Saturday, December 1, 2012

හේරත් දෙවැනි තැනට



ශ්‍රී ලංකා වමතින් පා දඟ පන්දුයවන ක‍්‍රීඩක රංගන හේරත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණෙමින්, දඟ පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව සිටියි.
නවසීලන්තයට එරෙහිව කොළඹදී පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 170 කට කඩුලූ 9 ක් දවා ගැනිමින් හේරත් ස්ථාන දෙකක් පෙරමුණට පැමිණියේය. හේරත්, නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකේදී කඩුලූ 20 ක් දවාගත්තේය.
නවසීලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට රටවල් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ ප‍්‍රසාද ලකුණු 98 ක් ලබා සිටි ශ්‍රී ලංකාව එම තරගය පරාජයට පත්වීමත් සමග ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 96 ක් දක්වා අඩුවී තිබේ.
නවසීලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගක්කාර සිවුවැනි ස්ථානය දක්වා පහතට වැටී තිබේ. එම ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම සංගක්කාරට රැුස්කළ හැකි වූයේ ලකුණු 16 ක් පමණි.
රංගන හේරත් ගාල්ලේදී පැවැති පළමු දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 11 ක් දවාගැනීමෙන් පසු ප‍්‍රසාද ලකුණු 828 ක් සමගින් සිවුවැනි ස්ථානයට පැමිණි අතර මේ වන විට ප‍්‍රසාද ලකුණු 838 ක් ලබා සිටියි.
වර්තමාන ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම දඟ පන්දුයවන්නා වන 34 හැවිරිදි රංගන හේරත් මේ වන විට ටෙස්ට් තරග 42 කදී කඩුලූ 174 ක් දවාගැනීමට සමත් සිටියි.

Wednesday, November 28, 2012

මොනරාගලට නැවතත් රතු වැස්සක්

මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් තෙනගල්ලන්ද ප්‍රදේශයට පෙරේදා (26 දා) පස්‌වරු 5.00 ට පමණ ඇදහැළුණු වර්ෂාවෙන් විනාඩි 15 ක්‌ පමණ රතු වැස්‌සක්‌ ඇති වී ඇත.

මෙම වර්ෂාව ඇතිවී ඇත්තේ තෙනගල්ලන්ද, බෝහිටිය, ඉත්තෑකටුව පහතආරාව ආදී ප්‍රදේශවලටයි. වැඩිහිටියන් පවසනුයේ මෙවැනි රතු වැස්‌සක්‌ ඇතිවූ මුල්ම අවස්‌ථාව මෙය බවයි.

මේ වන විට රතු වැසි කීපයක්‌ම මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ සෙවනගල, හඳපානාගල සහ බිබිල ප්‍රදේශයේ පදියතලාව ආසන්නයේ මීට පෙර වාර්තා වී ඇති බව මොනරාගල දිස්‌ත්‍රික්‌ භාර ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‌ෂ රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා පවසයි.

මේ අතර මහ වැස්‌සත් සමග ආණමඩුව ප්‍රදේශයටද පෙරේදා (26 දා) සවස 4.00 ට පමණ රතු වැස්‌සක්‌ වැටී තිබේ.

ප්‍රදේශයේ නිවෙස්‌ කීපයක එළියේ තිබූ භාජනවලද, වළවල්වලද තිබූ ජලය රත් පැහැයෙන් යුක්‌ත විය.

එක්‌කාසු කරගත් ජල සාම්පලයක්‌ ආණමඩුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ආර්. ඒ. ඩේමියන් ද සිල්වා මහතාට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී පැවසුවේ මේ ප්‍රදේශයේ ස්‌ථාන කීපයකින් රතු පැහැ ජල වැස්‌සක්‌ වැටී ඇති බවට කීප දෙනකු ප්‍රකාශ කළ බවයි. මෙසේ සිදුවන්නේ රතු ඇල්ගී හෝ දූවිලි වළාකුළු නිසා බවද ඒ මහතා කීය.
 

Tuesday, November 27, 2012

ඇන්රොයිඩ් ඇප්ස් 2 කොටස







ඔබේ smart phone එකේ තියෙන ඇප්ස් (applications) වල තියෙන කරදරකාරි google ads ඔබට මතක ඇති .ads  ඉවත් කිරිමට හා සමහර applications වල තිබෙන license verification ඉවත් කිරිම වැනි තවත් බොහෝ දේ කල හැකිය. හැබැයි phone එක root  කරලා තියෙන්න ඔනේ.





                                                            මෙන්න video link එක 


                                                
                                              lucky patcher download link