Wednesday, October 17, 2012

2014 වසරේ මීළඟ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට දැන් සිටම සූදානම්

2014 වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගෙන විශේෂිත විස්සයි විස්ස කණ්ඩායමක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් පවසනවා. කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විස්සයි විස්ස තරගවල අවශ්‍යතාවන් සපුරන පරිදි එම කණ්ඩායමට ප‍්‍රහාරාත්මක පිතිකරුවන් ඇතුළත් කෙරෙන බවයි. නවසීලන්තය සමග ඔක්තෝම්බර් 30 වැනිදා පල්ලෙකැළේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ සිටම නව වෙනස්කම් සිදුකිරීමට නියමිතයි. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී ලද පරාජයෙන් අනතුරුව මහේල ජයවර්ධන විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වීම හේතුවෙන් එම තරගයේ දී ශ‍්‍රී ලංකා පිළ මෙහෙය වනු ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් විසින්. කෙසේ නමුත් විස්සයි විස්ස කණ්ඩායම් සඳහා ද ඉදිරියේ දී වෙනමම නායකයෙකු පත් කිරීමට අදහස් කරන බව ද අසන්ත ද මෙල් කියා සිටියා.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්