Thursday, December 23, 2010

උසස් පෙළ ප්‍රතිපළ ලැබුනු අයට විශේෂයි - ලියූ විෂය යටතේ සියලු පාඨමාලා වලට ඉල්ලුම් කරන්න

විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීම සඳහා උසස් පෙළට පෙනී සිටි විෂය යටතේ ඉල්ලුම් කළ හැකි සියලු පාඨමාලා සඳහා ඉල්ලුම් කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

සිසුන් වැඩි පිරිසක් අදාළ විෂය යටතේ ඉහලම පාඨමාලා සඳහා පමණක් ඉල්ලුම් කිරීම හේතුවෙන් ගැටලු මතුවී ඇති බව කොමිෂන් සභාව පවසයි.

විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමේ අයඳුම්පත් ජනවාරි 14 වන දිනට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යොමු කළ යුතු බව එහි සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා සඳහන් කළේය.

විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමට අදාළ අයඳුම්පත සහිත පොත පසුගිය අඟහරුවාදා වෙළඳ‍පළට නිකුත් කෙරුණි.

කොමිසම වෙත යොමු කරන අයදුම්පතෙහි වෙනසක් සිදුකළ යුතු නම් සිසුන්ට ඒ සඳහා මාසයක කාලයක් ලබාදීමට ද කොමිසම පියවර ගෙන තිබේ.

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය අවසන් වී සති දෙකකට පසු විශ්ව විද්‍යාල සඳහා වු කඩඉම් ලකුණු නිකුත් කරන බව ද ගාමිණි සමරනායක මහතා සඳහන් කළේය.

සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු එකම මසකදී ආරම්භ කරන බව ද සමරනායක මහතා පවසයි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්