Thursday, June 30, 2011

සහල් සහ පළිබෝධනාශකවල ආසනික්‌ තිබේ ද

ලංකාවේ පළිබෝධනාශක ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම, තත්ත්ව පාලනය සහ ආරක්ෂාකාරී භාවිතය පිළිබඳ වගකීම පැවරී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ සිටින පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත ය. 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලන පනත මගින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට වගකියන සේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත එම බලය පවරා ඇත.

මේ දිනවල ලංකාවේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති සහල් සහ පළිබෝධනාශකවල අධික විස සහිත මූලද්‍රව්‍යයක්‌ වන ආසනික්‌ අඩංගු වී තිබීම කැලණිය සහ රජරට විශ්වවිද්‍යාලයන්හි විද්වත් මඬුල්ලක්‌ විසින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයකි. ඉන් කියවෙන්නේ රජරට ප්‍රදේශයේ ජනතාව ගොදුරු වී ඇති, හේතුව සොයා නො ගත් වකුගඩු රෝගයට හේතුකාරක වන්නේ වකුගඩුවල ආසනික්‌ තැන්පත් වීම බවයි. මේ සොයාගැනීමෙන් ධෛර්යවත් වූ විද්වත් පිරිස මිනිසුන් ගේ ශරීරයට ආසනික්‌ අධික ලෙස ඇතුඵ වන්නේ කෙසේ ද යන්න සොයා බැලීමේ දී ඔවුනට පසක්‌ වී ඇත්තේ රජරට ප්‍රදේශයේ වී වගාව සඳහා යොදවන ලද පළිබෝධනාශකවල අධික ලෙස ආසනික්‌ සහ රසදිය යන මූලද්‍රව්‍ය අඩංගු වන අතර එම පළිබෝධනාශක වී වගාවට භාවිත කිරීම නිසා පරිසරයට මුදාහැරෙනු ලබන ආසනික්‌ අධික ලෙස සහල් ඇටයේ තැන්පත් වන බව ය. එසේ ආසනික්‌ තැන්පත් වූ සහල් ආහාරයට ගන්නා ගොවීන් ඇතුළු රජරට ජනතාව වකුගඩු රෝග ව්‍යසයනයට ග්‍රහණය වන බව ඔවුන් පවසා තිබිණි.

රජරට හඳුනා නො ගත් වකුගඩු රෝගයේ හේතුකාරකය ලෙස මෑතක දී ඉදිරිපත් වූ පස්‌ වැනි සංකල්පය මෙය වේ. කෙසේ වුව ද පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ලෙස මා හට පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටු කළ යුතු බැවින් මේ චෝදනාවට භාජන වන පළිබෝධනාශක කවරේ ද, ඒවායේ ආසනික්‌ අඩංගු දැයි බැලීමට එම විද්වත් මණ්‌ඩලය විසින් යොදා ගනු ලැබු ක්‍රමවේදය කුමක්‌ ද, (ආසනික්‌ මැනීම සඳහා ක්‍රම කිහිපයක්‌ ඇත) ඒ සඳහා භාවිතා කරන ලද උපකරණයන්හි නිරවද්‍යභාවය ගැන දිය හැකි සහතිකය කවරේ ද? ආසනික්‌ අඩංගු පළිබෝධනාශකවල නියෑදි ලබාගත් ස්‌ථාන කවරේ ද? සහ එක්‌ එක්‌ පළිබෝධනාශකයේ තිබූ ආසනික්‌ ප්‍රමාණය කොපමණ ද යන කරුණු සඳහන් විද්‍යාත්මක වාර්තාවක්‌ මා වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජෙනරාල්තුමාට පිටපත් සහිතව විද්වත් මණ්‌ඩලයේ සියලු ම සාමාජිකයන් හට ලිතව දන්වා සිටින ලදී. ඔවුන් චෝදනා කරන පරිදි ආසනික්‌ හා රසදිය කෘමිනාශකවල අඩංගු නම් එය ඉතා භයානක තත්ත්වයක්‌ බැවින් හැකි ඉක්‌මනිsන් පිළිතුරු ලබාගැනීම සඳහා මේ ලිත ඉල්ලීම ෆැක්‌ස්‌ මගින් ද ඔවුන් වෙත යොමු කරන ලද අතර, පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජික වෛද්‍ය ජයසුමන මහතා ගේ ජංගම දුරකථනයට අමතා ද මේ විස්‌තර හැකි ඉක්‌මනිsන් ලබා දෙන ලෙස දන්වා සිටින ලදී. එහෙත් මේ දක්‌වා එම ඉල්ලීමට කිසිවකු ප්‍රතිචාරයක්‌ දක්‌වා නොමැති බව කණගාටුවෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදු වී ඇත.

එහෙත් වරින් වර වෛද්‍ය ජයසුමන මහතාට දුරකථනයෙන් අමතා කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස පළිබෝධනාශක 28ක නම් ලැයිස්‌තුවක්‌ පමණක්‌ ඔහු විසින් මා වෙත ලබා දීමට කටයුතු කරන ලදී. මේ නම් ලැයිස්‌තුවේ ඇත්තේ ආසනික්‌ සහිත පළිබෝධනාශක විය හැකි බව උපකල්පනය කර පුවත්පත් ලිපියක ඔහු සඳහන් කර තිබු වකුගඩු රෝගය ඉතා බහුල ප්‍රදේශවලට අප කාර්යාලයේ නිලධාරීන් යවා පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ දක්‌වා ඇති ක්‍රමවේදයට අනුව එක්‌ පළිබෝධනාශකයකින් (එක්‌ ඇසුරුමක්‌ ගෙන) එයින් නියෑදි තුනක්‌ ලබා ගැනිණි. වෙළෙඳසල් පාලකයා ඉදිරියේ දී ගනු ලැබූ නියෑදි මුද්‍රා තබා ඉන් එකක්‌ වෙළෙඳසල් පාලකයාට තබා ගැනීම සඳහා ලිඛිතව භාර දී ඔහු ඉදිරියේ ම මුද්‍රා තැබූ අනෙක්‌ නියෑදි දෙක වැඩිදුර පරීක්‌ෂණය සඳහා පළිබෝධනාශක කාර්යාලය වෙත රැගෙන එන ලදී. මේ අයුරින් මා හට ලබා දුන් ලේඛනයේ සඳහන් පළිබෝධනාශක 28හි ම නියෑදිවලින් එකක්‌ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ සුරක්‌ෂිතව තබා ඇති අතර, අනෙක්‌ නියෑදියේ ආසනික්‌ තිබේ දැයි විශ්ලේෂණය කර බැලීම සඳහා ලංකාවේ මෙන්ම විදේශ රටවලින් පවා තත්ත්ව සහතික ලබා ගෙන ඇති විද්‍යා හා තාක්‌ෂණ කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන පළිබෝධනාශක පනතට අනුකූලව උසාවියක්‌ මගින් පිළිගන්නා කාර්මික තාක්‌ෂණ ආයතනය වෙත ලබා දෙන ලදී.

කාර්මික තාක්‌ෂණ ආයතනයේ ප්‍රතිඵල ලබා දෙන තුරු මේ තත්ත්වය පිළිබඳව අදහස්‌ දැක්‌වීම පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලය විසින් නො කරන ලදී. මේ වන විට අදාළ ලැයිස්‌තුවේ සඳහන් වූ පළිබෝධනාශක 28න් 23ක විශ්ලේෂණ ප්‍රතිඵල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලබා දි ඇති අතර එම ප්‍රතිඵල ජනාධිපතිවරයා වෙත ද ලබා දී ඇත. පහත වගුවේ දැක්‌වෙනුයේ අප වෙත ලබා දි ඇති එම ප්‍රතිඵලයි.

වගුව 1හි දැක්‌වෙනුයේ අප වෙත ලබා දී ඇති එම ප්‍රතිඵලයි.

එම ප්‍රතිඵලවලට අනුව කාබොෆියුරාන් යන කමිනාශකයේ සහ ග්ලයිපොසේට්‌ යන වල්පැළෑටි නාශකයේ ඉතා සුළු ප්‍රමාණයකින් ආසනික්‌ අඩංගු බවට තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල පානීය ජලය ද ඇතුළුව අනෙකුත් පාරිභෝගික භාණ්‌ඩවල ආසනික්‌ මුලද්‍රව්‍ය අඩංගු විය හැකි උපරිම ප්‍රමාණයන් ඒ ඒ රටවල පාරිභෝගික භාණ්‌ඩ තත්ත්ව පාලන අධිකාරිය මගින් දක්‌වා ඇත. වගුව 2 හි දැක්‌වෙනුයේ ශ්‍රී ලංකාවේ ද්‍රව්‍ය කිහිපයක්‌ සඳහා ලබා දී ඇති ආසනික්‌ උපරිම මට්‌ටමයි.


අදාළ ලැයිස්‌තුවේ අඩංගු එකදු පළිබෝධනාශකයක්‌ සඳහා වත් එවන් උපරිම මට්‌ටමක්‌ ලංකාවේ හෝ ජාත්‍යන්තරව පිළිගත හැකි ආයතනයකින් ලබා දී නොමැත. එහෙත් අනෙකුත් පාරිභෝගික භාණ්‌ඩ (සෘජුව ආහාරයට ගන්නා) හා සසඳා බැලීමේ දී මේ කෘමිනාශක වල අඩංගු ආසනික්‌ ප්‍රමාණය ඉතා අඩු මට්‌ටමක පවතින බව ඔබට පසක්‌ වනවා ඇත.

රට තුළ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන මා හට පනතින් ලබා දී ඇති බලතල අනුව දැනට කාර්මික තාක්‌ෂණ ආයතනයෙන් මා හට ලබා දී ඇති විශ්ලේෂණ වාර්තාවේ ආසනික්‌ ඇතැයි දැක්‌වෙන පළිබෝධනාශක දෙකට අදාළ වෙළෙඳනාමය සහිත නිෂ්පාදන 3ක්‌ ලංකාවට ආනයනය කිරිම ගෙන්වා ඇති තොග ලංකාව තුළ බෙදාහැරීම සහ විකිණිම නැවත දන්වන තුරු නවතා දමන ලෙස මා විසින් අදාළ ආයතනවලට නියෝග කරනු ලැබ ඇත.

මෙසේ නියෝග කිරීමට පෙර පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් එම සමාගම් ගබඩා පරීක්‌ෂා කර බලා ඒවායේ පවතින තොග ගණන් ගන්නා ලදි. අදාළ පළිබෝධනාශක වෙළෙඳපොළට නිකුත් නො කරන ලෙස මා මෙන්ම එම ආයතන විසින් ද එම ආයතනවල ශ්‍රී ලංකාවේ සියලු ම නියෝජිතයන් වෙත දන්වා ඇති අතර, දැනටමත් වෙළෙඳපොළ වෙත නිකුත් කර ඇති එම වර්ගයේ පළිබෝධනාශක නො විකුණන මෙන් පළිබෝධනාශක වෙළෙඳුන් වෙත ද දන්වා ඇත. ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක වෙළඳුන් මේ කාර්යාලයේ ලියාපදිංචි වි ඇති අතර, ඔවුන් අධීක්‌ෂණය සඳහා බලය ලත් නිලධාරීන් දිවයිනේ සැම ප්‍රදේශයකට ම කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජෙනරාල්වරයා විසින් පත් කරනු ලැබ ඇති බැවින් එම බලය ලත් නිලධාරින් මගින් වෛළඳාම වැළැක්‌වීමට කටයුතු සලසා ඇත.

පරීක්‌ෂණයට ලක්‌ කර ඇති මේ පළිබෝධනාශකවල අඩංගු වන ආසනික්‌ ප්‍රමාණය මිනිසාට හෝ පරිසරයට හෝ හානිදායක මට්‌ටමක පවතී දැයි මා හට නිගමනය කිරිමට බලයක්‌ නොමැති අතර, එවන් අවස්‌ථාවක දී පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට උපදෙස්‌ දීම සඳහා තාක්‌ෂණික හා උපදේශක කමිටුවක්‌ පළිබෝධනාශක පනතට අනුව පත් කර ඇත.

සාමාජිකයන් 15 දෙනකු ගෙන් යුක්‌ත වූ මේ කමිටුවේ සභාපති කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජෙනරාල් වන අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, තේ, රබර්, පොල් පර්යේෂණ ආයතනයේහි අධ්‍යක්‌ෂවරුන්, රජයේ රසපරීක්‌ෂක ආදි නිල බලයෙන් පත් වන සාමාජිකයන් 10 දෙනකු සහ කෘෂිකර්ම ඇමැතිවරයා විසින් පත් කරනු ලබන ශ්‍රී ලංකාවේ පිළිගත්, කෘමිනාශක පරිහරණය පිළිබඳ හසල දැනුමක්‌ ඇති වෙළෙඳ සබඳතා නොමැති විද්වතුන් පස්‌ දෙනකු ගෙන් චද මේ කමිටුව සමන්විත වේ.

අදාළ සියලු ම කාමිනාශකවල විශ්ලේෂණ වාර්තාව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත ලබා දුන් වහා ම එම වාර්තාව ඉහත සඳහන් කමිටුවට ලබා දී ආසනික්‌ සහිත කෘමිනාශක සඳහා ඉදිරියේ දී ගත යුතු පියවර ගැනීම පිළිsබඳව තාක්‌ෂණ කමිටුවේ උපදේශය අනුව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ලෙසින් මම ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙමි.

ඉහත සඳහන් කරුණු ද සහිතව ආසනික්‌ කලබැගෑනියේ ඇත්ත නැත්ත ජනතාවට ලබා දීම සඳහා මා ද ඇතුළත් මාධ්‍ය සාකච්ඡාවක්‌ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2011 ජුනි මස 13 වැනි දින කෘෂිකර්ම අමාත්‍යංශයේ පවත්වන ලදි. අවාසනාවට මෙන් එම මාධ්‍ය සාකච්ඡාවේ දී හෙළි කළ සත්‍ය කරුණු සියල්ල ම නිවැරැදිව මාධ්‍ය තුළින් ජනතාව අතරට ගෙන ගොස්‌ නොමැති බැව් පෙනී යන අතර තත්ත්වය පිළිබඳව විවිධ කල්පිත තොතරතුරු මාධ්‍ය තුළින් තවදුරටත් ප්‍රචාරය වෙමින් පවතින නිසාත් ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීම මා ගේ රාජකාරියේ කොටසක්‌ වන නිසාත් පහත සඳහන් කරුණු අවබෝධ කර ගන්නා ලෙස පාඨකයන් ගෙන් ඉල්ලා සිටිමි.

2001 ජුනි මස 6 වැනි දින රජයේ ගැසට්‌ පත්‍රයෙන් තහනම් කර ඇත්තේ (අනෙකුත් පළිබෝධනාශක කිහිපයක්‌ ඇතුළුව) ආසනික්‌ හා රසදිය සක්‍රීය ද්‍රව්‍ය ලෙසට තිබෙන පළිබෝධනාශක ලංකාවට ආනයනය කිරිම පමණි. ආසනික්‌ සක්‍රීය ද්‍රව්‍ය නො වී අනෙකුත් අඩංගු ද්‍රව්‍ය සමග ස්‌වල්ප වශයෙන් කලවම් වී ඇති විට එවන් පළිබෝධනාශක ගෙන්වීම නැවැත්වීමට බලයක්‌ එම ගැසට්‌ නිවේදනයෙන් නො ලැබේ.

මේ සිදුවීම් මාලාව පිළිබඳ මාධ්‍ය වාර්තාවලින් ගම්‍ය වනුයේ ආසනික්‌ යනු ලංකාවේ නො තිබුණු වෙනත් රටවලින් ගෙනැවිත් දමනු ලැබූ විෂ රසායනික ද්‍රව්‍යයක්‌ බවයි. එහෙත් ඇත්ත තත්ත්වය එය නො වේ. ආසනික්‌ යනු පොළෝ තලයේ බහුලතාව අතින් 20 වැනි ස්‌ථානය ගන්නා මූලද්‍රව්‍යය වේ. එය පසෙහි, ජලයෙහි, ගස්‌වැල්වල, සතුන් ගේ ශරිරයේ මෙන්ම මනුෂ්‍ය ශරිරයේ ද ස්‌වාභාවිකව ඇති මූලද්‍රව්‍යයක්‌ වන අතර සමහර ප්‍රදේශවල පසෙහි හා ජලයේ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිපුර තිබිය හැකි ය.

ශාකවලට ආසනික්‌ උරාගන්නා ප්‍රමාණය පසේ හෝ ජලයේ හෝ ඇති ආසනික්‌ ප්‍රමාණය මත අඩු වැඩි විය හැකි අතර වී ශාකය ජලයේ වැඩෙන බැවින් අනෙකුත් ධාන්‍ය වර්ග හා සසඳන විට වී ශාකය සාපේක්‌ෂව වැඩි ප්‍රමාණයක්‌ ආසනික්‌ උරා ගන්නා බව වාර්තා වී ඇත. එහෙත් වී ශාකය උරාගන්නා ආසනික්‌ ප්‍රමාණයෙන් සහල් ඇටය තුළ තැන්පත් වනුයේ උරාගන්නා මුළු ආසනික්‌ ප්‍රමාණයෙන් 2-3 % අතර ප්‍රමාණයක්‌ පමණි.

සහල්වල ද ආසනික්‌ සුඵ ප්‍රමාණයක්‌ අඩංගු විය හැකි අතර ලෝකයේ මෙතෙක්‌ කර ඇති පර්යේෂණ අනුව සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි ආසනික්‌ සහිත ප්‍රදේශවල නිෂ්පාදිත සහල්වල ආසනික්‌ 80-200 µg/kg පමණ ප්‍රමාණයක්‌ අඩංගු විය හැකි ය. චීනයේ එසේ ආසනික්‌ වැඩි පස්‌ සහිත ප්‍රදේශ පවතින බැවින් සහල්වල උපරිම තිබිය හැකි ආසනික්‌ ප්‍රමාණය 150 µg/kg ලෙසට සම්මත කරගෙන ඇත. එසේ වුව ද සහල්වල තිබිය හැකි උපරිම ආසනික්‌ ප්‍රමාණය පිළිබඳ අගයක්‌ ලෝක සෞඛ්‍ය සංවිධානය හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් මෙතෙක්‌ ගණනය කර නොමැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වකුගඩු රෝග පවතින ප්‍රදේශ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවලින් ද ලබාගත් නොයෙක්‌ වී ප්‍රභේදයන්හි සහල්වල ආසනික්‌ නොමැති බව බතලගොඩ වී පර්යේෂණ ආයතනය තහවුරු කර ඇත.

සහල්වල මෙන්ම පාන් පිටි ඇතුළු නොයෙකුත් ආහාර ද්‍රව්‍යවල ආසනික්‌ සුළු ප්‍රමාණවලින් තිබිය හැකි බැව් දැනුවත් වි සිටීම වැදගත් බව හඟීSමි. මුහුදෙන් ලැබෙන ආහාරවල සාමාන්‍යයෙන් වැඩිපුර ආසනික්‌ අඩංගු බව සනාථ කර ඇත.

මේ කලබැගෑනියේ දී රේගුව ක්‍රියාත්මක වී ඇති ආකාරයට ක්‌ෂණිකව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලය ක්‍රියාත්මක වි නැත්තේa ඇයි දැයි චෝදනාත්මකව මාධ්‍ය මගින් සාකච්ජා කර ඇත. මේ සඳහා පැවසිය යුත්තේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට ක්‍රියා කළ හැක්‌කේ අංක 33 දරන 1980 පළිබෝධනාශක පනතේ ලබා දී ඇති නීතිමය රාමුව තුළ පමණක්‌ වන අතර එම නීතිමය රාමුව තුළ අප ඉතා වගකීමෙන් කටයුතු කර ඇති බවයි. රේගුවට පිළිsගත හැකි විශ්ලේෂණ වාර්තා පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට පිළිගැනීමේ හැකියාවක්‌ නොමැති බව සඳහන් කරනු වටියි.

ලිපිය අවසන් කිරීමට පෙර බොහෝ දෙනකු ගේ අවධානය යොමු නො වූ පැතිකඩක්‌ පිළිබඳව අදහසක්‌ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එනම් මේ කලබැගෑනියේ ප්‍රතිඵලයක්‌ ලෙස අප රටේ බොහෝ කෘෂි අපනයන නිෂ්පාදකයන් හට අහිතකර බලපෑම් එල්ල විමට හැකි බව ය.



* මයික්‍රෝ ග්රෑම් එකක්‌ යනු ග්රෑම් 0.000001කි.

** පළිබෝධනාශකයේ පොදු නම හෝ වෙළෙඳ නාමය
කාර්මික තාක්‌ෂණ ආයතනය වෙත ලබා දී නොමැති අතර
ඔවුනට දෙනු ලැබුයේ නියෑදි අංකය පමණි

විදුසර ඇසුරින්

Tuesday, June 28, 2011

එංගලන්ත-ශ්‍රී ලංකා පළමු එක්‌දින තරගය අද

ලෝක ක්‍රිකට්‌ අනුශූරයන්(2011) වීමෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගිවන පළමු එක්‌දින ජාත්‍යන්තර තරගය අද (28 දා) එංගලන්තය සමගින් ලන්ඩන් හි පිහිටි ද ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා රාත්‍රි තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

නිත්‍ය නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ නැවත පැමිණීම සහ ඉකුත්දා පැවැති 20-20 තරගය ජය ගැනීමේ යහපත් මානසිකත්වයෙන් ශ්‍රී ලංකා අද සටනට පිවිසෙනු ඇත. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසයේ පවත්වා ඇති සමස්‌ත එක්‌දින තරගවලින් කණ්‌ඩායම් දෙකම සම දක්‍ෂතා පෙන්වා තිබේ. දෙරට අතර මෙතෙක්‌ පවත්වා ඇති එක්‌දින තරග 45 කදී එංගලන්තය තරග 23කද ශ්‍රී ලංකාව තරග 22කද ජයග්‍රහණ වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රවේගකාරී පිතිකරුවකු වන සනත් ජයසූරියගේ සමුගැනීමේ තරගය ලෙසද මෙය ඉතිහාසයට එක්‌වේ. ජයසූරිය එංගලන්තයට එරෙහිව මෙතෙක්‌ සහභාගි වී ඇති එක්‌දින තරග 34 කදී ලකුණු 1193 ක්‌ ලබා ඇති අතර ඔහු එංගලන්තයට එරෙහිව ශතක 4 ක්‌ සහ අර්ධ ශතක 3 ක්‌ ලබා ඇත. අද තරගය පැවැත්වෙන ඕවල් ක්‍රීඩාංගණයේදී එක්‌දින තරග ශතකයක්‌ ලැබූ එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේද ජයසූරියය.

අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්තයේ සංචාරය කළ 2006 වසරේ එක්‌දින තරගාවලිය 5-0 ක්‌ ලෙස ජය ගැනීමට මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව සමත් වුවද දෙරට අවසන් වරට මුණ ගැසුන එක්‌දින තරගාවලියේ (ශ්‍රී ලංකවේදී) ජය 3-2 ක්‌ ලෙස එංගලන්තය ලබා තිබේ.

අද තරගය පැවැත්වෙන ද ඕවල් ක්‍රීඩාංගණයේ තණතීරුව පිතිකරුන් යෝග්‍ය බවට වාර්තා වන අතර එහිදී පන්දු යවන්නන්ගේ දක්‍ෂතා දෙපිලේ ජයග්‍රහණයට විශාල ශක්‌තියක්‌ වනු ඇත. ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කෙරෙහි එංගලන්ත පිතිකරුවන් දැඩි අවධානයකින් පසුවන බව වාර්තා වෙයි.

අද තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස සනත් ජයසූරිය සමග දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාක්‌ පවතින අතර තරගය සඳහා සහභාගි වන අවසන් කණ්‌ඩායම ඊයේ රාත්‍රියේදී තීරණය කිරීමට නියමිතව තිබිණි. ජීවන් මෙන්ඩිස්‌ටද අද තරගයට සහභාගි වීමේ වැඩි අවස්‌ථාක්‌ පවතී.

ශ්‍රී ලංකා හිටපු නායක මහේ ජයවර්ධන අද තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 46 ක්‌ ලබාගතහොත් ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු දහස සම්පූර්ණ කළ පිතිකරුවා බවට පත්වේ. මහේල එංගලන්තයට එරෙහිව සහභාගි වී ඇති එක්‌දින තරග 29 කදී ලකුණු 954 ක්‌ ලබා තිබේ. එංගලන්තයට එරෙහිව ලකුණු දහස සම්පූ+ණ කළ එකම පිතිකරුවා වන්නේ මේ වන විට ජයසූරිය පමණි.

එංගලන්ත කණ්‌ඩායමද ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ සිට ඉතාමත් හොඳින් තරග වදින අතර එහිදී එංගලන්ත පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද විශිෂ්ඨ දක්‍ෂතා දැක්‌වීම හේතුවෙන් අද තියුණු තරගයක්‌ අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන්(නායක), තිළිණ කණ්‌ඩම්බි, සනත් ජයසූරිය, දිනේෂ් චන්දිමාල්, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, අජන්ත මෙන්ඩිස්‌, ජීවන් මෙන්ඩිස්‌, සුරංග ලක්‌මාල්, සුරාඡ් රන්දීව්, දිමුත් කරුණාරත්න, නුවන් කුලසේකර.

එංගලන්ත කණ්‌ඩායම - ඇලෙස්‌ටෙයාර්Êකුක්‌(නායක), ඡේම්ස්‌ ඇන්ඩර්සන්, ඉයන් බෙල්, රවී බොපාරා, ඡේඩ් ඩර්න්බැච්, ස්‌ටුවර්ට්‌ බ්‍රොaඩ්, ස්‌ටීවන් µsන්, ක්‍රෙග් කීස්‌වෙටර්, ඉයන් මෝගන්, සමිත් පටෙල්, කෙවින් පීටර්සන්, ග්‍රේම් ස්‌වෝන්, ජොනතන් ට්‍රොට්‌, ක්‍රිස්‌ වෝක්‌ස්‌.


මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌  විසුරුවා හැරීම ජුලි 1දා?

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරය අවසානයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතුරු කමිටුව විසුරුවා හරිනු ලබනු ඇතැයි අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ විසුරුවා හැරීමේ දිනය ලබන ජුලි පළමුවැනිදා බව එම ආරංචි මාර්ගයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරයෙන් අනතුරුව කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ස්‌ටුවර්ට්‌ ලෝ බංග්ලාදේශයේ නව පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

Monday, June 27, 2011

ජාලයෙන් පිට ලබා ගන්නා ඇමතුම් සඳහා ගාස්තුව රු 1.50 දක්වා පහලට

සියලුම දුරකථන සබඳතාවලදී අදාළ ජාලයෙන් පිට ලබා ගන්නා ඇමතුම් සඳහා(outgoing)ගාස්තු මිනිත්තුවකට රුපියල් 1.50 ක් දක්වා අඩු කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මෙතෙක් අදාළ ජාලයෙන් පිටතට ලබා ගන්නා ඇමතුම් සඳහා වූ අවම ගාස්තුව වූ රු.2.00 වෙනුවට ජූලි මස 1 වන දින සිට අය කරනු ඇත්තේ රුපියල් 1.50 ක් පමණක් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියි.

රජය විසින් මෙවර අයවැයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් මෙම ක්‍රියා මාර්ගය ගත් බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Thursday, June 23, 2011

20-20 ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවීම කණ්‌ඩම්බිට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එංගලන්ත සංචාර නායකත්වය සඳහා නම් කරන ලද ටී. එම්. ඩිල්ෂාන් ආබාධයකට ලක්‌වීම මත එංගලන්තය සමගින් බ්‍රිස්‌ටල්හි පැවැත්වීමට නියමිත පළමු සහ එකම පන්දුවාර 20-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම මැද පෙළ පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට එක්‌ව සිටින තිළිණ කණ්‌ඩම්බිට පවරා ඇත.

ලෝඩ්ස්‌හි පැවැති දෙවැනි ටෙස්‌ට්‌ තරගය අතරතුරදී ක්‍රිස්‌ ටි්‍රම්ලට්‌ගේ පන්දුවක්‌ දකුණු අතේ මහපටගිල්ලේ වැදීම මත ඩිල්ෂාන් ආබාධයකට ලක්‌විය. ඒ අනුව ඔහුට පසුගිය 21 වැනිදා රෝස්‌බෝල්හි නිමාවුණු තෙවැනි ටෙස්‌ට්‌ තරගයටද සහභාගිවීමේ අවස්‌ථාව අහිමිවිය.

ඩිල්ෂාන් ආබාධයකට ලක්‌ වුවද අදාළ ලෝඩ්ස්‌හි තරගයේදී ලකුණු 193 ක්‌ වාර්තා කරමින් ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවකු රැස්‌ කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කීමට ඔහු සමත්විය. අදාළ වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ මීට වසර 27 කට ඉහතදී සිදත් වෙත්තමුණි විසින් වාර්තා කරන ලද ලකුණු 191 ඉනිම විය.

පන්දුවාර 20-20 තරගවලදී මෙන්ම එක්‌දින තරගවලදීද කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයකු නොවන කණ්‌ඩම්බිව එංගලන්තය සමගින් පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 සහ එක්‌දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්‌ඩායමෙහි උප නායකයා ලෙස නම් කිරීම මත මෙම තරගය මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරී තිබේ.

හිටපු නායකයන් දෙපළක්‌ වන කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධනද අදාළ තරග අංශ දෙකේදීම කණ්‌ඩායමේ සාමාජිකයන් වශයෙන් පසු වුවත් ඔවුන් දෙදෙනාටම කණ්‌ඩම්බිගේ නායකත්වය යටතේ තරග වැදීමට සිදුවීම මෙහි විශේෂත්වයකි.

ලෝක ශූරතාවේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සාමජිකයකු වීමටද අපොහොසත් වූ කණ්‌ඩම්බි අවසන් වරට එක්‌දින තරගයට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය 2010 වසෙර් ජුනි මසදී දඹුල්ලේදී වේ.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර ක්‍රියාත්මක වූ අන්තර් පළාත් එක්‌දින තරගාවලියේදීද කණ්‌ඩම්බි එතරම් දක්‍ෂතා දැක්‌වීමට අපොහොසත් වූ අතර එහිදී සහභාගිවූ තරග 5 දීම රැස්‌ කරන ලද්දේ ලකුණු 76 ක්‌ වීම විශේෂත්වයක්‌ වේ. එමෙන්ම අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදීද කණ්‌ඩම්බිගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 30 කට අඩු අගයක්‌ ගනු ඇත.

අන්තර් සමාජ පළමු පෙළ තුන්දින තරගාවලියේදී ශතකය 2 ක්‌ වාර්තා කරගනිමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 50 කට වඩා අගයක්‌ රඳවා තබා ගැනීමට කණ්‌ඩම්බි(එස්‌.එස්‌.සී.) සමත්වී සිටියි.


එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරග සඳහා දිල්හාර ප්‍රනාන්දු වෙනුවට ධම්මික ප්‍රසාද් නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඒ සඳහා ක්‍රිඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමි වු බවයි.

දැනට ආබාධිත තත්ත්වයේ පසුවන දිල්හාර ප්‍රනාන්දු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

Friday, June 17, 2011

උසස්‌ පෙළ ඇගැයීම් මෙවර අවුලක්‌ වෙයි?

ඇගැයීම් වර්ජනය කරන බව ගුරු සේවා සංගමය දන්වයි                           
සරසවි ආචාර්යවරුත් ඇගැයීම්වලින් ඉවත්වෙති



ධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම් වර්ජනය කරන බව ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතාට ඊයේ (16 වැනිදා) ලිඛිතව දැනුම් දුන්නේය.

මෙම සංගමය මේ බව දැනුම් දී ඇත්තේ උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතුවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන ඇති තීරණයට සහාය පළ කිරීමට හා 2007 හා 2008 වසරවල ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කිරීමටය.

උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතුවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද මේ වන විට විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාට ලිතව දන්වා තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇගැයීම් කටයුතු සඳහා සහභාගි වනු ඇතැයි විශ්වාස කරන බව මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් අනුර එදිරිසිංහ මහතා සඳහන් කළේය.

Thursday, June 16, 2011

ශ්‍රී ලංකා - එංගලන්ත තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අද සිට තරගාවලිය සමකිරීමට ශ්‍රී ලංකාව ජය සොයයි ලහිරුට ටෙසට්‌ වරම්

ටෙස්‌ට්‌ තරගාවලිය සමකර ගැනීමට අත්‍යවශ්‍ය ජයග්‍රහණයක්‌ අපේක්‍ෂාවෙන් පසුවන ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (16 දා) එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට සවුත්හැම්ටන්හි පිහිටි රෝස්‌ බෝල් ක්‍රීඩාංගණයේදී සහභාගි වේ.

දෙරට අතර කාර්ඩිෆ් හි පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ඉනිමක සහ ලකුණු 14 ක නොසිතූ පරාජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව ලෝඩ්ස්‌ හි පැවැති ටෙස්‌ට්‌ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් දැනට තරගාවලිය 1-0 ක්‌ ලෙස පසුපසින් සිටී. එහෙත් අද තරගය ජය ගෙන ටෙස්‌ට්‌ තරගාවලිය 1-1 ක්‌ ලෙස සමකර ගැනීමේ දැඩි අභියෝගය ශ්‍රී ලංකාව සතුව ඇත.

ශ්‍රී ලංකා නිත්‍ය නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දකුණු අතේ මාපටගිල්ලේ ඇතිවී ඇති ආබාධය හේතුවෙන් ඔහු අද තරගයට සහභාගි නොවන අතර ඒ වෙනුවට හිටපු නායක කුමාර සංගක්‌කාර ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවනු ලබයි. ඩිල්ෂාන් වෙනුවට අද තරගයේදී 21 හැවිරිදි ලහිරු තිරිමාන්න තරංග පරණවිතාන සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතය. තිරිමාන්න අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ වරම් ලබන 116 වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්‌වෙයි. තිරිමාන්න එසෙක්‌ස්‌ කණ්‌ඩායම සමග පැවැති තෙදින පුහුණු තරගයේදී නොදැවී ලකුණු 104 ක්‌ ලබා ගැනීමත් සමග අද සිය පළමු ටෙස්‌ට්‌ තරගයට පූර්ණ සූදානමකින් යුතුව සහභාගි වීමේ අවස්‌ථාව ලැබී තිබේ. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පුහුණුකරු වන ස්‌ටුවර්ට්‌ ලෝ පවසා ඇත්තේ 'ලහිරු තිරිමාන්න ඉතාමත් හොඳින් පුහුණු තරගයේදී පන්දුවට පහර දුන්නා. ඔහු ගැන අපිට මේ තරගයේදී පූර්ණ විශ්වාසය තැබිය හැකියි' යනුවෙනි.

තරගාවලිය පුරාවටම ලකුණු අතර සිටි තිලකරත්න ඩිල්ෂාන් අද තරගයට සහභාගි නොවුනද තම කණ්‌ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේ හැකියාව සංගක්‌කාර සතුව ඇති බව මහේල පවසයි. 'වෛද්‍ය උපදෙස්‌ අනුව ඩිල්ෂාන්ට මේ තරගයට සෙල්ලම් කරන්න බැරිවීම පාඩුවක්‌. නමුත් සංගක්‌කාර නායකයකු විදිහට අවශ්‍ය දේ අවස්‌ථානුකූලව කණ්‌ඩායමට ලබාදෙනවා. අපේ සියලු දෙනා බලාපොරොත්තු වෙනවා මේ තරගය ජය ගෙන තරගාවලිය සමකර ගැනීමට.' යනුවෙන් මහේල අන්තර්ජාලයට පවසා තිබේ.

රෝස්‌ බෝල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරගයද මෙය වන අතර මීට පෙර එහිදී එක්‌දින ජාත්‍යන්තර තරග 12 ක්‌ පවත්වා තිබේ. ශ්‍රී ලංකාව 2004 දී එක්‌ තරගයකට රෝස්‌ බෝල්හිදී සහභාගි වී ඇත. මෙහි තණතීරුව පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද සහයක්‌ දෙන විවිධත්වයක්‌ ඇති තණතීරුවක්‌ බව එංගලන්ත තේරීම් කමිටු ප්‍රධානියා පවසයි.

ශ්‍රී ලංකා ප්‍රධාන පිතිකරු යුගල වන මහේල සහ සංගක්‌කාර මෙතෙක්‌ ලකුණු අතරට නොපැමිණී සිටියද අද තරගයේදී ඔවුන්ට වැඩි වගකීමක්‌ සහිතව ලකුණු අතරට පිවිසීමේ වගකීම පැවරෙයි. සංගක්‌කාර එසෙක්‌ස්‌ පුහුණු තරගයේදී ලකුණු 153 ක්‌ ලබා ගැනීම මත ඔහුට මෙම තරගයේදී ලකුණු අතරට පිවිසීමේ අවස්‌ථාවක්‌ පවතී. ශ්‍රී ලංකා පන්දු යවන්න් අතරින් වේග පන්දු යවන්නන් සිය යුතුකම් තරගාවලිය පුරාවටම මෙතෙක්‌ ඉටු නොකිරීම ශ්‍රී ලංකාවට මහත් අවදානමක්‌ ගෙන දෙන කරුණක්‌ වී තිබේ. ඒ හේතුවෙන් පුහුණු තරගයේදී පන්දුවෙන් දස්‌කම් දැක්‌වූ සුරාඡ් රන්දිව් අද ෆර්වීස්‌ මහරුෆ් වෙනුවට ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

එංගලන්තය සතු ප්‍රධාන වේග පන්දු යවන්නා වන ඡේම්ස්‌ ඇන්ඩ්‍රසන් අද තරගයට සහභාගි වීම එංගලන්ත පන්දු යෑවීමේ බලඇණිය තවත් ශක්‌තිමත් කරන්නක්‌ වී තිබේ.

අද තරගයට සහභාගි වීමට අපේක්‍ෂා කළ හැකි ශ්‍රී ලංකා කණ්‌ඩායම

කුමාර සංගක්‌කාර (නායක), තරංග පරණවිතාන, ලහිරු තිරිමාන්න, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ප්‍රසන්න ජයවර්ධන, සුරාඡ් රන්දිව්, රංගන හේරත්, දිල්හාර ප්‍රනාන්දු, සුරංග ලක්‌මාල්, චානක වෙලගෙදර

අද තරගයට සහභාගි වීමට අපේක්‍ෂා කළ හැකි එංගලන්ත කණ්‌ඩායම

ඇන්ඩෘ ස්‌ට්‍රවුස්‌, ඇලිස්‌ටයාර් කුක්‌, ඡේම්ස්‌ ඇන්ඩ්‍රසන්, ඉයන් බෙල්, ස්‌ටුවර්ට්‌ බෝඩ්, ස්‌
ටීවන් ෆින්, ඉයෝන් මෝර්ගන්, කෙවින් පීටර්සන්, මැට්‌ ප්‍රිඕර්, ක්‍රිස්‌ ට්‍රෙම්ලට්‌, ජොනතන් ට්‍රොට්‌

Saturday, June 11, 2011

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමයේ අලුත් වෙනස්‌කම්

බදු පරිපාලන අධිකාරියක ප්‍රධාන අරමුණ වනුයේ පවත්නා නීති රාමුව තුළ බදු එකතු කිරීම සහ බදු ක්‍රමය කෙරෙහි රටේ මහජනතාවගේ මෙන්ම බදු ගෙවන ජනතාවගේ විශ්වාසය ගොඩනැගෙන ආකර්ෂණීයත්වයකින් බදු ක්‍රමය පරිපාලනය කිරීමය. බදු ගෙවන මෙන්ම බද්දට යටත් ආදායම් ඇති යම් යම් අයගේ බදු පිළිබඳ ඇති දැනුම සහ අවබෝධය අඩුකම මෙන්ම යම් යම් අයගේ හිතාමතා බදු පැහැර හැරීම් නිසාත්, බදු පරිපාලනයේ ඇති යම් යම් දුර්වලතා නිසාත් රජයට අපේක්‍ෂිත බදු ආදායම් නොලැබීම පසුගිය දශකය තුළ කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ විය.

ලොව වෙනත් රටවල බදු ප්‍රතිසංශෝධනය තුළින් එම රටවල බදු පරිපාලනයන් කාර්යක්‍ෂම කරන ලද අතර, ඒ අනුව බදු ක්‍රමයකින් අපේක්‍ෂිත අරමුණු ඉටුකර ගැනීමට එම රටවල් සමත් වී ඇත. සිංගප්පූරුව, මලයාසියාව, තායිලන්තය වැනි ආසියාතික රටවල් මෙන්ම බටහිර සියලු රටවල් පාහේ සිය බදු පරිපාලනයන් නියමිත ප්‍රතිසංස්‌කරණ තුළින් කාර්යක්‍ෂමතාවට පත් කරගෙන සිටී.

1960 කාලයෙන් පසු ලොව බොහෝ රටවල් සිය බදු ක්‍රමයන් සරල කිරීම, බදු ප්‍රතිසංස්‌කරණවල මූලික තැනක්‌ ගත් අතර ඒ අනුව බදු පරිපාලනයන් කාර්යක්‍ෂම වූ අතර, බදු ගෙවන්නන් බදු ක්‍රමයන් කෙරෙහි අනුකූලතා පළකිරීම් වැඩිවීමේ ප්‍රවණතාවක්‌ ඇතිකිරීමට හේතු විය.

කැනඩා රාජකීය බදු කොමිසම (1966), මස්‌ග්‍රේව් කොමිසම කොලොම්බියාව (1969) මස්‌ග්‍රේව් බදු ප්‍රතිසංස්‌කරණ අධ්‍යයනය - බොලිවියාව (1976), මීඩේ වාර්තාව එක්‌සත් රාජධානිය, බදු ප්‍රතිසංස්‌කරණ සම්බන්ධයෙන් ප්‍රධාන යෝජනා ඇතුළත් වාර්තාවන්ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, බදු සම්බන්ධ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ බදු කොමිසමේ යෝජනාද මේ වන විට ඉදිරිපත් වී ඇත. 2011 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අය-වැය යෝජනාවලින්ද, බදු ප්‍රතිසංස්‌කරණ සම්බන්ධ යෝජනා ඉදිරිපත් වී ඇති අතර, එම යෝජනා 2011 මාර්තු මස 31 දින සිට බලපැවැත්වෙන පරිදි, අදාළ බදු පනත් සඳහා සංශෝධන පනත් අටක්‌ මේ අනුව සංශෝධනය විය.

බදු පිළිබඳ විශේෂඥ මතය අනුව, ආදායම් ලබාගැනීම සහ බදු අනුකූලතාව ලබාගැනීම ප්‍රධාන ගුණාංගයක්‌ වන විට, බදු ක්‍රමයන් ඉතා සරල කිරීම ඉතා අපහසු කරුණකි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය සරල කිරීමේ අරමුණින් පහත බදු සංශෝධන ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාවේ බදු පිළිබඳ සංශෝධන විස්‌තර කිරීමට ප්‍රථම ලොවට බදු ක්‍රමයන් හඳුන්වා දුන් සහ ශ්‍රී ලංකාවේ බදු පනත්වල මූලාරම්භය ඇති කළ එක්‌සත් රාජධානියේ පුද්ගල සහ සමාගම් බදු පිළිබඳ අවබෝධයන් ලබාගැනීම යෝග්‍යය. එක්‌සත් රාජධානියේ අවම ආදායම් බදු ප්‍රතිශතය 10% ක්‌ වන අතර එය උපරිම 50% දක්‌වා වේ.



පොලී ආදායම මත පවුම් 2,440 දක්‌වා 10% ක බදු අනුපාතය අදාළ වන අතර ලාභාංශ ආදායම 37,400 දක්‌වා 10% අනුපාතය අදාළ වේ. ලාභාංශ ආදායම පවුම් 37,400 පවුම් 150,000 අදාළ අනුපාතය 20% කි. ලාභාංශ ආදායම පවුම් 150,000 ට වඩා වැඩි වන විට අදාළ අනුපාතය 42.5% කි.

තක්‌සේරු වර්ෂ 2010./2011 දක්‌වා අදාළ සමාගම් බදු අනුපාතය 28% ක්‌ වන අතර, ලාභය පවුම් 300,000 කට අඩු සමාගම්වලට අදාළ සහන බදු අනුපාතය 21%. ප්‍රාග්ධන ලාභ බද්දට යටත් අතර පුද්ගලයන් මත 18% ක්‌ වන අතර, සමාගම් සඳහා අදාළ සමාගම් බදු අනුපාත යටත් අතර, සමහර ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස්‌කර ඇත.

තක්‌සේරු වර්ෂ 2011/2012 සඳහා පවුම් 1-2,550 ඉතිරි කිරීම් මත ආදායම් (පොලී) බද්ද 10% ක්‌ වන අතර ආදායම පවුම් 35,000 දක්‌වා මූලික බදු ප්‍රතිශතය 20% කි. ආදායම පවුම් 35,000 ඉක්‌මවන විට බදු ප්‍රතිශතය 40% ඉහළ අනුපාතයක්‌ වන අතර, ආදායම පවුම් 150,000 ට වැඩි වන විට අතිරේක බදු ප්‍රතිශතය 50% කි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බදු සංශෝධන පනත්

ආදායම් බදු සම්බන්ධයෙන් 2011.04.01 දින ක්‍රියාත්මක වන ආකාරයට දේශීය ආදායම් පනතට සංශෝධන 2011 අංක 22 දරන දේශීය ආදායම් පනත සම්මත වී ඇත. මේ ආකාරයට 2011 අංක 09 දරන එකතු කළ අගය මත සංශෝධන පනත 2011 අංක 10 දරන ජාතිය ගොඩනැඟීමේ සංශෝධන පනත 2011 අංක 11 දරන ආර්ථික සේවා ගාස්‌තු සංශෝධන පනත (ESC)ල 2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් පනත මේ අතර ප්‍රධාන තැනක්‌ ගනු ලබන අතර, මුදල් පනත, සුරාබදු පනත්වලට සංශෝධන එකතු වූ අතර, විදුලි සංදේශ ගාස්‌තු පනත සංශෝධන සමග නව බදු නීති හඳුන්වා දී ඇත.

ආදායම් බදු

පුද්ගල ආදායම් බදු සම්බන්ධයෙන් 2011.03.31 දක්‌වා දිනෙන් අවසන් වර්ෂ සඳහා වාර්ෂිකව රු. 300,000 ඉහළ ආදායමක්‌ ලැබූ අය පමණක්‌ බද්දට යටත් වූ අතර එම සීමාව රු. 500,000 දක්‌වා වැඩිවීම තුළින් අඩු ආදායම්ලාභී විශාල ප්‍රමාණයන්ට බදු සහන ලැබෙන අතර 2011 ආරම්භ වන බදු කාලයන් සඳහා බද්දට යටත් වන ආදායම් මත අය කරනු ලබන බදු අනුපාතයන්ද අඩුකරනු ලැබ ඇත.

මේ අනුව තක්‌සේරු වර්ෂ 2011/2012 (2011 අප්‍රියෙල් 01 දින සිට 2012 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය) සඳහා අදාළ වන බදු අනුපාත පහත පරිදිය.



රු. 1,000,000 ආදායමක්‌ ඇති අයකුට මේ අනුව රු. 500,000 නිදහස්‌ දීමනාව ලැබෙන අතර ඉතිරි රු. 500,000 ට 4% ක බද්දක්‌ ගෙවිය යුතුය. ඒ අනුව ගෙවිය යුතු බද්ද වනුයේ රු. 20,000 කි. රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් ලබන අය සම්බන්ධයෙන් ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය සේවා ආදායම් වන විට බදු නිදහස්‌ දීමනාව රු. 600,000 ක්‌ වන අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තා සැපයීම ද අවශ්‍ය නොවන අතර, උපයන විට ගෙවීම් ක්‍රමය අඩු කරනු ලබන බදු මුදල අවසාන බද්ද වේ. 2011 දක්‌වා 35% උපරිමය බදු අනුපාතය 24% දක්‌වා අඩුවීමද කැපී පෙනෙන වෙනස්‌කමකි. 2011 අප්‍රේල් මස සිට සෑම රජයේ දෙපාර්තමේන්තු මෙන්ම අනිකුත් ආයතන ද සිය සේවකයන්ගේ රු. 50,000 වඩා වැඩි මාසික වැටුප් ගෙවන්නේ නම් ඉහත සඳහන් බදු අනුපාත අනුව අදාළ වාර්ෂික බද්දට අනුගත වන පරිදි බදු අඩුකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑවිය යුතුය. මේ අනුව සමාන ආදායම් ඇති සියලුම පුද්ගලයන් ඉතා සාධාරණ වූ බද්දක්‌ ගෙවිය යුතු වන අතර, එවන් තත්ත්වය වඩා හොඳ බදු ප්‍රතිපත්තියක ලක්‍ෂණයක්‌ වනු ඇත. තවද සේවා ආදායම පමණක්‌ ඇති බදු ගෙවන්නන් සම්බන්ධයෙන් සේවා ආදායමෙන් කිසිදු ගෙවීමක්‌ අඩුකිරීමට ඉඩ දෙනු නොලබන අතර, ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් සේවා යෝජකයන් සඳහා බදු අඩුකිරීම් සම්බන්ධව විධාන නිකුත් කිරීම අවසන් වන අතර, දෙපාර්තමේන්තුවට මෙන්ම සේවා යෝජකයන්ටද එය පහසුවක්‌ වනු ඇත. තවද දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් අනුමත කරන ලද හෝ වෙනත් නියාමක අර්ථසාධක අරමුදලකින් සේවකයකු විසින් සිය සේවය අවසන් කිරීමේදී ලබන ආදායම 2011.04.01 දින සිට ආදායම් බද්දට යටත් නොවනු ඇත.

රඳවා ගැනීමේ බදු

විශේෂිත ගෙවීම් අඩු කරනු ලැබූ රඳවා ගැනීමේ බදු 2011.04.01 දින සිට අහෝසිවනු ඇත. මෙය ගොඩනැඟිලි කුලී සම්බන්ධයෙන්ද අදාළ වේ. එමෙන්ම බැංකු තැන්පතු මත ගෙවනු ලැබූ පොලී මත අඩු කරනු ලැබූ රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය 10% උපරිමය 8% දක්‌වා හවුල් ව්‍යාපාර සහ පුද්ගලයන් සම්බන්ධයෙන් වනු ඇත. පෞද්ගලික තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී මතද රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය 2011.04.01 දින සිට පහත පරිදි වනු ඇත. පොලී ආදායම ඇතුළුව සියලුම මාර්ගවලින් ලබන ආදායම වාර්ෂිකව රු. 500,000 ඉක්‌ම නොවන්නේ නම් පොලී මත රඳවා ගැනීමේ බදු අඩු නොකරනු ඇත. පුද්ගල තැන්පතු මත ලබන පොලියද ඇතුළුව සියලුම ආදායම්වලින් ලබන ආදායම වාර්ෂික රු. 500,000 ට වඩා වැඩි සහ රු. 1,500,000 ට වඩා අඩු නම් අඩු කරනු ලබන බදු ප්‍රතිශතය 2.5% කි. පොලී ආදායම ඇතුළුව සියලුම ආදායම් මාර්ගවලින් ලබන ආදායම රු. 1,500,000 ට වඩා වැඩි නම් පොලී මත 8% ක බදු අඩු කිරීමක්‌ කරනු ඇත. මෙම සහන ලබාගැනීමට නම් තැන්පතු හිමියන් අදාළ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට තම වාර්ෂික ආදායම පිළිබඳ ප්‍රකාශයක්‌ කළ යුතුය. එසේ ප්‍රකාශයක්‌ නොකරන්නේ නම් ගෙවනු ලබන පොලී මත 8% ක බදු අඩු කරනු ලබනු ඇත. සමාගම් සම්බන්ධයෙන් සහ ඉතිරිකිරීමේ සහතික මත පොලී මත රඳවා ගැනීමේ අනුපාතය 10% ක්‌ වනු ඇත.

සමාගම් බදු සංශෝධන

සමාගම් ලාභ මත පනවනු ලැබූ ආදායම් බදු ප්‍රතිශතය වාර්ෂික ලාභ වෙනුවෙන් 30%, 35% සහ 40% දක්‌වා වීම තුළින් සමාගම් ලැබූ ලාභයන් ප්‍රති ආයෝජනය සීමා විය. මෙම තත්ත්වයන් සලකා බලා 2011/2012 තක්‌සේරු වර්ෂයේ (2011.04.01 න් පසු) මේ සමාගම් බදු ප්‍රතිශතය 28% දක්‌වා අඩු කිරීමට නීති සම්පාදනය කර ඇත. එමෙන්ම විශේෂිත වූ ආදායම්, එනම් රටේ ආර්ථික වර්ධනයට ඉහළ දායකත්වයන් දෙනු ලැබූ අපනයන වැනි විදේශ විනිමය ඉපයීම් සම්බන්ධ සමාගම් සම්බන්ධයෙන් බදු අනුපාතය 15% සිට 12% දක්‌වා අඩුකර ඇත. එමෙන්ම සමාගම්වල ලාභවලින් 25% ක්‌ ලාභාංශ වශයෙන් බෙදා නොහරින අවස්‌ථාවලදී අයකරනු ලැබූ ලාභාංශ බද්ද, එසේ බෙදාහැරිය යුතු අවම ප්‍රමාණය 10% දක්‌වා අඩුකර ඇති අතර, එය 10% අවම වශයෙන් බෙදා නොහැර ඇත්නම් පමණක්‌ ලාභාංශ බද්ද අයකරනු ඇත. මේ අනුව සමාගම්වල ආයෝජන සඳහා ප්‍රාග්ධන සම්පාදනය පහසු වන අතර, නව ආයෝජන සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් වර්ධනය වේ.

තක්‌සේරු වර්ෂ 2010/2011 දක්‌වා අයකරනු ලැබූ 1.5% සමාජ වගකීම් බද්ද අහෝසි කිරීමට අදාළ නීතිමය සංශෝධන ද බදු ක්‍රමය සරල වූ බව තවදුරටත් සහතික කිරීමකි.

බැංකු හා මූල්‍ය සේවා ආයතන සම්බන්ධයෙන් එකතුකළ අගය මත බද්ද සහ සමාගම් බදු අනුපාතය පිළිවෙළින් 12% ක්‌ සහ 28% ක්‌ වන අතර මීට අමතරව 8% කට සමාන වැට්‌ බද්දක්‌ තම මූල්‍ය ආයතනයේ විශේෂ ගිණුමක තැන්පත් කළ යුතු අතර, 5% ක සමාන සමාගම් බද්දක්‌ විශේෂ ගිණුමක තැන්පත් කළ යුතුය. එම අදාළ ක්‍රමවේදය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයා ඇත.

ලාභ ආදායම් ගණනය කිරීම

සමාගම් සහ ව්‍යාපාරවල ප්‍රාග්ධන සම්පාදනය ආයතනය තුළින් ඇතිකර ගැනීමට හැකිවන අයුරින්, අදාළ බදු සහන ලැබෙන පරිදි, ලාභ ආදායම ගණනය කිරීමේදී දෙනු ලබන වියදම් සම්බන්ධයෙන් නීති ප්‍රතිපාදන සකස්‌ වී ඇත. ඒ අතර යන්ත්‍ර සහ පිරියත මිලට ගැනීම මත එයට 33 1/3% ක්‌ෂය දීමනාවක්‌ පිරිවැය මත ලබාගත හැකි වන අතර, අලුතින් ඉදිකරනු ලබන ගොඩනැඟිලි සඳහා එය 10% ක්‌ වනු ඇත.

විශේෂයෙන් නිෂ්පාදන ආයතනවලට නව සොයාගැනීම් සහ නව නිපැයුම් සම්බන්ධව කරනු ලබන පර්යේෂණ සහ සංවර්ධන වියදම් සම්බන්ධයෙන් දැරූ වියදම මෙන් දෙගුණයක්‌ (200%) ක්‌ අඩුකිරීම් හිමිකම් ලබා ඇත. ප්‍රචාරණ වියදම් සම්බන්ධයෙන් 50% ක්‌ පමණක්‌ ඉඩදීම සම්බන්ධව තිබූ නීතිමය තත්ත්වය 75% ක්‌ ඉඩදීමට නීති සම්පාදනය වී ඇත. සමාගම් කොටස්‌ මිල ලැයිස්‌තුගත කිරීම සහ විදේශ ගමන් වියදම් සම්බන්ධ අඩුකිරීම් සම්බන්ධයෙන්ද සහන ලැබෙන පරිදි වෙනස්‌කම් සිදුකර ඇත.

ආදායම් බදු සහන

කෘෂිකාර්මික හා ධීවර කර්මාන්ත සම්බන්ධයෙන් තම ආයෝජන සම්බන්ධ ව්‍යාපාර ලාභවලට ආදායම් බදු සහන සම්බන්ධව නීති සකස්‌කර ඇති අතර, නව ව්‍යාපාරවල ආයෝජන සම්බන්ධයෙන් ආයෝජනය කරන ලද මුදල්වල ප්‍රමාණය අනුව බදු සහන ලැබෙන අතර, මේ අනුව දේශීය හා විදේශීය ආයෝජන දිරිගැන්වීම බලාපොරොත්තු වේ.

හර බද්ද ඉවත් කිරීම

බැංකු හා මූල්‍ය ආයතනවල සියලු තැන්පතු මුදල් ආපසු ලබාගැනීමේදී අයකරනු ලබන හර බද්ද 2011.04.01 සිට ඉවත් කරනු ලබන අතර, මේ අනුව බැංකුවලට සිය කටයුතු පහසුවන අතර ගනුදෙනුකරුවන්ගේ පිරිවැය ද අඩුවනු ඇත.

බදු නීති අර්ථ නිරූපණ කමිටුව

දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් පරිපාලනය කරනු ලබන අණ පනත්වල තේරුම් ගැනීම සම්බන්ධයෙන් යම් සැකයක්‌ ඇතිවන අවස්‌ථාවක ඒ සංශෝධන තත්ත්වයන් පිළිබඳ අර්ථ නිරූපණය කිරීම කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ජ්‍යෙෂ්ඨ ආදායම් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත්කර ඇත. මේ අනුව බදු ගෙවන්නන්ට බදු අණ පනත් සම්බන්ධයෙන් අර්ථ නිරූපණ ලබාගත හැකි අතර, සියලුම නිලධාරීන් එම අර්ථ නිරූපණයන් අනුව කටයුතු කරනු ලබන අතර, මේ අනුව බදු ගෙවන්නන්ට සිදුවන අපහසුතාවන් මගහැරී යනු ඇත.

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහන

සුලු හා මධ්‍ය පරිමාණ යනුවෙන් නිර්වචනය වනුයේ සිය වාර්ෂික පිරිවැටුම වසරකට රු. මිලියන 100 ට වඩා අඩු ව්‍යාපාර වන අතර, 2010 මාර්තු මස 31 දිනට ගෙවා නොමැති ආදායම් බදු සම්බන්ධයෙන් මෙය අදාළ වන අතර, තම මූල්‍යමය දුෂ්කරතා මත බදු ගෙවීමට නොහැකි වූ අයට යම් යම් කොන්දේසිවලට යටත්ව අනාගතයේදී නියමිත දිනට වාර්තා සපයා බදු ගෙවන බවට දෙනු ලබන සහතිකය වන මෙම බදු සහන ලබාගත හැකිය. විශේෂයෙන්ම ගැටුම්කාරී තත්ත්වයන් තුළ ව්‍යාපාර කටයුතු අඩාල වූ අය සම්බන්ධයෙන්ද මෙම සහනය අදාළ වේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහන (පොලී අනුපාත)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන් හඳුනාගනු ලබනුයේ වසර 59 ට වඩා වැඩි අය වන අතර, ඔවුන්ට තමන්ගේ තැන්පතු මත ලබන පොලී ආදායමෙන් රු. 500,000 රඳවා ගැනීමේ බද්දට යටත් නොවනු ඇත. (2011.04.01 න් පසු) මුලු ආදායම රු. 500,000 සිට රු.1,500,000/} දක්‌වා ආදායම් ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් පොලී මත රඳවා ගැනීමේ බද්ද 2.5% ක්‌ වන අතර, රු. 1,500,000/} ට වඩා මුලු ආදායම් ඇති අය සම්බන්ධයෙන් එය 8% ක්‌ වනු ඇත. සමාගම් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ බදු අනුපාතය 10% ක්‌ ලෙසට පවතිනු ඇත. මේ සම්බන්ධයෙන් අදාළ බැංකු සහ මූල්‍ය ආයතන මගින් තැන්පත් හිමියන් දැනුවත් කරනු ලබන අතර, අදාළ විස්‌තර බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලබාගත හැකිය. අදාළ සහනය ලැබෙනුයේ රාජ්‍ය බැංකුවලින් ලබන පොලී සඳහා පමණි.

Friday, June 10, 2011

සනත්, තිළිණ, ජීවන්, දිමුත්, සුරංග සහ දිනේෂ එංගලන්ත සංචාරයට කැදවුම් ලබති . එංගලන්තය සමග එක්දිනක් ගැටී සමුගන්නවා -සනත්

හිටපු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය එංගලන්තය සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට එක්‌කර ඇති අතර නම් කරන ලද කණ්‌ඩායමේ උපනායකත්වය සඳහා තිළිණ කණ්‌ඩම්බි පත්කර තිබේ.

එංගලන්තය සමග පැවැත්වෙන 20-20 තරගයට සහ එක්‌දින තරග පහට අමතරව ස්‌කොට්‌ලන්තය සමග පැවැත්වෙන එක්‌දින තරග දෙක සඳහා 16 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ඉකුත් ලෝක කුසලාන සංචිතයේ නොසිටි සනත් ජයසූරිය, තිළිණ කණ්‌ඩම්බි, ජීවන් මෙන්ඩිස්‌, දිමුත් කරුණාරත්න, සුරංග ලක්‌මාල් සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් අලුතින් කණ්‌ඩායමට එක්‌කර තිබෙන අතර රංගන හේරත්, චාමර සිල්වා, තිලාන් සමරවීර, චාමර කපුගෙදර සහ උපුල් තරංගට ස්‌ථානය අහිමිව තිබේ. උපුල් තරංගට එල්ල වී ඇති තහනම් උත්තේජක සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සංචිතයෙන් ඉවත් කොට ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පළමු වරට උපනායකත්වය සඳහා නම් කර ඇති තිළිණ කණ්‌ඩායම්බි 2004 වසරේ එක්‌දින වරම් ලැබුවද මේ දක්‌වා සහභාගි වී ඇති ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 33 කි. එහිදී අර්ධ ශතකය පහක්‌ සමග ලකුණු 814 ක්‌ ලබා ඇති ඔහුගේ ඉනිමක සාමාන්‍ය 32.56 ක්‌ ලෙස සටහන් වේ. අවසන් වරට කණ්‌ඩම්බි එක්‌දින තරගයට සහභාගි වී ඇත්තේ ඉකුත් 2010 වසරේ ජුනි මාසයේදීය.

මෙම ජුනි 30 වැනිදා සිය 42 වැනි උපන්දිනය සමරන සනත් ජයසූරිය අවසන් වරට ජාත්‍යන්තර එක්‌දින තරගයට සහභාගි වී ඇත්තේ 2009 වසරේ දෙසැම්බර් මසදීය. ඔහු සහභාගි වූ අවසන් ඉනිම 10 තුළදී එක්‌ අර්ධ ශතකයක්‌ සමග ලකුණු 232 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 23.2 ක්‌ව සටහන් වේ. ජයසූරිය කණ්‌ඩායමට නම් කළද දේශීය සහ දැන් ක්‍රියාත්මක එංගලන්ත ප්‍රාන්ත තරගවලදී තුන් ඉරියව්වෙන්ම දස්‌කම් දක්‌වන චමින්ද වාස්‌ට යළිත් ශ්‍රී ලංකා සංචිතයේ ස්‌ථානය හිමි නොවීම විශේෂත්වයකි. මෙය ජයසූරියගේ අවසන් ජාත්‍යන්තර එක්‌දින තරගාවලිය බවටද වාර්තා වෙයි.

ලෝක කුසලාන අවසන් මහ තරගයට පෙර ආබාධයකට ලක්‌වූ ඇන්ජලෝ මැතිව්ස්‌ද එක්‌දින සංචිතයට නම් කර ඇතත් ඔහු අවසන් දින කිහිපයේදී සම්පූර්ණ සුවය ලැබුවහොත් පමණක්‌ කණ්‌ඩායමට එක්‌ කිරීමට නියමිතය.

නම් කරන ලද ශ්‍රී ලංකා එක්‌දින සංචිතය

තිලකරත්න ඩිල්ෂාන් (නායක), තිළිණ කණ්‌ඩම්බි (උපනායක), මහේල ජයවර්ධන, කුමාර සංගක්‌කාර, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්‌, දිමුත් කරුණාරත්න, සනත් ජයසූරිය, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, සුරංග ලක්‌මාල්, දිල්හාර ප්‍රනාන්දු, සුරාඡ් රන්දිව්, අජන්ත මෙන්ඩිස්‌, ඇන්ජලෝ මැතිව්ස්‌ 


එංගලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළ බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20/20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සනත් ජයසූරිය ගේ නම යෝජනාවී තිබුණු අතර ඒ සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණි. 




Monday, June 6, 2011

ඩිල්ෂාන්-තරංග වාර්තා පොත් අලූත් කරති ඩිල්ෂාන්ට ද්විත්ව ශතකය අහිමි වෙයි.

ඓතිහාසික ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (04 දා) පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්‌ඩායම ලබාදුන් ලකුණු 486 ඉනිම සඳහා පිළිතුරු ඉනිම ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්‌ඩායම දිනය අවසනදී එක්‌ කඩුල්ලක්‌ දැවී ලකුණු 231 ක්‌ ලබා සිටියේය.

තරගයේ පළමු දිනයේදී කඩුලු 6 කට ලකුණු 342 ක්‌ ලබා සිටි එංගලන්ත කණ්‌ඩායම ඊයේ දිනයේදී ලකුණු 486 කට සීමා විය. ඒ අනුව එංගලන්තයට වඩා ශ්‍රී ලංකා කණ්‌ඩායම තවත් ලකුණු 255 ක්‌ පසුපසින් සිටින අතර ඒ සඳහා කඩුලු 9 ක්‌ අත වෙයි.

කාර්ඩිෆ්හි පැවැති පළමු තරගයේදී අනපේක්‍ෂිත අයුරින් ලකුණු 82 කට දැවී ගියද පෙරේදා දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්‍ෂතා ඉතා ඉහළ මට්‌ටමක පැවැතීම විශේෂත්වයක්‌ විය.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ ටී. එම්. ඩිල්ෂාන් නායකත්වයෙන් ඉනිමක්‌ ක්‍රීඩා කරමින් තම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ 12 වැනි ශතකය සම්පූර්ණ කරගත්තේ අනෙක්‌ ආරම්භක පිතිකරුවා වූ තරංග පරණවිතාන(65) සමගින් මෙතෙක්‌ එංගලන්ත-ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයක්‌ ආරම්භක කඩුල්ල වෙනුවෙන් රැස්‌ කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කියමිනි.

මොවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 207 ක්‌ ගොඩනැංවුණු බැවින් එහිදී බිඳ වැටෙන ලද්දේ 2002 වසරේදී එංගලන්ත කණ්‌ඩායමේ මාකස්‌ ටෙස්‌ක්‍රොතික්‌ සහ මයිකල් වෝන් අතර ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේදීම වාර්තා කරන ලද ලකුණු 168 සම්බන්ධතාව විය.



එංගලන්ත, ලෝඩ්ස් පිටියේදි ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට තිබූ මහඟු අවස්ථාව ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන්ට අහිමි විය. ඒ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදි ලකුණු 193කට දැවීයාමත් සමගිනි.

එය ඩිල්ෂාන් සිය ටෙස්ට් දිවියේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ.

පන්දු 253කදී ලබාගත් එම ලකුණු 193ට හතරේ පහර 20 ක් හා හයේ පහර 2ක් ඇතුලත් විය.

ශ්‍රී ලංකාව මේ වනවිට සිය ප්‍රථම ඉණිම ක්‍රීඩා කරමින් සිටී.    වැස්ස බාධා කරයි



England 1st innings R M B 4s 6s SR
View dismissal AJ Strauss* lbw b Welegedara 4 14 12 1 0 33.33
View dismissal AN Cook c Maharoof b Fernando 96 281 164 15 0 58.53
View dismissal IJL Trott lbw b Lakmal 2 13 9 0 0 22.22
View dismissal KP Pietersen c Dilshan b Lakmal 2 10 8 0 0 25.00
View dismissal IR Bell c Paranavitana b Welegedara 52 148 106 8 0 49.05
View dismissal EJG Morgan lbw b Lakmal 79 167 128 10 2 61.71
View dismissal MJ Prior b Herath 126 195 131 19 0 96.18
View dismissal SCJ Broad lbw b Welegedara 54 73 51 9 0 105.88
View dismissal GP Swann c Paranavitana b Welegedara 4 3 5 1 0 80.00

CT Tremlett not out 24 68 41 3 0 58.53
View dismissal ST Finn b Herath 19 29 32 4 0 59.37

Extras (b 3, lb 7, w 4, nb 10) 24











Total (all out; 112.5 overs; 509 mins) 486 (4.30 runs per over)
Fall of wickets1-5 (Strauss, 2.6 ov), 2-18 (Trott, 5.4 ov), 3-22 (Pietersen, 7.5 ov), 4-130 (Bell, 39.5 ov), 5-201 (Cook, 61.2 ov), 6-302 (Morgan, 81.1 ov), 7-410 (Broad, 96.1 ov), 8-414 (Swann, 96.6 ov), 9-452 (Prior, 104.3 ov), 10-486 (Finn, 112.5 ov)










Bowling O M R W Econ

View wickets UWMBCA Welegedara 28 4 122 4 4.35 (5nb, 2w)
View wickets RAS Lakmal 25 2 126 3 5.04 (1w)

MF Maharoof 17 5 57 0 3.35 (5nb, 1w)
View wicket CRD Fernando 17 2 77 1 4.52

View wickets HMRKB Herath 18.5 1 64 2 3.39


TM Dilshan 7 1 30 0 4.28










Sri Lanka 1st innings R M B 4s 6s SR
View dismissal NT Paranavitana c Strauss b Finn 65 234 184 10 0 35.32
View dismissal TM Dilshan* b Finn 193 433 253 20 2 76.28
View dismissal KC Sangakkara c †Prior b Tremlett 26 110 93 4 0 27.95

DPMD Jayawardene not out 40
69 7 0 57.97

TT Samaraweera not out 1
16 0 0 6.25

Extras (b 19, lb 20, w 7, nb 1) 47











Total (3 wickets; 102.2 overs) 372 (3.63 runs per over)
To bat HAPW Jayawardene†, MF Maharoof, UWMBCA Welegedara, HMRKB Herath, CRD Fernando, RAS Lakmal
Fall of wickets1-207 (Paranavitana, 53.5 ov), 2-288 (Sangakkara, 80.4 ov), 3-370 (Dilshan, 98.2 ov)










Bowling O M R W Econ


SCJ Broad 26 4 98 0 3.76

View wicket CT Tremlett 24 5 74 1 3.08 (1nb)
View wickets ST Finn 24.2 6 84 2 3.45 (2w)

GP Swann 24 4 65 0 2.70


KP Pietersen 4 0 12 0 3.00