Tuesday, March 30, 2010

විෂය නිර්දේශ ගුරැ අත් පොත් ගුරැ මාර්ගෝපදේශ සංග්‍රහය ඔබට අවශ්‍යද?

පාසැල් වල උගන්වන ගුරැවරැන්ට නම් මේවා පාසැල් වලින් නොමිලේම ලැබෙනවා. නමුත් ඔබ ටියුෂන් ගුරැවරයෙක් නම් මේවා සොයා ගත යුතු නේද ? මේවා ලබා ගත හැක්කේ pdf file ලෙසය. ඔබට අවශ්‍ය නම් පසුව කර print ගත හැක. නැතහොත් mobile phone එකකින් වුවද නැරබිය හැක. (mobile phone එක pdf file support කරන එකක් විය යුතුය.) 1ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා ඔනෑම විෂයකට අදාල විෂය නිර්දේශ ගුරැ අත් පොත් ගුරැ මාර්ගෝපදේශ සංග්‍රහය මෙතනින් ලබා ගන්න.

මගේ වැඩේ හොද හෝ නරක නම්  විවේචනයක් එවන්න

Sunday, March 21, 2010

ගණිතය පාඩම ජ්‍යාමිතියට අත්වැලක්

මම මෙහෙම දෙයක් ලියන්න හිතුවේ දැන් පාසල් සිටින සිසු සිසුවියන්ගේ මූලික ජ්‍යමිතිය සංකල්ප ඉතා දුර්වල තත්වයේ පවතින බැවින්ය. මිට හේතු මම දකින දෙය නම් ලමුන් පාසැලේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනයට වඩා ටියුෂන් පංති ගැන වැඩි විස්වාසයක් තබා තිබිමයි. ජ්‍යමිතිය දුර්වල විමට මමදකින හේතු වන්නේ සමහර ටියුෂන් ගුරැවරැන් ජ්‍යමිතිය හරිහැටි නොදන්නා බව {මෙය මම වගකිමෙන් කරන ප්‍රකාශයක් බව සලකන්න. සමහර කට්ටිය O/LවලටDඑකක් හෝAඑකක් අරගත්තහම ඒගොල්ලො හිතනවා එක්කොම හරි එක්කොම දන්නවා කියලා යන්තම් A/L ගොඩදාගෙන (commerce හරි art කරලා) පටන් ගන්නවා math’s ටියුෂන්. ඉතින් කොහොම ජ්‍යාමිතිය උගන්නන්නද පව් ඉතින් පොඩිඑවුන්. ටියුෂන් පංතියකට යනකොට සර් හරි මිස් හරි අඩුම ගානේ A/L වලට math’s කරලා තියෙනවාද කියලා හොයලා බලන්නකෝ.මොකද සමහර විට art කරලා degree එකක් ගත්ත කෙනාට වඩා A/L math’s කරලා වැඩ තුනම පේල් කෙනාට වැඩි ගණිත දැනුමක් තියෙන්න පුළුවන්. }

ජ්‍යාමිතියට ගොඩක් දුර්වල කෙනෙකුට අවශ්‍ය මුලික ජ්‍යාමිතික සංකල්ප ටිකක් මම අද ඹබට ලබා දෙන්නම්. විශේෂයෙන් 9 සිට 11 ශ්‍රේණි වල සිසුන්ට මෙය වැදගත් වේ.
පාඩම අවශ්‍ය නම් e mail එකත් එක්ක comment එකක් දාන්න
නැතිනම් මට e mail එකක් එවන්න.

Sunday, March 14, 2010

Mobile broad brand GPRS හරහා යෑම

CDMA හරහා internet use කරලා එපා වුන හින්දා බැලුවා වෙන ක්‍රමයක්. කිසිම BROADBAND සේවයක් මෙහේ නෑ. මොකද මම ඉන්නේ කොළඹ ඉදලා කි. මි. 100 විතර ඈත. කරන්න දෙයක් නැති නිසා මම ගත්තා HSDPA ඩොංගල් එකක් (Vodafone k3520) හැබැයි මෙහෙට කිසිම NETWORK එකක් 3G දිලා නැහැ. බැලුවා mobitel weekly delight එකක් දාලා. එකේ 200 MB තියෙනවනේ හැබැයි සතියයිනේ. දවල්ට ගොඩක් වෙලාවට connect වෙන්නෙම නෑ. Connect වුනත් වැඩක් කරන්නම බැහැ. රෑට නම් යන්තම් connect වෙනවා. ඒත් page එකකින් page එකකට යන්න විනාඩි 5 ක් විතර බලන් ඉන්න වෙනවා. උදේ පාන්දරටනම් ටිකක් හොදයි. ඒත් මට ලැබුන උපරිම download speed එක 3 KBs (උදේට විතරයි ) අනෙක් වේලාවට 1 KBs ටත් අඩුයි සතිය පුරාම ට්‍රයි කරලා ඉවර කරන්න පුළුවන් වුනේ 50 MB විතරයි.හිතා ගන්න පුළුවන්නේ අපිට ලැබෙන speed එක. දුක තමා ඉතින්.

ඊලගට මම මාරැ වුනා AIRTEL BROADBAND වලට mobitel තරම් network එක busy නැති නිසා මම බලාපොරොත්තු වුනා හොද download speed එකක් හැබැයි mobitel වලට වඩා හොදයි. දවල්ටත් වැඩ කරනවා මට ලැබුනු උපරිම download speed එක 8 KBs කොහොම වුනත් 5 KBs ටවඩා අඩු වෙන්නේ නැහැ. එත් ලොකු වැඩකටනම් මදි .මම භාවිතා කරපු SLT CDMA download speed එක 15 KBs නිසා මට මේ speed එක හොදටම මදි.

මමතීරණය කලා dialog වලට යන්න. Dialog වල RS 20 pre paid broadband පාවිච්චි කරලා
බැලුවා. ලැබෙන මි 30 ට 30 MB විතර download කලා. download speed එක 20 KBs ටත් වැඩි වුනා. මට හිතුණා ප්‍රමානවත් කියලා . මම Dialog outlet එකකට ගිහිල්ලා රැ 500 package (1000MB) එක රැ 2000 දිලා අරගෙන අවා. දැනටනම් මෙකත් ඇති. Dialog වල ගාන තමයි සැර mobitel සහ AIRTEL දෙකම මිට වඩා ගොඩක් අඩුයි නේද?


ඹයගොල්ලොන්ගේ `Mobile broad brand තොරතුරැ ගැන කියලා comment එකක් දාන්න