Thursday, December 30, 2010

නව ඉන්ෆ්ලුවෙන්සා එන්නත හොර පාරෙන් වෙළෙඳ පොළට

නව ඉන්ෆ්ලුවෙන්සා (AH1 භ1) රෝගයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ ලබාදුන් එන්නත් රෝහල්වලින් හොර රහසේ පිටකර අලෙවි කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත.
මෙම එක්‌ එන්නතක වටිනාකම ඇමරිකානු ඩොලර් 100 ක්‌ පමණ වන නමුත් මෙරට පැතිර යන නව ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ජනතාව මුදාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් තොගය නොමිලේ ලබාදී ඇත.
ගැබිණි මව්වරුනට සහ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නිධන්ගත රෝගවලින් පෙළෙන්නන්ට නොමිලේ ලබාදීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සහ රෝහල්වලට අමාත්‍යාංශය විසින් මෙම එන්නත් තොගය බෙදාහැර ඇත.
රජයේ රෝහල්වලට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත බෙදාදුන් මෙම එන්නත පෞද්ගලික ආයතනවලට ලැබී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටී. එම එන්නත මුදල් දී ලබාගත යුතු නැත.

Tuesday, December 28, 2010

මුදලට විකිනෙන ක්‍රිකට් තරු හා වෙන්දේසි නොවන IPL ක්‍රිඩකයින්

ලබන ජනවාරි 8 ,9 දිනවල හතරවෙනි ඉන්දියන් ප්‍රිමිය ලීග් ( IPL) තරගාවලිය සදහා ක්‍රිඩකයින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණිමට නියමිතය.
ක්‍රිඩකයින් විශාල ගණනක් වෙන්දේසි කිරිමට නම්කර ඇති අතර වැඩි මුදලක් යොජනා වී ඇති ක්‍රිඩකයින් පහත දැක්වේ.

ඩොලර්  400 000 කට නම් කර ඇති
Brian Lara,                                      Rahul Dravid,                                     Graeme Swann,
Adam Gilchrist,                               Shaun Marsh,                                     Kevin Pietersen,
Michael Yardy,                               Anil Kumble,                                      Brett Lee,
Luke Wright,                                  Yuvraj Singh,                                      James Anderson,
Brendon McCullum,                        Daniel Vettori,                                    Graeme Smith,
AB de Villiers,                                Ross Taylor,                                       Tillakaratne Dilshan,
Mahela Jayawardene,                     Chris Gayle,                                        Stuart Broad


ඩොලර්  300 000 කට නම් කර ඇති
 Jacques Kallis,                               Muttiah Muralitharan,                           Zaheer Khan,
Yusuf Pathan,                                Shaun Tait,                                           Andrew Symonds,
Angelo Mathews                           Kumar Sangakkara.


ඩොලර්  200 000 කට නම් කර ඇති
Sourav Ganguly,                           Gautam Gambhir,                                    Michael Hussey,
Doug Bollinger,                             Dirk Nannes,                                          Eoin Morgan,
Robin Uthappa                             Sanath Jayasuriya,                                  Shakib al Hasan 


ඩොලර්  100 000 කට නම් කර ඇති
Tamim Iqbal,                                Morne Morkel,                                       Ben Hilfenhaus,
R Ashwin

 මෙම ක්‍රිඩකයින් අතර පාකිස්තානු කිසිම ක්‍රිඩකයෙකු ඇතුලත් කර නැත.

මේ අතර  පසුගිය තරගාවලියට සහභාගි වු ක්‍රිඩකයින් 12 දෙනෙකු වෙන්දේසි නොකර එම කන්ඩායම් විසින් රදවාගෙන ඇත. එම ක්‍රිඩකයින් පහත පරිදි වේ.

චෙන්නායි කණ්ඩායම
  MS Dhoni,                    Suresh Raina,                 Murali Vijay,                  Albie Morkel

මුම්බායි කණ්ඩායම
Sachin Tendulkar,           Kieron Pollard,              Harbhajan Singh              Lasith Malinga


රාජේස්තාන්  කණ්ඩායම
Shane Warne                 Shane Watson

බැංගලොර් කණ්ඩායම
Virat Kohli

දිල්ලි  කණ්ඩායම
Virender Sehwag


2011 IPL  කුමක් වේද?

රබර් සදහා ඉතිහාසයේ ඉහළම මිල වාර්තා වෙයි රබර් නැවත සිටවමු

මෙවර වෙන්දේසියේදි රබර් සදහා ඉතිහාසයේ මෙතෙක් ලැබුණ ඉහළම මිල වාර්තා වී තිබේ.


ඒ අනුව පළමු කාණ්ඩයේ ෂීට් රබර් කිලෝ ග්‍රෑමයක් සදහා මෙවර රුපියල් 521ක මිලක් ලැබී ඇති අතර එම වර්ගයේ රබර් සදහා වසර මුලදී රුපියල් 230ක මිලක් පැවතුණි.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් ආර්.බී. ප්‍රේමදාස මහතා පැවසුවේ, ඊට සමගාමීව දෙවන හා තෙවන කාණ්ඩවලද රබර් මිල ගණන් ඉහළ ගිය බවය.

ක්‍රේප් රබර් කිලෝ ග්‍රෑමයක මිලද රුපියල් 598දක්වා ඉහළ ගොස් තිබේ.

ජාත්‍යන්තර වශයෙන් පවතින ඉල්ලුම ඉහළ යාම මෙන්ම ස්වභාවික රබර් සපයන රටවල්වල නිෂ්පාදනය පහත වැටීම ඊට ප්‍රධාන හේතුව බව ප්‍රේමදාස මහතා සදහන් කළේය.
 
 තේ මිළ පහල ගොස් රබර් මිළ ඉහලට යන නිසා හා තේ දළු නෙලීමට කම්කරු හිගය පවතින බැවින්
 රබර් ගලවා තේ හිටවපු මිනිස්සු දැන් තේ ගලවා රබර් සිටවන්නට පටන් ගෙන ඇත. ඇත්තටම මෙය ජල උල්පත්  සිදීයාම වැලැක්වීමට කදිම පිටුවහලක් වෙනු ඇත‍.




Monday, December 27, 2010

වසර 133 ක්‌ පැරණි වාර්තාවක්‌ එංගලන්තය බිඳ දමයි, අනේ පව් ඔස්ට්‍රේලියාව

 ස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළුබඳුන කුසලාන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලි යටතේ පලමු දින වූ ඊයේ(26 දා) ඇරඹි සිව්වැනි ටෙස්‌ට්‌ තරගයේදී සත්කාරක ඔස්ට්‍රේලියානු ප්‍රථම ඉනිම ලකුණු 98 කට සීමා කරමින් වාර්තාගත පන්දු යෑවීමක යෙදීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

මෙය මෙල්බර්න් ක්‍රීඩංගණයේ ඔස්ට්‍රේලියානු පිළක්‌ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර එය වසර 133 ක්‌ පැරණි වාර්තාවක්‌ බිඳ යැමකි. 1877 දී ලකුණු 104 කට දැවී යැම මින් පෙර මෙම ක්‍රීඩාංගණයේ ඔස්ට්‍රේලියාවේ අඩුම ලකුණු සහිත ඉනිම විය.
ලකුණු 44 ට කඩුලු 4 ක්‌ බිඳ හෙලූ ඡේම්ස්‌ ඇන්ඩර්සන් සහ ලකුණු 26 කට කඩුලු 4 ක්‌ බිඳ දැමූ ක්‍රිස්‌ ට්‍රිම්ලට් ඊයේ එංගලන්තය වෙනුවෙන් එම වාර්තාගත පන්දු යෑවීමට මුල් වූහ.

කොළ පැහැයෙන් යුතුවූ එම තණතිල්ලේ
ඔස්ට්‍රේලියානු මුල් පෙළ ඉක්‌මනින් බිඳ දැමූ එංගලන්තය දිවා ආහාරය වන විට ලකුණු 58 ට කඩුලු 4 ක්‌ දවාගෙන තිබිණ.

දිවා විවේකයෙන් අනතුරුව ලකුණු 40 ක්‌ තුළ
ඔස්ට්‍රේලියාවේ ඉතිරි කඩුලු 6 බිඳ වැටුණේ ඔවුන්ගේ ඉනිම පන්දුවාර 42 කුත් පන්දු 5 කට සීමා වෙමිනි.

මෙය 2010 වසරේ
ඔස්ට්‍රේලියාව දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර පසුගිය ජූලි මාසයේ පාකිස්‌තානය හමුවේ ඔවුන් ලකුණු 88 කට දැවී ගියේය.

 Australia 98









Australia 1st innings R M B 4s 6s SR
View dismissal SR Watson c Pietersen b Tremlett 5 14 12 0 0 41.66
View dismissal PJ Hughes c Pietersen b Bresnan 16 58 32 2 0 50.00
View dismissal RT Ponting* c Swann b Tremlett 10 51 38 2 0 26.31
View dismissal MJ Clarke c †Prior b Anderson 20 121 54 2 0 37.03
View dismissal MEK Hussey c †Prior b Anderson 8 43 41 1 0 19.51
View dismissal SPD Smith c †Prior b Anderson 6 54 15 0 0 40.00
View dismissal BJ Haddin c Strauss b Bresnan 5 22 16 1 0 31.25
View dismissal MG Johnson c †Prior b Anderson 0 8 4 0 0 0.00

RJ Harris not out 10 38 23 2 0 43.47
View dismissal PM Siddle c †Prior b Tremlett 11 25 15 1 0 73.33
View dismissal BW Hilfenhaus c †Prior b Tremlett 0 9 8 0 0 0.00

Extras (lb 2, nb 5) 7











Total (all out; 42.5 overs; 227 mins) 98 (2.28 runs per over)
Fall of wickets1-15 (Watson, 3.2 ov), 2-37 (Hughes, 13.1 ov), 3-37 (Ponting, 14.2 ov), 4-58 (Hussey, 25.2 ov), 5-66 (Smith, 29.3 ov), 6-77 (Clarke, 33.4 ov), 7-77 (Haddin, 34.5 ov), 8-77 (Johnson, 35.2 ov), 9-92 (Siddle, 40.3 ov), 10-98 (Hilfenhaus, 42.5 ov)










Bowling O M R W Econ

View wickets JM Anderson 16 4 44 4 2.75

View wickets CT Tremlett 11.5 5 26 4 2.19 (1nb)
View wickets TT Bresnan 13 6 25 2 1.92


GP Swann 2 1 1 0 0.50


Sunday, December 26, 2010

ලොව බිහි වූ හොදම එක්දින කණ්ඩායමට ක්‍රිඩකයන් තේරුවාද? නැතිනම් තෝරමු

 මෙන්න මෙහි සිටින අපේ හයදෙනා






 නිමා වූ වසර 40 තුළ ලොව බිහි වූ හොදම එක්දින කණ්ඩායම තේරීම සදහා ‍ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා වී තිබේ.
ඔවුන්ට එම අවස්ථාව උදා වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නම්කර තිබෙන ක්‍රීඩකයින් 48 දෙනෙකු සදහා අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ලබා දීමෙනි.

එම නිර්දේශයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුලත්ව සිටී.
ආරම්භක පිතිකරුවෙකු ලෙස සනත් ජයසූරිය ඇතුලත්ව සිටිනඅතර මැදපෙල පිතිකරුවෙකු ලෙස අරවින්ද ද සිල්වා නිර්දේශිත නම් අතරට ඇතුලත්ය.

මේ අතර කඩුලු රකින්නන්ගේ ලේඛණයට කුමාර් සංගක්කාර හා රොමේෂ් කළුවිතාරණ නම් කර තිබෙන අතර චමින්ද වාස් වේග පන්දු යවන්නන්ගේ ලේඛණසයට ඇතුලත්ව සිටී.

මුත්තයියා මුරලිදරන් දග පන්දු යවන ක්‍රීඩකයින්ගේ නම් අතරට ඇතුලත්ය.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම ක්‍රීඩකයින්ට සිය ඡන්දය ලබාදීමට හැකි වන්නේ ජනවාරි මස 02වෙනිදා මධ්‍යම රාත්‍රීය වනතෙක් පමණි.


ඔබේ කණ්ඩායම තේරිමට මෙතනින් යන්න

ජන.15 වනවිට ගාල්ල - මාතර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරනවා

ලබන වසරේ ජනවාරි 15 වෙනිදා වනවිට ගාල්ල - මාතර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරිමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ එළඹෙන උත්සව සමයේ ප්‍රවාහන වැඩපිළිවෙළ පිළිබද ඊයේ පැවති මාධ්‍ය දැනුවත් කිරිමකදීය.

එහිදී අදහස් පළකළ අමාත්‍යවරයා පැවසුවේ ගාල්ලේ සිට මාතරට දුම්රිය මාර්ගය ඉදිකිරිම අවසන් කිරිමෙන් පසු ගාල්ල - හික්කඩුව දක්වාත් අනතුරුව හික්කඩුව - අළුත්ගම දක්වා කොටසත් අළුත්වැඩියා කරන බවය.

සුනාමියට හසු වූ දුම්රිය අළුත්වැඩියා කිරිමෙන් පසු දෙසැම්බර් 26 වෙනි අද පැරෑලිය දක්වා ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේය 

Thursday, December 23, 2010

එපා එපා එපා අපිට ගනන් එපාපාපා මේ රට මොඩයන්ටද? ආසියාවේ ආශ්චර්යද?

මේ වන විට අ.පො. සා/පෙ විභාගයෙන් ගණිතය අසමත්වන අයට උසස් අධ්‍යාපනය අහිමිවන බැවින් ඉදිරියේදී ගණිතය අසමත් වුවද සෙසු විෂයන් වලින් උසස් අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාකියා සිටියේය.
ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති"අධ්‍යාපන ගුණාත්මක භාවය තහවුරු කිරීමේ ජාතික සමුළුව"ට සහභාගී වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

දැනට ගණිතය සමත් වීමේ ප්‍රතිශතය 45-50 % අතර වුවත් මේ 2යි ශත 50හේ ක්‍රියාමාර්ගය නිසා  (සිසුන්ට ගණිතය සමත් වීමට අවශ්‍ය නොවන නිසා ) තව වසර කිහිපයකින් සමත් වීමේ ප්‍රතිශතය 30% ටත් අඩු වීම වැලැක්වීමට හැකිවේද? 
මින් පසුවට රජයේ රැකියා වලටගණිතය සමත් වීම අනිවාර්ය  වේද?
මේකද  ආසියාවේ ආශ්චර්යය ????????????????? 

උසස් පෙළ ප්‍රතිපළ ලැබුනු අයට විශේෂයි - ලියූ විෂය යටතේ සියලු පාඨමාලා වලට ඉල්ලුම් කරන්න

විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීම සඳහා උසස් පෙළට පෙනී සිටි විෂය යටතේ ඉල්ලුම් කළ හැකි සියලු පාඨමාලා සඳහා ඉල්ලුම් කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

සිසුන් වැඩි පිරිසක් අදාළ විෂය යටතේ ඉහලම පාඨමාලා සඳහා පමණක් ඉල්ලුම් කිරීම හේතුවෙන් ගැටලු මතුවී ඇති බව කොමිෂන් සභාව පවසයි.

විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමේ අයඳුම්පත් ජනවාරි 14 වන දිනට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යොමු කළ යුතු බව එහි සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා සඳහන් කළේය.

විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමට අදාළ අයඳුම්පත සහිත පොත පසුගිය අඟහරුවාදා වෙළඳ‍පළට නිකුත් කෙරුණි.

කොමිසම වෙත යොමු කරන අයදුම්පතෙහි වෙනසක් සිදුකළ යුතු නම් සිසුන්ට ඒ සඳහා මාසයක කාලයක් ලබාදීමට ද කොමිසම පියවර ගෙන තිබේ.

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය අවසන් වී සති දෙකකට පසු විශ්ව විද්‍යාල සඳහා වු කඩඉම් ලකුණු නිකුත් කරන බව ද ගාමිණි සමරනායක මහතා සඳහන් කළේය.

සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු එකම මසකදී ආරම්භ කරන බව ද සමරනායක මහතා පවසයි.

සියලුම කණ්ඩායම් වලට තවත් අභියොගයක් - සචින් එක්‌දින පිටියට යළි එයි

මාස 10 කට ආසන්න කාලයක්‌ එක්‌දින තරග පිටියෙන් ඉවත්ව සිටි සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට එක්‌ කිරීමට ඉන්දීය ක්‍රිකට්‌ තේරීම් කමිටුව තීරණය කර ඇත.

16 දෙනකුගෙන් සමන්විත ඉන්දීය කණ්‌ඩායමට ටෙන්ඩුල්කාර්ව නම් කිරීමට ආසන්නම හේතුව වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලියට පෙර නැවතත් ඔහුට එක්‌දින රිද්මය ලබා ගැනීමට අවස්‌ථාව සලසා දීම සඳහාය.

දිගු කාලයක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ රැඳී සිටීම හේතුවෙන් පසුගිය පෙබරවාරි මස දකුණු අප්‍රිකාව සමගින් පැවැති ටෙස්‌ට්‌ තරගයෙන් අනතුරුව එක්‌දින තරගවලදී විවේක ගැනීමට ටෙන්ඩුල්කාර් තීරණය කර තිබුණි. ඒ අනුව අදාළ කාල සීමාව තුළ ඔහුට අහිමි වුණු තරග සංඛ්‍යාව 22 ක්‌ වේ.

ලොව ටෙස්‌ට්‌ සහ එක්‌දින වැඩිම ලකුණු ලාභියා වන ටෙන්ඩුල්කාර් පසුගියදා දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු කණ්‌ඩායමට එරෙහිව ශතකයක්‌ රැස්‌ කරමින් ටෙස්‌ට්‌ තරග වලදී ශතක 50 ක්‌ රැස්‌ කළ ලොව පළමු පිතිකරුවා වශයෙන් ලෝක වාර්තාවක්‌ පිහිටුවීමටද සමත්වූවේය.

ඉන්දීය කණ්‌ඩායම - මහේන්ද්‍ර සිං දොaනි(නායක), විරේන්ද්‍ර ෂෙවැග්, ගෞතම් ගාම්බීර්, සචින් ටෙන්ඩුල්කාර්, විරාත් කෝලි, සුරේෂ් රයිනා, යුවරාඡ් සිං, හර්බජාන් සිං, සහීර් ඛාන්, අශීෂ් නේරා, ප්‍රවීන් කුමාර්, මුනාෆ් පටෙල්, රවිචන්ද්‍රන් අශ්වින්, යුසුෆ් පතන්, පියුෂ් චවුලා, එස්‌. ශ්‍රීෂාන්ත්.

Wednesday, December 22, 2010

මෙන්න පොළිස් වැඩ - ආදරය කරන්න කප්පම් ඉල්ලු කොස්තාපල් මහත්හොරැ

කප්පම් ලබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හලාවත පොලිසිය විසින් ‍අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත මුහුදු වෙරළේ සිටි පෙම්වතුන්ගෙන් මෙම කොස්තාපල්වරුන් කප්පම් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

පෙම්වතු‍න්ගෙන් රුපියල් 2000 බැගින් මුදල් ඉල්ලා පසුව රුපියල් 500ක මුදලක් ලබා ගෙන ඇති බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති බව හලාවත පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේය.

මුදල් ලබා‍ නොදෙන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට අදාළ පොලිස් කොස්තාපල්වරුන් විසින් තර්ජනය කළ බව පෙම්වතුන්‍ පොලිසියට දන්වා ඇති බව සඳහන් වේ.

පොලිස් කොස්තාපල්වරුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් අධික ලෙස බීමත්ව සිටි බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

ක්‍රිකට් ලෝක කුසලානයේ අපේ 15 දෙනාගේ සංචිතය කවුරැන් විය හැකිද?

30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට කුමාර් සංගක්කාර,ටී.එම්.දිල්ෂාන්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, තරංග පරණවිතාන, ලහිරු තිරිමාන්න, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, තිලිණ කණ්ඩම්බි, චාමර සිල්වා, චාමර කපුගෙදර පිතිකරුවන් ලෙස එක්ව සිටී.

ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ෆර්වීස් මහරුෆ්, ජීවන් මෙන්ඩිස්, කණ්ඩායමට එක්ව සිටිනනේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසය.

මුත්තයියා මුරලිදරන්, සුරාජ් රන්දිව්, රංගන හේරත්, මාලිංග බණ්ඩාර සහ අජන්ත මෙන්ඩිස් දග පන්දු යවන්නන් වන අතර ලසිත් මාලිංග, නුවන් කුල‍සේකර, දිල්හාර ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, චමින්ද වාස්, චානක වෙලගෙදර, නුවන් ප්‍රදීප්, හා තිලාන් තුෂාර යන පිරිස වේග පන්දු යවන්නන් ලෙස කැදවා ඇත.


01 කුමාර් සංගක්කාර 16 ජීවන් මෙන්ඩිස්
02 මහේල ජයවර්ධන 17 මුත්තයියා මුරලිදරන්
03 ටී.එම්.දිල්ෂාන් 18 සුරාජ් රන්දිව්
04 සනත් ජයසූරිය 19 රංගන හේරත්
05 උපුල් තරංග 20 මාලිංග බණ්ඩාර
06 දිනේෂ් චන්දිමාල් 21 අජන්ත මෙන්ඩිස්
07 තරංග පරණවිතාන 22 ලසිත් මාලිංග
08 ලහිරු තිරිමාන්න 23 නුවන් කුල‍සේකර
09 තිලාන් සමරවීර 24 දිල්හාර ප්‍රනාන්දු
10 තිලිණ කණ්ඩම්බි 25 සුරංග ලක්මාල්
11 චාමර සිල්වා 26 ධම්මික ප්‍රසාද්
12 චාමර කපුගෙදර 27 චමින්ද වාස්
13 ඇන්ජලෝ මැතිව්ස් 28 චානක වෙලගෙදර
14 තිසර පෙරේරා 29 නුවන් ප්‍රදීප්
15 ෆර්වීස් මහරුෆ් 30 තිලාන් තුෂාර



15 දෙනා කවුරැන්ද?


 

Monday, December 20, 2010

අන්තර්ජාලයට ඇබ්බැහි වු යෞවනයන් මානසික පීඩනයට ගොදුරුවීමේ අවදානමක්

දවසේ වැඩි කාලයක් අන්තර්ජාලය භාවිත කරන යෞවනයින් මානසික අවපීඩනයන්ට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බව අධ්‍යනයක් අනාවරණ කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝ දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබද මහාචාර්ය ඥාණදාස පෙරේරා මහතා පැවසුවේ, අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටින යෞවනයින් සමාජීය අන්තර් ක්‍රියාකාරකම්වලට යොමුවීමේ ඇල්ම ද අඩු බවය.

එවැනි යෞවනයන් අන්තර්ජාල භාවිත කරන සෙසු යෞවනයින්ට වඩා මානසික අවපීඩනයට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩි බව ඔහු සඳහන් කළේය.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ,  ඔවුන් මිතුරන් සමග මෙන්ම පවුලේ සෙසු සාමාජිකයින් සමග කාලය ගතකිරීමට කැමැත්තක් නොදක්වන බවය.

තරගකාරි අන්තර් ජාල ක්‍රීඩාවලින් ලබන විඩාව හේතුවෙන් අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටින දරුවන්ද අධික ලෙස  මානසික අවපීඩනයට ලක්වන බව  මහාචාර්ය ඥාණදාස පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

කල්පිටියේ දුපත් 10ක් බදු දීමට යයි

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ, ඒ සදහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස රජය මීට පෙර නිවේදනය කළ බවය.ඊට ලබාදුන් කාලය පසුගිය 03 වෙනිදායින් අවසන් විය.

ලැබී ඇති අයදුම්පත් නිර්දේශ කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.ඔහු ප්‍රකාශ කළේ, අදාළ නිර්දේශයන් ලබන ජනවාරි මස තමන්ට ලැබීමට නියමිත බවය.

රජය විසින් කලප්ටිය ප්‍රදේශයේ පිහිටි දූපත් 10ක්  බද්දට දෙනු ලබන්නේ වසර 30 ත් 50 ත් අතර කාලයක් වෙනුවෙනි.සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා නව ව්‍යාපාර ආරම්භ කිරීම  දූපත් බදු දීමේ ප්‍රධාන අරමුණකි.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ,  බද්දට දීමෙන් අනතුරුව වුවද දැනට එම දූපත්වල වාසය කරන පුද්ගලයින් ඉන් ඉවත් නොකරන බවය.

ලෝක කුසලානට 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් කැදවූ බව ශ්‍රී ලංකා ආයතනය අද නිවේදනය කළේය.

තරගාවලියට සහභාගීවන අවසන් ක්‍රීඩකයින් 15 දෙනා ලබන මස 19 වෙනිදා ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නියමයකන්ට අනුව නම් කළ එම සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය හා චමින්ද වාස් ඇතුලත්ය.

මේ අතර සිරස එෆ්.එම්. සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය හරහා ජාතික සංචියට පැමිණි වේග පන්දුය්‍වන ක්‍රීඩක නුවන් ප්‍රදීප් රොෂාන්ද එම සංචිතයය නම්කර තිබේ.

30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට කුමාර් සංගක්කාර,ටී.එම්.දිල්ෂාන්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, තරංග පරණවිතාන, ලහිරු තිරිමාන්න, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, තිලිණ කණ්ඩම්බි, චාමර සිල්වා, චාමර කපුගෙදර පිතිකරුවන් ලෙස එක්ව සිටී.

ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ෆර්වීස් මහරුෆ්, ජීවන් මෙන්ඩිස්, කණ්ඩායමට එක්ව සිටිනනේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසය.

මුත්තයියා මුරලිදරන්, සුරාජ් රන්දිව්, රංගන හේරත්, මාලිංග බණ්ඩාර සහ අජන්ත මෙන්ඩිස් දග පන්දු යවන්නන් වන අතර ලසිත් මාලිංග, නුවන් කුල‍සේකර, දිල්හාර ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, චමින්ද වාස්, චානක වෙලගෙදර, නුවන් ප්‍රදීප්, හා තිලාන් තුෂාර යන පිරිස වේග පන්දු යවන්නන් ලෙස කැදවා ඇත.
01 කුමාර් සංගක්කාර 16 ජීවන් මෙන්ඩිස්
02 මහේල ජයවර්ධන 17 මුත්තයියා මුරලිදරන්
03 ටී.එම්.දිල්ෂාන් 18 සුරාජ් රන්දිව්
04 සනත් ජයසූරිය 19 රංගන හේරත්
05 උපුල් තරංග 20 මාලිංග බණ්ඩාර
06 දිනේෂ් චන්දිමාල් 21 අජන්ත මෙන්ඩිස්
07 තරංග පරණවිතාන 22 ලසිත් මාලිංග
08 ලහිරු තිරිමාන්න 23 නුවන් කුල‍සේකර
09 තිලාන් සමරවීර 24 දිල්හාර ප්‍රනාන්දු
10 තිලිණ කණ්ඩම්බි 25 සුරංග ලක්මාල්
11 චාමර සිල්වා 26 ධම්මික ප්‍රසාද්
12 චාමර කපුගෙදර 27 චමින්ද වාස්
13 ඇන්ජලෝ මැතිව්ස් 28 චානක වෙලගෙදර
14 තිසර පෙරේරා 29 නුවන් ප්‍රදීප්
15 ෆර්වීස් මහරුෆ් 30 තිලාන් තුෂාර

Sunday, December 19, 2010

ශ්‍රී ලංකාව තවදුරටත් ඌන සංවර්ධිත රටක් නොවේ- ඔකොන්ජෝ

ශ්‍රී ලංකාව තවදුරටත් ඌන සංවර්ධිත රටක් නොවන බව ලෝක බැංකුවේ කලමනාකරණ අධ්‍යක්ෂිකා නගෝසි ඔකොන්ජෝ ඉවේලා මහත්මිය පැවසුවාය.

ඇය පෙන්වා දුන්නේ, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ලබා ගැනීමට සුදුසුකම් නොලබන බවය.

එහෙත් ඒ වෙනුවට ජාත්‍යන්තර බැංකු හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 265ක සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ණය ලබා දීමට අවධානය යොමුකරන බව ඉවේලා මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය ඒ බව සදහන් කරනු ලැබුවේ, ඊයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේදීය.ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇය පැවසුවේ, මහින්ද චින්තනයේ පෙන්වා දෙන පරිදි රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරි දැක්මක් ඇති එකක් බවය.

අනගි දර්ශනයක් වන එය යථාර්තයක් බවට පත්කර ගැනීම සදහා ලෝක බැංකුවේ සහය හිමි වන බව ලෝක බැංකු කලමනාකරණ අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක්‌ බවට පත්වෙලා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට දෙන ණය ආධාර මුදල දෙගුණ කරයි

ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ආධාර ප්‍රමාණය දෙගුණයක්‌ දක්‌වා වැඩි කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක්‌ බවට පත්වී ඇති බැවින් යෑයි ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ එන්ගෝෂි ඔකොන්ජෝ ඉවේලා මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය ආධාර ප්‍රමාණයක්‌ ලෝක බැංකුව මගින් ලබාදේ.

එම ආධාර මුදල් ලබා දෙන්නේ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය මගිනි. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක්‌ බවට පත්වීමත් සමග ලෝක බැංකුවේ අයි. බී. ආර්. ඩී. ආයතනය ණය ආධාර දීමට කටයුතු කරනු ඇත.



අපේ රටේ ඒක පුද්ගල ආදායම  ඩොලර් 2000 පැනලාලු නේද?
බඩු මිල වැඩිවන එක අහන්න දෙයක්ද ?





  110*200 = 220000



 220000/ 12 = 18333

ඒත් අද රැ 10000 අඩුවෙන් වැටුප් ගන්න අය කොච්චර ඉන්නවද?
හැබැයි රැ 500000 වඩා ගන්න කට්ටියත් ඔන තරම් ඉන්නවා 

අවම වැටුප් (11000) ගන්න අයට රැ550 කුත්  රැ 75000 ගන්න ගන්න අයෙකුට රැ3500 කින්
ජනාධිපති තුමා බොහොම සදාරන ලෙස රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරානේ.


මේකද 
ආසියාවේ ආශ්චර්යය ?



Saturday, December 18, 2010

නියාගම-පිටිගල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරනය අද

නියාගම-පිටිගල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරනය සදහා ඡන්ද විමසීම අද දින පෙරවරැ 8 සිට පස්වරැ 4 දක්වා පැවැත්වීමට නියමිතය.
අධ්‍යක්ෂ මණ්ඩලය සදහා  9 දෙනෙකු  තොරා ගැනිමට නියමිත අතර කණ්ඩායම් දෙකකින් 9 දෙනා බැගින් ඉදිරි පත් කලද නාම යොජනා 3ක් ප්‍රතික්ෂේප වු බැවින් 15 දෙනෙකු අතර තරගයක් බවට පත් වී ඇත.

දිවයින පුරා කේබල් ටීවී මධ්‍යස්‌ථානවලට දැල එළයි

දිවයින පුරා විවිධ ස්‌ථානවල නීති විරෝධී ලෙස පවත්වාගෙන යන කේබල් ටී වී මධ්‍යස්‌ථාන වැටලීමට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්‌ව විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර ඇති බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පවසයි.

දැනට දිවයින තුළ නීති විරෝධී කේබල් ටී වී පවත්වාගෙන යන්නන් විශාල ප්‍රමාණයක්‌ සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි පවසන ඇමැතිවරයා ඒවායේ ප්‍රදර්ශනය කරනු ලබන ඇතැම් දර්ශන ශ්‍රී ලංකාවේ සදාචාරයට හා සංස්‌කෘතියට සහ ශ්‍රී ලාංකීය අනන්‍යතාවට විශාල තර්ජනයක්‌ වී ඇති බව ද අවධාරණය කරයි.

කුඩා කණ්‌ඩායම් ඉලක්‌ක කරගෙන කිසිදු ප්‍රමිතියක්‌ නැති වැඩ සටහන් නැරඹීමට ජනතාවට අවස්‌ථාව සලසා දෙන කේබල් ටී වී ආයතන පවත්වාගෙන යැමට කිසිම නීතිමය අවසරයක්‌ නැත. එසේම වැඩි වශයෙන් මේ විකාශන නැරඹීම සඳහා ළමා පරපුර පෙළඹී තිබීම ඉතා කනගාටුදායක බව ඇමැතිවරයා පවසයි.

ඇමැතිවරයා විසින් මෙම කරුණු හෙළිදරව් කළේ ඊයේ (17 දා) පෙරවරුවේ අමාත්‍යාංශයේ පැවැති

රැස්‌වීමකදීය. මෙම අවස්‌ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. බී. ගනේගල, එම අමාත්‍යාංශයේ උපදේශක ඩී. බී. නිහාල්සිංහ යන මහත්වරු සහභාගි වූහ.

Monday, December 13, 2010

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳ ජාතික මට්‌ටමේ මුළාව




ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳ
ජාතික මට්‌ටමේ මුළාව

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්‌ ද යන්න හුරුපුරුදු ප්‍රශ්නයකි. එය පාසල් ළමයින්ට විවිධ ශ්‍රේණිවල දී උත්තර දෙන්නට වන ප්‍රශ්නයකි. සාමාන්‍ය දැනීම තරගවල දීත් මේ ප්‍රශ්නය නිතර ම අසනු ලැබේ. උත්තරය බොහෝ සරල ය. උත්තරය නිල් මහනෙල් ය.

එහෙත් මේ නම කියන්නට දැන සිටීම පමණක්‌ ප්‍රමාණවත් නැත. මේ පුෂ්පය හඳුනා ගන්නට ද අප සමත් විය යුතු ය. රූපවාහිනි නාළිකාවල දැනුම මිනුම වැඩසටහන්වල විවිධ මල්වල රූප ඉදිරිපත් කොට නිල් මහනෙල් හඳුනා ගන්නා ලෙස දැනුම් දෙයි. මෙය ද ඉතා පහසු ය. අපේ දරුවන් ගේ පෙළ පොත්වල ජාතික පුෂ්පයේ ඡායාරූප ඇත. මුද්දර කාර්යංශය නිකුත් කළ මුද්දරවල ද එය ඇත. රජයේ විවිධ ප්‍රකාශනවල ප්‍රචාරක ව්‍යාපෘතිවල ද මේ රූපය ඇත. ඒ රූපය මතකයේ තබාගෙන නිල් මහනෙල් තෝරා ගැනීම එතරම් ම අපහසු නැත.
එහෙත් ඇත්තෙන් ම මෙතරම් කාලයක්‌ අප නිල් මහනෙල්, නිල් මහනෙල් කියමින් පෙන්වා ඇත්තේ නිල් මහනෙල් නො වේ යෑයි පැවසුවොත්....?.

බැලූ බැල්මට ම එය අමුතු ම කතාවකි. එහෙත් සත්‍යය එයයි. එක්‌ අතකින් එය ලොකු රැවටීමකි. මුළු රටක්‌ ම ජාතික සංකේතයක්‌ සම්බන්ධ ව දිගු කලක්‌ තිස්‌සේ රැවටී සිටීම පොඩි පහේ මුළාවක්‌ ද නො වේ.

අපේ ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කළේ 1986 දී ය. එවකට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ව සිටි කේ. එච්. ඡේ. විජයදාස මහතා ගේ උපදේශකත්වයෙන් බිහි වූ කමිටුවක්‌ මගින් මේ ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලදී. මේ කමිටුවේ සභාපතිත්වය දරන ලද්දේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ විසිනි. උද්භිද විද්‍යාඥයෝ කිහිප දෙනෙක්‌ ද ඒ කමිටුවට ඇතුළත් වූ හ. ලංකාවේ ජාතික පුෂ්පය නම් කරන ලෙස මහජනයා ගෙන් ද ඉල්ලීම් කර තිබූ අතර ඊට විශාල ලෙස ප්‍රතිචාර ලැබී තිබිණි. ජනතාව විශාල උනන්දුවක්‌ දක්‌වමින් පුෂ්ප නම් කර එවූ හ. නෙළුම්, අරලිය වැනි මල්වල නම් ද ඒ අතර බහුල ව විය. එහෙත් ජාතික පුෂ්පය බවට නම් කෙරුණේ නිල් මහනෙල් ය. මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ කැබිනට්‌ පත්‍රිකාවකිනි. එම කැබිනට්‌ පත්‍රිකාව පිළියෙල කළේ ද කේ. එච්. ඡේ. විජයදාස මහතා ය. කෙසේ වෙතත් මේ පත්‍රිකාවෙහි නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ නො වී ය.

මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ නිකුත් කර ඇත. එහි ඇත්තේ ද සැබෑ මල නො ව වැරැදි මලක පිංතූරයකි. පෙළ පොත්වල ඇත්තේ ද වැරැදි මලක රූපයකි. පාසල්වල පමණක්‌ නො ව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවල ද උගැන්වූයේ වැරැදි රුව පෙන්වමින් ය.


අවුරුදු 25කට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති මේ මුළාව පිළිබඳව ජනතා අවධානය යොමු වූයේ මහාචාර්ය දීප්ති යකන්දාවල හා ආචාර්ය කපිල යකන්දාවල යන විද්වතුන් දෙපළ විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව ය. දීප්ති යකන්දාවල පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරියකි. ආචාර්ය කපිල, වයඹ විශ්වවිද්‍යාලයයේ කෘෂි පීඨයේ කථිකාචාර්ය ධූරයක්‌ හොබවයි.

"අවුරුදු තුනක්‌ පමණ තිස්‌සේ කළ පර්යේෂණවලින් අපට පෙනී ගියා ශ්‍රී ලංකාවේ දැනට ජාතික පුෂ්පය ලෙස භාවිත වන්නේ සැබෑ මල නො වන බව. දැනට නිල් මහනෙල් ලෙස දක්‌වන රූපය සැබෑ නිල් මහනෙල් නො වෙයි" එසේ පවසන්නී මහාචාර්ය යකන්දාවල ය.

ශ්‍රී ලංකාවේ නිල් මහනෙල් පිළිබඳ රජයට සම්බන්ධ වාර්තා ලේඛන හා ග්‍රන්ථවල වැරැදි රූපය හඳුන්වා දීම නිසා ඒවා පෙළපොත්වලට පවා ගමන් කොට තිබේ.

මේ පර්යේෂකයන් පවසන පරිදි දැනට නිල් මහනෙල් ලෙස ඉදිරිපත් කර ඇති රූපය දේශීය නො වන පිටරටින් ගෙනෙන ලද මලකි. උත්ප්‍රාසාත්මක වන්නේ අපේ සැබෑ ජාතික පුෂ්පය දේශීය එකක්‌ ව තිබිය දී ඊට අදාළ පිංතූරය විදේශීය මලක්‌ වීම ය.

සිංහලෙන් නිල් මහනෙල් කියා හඳුන්වන මලෙහි උද්භිද විද්‍යාත්මක නාමය Nymphaea nouchali ය. මෙය නිවැරැදිව හැඳින්විය යුත්තේ
Nymphaea nouchali.Burm. f. ලෙස බව මහාචාර්ය දීප්ති යකන්දාවල ගේ මතයයි.

Burm.f. යනු මේ මල පළමුවෙන් නාමකරණය කළ පුද්ගලයා ගේ නමයි. ඔහු ගේ සැබෑ නම නිකලස්‌ ලෝරන්ස්‌ බර්මන් ය. ඔහු 1734 - 1793 කාලය තුළ ඕලන්දයේ විසූ උද්භිද විද්‍යාඥයෙකි. Nymphaea nouchali පුෂ්පය අපේ එකක්‌. එහෙත් මේ රූපයේ තියෙන්නේ අපේ එකක්‌ නො වෙයි. එය බොහෝ විට මුහුම්කරණයක ප්‍රතිඵලයක්‌ විය හැකියි." එසේ පවසන්නේ ආචාර්ය කපිල යකන්දාවල ය. දැනට පෙන්වනු ලබන රූපය Nymphaea capensis, Nymphaea caerulea හෝ Nymphaea micrantha හි මුහුමක්‌ විය හැකි බව ඔහු ගේ මතයයි.

මහාචාර්ය දීප්ති යකන්දාවල පවසන්නේ නිල් මහනෙල් ගැන උනන්දුව තමා තුළ ඇති වූයේ කුඩා අවධියේ දී බවයි. පාසල් ගුරුවරියක වූ ඇගේ මව ඇයට නියම මල හඳුන්වා දී ඇත. දැනට භාවිතයේ තිබෙන මලත් අම්මා පෙන්වූ සැබෑ මලත් අතර වෙනසක්‌ තිබිණි.

"ඇත්තෙන් ම මේ මල් වෙන් කර හඳුනා ගැනීම එතරම් අපහසු නැහැ. සැබෑ මල ළා නිල් පාටයි. වැරැදි මලේ පෙති දම් පාටයි.

වැරැදි මලේ පෙති වැඩි ප්‍රමාණයක්‌ තියෙනවා. එනම් පෙති 25ක්‌ පමණ. ඒත් හරි මලේ පෙති ප්‍රමාණය මීට අඩුයි. වැරැදි මලේ රේණු තද කහ පාටයි. හරි මලේ රේණු ළා කහ පාටයි. වැරැදි මලේ රේණු කෙළවර දම්පාට තිබෙනවා, සැබෑ නිල් මානෙල් මලේ රේණු කෙළවර ළා නිල් පාටයි. රේණු සංඛ්‍යාව වැඩි වැරැදි මලෙයි. සැබෑ මලෙහි රේණු අඩුයි." ඒ මහාචාර්ය දීප්ති යකන්දාවල ඉදිරිපත් කළ සන්සන්දනයයි.

කෙසේ වෙතත් ලංකාවේ බහුලව ම ව්‍යාප්ත ව ඇත්තේ සැබෑ නිල් මහනෙල් මල නො ව ව්‍යාජ නිල් මහනෙල් මලයි. වැව්වල වැඩිපුර දක්‌නට ඇත්තේ ද වැරැදි පුෂ්පයයි. සැබෑ නිල් මහනෙල් වැඩෙන්නේ නො ගැඹුරු ජලයේ ය. පොත්පත්වල පමණක්‌ නො ව ආගමික ස්‌ථාන අසල නිල් මහනෙල් ලෙස නම් කොට අලෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මහනෙල් නො වන බව මේ පර්යේෂකයන් දෙපළ ගේ අදහසයි.

විදුසරට වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කපිල යකන්දාවල කියා සිටියේ "The Flora of Ceylon", (දසනායක හා ක්‌ලේටන් ගේ) ග්‍රන්ථයේ නියම මල ගැන තොරතුරු ඇති නිසා එම තොරතුරු භාවිත කරමින් නිල් මහනෙල් හඳුනාගත හැකි බවයි.

වැරැදි රූපය ඉදිරිපත් වීම නිසා පිටරටට යෑවෙන තොරතුරුවල ද පිටරට වෙබ් අඩවිවල ද මේ තොරතුරු සඳහන් වන්නේ වැරැදියට ය. එනිසා දැන් වත් මෙය නිවැරැදි වීම ජාතික අවශ්‍යතාවක්‌ වන බව ආචාර්ය කපිල යකන්දාවල ගේ අදහසයි.

මේ කරුණු ගැන අවධානය යොමු කොට පර්යේෂණ පවත්වා තොරතුරු හෙළි කිරීම පිළිබඳව ජනතාව ගේ ගෞරවාදරය යකන්දාවල දෙපළට හිමි විය යුතු අතර ම රජයේ බලධාරීන් ගේ වගකීම වන්නේ යම් වරදක්‌ සිදු ව ඇත්නම් එය නිවැරැදි කිරීම ය

Sunday, December 5, 2010

සරසවි පිවිසුම ගැන ඔබ මේ තොරතුරු දැන සිටියා ද (විදුසර)

විදුසර පුවත්පතේ පසු මස 10 වෙනි දින කලාපයෙන් උපුටා ගන්නා ලද බව කරැණාවෙන් සලකන්න
විදුසර ( උත්තර පත්‍ර නැවත සමීක්‌ෂණයට යෑවීමෙන් පසු Z අගයය වෙනස්‌ වුණත් පැරැණි Z අගයයට ම පාඨමාලාවන් සඳහා තෝරා ගැනෙන බවට සමහරුන් අතර බියක්‌ තිබෙනවා. මේක ඇත්තක්‌ ද?

පිළිතුර ( සම්පූර්ණයෙන් ම මිථ්‍යාවක්‌. නැවත සමීක්‌ෂණ ප්‍රතිඵල මුලින් ම නිකුත් කරන්නේ අප වෙතයි. ඒ ප්‍රතිඵල ලැබෙන තුරු අපි අපේ ගණනය කිරීම් අත්හිටුවාගෙන සිටිනවා. අප පාඨමාලාවන් සඳහා සිසුන් තෝරාගනු ලබන්නේ ඒ තොරතුරු ද ඇතුළත් කිරීමෙන් පසුවයි. එබඳු අසාධාරණයක්‌ වෙන්න කිසි ම ඉඩක්‌ නැහැ.

විදුසර ( විශ්වවිද්‍යාල අයදුම්පත සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යවන සහතික පත්‍ර, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නො ලැබුවත් ආපසු එවීමට ප්‍රමාද වන බවට චෝදනාවක්‌ තිබෙනවා.

පිළිතුර ( මේ ප්‍රමාදය සිදු වන්නේ හැකිතාක්‌ සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීමට අප දරන උත්සාහය නිසයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීමට කිසිසේත් ම සමත්කම් නො දක්‌වන අයදුම්කරුවන් ගේ සහතික පත්‍ර ඉක්‌මනින් ම අප ඔවුන් වෙත ආපසු තැපැල් කරනවා. නමුත් පුරප්පාඩු ඇති වීම නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්‌ථාවක්‌ හිමි වීමට ඉඩ තිබෙන සිසුන් ගේ සහතික පත්‍ර අප රඳවාගන්නවා. පසුගිය විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට මුල් වරට සිසුන් ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව අදියර හතරක්‌ යටතේ අපි පුරප්පාඩු පිරවීම සිදු කළා. එහි අවසන් අදියරෙහි කටයුතු අවසන් වෙමින් පවතින්නේ මේ දිනවලයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සිසුන් ගේ සහතික පත්‍ර අපි ඒ ඒ විශ්වවිද්‍යාලවලට යවනවා. ඔවුන්ට සහතික පත්‍ර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත හැකියි. පාඨමාලා සඳහා ලියාපදිංචි නො වන සිසුන් ගේ සහතික පත්‍ර විශ්වවිද්‍යාල මගින් නැවත අප වෙත එවනවා. මේ ක්‍රියාදාමය අවසන් වී සහතික පත්‍ර නැවත තැපැල් කරන්නට පළමුව යම් අයකුට තම සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ ඒ සහතික පත්‍ර ලබාගත හැකියි.

විදුසර ( ගෘහ නිර්මාණ ශිල්පය වැනි සමහර විශ්වවිද්‍යාල පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනෙන්නේ විශ්වවිද්‍යාල මගින් පැවැත්වෙන යෝග්‍යතා පරීක්‍ෂණ හරහායි. අයදුම් පත්‍රයේ දී අයදුම් කළත් යෝග්‍යතා පරීක්‌ෂණය පැවැත්වෙන දිනය නො දැනීම නිසා සමහරුන්ට මෙය මඟහැරී යනවා.

පිළිතුර ( මේ සම්බන්ධව සම්පූර්ණ වගකීම පවතින්නේ අයෑදුම් කළ ශිෂ්‍යයා අතයි. ඒ ඒ විශ්වවිද්‍යාල පූර්වයෙන් නිශ්චය නො කරන ලද තමන්ට අභිමත දිනයක දී එම පරීක්‌ෂණ පවත්වනවා. ඒ පිළිබඳ ඊට පෙර පුවත්පත් දැන්වීමක්‌ මගින් ප්‍රසිද්ධ කරනවා. මේ පිළිබඳ අවදියෙන් සිටීම ශිෂ්‍යයා ගේ වගකීමක්‌. සැබෑ අවශ්‍යතාවක්‌ තිබෙනවා නම් සතියකට වරක්‌ හෝ අදාළ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා අමතා දැන්වීම් පළවන පුවත්පත හෝ දිනය ගැන විමසිලිමත්ව සිටිය හැකියි.

විදුසර ( 2011 වසරේ දී නව හා පැරැණි විෂය නිර්දේශයන් දෙකෙන් ම සිසුන් උසස්‌ පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට භාවිත වන්නේ කුමන ක්‍රියාපටිපාටියක්‌ ද?

පිළිතුර ( ඒ පිළිබඳව අප මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනවා. මූලිකව ම ළමයින් බඳවා ගැනෙන්නේ Z අගය මත ම තමයි. නමුත් ප්‍රශ්න පත්‍ර ආකාර දෙකක දී එකදු ශිෂ්‍ය කණ්‌ඩායමකට හෝ අසාධාරණයක්‌ නො වන පරිදි Z අගය ගණනය කිරීම ගැන තීරණයකට පැමිණිය යුතුයි. මේ සඳහා මූලිකව ක්‍රියාත්මක වන්නේ විභාග දෙපාර්තමේන්තුවයි. විභාග දෙපාර්තමේන්තුවට සහ අප නීතිපතිවරයා ද සමග සාකච්ඡා කොට මේ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළැඹීමෙන් පසු ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙනවා.

විදුසර ( උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් වූ පසු සමහර සිසුන් NDT බඳු විශ්වවිද්‍යාල නො වන රජයේ ආයතනවල පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්‌ථාව ලැබුණු පසු එයින් ඉවත් වී විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වන්නට ඔවුන්ට හැකියාවක්‌ තිබෙනවා ද?

පිළිතුර ( කිසිසේත් ම නැහැ. මේ සියල්ල නිදහස්‌ අධ්‍යාපනය ලබා දෙන රජයේ ආයතන. මේ හරහා සිදු වන්නේ නොමිලේ උසස්‌ අධ්‍යාපනය ලබාගැනීමට තවත් සිසුවකුට පවතින අවස්‌ථාවක්‌ අහිමි කිරීමයි. මීට පෙර මෙසේ සිදු කරන ලද ලියාපදිංචිය අහෝසි කර ගැනීම සඳහා දින තිහක්‌ බඳු සහන කාලයක්‌ ලබා දී තිබුණත් තවදුරටත් එබන්දක්‌ ක්‍රියාත්මක වන්නේ නැහැ. තමන් තෝරාගන්නේ කුමන පාඨමාලාව ද යන්න ගැන සිසුවා සෘජු තීරණයකට පැමිණිය යුතුයි.

සාකච්ඡා කළේ, දමිත නිපුණජිත්
(මහාචාර්ය නලින් ද සිල්වා මහතාට අප ගේ විශේෂ ස්‌තුතිය හිමි වේ)

Tuesday, November 30, 2010

ලබන වසරේ මුල මන්නාරම ද්‍රෝණියේ තෙල් කැණීම් අරඹනවා

ලබන වසරේ මුල් කාර්තුව තුළදී මන්නාරම ද්‍රෝණියේ තෙල් කැණීමේ කටයුතු ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. ඉන්දියානු සමාගමක් විසින් කැණීම් කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අදියර තුනක් යටතේ සිදුකෙරෙන තෙල් කැණීමේ කටයුතුවල පළමු අදියර වසර දෙකත් තුනත් අතර කාලයකදී අවසන් කිරීමට නියමිතය. වසර 8ක් තුළ අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 172ක් වැය වන අතර පළමු අදියර සඳහා ඩොලර් මිලියන 112ක් වැය කිරීමට අපේක්ෂිතය.

Wednesday, November 17, 2010

අන්තර්ජාලයෙන් මුදල් bux-matrix වලිනුත් cash out එකක් ලැබුනා

bux-matrix වලින් ලැබුනු cash out  එකේ AlertPay එකට ලබුනු  payment prof එක මෙන්න
 
මේකත් මුදල් ගෙවන සයිට් එකක් බව දැන් පේනවානේ  හැබයි මම දන්න විදිහට නම් pay pal වලට නම් තවම මුදල් ගෙවන්නේ නැහැ. මෙකෙන් මුදල් ගන්න නම් AlertPay එකේ රෙජිස්ටර් වෙලා AlertPay account. එකක් හදා ගන්න ඔනේ. account එක හදනකොට  account type එක Personal Starter Unverified ලෙස මතක ඇතුවම යොදන්න.

ඹබ  AlertPay එකේ තවම රෙජිස්ටර් වෙලා නැතිනම් මෙතනින් යන්න.

bux-matrix වල ඔබ  තවම රෙජිස්ටර් වෙලා නැතිනම් පහල තියෙන බැනර් එක ක්ලික් කරලා ගිහින්  රෙජිස්ටර් වෙන්න.

  




On bux  වල ඔබ  තවම රෙජිස්ටර් වෙලා නැතිනම් පහල තියෙන බැනර් එක ක්ලික් කරලා ගිහින්  රෙජිස්ටර් වෙන්න.



neo bux වල ඔබ  තවම රෙජිස්ටර් වෙලා නැතිනම් පහල තියෙන බැනර් එක ක්ලික් කරලා ගිහින්  රෙජිස්ටර් වෙන්න.



යාළුවනේ මමත් NET එකෙන් මුදල් හොයන තවම ආධුනියෙක්. මම ගොඩක් තොරතුරැ දැන ගත්තෙත් සින්ඩි වලට ලිපි ලියන යාළුවන්ගෙ  blog වලින් blog ලියා අපිව දැනුවත් කල සියළු යාළුවන්ට මගේ ස්තූතිය.

Monday, November 15, 2010

dialog ඇන ගත්තාද ?

මීට ටික දවසකට පෙර dialog TV එකේ නොමිලේ දුන් zee sports channel  එක නම වෙනස් කර ten action නමින් ලබා දුන්නද  ten cricket channel එක ආරම්භ කිරිමෙන් පසුව මෙතෙක් කල් මුදලට ලබා දුන් ten sports channel එක නොමිලේ ලබා දී   ten cricket channel  එක පෙර ten sports channel එක මෙන් මුදලට ලබාදෙන ලදි.
dialog TV ලගේ කරැමේ කියන්නේ අද ගාල්ලේදී ආරම්භ වුනු කොදෙව් ශ්‍රී ලංකා  පළමු ටෙස්ට් තරගය විකාශනය වුයේ ten cricket channel එකේ නොව   ten sports channel  එකේ විමයි. දැන් ten sports channel එක නොමිලේ දෙන නිසා අහිංසක ජනතාවගෙන් මුදල් අයකර ගැනීමේ අවස්ථාව මග හැරිනි.
dialog අද ඇන ගත්තට හෙට අපිට අනියිද?

Sunday, November 14, 2010

සාර්ථක ගුරුවරයෙක් නම්

සාර්ථක ගුරුවරයෙක්‌ කිසි ම විටක තම වෘත්තිය ගැන කලකිරීමකින් යුක්‌ත ව කටයුතු නො කරයි. වෘත්තිය පිළිබඳව ආශාවක්‌ ඇති කර ගනී. ඒ හේතුවෙන් ම තම හැකියාවන් ද වර්ධනය කරගනී. ඔහුට ලැබී ඇති පාසල, අවට පරිසරය, විදුහල්පති හා ගුරුමණ්‌ඩලය පිළිබඳව සෑහීමකට පත් වේ.

පන්ති කාමරයට ගිය පසු තම පෞද්ගලික ගැටලු හා ප්‍රශ්න අමතක කරයි. සිසුන් අතරට ගොස්‌ ප්‍රියජනකව වැඩ කටයුතු ඉටු කරමින් තෘප්තියෙන් යුක්‌තව කාලය ගත කරයි.

තමා ගේ දරුවන්ට දක්‌වන ආදරය, කරුණාව හා උනන්දුව ඒ හා සමානව ම අනෙකුත් සියලු ම දරුවන්ට දක්‌වයි.

ළමයා යනු ළමයෙකි. ඔහු තමා මෙන් වැඩිහිටියෙක්‌ නො වේ. ඒ නිසා ම ඔහු වනාහි නො දන්නෙකි. නො දන්නකු නිසා ම එක්‌තරා අන්දමකින් අසරණයෙකි. මේ බව වටහා ගන්නා ගුරුවරයා ඔහු දන්නා පුද්ගලයකු කිරීමට වෙහෙසෙයි. ඔහු ගෙන් වන වැරැදිවලට හේතුව මේ නො දන්නාකම බව තේරුම් ගනී.

ගුරුවරයා ගේ හොඳ ම විනිශ්චයකරුවන් වන්නේ ශිෂ්‍යයන් ය. අන් කිසිවකුට වත් ගුරුවරයකු පිළිබඳ නිවැරැදි විනිශ්චයක්‌ දිය නොහැකි ය. ඒ නිසා හොඳ ගුරුවරයා කිසි ම විටක සිසුන් ගෙන් ප්‍රතික්‍ෂේප නො වේ. පන්දුවට පහර දෙන ක්‍රිකට්‌ ක්‍රීඩකයා ගැන ක්‍රීඩාලෝලීන් ගේ අවධානය යොමු වන්නේ ඔහු කඩුල්ලේ රැඳී සිටින තෙක්‌ පමණි. ගුරුවරයා ගේ වටිනාකම ද රඳා පවතින්නේ ඔහු සිසුන් ගෙන් ප්‍රතික්‍ෂ්ප නො වී සිටින තෙක්‌ පමණි.

Wednesday, November 10, 2010

Tiens pyramid ජාවාරමක්ද?

Tiens අයතනය යනු පිරමිඩ ජාවාරම් කරන අයතනයක්ද?  ගිය ඉරිදා ලංකාදීප පත්තරයේ තිබුනු විදිහට නම් එහෙමලු. අපේ යාළුවෝ ගොඩක් එකට join වෙලා ඉන්නේ. ඒගොල්ලො කියන්නේ වැඩක් නැහැ කියලා දැන් කිසිම ආදායමක් නැහැ කියලා. Tiensලා එම ලිපියට නඩු දැමිමට යනවා කියලාත් රාවයක් තියෙනවා.


මේ තියෙන්නේ ඉරිදා ලංකාදීපයේ තිබුන ලිපිය




 මේ පිලිබද ඔබේ අදහස් මොනවාද?

Tuesday, November 9, 2010

ඩෙංගු රෝගයට පැපොල් කොළ යුෂ දීම පිළිබඳව පර්යේෂණ කරනවා

ඩෙංගු රෝගය සඳහා පැපොල් ශාක පත්‍ර යුෂ ඖෂධයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ රෝගීන්ට දීමෙන් ඔවුන් සුව වූ බැව් මාධ්‍ය තුළින් ප්‍රචාරය වීමත් සමග විශ්වවිද්‍යාල මට්‌ටමෙන් මේ පිළිබඳව පර්යේෂණ කිරීමේ අදහසක්‌ තිබේ දැයි පේරාදෙනිය වෛද්‍ය පීඨයෙන් විදුසර කළ විමසීමක දී එහි කායික වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කායික රෝග පිළිබඳ මහාචාර්ය ඒ. එස්‌. එම්. කුලරත්න මහතා මෙසේ පැවසී ය.
"දැනට අන්තර්ජාතිකව සොයාගෙන ඇති අන්දමට පැපොල් කොළවල විෂ අන්තර්ගත බවක්‌ තහවුරු කරගෙන නැහැ. ඒ වගේම ඩෙංගු රෝගය සුව කිරීමට තරම් ඖෂධීය ගුණයක්‌ පිළිබඳව විද්‍යාත්මක දත්ත දක්‌නට ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් පැපොල් කොළ පිළිබඳව විශ්වවිද්‍යාල මට්‌ටමෙන් පර්යේෂණ කිරීමට පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්‌ෂ, රසායන විද්‍යා අධ්‍යයනංශයේ මහාචාර්ය රත්නකුමාර බණ්‌ඩා, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සිරිල් විඡේසුන්දර යන පර්යේෂකයන් ගෙන් යුත් කණ්‌ඩායමක්‌ කටයුතු කරමින් සිටිනවා. මේ පර්යේෂණය සෘජුව ම මිනිසුන් යොදාගෙන සිදු නො කෙරෙන අතර මීයන් යොදාගෙනයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙයින් ලැබෙන නිගමනය අනුවයි මිනිසුන් යොදාගන්නේ."

මෙහි දී ඩෙංගු රෝගය සඳහා පැපොල් ශාක පත්‍ර යුෂ ඖෂධයක්‌ ලෙස රෝගීන්ට ලබා දීම පිළිබඳව මහාචාර්ය වරයා ගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ පර්යේෂණයක්‌ සඳහා රෝහලක්‌ තුළ දී ඖෂධයක්‌ ලබා දීමට පෙර ලංකාවේ ඖෂධ අධිකාරියෙන් නිර්දේශ ලබාගත යුතු වන අතර මේ පර්යේෂණය සඳහා මූලික අදියර දැනට ක්‍රියාත්මක කර ඇතත් මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය ව ඇති බවත් ය.

Sunday, November 7, 2010

ලබන මාර්තු මාසයේ සිට බාහිර ඔසුසල්වලින් ඖෂධ මිල දී ගැනීම සීමා කරනවා

ලබන වසරේ මාර්තු මාසයේ සිට රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණයෙන් සියයට 99ක්‌ ම නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව මිල දී ගැනීමට කටයුතු කරන බවත් බාහිර ඔසුසල්වලින් ඖෂධ මිල දී ගත හැක්‌කේ ඉතා ම හදිසි අවස්‌ථාවක දී පමණක්‌ බවත් පසුගිය දිනක කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක දී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය. මෙදින පැවැති, ප්‍රජනක සෞඛ්‍ය මාධ්‍යවේදීන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා, "වෛද්‍ය සැපයුම් අංශය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව හා රජයේ රෝහල් විසින් බාහිර ඔසුසල් හරහා සිදු කරන හදිසි ඖෂධ මිල දී ගැනීම් ඒ කියන්නේ ප්‍රාදේශීය මිල දී ගැනීම් ලබන මාර්තු මාසයේ සිට සියයට 1 ක්‌ දක්‌වා අඩු වෙනවා. වසර 2008 රාජ්‍ය ඖෂධ සංස්‌ථාවේ වාර්ෂික විගණන වාර්තාවලට අනුව ටෙන්ඩර් පටිපාටිය යටතේ මිල දී ගන්නා ඖෂධ වර්ගවලට වඩා හදිසි ඖෂධ මිල දී ගැනීමට සිදු වී ඇති බැවින් සිදු වන මුදල් නාස්‌තිය අවම කිරීම සඳහා මිල දී ගැනීම් සීමා කිරීමට සිදු වී තිබෙනවා. රාජ්‍ය රෝහල්වලට වෛද්‍ය සැපයුම් අංශය හරහා නොමිලේ ඖෂධ සපයන බව පැවසුවත් බොහෝ රෝගීන්ට බාහිර ඔසුසල්වලින් අධික මිලක්‌ දී ඖෂධ ලබා ගැනීමට සිදු වී තිබෙනවා.
ශල්‍ය කර්මවලට අවශ්‍ය ද්‍රව්‍යත් මිල දී ගැනීමට සිදු වී තිබෙනවා. ඇතැම් නිලධාරීන් පෞද්ගලික අංශය සමග තිබෙන සම්බන්ධකම් අනුව බොහෝ ඖෂධ ගබඩාවල තිබුණත් බාහිර ඔසුසල්වලින් මිල දී ගන්න උත්සාහ කරනවා. මේ නිසා රාජ්‍ය මුදල් හා ඖෂධ අපතේ යැමක්‌ සිදු වනවා. වෛද්‍ය සැපයුම් අංශයටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවටත් පසුගිය කාලේ රාජ්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර ව අධික මුදලක්‌ වැය කරමින් ඖෂධ මිල දී ගැනීම් සිදුකිරීමට මේ නිසා සිදු වී තිබෙනවා" යනුවෙන් පැවසී ය.

Saturday, October 2, 2010

මන්නාරම් ද්‍රොaණියේ තෙල් කැණීම් අදියර තුනකින්

මන්නාරම් ද්‍රොaණියේ තෙල් කැණීම් කටයුතු ශ්‍රී ලංකා රජය හා කෙයාර්න් ලංකා පෞද්ගලික සමාගම අතර අත්සන් කරන ලද ගිවිසුමට අනුව අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට නියමිත බැව් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ සඳහන් අන්දමට පළමු අදියර වසර 3කින් ද, දෙවැනි අදියර වසර 2කින් ද, තුන්වැනි අදියර වසර 3කින් ද ක්‍රියාත්මක කිරීමට නියමිත ය.  අනුව තෙල් කැණීම සඳහා වසර 8ක්‌ ගත වන අතර ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 19460කි. මෙයින් පළමු අදියර සඳහා රුපියල් මිලියන 12671ක්‌ ද, දෙවැනි අදියර සඳහා රුපියල් මිලියන 2828ක්‌ ද, තුන්වැනි අදියර සඳහා රුපියල් මිලියන 3960ක්‌ ද වැය කිරීමට නියමිත ය. මන්නාරම් ද්‍රොaණියේ Sඛ2007.01.001 දරන බිම් කොටසේ තෙල් කැණීම් වසර 2011 මුල දී ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Monday, September 27, 2010

pay pal accounts එකක් හදන්න credit card එකක් අවශ්‍යමද?

credit card එකක් අවශ්‍යමද? debit card එකක් පාවිච්චි කරන්න බැරිද?  නැතිනම් මේ දෙකම නැතිව  pay pal accounts එකක් හදන්න බැරිද?  මට පොඩි උදව්වක් කරන්න. දන්නවනම් කියන්න යාළුවනේ

Saturday, September 18, 2010

අපොස සාමාන්‍ය පෙළ පෙළ පොත් අන්තර් ජාලයෙන්අපොස සාමාන්‍ය පෙළ පෙළ පොත් අන්තර් ජාලයෙන්

පාසල් සිසුන්ට සිය විෂය ධාරාව සඳහා වන පෙළපොත් අන්තර්ජාලය සහ DVD තැටි ඔස්‌සේ හැදෑරීම සඳහා අවකාශ උදා කර දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය කටයුතු කරන බව එම ආයතනය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ සඳහන් අන්දමට මෙහි මුල් පියවර වශයෙන් 11 වසර ගණිතය, විද්‍යාව, ඉතිහාසය හා ඉංග්‍රීසි යන විෂයයන්ට අයත් පෙළපොත් මෙසේ අන්තර්ජාලය සහ DVD තැටි ඔස්‌සේ හැදෑරීමට ඉදිරියේ දී හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. පාසල් ගුරුවරයකු විසින් ශිෂ්‍යයකුට උගන්වන පරිදි මේ මෘදුකාංගය සකස්‌ කර තිබේ. අන්තර්ජාල පහසුකම් නැති ශිෂ්‍යයන් සඳහා නැණසල මධ්‍යස්‌ථාන ඔස්‌සේ මේ පහසුකම් ලබාගැනීමට හැකි වන අතර www.edupub.gov.lk යන වෙබ් අඩවියෙන් විස්‌තර ලබාගත හැකි ය.

Saturday, July 24, 2010

අලුත් තාලයේ බෙහෙත් වට්‌ටෝරුවට එක්‌ වන බෙහෙත් නො වන වෙනත් දේ

ඖෂධ පරිභෝජනය ආහාර පරිභෝනය තරමට ම අද අපේ ජනතාවට සමීප වී ඇති බව පැහැදිලි ය. ඖෂධ පමණක්‌ නො ව ඖෂධ මුහුණුවරින් තවත් දේ ඉවක්‌ බවක්‌ නැතිව රටට ගොඩබැසීමේ අවකාශය සැලසී ඇත්තේ ඒ අනුව ය. එලෙස රටට ද, ෆාමසියට ද, ඇතැම් වෛද්‍යවරුන් ගේ දිගු වට්‌ටෝරුවට ද, අවසානයේ කොයි කාගේත් උදරයට ද ගොඩ වන බෙහෙත් නො වන වෙනත් දේ පිළිබඳව විමසිලිමත් වීම බෙහෙවින් වැඩදායක ය. එවැනි විමසිලිමත් වීමකින් අවම විය හැක්‌කේ නැති ලෙඩ ගොඩ වීමේ ඉඩ ය.

ඖෂධයක්‌ ලෙස සඳහන් වන්නේ රෝග විනිශ්චයකට, ප්‍රතිකාරයකට, රෝගයක්‌ කායික අසාමාන්‍යතාවක්‌ හෝ ඒ හා බැඳෙන රෝග ලක්‌ෂණයක්‌ වළක්‌වන්නට, බැහැර කරන්නට ද, වෙනසකට පත් කායික ක්‍රියාකාරිත්වයක්‌ යථා තත්ත්වයට පමුණුවන්නට, නිවැරැදිව සකස්‌ කරන්නට ද යොදා ගැනීම සඳහා නිපදවන හා අලෙවි වන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍ය මිශ්‍රණයකි.

එලෙස ඖෂධ අරුත් ගැන්වෙන්නේ තිස්‌ වසරකට පෙර අපේ රටේ නීතිගත කළ, 1980 අංක 27 දරන, විලවුන්, උපකරණ හා ඖෂධ පනතේ සඳහන් වගන්තියකිනි. Cosmetics, Devices and Drugs Act No - 27,  1980)

පනතෙහි සඳහන් මේ වගන්තියේ අවසානයට එක්‌ වී ඇති තවත් සටහනකින් පළ වන්නේ ආයුර්වේද හෝ හෝමියෝපති හෝ ඖෂධ, අදාළ අරුත් ගැන්වීමට ඇතුළත් නො වන බව ය.

විලවුන්, උපකරණ සහ ඖෂධ ලියාපදිංචියට ප්‍රමිතිය පවත්වා ගැනීමට හෝ අවශ්‍ය විටෙක ආනයනය, අලෙවිය නැවැත්වීමට හෝ පනතින් හිමි වන බලතල ක්‍රියාත්මක කළ හැක්‌කේ විලවුන්, උපකරණ හා ඖෂධ පිළිබඳ තාක්‌ෂණික උපදේශක කමිටුවට ය. ඉහළ සෞඛ්‍ය බලධාරීන්, ඖෂධවේද මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් අතුළු අදාළ සියලු පාර්ශ්වයන් නියෝජනය වන පසළොස්‌ දෙනකු ගෙන් සමන්විත මේ කමිටුවට කළ හැකි දේ සුළු නැත. පනත ක්‍රියාත්මක වී තිස්‌ වසරක්‌ සපිරෙන අතරතුර දී රටේ ඖෂධ අලෙවියෙන් සිදු ව ඇති බහුවිධ වෙනස්‌කම් මැදහත් පරීක්‌ෂාවකට ලක්‌ කිරීම ද, පනතේ කොතැනක හෝ අඩුලුහුඬුකම්, ඇත්නම් නොපමාව සකස්‌ කිරීම ද කමිටුවෙන් අදට විය යුතු කාර්යයන් අතර ප්‍රධාන ය.

ඖෂධ භාවිතය පිළිබඳව කෙරෙන විමසුමක දී මතකයට පිවිසෙන තවත් මාතෘකාවක්‌ වන්නේ ඖෂධ දාමය ය. (Medicine chain). මේ මාතෘකාවේ අන්තර්ගත වන උප මාතෘකා වන්නේ, ඖෂධ නිෂ්පාදනය, පාලනය හා භාවිතය, ඖෂධ දාමයේ දී සදාචාරයට පටහැනි දේ සිදු විය හැකි බව හා එබඳු ඇතැම් සිදුවීම් වාර්තා වීම් හෝ හෙළිදරව්වීම්වලට පාත්‍ර නො වන බව ද පැහැදිලි ය. ඖෂධ දාමය තුළ සදාචාරයට පටහැනි දේ සිදු වන ලෝකයේ රටවල ඒ සඳහා හේතු වී ඇත්තේ නීති ප්‍රතිපාදන නොමැති වීම, පවතින අතුරු පනත් හරිහැටි ක්‍රියාත්මක නො වීම හෝ කාලයේ වෙනසට අනුව නීතිරීති ගැළපෙන අයුරින් සකස්‌ නොවීම ය.

ව්‍යාජ ඖෂධ (Counterfeit medcines) අද පත් ව ඇත්තේ, ලෝකයේ විවිධ රටවල විවිධ ප්‍රමාණයෙන් පවතින ගැටලුවක්‌ බවට ය. එවැනි ඖෂධ ඉදිරිපත් වන්නේ වංචා සහගත හැඳින්වීම් සහිතව ය. ඇතැම් විට ක්‍රියාකාරී සංඝටක නැති හෙයින් ප්‍රතිකාරය ඵල රහිත වීම ද, තවත් විටෙක වැරැදි සංඝටක ඇති හෙයින් ජීවිතය අවසාන වීම ද මෙවැනි ව්‍යාජ ඖෂධ භාවිතයක ප්‍රථිඵලයක්‌ විය හැකි ය. ව්‍යාජ ඖෂධ ලෙස සැකයට භාජන වීමට හෝ හඳුනා ගැනීමට ඇති අවකාශය මඟහරවමින්, අලෙවිකරණයේ දී දිනෙන් දින වෙනස්‌ වන ක්‍රමවේද අනුගමනය කෙරෙන ආකාරය ද එහි දී පැහැදිලි ය.

පිළිගත් වෛද්‍යවරයකුට සිය බෙහෙත් වට්‌ටෝරුවේ ඇතුළත් කළ හැක්‌කේ, රෝගයට අදාළව තමන්ට සහතික විය හැකි ඖෂධයක්‌ පමණි. එවැනි සහතික වීමකට හැකියාව සපයන්නේ, වෛද්‍ය විද්‍යාවේ දී හදාරන ඖෂධවේදය පිළිබඳ පිළිගත් පතපොත, ලේඛන අතර සටහන් වන නිවැරැදි ඖෂධ සම්බන්ධව ලියෑවුණු වතගොත ය. එවැනි නිවැරැදි හා පිළිගත් ඖෂධයක්‌ රෝගයක්‌ සඳහා නියම කෙරෙන්නේ ද රෝගියා පිළිබඳව වන මනා සැලකිලිමත් වීමකින් අනතුරු ව ය. ඖෂධ ප්‍රතිකාරයේ දී රෝගියා ගේ වයස, බර හා පැවති හා පවතින වෙනස්‌ රෝග පිළිබඳව අවධානය යොමු වන්නේ ඒ අනුව ය.

ඖෂධයක්‌ පිළිගත් ඖෂධයක්‌ වන්නට පසු කළ යුතු අවස්‌ථා කිහිපයකි. වෛද්‍ය විද්‍යාත්මකව, සිදු වන අත්හදා බැලීම් ක්‍රියාත්මක වන්නේ ඖෂධ උපාංග හෝ ප්‍රතිකාර ක්‍රමවේදයන්හි ආරක්‌ෂිතබව හා ඵලදායී බව තහවුරු කර ගැනීමට ය. එවැනි අත්හදා බැලීමක්‌ ඇරඹිය හැකි වන්නේ ද මූලික තොරතුරු එක්‌රැස්‌ කොට ගැනීමෙන් අනතුරුව අදාළ සෞඛ්‍ය හා ආචාර ධර්ම සම්බන්ධ අංශයන් ගේ අනුමැතිය ලැබීමෙන් පසුව පමණි. එතැන් පටන් සිදු වන්නේ ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වන සෞඛ්‍ය සම්පන්න කණ්‌ඩායමක්‌ හා රෝගීන් යොදා ගනිමින් මුල දී කුඩා කණ්‌ඩායම් සඳහා වන සමීක්‌ෂණ ව්‍යාපෘති ද, පසුව විශාල කණ්‌ඩායම් සඳහා වන මහා පරිමාණයේ සමීක්‌ෂණ ව්‍යාපෘති ද ක්‍රියාත්මක වීම ය. අත්හදා බැලීම් සඳහා යොදා ගන්නා කණ්‌ඩායමේ විශාලත්වය ක්‍රමයෙන් වැඩි කරනුයේ ඖෂධයේ සුරක්‌ෂිත බව හා ඵලදායී බව පිළිබඳව දැකිය හැකි යහපත් ආකාරයේ ප්‍රතිඵලයකට අනුරූපව ය. අරම්භයේ දී එක්‌ රටක එක්‌ මධ්‍යස්‌ථානයක සිදු වන අත්හදා බැලීමක්‌, අවසානයේ දී රටවල් කිහිපයක මධ්‍යස්‌ථාන කිහිපයකට ව්‍යාප්ත වන්නේ ඒ අනුව ය.

ඖෂධ අත්හදා බැලීමක පවතින මූලික අදියර ගණනින් පහකි. පළමු අදියර නම් වන්නේ බිංදුවෙනි. (Phase 0)ග එහි දී ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්‌ඩායම 10 සිට 15 දක්‌වා වන කුඩා පිරිසකට සීමා වන අතර ලබා දෙන්නේ ද ඖෂධයේ නියමිත මාත්‍රාවට වඩා අඩු මාත්‍රාවකි. ඖෂධයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මූලික හා ප්‍රථමික දත්ත එක්‌ රැස්‌ කර ගැනීම මේ අවස්‌ථාවේ අරමුණ ය. අදාළ අත්හදා බැලීම පැවැත්වීමට හෝ නැවැත්වීමට හෝ තීරණය වන්නේ එලෙස එක්‌රැස්‌ වන දත්තයන් පිළිබඳව වන නිවැරැදි තක්‌සේරුවකට අනුව ය.

අදියර I (Phase I) ඊළඟ අවස්‌ථාවයි. එහි දී අත්හදා බැලීම් සඳහා බොහෝ විට යොදා ගැනෙන්නේ ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වන 20 සිට 100ක්‌ දක්‌වා වන සෞඛ්‍ය සම්පන්න කණ්‌ඩායමකි. ඖෂධයේ සුරක්‌ෂිත බව, සිරුරට ඔරොත්තු දිය හැකි ස්‌වභාවය, බලපෑම සහ විවිධ ප්‍රමාණයෙන් ලබා දෙන මාත්‍රාවන් ගේ උචිත බව එහි දී සොයා බැලෙන කරුණු අතර ප්‍රධාන ය. විකල්ප ප්‍රතිකාර සොයා ගැනීම අපහසු රෝග තත්ත්වයන් සම්බන්ධයෙන්, අදාළ රෝගී කණ්‌ඩායම් ද ඇතැම් විට මේ අවස්‌ථාව සඳහා යොදා ගැනෙනු ඇත. එච්.අයි.වී. ආසාදනය සහ ඇතැම් බරපතල පිළිකා රෝග තත්ත්වයන් ඒ සඳහා උදාහරණයන් ය.

අදියර II (Phase II) සඳහා 20 සිට 300 දක්‌වා වන සෞඛ්‍ය සම්පන්න හා අදාළ රෝග තත්ත්වයේ පසු වන රෝගීන් වශයෙන් වන කණ්‌ඩායම් යොදා ගැනෙන්නේ අදියර ෂහි දී ඖෂධයේ සුරක්‌ෂිත බව තහවුරු වීමෙන් අනතුරුව ය.

අදියර III (Phase III) ස්‌ථාන වැඩි ගණනක 300 සිට 3000 දක්‌වා වන වැඩි කණ්‌ඩායමක්‌ අතර සිදු වනුයේ ප්‍රමාණාත්මකව ඖෂධයේ පලදායී බව නිර්ණය කිරීමට සහ අදාළ රෝග තත්ත්වය සඳහා දැනට භාවිත වන සුදුසු ම ඖෂධය සමග වන ගුණාත්මක සැසඳීමකට ය.

මෙය අත්හදා බැලීම් අවස්‌ථා අතරින් වැඩි වැයක්‌ හා වැඩි කාලයක්‌ යෙදවෙන අවස්‌ථාවකි. මේ අවස්‌ථාවේ අත්හදා බැලීමට ලක්‌ වන ඖෂධයක්‌ ලොව පිළිගත් ඖෂධ පාලන ආයතනයන්හි මාර්ගෝපදේශනයට හා අනුමැතියට යටත් ව රෝගීන් සඳහා භාවිත කළ හැකි අතර එහි දී පවතින ප්‍රධාන කොන්දේසිය වන්නේ අහිතකර අතුරු ප්‍රතිඵල වාර්තා වීමක දී අදාළ ඖෂධය වෙළෙඳපොළෙන් ඉවත් කළ යුතු බව ය.

අදියර IV (Phase III) ලෙස සැලකෙන්නේ අත්හදා බැලීමේ ක්‍රියාවලියේ අවසාන හෙවත් පස්‌ වැනි අවස්‌ථාව ය. එය හැඳින්වෙන්නේ "පසු අලෙවි ආවේක්‌ෂණ අත්හදා බැලීම" (Post Marketing Surveillance Trial) යනුවෙනි. අලෙවියට අනුමතිය ලැබීමෙන් අනතුරුව ඖෂධයේ සුරක්‌ෂිත බව පිළිබඳව දිගින් දිගට ම සිදු වන විපරමක්‌ ලෙස ක්‍රියාත්මක වන මේ අවස්‌ථාව මගින් කලාතුරකින් හෝ දීර්ඝකාලීනව විය හැකි අතුරු ප්‍රතිඵල සම්බන්ධයෙන් සොයා බැලෙනු ඇත.

ලොව පිළිගත් ඖෂධ ලෙස අදාළ පතපොත, ලේඛනවලට ඇතුළත් වන්නේ මෙවැනි විද්‍යාත්මක විමසුමකට හසු වන ඖෂධයන් ය. වෛද්‍යවරයකුට සිය බෙහෙත් වට්‌ටෝරුවේ මෙවැනි ඖෂධ ඇතුළත් කිරීමට ඇත්තේ සදාචාරාත්මක අයිතියකි. එහෙත් පිළිගත් අත්හදා බැලීම් ක්‍රියාවලියකට ලක්‌ ව ඇති බවට සහතිකයක්‌ නැති ඖෂධ නමින් හැඳින්වෙන වෙනත් දේ බෙහෙත් වට්‌ටෝරුවේ සටහන් වීමක දී අභියෝගයට ලක්‌ වන්නේ ද එලෙස සුරැකිය යුතු ආචාර ධර්මයන් ම ය.

අද ශාකසාර, ස්‌වාභාවික ආදී නාම විශේෂණ ඇති ව ෆාමසියට ද ඇතැම් වෛද්‍යවරුන් ගේ දිගු බෙහෙත් වට්‌ටෝරුවලට ද, අවසානයේ අදාළ සැබෑ තොරතුරු කිසිත් නො දන්නා රෝගීන් ගේ උදරයට ද, රුධිරයට ද ගොඩ වන අලුත් කාලයේ හා තාලයේ ඖෂධයන්හි සැඟවුණු qතිත්ත ඇත්ත හෙළි කර ගැනීම රටට ද ජනතාවට ද බෙහෙවින් ගුණදායක ය. සිරුරේ රුධිර ගමනාගමනය ස්‌වාභාවික අයුරින් පවත්වා ගන්නට ද, අධි රුධිර පීඩනය හොඳ රුධිර පීඩනයකට ගන්නට ද, රුධිර කොලෙස්‌ටරෝල් රිසි සේ මට්‌ටම් කර දමන්නට ද, සිරුරේ සියලු අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වයන් සමතුලිත කොට කායික යහ පැවැත්මට වැඩි ඉඩක්‌ දෙන්නට ද, මැදි වියට පත් වන කාන්තාවන් ගේ ආර්තවහරණයට, පසු ඇති වන වෙනස්‌වීම් රිසි පරිදි සකස්‌ කරගන්නට ද, විකිණෙන දේ මෙලෙස ගොඩ වන බෙහෙත් ලෙස සඳහන් වන වෙනත් දේ අතර ප්‍රධාන ය.

මෙලෙස භාවිතයේ යෙදෙන බෙහෙත් නො වන වෙනත් දේ මගින් ඇති විය හැකි අතුරු ප්‍රතිඵල වෙනුවෙන් වගකියන්නට කිසිවකු හෝ කිසිදු ආයතනයක්‌ හෝ නොමැති බව පැහැදිලි ය. ඖෂධ පරිභෝජනයේ දී ජනතාව අද වඩාත් පරෙස්‌සම් විය යුත්තේ වගකීමෙන් තොර වෙළෙඳ ප්‍රචාරණයෙන් නෙත හිත රටවා නො ගන්නට ය. ඖෂධ මුහුණුවරින් රටට ගොඩබැස, ඇතැම් වෛද්‍යවරුන් ගේ වට්‌ටෝරු මාර්ගයෙන් සිය සිරුරට පිවිසෙන පෙති, කරල්, දියර, විධිමත් පාලනයකට ලක්‌ වන තුරු ජනතාව අනුගමනය කළ යුත්තේ තමන් ගේ ආරක්‌ෂාව තමන් සලසා ගැනීමේ ක්‍රියා පිළිවෙත ය. එහි දී වට්‌ටෝරුවේ ලියා දෙන දේ වෛද්‍යවරයා ගෙන් අසා දැන ගැනීමට හුරුපුරුදු වීම බෙහෙවින් හිතකර ය. ලියා දෙන ඖෂධය රෝගියාට බලපවත්වන ආකාරය පිළිබඳව තොරතුරු සැපයීම වෛද්‍යවරයා ගේ ද වගකීම ය. ඇති ලෙඩ නැති වන්නටත්, නැති ලෙඩ ඇති නො වන්නටත් නිවැරැදි බෙහෙත් තෝරා බේරා ගැනීමේ හැකියාව හැකි පමණින් සපයා ගැනීම අද අත්‍යවශ්‍ය ය.

Saturday, June 26, 2010

සෙල්සියස්‌ අංශක දෙකෙන් උෂ්ණත්වය සීමා කිරීම අසීරුයිද?

ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකකට සීමා කිරීම මේ වන විට පුළුල්ව පිළිගන්නා ඉලක්‌කයකි. දේශගුණ වෙනස්‌ වීම බරපතල විපාක ඇති කළ හැකි වීම වැළැක්‌වීමට නම් උෂ්ණත්වය ඉහළ යැම මේ සීමාවේ තබා ගත යුතු ය. පසුගිය දා අවසන් වූ කෝපන්හේගන් සමුළුවේ දී රටවල් පොරොන්දු වූයේ ද එයයි. එහෙත් මේ දක්‌වා හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ ඉලක්‌ක ප්‍රකාශයට පත් කර ඇති රටවල් 60ක පොරොන්දු අනුව උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ තබා ගැනීම අපහසු විය හැකි බව එක්‌සත්ජාතීන් ගේ පරිසර වැඩසටහන මඟින් නිකුත් කරන ලද හරිතාගාර වායු විමෝචන ආකෘතියක්‌ පසුගිය දා පෙන්වා දුන්නේ ය.

පර්යේෂණ ආයතන නවයක්‌ මගින් සකස්‌ කරන ලද මේ දේශගුණ ආකෘතිය අනුව ලෝකයේ හරිතාගාර වායු සාන්ද්‍රණය 2015-2021 වර්ෂ අතර දී එහි උපරිම අගයට ළඟා විය යුතු ය. මේ තත්ත්වයේ තිබිය දී හරිතාගාර වායු විමෝචන 2020 දී හා 2050 දී සියයට 48 හා 72 අතර ප්‍රමාණයකින් අඩු කළ ද සෙල්සියස්‌ අංශක දෙකේ සීමාව ඉක්‌මවා යැමට 50-50 අවස්‌ථාවක්‌ තිබේ. පවත්නා තත්ත්වය අනුව පෙනෙන්නේ 2020 වර්ෂයේ දී හරිතාගාර වායු ප්‍රමාණය ද අපේක්‌ෂිත සීමාව ඉක්‌මවා යන බව ය.

මේ අනුව සෙල්සියස්‌ අංශක දෙකේ සීමාව තුළ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම නැවැත්වීමට නම් ලෝකයේ සියලු රටවල් වැඩි කාර්යභාරයක්‌ ඉටු කළ යුතු ව තිබේ. අපට තවමත් පෙනෙන්නට නැත්තේ ද මේ ප්‍රවණතාවයි.

Tuesday, June 22, 2010

ශ්‍රී ලාංකාව ඉන්දියාව අතර අද තරගයේ ඉන්දියානු මුල් ඉනිමේ scorecard එක

ශ්‍රී ලාංකාව ඉන්දියාව අතර අද තරගයේ ඉන්දියානු මුල් ඉනිමේ scorecard එක 
India 209 (42.3 ov)
Sri Lanka
Sri Lanka won the toss and elected to field
Innings break









India innings (50 overs maximum) R B 4s 6s SR
View dismissal G Gambhir c Randiv b Mathews 23 31 3 0 74.19
View dismissal KD Karthik c †Sangakkara b Herath 40 43 6 0 93.02
View dismissal V Kohli c †Sangakkara b Maharoof 10 14 1 0 71.42
View dismissal RG Sharma run out (Jayawardene/†Sangakkara) 69 73 7 0 94.52
View dismissal SK Raina lbw b Herath 18 23 0 1 78.26
View dismissal MS Dhoni*† run out (Kapugedera) 41 53 6 0 77.35
View dismissal RA Jadeja lbw b Maharoof 0 1 0 0 0.00
View dismissal P Kumar b Maharoof 0 1 0 0 0.00
View dismissal Z Khan c †Sangakkara b Maharoof 0 1 0 0 0.00
View dismissal AB Dinda b Maharoof 2 12 0 0 16.66

PP Ojha not out 0 3 0 0 0.00

Extras (lb 3, w 3) 6











Total (all out; 42.3 overs) 209 (4.91 runs per over)
Fall of wickets1-58 (Gambhir, 11.2 ov), 2-75 (Kohli, 14.3 ov), 3-77 (Karthik, 15.2 ov), 4-110 (Raina, 22.3 ov), 5-189 (Dhoni, 37.6 ov), 6-189 (Jadeja, 38.1 ov), 7-189 (Kumar, 38.2 ov), 8-189 (Khan, 38.3 ov), 9-195 (Dinda, 40.6 ov), 10-209 (Sharma, 42.3 ov)










Bowling O M R W Econ


UWMBCA Welegedara 7.3 0 42 0 5.60

View wickets MF Maharoof 10 1 42 5 4.20 (1w)
View wicket AD Mathews 6 0 37 1 6.16

View wickets HMRKB Herath 7 0 31 2 4.42


S Randiv 9 1 40 0 4.44 (2w)

SHT Kandamby 3 0 14 0 4.66






Sri Lanka team    
WU Tharanga, TM Dilshan, KC Sangakkara*†, DPMD Jayawardene, CK Kapugedera, AD Mathews, SHT Kandamby, MF Maharoof, S Randiv, HMRKB Herath, UWMBCA Welegedara
Match details
Toss Sri Lanka, who chose to field
Player of the match tba
Umpires BF Bowden (New Zealand) and BNJ Oxenford (Australia)
TV umpire Sharfuddoula (Bangladesh)
Match referee AJ Pycroft (Zimbabwe)
Reserve umpire PG Liyanage
Match notes
  • Power Play 2: Overs 10.1 - 15.0
  • India: 50 runs in 10.3 overs (64 balls), Extras 2
  • 1st Wicket: 50 runs in 64 balls (G Gambhir 22, KD Karthik 28, Ex 2)
  • Drinks: India - 75/2 in 14.3 overs (KD Karthik 40)
  • India: 100 runs in 20.5 overs (126 balls), Extras 2
  • India: 150 runs in 30.6 overs (187 balls), Extras 3
  • Drinks: India - 159/4 in 34.0 overs (RG Sharma 39, MS Dhoni 26)
  • 5th Wicket: 50 runs in 70 balls (RG Sharma 23, MS Dhoni 26, Ex 1)
  • RG Sharma: 50 off 62 balls (4 x 4)
  • Power Play 3: Overs 39.1 - 44.0
  • India: 200 runs in 41.3 overs (252 balls), Extras 6
  • Innings Break: India - 209/10 in 42.3 overs (PP Ojha 0)