වසර තුනහමාරකට වඩා භාවිත නොකළ දෙමුහුන් වාහන ආනයනයේදී අය කරන 30%ක බද්ද 15%ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
පරිසර හිතකාමී පියවරක් ලෙස මෙම තීරණය රජය ගත් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඒ අනුව ද්විත්ව ශක්ති මගින් ධාවනය වන වසර තුනහමාරකට වඩා අඩුවෙන් භාවිත කරන ලද වාහන ආනයනයේදී මෙම බදු සහනය ලැබෙනු ඇත.
0 comments:
Post a Comment
කියන්න, බනින්න, ඔබේ අදහස්