල් මස 22 වැනි දා චිලී හා ආජන්ටිනා රටවල් ආශ්‍රිත වත්, අප්‍රියෙල් 18 වැනි දා නවසීලන්තය ආශ්‍රිත වත් භූමිකම්පා ඇති වීමට නියමිත ය. මේ අනාවැකි සැබෑ වනු ඇත් දැයි හෝ බොරු වනු ඇත් දැයි හෝ නිරීක්‌ෂණය කිරීමට අපි පාඨකයන්ට ආරාධනා කර සිටිමු.

කෙසේ වෙතත් මේ අනාවැකිවල සත්‍ය අසත්‍යතාව මත ම මේ මතවාදය නිවැරැදි ද නැත් ද යන්න තීරණය කිරීමට අප ඉක්‌මන් විය යුතු නැත. එබඳු නිගමනයකට පැමිණිය යුත්තේ පිළිගත හැකි සාධක සහිත කල්ගත වන නිරීක්‌ෂණයකින් අනතුරු ව ය. මේ ක්‍රමවේදය අනාගතයේ දී ලෝක අවධානය දිනාගන්නා පෙරැළිකාර සොයාගැනීමක්‌ බවට මෙන්ම අපකීර්තිමත් හිස්‌ ව්‍යායාමයක්‌ බවට පත් වීමට වුව ඉඩ තිබේ. එහෙත් වඩාත් වැදගත් කාරණය වනුයේ අපේ පර්යේෂකයන් මෙබඳු නව ප්‍රවේශයන් තුළින් ඉදිරියට යැමට උත්සාහ කිරීමයි. සාර්ථක වුව ද අසාර්ථක වුව ද එම ව්‍යායාමයන් සැබැවින් ම අගය කළ යුතු ය.

ශ්‍රී ලංකාව තුළ මේ අදහස පුළුල් කතිකාවතකට භාජන වන එකක්‌ විය හැක්‌කේ ජ්‍යෙතිෂ්‍යවේදය මෙරට තුළ මුල් බැසගෙන ඇති බැවිනි. ග්‍රහලෝකවල බලපෑම මිනිසාට එල්ල වනවා ය යන අදහස තුළ මේ අදහස ද නොවැළැක්‌විය හැකි ලෙස වලංගුභාවයට පත් වේ. කෙසේ වෙතත් මහාචාර්ය අතුල සේනාරත්න මේ පිළිබඳව සුවිශේෂී අදහසක්‌ නො දරන බව සටහන් කළ යුතු ය. මේ සිදු වීම සමහර විට අපට ගුරුත්වය මගින් හෝ තත්කාලීන විද්‍යාවට හසු වන වෙනත් බලවේග මගින් විස්‌තර කිරීමට නොහැකි වනු ඇත. එසේ වෙතත් එහි ප්‍රතිඵලය නිවැරැදි නම්, මේ ක්‍රමවේදය හරහා භූමිකම්පා නිවැරැදිව පුරෝකථනය කළ හැකි වනු ඇත්නම් තමන් නො දන්නා තවත් බොහෝ බලවේග පවතින බව පිළිගැනීමටත් ඒවා කවරේ දැයි සොයා ගැනීමටත් විද්‍යාවට සිදු වනු ඇත. ඒ කෙසේ වෙතත් වාර්ෂිකව මිනිසුන් දස දහස්‌ ගණනක ගේ ජීවිත දේපළ ආරක්‌ෂා කර ගැනීමට අපට මේ ක්‍රමවේදය හරහා හැකි වුව හොත් වඩා වැදගත් වන්නේ එයයි. 


 විදුසර  සගරාවේ දමිත නිපුණජිත් ගේ ලිපියක්

Friday, April 15, 2011

අපි නොදන්නා ආහාර සකස්‌ කිරීම්

පිටි කැඳ සකස්‌ කිරීම

හාල් පිටි කැඳ පිසින විට ඊට, කුඩාවට ලියන ලද පොල් කැබැලි එකතු කරයි. මේ කැඳ පොල් කිරෙන් පිසින අතර ලුණු සෑහෙන ප්‍රමාණයක්‌ එකතු කරයි. ඝන තලප ස්‌වභාවයක්‌ ගන්නා බැවින් මේ කැඳ පානය කළ නොහැකි අතර ඇඟිල්ලේ දවටා ආහාරයට ගත යුතු වෙයි. බොහෝ ගැමියෝ මෙය කිරිපැණි යනුවෙන් ද හඳුන්වති.

ඇහි රොටි සෑදීම

කුල්ලෙන් පොලා ඉතිරි වන සුන් සහල්වලට වඩා කුඩා සහල් කැබැලි ඇහි යනුවෙන් හැඳින්වෙයි. ඇහි හොඳින් ගරා ලුණු සෑහෙන ප්‍රමාණයක්‌ එකතු කර හොඳින් අනාගත යුතු ය. ලිප තබා හොඳින් රත් වූ කබල මතට අනාගත් ඇහි හැන්දක්‌ පමණ දමා පොල්කටු හැන්දෙන් තලා රොටියක්‌ ලෙස සකස්‌ කරගත යුතු ය. සාමාන්‍ය රොටියක්‌ පුළුස්‌සන ආකාරයට පුළුස්‌සාගත් මෙය ඇහි රොටි යනුවෙන් හැඳින්වෙයි. ඇහි රොටි සීනි, පොල් සමග මිශ්‍ර කර වංගෙඩියේ දමා කොටා අනා ගැනීමෙන් ආහාරයක්‌ ලෙස ගැනීමට ගැමියෝ පුරුදු වී සිටිති.

පාණු හොද්ද සැකසීම

කැකුළු සහල් සෝදා ගත් ජලය පාණු ජලය හෙවත් පාණු වතුර යනුවෙන් හැඳින්වෙයි. හීනටි හාල් පාණු වතුරට දෙකට තුනට කඩාගත් වියළි මිරිස්‌ කැබැලි හා කපාගත් මුරුංගා, ලුණු සෑහෙන පමණ එක්‌ කර හොද්දක්‌ ලෙස පිළියෙල කර ගත හැකි ය. මේ හොද්දට කරවල කැබැලි කීපයක්‌ හෝ සියඹලා මල් හෝ අමු අඹ කැබැලි කීපයක්‌ එක්‌ කර රසවත් පාණු හොද්දක්‌ සාදාගත හැකි ය.

කෝන් අනුග

කෝන් ගෙඩිවල පොත්ත ඉවත් කර වළඳක දමා රත් කරගනු ලැබේ. එවිට කෝන් ගෙඩිවල ඇඹුල හෙවත් කෝන් ඇඹුල ගෙඩියේ ඇටවලින් එකිනෙක වෙන් වෙයි. ඉන්පසු ඇට ඉවත් කර වළඳේ ඉතිරි වන ඇඹුලට ලුණු, කොච්චි අඹරා දමා පදමට එන තුරු රත් කර ගත් විට ලැබෙන මිශ්‍රණය කෝන් අනුග යනුවෙන් හැඳින්වෙයි. මේ කෝන් අනුග කඩ පිම්මකින් හෙවත් වළඳේ කට පිරිසිදු රෙදි කඩකින් බැඳ කල් තබාගත හැකි ය. පොල් සම්බෝලවලට හෝ වෙනත් වෑංජන සඳහා හෝ මේ කෝන් අනුග මිශ්‍ර කරගත්තේ රසවත් බව වැඩි කිරීමේ අරමුණිනි.

කෝන් අනුග යන ග්‍රාම්‍ය භාෂාවෙන් ගෙවිලිය හැඳින්වූයේ ස්‌වාභාවික රසකාරකයක්‌ ම බැව් අමුතුවෙන් කිව යුතු නො වේ. කෝන් යනු පෝෂ්‍යදායි වනගත ග්‍රාම්‍ය පලතුරකි.

අමු දිවුල් හොද්ද

කහට ගතිය තිබෙන අමු දිවුල් මද ගලවා වියළි මිරිස්‌ කරල් හා ලුණු පමණට දමා වතුර ස්‌වල්පයක්‌ එක්‌ කිරීමෙන් පසු ලිප තබා හැඳි ගා ගත යුතු වෙයි. හොද්ද හොඳින් නටන විට එය කිරි පැහැයට හැරෙයි. මෙය අමු දිවුල් හොද්ද යනුවෙන් හැඳින්වෙයි. කැකුළු බත් සමග අමු දිවුල් හොද්දත් අගුණ කොළ මැල්ලුමත් ගැලපෙන ආහාරයකි.

කුරක්‌කන් කැඳ

කුරහන් පිටි පොල් කිරි සමග දිය කර ලිප තබා හොඳට තැම්බෙන තෙක්‌ රත් කර කුරහන් කැඳ සාදා ගන්න. මෙයට සීනි පමණට මිශ්‍ර කිරීමෙන් රසයේ වැඩිවීමක්‌ සිදු වේ. එසේ ම ගම්මිරිස්‌ හා සුදු ලූනු අඹරා එකතු කිරීමෙන් රසයේ වෙනසක්‌ ඇති වේ.

මාළු මැල්ලුම සෑදීම

වැලිගොව්වා යනු ශ්‍රී ලංකාවේ ඇළදොළ ගංගාවල සිටින ආහාරයට ගන්නා දේශීය මත්ස්‍ය විශේෂයකි. මාළු මැල්ලුම සඳහා යොදා ගන්නේ වැලිගොව්වන් ය. කපා සෝදා පිරිසිදු කරගත් වැලිගොව්වන් ගේ කටු ඉවත් කර අමු මිරිස්‌, පොල්, ලුණු, රතු ලූනු, කරපිංචා කොළ වැඩියෙන් දමා මලවා ගැනීමෙන් පසු ආහාරයට ගත හැකි ය.

පලු පැණි

පලු යනු රසවත් ගුණවත් දේශීය පලතුරකි. හොඳින් ඉදුණු පලු ගෙඩි විශාල ප්‍රමාණයක්‌ සෝදා හොඳින් පිරිසිදු කර, ප්‍රමාණයෙන් විශාල වළඳකට දමා වතුර දමා රත් කරන්න. වතුර හොඳින් නටන විට වළඳ ලිපෙන් බාගන්න. පසුව පලු ඇට මිරිකා ඇට හා පොතු ඉවත් කර ගන්න. ඉන්පසු වළඳේ ඉතිරි වන මිශ්‍රණය පෙරා නැවත ලිප තබා පැණි මෙන් පදමට එන තුරු හොඳින් රත් කර ආහාරයට ගන්න.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අප්‍රකට ආහාරවල තාක්‍ෂණ ක්‍රමවේදය

සබරගමු පළාතට අයත් රත්නපුර දිස්‌ත්‍රික්‌කය යනු ඉතා දිගු ග්‍රාමීය ඉතිහාසයකට නෑකම් කියන සරුසාරු පරිසර පද්ධතියකින් යුත් දිස්‌ත්‍රික්‌කයකි. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ආවේනික ශාක රැසක්‌ දක්‌නට ලැබෙන බැවින් ආවේනික ශාක ඇසුරෙන් ආහාර පිළියෙල කර ගැනීමට පැරැණි ගම්වැසියෝ සමත් වූ හ. අද වන විට අප්‍රකට ව ඇති මේ ආහාර පිළියෙල කරගැනීමේ දී භාවිත කළ පාරම්පරික තාක්‍ෂණ ක්‍රමවේද නූතන ආහාර තාක්‌ෂණ ක්‍රමවේද පරයා යන බවක්‌ දක්‌නට ලැබේ. මී මල් හැලප, කහට ගෙඩි වෑංජනය, පතරාජ වෑංජනය, හාතාවාරිය දෝසි, හාල් පිට්‌ටු, තුඹ කොළ මැල්ලුම හා වෑංජනය, කළු අල කොළ වෑංජනය, තිත්ත තිබ්බටු වෑංජනය, කැබෙල්ල දලු වෑංජනය, කරකොළ මැල්ලුම හා කටු අල වෑංජනය ප්‍රධාන තැනක්‌ ගනී. වෑංජනවල අන්තර්ගත සුවිශේෂී ලක්‍ෂණය වන්නේ මේවා ආහාරයට ගැනීමෙන් දියවැඩියාව, සෙම් රෝග, වාත රෝග, හෘදරෝග වැනි රෝග ගණනාවක්‌ නිවාරණය කර ගැනීමට හැකි වීම ය. රෝග නිවාරණයට පාදක වූයේ එම ආහාරය පිළියෙල කළ පරිසරයත් සකස්‌ කර ගන්නා ආකාරයත් අතර තිබුණේ මනා සබැඳියාවකි.

මී මල් හැලප

සැම වසරක ම ජුනි, ජූලි මාසවල මී මල් හටගනී. පිපෙන අවස්‌ථාවේ දී නෙළා ගන්නා මී මල් හොඳින් වියළා ගනී, වියළාගත් මී මල් තලා රේණු ඉවත් කර ගනී. ඉන්පසු සෝදා පැය කීපයක්‌ ජලයේ පෙඟෙන්නට ඉඩ හරියි. හොඳින් පෙඟුණු මී මල් ගලේ අඹරා ගනී. ඉන්පසු හාල් පිටි සීනි හා ලුණු අවශ්‍ය පමණට ගෙන හොඳින් මිශ්‍ර කර ගනී. ඉන්පසු මේ මී මල්, හාල් පිටි, සීනී හා ලුණු මිශ්‍රණය කුඩා කොටස්‌වලට වෙන් කර කැන්ද කොළයක තබා තුනී කර හැලප තම්බන්නා සේ වාෂ්පවලින් තම්බාගත් පසු රසවත් අතුරු ආහාරයකි.

කහට ගෙඩි වෑංජනය

කහට ගස අඩි 5ත් 6ත් අතර ප්‍රමාණයක්‌ උසට වැඩෙන ශාකයකි. සැම වසරක ම මාර්තු හා අප්‍රේල් යන මාසවල ගෙඩි ගට ගනී. කහට ගෙඩි වෑංජනය සෑදීමේ දී කහට ගෙඩි, මිරිස්‌ කුඩු, අමු මිරිස්‌, තුනපහ, ගොරකා, ලුණු, ලූනු, උම්බලකඩ සහ සුදු ලූනු අමුද්‍රව්‍ය වශයෙන් ගනී. කහට ගෙඩියේ දෙපැත්ත සුද්ද කර කුඩා කැබැලිවලට කපා ගනී. ඉන්පසු එම කැබැලි ජලය පිරුණු භාජනයකට දමා ගොරකා කැබැලි අවශ්‍ය පමණ එකතු කර හොඳින් තම්බා ගනී. ඉන්පසු කළ යුත්තේ ජලය පෙරා කහට ගෙඩි කැබැලි වෙන් කර ඊට තුනපහ සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු කර හොඳින් කලවම් කර ගැනීමයි. බඳුනකට තෙල් ස්‌වල්පයක්‌ දමා තෙල් රත් කර ඊට තුනපහ සහ අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කර කහට ගෙඩි කැබැලි දමන්න. විනාඩි කීපයක්‌ තැම්බෙන්නට ඉඩ හැර පොල් කිරි ස්‌වල්පයක්‌ (අවශ්‍ය පමණට) දමා හොඳින් පිස ගැනීම කළ යුතු ය.

පැරැණි රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වැසියන් වාත රෝග, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝගවලින් වැළකී සිටීමටත් රෝග සඳහා ප්‍රතිකාරයක්‌ ලෙසත් දෛනික ආහාරයට මේ කහට ගෙඩි වෑංජනය එක්‌ කරගෙන ඇත.

නෙල්ලි වෑංජනය

නෙල්ලි ගෙඩි සැම වසරක ම මාර්තු අප්‍රේල් යන කාල සීමාවේ දී හටගනී. මිරිස්‌ කුඩු, අමු මිරිස්‌, තුන පහ, ගොරකා, ලූනු, ලුණු, උම්බලකඩ හා සුදු ලූනු යනාදිය භාවිත කරමින් ගෙවිලිය විසින් සාදන ලද නෙල්ලි වෑංජනය රසවත් බොජුනක්‌ විය. මෙහි දී නෙල්ලි ගෙඩි තම්බා ඇට ඉවත් කර ගනී. ඉන්පසු ජලය පෙරා තුනපහ සහ අනෙකුත් ද්‍රව්‍ය දමා ඊට පොල් කිරි ස්‌වල්පයක්‌ එකතු කර මඳ ගින්නේ පිසගත යුතු වෙයි. ඉන්පසු අවශ්‍ය නම් පමණක්‌ තෙල් ස්‌වල්පයක්‌ එකතු කරගත හැකි ය. ඖෂධීය ගුණයෙන් පිරිපුන් මේ නෙල්ලි වෑංජනය වාත අමාරුව, දියවැඩියාව වැනි රෝග සඳහා එදත් අදත් ගැමියෝ භාවිත කරති.

කැබැල්ල දලු වෑංජනය

අමු මිරිස්‌, තුනපහ, ගොරකා ලූනු, ලුණු, උම්බලකඩ සහ සුදු ලූනු පමණට භාවිත කරයි. පළමුව කැබැල්ල දලු සෝදා පිරිසිදු කර ජලයේ තම්බා ගනී. ඉන්පසු ජලය පෙරා ඉවත් කර තුනපහ සහ අනෙකුත් ද්‍රව්‍ය දමා ඊට පොල් කිරි ස්‌වල්පයක්‌ ද එකතු කර විනාඩි කීපයක්‌ මඳ ගින්නේ පිසගත යුතු වෙයි. දියවැඩියාවට වඩාත් ගුණ දෙන මේ කැබැල්ල දලු වෑංජනය එදත් අදත් ගැමියන් අතර ප්‍රසිද්ධ ය.

කරකොළ මැල්ලුම

කරකොළ, ලුණු, පොල්, අමුමිරිස්‌, රතු ලූනු යනාදිය අවශ්‍ය ද්‍රව්‍ය වෙයි. කර කොළ හොඳින් සෝදා කුඩා කැබැලි සිටින සේ කපාගත යුතු ය. ඊට පොල් සහ අනෙකුත් ද්‍රව්‍ය දමා මිශ්‍ර කර ලිප තබා ගත යුතු ය. මේ වෑංජනය දියවැඩියාවට හා හෘද රෝගවලට ගුණදායක වූ බැවින් ගැමියන් ගේ දෛනික ආහාරයේ ප්‍රධාන අංගයක්‌ විය.

හල් පිට්‌ටු

හල් ගෙඩිය කහට රසයකින් හා තිත්ත රසයකින් යුක්‌ත බැවින් හල් ගෙඩිය ගෙන සිහින් රැලි සිටින සේ කපා ගෙන රෙදි උරයක හෝ ගෝනියක දමා ජලය ගලා යන තැනක දින දෙකක්‌ හෝ තුනක්‌ රඳවා තබයි. එවිට හල් ගෙඩියේ අඩංගු කහට රසයට හේතු වන රසායනික ද්‍රව්‍ය ජලයේ දිය වී යයි. ඉන්පසු ජලයෙන් ඉවතට ගෙන හොඳින් සෝදා කුඩා කැබැලිවලට කපා වංගෙඩියේ දමා හාල් පිටි පොල් හා ලුණු සමග මිශ්‍ර කර පිට්‌ටු බම්බුව ආධාරයෙන් ජල වාෂ්පවලින් තම්බා ගනී. හල් පිට්‌ටු දියවැඩියාවට මෙන්ම හෘදරෝගවලට ද ගුණදායක බැවින් ගැමියා ගේ උදෑසන ආහාරයේ ප්‍රධාන තැනක්‌ ගත්තේ ය. 


විදුසර පුවත් පතෙන් උපුටා ගන්නා ලදි
http://www.vidusara.com/2010/11/03/feature6.html

Monday, April 11, 2011

පස්‌දෙනකුගෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සභාපති ධුරය දුලිප් මෙන්ඩිස්‌ට

හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක දුලිප් මෙන්ඩිස්‌ මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවක්‌ පත් කිරීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙරේදා (08 දා) පියවර ගෙන තිබේ. මෙන්ඩිස්‌ මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවට සාමාජිකයන් පස්‌ දෙනෙකු ඇතුළත් වෙති.

ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලයෙදී ශ්‍රී ලංකා කණ්‌ඩායම අනුශූරතාවට පත්වීමෙන් අනතුරුව අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු හිටපු ක්‍රිකට්‌ තේරීම් කමිටුව අදාළ ධුරවලින් ඉල්ලා අස්‌වූ අතර අනතුරුව මෙම නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කොට ඇත.

මෙන්ඩිස්‌ මහතාග් සභාපතිත්වයෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස බ්‍රෙන්ඩන් කුරුප්පු, දොන් අරුණසිරි, රංජිත් මදුරුසිංහ සහ චමින්ද මෙන්ඩිස්‌ යන අයත් වෙති.

නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ පළමු කාර්ය භාරය වන්නේ හිස්‌වී තිබෙන ශ්‍රී ලංකා කණ්‌ඩායමට නායකයකු සහ උපනායකයකු පත් කිරීම වන අතර අනතුරුව එංගලන්ත සංචාරය සඳහා වන ශ්‍රී ලංකා කණ්‌ඩායම නම් කිරීමට නියමිත වේ. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එංගලන්ත සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමට යෙදී තිබෙන එංගලන්ත සංචාරය වෙනුවෙන් සහභාගිවන කණ්‌ඩායමද අදාළ නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් පත් කිරීමට නියමිත වේ.

නම කමිටුවට පත් වී සිටින සියලුම සාමාජිකයන් මීට පෙර තේරීම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කිරීමද විශේෂත්වයක්‌ වේ.

සභාපති ලෙස පත්ව සිටින දුලිප් මෙන්ඩිස්‌ මහතා 1975 වසරේ සිට 1989 වසර දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කර තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වයද හොබවා තිබේ. ටෙස්‌ට්‌ තරග 24 කට සහ එක්‌දින තරග 79 කට සහභාගි වී ඇති හෙතෙම අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ප්‍රධාන විධායකවරයා ලෙස කටයුතු කරමින් සිටින අතරතුරදී මෙම වසරේදී විශ්‍රාම ගියේය.

වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන අනුරු තෙන්නකෝන් මහතාට පෙර එහි කළමනාකරු ලෙස කටයුතු කළ කුරුප්පු මහතා 1987-1991 කාලයක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කර තිබේ.

අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු හිටපු ක්‍රිකට්‌ තේරීම් කමිටුව පෙර සිටි අසන්තද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ සාමාජිකයකුද වූ දොන් අරුණ සිරි ශ්‍රී ලංකාව වෙනුවෙන් 1986-1992 දක්‌වා කාලය තුළ ටෙස්‌ට්‌ තරග 18 කට සහභාගි වී තිබේ. දකුණත් පිට දඟ පන්දු යවන්නකු වූ මදුරුසිංහ මහතාද 1988-1992 කාලය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. සෙසු සාමජිකයා වන චමින්ද මෙන්ඩිස්‌, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරගයකට ක්‍රීඩා කර තිබෙන අතර ඔහුද අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුතු හිටපු ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

අදාළ නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉදිරි සතියේදී අදාළ තනතුරුවල වැඩ භාර ගැනීමට නියමිත වේ.



මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීමෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය


 අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩිවිල්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමි විය.
දිල්ලිහී පැවති තරගයේ කාසිය වාසිය දිනු දිල්ලි ඩෙයාර්ඩිවිල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එහිදී ඔවුන්ට පන්දුවාර 17යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 95ක් පමණි.

විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 19ක් ලබා ගත්තේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග පන්දුවාර 3යි පන්දු 4ක් තුළ එක් නිලකුණු පන්දුවාරයක් සහිතව ලකුණු 13කට කඩුලු 5ක්

බිඳහෙලීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 99ක් ලබා ගනිමින්

තරගයේ ජය වාර්තා කළේය.

සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේය.

Sunday, April 10, 2011

අපේ නව ක්‍රිකට් නායකයා කව්ද?

සංක්‍රාන්ති සමයක්‌ අවසානයේ තවත් සංක්‍රාන්ති සමයකට මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව දැන් අවතීර්ණව ඇත. ජාතික සංචිතය තේරීමට සුදුසු ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සිට කණ්‌ඩායමේ නායක, උපනායක සහ පුහුණුකරු දක්‌වා තනතුරු මෙරට අනාගත ක්‍රිකට්‌ වෙනුවෙන් යෑයි කියමින් දැන් ඇබෑර්තු වී අවසන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ නායකයකු සහ උපනායකයකු සොයා ගැනීමේ අපහසුම අවස්‌ථාව මෙවර උදාවී ඇත. මීට පෙර බන්දුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස්‌ වකවානුවෙන් පසු අරවින්ද සහ අර්ජුන වකවානුවේද නායකත්වයට සුදුස්‌සන් බොහොමයක්‌ සිටියහ. අනතුරුව හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු යුගයෙන් පසු මහේල යුගයත් ඉන්පසු සංගක්‌කාරත් අදාළ ඔටුන්න සඳහා සුදුස්‌සන් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. නමුත් සංගක්‌කාර නායකත්වයට සමුදීමත් සමග නායකත්වයට සුදුස්‌සකු පත්කිරීම පිළිබඳව දෙවරක්‌ සිතීමට සිදුව තිබේ. ඒ ජ්‍යෙෂ්ඨයන්ට වයස වැඩිවීමත් සහ නවකයන්ට අත්දැකීම් නොමැති වීමත් යන කරුණු නිසාය.

වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එක්‌දින සහ ටෙස්‌ට්‌ තරගවල ජ්‍යෙෂ්ඨයන් වන මහේල සහ සංගක්‌කාර නායකත්වය දරා එයට සමුදී ඇත. ඔවුන්ගෙන් පසු ජ්‍යෙෂ්ඨයන් වන්නේ තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්‌, තිලාන් සමරවීර සහ ලසිත් මාලිංගයි. මේ අතරින් නායකත්වයට සුදුස්‌සකු පත්කර ගන්නේ නම් ඒ සඳහා ඉදිරියෙන්ම සිටින්නේ ඩිල්ෂාන්ය. අනතුරුව මැතිව්ස්‌, තරංග සහ තිලාන් සමරවීරද එහි නායක උපනායක තනතුරු සඳහා යෝජනා විය හැකිය.

තිලකරත්න ඩිල්ෂාන් ටෙස්‌ට්‌ සහ එක්‌දින මෙන්ම 20-20 තරගවලදීත් හොඳින් දස්‌කම් දක්‌වමින් කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ හිමිකර ගැනීම මත අනාගත නායකත්වයට ඔහු ඉදිරියෙන්ම සිටී. ඇන්ජලෝ මැතිව්ස්‌ද අදාළ කණ්‌ඩායම්වල ස්‌ථානය තහවුරු කර ගත්තද ඔහු තවම ආධුනිකය. මැතිව්ස්‌ දැනට ටෙස්‌ට්‌ තරගය 13 ක්‌ සහ එක්‌දින තරග 43 කට පමණක්‌ සහභාගි වී සිටිති. උපුල් තරංග ටෙස්‌ට්‌ තරග 15 ක්‌ සහ එක්‌දින තරග 121 ක අත්දැකීම් ඇත්තෙකි. මේ සියලු දෙනා අතරින් නවකයකුට තැන දෙන්නේ නම් මැතිව්ස්‌ සහ තරංග ඉදිරියෙන් සිටිති. නමුත් උපුල් තරංගට ටෙස්‌ට්‌ සංචිතයේ ස්‌ථානයක්‌ ඉකුත් තරවල හිමි නොවීම මත ගැටලුකාරී තත්ත්වයක්‌ පැන නගී.

නායකයකු අනාගතය වෙනුවෙන් හුරු කිරීමේ සැබෑ ප්‍රතිඵලයේ සාර්ථකත්වය ඔස්‌ටේ්‍රලියාව ඉකුත් වසර කිහිපයේදීම අත්විද තිබේ. එහිදී ඔස්‌ටේ්‍රලියාව වෙනුවෙන් අවසන් නායකත්වය දැරූ රිකී පොන්ටින් 2003 සහ 2007 ලෝක කුසලාන දෙකම තම රටටම දිනා දුන්නද මෙවර (2011) ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට හෝ පැමිණීමට නොහැකි වීම මත ඔහු නායකත්වයෙන් ඉවත් විය. එය සාධාරණය. පොන්ටින් සමුගන්නා විට නායකත්වය භාරදීමට හැකි ක්‍රීඩකයකු ඔස්‌ටේ්‍රලියාව ඒ වන විටත් නිර්මාණය කර තිබිණි. පොන්ටින්ගේ උපනායකයා ලෙස මයිකල් ක්‌ලාක්‌ වසර ගණනාවක්‌ පත්කර ඔහුට නායකත්වය පිළිබඳ පෙරහුරුවක්‌ ලබාදී තිබීම මත ඔස්‌ටේ්‍රලියාවට නව නායකත්වය පිළිබඳව ගැටලුවක්‌ ඇති නොවීය. මීට ඉහත ශ්‍රී ලංකාවේ තේරීම්ද එසේ සිදුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකත්වය පිට පැනීම 2007 ආරම්භ විය. සනත් ජයසූරියගෙන් පසුව ටෙස්‌ට්‌ සහ එක්‌දින නායකත්වය මාවන් අතපත්තුට හිමිවිය. නමුත් ඔහු 2007 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති එංගලන්ත සංචාරයේදී ආබාධයකට ලක්‌වීම මත මහේලට නායකත්වය හිමිවිය. එතැන් සිට මහේල සාර්ථක වූ බැවින් 2007 ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය මහේලට හිමිවූ අතර එහි උපනායකත්වය සංගක්‌කාරට හිමිවිය. එවිට මාවන් පිතිකරුවකු ලෙස නායකයකු ලෙස සාර්ථකව සිටියද අවසානයේ කණ්‌ඩායමේ ස්‌ථානයද ඔහුට අහිමි කිරීමට එකල තේරීම් කමිටුව තීරණය කළේය. යම් හෙයකින් එම ලෝක කුසලාන තරගාවලිය මාවන් මෙහෙය වූයේ නම් ඉකුත්දා අවසන් වූ 2011 ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය දරන්නේ මහේලය. එවිට මහේලගෙන් පසුව මීළඟ ලෝක කුසලාන තරගාවලිය තෙක්‌ සංගක්‌කාරට නායකත්වය දැරීමට සිදුවනු ඇත. එවිට අනාගතයේදී මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග වැනි නවකයකුට නියම කාල සීමාවේදී අත්දැකීම් මතින් පරිපූර්ණ වී නායකයකු වීමට ඉඩ ප්‍රස්‌ථාව ලැබෙනු ඇත.

සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු නායකත්වය දරන අතරතුර මහේලව උපනායකත්වයට පත්කිරීමෙන් මහේල හොඳ පරිණත නායකයකු බවට පත්විය. නමුත් සංගක්‌කාර නායකත්වය දරන කාලයේදී අනාගත නායකත්වය ගැන නොසිතා කටයුතු කිරීමට තේරීම් කමිටු කටයුතු කිරීම මත ගැටලුකාරී තත්ත්වයක්‌ නිර්මාණය විය. සංගක්‌කාරගේ නායකත්වයෙන් විටෙක මුරලි උපනායකත්වයටද තවත් විටෙක මහේල උපනායකත්වයටද පත්කිරීමෙන් පෙනී ගියේ උපනායකත්වයටද සුදුස්‌සකු නොමැති බවයි.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ සිම්බාබ්වේ සංචාරයේදී තිලකරත්න ඩිල්ෂාන්ට නායකත්වය ලබා දුන් අතර එහිදී පැවැති තුන්කොන් ශූරතාව ජය ගෙන ඒමට ඩිල්ෂාන් ප්‍රමුඛ නවක ක්‍රීඩකයන්ට හැකිවිය. නමුත් අනතුරුව ඔහු උපනායකත්වයටද නුසුදුසු වූයේ ඔහුගේ වරදක්‌ නිසාද යන පැනය මතුවේ.

ඉදිරි ලෝක කුසලාන තරගාවලිය ඉලක්‌ක කරගනිමින් සංගක්‌කාර නායකත්වයට සමුදුන්නේ අනාගතය වෙනුවෙන් බව ඔහු කියයි. එහෙත් යථාර්තය අනුව හොඳට පදම්වූ ක්‍රීඩකයකු සහ නායකත්වයට ඔබින ගුණාත්මක ගති ලක්‍ෂණ තිබෙන ක්‍රීඩකයකු ඔහු සමුගන්නා විට මෙරට ක්‍රිකට්‌ තේරීම් කමිටු විසින් හඳුනාගෙන තිබේද? එසේ නම් සංගක්‌කාරගේ උපනායකයා වශයෙන් ඔහු පත් නොකළේ මන්ද? යන ප්‍රශ්න වර්තමානයේ මාර්තෘකාවට බඳුන් වී තිබේ.

කුමාර සංගක්‌කාර නායකත්වයට සමුදීමෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෙසේ පැවසීය. "2015 ලෝක කුසලාන සඳහා නව නායකයකු සමග නව අදහස්‌ ඇතිව ක්‍රීඩා කිරීම වෙනුවෙන් මම නායකත්වයෙන් ඉවත්වනවා. 2015 වන විට මට අවුරුදු 37 යි. ඒ කාලයේදී මට කණ්‌ඩායමේ රැදී සිටින්න පුළුවන් වෙයිද කියන එක සැකයි. ඉදිරි නායකත්වය සඳහා ඩිල්ෂාන්, තරංග, මැතිව්ස්‌ සහ ලසිත් මාලිංගත් සුදුසුයි. කොහොමත් ටෙස්‌ට්‌, එක්‌දින සහ 20-20 තරග සඳහා එකම නායකයකු පත්වීම තමයි සුදුසු" යනුවෙන් පැවසීය.

සංගක්‌කාර 2015 ලෝක කුසලාන වන විට අවුරුදු 37 ක්‌ වීම මත ඔහුට එම කාලයේදී කණ්‌ඩායමේ ස්‌ථානය වයසත් සමග අහිමිවීමට ඉඩ ඇති බව ඔහු පැවසීම සහ එහිදී ඩිල්ෂාන්ට නායකත්වය සුදුසුයෑයි සංගක්‌කාර පැවසුවේ ඩිල්ෂාන්ට 2015 වන විට වයස අවුරුදු 38 ක්‌ වන බව අමතක වී විය හැකිය.

ඒ අනුව ඩිල්ෂාන්ට නායකත්වය හිමි නොවුණහොත් මැතිව්ස්‌ට හෝ තරංගට නායකත්ව ලබා දීමට පුළුවන. නමුත් ඔවුන් ඒ සඳහා පරිපූර්ණ වී තිබේද යන ප්‍රශ්ණයට පිළිතුර ලැබෙන්නෙ එම වගකීම ඔවුන් දැරීමෙන් පසුවය. එවැනි අවදානමක්‌ අනාගතයේ පත්වන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව භාර නොගතහොත් ඩිල්ෂාන්ට නායකත්වය ලබා දීමට පුළුවන. නැතිනම් කිසිම අවදානමක්‌ නොගෙන යළිත් වරක්‌ නායකත්වයේ ඔටුන්න මහේලටම හිමිවීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී. මහේල එය භාරගතහොත් ඔහුගේ උපනායකයා යෞවනයේ පසුවන්නකු විය හැකිය.

නායකයා යනු කණ්‌ඩායම ජයග්‍රහණය කරා රැගෙන යැමේ පුරෝගාමියා විය යුතුය. අර්ජුන රණතුංග යුගයේ සිට සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ කුමාර සංගක්‌කාර යුගය දක්‌වා ශ්‍රී ලංකා පිල මෙහෙයවූ සැම දෙනාම මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව ඔසවා තබන්නට සමත් වූහ. ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට්‌ නායකයා 2015 ලෝක කුසලාන ජයග්‍රහණය කරවීමේ දක්‍ෂයකු විය යුත්තේ ඉකුත් ලෝක කුසලාන දෙකෙහිදීම ශ්‍රී ලංකාව අනුශූරයන් වූ හෙයිනි. නැවතත් අනුශූරතාව හෝ ඉන් පහළට නොවැටී ශූරතාව කරාම රැගෙන යන නායකයකු සොයා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉදිරියේ ඇති පළමු අභියෝගය වී තිබේ.

දිවයින පුවත් පත ඇසුරිනි

Saturday, April 9, 2011

අනේ හාමුදුරුවනේ මේකද බුදු බණේ! අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සැබැවින්ම සිදු වන්නේ කුමක්‌ද? රළුවේ පද්මසිරි හිමි කාථිකාචාර්ය, බෞද්ධ අධ්‍යයනාංශය, භික්‌ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර

අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂූ විශ්වවිද්‍යාලය 2011.03.22 අඟහරුවාදා දින නියමයක්‌ නොමැතිව වසා දැමීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ ද අනුදැනුම ඇතිව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් තීරණය කරන ලදී. විශ්වවිද්‍යාලය වසා දැමීම අත්තනෝමතික පරිපාලන තීන්දුවක්‌ බවත්. නවක වධ සිදුවීම් කිසිවක්‌ විශ්වවිද්‍යාලයේ සිදු නොවූ බවත් එනිසාම මෙම ක්‍රියාව රජයේ අවශ්‍යතාවක්‌ අනුව කරන ලද්දක්‌ බවත් විවිධ ජනමාධ්‍ය උපයෝගී කරගෙන ශිෂ්‍ය නියෝජිතයින් යෑයි පවසන විවිධ පුද්ගලයන් විසින් වරින් වර ප්‍රකාශ කරනු අසන්නට, දකින්නට ලැබිණි. විශ්වවිද්‍යාලය වසා දැමීමේ සැබෑ හේතු ප්‍රථම ගණයේ (First Hand) තොරතුරු උපයෝගී කරගෙන හෙළි කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණයි. ඇතැම් ශිෂ්‍ය සංගම් මෙන් සාක්‌ෂි රහිතව හුදු ප්‍රලාප නැගීමක්‌ මෙහිදී සිදු නොකරන බවත් වේලාසනින්ම කිව යුතුය.

බුද්ධශ්‍රාවක භික්‌ෂු විශ්වවිද්‍යාලීය පරිපාලනය පමණක්‌ නොව එහි සියලුම ආචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරුන් හා නේවාසිකාගාර පරිපාලකයන් ද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පළමු වසරේ සිසුන්ට නවක වධය දෙන ආකාරය පැහැදිලිව දුටු අතර එහි තත්ත්වය එන්න එන්නම බරපතල වූ බැවින් මෙම තීරණයට එළඹීමට පරිපාලනයට සිදුවිය. එබැවින් විශ්වවිද්‍යාලය වසා දැමීමේ සැබෑ හේතුව පරිපාලන දුර්වලතා වසා ගැනීමක්‌ හා රජයේ අරමුණු සාධනය කිරීමක්‌ යෑයි කරනු ලබන චෝදනා අසත්‍ය මෙන්ම විකෘති සහගත ද වේ.

විශ්වවිද්‍යාලය වසා දැමීමේ ප්‍රධානතම හා එකම හේතුව වන්නේ පාලනය කරගත නොහැකි තරමට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සිදු කළ අමානුෂික නවක වධයයි. මේ හැර විශ්වවිද්‍යාලය වසා දැමීමේ කිසිදු හේතුවක්‌ විශ්වවිද්‍යාලයට නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව වෙනුවෙන් වගකීමෙන් ප්‍රකාශ කළ හැකිය. විශ්වවිද්‍යාලය වසා දැමීමට තරම් නවක වධය උත්සන්න වුයේ කෙසේද යන්න සවිස්‌තරව පැහැදිලි කිරීමට සිදුවන්නේ ශිෂ්‍ය නායකයින් යෑයි ප්‍රකාශ කරන දේශපාලන හෙංචයියන්ගේ ප්‍රකාශවල ඇති සාවද්‍ය බව කරුණු සහිතව පෙන්වා දීම අවශ්‍ය වන බැවිනි. මෙවැනි පැහැදිලි කිරීමකින් විශ්වවිද්‍යාල පරිපාලනය වෙත එල්ල කොට ඇති චෝදනාවන්හි පදනම් විරහිත බව පැහැදිලි වේ.

විශ්වවිද්‍යාලය තුළ උද්ගත වන ගැටලු වෙනුවෙන් පෙනී සිටින අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්‌ඩලය හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බල මණ්‌ඩලය යනු කාගේ වුවමනා සඳහා කවුරුන් විසින් ක්‍රියාත්මක කරවන ඒවාද යන්න බත් කන ශ්‍රී ලාංකිකයෝ දනිති. එම මණ්‌ඩල නියෝජනය කරන්නේද ඔවුන්ගේ දේශපාලන පියවරුන්ගේ ක්‍රමවේදයන්මය. ඔවුන්ගේ ක්‍රමවේදය වන්නේ සැබෑ ප්‍රශ්නය යටපත් කිරීම සඳහා එම සිද්ධියට කිසිදු අදාළත්වයක්‌ නැති සිදුවීම් දාමයක්‌ මවා පා මහා ගෝනි බිල්ලකු නිර්මාණය කිරීමයි. මවා පෑමයි. මෙසේ නිර්මාණය කරන යෝධ ගෝනි බිල්ලා සකස්‌ කර ගත්තේ කාල් මාර්ක්‌ස්‌ගේ දේශපාලන සිද්ධාන්ත පටු අරමුණු උදෙසා ගණිකා වෘත්තියෙහි යෙදවීමෙනි. සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට නිර්මාණය කරගත්තාවූත් එම දේශපාලන පක්‍ෂ විසින් පමණක්‌ සත්‍ය යයි පිළිගන්නා වුත් මෙම ක්‍රමවේදය භික්‌ෂූ අන්තරය ද දැන හෝ නොදැන හෝ අනුගමනය කරනු පෙනෙයි. එම ක්‍රමවේදයට අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ මුළු ලෝකයේ ම මිනිසුන්ගේ කායික හා මානසික ප්‍රශ්න සියල්ලම විසඳී සුඛිත මුදිත වූ කොමියුනිස්‌ට්‌ තත්ත්වය ලෝකයට උදා වූ දාට පමණි. මෙවැනි දේශපාලන ප්‍රවණතා මගින් හික්‌මවන ලද මිනිසුන් යම් ප්‍රශ්නයක්‌ පිළිබඳ දක්‌වන අදහස්‌ සැබෑ ලෙසින්ම අසත්‍ය බවත් පදනම් විරහිත බවත් පහසුවෙන්ම තහවුරු කළ හැකි වීම රටේ වාසනාවයි.

අනුරාධපුර භික්‍ෂු සරසවියේ සැබෑ ප්‍රශ්නය වන නවක වධ සිද්ධියේ බරපතළ බව තහවුරු කිරීමට අවශ්‍ය සාක්‍ෂි විශ්වවිද්‍යාලය සතුය, ඒ සාක්‍ෂි අතර හඬ පටි, නවක සිසුන්ගේ අත්සන් හා ලියාපදිංචි අංක සහිත ලේඛන, වීඩියෝ කළ දර්ශන, ආචාර්යවරුන් සහ පරිපාලන නිලධාරීන් ඇසින් දුටු සාක්‍ෂි හා කනින් ඇසු සාක්‍ෂි ද රාශියකි. මෙතරම් ප්‍රමාණයක්‌ ප්‍රථම ගණයේ සාක්‍ෂි ( First Hand Evidence) තිබියදී සියල්ල දැන දැනම, කිසිදු දෙයක්‌ නොදන්නා වූ පුහුණු කරන ලද ගිරා පෝතකයින් සේ ප්‍රලාප දෙසාබාන අන්තරයේ භික්‍ෂුන්ගේ ප්‍රකාශ පිළිගැනීමට තරම් උසස්‌ අධ්‍යාපන ඇමැති, විශ්වවිද්‍යාල පරිපාලනය හෝ සාමාන්‍ය ජනතාව සූදානම් වෙතියි ඔවුන් සිතන්නේ නම් එය ඔවුන්ගේ තවත් එක්‌ මුළාවකි. එසේ වුවත් විශ්වවිද්‍යාලයට එරෙහිව විවිධ මාධ්‍ය ඔස්‌සේ සිදු කර ඇති අසත්‍ය ප්‍රකාශනවල සැබෑ ස්‌වභාවය රටේ ජනතාව දැන ගත යුතු බැවින් එම චෝදනාවල ඇති හිස්‌ බව කෙටියෙන් පෙන්වා දෙමු.

විශ්වවිද්‍යාලය වසා දැමූ පසු "අපේ ඉගෙනීමේ අයිතිය වහා ලබා දෙනු" යනුවෙන් සටන් පාඨ නගන සිසුන් විශ්වවිද්‍යාලයේ දේශන පැවැත්වෙන විට අධ්‍යයන කාර්යයන්හි නිරත නොවන බව ප්‍රකාශ කිරීමට සිදුවීම අපගේ ද අවාසනාවකි. 2011.03.08 දින විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට අධ්‍යයන කටයුතු ආරම්භ කළ අතර එතැන් සිට 2011.03.22 තෙක්‌ සති දෙකක කාල සීමාව තුළ දෙවන වසර සිසුන් දේශනවලට සහභාගි වුයේ එකම දිනක්‌ හෝ දෙකක්‌ පමණි. සති දෙකක අධ්‍යයන කාලයක්‌ තුළ දේශනවලින් එක්‌ දේශනයකට පමණක්‌ සිසුන් පැමිණියේත් අනෙක්‌ දේශන සියල්ල මග හැර සිටියේත් පරිපාලන වරදකින් හෝ දේශකයන්ගේ අඩුපාඩුවක්‌ නිසා හෝ නොවේ. උදෑසන 04.00 පමණ සිට උදෑසන 7.00 පමණ වන තෙක්‌ නවක සිසුන්ට නවක වධ දුන් දෙවන වසර සිසුහු නැවතත් සවස 6.00 පමණ සිට උදෑසන 1.00 පමණ වන තෙක්‌ නවක සිසුන්ට වධ දුන්හ. ඒවා විමසීමට පරිපාලන නිලධාරීන් යන විට ජ්‍යෙෂ්ඨ සිසුන් යෙදූ විශේෂ මුරකාවන්හි පිහිටෙන් අදාළ නිලධාරීන්ගේ පැමීණීම වේලාසනින්ම දැනගෙන මොවුහු අඳුරේ සැඟවෙති. රාත්‍රි කාලයේ ඔවුන් නිදනු ලබන්නේ පැය තුනක්‌ පමණි. පෙ.ව. 1.00 පෙ.ව 4.00 මෙසේ හිංසාවට පත්වන නවක සිසුන් බලෙන් පංතිවලට සහභාගි කරවා ජ්‍යෙෂ්ඨ සිසුහු දවල් දවසේ ම නිදති. පංති කාමරයට පැමිණෙන නවක සිසුහු ද පංති කාමර තුළ නිදා වැටෙති.

2011.02.28 දින නවක සිසුන්ට විශ්වවිද්‍යාලය ආරම්භ කළ අතර එදින සිට 2011.03.11 වන තෙක්‌ ඉතා උනන්දුවෙන් අධ්‍යයන කටයුතුවල නිරත වු පළමු වසර සිසුන් නවක වධය ඇරඹූ දා සිට දේශනවලට පැමිණි අවස්‌ථාවේ සිට නිද්‍රාශීලී වන්නේත් තැති ගැනීමෙන් මෙන් හාත්පස බලමින් ඉන්නේත් ඉගැන්වීම් කෙරෙහි අවධානයක්‌ යොමු නොකරන්නේ ඇයි ද යන්න විශ්වවිද්‍යාලයන්හි ඇසුර ලැබූ ඕනෑම කෙනකුට ඉතා පහසුවෙන් අවබෝධ වේ. පළමු වසර සිසුන්ගෙන් ලබාගත් ප්‍රකාශයන්ගෙන් බහුතරය කියාපාන්නේ මෙවැනි වධ දීමේ තත්ත්වයක්‌ යටතේ තමන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ අනවශ්‍ය බවයි. එසේ ම මේ සති දෙකක කාලය තුළ සියදිවි නසා ගැනීමට සිතුණු අවස්‌ථා අප්‍රමාණ බව ද ඔවුන්ගේ ප්‍රකාශනවලින් කියවෙයි. සාමාන්‍ය විශ්වවිද්‍යාලයක සිදුවන නවක වධය මෙන් සිය ගුණයකින් වර්ධනය වූ නවක වධ දීමක්‌ මෙම විශ්වවිද්‍යාලය තුළ සිදුවු බවට සාධක ඕනෑතරම් ඉදිරිපත් කළ හැකිය. නවක සිසුන්ගේ භාවිතයට පමණක්‌ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් වෙන් කර දී ඇති වැසිකිළි පද්ධතියේ ඇති වැසිකිළි දොරවල මැද සහ යටින් විශාල සිදුරු සදා ඇත්තේ නවක සිසුන් වැසිකිළි ගිය පසු ජලය පාවිච්චි කරනවාද යන්න පිටත සිට පහසුවෙන් බලා ගැනීම පිණිසයි. මෙම කරුණු මාගේ හෝ පරිපාලනයේ හෝ හුදු උපකල්පන නොවේ. මෙසේ සිදුරු කරන ලද වැසිකිළි දොරවල් මේ දක්‌වාම ඉවත් නොකර තබා ඇති අතර අවශ්‍ය කරන ඕනෑම කෙනකුට විශ්වවිද්‍යාල අවසරය සහිතව පැමිණ නිරීක්‍ෂණය කළ හැකිය. නවක සිසුන් විසින් ලබාදුන් ප්‍රකාශන ඇතුළත් වීඩියෝ පටවලින් සහ ඔවුන් ලබාදුන් ලිත ප්‍රකාශන මගින් ද මේ බව වඩාත් හොඳින් තහවුරු වේ. නවක සිසුන්ට මුහුණ සේදීමට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දෙන්නේ ජලය සබන් පියනෙන් එකකි. දත් මැදීමට ඔවුන්ට ලැබෙන කාලය තප්පර පහකි. වැසිකිළි යාමේ කාලය විනාඩි තුනකි. මේ තරම් කුරිරු වූ නවක වධයක්‌ ලෝකයේ වෙනත් කිසිදු හෝ විශ්වවිද්‍යාලයක තිබේ යෑයි අප අසා නැත. පළමු වසර සිසුන් ගමන් කරන සමීපයේ සිටීමටවත් නොහැකි තරමට දුගඳ හමයි. පංති කාමරය තුළ ආචාර්යවරයකුට සිටිය නොහැකි තරමට එම දුඟද දැඩිය. මේ තත්ත්වය උත්සන්න වූ නිසාම 2011.03.15 දින දේශන පැවැත්වීමෙන් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සිදු විය. මේ සියල්ල අසත්‍ය යෑයි අන්තරේ දේශපාලන අම්බරුවන් විලි බිය නොමැතිව මාධ්‍ය ඔස්‌සේ ප්‍රකාශ කරනු ඇත. නවක වධය පිළිබඳ මෙම විස්‌තරය ප්‍රමාණවත් නොවේ නම් ඒ පිළිබඳ මීට වඩා සවිස්‌තර වාර්තා ලබාදිය හැකිය.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම හා මෙම විශ්වවිද්‍යාලය වසා දැමීම අතර සම්බන්ධයක්‌ තිබෙන බවත් එය විශ්වවිද්‍යාල පරිපාලනය විසින් දැන දැනම සිදු කරන ලද්දක්‌ බවත් විශ්වවිද්‍යාලය වෙත යොමු කොට ඇති තවත් අභූත චෝදනාවකි. මෙම ප්‍රකාශය තේ කෝප්පයේ කිඹුලන් දැක බියවීමට නොදෙවෙනිය. අනුරාධපුර භික්‍ෂූ සරසවිය හදිසි තත්ත්වයක්‌ යටතේ තාවකාලිකව වසා දැමීම හා රජය පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ ක්‍රියාදාමය සමග කිසිදු සෘජු සම්බන්ධතාවක්‌ නොමැත. අන්තරේට අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාල සිසුවෙකුට සෑදුණු බඩේ අමාරුවක්‌, පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කිරීමේ ආණ්‌ඩුවේ පිළිවෙත නිසා ඇති වූ බව පෙන්වා දීමටයි. ඔවුන්ට වැළඳී ඇති බරපතල රෝගය වන්නේ ඇතැම් බංකොලොත් දේශපාලන පක්‍ෂවල මතවාද කරපින්නා ගෙන ඒවාට පණ දෙන්නට උත්සාහ දැරීමයි. දළදා මාලිගාවට ත්‍රස්‌තවාදීන් බෝම්බ දැමූ විට එය හෙළා දැකීමට පෝස්‌ටරයක්‌වත් ප්‍රදර්ශනය නොකළ මෙම අන්තරය කියූබාව අසලින් ඇමරිකානු නැවක්‌ ගමන් කළත් මහා උද්ඝෝෂණ සුදානම් කළ ඓතිහාසිකවම බංකොලොත් වූ දේශපාලන පක්‍ෂවල බළල් අත් ලෙස මෙම සිසුන් ද යොදා ගනු පෙනෙයි. මෙය ජාතික අධ්‍යාපනයේ අරමුණුවලට කණකොකා හැඩීමක්‌ බව අප අමතක කළ යුතු නැත. මෙම විශ්වවිද්‍යාලය වසා දැමීම හුදු නවක වධ සිදුවීම් රාශියක ප්‍රතිඵලයකි. එහි කිසිදු දේශපාලනික අරමුණක්‌ නැත. එවැනි නවක වධ දීමක්‌ සිදු නොවූ බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින භික්‌ෂූ අන්තරේ ප්‍රකාශ කරන විට අප මිනිසුන්ට ප්‍රකාශ කරන්නේ අනුරාධපුර උඩමළුව පොලිසියට අයත් භික්‍ෂූ සරසවිය වටා ඇති පොලිස්‌ බැරැක්‌කවල සිටි නිලධාරීන් හමුවීම පමණක්‌ අන්තරේ භික්‌ෂූන්ගේ ප්‍රකාශනයන්හි ඇති හිස්‌ බව, අසත්‍ය බව තහවුරු කරගැනීමට ප්‍රමාණවත් බවයි.

ශිෂ්‍ය ජීවිතවලට තර්ජන එල්ල වී ඇති විශ්වවිද්‍යාලයක්‌ තාවකාලිකව වසා දැමීමෙන් ආණ්‌ඩුවකට ලැබෙන කිසිදු ආර්ථික ප්‍රතිලාභයක්‌ නොමැති බව සාමාන්‍ය දැනුම සහිත මිනිසුන්ද දන්නා කරුණකි. විශ්වවිද්‍යාලයක්‌ තාවකාලිකව වසා ඇති මුත් එම වර්ෂයට වෙන් කොට ඇති මූල්‍ය ප්‍රතිපාදනවල අඩු කිරීමක්‌ නොසිදු වේ. නිලධාරී හා සේවක ගෙවීම්වල අඩු කිරීමක්‌ ද සිදු නොවේ. නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කළ පසු ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යත්ව දීමනා ද නොගෙවා නොසිටී. විභාග කල් යාම, අධ්‍යයන වර්ෂය කල් යාම හා ඉගැන්වීම කටයුතු අඩාල වීමක්‌ මෙහිදී සිදුවෙයි. ඒ හැරුණු විට විශ්වවිද්‍යාලයක කෙරෙන අනෙක්‌ කාර්යයන් සියල්ල මෙම කාල සීමාව තුළ ද සිදු කෙරේ. මේ කිසිදු කරුණක්‌ නොදැන හදිසි තත්ත්වයක්‌ යටතේ විශ්වවිද්‍යාලය වැසීම පෞද්ගලික විශ්වවිද්‍යාල හඳුන්වා දීමේ උත්සාහය සමග ගැට ගැසීමට වෙර දැරීම නොදන්නා බවේ සංකේතයක්‌ පමණි.

නවක වධයට ලක්‌ වී විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී ගිය හෝ ජීවිත ආශාවෙන් පැන ගොස්‌ නැවත විශ්වවිද්‍යාලයට නොපැමිණි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් පිළිබඳව මේ කිසිදු කාඩ් බෝර්ඩ් වීරයෙකු කතා නොකරයි. වසර පහක ඉතිහාසය තුළ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නවක වධය නිසාම ඉවත් වී ගිය සැලකිය යුතු ශිෂ්‍ය ප්‍රමාණයක්‌ ඇත. ඒ සියල්ලෝම පැන ගියේ මේ මහඟු උප සංස්‌කෘතියට පින් සිදු වන්නටය. පසුගිය වසරේත් ඊට පෙර වසරවලදීත් ඉංග්‍රීසී මාධ්‍යයෙන් පාඨමාලා හැදෑරීමට පැමිණි ශිෂ්‍ය භික්‌ෂූන් කිහිප දෙනෙක්‌ම මෙම නිහීන ක්‍රියාව ඉවසා ගත නොහී ඉවත්ව ගියහ. අන්තරේ පුහු බස්‌සෝ මේ සිසුන් පිළිබඳ කිසිදාක වචනයක්‌ වත් කතා නොකිරීමට තරම් කෛරාටික හා කුහක බවකින් යුක්‌ත වූහ. මෙවැනි සංකීර්ණ ප්‍රශ්නවලට ඔවුන්ට හුරුපුරුදු එකම පිළිතුර වන්නේ අලයෙක්‌ පරිපාලන ගැත්තෙක්‌ පරිපාලනය විසින්ම ඉවත් කරන්නට ඇති බවයි. එසේ කී පමණින් එම සිසුන්ගේ අධ්‍යාපන අයිතින් තහවුරු වේද?

මෙම විශ්වවිද්‍යාලය විනාශයේ හේතුකාරකය, රටේ ආණ්‌ඩුව හෝ විශ්වවිද්‍යාල පරිපාලනය හෝ නොව පරිපාලනය යනු තමන් යයි සිතන ශිෂ්‍යයන් ම බව පහසුවෙන් තහවුරු කළ හැකිය. එක්‌ වසරක නවක වධය අවසන් වන විට කඩා බිඳ දමා ඇති වැසිකිළි දොරවල්, යකඩ ඇඳන් සහ විනාශයට පත් කරන ලද කාමර බිත්ති පිළිබඳ විමසිලීමත්වීම පමණක්‌ වුව මේ සඳහා ප්‍රමාණවත්ය.

විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සිසුන්ගේ පුස්‌තකාල පරිහරණයට සීමා පණවා ඇති බවද භික්‌ෂූ අන්තරේ කැඳවුම්කරු ප්‍රකාශ කරයි. මෙයද අනෙක්‌ ප්‍රකාශන සේම පදනම් විරහිත වූත් අභූත වූත් චෝදනාවකි. විශ්වවිද්‍යාලයක නව අධ්‍යයන වර්ෂයක්‌ ආරම්භ වු පසු ශිෂ්‍යයන් ඒ සඳහා ලියා පදිංචි වීම සාමාන්‍ය දෙයකි. එම ලියාපදිංචිය අලුත් කරගන්නා තුරු බැහැර දෙන පොත් පුස්‌තකාලයකින් නිකුත් නොකෙරේ. වගකීමක්‌ සහිතව පොත් නිකුත් කිරීමට ශිෂ්‍ය අත්පොතක්‌ තිබීම අත්‍යවශ්‍යය. ශිෂ්‍ය අත්පොත නොමැතිව පුස්‌තකාල පොත් නිකුත් කිරීම විශ්වවිද්‍යාල නීතියට පටහැනිය. එවැනි තත්ත්වයක්‌ තුළ සතියක්‌ හෝ සති දෙකක්‌ බැහැර දෙන පොත් නිකුත් කිරීම නොසිදු වේ. එසේ ද වූවත් පුස්‌තකාලයට ගොස්‌ පොත් පරිශීලනයට මේ කාලය තුළ ද ශිෂ්‍යයන්ට අවසර ලැබේ. මෙවැනි තත්ත්වයක්‌ පුස්‌තකාල පරිහරණයේ කප්පාදුවක්‌ ලෙස ප්‍රකාශ කරන්නන්ට අං තට්‌ටුවක්‌ පැළඳවීම හැර කළ හැකි වෙනත් දෙයක්‌ නැත.

මෙහි ඇති පුදුමය වන්නේ නවක සිසුන් පුස්‌තකාලයට යැම වැළැක්‌වීමට තරම් මේ "අයියලාම" ක්‍රියා කිරීමයි. මේ තරමටම ජ්‍යෙෂ්ඨ සිසුන් පුස්‌තක ආලය ඇත්තෝය නවක ශිෂ්‍ය ආලය ඇත්තෝය. මෙමගින් හෙළි වන්නේ ද භික්‌ෂු අන්තරය පෙනී සිටින දේශපාලන මඩ ගොහොරුවේ ප්‍රමාණයයි. සමාසික ක්‍රමය ක්‍රියාත්මක නොවන පැරණි අධ්‍යාපන ක්‍රමය භාවිත වන විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයන් බහුල වශයෙන් පුස්‌තකාලය භාවිත කරන්නේ තෙවන අධ්‍යයන වාරයේය. එසේ වන්නේ වර්ෂාවසාන විභාගය එම වාරාවසානයේ දී පවත්වන බැවිනි. 2010 වසරේ තෙවන වාරයේ දී අනුරාධපුර භික්‌ෂු විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පුස්‌තකාල පරිහරණය පිළිබඳ වාර්තා අප සතුය. ඒ අනුව දිනකට පුස්‌තකාල පරිහරණය කරන ශිෂ්‍යයන්ගේ සාමාන්‍යය සියයට හයකි (6%) මෙම ශිෂ්‍යයන් හයදෙනා උදෙසා 2010 අගෝස්‌තු මස සිට එම වසරේ දෙසැම්බර් මස දක්‌වා විශ්වවිද්‍යාලය වැය කළ විදුලි බිල පමණක්‌ රුපියල් එක්‌ ලක්‍ෂ හාර දහස්‌ හත්සිය පනහයි ශත පනහකි (10450.50) එම වාරයෙහි පෙ.ව. 08.15 සිට ප.ව. 08.00 දක්‌වා පුස්‌තකාලය විවෘතව තිබූ අතර ඒ සඳහා වැය කළ සේවක අතිකාල දීමනාවේ එකතුව ආසන්න වශයෙන් රුපියල් දෙලක්‌ෂ විසිනම දහස්‌ හත්සිය පනහකි. රුපියල් ලක්‍ෂ දහයකට වැඩි ප්‍රමාණයක්‌ පසුගිය වසරේ පමණක්‌ අලුත් පොත් මිල දී ගැනීමට වැය කොට ඇත. සිසුන් පනහකට වැඩි ශිෂ්‍ය ප්‍රමාණයකට පහසුකම් ඇති වායුසමීකරණය කළ පරිශීලන අංශයේ බොහෝ අවස්‌ථාවන්හි දී එක්‌ ශිෂ්‍යයෙක්‌වත් නැත. මේ සියල්ලෙහිම වැරදිකරු විශ්වවිද්‍යාල පරිපාලනයද? විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද? රටේ ආණ්‌ඩුව ද? මෙපමණ මුදලක්‌ බදු මුදල් ලෙස ගෙවන අහිංසක ජනතාවද? එසේත් නැත්නම් අධ්‍යාපන අරමුණුවලට වසුරු මිශ්‍ර කර නවක වධය උපයෝගී කරගෙන සිසුන්ගේ හිස්‌, අධ්‍යාපනයෙන් ඉවත් කරවන මෙම කුහක දේශපාලන පිඹුරුපත්කරුවන්ද? යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුය.

Thursday, April 7, 2011

ක්‍රිකට්‌ තේරීම් කමිටුව සහ මහේලත් ඉල්ලා අස්‌වෙති

අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් සිව් පුද්ගල ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඊයේ (06 දා) සිය ධුරවලින් ඉල්ලා අස්‌වුහ.

ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය මේ වන විටත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා වෙත භාරදී ඇති අතර එම ලිපිය ඇමැති විසින් භාරගෙන ඇත.

ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව ක්‍රීඩා ඇමතිවරයා වෙත යොමු කරන ලද අදාළ ඉල්ලා අස්‌වීමේ ලිපියට අනුව කෙටි කාලවකවානුවක්‌ තුළ (2010 ජුනි මස සිට) මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ගනු ලැබූ තීරණ වල සාර්ථකත්වය සම්බන්ධයෙන් තේරීම් කමිටුවට සෑහීමට පත්විය හැකි බව සඳහන් කර ඇත.

2011 ලෝක කුසලාන දිනා ගැනීම, ටෙස්‌ට්‌ සහ එක්‌දින තරග අංශ වල ඉහළින්ම ශ්‍රේණිගතවීම වීම ආදී තම ප්‍රධාන ඉලක්‌ක වලින් අවසන් මහා තරගය තෙක්‌ පැමිණ කුසලාන ගිලිහීම විශාල කණගාටුවක්‌ මුත් ඒ කෙටි කාලය තුළ සෙසු ඉලක්‌ක බොහෝසෙයින් සපුරාගැනීමට හැකිවූ බවද එම ලිපියේ සඳහන්වේ.

ඉදිරියේදී වන තරග සංචාර වෙනුවෙන් ඉතා වැදගත් තීරණ මෙන්ම කෙටිකාලීන සහ දිගු කාලීන තීරණ ගතයුතු බැවිනුත් එය නව තේරීම් කමිටුවකට පවරමින් තමන් ඇතුළු පිරිස්‌ වහාම මෙම වගකීමෙන් ඉල්ලා අස්‌වන බව ලිපියේ අඩංගුය.

තම කාලය තුළ ඉතා මධ්‍යස්‌ථව සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

අරවින්දගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවට අමල් ද සිල්වා, රංජිත් ප්‍රනාන්දු, සහ සබීර් අස්‌ගර් අලී යන මහත්වරුන්ගෙන් සමන්විත විය.

අදාළ සිව් පුද්ගල තේරීම් කමිටුව ලෝක කුසලාන තරගාවලියට මාස අටකට පමණ පෙර නම් කළ අතර එහිදී වැඩ බාර ගත් අරවින්ද ද සිල්වා පැවසුවේ, කිසිවකුගේ බලපෑමක්‌ නොමැතිව සුදුස්‌සාට සුදුසු තැනදීමට තමා මැලි නොවන බවත් කණ්‌ඩායම් තේරීමේදී කිසියම් බලපෑමක්‌ ඇති වුවහොත් වහාම තනතුරින් ඉල්ලා අස්‌වන බවත්ය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ උපනායකත්වය දැරූ මහේල ජයවර්ධන අදාළ තනතුරින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත.

අදාළ ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතා වෙත මහේල ජයවර්ධන භාරදී තිබේ.

ඉකුත් 2007 ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගත් අවස්‌ථාවේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය දැරූ මහේල ජයවර්ධන ඉන් වසර 2 කට පමණ පසු අදාළ නායකත්වයෙන් ඉල්ලා අස්‌විය.

අනතුරුව හිස්‌වූ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය සහ උපනායකත්වය සඳහා සංගක්‌කාර සහ මුත්තයියා මුරලිදරන් පත් කළ අතර මුරලිදරන් ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව කණ්‌ඩායමේ උපනායකත්වය මහේල ජයවර්ධනට හිමිවිය.

කණ්‌ඩායමේ උපනායකත්වය මහේල විසින් භාරගෙන ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය තෙක්‌ පමණක්‌ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග පවසයි. "මහේල කොහොමත් උපනායකත්වය භාරගත්තෙ ලෝක කුසලාන තරගාවලිය තෙක්‌ පමණයි. කලින්ම ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහු ඉල්ලා අස්‌වන බව දැන්වූවා." යෑයි ඔහු පැවසීය.

කණ්‌ඩායමේ හිස්‌ව ඇති නායකත්වය සඳහා මහේල කැමැත්තක්‌ හෝ අකමැත්තක්‌ දක්‌වන්නේදැයි "දිවයින" නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී, "නායකත්වය පිළිබඳව මහේල කිසිම දෙයක්‌ මේ වන විට ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළේය.

Friday, April 1, 2011

වාස්‌ සහ රන්දිව් ශ්‍රී ලංකා කණ්‌ඩාමට එක්‌වෙති මැතිව්ස් වෙනුවට රන්දිව් නම් කරයි

මුත්තයියා මුරලිදරන්ගේ සහ ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ආබාධ තත්ත්වයන් හේතුවෙන් අතිරේක ක්‍රීඩකයන් වශයෙන් චමින්ද වාස්‌ සහ සුරාඡ් රන්දිව් ශ්‍රී ලංකා සංචිතයට ඊයේ (31 දා) එක්‌වුහ.

මුරලිදරන්ගේ ආබාධ තත්ත්වය තවමත් පරීක්‍ෂණ මට්‌ටමේ පවතින අතර ඇන්ජලෝ මැතිව්ස්‌ද කෙසේ හෝ හෙට (02 දා) පැවැත්වෙන අවසන් තරගය සඳහා ක්‍රීඩා කරවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඊයේ වන විටත් සාකච්ඡා මට්‌ටමේ සිටි බව වාර්තා වේ.

පළමු වටයේ නවසීලන්තය සමග පැවැති තරගයේදී මුරලිදරන්ගේ කලව ප්‍රදේශයේ ආබාධයක්‌ ඇති වූ අතර එය සම්පූර්ණ සුව වීමට පෙර ඔහු අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරගවලට ක්‍රීඩා කිරීම මත මෙම අවදානම් තත්ත්වය උද්ගතවී ඇත. කෙසේ වෙතත් සිය අවසන් ජාත්‍යන්තර එක්‌දින තරගය ක්‍රීඩා කිරීමේ දැඩි අවශ්‍යතාවකින් සහ ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ජයගැනීමේ ආශාවෙන් සිටින මුරලිදරන් හෙට වන විට සම්පූර්ණ සුවය ලබනු ඇතැයි කණ්‌ඩායම් ආරංචි මාර්ග විශ්වාස කරයි.

නවසීලන්තය සමග පැවැති තරගය අතරතුර පන්දු රකිමින් සිටියදී මස්‌ පිඬු පෙරළීමේ ආබාධයකට ලක්‌වූ මැතිව්ස්‌ද ඊයේ වන විටත් සුවය නොලබා තිබුණ අතර ඔහු ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද වෛද්‍ය වාර්තා අනුව තීරණය කිරීමට නියමිතය.

චමින්ද වාස්‌ වසර දෙකහාමරකින් පමණ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම නියෝජනය නොකළ අතර සුරාඡ් රන්දිව් ලෝක කුසලාන තරගාවලියට පෙර සිට පැවැති අවසන් තරගාවලි කිහිපයම ක්‍රීඩා කර තිබේ. වාස්‌ට ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය නොමැති වුවද දේශීය සහ විදේශීය තරගවලට ක්‍රීඩා කරමින් ඔහු හොඳින් දස්‌කම් දක්‌වා තිබීම මත අදාළ අවස්‌ථාව ලැබී තිබේ. ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග වාස්‌ සහ රන්දිව් අද පුහුණුවීම් අරඹන අතර කණ්‌ඩායමට ක්‍රීඩා කිරීම සහ නොකිරීම පිළිබඳ තීරණය මුරලිදරන්ගේ සහ මැතිව්ස්‌ ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව තීරණය වේ.

මුම්බායි ප්‍රදේශයට රාත්‍රි කාලයේ අධික මීදුම පතිත වන අයුරු ඊයේ සන්ධ්‍යාවේ දැක ගන්නට ලැබු හෙයින් එය කණ්‌ඩායම් දෙකටම හෙට තරගයේදී විශාල අභියෝගයක්‌ වනු ඇත.

ඉන්දියානු කණ්‌ඩායමද ඊයේ මුම්බායි නුවර බලා පැමිණි අතර කණ්‌ඩායම් දෙකම අවසන් තරගයට පෙර සහභාගි වන අවසන් පුහුණු සැසියට අද දිනයේදී සහභාගි වීමට නියමිතය.

හෙට තරගය සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්‌ ඉන්දීය ආරක්‍ෂක අංශ විසින් දැනටමත් දියත් කර ඇති අතර ක්‍රීඩාංගණයට ඇතුලු වන සෑම දෙනාම පරීක්‍ෂාවට ලක්‌කිරීමටද තීරණය කර තිබේ.