Thursday, July 10, 2014

ගනන් බැරි අයට සුබ ආරංචියක්

 
සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් වන සිසු සිසුවියන්ට වසර දෙකක් තුළ ගණිතය සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට හැකිවන ආකාරයට කැබිනට් පති‍්‍රකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත හෙට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව මෙම කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමි වුවහොත් පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සිට ඉදිරියට ගණිතය අසමත් වන සිසුන්ට මෙම අවස්ථාව හිමි වනු ඇති. දැනට උසස් පෙළ හැදෑරීමට නම් ගණිතය ඇතුළුව විෂයන් 03ක් සමත්වීම අනිවාර්යය බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක‍්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා. පළමුවර ගණිතය අසමත් වන දරුවෙකුට එය ඊලඟ වසරේ සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබා දීම මෙතෙක් පැවති ක‍්‍රමයයි. එහෙත් මෙම නව කැබිනට් පත‍්‍රිකාවට අනුව ගණිතය සමත් වීමට වසර දෙකක කාලයක් ලබා දෙනු ඇති.

Saturday, April 5, 2014

Samsung බාල Copy/Replica හැමතැනම කල යුත්තේ කුමක්ද?


අනෙක් ඉලෙක්ට්‍රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල් (Seoul) අගනුවර. චීනයට එලවලු, පලතුරු හා මාලු අපනයනය කරන සමාගමක් විදියට තමයි ආරම්භ වෙන්නේ. 40 දශකයේ අගභාගය වන විට පිටි ඇඹරුම්හල් හා රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලා Samsung සමාගමසතුව තිබුණා. 1958 සිට 1970 දක්වා ඔවුන්ගේ වෙළෙඳ කටයුතු මුල්‍ය, මාධ්‍ය, රසායනද්‍රවය හා නැව් නිපදවීම දක්වා පුලුල් කරන ලදී.
1969 දි Samsung Electronics සමාගම ආරම්භ කලා. මුලින්ම රූපවාහිනි, ගුවන් විදුලි හා පරිගණක කොටස් නිෂ්පාදනය පටන් ගත්තා. 1983 දී තමන්ගේ ප්‍රථම දුරකතනය ලෙස කාර් රථ සඳහා සවිකල දුරකතනයක් නිපදවූවා. එය අසාර්ථක වූ නමුත් පසුව සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස පළමු ජංගම දුරකතනය වු SH-100 1988 දි නිපදවනු ලැබුවා. එය කොරියාවේ නිපදවු පලමු ජංගම දුරකතනය බවට පත් වුණා. 1994 වන විට ඇමරිකානු සමාගමක් වන Motorola සමාගම විසින් නිපදවන දුරකතන වලට සමාන තාක්ෂණයක් සහිත දුරකතන නිපදවීමට සමත් වුනා.
1993 නොවැම්බර් මාසයේදි එවකට වෙළෙඳපලේ තිබු "බර අඩුම" ජංගම දුරකතනය වූ SH-700 නිපදවීමට Samsung සමාගම සමත් වුනා. එහි සෑම දුරකතනයක්ම එකින් එක ගෙන තත්ව පරික්ෂාවක්ට ලක් කලා. වැරදි සහිත දුරකතන සේවකයන් ඉදිරියේදිම පුලුස්සා දමනු ලැබුවා. එසේ සිදුකලේ ඔවුන්ගෙ දුරකතනවල තත්වය (quality) ආරක්ෂා කරගැනීමට.
1994 ඔක්තෝබරයේදී SH-700 ඉදිරි නිපැයුමක් ලෙස යන "Anycall" වෙළෙඳ නාමය යටතේ තත්වයෙන් ඉතා ඉහල SH-770 දුරකතනය වෙළෙඳ පළට ඉදිරිපත් කලා. Samsung සමාගමේමෙම දියුණුවත් සමග 1995 වන විට කොරියානු වෙළෙඳ පලේ Samsung දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 25.8% දක්වා ඉහල ගිය අතර Motorola දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 42.1% දක්වා පහත බැස තිබුණා. මින් පසුව ඔවුන්ගේ නිෂ්පාදන ඇමෙරිකාව , හොංකොං, බ්‍රසීලය, ලතින් ඇමරිකාව ආදි රටවලට අපනයනය කීරීමට පටන්ගත්තා. මෙහි ප්‍රතිපලයක් ලෙස 1998 දී බ්‍රසීලයේ Samsung දුරකතන නිෂ්පාදනාගාරයක් ආරම්භ කලා.
2012 වන විට ලෝකයේ වැඩිම ජංගම දුරකතන අලෙවි කරන සමාගම බවට Samsung පත්වුනේ එතෙක් පලවෙනි ස්ථානයෙ සිටි Nokia සමාගම දෙවැනි තැනට පත්කරමින්. එය 23% ප්‍රතිශතයක් වුනා.
අද වන විට...,
2009 සිට අද දක්වා ලෝකයේ විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස Samsung Electronics පලවෙනි ස්ථානයේ පසුවෙනවා. සේවයකන් තුන්ලක්ෂ හැත්තෑදහසකට (370,000) අධික සේවක පිරිසක්, රටවල් 88ක වෙළෙඳ ජාල හා එකසල් කිරීමේ කර්මාන්ත ශාලා තුල මෙහෙයවන්නට සමාගමට හැකිවී තිබෙනවා. ඉතාමත් ජනප්‍රිය වූ Samsung Galaxy Smart phone series නිකුත් කිරීමෙන් අනතුරුව Apple iphone සමාගම අභිබවමින් smart phone ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීමට අදවනවිට Samsung සමාගමට හැකිවී තිබෙනවා.

මම ඉතිහාසය ගැන ලියන්න හිතුවෙ වෙන මොකවත් නිසා නෙවෙයි, ලංකාවේ අපේ අය හිතන් ඉන්නේ Samsung කියන්නේ Vietnam වල හෝ China වල පටන් ගත්ත සමගමක් කියලා. කොරියන් එකක් විකුණන්න දැන්වීමක් දාලා තිබුනම "හපොයි කොරියන්ද....., එහෙනම් එපා" කියලා කියන අය ඕන තරම් ඉන්නවා. එහෙම මතයක් රටේ තියෙන්නේ Samsung ඉතිහාසය ගැන දන්නේ නැති නිසා.
ඒත් Copy හැමතැනම...,
අදවන විට Samsung Galaxy Smart phone series එකේ Copy එහෙම නැත්නම් replica/Clone හැමතැනම විකුණන්න දාලා තියෙනවා. Facebook group වල ikman.lk එකේ ඕන තරම් ads දාලා තියෙනවා දැකලා ඇතිනේ. උදාහරණ විදියට S4, Note 3, S4 mini, S3 mini ජයටම විකුණනවා මේ දවස් වල. S4 එක මුලින්ම ආපු දවස් වල 25,000-30,000 මුදලකට විකුණුවා, එත් දැන්නම් 13,000-20,000 ත් විකුණනවා.

Korean Version කියන්නේ copy නෙවෙයි...,
ඉහත සඳහන් කල ගොඩක් වෙලාවට විකුණන්නේ "Korean Version", "Original Korean" කියන නම් වලින්. සමහර වෙලාවට තියෙනවා " Original Korean version, not a cheap Anycall or Chinese copy" කියලත්. මේවා දැක්කම හිනාත් යනවා.ඒත් මේවා ගන්න අයට sorry තමයි. මේවයේ බැටරි එක අයින් කලාම housing එකේ අලවල තියෙන sticker එකේ තියෙනවා කියලා "Made in Samsung by Korean" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ කොරියාවේ නෙවෙයි, චීනයේ. මේවාට යොදාගෙන තියෙන්නේ ඉතාමත් බාල තත්වයේ Hardware parts.ඒක නිසා තමයි ඉතාමත් අඩු මුදලකට මේවා විකුණන්නේ. චිනයේ නිෂ්පාදනය කරන නිසා Labor cost එකත් අඩුයි.

Original Korean Version දුරකතන හඳුනාගන්නේ කොහොමද කියලා දැනගන්න,
අදවන විට බහුලව තිබෙන Copy,
1. Samsung Galaxy S4
S4 එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි "Made in Samsung by Korea" කියලා තියෙන එක. අනෙක් එක තමයි "Made in Samsung by Vietnam කියලා තියෙන එක. මේ දෙකේම Model No. එක තියෙන්නේ GT-i9500 කියලා. ඒ කියන්නේ International version එකේ Model No. එක. නමුත් Korean version එකේ Model No. එක වෙන්නේ SHV-E300S/K/L. මේවා දැනට 13,000-20,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 80,000-90,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 45,000-65,000තරම් මිල වෙනවා.
2. Samsung Galaxy Note 3

මේවා දැනට 20,000-25,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 105,000-115,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 75,000-90,000තරම් මිල වෙනවා.
3. Samsung S3 Mini
මුලින්ම කියන්න ඕනේ S3 mini එකේ Korean Version එකක් නැතිබව. ඒ නිසා කවුරුහරි Korean කියලා විකුණනවනම් අනිවාර්යයෙන්ම Copy එකක් වියයුතුයි.
4. Samsung S4 Mini
මේකත් S3 mini එක වගෙම තමයි, මේකෙත් Korean Version එකක් නැහැ.
මීට අමතරව S3, S2, S, Note 2, Note 1සෑම එකක්ම අඩු වැඩි වශයෙන Copy තියෙනවා.
ඉහත සඳහන් කල හැම model එකකම තියෙන්නේ International එකේ model no. එකෙන්. ඒ කියන්නේ model no. එක GT- i වලින් පටන් ගන්න ඒවා. නමුත් SHW හෝ SHV වලින් Model No.එක පටන් ගන්න Korean Version වල එකක්වත් copy නැතිබව කිය යුතුයි. ඒ නිසා SHW,SHV වලින් model no.එක පටන් ගන්න phone එකක් මිලදී ගන්න බයවෙන්න දෙයක් නැහැ.
කළ යුත්තේ කුමක්ද...,
මේ විදියට වංචාවෙන් Original කිය කියා බාල Copy විකුණන ads Facebook group ඕන තරම් දැකලා ඇති. සමහර විට ඔබ ඒවා copy බව දන්නව වෙන්නත් පුලුවන්. ඒත් ඔබ ඒවා copy බව දැන දැනත් ඒ බව ප්‍රකාශ නොකිරීම තුල සිදුවෙන්නේ මෙවැනි වංචනිකයන් තව තවත් දිරිමත් වෙන එක. අනෙක් අතින් මේව ගැන නොදන්න කෙනෙක්, මහන්සියෙන් හරිහම්බ කරගත්ත සල්ලි නිරපරාදේ වියදම් කරලා අමාරුවේ වැටෙන්න පුලුවන්. සමහර විට ඔබ මෙවැනි දේට හසුවි ලැජ්ජාව නිසා තමන්ට එවැනි දෙයක් සිදුවු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේන් වැළකෙන්න පුලුවන්.

නමුත් අපි කළයුත්තේ එය නොවෙයි.....,
1. පලමුවෙන්ම දැනුමත් වෙන්න

2. අන් අය දැනුමත් කරන්න
3. මෙවැනි Ads දුටු වහාම Admin ට Report කරන්න
4. තමන් මෙය Copy බව දන්න බවට Comment කරන්න.
එවිට ads එක දැමු තැනැත්තා දැන ගනිවි මේවා ගැන දන්න අය සිටින බවට. වැදගත්ම දේ තමයි නොදන්නා අය දැන ගනිවි මෙය copy එකක් බව. එසේ කිරිමට පැකිලෙන්න එපා. එය ඔහුගේ businessඑක කඩාකප්පල් කිරීමක් නොවෙයි, වංවාවට එරෙහි වීමක් පමණි. Copy, copy ලෙසම විකුණනවා නම් ප්‍රශ්නයක් නැත. නමුත් ඔවුන් කරන්නේ Copy, Original ලෙස විකිණීමයි.


මෙම post එකත් තනිකරම facebook page එකකින් උපුටා ගන්නා ලදි.

Tuesday, April 30, 2013

ඉවත් කර තිබූ උ/පෙළ ජීව විද්‍යා හා රසායන විද්‍යා විෂය ඒකක යළි විභාගයට

පසුගිය වසර දෙකේදී (2011/2012) ඉවත් කර තිබූ උසස්‌ පෙළ ජීව විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන්හි විෂය ඒකක මෙම වසරේ සිට උසස්‌ පෙළ විභාගයට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සියලුම විදුහල්පතිවරුන්ට ලිතව දැනුම් දී ඇත.

මෙම විෂය ඒකක ඉවත් කරන බව 2011/9 අංක දරන චක්‍රලේඛයෙන් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබුණේ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්. එම්. ගුණසේකර මහතාය. පසුගිය වසරේ නිකුත් කළ 2012/12 චක්‍රලේඛයෙන් ද හිටපු ලේකම්වරයා දන්වා සිටියේ 2012 වසරේදීත් එම විෂය ඒකක ඉවත් කර ඇති බවය. එම විෂය කොටස්‌ 2013 වසරේ විභාගයට අදාළ වන බව ද එම චක්‍රලේඛයේ සඳහන් විය.

ගෝඨාභය ජයරත්න මහතා විදුහල්පතිවරුන්ට කර ඇත්තේ එහි සිහිකැඳවීමකි.

එම විෂය කොටස්‌ ඉවත් කිරීමට හේතුව කුමක්‌දැයි අමාත්‍යාංශයෙන් විමසූ විට දැනගැනීමට ලැබුණේ ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්‌ අනුව ඒවා ඉවත් කළ බවය. මේ පිළිබඳව විමසීමට ජාතික අධ්‍යාපන ආයතනයේ රසායන විද්‍යා අංශයේ හෝ ජීව විද්‍යා අංශයේ කිසිවකු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

Tuesday, April 23, 2013

Thursday, February 21, 2013

ජාතික වේග පන්දු පුහුණුකරු තනතුරට වාස්‌


ශ්‍රී ලංකා ජාතික වේග පන්දු පුහුණුකරු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ හිටපු ප්‍රවීණ වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස්‌ අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වාස්‌ අදාළ තනතුර භාර ගැනීමට කැමැත්ත පළකර ඇත.

චමින්ද වාස්‌ට අදාළ තනතුර පිරිනැමීම ස්‌ථිර කිරීම සඳහා ඊයේ පස්‌වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටු රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ වේග පන්දු ක්‍රීඩකයන්ගේ ප්‍රවණතා අඩාල වෙමින් පවතින බවට ඒත්තු ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය, වත්මන් වේගපන්දු පුහුණුකාර චම්පික රාමනායක වෙනුවට ආදේශකයකු සොයමින් සිටියදී චමින්ද වාස්‌ කෙරෙහි සැලකිල්ල යොමු විය.

මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ චමින්ද වාස්‌ අතර සාකච්ඡා වට කිහිපයක්‌ පැවතුණද, අවසන් ප්‍රතිඵලයක්‌ නොලැබුණු හෙයින් චමින්ද වාස්‌ට නවසීලන්තය, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රවලින් ලැබී තිබූ ආරාධනා කෙරෙහි සැලකිලිමත් වීමට පෙළැඹුණු අතර, ඉදිරි දෙසතිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙතින් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණහොත් අදාළ යෝජනා ක්‍රියාත්මක සාකච්ඡා ඇරඹීමට හෙතෙම සූදානම්ව සිටියේය.


වත්මන් තත්ත්වය පිළිබඳ චමින්ද වාස්‌ගෙන් කරුණු විමසන ලදුව, "ඒ සාකච්ඡා අවසන් වුණා. සාර්ථකයි. මම කැමැත්ත දුන්නා." යි පැවැසූ අතර, 'කවුරුන් හරි දේශපාලන හෝ ක්‍රීඩා සමාජ හෝ වෙනයම් හෝ කිසිදු බලපෑමක්‌ කළොත් මම මේක අතහැර දමනවා" යිද අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම, "මේ තනතුර අවුරුදු දෙකකට විය යුතුයි. පාසල් ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ගේ තත්ත්වය දියුණු කිරීම සඳහා මගේ විශේෂ සැලැස්‌මක්‌ තියෙනවා." යි ද පැවසීය.

යෝජිත පුහුණු කටයුතු ක්‍රියාත්මක කරන අතරතුර, නවසීලන්තයෙන් හෝ ඉන්දියාවෙන් හෝ බටහිර ඉන්දීය කොදෙව්වෙන් හෝ වැඩි මුදලකට කොන්ත්‍රාත්තුවක්‌ යෝජනා කළහොත් තමා එය භාර ගන්නේදැයි විමසූ විට "කොහෙත්ම නැහැ. මට ලොකු උනන්දුවක්‌ තිබුණා මෙම තනතුර ගැන. මම ක්‍රිකට්‌ ඉගෙන ගත්තේ ඒ රටවලින් නෙවෙයි. ලංකාවෙන්. මේක වෘත්තියක්‌ වුනත්, සේවයක්‌ වශයෙන්ද සලකන්න පුළුවන්." යි චමින්ද වාස්‌ පැවැසීය.

Monday, January 14, 2013

තිරිමාන්න හා ඩිල්ෂාන් එකතුව පහසුවෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවයි


ශ්‍රී ලංකා කණ්‌ඩායම සත්කාරක ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම කඩුලු 8 ක පරාජයකට ඇද දමමින් තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ (13 දා) සමත් වූයේය.

ටෙස්‌ට්‌ තරගාවලියේ තරග 3ම සහ අනතුරුව පැවැති ආරම්භක එක්‌දින තරගයේ පරාජයත් සමග ජයග්‍රහණ නියඟයකට හසුව සිටි ශ්‍රී ලංකාවට මෙම දැවැන්ත ජයග්‍රහණය තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් ඉතා වටිනා මානසික උත්තේජනයක්‌ බවට පත්විය. ශ්‍රී ලංකාව 2013 වසරේ ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසින්ද මෙම තරග ප්‍රතිඵලයට විශේෂත්වයක්‌ හිමිවේ.

ඇඩිලේඩ්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී සත්කාරක කණ්‌ඩායම පන්දුවාර 46.5 කදී ලකුණු 170 කට සීමා කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත්වූහ. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දැවී ගිය මෙන්ම හයවැනියට දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූ අදාළ පහසු ඉලක්‌කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ එය පන්දු 59 ක්‌ ඉතිරිව තිබියදී කඩුලු 2 ක්‌ පමණක්‌ දැවී සම්පූර්ණ කර ගැනීමට සමත්වූහ.

 ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක්‌ දියත් කළ ළහිරු තිරිමාන්න ඔස්‌ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හමුවේ සිය පිත්ත හසුරුවනු ලැබුවේ කුමාර් සංගක්‌කාරගෙන් පසු අංක 3 පිතිකරණ ස්‌ථානයට තමාට වඩා සුදුස්‌සකු තවත් නොමැති බව මොනවට විදහා දක්‌වමිනි. සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ මංගල ශතකය මෙම තරගයේදී වාර්තා කර ගත් තිරිමාන්න හතළිස්‌ එක්‌ වැනි පන්දුවාරයේ පළවැනි පන්දුවට හතරේ පහරක්‌ එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කරගන්නා විට ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයද සනිටුහන් වීය. පන්දු රකින්නන් නොමැති ස්‌ථාන අතරින් අලංකාර කවර් ඩ්‍රයිව් පහර කීපයක්‌ම එල්ල කළ තිරිමාන්න සිය නොබිඳුණු ඉනිම හතරේ පහර 12 කින් අලංකාර කරගෙන තිබිණි.

මෙම ශතකය වාර්තා කිරීමත් සමග ඔස්‌ට්‍රේලියාවේදී ශතකයක්‌ රැස්‌ කරන ලද සිව්වැනි පිතිකරුවා බවටද තිරිමාන්න ඊයේ පත්විය. ඔහුට පෙර ඔස්‌ට්‍රේලියාවේදී ශතක රැස්‌ කර ඇති පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය (සිඩ්නිහිදී දෙවතාවක්‌), මාවන් අතපත්තු(සිඩ්නිහිදී) සහ ටී. එම්. ඩිල්ෂාන්(ඇඩිලේඩ්හිදී) යන පිතිකරුවන් පමණි.

ශ්‍රී ලංකා ලකුණු හඹා යැමේදී සුපුරුදු පරිදි උපුල් තරංග දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණක්‌ හෝ වාර්තා වීමට ප්‍රථමය. මැකේ විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී, පන්දුව පැමිණෙන රේඛාවට අවතීර්ණ නොවී පහර එල්ල කිරීමට තරංග උත්සුක වීම මත ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව යළිත් අසාර්ථක වුවද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සාර්ථක සම්බන්ධතාවක්‌ එක්‌ කිරීමට ඩිල්ෂාන් සහ තිරිමාන්න දෙදෙනා සමත්වූහ. පන්දු 199 කදී වාර්තා වූ එම ලකුණු සම්බන්ධතාවට ඩිල්ෂාන් පන්දු 88 කදී ලකුණු 51 කින් දායක විය. ප්‍රහාරාත්මක පිතිකරණ රටාවෙන් මඳකට මිදුණු ඩිල්ෂාන් සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ 29 වැනි අර්ධ ශතකයට ඇතුළත් කරගෙන තිබුණේ හතරේ පහර 4 ක්‌ පමණි.

ආබාධයකට ලක්‌වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට මෙම තරගයේදී මංගල එක්‌දින තරග වරම් ලද කුසල් පෙරේරා, පන්දු 14 කදී ලකුණු 14 ක්‌ ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ එල්ල කරන ලද එකම හයේ පහරද කුසල් පෙරේරා විසින් එල්ල කරන ලද අතර ඊට අමතරව හෙතෙම කඩුලු රකිමින් උඩ පන්දු 4 ක්‌ද රැක ගත්තේය.

ඕවල් ක්‍රීඩාංගණය අවට පැවැති තරමක වැහි සහිත කාලගුණික තත්ත්වය සිය කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ට සහයෝගයක්‌ දක්‌වනු ඇතැයි අදහස පෙරදැරිව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දු යෑවීම තෝරා ගන්නා ලදී.

ශ්‍රී ලංකා නායකයාගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ උප නායක මැතිව්ස්‌ සහ නුවන් කුලසේකර ඔස්‌ටේ්‍රලිsයානු ආරම්භක පිතිකරුවන් වූ පළමු තරගයේ ශතක ලාභී පිලිප් හියුස්‌ (03) සහ ඇරන් µsන්ච් (04) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 12 ක්‌ව තිබියදී නැවත ක්‍රීඩාගාරය වෙත යෑවීමට සමත් වූහ.

ලබා දුන් සාර්ථක ආරම්භය මතම අනුගත වූ තිසර පෙරේරා සහ ලසිත් මාලිංග ඕවල් තණතීරුවේදී වේග පන්දු යවන්නන්ට දක්‌වන ලද සහය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ඔස්‌ටේ්‍රලියානු ඉනිමේ හරි අඩක්‌ අවසන් වීමටත් කණ්‌ඩායමේ සිටින ප්‍රධාන පිතිකරුවන්ගෙන් 6 දෙනෙකුම ලකුණු 83 කට දවා ගැනීමට සමත්වූහ.

ඔස්‌ට්‍රේලියානු පිලේ තරමක්‌ දුරට සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ කඩුලු රකින ක්‍රීඩක බ්‍රැඩ් හැඩින් වන අතර හෙතෙම පන්දු 67 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර 4 ක්‌ සමගින් ලකුණු 50 ක්‌ රැස්‌ කර ගත්තේය. ඔස්‌ට්‍රේලියානු ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මෙන්ඩිස්‌ගේ පන්දුවක්‌ හමුවේ ඩීප් මිඩ් විකට්‌ කලාපයේ පන්දු රකිමින් සිටි තිරිමාන්න අතට උඩ පන්දුවක්‌ දී දැවී යැමට ප්‍රථම හත්වැනි කඩුල්ල වෙනුවෙන් බෙන් කටින්(27) සමග එම ඉනිමේ වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවටද හැඩින් දායක වී තිබුණේය.

මනා පන්දු පාලනයකින් යුක්‌තව පන්දු යෑවූ මැතිව්ස්‌ නියමිත පන්දුවාර 10 අවසනදී නිලකුණු පන්දු වාරයක්‌ සමගින් ලකුණු 24 කට කඩුලු 2 ක්‌ද, තිසර පෙරේරා ලකුණු 40 කට කඩුලු 2 ක්‌ද දවා ගත්හ. පසුගිය තරගයේ දැඩි ප්‍රහාරයකට ලක්‌ වුවද මෙම තරගයේදී තරමක්‌ දුරට සාර්ථකතාවක්‌ දැක්‌වූ ලසිත් මාලිංග ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වෙමින් ලකුණු 32 කට කඩුලු 3 ක්‌ දවා ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්‌දින තරගය ලබන 18 වැනිදා බ්‍රිස්‌බේන්හි වූලන්ගැබා පිටියේදී දිවා/රාත්‍රී තරගයක්‌ ලෙස පැවැත්වේ.

Wednesday, December 26, 2012

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය ආරක්‌ෂා කිරීමට ආරක්ෂාව පුළුල් කෙරේ.


විභාගවල රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විධි විධාන යෙදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ CCTV කැමරා පද්ධතිය පුළුල් කර සියලු අංශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලයට කිසිවක්‌ සඟවාගෙන යා නොහැකි අන්දමේ නිල ඇඳුමක්‌ හඳුන්වා දීමටත් පියවර ගැනීමට සැලසුම් කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවීමේ සිද්ධියෙන් පසුව මෙම පියවර ගැනෙන අතර ප්‍රශ්න පිට කළ බව කියන රහස්‍ය මුද්‍රණ අංශයේ මංගල මුණසිංහ නමැත්තාගේ වැටුප් නතර කර විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව රටින් පිටවීම ද තහනම් කර ඇත.

මේ වන විට වැඩතහනමට ලක්‌ව සිටින ඔහු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්‌ පවත්වා සේවයෙන් පහකිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

විභාගවල රහස්‍යභාවය රැක ගැනීම සඳහා තවත් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බවද විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය. රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලය වෙත තබා තිබූ විශ්වාසය කඩවූ හෙයින් මින් ඉදිරියට විශ්වාසය මත නොව නීතිය අනුව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Saturday, December 22, 2012

ඔබ කැමතිම ජංගම දුරකතන වර්ගය


 

තරහා නැතිව ඔබ කැමතිම ජංගම දුරකතන වර්ගය නම් කරන්න

සහයොගය  ලබා දුන් සැමට ස්තූතිය.

Thursday, December 20, 2012

හෙට ග්‍රහලෝක එක කෙලින් පිහිටන්නේ නෑ


ග්‍රහලෝක සියල්ල හෙට (21) දිනයේදී එකම රේඛාවකට පැමිණෙන බවට පවතින මතය මුළුමනින්ම අසත්‍යයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
අවුරුදු ගණනාවකට සැරයන්, මෙලෙස ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණෙන බවත්, එහෙත් හෙට (21) දිනයේදී එවැන්නක් සිදුනොවන බවත්, මහාචාර්යවරයා කීය.
මෙයද හෙට (21) දිනයේ ලෝකය විනාශ වන බවට පැතිරූ බොරුමතය සනාථ කිරීම සඳහා ගෙතූ කතාවක් පමණක් බවත්, ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණිවිට ගුරුත්වාකර්ෂණයට හසු වී මහද්වීප කැඩී යන බවට  බොරු මතයක්ද ඔවුන් පළ කර ඇති බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.
එහෙත් එයද සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර චන්ද්‍රයාගෙන් පෘථිවියට ඇතිවන ගුරුත්වාකර්ෂණයෙන්  ලක්ෂයෙන් පංගුවක හෝ බලපෑමක් මෙම ග්‍රහලෝකවලින් සිදු නොවන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා අවධාරණය කළේය.

මේ අතර හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරමින් අධ්‍යනයේ නිරත විද්‍යාඥයින් නව මන්දාකිණි 7ක් හඳුනාගෙන තිබේ.
ඔවුන් පවසන්නේ, මීට වසර බිලියන 13.7 කට පමණ පෙර විශ්වය බිහිවී කෙටි කාලයකින් එම මන්දාකිණිවල සම්බවය සිදු වන්නට ඇති බවය.

මේ අතරින් එකක් දැනට හඳුනා ඇති වයස්ගතම මන්දාකිණිය ලෙස සැලකෙන අතර විශ්වයට වයස අවුරුදු මිලියන 380 පමණ වන විට එය බිහි වන්නට ඇතැයි, අනුමාන කෙරේ.
අධ්‍යනයේ නිරත විද්‍යාඥයින්ගේ මතය වී තිබෙන්නේ, විශ්වය බිහිවීම සඳහා පදනම් වූ බවට සැලකෙන මහා පිපිරුම සිදුවීමෙන් වසර මිලියන 200කට පමණ පසු කාලයේ එනම් අඳුරු යුගයේදී සිදු වූ ක්‍රියාකාරිත්වයන් අධ්‍යනයට නව සොයාගැනීම් ඉවහල් වනු ඇති බවය.

ඒ අතර මෙම දිනවල විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයේ ගමන්කරන බව තාරකා විද්‍යාඥයෝ පවසති.

ටෝටටිස් ලෙස නම් කර ඇති මෙම ග්‍රහයකය පෘථීවියට සමීපව කක්ෂගතවූවක් වන අතර සෑම සිව් වසරකටම වරක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නකි.
කෙසේ වෙතත් වසර 400ක් යනතුරු එමඟින් පෘතුවියට තර්ජනයක් නැතැයි, විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මෙවර එය චන්ද්‍රයා සහ පෘථිවිය  අතර පවතින දුර මෙන් 18 ගුණයක් තරම් එනම් කිලෝමීටර් මිලියන 7ක් තරම් පෘථිවියට සමීප වනු ඇති.   

Wednesday, December 19, 2012

අයහපත් කාලගුණය නිසා විභාගය අහිමිවූ සිසුන්ට පසුව නැවත විශේෂ විභාගයක්‌


අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඊයේ (18 වැනිදා) සහ පෙරේදා (17 වැනිදා) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකිවූ සිසුන්ට ඒ වෙනුවෙන් විශේෂ විභාගයක්‌ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පෙරේදා (17 දා) පැවැති ගණිතය I හා II ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටීමට නොහැකි වූයේ සිසුන් 18 දෙනකුට පමණක්‌ වුවද ඊයේ (18 දා) පැවැති සෞන්දර්ය ප්‍රශ්න පත්‍රවලට සිසුන් සැලකිය යුතු පිරිසකට පෙනී සිටීමට නොහැකි වූ බවට දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබිණි. කුලියාපිටිය ප්‍රදේශයේ විභාග මධ්‍යස්‌ථාන දෙකක සිසුන් ඊයේ (18 දා) විභාගයට නොපැමිණි අතර මධ්‍යම හා ඌව පළාත්වලද අම්පාර ප්‍රදේශයේ තවත් සිසුන්ට විභාගයට පැමිණීමට නොහැකි වී තිබිණි. එම සිසුන් සංඛ්‍යාව කෙතෙක්‌ද යන්න පිළිබඳව ඊයේ (18 දා) දහවල් වනතුරුත් විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී නොතිබූ අතර මෙම සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයයන්ට හා ගණිතයට අදාළ විභාගය ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී විශේෂ විභාගයක්‌ ලෙස පැවැත්වීමට දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

විභාගයට පෙනී සිටීමේදී උද්ගත වන ගැටලු සම්බන්ධයෙන් 1911 දුරකථන අංකයට වහාම දන්වන ලෙස ද සියලුම අයෑදුම්කරුවන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Tuesday, December 18, 2012

රත්තරන් හොදද බලන්න පරීක්ෂණාගාර 3 ක්


මහ ජනතාවට තමන් මිලදී ගන්නා රන් භාණ්ඩවල ප‍්‍රමිතිය පරීක්ෂා කරගත හැකි පරීක්ෂණාගාර 3 ක් පිහිටුවීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබෙනවා. රන් භාණ්ඩවල ප‍්‍රමිතිය නිර්ණය කොට එමගින් සහතික නිකුත් කරනු ඇති. අදාල පරීක්ෂණාගාර ගාල්ල, මහනුවර සහ යාපනයේ පිහිටුවීමටයි සැළසුම් කර ඇත්තේ. ඒ සඳහා රුපියල් මිලියන 300 ක් වැය කෙරෙන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප‍්‍රකාශ කළා. මෙතෙක් රන් භාණ්ඩවල ප‍්‍රමිතිය පරීක්ෂා කොට සහතික නිකුත් කෙරුණේ අධිකාරියේ කොළඹ පිහිටි පරීක්ෂණාගාරයෙන් පමණයි.

Monday, December 17, 2012

සා.පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිට වෙලාද?


පෙරේදා (15 වැනිදා) පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 19 ක්‌ ඒ ආකාරයෙන්ම ඊට පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු විසින් සිසුන්ට ලබා දී ඇති බවට වාර්තා වී ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

මෙම අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න 18ක් එනම් 12, 14, 15, 17, 19, 23, 25, 27, 28, 30, 32, 35, 37, 38, 41, 43, 45 සහ 47 යන ප‍්‍රශ්න සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍රයේ පිළිවෙලින් 22,24, 38, 23, 25, 26, 37, 36, 27, 28, 39, 29, 30, 31, 32, 33, 34 සහ 35 යන ප‍්‍රශ්නවලට සමානව තිබේ.

මෙවර විභාග දෙපාර්තමේන්තුව ලබා දුන් සාමාන්‍ය පෙළ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ දෙවැනි කොටසේ හය වැනි ප‍්‍රශ්නයේ දක්වා ඇති සුසුම්නාවේ හරස්කඩ රූප සටහනේ ශ්වේත ද්‍රව්‍ය හා ධුසර ද්‍රව්‍ය නම් කර ඇත්තේ පෙළ පොතේ 53 වැනි පිටුවේ සදහන් රූප සටහනට පරස්පරවයි.

මෙම අනුමාන ප්‍රශ්න පත්‍රය සපයා ඇත්තේ විද්‍යාවේ මහා ඇදුරුදු ලෙස සඳහන් කරමින් උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු බව පැවසේ. උපකාරක පන්තිවලට සහභාගි වූ දරුවන්ට මේ ගුරුවරයා ලබාදුන් ප්‍රශ්න 50 ක ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්නවලින් 19 ක්‌ ඒ අයුරින්ම මෙවර විභාග දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ සඳහන්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම ගුරුවරයා විසින් අනුමාන ප්‍රශ්න 50 ක්‌ දරුවන්ට ලබා දී ඉන් ප්‍රශ්න 26 ක්‌ මුහුණු සලකුණ යොදා විශේෂ කර තිබෙන බවත් ඒ 26 න් 19 ක්‌ රූපසටහන් සහ අකුරක්‌ හෝ නොවෙනස්‌ව සා.පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහි වඩාත් විමතියට හේතුව නම් සාමාන්‍ය දැනුම විමසා බැලීම සඳහා ලබා දී ඇති විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍රයේ 38 සහ 40 ප්‍රශ්න දෙක අකුරක්‌වත් වෙනස්‌ නොවී උපකාරක පන්ති ගුරුවරයාගේ ප්‍රශ්න පත්‍රයේ ඒ අයුරින්ම සඳහන්ව තිබීම යෑයි ද හෙතෙම කීය.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සියලු තොරතුරු එක්‌රැස්‌ කරගැනීමෙන් පසු අදාළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් පියවරක්‌ ගන්නා බව ද ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය පිළිබඳ විභාගයෙන් පසුව ලද පැමිණිලි පරීක්‍ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු කරගත් මොහොතේම සිද්ධිය පිළිබඳව පොලිස්‌පතිවරයාට මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා  පැවසීය.
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්‌ථාන 4048 කදී දරුවන් 5,42,260 ක්‌ පෙනී සිටින බව කී ජයසිංහ මහතා මෙම හෙළිකිරීම සම්බන්ධයෙන් තම සංගමය පිළිබඳව සොයා බැලීමට වඩා මීට සම්බන්ධ අයට දඬුවම් දීම සහ අසාධාරණයට ලක්‌වන දරුවන්ට සාධාරණය ඉටුකරදීම වඩාත් යෝග්‍ය බව බලධාරීන්ට අවධාරණය කර සිටින බව ද කීය.


ඒ අවස්ථාවේදී විභාග කොමසාරිස්වරයා විසින් පවසන ලද්දේ රහස් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලද බවයි. එසේම රහස් පොලීසිය හෙට දිනයේදී විභාග දෙපාර්තමේන්තුවේද පරීක්ෂණ සඳහා පැමිණෙන බව ඔහු සඳහන් කළේය. නමුත් ලංකා ගුරු සංගමයේ ඉල්ලීම වූයේ රහස් පොලිස් පරීක්ෂණ පැවතියද විභාග දෙපාර්තමේන්තුව මගින් වෙනම ස්වාධීන පරීක්ෂණයක් මේ පිළිබඳව සිදුකළ යුතු බවයි. එවැනි පරීක්ෂණයක් සඳහා කමිටුවක්  පත් කරන බවද විභාග කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරන ලදී.  




අම්පාරේ භූ චලන තවමත් ප්‍රශ්ණයක්


සති කිහිපයක සිට අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වඩිනාගල දේවාලහිඳ, ගල්කන්ද සෙත්සිරිගම, ගල්කන්ද ඇතුළු ගම්මාන රැසක සිදුවන භූ චලන නැවතත් පෙරේදා (15 වැනිදා) අවස්‌ථා 04 කදි සිදුවූ බව එම ගම්වාසීහු පවසති. 15 වැනිදා උදෑසන දෙවතාවක්‌ දහවල් 12.55 ට හා 1.01 ට මෙලෙස භූ චලනයන් සිදුව තිබේ. විශාල ශබ්ද දෙකක්‌ සහිතව සිදුවන මෙම පිපිරීම් නිසා මෙම ප්‍රදේශවල නිවාස රැසකම බිත්ති පිපිරී ගොස්‌ ඇතැයි මෙම ගම්මානවල ජනතාව පවසති. මෙලෙස ඇතිවන භූ චලන නිසා ඉඟිණියාගල ජලාශයේ බැම්මටද හානි සිදුවීමට ඉඩ ඇතැයි ඔවුහු සැක පළ කරති.

මෙම භූ චලනයන් සිදුවන ගම්මානවලට පැමිණි භූ විද්‍යාඥ මහින්ද සෙනවිරත්න හා තාක්‌ෂණික නිලධාරී සුපුන් භානුක මහත්වරුන් ඇතුළු නිලධාරීහු දින කිහිපයක සිට මේ පිළිබඳව පරීක්‌ෂණ කටයුතු සිදු කරමින් සිටිති. පෙරේදා සිදුවූ භූ චලනයන් පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඔවුන් පැවසුවේ දහවල් 12.55 හා 1.01 ට සිදුවූ භූ චලනයන් පිළිබඳව තාවකාලිකව සවිකර තිබෙන භූ කම්පන මානවල සටහන් වී ඇති බවයි. ඒවා ප්‍රබලතාවය අඩු භූ චලනයන් බවද ඔවුහු පවසති.

මේ පිළිබඳව භූ විද්‍යා සමීක්‌ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එම්. පී. විජයානන්ද මහතා ගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීය.

මෙම භූ චලනයන් පිළිබඳව අපි දැඩි අවධානයකින් සිටිනවා. ඒ අනුව අපට මෙම භූ චලනයන් සෙනසුරාදා දිනවල වැඩි වශයෙන්ම සිදුවන බව පෙනී ගියා. අපි මෙම සෙනසුරාදා දිනයේද භූ චලනයන් ඇති වෙතැයි සිතුවා. ඒ අයුරින්ම පෙරේදා යළිත් භූ චලනයන් සිදුවුණා. දැනට පෙනී ගිය කරුණු අනුව අපට වැටහෙන්නේ ස්‌වාභාවික ක්‍රියාවලියකට වඩා මිනිස්‌ ක්‍රියාවලියන් නිසා මේවා සිදුවන බවයි. ඉදිරියේදී මේ තත්ත්වය තවත් පැවතියහොත් දැනට සිදුකරන පරීක්‌ෂණ කටයුතු තවත් පුළුල් කිරීමට කටයුතු කරනවා. යම් කිසි ආයතනයක්‌ ඉදිකිරීම් කටයුතු කිරීමේදී මෙලෙස සිදු වෙනවා නම් එම ආයතනය අප ආයතනයට මෙම පිපිරුම් සම්බන්ධව දැනුම් දුනහොත් මෙලෙස භූ චලනයන් සිදු නොවී අදාළ කටයුතු කිරීමට අප ආයතනයට උපදෙස්‌ ලබාදීමට හැකියි.

Sunday, December 16, 2012

මඤ්ඤොක්‌කා හා පිළිකා


ද්වීතීයික පිළිකාවක්‌ ඇති වීමෙන් පසුව විකිරණ හෝ රස චිකිත්සාවක්‌ (Chemotherapy) නැති ව මා හොඳින් සිටින්නේ කෙසේ දැයි විමසන බොහෝ දෙනා ගේ පැනවලට පිළිතුරු වශයෙන් මේ ලිපිය ලියන්නෙමි.

මීට වසර දහයකට පෙර (එනම් 2002 දී) මා ගේ වකුගඩුවේ සිට මුත්‍රාශය දක්‌වා මුත්‍රා ගෙන යන නාළයේ (ureter මුත්‍ර ප්‍රසේකය) පිළිකාවක්‌ ඇති විය. මගේ පිsළිකාවට ගොදුරු වූ වකුගඩුව, මුත්‍ර ප්‍රසේකය හා මුත්‍රාශයේ සුළු කොටසක්‌ ද ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදී. අනතුරුව මා විකිරණ ප්‍රතිකාරයට පාත්‍ර කෙරිණි.

වසර හතක්‌ පමණ (2009 වසර දක්‌වා) මම නීරෝගීව සිටියෙමි. ඉන්පසුව යළිත් මුත්‍රාශයේ ද්විතීයික පිළිකාවක්‌ වර්ධනය විය. එය කලින් වතාවේ මෙන්ම සංක්‍රමණික පිළිකාවක්‌ විය. එය ද ශල්‍යකර්මයකින් ඉවත් කෙරුණු අතර බයොප්සියක්‌ ද සිදු කරන ලදී. මාසයකට පසු පිළිකාවේ තත්ත්වය (ආශයීක්‌ෂණය හෙවත් Cytoscopy මගින්) පරීක්‌ෂා කිරීමට නියමිත ව තිබිණි.

ඇප්රිකොට්‌ ඇටවල මදයේ ඇති "B 17" නම් වූ ද්‍රව්‍යය පිළිකා සඳහා විකල්ප ප්‍රතිකාරයක්‌ සේ යොදා ගත හැකි බව මට දැන ගන්නට ලැබුණේ මේ කාලයේ ය. www.worldwithoutcancer.org නම් වූ අන්තර්ජාල වෙබ් අඩවියේ මෙය සඳහන් විය. මඤ්ඤොක්‌කාවල ද B 17 නම් වූ මේ ද්‍රව්‍ය අන්තර්ගත බව මේ වෙබ් අඩවියේ අඩංගු තොරතුරුවලින් දැන ගතිමි. ලොව B 17 අඩංගු විවිධ ප්‍රභව අතර මඤ්ඤොක්‌කා ද එක්‌ ප්‍රභවයකි. ඒ අතුරෙන් ලංකාවේ ද සුලබව සොයා ගත හැකි දෙයක්‌ වන මඤ්ඤොක්‌කා වියදම් අධික නො වන ද්‍රව්‍යයක්‌ ද විය.

අත්හදාබැලීමක්‌ ලෙස මම දිනපතා මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීම ආරම්භ කළෙමි. උදැසන ආහාරය සඳහා මඤ්ඤොක්‌කා පිගානක්‌ පොල් හා සම්බෝල සමග ද, දවාලට සහ රෑට වෑංජනයක්‌ ලෙස බත් සමග ද මඤ්ඤොක්‌කා ආහාරයට ගතිමි. මෙසේ දිනපතා නොකඩවා මඤ්ඤොක්‌කා තුන් වේලක්‌ ආහාරයට ගැනීමෙන් මාසයකට පසුව මුත්‍රාශයේ පිළිකාවේ තත්ත්වය පරීක්‌ෂා කිරීමට ආශයීක්‌ෂණ පරීක්‌ෂාවට ද පෙනී සිටියෙමි. එම පරීක්‌ෂාවෙන් හෙළි වූයේ පිළිකාවක කිසිදු සලකුණක්‌ නැතිs බවයි. වෙනත් කිසිදු ප්‍රතිකාරයක්‌ නො ගැනීමටත් මඤ්ඤොක්‌කා අනුභවය දිගට ම කරගෙන යැමටත් මම තීරණය කළෙමි.

මුත්‍රා සමග රුධිරය පිට වීම හෝ වෙනත් වේදනාවක්‌ හෝ රෝග ලක්‌ෂණ නොමැති හෙයින් මා වැනි රෝගීන් ගේ යහපත තකා මාගේ අත්දැකීම් ලෝකයට හෙළි කළ යුතු යෑයි තීරණය කළෙමි.

2009 වසරේ දී මා ගේ අත්දැකීම ලෝකයාට හෙළි කොට දැන් වසර 3ක්‌ ගෙවී තිබේ. මා තුළ පිළිකාවක කිසිදු සලකුණක්‌ නැති අතර මම හොඳින් සිටින්නෙමි. මඤ්ඤොක්‌කාවල අඩංගු B 17 නැමැති ද්‍රව්‍යයේ රෝග නිවාරණ ශක්‌තියක්‌ ඇති බැව් දැනුදු මම විශ්වාස කරන්නෙමි. ශරීරයේ විවිධ කොටස්‌වල පිළිකා තත්ත්වයන් මඤ්ඤොක්‌කා අනුභවය හරහා සුවපත් වී ඇති බැව් විවිධ අය මා වෙත දන්වා ඇත. එබඳු එක්‌ වයසක මහත්මයකු මා වෙත මුදල් දීමට සූදානම් වූ නමුත් මම එය ප්‍රතික්‌ෂේප කළෙමි. එක එන්නතක්‌ සඳහා රු. 47,000ක්‌ වැය වන බවත් ඒ මුදල් මේ ප්‍රතිකාරය නිසා ඉතිරි වූ බවත් මුදල් දීමට පෙලඹුණේ ඒ නිසා බවත් ඔහු පැවසී ය.

මා ගේ අත්දැකීම සහිත ලිපිය අන්තර්ජාලය හරහා කියවූ ඇමෙරිකාවේ ලැරී වොන් නැමැති වෛද්‍යවරයෙක්‌ පිළිකා සඳහා මඤ්ඤොක්‌කා යොදා ගන්නා ආකාරය ගැනත්, මඤ්ඤොක්‌කා තම්බන ආකාරය හා ආහාරයට ගන්නා ආකාරය ගැනත් ප්‍රශ්න වැලක්‌ ඉදිරිපත් කළේ ය. මේ තරම් ප්‍රශ්න අසන්නේ ඇයි දැයි මා එතුමා ගෙන් විමසූ විට ඔහු ගේ පිළිතුර වූයේ පිළිකා සුවය සඳහා මඤ්ඤොක්‌කා යොදා ගත් පළමුවැනි තැනැත්තා මා නො වන බවත් පීලිපීනයේ මැනිලාහි සන් තෝම් වෛද්‍ය විද්‍යාලයයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මඤ්ඤොක්‌කා ප්‍රතිකාරයෙන් පිළිකා රෝගීන් 500කට අධික සංඛ්‍යාවක්‌ සුවපත් කොට ඇති බවත් ය. ඔහු ජීව රසායනය පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන්නෙක්‌ ද වේ.

මහාචාර්ය මැනුවෙල් නවාරෝ හෝ ලැරී වොන් පිළිබඳ වැඩිදුර තොරතුරු අන්තර්ජාලයේ ගූගල් සෙවුමකින් ලබා ගත හැකි ය. මහාචාර්ය නවාරෝ ජීවත් වූයේ අන්තර්ජාල යුගය උදා වන්නට පෙර ය. එහෙයින් එතුමා ගේ සොයාගැනීම් ලොව පුරා ප්‍රචාරය නො වී ය. එහෙත් එතුමා ගේ ආයතනය මැනිලාහි වේ. ග්‍රන්ථ 3ක්‌ ලියා ඇති මහාචාර්ය නවාරෝ පර්යේෂණ පත්‍රිකා රැසක්‌ අන්තර්ජාතික වෛද්‍ය සම්මේලනවලට ඉදිරිපත් කොට ඇත.

මහාචාර්ය නවාරෝ විසින් යොදාගන්නා ලද විශේෂිත වූ B 17 ප්‍රතිකාර ක්‍රමයක විස්‌තර ලැරී වොන් විසින් මා වෙත එවනු ලැබී ය. ඒ ක්‍රමය මෙසේ ය.

"අගල් හතරක්‌ පමණ දිගැති, විෂ්කම්භය අගල් 2-3ක්‌ පමණ වූ අමු මඤ්ඤොක්‌කා අල කෑල්ලක්‌ ගෙන, සුද්ද කොට කුඩා කැබැලිවලට කපා ගන්න. ඉන්පසුව එම කැබැලි බ්ලෙන්ඩරයකට දමා වතුර කෝප්ප 2ක්‌ ද දමා (පිරවූ කෝප්ප 2ක්‌) විනාඩි 2ක්‌ අඹරා (බ්ලෙන්ඩ්) ගන්න. අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය 2ක්‌ ශීතකරණයේ තබන්න. සුදු කොටස (ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට) එවිට භාජනයේ පත්ලේ තැන්පත් වනු ඇත. ඉහළින් ඇති අවර්ණ වතුර බඳු දියර කොටස පරෙස්‌සමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් බාගයක්‌ උදේ ද ඉතිරි බාගය සවස ද පානය කරන්න."

B 17 නැමැති ද්‍රව්‍ය නිස්‌සාරණය කිරීමට මහාචාර්ය නවාරෝ යොදා ගත්තේ යථොක්‌ත ක්‍රමයයි. මේ නිස්‌සාරකය දියවැඩියා රෝගීන්ට ද යොදා ගත හැකි ය. ඒ සීනි කොටස ඉවත් ව ඇති හෙයිනි. එසේ ම මෙය පිළිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට ද යොදා ගත හැකි ය. නැවුම් දොඩම් යුෂ හෝ ලෙමන් යුෂ එක්‌ කර ගැනීමෙන් එය ප්‍රණීතවත් පානයක්‌ කර ගත හැකි ය. පිළිකා නිවාරණ ඖෂධ සඳහා මුදල් වැය කිරීමට හැකියාවක්‌ නැති අයට මේ තොරතුරු විශේෂයෙන් වැදගත් වේ යෑයි සිතමි.


වෛද්‍ය සින්තියා ජයසූරිය
wilfredjayasuriya@yahoo.com
පරිවර්තනය - ආචාර්ය පියසිරි අමිලසිත් යාපා
විදුසර සටහන :
රෝගීන් මේ ලිපියෙහි ඇතුළත් කරුණු මත පමණක්‌ පදනම් ව පිළිකා හෝ දියවැඩියා ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණයකට එළඹීම ඥනාන්විත නො වන බව විශේෂඥ වෛද්‍ය මතයයි. පිළිකා හෝ දියවැඩියාව සඳහා මඤ්ඤොක්‌කා ප්‍රතිකාර ක්‍රමය සම්මත ප්‍රතිකාරයක්‌ ලෙස පිළිගැනීමට ලක්‌ වීමට නම් රටවල් රැසක රෝගීන් විශාල ප්‍රමාණයක්‌ අරභයා පරීක්‌ෂා කර ප්‍රතිඵල තහවුරු කරගත යුතු ය. මේ සඳහා සම්මත විද්‍යාත්මක විධික්‍රම අනුගමනය කළ යුතු ද වේ. මේ කෙරෙහි වෛද්‍ය පර්යේෂණ අංශවල අවධානය නොපමා ව යොමු වන්නේ නම් මැනැවි.

උපුටා ගැනීම
 http://www.vidusara.com/2012/12/12/vedasara.html

Saturday, December 15, 2012

නැවත මාලිංග ගැන ටෙස්ට් ක්‍රීඩා කිරීම ගැන කතා බහක්


ඕස්ටේ‍්‍රලියානු බිග් බෑෂ් විස්සයි විස්ස තරගාවලියේ දී විශිෂ්ඨ දස්කම් ප‍්‍රදර්ශනය කළ ද ලසිත් මාලිංග නැවතත් ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සඳහා කැඳවීමේ අදහසක් නැතැයි මහේල ජයවර්ධන පවසනවා.  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල කියා සිටියේ එමගින් ඔහුගේ කි‍්‍රකට් කී‍්‍රඩා දිවිය අවදානමකට ලක් කිරීමට සූදානම් නොමැති බවයි. තමාටම ආවේණික ශෛලියකින් වේග පන්දු යවන මාලිංග  ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් තරගාවලියේ දී ලකුණු 7කට කඩුලූ 6 ක් බිද හෙලූවා. එය  ඕස්ටේ‍්‍රලියාවේදී මෙතෙක් වාර්තා වූ විශිෂ්ඨතම විස්සයි විස්ස පන්දු යැවීමයි. කෙසේ නමුත් මහේල ජයවර්ධන කියා සිටියේ ටෙස්ට් තරග සඳහා සහභාගි විය හැකි බවට සියයට සියයක විශ්වාසයක් පවතින්නේ නම් මාලිංග ඒ සඳහා සහභාගිවීමේ ගැටළුවක් නොමැති බවයි. එවැනි අවස්ථාවක ඔහු ටෙස්ට් කණ්ඩායමට යළි කැඳවීමට තමාද කැමැත්තෙන් සිටින බව මහේල ජයවර්ධන සඳහන් කළා.
තවද කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබාදීමේ අරමුණින් මහේල ජයවර්ධන සිය ධුරයෙන් ඉවත් වන බවට අද නිවේදනය කළ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කළමනාකරු චරිත් සේනානායක පවසනවා. අද පැවති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණු සැසියෙන් අනතුරුව මහේල ජයවර්ධන සිය ඉවත්වීම සම්බන්ධයෙන් එරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. 
මේ අතර, වෝන් - මුරලි කුසලානය සඳහා පැවැත්වෙන ශ‍්‍රී ලංකා -  ඕස්ටේ‍්‍රලියා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය හොබාට්හි - බෙලරීව් ඔව්ල් ක‍්‍රීඩාංගනයේදී ඊයේ(14) ආරම්භ වුණා. ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අද (15) දිනයේදී දිවා ආහාරයට නතර කරන විට  කඩුලූ5ක් දැවී ලකුණු 364 ක් ලබා සිටියා. පිලිප් හියුස්  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ලකුණු 86 ක් රැස් කළ අතර ඬේවිඞ් වෝනර් ලකුණු 57 ක් ද නයක මයිකල් ක්ලාක් ලකුණු 74ක් හාමයික් හසි නොදැවී ලකුණු 66 ක් ලබා ගත්තා. ඔස්ටේ‍්‍රලියානු පිලේ දැවී ගිය කඩුළු 05 න් කඩුළු 3 ක්ම බිඳ හෙලූවේ චානක වෙලගෙදරය.

Friday, December 14, 2012

ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර පළමු තරගය අද


ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර පැවැත්වෙන 11 වැනි ටෙස්‌ට්‌ තරගය මෙය වන අතර මුරලි-වෝන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තෙවැනි ටෙස්‌ට්‌ තරගාවලියේ පළමු තරගය අද (14 දා) බිලර්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ඔස්‌ට්‍රේලියාවේදී පළමු වරට ටෙස්‌ට්‌ තරග ජයක්‌ ලැබීමේ දැඩි බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙවර තරගාවලියට සහභාගි වන අතර මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වය ලබා දෙන අවසන් ටෙස්‌ට්‌ තරගාවලියද මෙය වේ.

"තේරීම් කමිටුවේ ඉල්ලීම මත මම මාස 12 ක කාලයකට තමයි නායකත්වය ලබාගත්තෙ. මේ සංචාරයෙන් පසු මම නායකත්වයෙන් ඉවත් වෙනවා. ඒ ගැන තේරීම් කමිටු නිලධාරීන් සමගත් මම සාකච්ඡා කළා. ඇන්ජලෝ මැතිව්ස්‌ මගෙන් පස්‌සෙ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය සඳහා සූදානමින් සිටිනවා.
ඔස්‌ට්‍රේලියාවේදී ටෙස්‌ට්‌ ජයක්‌ ලැබීමට මෙම තරගාවලිය අපිට හොඳ අවස්‌ථාවක්‌. ටෙස්‌ට්‌ තරග තුනක්‌ තිබීම ගොඩක්‌ හොඳයි." යනුවෙන් ටෙස්‌ට්‌ තරගය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මහේල ජයවර්ධන අදහස්‌ දක්‌වා ඇත.

අද තරගය පිළිබඳව
ඔස්‌ට්‍රේලියානු නායක මයිකල් ක්‌ලාක්‌ පවසා සිටියේ, "ශ්‍රී ලංකාව ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකුගෙන් සමන්විතයි. සංගක්‌කාර, මහේල සහ ඩිල්ෂාන් ශ්‍රී ලංකා පිතිකරු අංශය ශක්‌තිමත් කරන අතරවාරයේ රංගන හේරත් පන්දු යෑවීමේ ප්‍රධාන තුරුම්පුව වෙලා තියෙනවා.' යනුවෙනි.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමේ අංක 3 පිතිකරු වූ රිකී පොන්ටින් ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඔස්‌ට්‍රේලියාව සහභාගි වන පළමු ටෙස්‌ට්‌ තරගාවලිය මෙය වේ. පොන්ටින්ගේ ස්‌ථානය සඳහා පිලිප් හොග් කණ්‌ඩායමට එක්‌කොට ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායම වේග පන්දු යවන්නන් තිදෙනකු සමග අද තරගයට පිවිසෙන බව
ඔස්‌ට්‍රේලියාවෙන් වාර්තාවේ. රංගන හේරත් දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කරන බව වාර්තා වේ. ආරම්භක පිතිකරු තරංග පරණවිතාන වෙනුවට දිමුත් කරුණාරත්න අද තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම තරගය සඳහා සකසා ඇති ඕවල් තණතීරුව ටෙස්‌ට්‌ ක්‍රීඩාවට උචිත ලෙස සකස්‌ කර ඇති අතර එය පිතිකරුවන්ට වාසිදායක වනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්‌ට්‌ තරග දෙකම පරාජයට පත්ව තිබේ. ශ්‍රී ලංකා ප්‍රධාන පිතිකරුවන් යුගල වන මහේල ජයවර්ධන (104) සහ කුමාර් සංගක්‌කාර (192) ඕවල් ක්‍රීඩාංගණයේදී ශතක ලැබූ පිතිකරුවන් වේ.

ඔස්‌ට්‍රේලියාව ඕවල් ක්‍රීඩාංගණයේදී තරග 10 කට සහභාගි වී ඉන් තරග 7 ක්‌ ජය ගෙන ඇති අතර අවසන් වරට ඉකුත් 2011 දී නවසීලන්තය හමුවේ ලකුණු 07 ක පරාජයක්‌ ලබා තිබේ.

ටෙස්‌ට්‌ ලකුණු දස දහසේ සීමාව ඉක්‌මවා යැම සඳහා ලකුණු 107 ක්‌ පිටුපසින් පසුවන සංගක්‌කාරට මෙම තරගයේදී අදාළ ඉලක්‌කය පසුකිරීමට හැකියාව ලැබුනොත් ලොව ටෙස්‌ට්‌ ලකුණු දස දහස සීමාව ඉක්‌මවා ගිය 11 වැනියා ලෙස ඔහු ඉතිහාස ගත වේ.

ඔස්‌ට්‍රේලියානු කාලගුණ වාර්තාවලට අනුව මෙම ටෙස්‌ට්‌ තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවස්‌ථාවක්‌ පවතින අතර තරගයේ පළමු දින හතරේදී එම අවධානම පවතින බව වාර්තා වේ.

Thursday, December 13, 2012

මහේල ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසු නායකත්වයෙන් ඉවත්වන බව පවසයි


ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසු තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව මහේල ජයවර්ධන පවසයි. ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සංචාරය සම්බන්ධයෙන් එරට දී පැවැති මාධ්‍ය හමුවකදී මහේල මේ බව පවසා ඇතැ බව සඳහන්ය.
ඒ අනුව ජනවාරි 23 වැනිදා හෝබාට් හි පැවැත්වෙන 5 වන එක් දින තරඟයෙන් අනතුරුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වනු ඇති. තිලකරත්න දිල්ෂාන් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග මහේල ජයවර්ධන යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර නව නායකයෙකුට කණ්ඩායම භාරකරන තුරු කෙටි කාලසීමාවකට තමන් නායකත්වය දරණ බවයි මහේල එහිදී ප‍්‍රකාශ කළේය.මහේල ජයවර්ධන මාස 12 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණේ පසුගිය ජනවාරී මාසයේදීය.
තමන් එම කාලය තුළදී ලබාගත් සාර්ථකත්වය පිළිබඳව සෑහීමට පත්වන බවද මහේල එම මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇත. ඒ අනුව ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් පසු විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වනු ලැබුවා. මහේල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග බොහෝදුරට උපනායක ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වේයයි සිතිය හැක. 

Wednesday, December 12, 2012

කෘෂි රසායන හා රජරට වකුගඩු රෝගය

රජරට පුරාවට නැවතීමක්‌ නැතිව පැතිරී යන වකුගඩු රෝගයට හේතුකාරකය වී ඇත්තේ ආසනික්‌ රසායනික මුහුවූ කිවුල් ජලය පානය කිරීමෙන් යෑයි දිවයිනේ විද්‍යාඥ කණ්‌ඩායම් මතුකළ සොයා ගැනීම පිළිගැනීමට තරම් ප්‍රබල සාධක ඇතැයි අන්තර්ජාතික වෝහාරික වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය "නූනෝ විෂ්රා" මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ගාලුමුවදොර හෝටලයේ පැවති විද්වත් සාකච්ඡාවට හවුල් වූ විෂ්රා මහතා රජරට ප්‍රදේශයේ පැතිරී යන වකුගඩු රෝගයට හේතු සාධක අනාවරණය කරගත් දේශීය විද්‍යාඥ කණ්‌ඩායම්වල සොයාගැනීම පැසසුමට ලක්‌ කළේය.

සමහර ලතින් ඇමරිකානු රටවල දැනට මතුවෙමින් පවත්නා වකුගඩු රෝගයද රජරට වකුගඩු රෝගයට බෙහෙවින් සමාන යෑයි සඳහන් කළ මහාචාර්යවරයා ලෝකයේ බොහෝ කෘෂිකාර්මික රටවල මතුවෙමින් පවත්නා රසායනික ජල අපවිත්‍රතාව පිළිබඳ ලාංකික විද්‍යාඥ කණ්‌ඩායම් මතුකරගත් සත්‍යය මුළුමහත් ලෝකයටම ඵලදායක වනු ඇතැයි අවධාරණය කළේය.

"කැල්සියම් ආසනේට්‌" සංයෝගයේ රසායනික හැසිරීම් රටාවේ ඇති සුවිශේෂත්වය නිසා "හේතු කාරකය" වෛද්‍ය විද්‍යාවට අබිරහසක්‌ව පැවති නමුත් ලාංකීය විද්‍යාඥ කණ්‌ඩායම් එය නිවැරදිව හඳුනා ගෙන එළියට දැමීම ගැන ජාත්‍යන්තර ඇගයීමකට මොවුන් ලක්‌වනු ඇතැයි මහාචාර්යවරයා තවදුරටත් අනාවරණය කළේය.

මුලදී කැල්සියම් ප්ලෝරයිඩ් සහ කැඩ්මියම් බැරලෝහ රජරට භූගත ජලයේ තැනින් තැන මුහුවී තිබූ අතර මෑතක දී ඉතා වේගයෙන් ආසනික්‌ සහ රසදිය ජලයේ කිව්ලට මුහුවන්නට විය. මෙම රසායනික ක්‍රියාකාරීත්වය ගැන කිසිවක්‌ නොදන්නා පොදු ජනතාව පුරුදු පරිදි ළිංවල, උල්පත්වල ජලය පානයට ලබාගත්හ.

අපේ විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි අඩසියවසක්‌ පුරාවට මෙරට මහ පොළවට වක්‌කරන ලද කෘෂි රසායනවල පවත්නා රසායනික විෂ කාරකයන් වන ආසනික්‌, රසදිය වැනි දේ භූගත ජලයට මුහුවී තිබීමේ හේතුවෙන් එම විෂකාරක මුහුවූ ජලය කාලයක්‌ තිස්‌සේ පානය කිරීම හේතුවෙන් රජරට ජනතාව වකුගඩු රෝගයට බිලිවන බව ලෝක විද්වතුන්ගේද, ලෝක සෞඛ්‍ය සංවිධානයේද පිළිගැනීම වී තිබේ. නමුත් මේ සියලු මත තවමත් පිළිගැනීමට මැළිවන්නේ රජරට ජනතාවට වගකිවයුතු උතුරු මැද පළාත් සභාව සහ මධ්‍ය රජයයි.

"නිකරගුවාවේ" බහුල ලෙස සිදු කෙරෙන උක්‌ වගාවට කෘෂි රසායන භාවිතා කිරීමේ හේතුවෙන් 2009 මැයි 22 වැනිදා වන විට "සෑන් ඇන්තෝනියෝ සීනි සමාගමේ සේවය කළ කම්කරුවන්ගෙන් 3251 ක්‌ වකුගඩු රෝගය සෑදීමෙන් මියගොස්‌ ඇති බව වාර්තාවේ. මේ උක්‌ ගොවිපළවල්වල බිමේ වල් නැසීම සඳහා ඔවුන් නිරන්තරයෙන් භාවිතා කර ඇත්තේ ග්ලයිපොසේට්‌, පැරකොට්‌, නමැති වල් නාශකයන්ය. දේශීය වශයෙන් දැනුදු භාවිතා කරන කෘමිනාශක හා වල් නාශකයන්ද මීට සමානය. 1960 ආරම්භ කළ හරිත විප්ලවයත් සමග මෙරට ගොවිතැනට කඩා වැදුණ ක්‌ලෝරිනී කෘත පළිබෝධ නාශකයන් ඩී. ඩී. ටී, ඩියෑල්ඩ්‍රීන්, ඇල්ඩ්‍රීන්, එන්ඩොසල්පාන්, මැලතියන් වැනි කෘෂි රසායන වර්ග 1976 දී කිලෝලීටර් 2000 ක්‌ ද 1978 දී කිලෝලීටර් 5000 ක්‌ ද මෙරටට ආනයනය කර තිබේ. අවුරුද්දක්‌ පාසා ක්‍රමයෙන් වැඩිකරන ලද මෙම සියලු විෂකාරකයන් අඩසිය වසක්‌ මුළුල්ලේ වක්‌කරන ලද්දේ අපේ මහ පොළවටය. මේ අනුව තවදුරටත් භූගතයේ පිරිසිදු ජලයක්‌ පවතීද?

තවමත් අපේ රටේ ගොවිතැනට යොදා ගන්නා පළිබෝධ නාශක හා දිලීර නාශකයන් ඇමරිකාවේ සෘජුවම තහනම් කර තිබේ.

ඇමෙරිකාවේ දී දශක දෙක තුනකට පෙර තහනම් කරන ලද පළිබෝධ හා දිලීර නාශකයන් තවමත් අප රටේ භාවිතයෙහි පවතී. ඒවා ගොවිතැනට යෙදීමෙන් අනෙකුත් රෝගවලට අමතරව ජල දූෂණයද සිදුවන බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. මේ අනුව අපේ විද්‍යාඥයන්ගේ සොයා ගැනීම එනම් ආසනික්‌, රසදිය ආදී රසායනික විෂකාරකයන් භූගත ජලයට මුහුවී එම ජලය පානයට ගැනීමෙන් වකුගඩු රෝගය වැළඳෙන බවට කර ඇති නිගමනය නිවැරදිය.

හරිත විප්ලවය පටන් ගත් 1960 සිට අඩසියවසක්‌ මුළුල්ලේ පළිබෝධ නාශක, දිලීර නාශක සහ වල් නාශක අපේ පොළවට වැක්‌කිරීමෙන් මේ වනවිට පටන් ගෙන ඇත්තේ මහා මිනිස්‌ ඝාතනයකි. අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ වෛද්‍ය පාලිත බණ්‌ඩාර මහාතට අනුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රජරට වකුගඩු රෝගය පිළිබඳ කර ගෙන යන පර්යේෂණ කණ්‌ඩායම් දහයක නිගමන අනුව රජරට ජනතාවගෙන් 15.5% කට මේ වනවිට වකුගඩු රෝගය වැළඳී තිබේ. අනුරාධපුර වකුගඩු රෝග පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අසංක රණසිංහ මහතාට අනුව අනුරාධපුරයේ දින දෙකකට එක්‌ රෝගියකු බැගින් වකුගඩු රෝගීන් මියයති. වකුගඩු උවදුරෙන් ජීවිත බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය කැඳවුම්කරු වූ වෛද්‍ය සුසිල් රණසිංහ මහතාට අනුව මේ වනවිට උතුරු මැද පළාතේ එක්‌ ලක්‍ෂ විසිදහසකට පමණ වකුගඩු රෝගය සෑදී තිබේ. "වකුගඩු රෝගය හැදුනා" යනු මරණ වරෙන්තුව අතට ලැබීමකි. මක්‌ නිසාද? මෙම වකුගඩු රෝගය නිට්‌ටාවට සුව කිරීමට මෙතෙක්‌ දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් කිසිදු ඖෂධයක්‌ සොයා ගෙන නැතිවීමය. දැනට වකුගඩු රෝගීන්ට සපයනු ලබන බටහිර ඖෂධවලින් කෙරෙන්නේ රෝගය උත්සන්න වන්නට ඉඩ නොදී ටික කලකට රෝගියා ජීවත් කරවීමය. ඖෂධවලට අඩංගු නොවන තැන තවත් බටහිර ප්‍රතිකාර ක්‍රමවේදයක්‌ වූ රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ කාර්යය සතියකට දෙතුන් වරක්‌ යන්ත්‍රානුසාරයෙන් ඉෂ්ට සිද්ධකරයි. ඒ මගින්ද වැඩි කලක්‌ රෝගියා ජීවත් කිරීමට නුපුළුවන. මේ සියල්ල බටහිර ඖෂධ මාපියාවේ රෝගීන් මුලා කිරීමේ ප්‍රතිකාර මිස රෝගය නිට්‌ටාවට සුව කිරීමේ පිළියම් නොවේ.

මේ ඛේදවාචකයේ අවසාන ප්‍රතිඵලය කුමක්‌ විය හැකිද? අතීතයේ පැවති මාඝ ආක්‍රමණයේ දී මෙන් රජරට ප්‍රදේශය යළිත් ජනශූන්‍ය ප්‍රදේශයක්‌ විය හැකිය. කුඹුරුපිටි පාලුවී... පුරන්වී වැව් අමුණු කැඩී බිඳී ගොස්‌ රටට බත සපයන පරිසරයත්, ගොවි හමුදාවත් නැතිවී යාහැකිය. දේශපාලකයන්ගේ ඉසුරුමත් ස්‌වර්ග රාජ්‍යයද සෝදාපාළු විය හැකිය.

ජනතාවට වතුර පෙරණයක්‌ නොමිලයේ ලබාදී ඔවුන් ටික කලකට රැවටිය හැකිය. නමුත් වකුගඩු රෝගය රවටන්නට ඒ මගින් නුපුළුවන. ජනතාවට පානයට පිරිසිදු ජලය ලබාදීමට අමතරව භූගත ජලයට විෂකාරක මුහුකරන කැඩ්මියම් සහිත ආනයනික රසායනික පොහොර, ආසනික්‌, රසදිය සහිත කෘමිනාශක, දිලීර නාශක සහ වල්නාශක යන සියලු දේ මෙරටට ගෙන්වීම නවත්වා ලෙඩවී ඇති රජරට මහපොළව යළි සුවපත් කිරීමත් රට හදන්නට ගොස්‌ සිටින රජරට දේශපාලකයන්ගේ පැහැර හැරිය නොහැකි වගකීමකි. ඡන්දය ලබා ගත්තාට මදි. ඉදිරියේදීත් ඡන්දය ලබා ගන්නට නම් ජනතාවගේ දිවි රැක දිය යුතුය.

Tuesday, December 11, 2012

100000 කඩඉම පසුකලා



පිටිගල විත්ති 100000 ක් වාරයක් බැලූ ඔබ සියළුදෙනාටම      බෙහෙවින්ම ස්තූතියි.



ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට නවක තරු අවශ්‍යයි -ග‍්‍රැහැම් ෆෝඞ්


ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළේ සුපිරි ක‍්‍රීඩකයන් විශ‍්‍රාම යන විට ඔවුන්ගේ තැන ගැනීම සඳහා නව කී‍්‍රඩකයන් සොයා ගැනීම කඩිනමින් සිදුකළ යුතු බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසනවා. එසේ නොමැති වුවහොත් ශ‍්‍රී ලංකා පිළ නුදුරේදීම ජාත්‍යන්තර තලයේ අසීරුතාවට පත්වනු ඇති බවට ඔහු අනතුරු ඇගවීමක් ද කළා. ශී‍්‍ර ලංකා පිළේ වත්මන්  ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් පසු සිය කි‍්‍රකට් අනාගතය පිළිබදව තීරණයකට එළඹෙන බව නායක මහේල ජයවර්ධන දැනටමත් පවසා අවසන්. මහේල මෙන්ම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු බල ඇණියට අයත් කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ශාන් සහ තිලාන් සමරවීර වයස අවුරුදු 35 ඉක්මවූ කී‍්‍රඩකයන්. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසන්නේ ඔවුන්ගේ සේවය තව බොහෝ කල් ලබා ගැනීම දුෂ්කර බවයි. එබැවින් ශ‍්‍රී ලංකා පිළේ අනාගතය ස්ථාවර කිරීම සඳහා නව සුපිරි තරු බිහි විය යුතු අතර එය කඩිනමින් සිදුවිය යුත්තක් බව පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසා ඇත.