Wednesday, October 17, 2012

2014 වසරේ මීළඟ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට දැන් සිටම සූදානම්

2014 වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගෙන විශේෂිත විස්සයි විස්ස කණ්ඩායමක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් පවසනවා. කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විස්සයි විස්ස තරගවල අවශ්‍යතාවන් සපුරන පරිදි එම කණ්ඩායමට ප‍්‍රහාරාත්මක පිතිකරුවන් ඇතුළත් කෙරෙන බවයි. නවසීලන්තය සමග ඔක්තෝම්බර් 30 වැනිදා පල්ලෙකැළේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ සිටම නව වෙනස්කම් සිදුකිරීමට නියමිතයි. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී ලද පරාජයෙන් අනතුරුව මහේල ජයවර්ධන විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වීම හේතුවෙන් එම තරගයේ දී ශ‍්‍රී ලංකා පිළ මෙහෙය වනු ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් විසින්. කෙසේ නමුත් විස්සයි විස්ස කණ්ඩායම් සඳහා ද ඉදිරියේ දී වෙනමම නායකයෙකු පත් කිරීමට අදහස් කරන බව ද අසන්ත ද මෙල් කියා සිටියා.

Monday, October 15, 2012

20-20 ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වෙනසක්‌

විස්‌සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවට පත්වීමත් සමග කණ්‌ඩායමේ අදාළ තරග අංශයන්ට සහභාගිවනු ලබන ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පැහැදිළි වෙනසක්‌ කිරීමට තේරීම් කමිටුව සූදානම් වන බව සඳහන් වේ.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගයේදී කොදෙව් කණ්‌ඩායම හමුවේ ලද පරාජයත් සමග ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පන්දුවාර විස්‌සයි-20 තරග අංශයේ නායකත්වයෙන් ඉල්ලා අස්‌වුණු අතර නමුත් මේ දක්‌වා නායකත්වයට පත් කිරීමට තේරීම් කමිටුව ක්‍රියා නොකළේය.

ඒ අනුව විස්‌සයි-20 තරග අංශයේ නායකත්වයට වත්මන් කණ්‌ඩායම් උප නායක ඇන්ජලෝ මැතිව්ස්‌ නම් කරනු ලබන බව  තේරීම් කමිටු සාමාජිකයෙක්‌ සඳහන් කර සිටියේය.

නම සඳහන් කිරීමට අකමැත්ත දැක්‌වූ මෙම තේරීම් කමිටු සාමාජිකයා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින්, ඒ සියලු අත්හදා බැලීම් මෙම මස 30 වැනිදා පල්ලකැලේ ආරම්භ වන පන්දුවාර විස්‌සයි-20 තරගවලදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියේය.

එම වෙනස්‌ කිරීමට අනුව මැතිව්ස්‌ට නායකත්වය ලබාදෙනු ලබන්නේ තාවකාලික පදනම මත වන බවත්, එහිදී ඉදිරියේ කණ්‌ඩායමේ ස්‌ථිර ස්‌ථානයක්‌ හිමි ක්‍රීඩකයකුව ඒ සඳහා පත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.

ලබන 2014 වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන පන්දුවාර විස්‌සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සාර්ථක කණ්‌ඩායමක්‌ බිහි කරළීමේ අභිප්‍රාය ඇතුව සිදුකරනු ලැබෙනු ඇතැයි සැලකෙන අදාළ වෙනස්‌කම්වලදී වැරෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවන් වැඩි කොටසක්‌ කණ්‌ඩායමට ගෙන ඒම මූලික සැලසුම වී තිබේ.

ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අවසන් මහ තරගයේදී ප්‍රතිsවාදී පිතිකරුවන් හයේ පහර 7 ක්‌ එල්ල කරද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් එල්ල කිරීමට සමත්වූයේ එක්‌ හයේ පහරක්‌ පමණක්‌ වන අතර එම හයේ පහරද පසුපෙළින් පන්දුවට පහරදීමට පැමිණි නුවන් කුලසේකර විසින් එල්ල කරනලද පහරක්‌ විය. මෙම තත්ත්වය පැහැදිළිව හඳුනාගෙන ඇති මෙරට තේරීම් කමිටුව සිදුවූ අතපසුවීම් උපරිම දුරට නිවැරදි කරගනිමින් කටයුතු කිරීමටද බලාපොරොත්තු වන බවද සඳහන් වේ.

අදාළ ක්‍රමය මුලින්ම හඳුන්වාදෙන ලද්දේ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම විසින් වන අතර එම පන්දුවාර විස්‌සයි-20 තරගවලට ජෝæ බෙයිලිගේ නායකත්වයෙන් යුතුව තරග වදිනු ඇත. නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතව අවතීර්ණ වුවත් ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්‌වා පැමිණීම විශිෂ්ට ගණයේ විය.

Friday, October 12, 2012

එස්. එල්. පී. එල්. තරගාවලියේ අව්‍යාජත්වය පිළිබඳව බරපතළ ගැටළුවක්


විනිසුරුවරුන්ට එල්ල වූ චෝදනා සමගින් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම විස්සයි 20 කි‍්‍රකට් තරගාවලිය වන එස්. එල්. පී. එල්. තරගාවලියේ අව්‍යාජත්වය පිළිබඳව බරපතළ ගැටළුවකට එහි සංවිධායකයෝ මුහුණ දී සිටිති.
විනිසුරුවරුන් මුදලට තරග පාවාදීමට සූදානම් වූයේ යයි හෙළිදරව් කරමින් ව්‍යාජ මෙහෙයුමක් දියත් කළ ඉන්දීය රූපවාහිනී සේවයේ වෙස්වළාගත් නියෝජිතයන් සමග සන්දීප් බාමර් මහතාද අනුග‍්‍රාහක ගනු දෙනු සම්බන්ධයෙන් කතිකා කළ බවද වාර්තා වේ.
සන්දීප් බාමර් යනු අන් කවරකු හෝ නොව, එස්. එල්. පී. එල්. තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන කොටස්කරු වන සර්සෙට් එන්ටටේන්මන්ට් ව්‍යාපාරයේ සභාපතිවරයාය.
කෙසේ වෙතත් සන්දීප් බාමර් මහතා පවසන්නේ එස්. එල්. පී. එල්. තරගාවලිය සම්බන්ධයෙන් තමන්ගේ කාර්යභාරය අනුව, එවන් සාකච්ඡා කිරීමට තමන්ට බලය ඇති බවයි.
ඇත්ත වශයෙන්ම අනුග‍්‍රාහකයන් ලෙස ඉදිරිපත් වූ අයට තරගාවලිය අළෙවි කරන්නට මා උත්සාහ කළා. අනුග‍්‍රාහකයන් අපේක්‍ෂිත සීමාවන්හි රැඳී සිටිනවා නම්, ඒක මගේ අයිතියක්”
හේතුව, එස්. එල්. පී. එල්. තරගාවලියට සහභාගි වූ එක් කණ්ඩායමක අයිතිය මටත් තිබුණ නිසා” යයිද සන්දීප් බාමර් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර සිට ‘ඬේලි මිරර්’ පුවත් පතට පැවසීය.
කෙසේ වෙතත් ඉන්දීය රූපවාහනී සේවාවකට අයත් මෙම වෙස්වලාගත් වාර්තාකරුවා, කී‍්‍රඩා ඒජන්තවරයකු වශයෙන් තමන්ට මුදල් දීමට සූදානම් වූ අවස්ථාවේදී තමන් ඒ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැන්වූ බවද සන්දීප් බාමර් මහතා පවසයි. එහෙත් මෙම තත්ත්වය මාධ්‍යවලින් වසං කර තැබීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය උත්සාහ ගැනීම වටහාගත නොහැකිවා මෙන්ම ඒ බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට දැනුම් දීමට ඔවුන් පියවර ගෙන ඇතිද යන්නත් පැහැදිළි නැත.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් කළ බවක්ද වාර්තා නොවේ.
බාමර් මහතා පවසන්නේ දුරකතන ඇමතුම ලැබෙද්දීම කිසියම් අප‍්‍රසන්න යමක් සිදුවේගන යන බව තමන්ට වැටහුණ නමුත් අදාළ පාර්ශවයේ තොරතුරු වැඩිදුර ලබාගැනීම සඳහා දිගින් දිගටම දුරකතනයේ රැඳී හුන් බවයි.
මේ පිළිබඳව මා එදිනම ශී‍්‍ර ලංකා කි‍්‍රතට් ආයතනය දැනුම්වත් කිරීමෙන් පෙනෙන්නේ මට ඔවුන් සමග කටයුතු කිරීමට වුවමනාවක් නොතිබූ බව මිස වෙන මොකක්ද?” යයිද බාමර් මහතා පැවසීය.
එස්. එල්. පී. එල්. තරග මුදලට පාවාදීමේ උත්සාහයට අදාළ දුරකතන සංවාදය ඇතුළත් හඬ පටය ‘ඬේලි මිරර්’ මගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත බාර දෙන ලද නමුත් මාස දෙකක් යන තුරුත් ඒ් පිළිබඳව කිසිදු තොරතුරක් දැනගන්නට නැත.
එස්. එල්. පී. එල්. තරගාවලියේ කණ්ඩායම් අයිතිකරුවන් කිසිවකු එහිදී ලාභ අපේක්‍ෂා නොකළ බවත් ඒ වෙනුවට විශාල පාඩු විඳ දරා ගැනීමට ඔවුන් සූදානම් වූ බවත් වැඩි දෙනාගේ කතාබහට ලක්වී තිබිණ.
එස්. එල්. පී. එල්. තරගාවලියේදී කඳුරට වොරියර්ස් පිලේ අයිතිකරුවා වූයේ සන්දීප් බාමර් මහතාය. කඳුරට වොරියර්ස් පිලේ අයිතිය සම්බන්ධයෙන් මුල සිටම අපැහැදිළි තත්ත්වයක් පැවැති අතර තරගාවලියේ පරිපාලන සමාගමේ සභාපතිවරයා එහි කණ්ඩායමක හිමිකරුවා වීම ‘වෘත්තීමය සදාචාරය’ සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් ඇති කරන්නකි. ඇතැම් විට කඳුරට වොරියර්ස් පිලේ සැබෑ හිමිකරුවා කවුරුන්ද යන්න පිළිබඳව ජනතාවට හෙළිදරව් වූ පළමු අවස්ථාවද මෙය විය හැකිය.
‘වෘත්තීමය සදාචාරය’ සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව සන්දීප් බාමර් මහතා පිළිගන්නා නමුත්, එම අවස්ථාවේදී තිබූ තත්ත්වය අනුව, කඳුරට කණ්ඩායම තමා විසින් මිලදී ගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවද බාමර් මහතා පවසයි.
පටිගත කරන ලද රූපවාහිනී වැඩසටහනට අනුව තමන්ගේ කඳුරට වොරියර්ස් කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීම සඳහා ඇමරිකානු ඩොලර් 1,20,000 ක් (රුපියල් කෝටි එක හමාරක්) තමන්ට අවශ්‍ය යයි සන්දීප් බාමර් මහතා පවසා තිබේ. මේ සම්පූර්ණ මුදල ඉන්දියාවේදී ඇමරිකානු ඩොලර් වලින් ගෙවිය යුතු යයි කොන්දේසියක්ද ඔහු විසින් පනවන ලදි.

Monday, October 1, 2012

ශ්‍රී ලංකාව යලිත් පෙරමුනේ

20- 20 ලෝක ශ්‍රේණිගත කිරිම් වලට අනුව කාලයකට පසුව නැවත ශ්‍රී ලංකාව පෙරමුනට පැමින තිබේ.
දෙවන ස්ථානය දකුනුඅප්‍රිකාවටත් තෙවන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබේ. මිට පෙර අවස්ථාවේදි  ශ්‍රී ලංකාව 4 වනතැන පසු විය.

2012 -09 -30 ශ්‍රේණිගත කිරිම