උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (07 වැනිදා) පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබේ.
සිසුන්ට අසාධාරණයක් නොවන අයුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය සකස් කිරීම සඳහා පත් කළ කමිටුව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා සමග හෙට (09 වැනිදා) සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඊයේ (07 දා ) පැවසීය.
උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශ ලේකම්වරයා ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන ලද ඉහත කමිටු සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව නොසිටියහ. එම කමිටුව විභාග කොමසාරිස් ජනරාල්වරයා සමග සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවට ඊයේ (7 දා) තීරණය විය. හෙට එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඒ අනුවය.
ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය.
Thursday, December 8, 2011
උසස් පෙළ ප්‍රතිඵල තවත් ප්‍රමාදයි ?
6:02 AM
1 comment
Subscribe to:
Post Comments (Atom)
පව් නැත්ද අපි... :(
ReplyDelete