Wednesday, December 26, 2012

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය ආරක්‌ෂා කිරීමට ආරක්ෂාව පුළුල් කෙරේ.


විභාගවල රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විධි විධාන යෙදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ CCTV කැමරා පද්ධතිය පුළුල් කර සියලු අංශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලයට කිසිවක්‌ සඟවාගෙන යා නොහැකි අන්දමේ නිල ඇඳුමක්‌ හඳුන්වා දීමටත් පියවර ගැනීමට සැලසුම් කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවීමේ සිද්ධියෙන් පසුව මෙම පියවර ගැනෙන අතර ප්‍රශ්න පිට කළ බව කියන රහස්‍ය මුද්‍රණ අංශයේ මංගල මුණසිංහ නමැත්තාගේ වැටුප් නතර කර විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව රටින් පිටවීම ද තහනම් කර ඇත.

මේ වන විට වැඩතහනමට ලක්‌ව සිටින ඔහු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්‌ පවත්වා සේවයෙන් පහකිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

විභාගවල රහස්‍යභාවය රැක ගැනීම සඳහා තවත් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බවද විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය. රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලය වෙත තබා තිබූ විශ්වාසය කඩවූ හෙයින් මින් ඉදිරියට විශ්වාසය මත නොව නීතිය අනුව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Saturday, December 22, 2012

ඔබ කැමතිම ජංගම දුරකතන වර්ගය


 

තරහා නැතිව ඔබ කැමතිම ජංගම දුරකතන වර්ගය නම් කරන්න

සහයොගය  ලබා දුන් සැමට ස්තූතිය.

Thursday, December 20, 2012

හෙට ග්‍රහලෝක එක කෙලින් පිහිටන්නේ නෑ


ග්‍රහලෝක සියල්ල හෙට (21) දිනයේදී එකම රේඛාවකට පැමිණෙන බවට පවතින මතය මුළුමනින්ම අසත්‍යයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
අවුරුදු ගණනාවකට සැරයන්, මෙලෙස ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණෙන බවත්, එහෙත් හෙට (21) දිනයේදී එවැන්නක් සිදුනොවන බවත්, මහාචාර්යවරයා කීය.
මෙයද හෙට (21) දිනයේ ලෝකය විනාශ වන බවට පැතිරූ බොරුමතය සනාථ කිරීම සඳහා ගෙතූ කතාවක් පමණක් බවත්, ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණිවිට ගුරුත්වාකර්ෂණයට හසු වී මහද්වීප කැඩී යන බවට  බොරු මතයක්ද ඔවුන් පළ කර ඇති බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.
එහෙත් එයද සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර චන්ද්‍රයාගෙන් පෘථිවියට ඇතිවන ගුරුත්වාකර්ෂණයෙන්  ලක්ෂයෙන් පංගුවක හෝ බලපෑමක් මෙම ග්‍රහලෝකවලින් සිදු නොවන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා අවධාරණය කළේය.

මේ අතර හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරමින් අධ්‍යනයේ නිරත විද්‍යාඥයින් නව මන්දාකිණි 7ක් හඳුනාගෙන තිබේ.
ඔවුන් පවසන්නේ, මීට වසර බිලියන 13.7 කට පමණ පෙර විශ්වය බිහිවී කෙටි කාලයකින් එම මන්දාකිණිවල සම්බවය සිදු වන්නට ඇති බවය.

මේ අතරින් එකක් දැනට හඳුනා ඇති වයස්ගතම මන්දාකිණිය ලෙස සැලකෙන අතර විශ්වයට වයස අවුරුදු මිලියන 380 පමණ වන විට එය බිහි වන්නට ඇතැයි, අනුමාන කෙරේ.
අධ්‍යනයේ නිරත විද්‍යාඥයින්ගේ මතය වී තිබෙන්නේ, විශ්වය බිහිවීම සඳහා පදනම් වූ බවට සැලකෙන මහා පිපිරුම සිදුවීමෙන් වසර මිලියන 200කට පමණ පසු කාලයේ එනම් අඳුරු යුගයේදී සිදු වූ ක්‍රියාකාරිත්වයන් අධ්‍යනයට නව සොයාගැනීම් ඉවහල් වනු ඇති බවය.

ඒ අතර මෙම දිනවල විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයේ ගමන්කරන බව තාරකා විද්‍යාඥයෝ පවසති.

ටෝටටිස් ලෙස නම් කර ඇති මෙම ග්‍රහයකය පෘථීවියට සමීපව කක්ෂගතවූවක් වන අතර සෑම සිව් වසරකටම වරක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නකි.
කෙසේ වෙතත් වසර 400ක් යනතුරු එමඟින් පෘතුවියට තර්ජනයක් නැතැයි, විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මෙවර එය චන්ද්‍රයා සහ පෘථිවිය  අතර පවතින දුර මෙන් 18 ගුණයක් තරම් එනම් කිලෝමීටර් මිලියන 7ක් තරම් පෘථිවියට සමීප වනු ඇති.   

Wednesday, December 19, 2012

අයහපත් කාලගුණය නිසා විභාගය අහිමිවූ සිසුන්ට පසුව නැවත විශේෂ විභාගයක්‌


අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඊයේ (18 වැනිදා) සහ පෙරේදා (17 වැනිදා) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකිවූ සිසුන්ට ඒ වෙනුවෙන් විශේෂ විභාගයක්‌ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පෙරේදා (17 දා) පැවැති ගණිතය I හා II ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටීමට නොහැකි වූයේ සිසුන් 18 දෙනකුට පමණක්‌ වුවද ඊයේ (18 දා) පැවැති සෞන්දර්ය ප්‍රශ්න පත්‍රවලට සිසුන් සැලකිය යුතු පිරිසකට පෙනී සිටීමට නොහැකි වූ බවට දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබිණි. කුලියාපිටිය ප්‍රදේශයේ විභාග මධ්‍යස්‌ථාන දෙකක සිසුන් ඊයේ (18 දා) විභාගයට නොපැමිණි අතර මධ්‍යම හා ඌව පළාත්වලද අම්පාර ප්‍රදේශයේ තවත් සිසුන්ට විභාගයට පැමිණීමට නොහැකි වී තිබිණි. එම සිසුන් සංඛ්‍යාව කෙතෙක්‌ද යන්න පිළිබඳව ඊයේ (18 දා) දහවල් වනතුරුත් විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී නොතිබූ අතර මෙම සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයයන්ට හා ගණිතයට අදාළ විභාගය ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී විශේෂ විභාගයක්‌ ලෙස පැවැත්වීමට දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

විභාගයට පෙනී සිටීමේදී උද්ගත වන ගැටලු සම්බන්ධයෙන් 1911 දුරකථන අංකයට වහාම දන්වන ලෙස ද සියලුම අයෑදුම්කරුවන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Tuesday, December 18, 2012

රත්තරන් හොදද බලන්න පරීක්ෂණාගාර 3 ක්


මහ ජනතාවට තමන් මිලදී ගන්නා රන් භාණ්ඩවල ප‍්‍රමිතිය පරීක්ෂා කරගත හැකි පරීක්ෂණාගාර 3 ක් පිහිටුවීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබෙනවා. රන් භාණ්ඩවල ප‍්‍රමිතිය නිර්ණය කොට එමගින් සහතික නිකුත් කරනු ඇති. අදාල පරීක්ෂණාගාර ගාල්ල, මහනුවර සහ යාපනයේ පිහිටුවීමටයි සැළසුම් කර ඇත්තේ. ඒ සඳහා රුපියල් මිලියන 300 ක් වැය කෙරෙන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප‍්‍රකාශ කළා. මෙතෙක් රන් භාණ්ඩවල ප‍්‍රමිතිය පරීක්ෂා කොට සහතික නිකුත් කෙරුණේ අධිකාරියේ කොළඹ පිහිටි පරීක්ෂණාගාරයෙන් පමණයි.

Monday, December 17, 2012

සා.පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිට වෙලාද?


පෙරේදා (15 වැනිදා) පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 19 ක්‌ ඒ ආකාරයෙන්ම ඊට පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු විසින් සිසුන්ට ලබා දී ඇති බවට වාර්තා වී ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

මෙම අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න 18ක් එනම් 12, 14, 15, 17, 19, 23, 25, 27, 28, 30, 32, 35, 37, 38, 41, 43, 45 සහ 47 යන ප‍්‍රශ්න සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍රයේ පිළිවෙලින් 22,24, 38, 23, 25, 26, 37, 36, 27, 28, 39, 29, 30, 31, 32, 33, 34 සහ 35 යන ප‍්‍රශ්නවලට සමානව තිබේ.

මෙවර විභාග දෙපාර්තමේන්තුව ලබා දුන් සාමාන්‍ය පෙළ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ දෙවැනි කොටසේ හය වැනි ප‍්‍රශ්නයේ දක්වා ඇති සුසුම්නාවේ හරස්කඩ රූප සටහනේ ශ්වේත ද්‍රව්‍ය හා ධුසර ද්‍රව්‍ය නම් කර ඇත්තේ පෙළ පොතේ 53 වැනි පිටුවේ සදහන් රූප සටහනට පරස්පරවයි.

මෙම අනුමාන ප්‍රශ්න පත්‍රය සපයා ඇත්තේ විද්‍යාවේ මහා ඇදුරුදු ලෙස සඳහන් කරමින් උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු බව පැවසේ. උපකාරක පන්තිවලට සහභාගි වූ දරුවන්ට මේ ගුරුවරයා ලබාදුන් ප්‍රශ්න 50 ක ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්නවලින් 19 ක්‌ ඒ අයුරින්ම මෙවර විභාග දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ සඳහන්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම ගුරුවරයා විසින් අනුමාන ප්‍රශ්න 50 ක්‌ දරුවන්ට ලබා දී ඉන් ප්‍රශ්න 26 ක්‌ මුහුණු සලකුණ යොදා විශේෂ කර තිබෙන බවත් ඒ 26 න් 19 ක්‌ රූපසටහන් සහ අකුරක්‌ හෝ නොවෙනස්‌ව සා.පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහි වඩාත් විමතියට හේතුව නම් සාමාන්‍ය දැනුම විමසා බැලීම සඳහා ලබා දී ඇති විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍රයේ 38 සහ 40 ප්‍රශ්න දෙක අකුරක්‌වත් වෙනස්‌ නොවී උපකාරක පන්ති ගුරුවරයාගේ ප්‍රශ්න පත්‍රයේ ඒ අයුරින්ම සඳහන්ව තිබීම යෑයි ද හෙතෙම කීය.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සියලු තොරතුරු එක්‌රැස්‌ කරගැනීමෙන් පසු අදාළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් පියවරක්‌ ගන්නා බව ද ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය පිළිබඳ විභාගයෙන් පසුව ලද පැමිණිලි පරීක්‍ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු කරගත් මොහොතේම සිද්ධිය පිළිබඳව පොලිස්‌පතිවරයාට මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා  පැවසීය.
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්‌ථාන 4048 කදී දරුවන් 5,42,260 ක්‌ පෙනී සිටින බව කී ජයසිංහ මහතා මෙම හෙළිකිරීම සම්බන්ධයෙන් තම සංගමය පිළිබඳව සොයා බැලීමට වඩා මීට සම්බන්ධ අයට දඬුවම් දීම සහ අසාධාරණයට ලක්‌වන දරුවන්ට සාධාරණය ඉටුකරදීම වඩාත් යෝග්‍ය බව බලධාරීන්ට අවධාරණය කර සිටින බව ද කීය.


ඒ අවස්ථාවේදී විභාග කොමසාරිස්වරයා විසින් පවසන ලද්දේ රහස් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලද බවයි. එසේම රහස් පොලීසිය හෙට දිනයේදී විභාග දෙපාර්තමේන්තුවේද පරීක්ෂණ සඳහා පැමිණෙන බව ඔහු සඳහන් කළේය. නමුත් ලංකා ගුරු සංගමයේ ඉල්ලීම වූයේ රහස් පොලිස් පරීක්ෂණ පැවතියද විභාග දෙපාර්තමේන්තුව මගින් වෙනම ස්වාධීන පරීක්ෂණයක් මේ පිළිබඳව සිදුකළ යුතු බවයි. එවැනි පරීක්ෂණයක් සඳහා කමිටුවක්  පත් කරන බවද විභාග කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරන ලදී.  




අම්පාරේ භූ චලන තවමත් ප්‍රශ්ණයක්


සති කිහිපයක සිට අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වඩිනාගල දේවාලහිඳ, ගල්කන්ද සෙත්සිරිගම, ගල්කන්ද ඇතුළු ගම්මාන රැසක සිදුවන භූ චලන නැවතත් පෙරේදා (15 වැනිදා) අවස්‌ථා 04 කදි සිදුවූ බව එම ගම්වාසීහු පවසති. 15 වැනිදා උදෑසන දෙවතාවක්‌ දහවල් 12.55 ට හා 1.01 ට මෙලෙස භූ චලනයන් සිදුව තිබේ. විශාල ශබ්ද දෙකක්‌ සහිතව සිදුවන මෙම පිපිරීම් නිසා මෙම ප්‍රදේශවල නිවාස රැසකම බිත්ති පිපිරී ගොස්‌ ඇතැයි මෙම ගම්මානවල ජනතාව පවසති. මෙලෙස ඇතිවන භූ චලන නිසා ඉඟිණියාගල ජලාශයේ බැම්මටද හානි සිදුවීමට ඉඩ ඇතැයි ඔවුහු සැක පළ කරති.

මෙම භූ චලනයන් සිදුවන ගම්මානවලට පැමිණි භූ විද්‍යාඥ මහින්ද සෙනවිරත්න හා තාක්‌ෂණික නිලධාරී සුපුන් භානුක මහත්වරුන් ඇතුළු නිලධාරීහු දින කිහිපයක සිට මේ පිළිබඳව පරීක්‌ෂණ කටයුතු සිදු කරමින් සිටිති. පෙරේදා සිදුවූ භූ චලනයන් පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඔවුන් පැවසුවේ දහවල් 12.55 හා 1.01 ට සිදුවූ භූ චලනයන් පිළිබඳව තාවකාලිකව සවිකර තිබෙන භූ කම්පන මානවල සටහන් වී ඇති බවයි. ඒවා ප්‍රබලතාවය අඩු භූ චලනයන් බවද ඔවුහු පවසති.

මේ පිළිබඳව භූ විද්‍යා සමීක්‌ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එම්. පී. විජයානන්ද මහතා ගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීය.

මෙම භූ චලනයන් පිළිබඳව අපි දැඩි අවධානයකින් සිටිනවා. ඒ අනුව අපට මෙම භූ චලනයන් සෙනසුරාදා දිනවල වැඩි වශයෙන්ම සිදුවන බව පෙනී ගියා. අපි මෙම සෙනසුරාදා දිනයේද භූ චලනයන් ඇති වෙතැයි සිතුවා. ඒ අයුරින්ම පෙරේදා යළිත් භූ චලනයන් සිදුවුණා. දැනට පෙනී ගිය කරුණු අනුව අපට වැටහෙන්නේ ස්‌වාභාවික ක්‍රියාවලියකට වඩා මිනිස්‌ ක්‍රියාවලියන් නිසා මේවා සිදුවන බවයි. ඉදිරියේදී මේ තත්ත්වය තවත් පැවතියහොත් දැනට සිදුකරන පරීක්‌ෂණ කටයුතු තවත් පුළුල් කිරීමට කටයුතු කරනවා. යම් කිසි ආයතනයක්‌ ඉදිකිරීම් කටයුතු කිරීමේදී මෙලෙස සිදු වෙනවා නම් එම ආයතනය අප ආයතනයට මෙම පිපිරුම් සම්බන්ධව දැනුම් දුනහොත් මෙලෙස භූ චලනයන් සිදු නොවී අදාළ කටයුතු කිරීමට අප ආයතනයට උපදෙස්‌ ලබාදීමට හැකියි.

Sunday, December 16, 2012

මඤ්ඤොක්‌කා හා පිළිකා


ද්වීතීයික පිළිකාවක්‌ ඇති වීමෙන් පසුව විකිරණ හෝ රස චිකිත්සාවක්‌ (Chemotherapy) නැති ව මා හොඳින් සිටින්නේ කෙසේ දැයි විමසන බොහෝ දෙනා ගේ පැනවලට පිළිතුරු වශයෙන් මේ ලිපිය ලියන්නෙමි.

මීට වසර දහයකට පෙර (එනම් 2002 දී) මා ගේ වකුගඩුවේ සිට මුත්‍රාශය දක්‌වා මුත්‍රා ගෙන යන නාළයේ (ureter මුත්‍ර ප්‍රසේකය) පිළිකාවක්‌ ඇති විය. මගේ පිsළිකාවට ගොදුරු වූ වකුගඩුව, මුත්‍ර ප්‍රසේකය හා මුත්‍රාශයේ සුළු කොටසක්‌ ද ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදී. අනතුරුව මා විකිරණ ප්‍රතිකාරයට පාත්‍ර කෙරිණි.

වසර හතක්‌ පමණ (2009 වසර දක්‌වා) මම නීරෝගීව සිටියෙමි. ඉන්පසුව යළිත් මුත්‍රාශයේ ද්විතීයික පිළිකාවක්‌ වර්ධනය විය. එය කලින් වතාවේ මෙන්ම සංක්‍රමණික පිළිකාවක්‌ විය. එය ද ශල්‍යකර්මයකින් ඉවත් කෙරුණු අතර බයොප්සියක්‌ ද සිදු කරන ලදී. මාසයකට පසු පිළිකාවේ තත්ත්වය (ආශයීක්‌ෂණය හෙවත් Cytoscopy මගින්) පරීක්‌ෂා කිරීමට නියමිත ව තිබිණි.

ඇප්රිකොට්‌ ඇටවල මදයේ ඇති "B 17" නම් වූ ද්‍රව්‍යය පිළිකා සඳහා විකල්ප ප්‍රතිකාරයක්‌ සේ යොදා ගත හැකි බව මට දැන ගන්නට ලැබුණේ මේ කාලයේ ය. www.worldwithoutcancer.org නම් වූ අන්තර්ජාල වෙබ් අඩවියේ මෙය සඳහන් විය. මඤ්ඤොක්‌කාවල ද B 17 නම් වූ මේ ද්‍රව්‍ය අන්තර්ගත බව මේ වෙබ් අඩවියේ අඩංගු තොරතුරුවලින් දැන ගතිමි. ලොව B 17 අඩංගු විවිධ ප්‍රභව අතර මඤ්ඤොක්‌කා ද එක්‌ ප්‍රභවයකි. ඒ අතුරෙන් ලංකාවේ ද සුලබව සොයා ගත හැකි දෙයක්‌ වන මඤ්ඤොක්‌කා වියදම් අධික නො වන ද්‍රව්‍යයක්‌ ද විය.

අත්හදාබැලීමක්‌ ලෙස මම දිනපතා මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීම ආරම්භ කළෙමි. උදැසන ආහාරය සඳහා මඤ්ඤොක්‌කා පිගානක්‌ පොල් හා සම්බෝල සමග ද, දවාලට සහ රෑට වෑංජනයක්‌ ලෙස බත් සමග ද මඤ්ඤොක්‌කා ආහාරයට ගතිමි. මෙසේ දිනපතා නොකඩවා මඤ්ඤොක්‌කා තුන් වේලක්‌ ආහාරයට ගැනීමෙන් මාසයකට පසුව මුත්‍රාශයේ පිළිකාවේ තත්ත්වය පරීක්‌ෂා කිරීමට ආශයීක්‌ෂණ පරීක්‌ෂාවට ද පෙනී සිටියෙමි. එම පරීක්‌ෂාවෙන් හෙළි වූයේ පිළිකාවක කිසිදු සලකුණක්‌ නැතිs බවයි. වෙනත් කිසිදු ප්‍රතිකාරයක්‌ නො ගැනීමටත් මඤ්ඤොක්‌කා අනුභවය දිගට ම කරගෙන යැමටත් මම තීරණය කළෙමි.

මුත්‍රා සමග රුධිරය පිට වීම හෝ වෙනත් වේදනාවක්‌ හෝ රෝග ලක්‌ෂණ නොමැති හෙයින් මා වැනි රෝගීන් ගේ යහපත තකා මාගේ අත්දැකීම් ලෝකයට හෙළි කළ යුතු යෑයි තීරණය කළෙමි.

2009 වසරේ දී මා ගේ අත්දැකීම ලෝකයාට හෙළි කොට දැන් වසර 3ක්‌ ගෙවී තිබේ. මා තුළ පිළිකාවක කිසිදු සලකුණක්‌ නැති අතර මම හොඳින් සිටින්නෙමි. මඤ්ඤොක්‌කාවල අඩංගු B 17 නැමැති ද්‍රව්‍යයේ රෝග නිවාරණ ශක්‌තියක්‌ ඇති බැව් දැනුදු මම විශ්වාස කරන්නෙමි. ශරීරයේ විවිධ කොටස්‌වල පිළිකා තත්ත්වයන් මඤ්ඤොක්‌කා අනුභවය හරහා සුවපත් වී ඇති බැව් විවිධ අය මා වෙත දන්වා ඇත. එබඳු එක්‌ වයසක මහත්මයකු මා වෙත මුදල් දීමට සූදානම් වූ නමුත් මම එය ප්‍රතික්‌ෂේප කළෙමි. එක එන්නතක්‌ සඳහා රු. 47,000ක්‌ වැය වන බවත් ඒ මුදල් මේ ප්‍රතිකාරය නිසා ඉතිරි වූ බවත් මුදල් දීමට පෙලඹුණේ ඒ නිසා බවත් ඔහු පැවසී ය.

මා ගේ අත්දැකීම සහිත ලිපිය අන්තර්ජාලය හරහා කියවූ ඇමෙරිකාවේ ලැරී වොන් නැමැති වෛද්‍යවරයෙක්‌ පිළිකා සඳහා මඤ්ඤොක්‌කා යොදා ගන්නා ආකාරය ගැනත්, මඤ්ඤොක්‌කා තම්බන ආකාරය හා ආහාරයට ගන්නා ආකාරය ගැනත් ප්‍රශ්න වැලක්‌ ඉදිරිපත් කළේ ය. මේ තරම් ප්‍රශ්න අසන්නේ ඇයි දැයි මා එතුමා ගෙන් විමසූ විට ඔහු ගේ පිළිතුර වූයේ පිළිකා සුවය සඳහා මඤ්ඤොක්‌කා යොදා ගත් පළමුවැනි තැනැත්තා මා නො වන බවත් පීලිපීනයේ මැනිලාහි සන් තෝම් වෛද්‍ය විද්‍යාලයයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මඤ්ඤොක්‌කා ප්‍රතිකාරයෙන් පිළිකා රෝගීන් 500කට අධික සංඛ්‍යාවක්‌ සුවපත් කොට ඇති බවත් ය. ඔහු ජීව රසායනය පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන්නෙක්‌ ද වේ.

මහාචාර්ය මැනුවෙල් නවාරෝ හෝ ලැරී වොන් පිළිබඳ වැඩිදුර තොරතුරු අන්තර්ජාලයේ ගූගල් සෙවුමකින් ලබා ගත හැකි ය. මහාචාර්ය නවාරෝ ජීවත් වූයේ අන්තර්ජාල යුගය උදා වන්නට පෙර ය. එහෙයින් එතුමා ගේ සොයාගැනීම් ලොව පුරා ප්‍රචාරය නො වී ය. එහෙත් එතුමා ගේ ආයතනය මැනිලාහි වේ. ග්‍රන්ථ 3ක්‌ ලියා ඇති මහාචාර්ය නවාරෝ පර්යේෂණ පත්‍රිකා රැසක්‌ අන්තර්ජාතික වෛද්‍ය සම්මේලනවලට ඉදිරිපත් කොට ඇත.

මහාචාර්ය නවාරෝ විසින් යොදාගන්නා ලද විශේෂිත වූ B 17 ප්‍රතිකාර ක්‍රමයක විස්‌තර ලැරී වොන් විසින් මා වෙත එවනු ලැබී ය. ඒ ක්‍රමය මෙසේ ය.

"අගල් හතරක්‌ පමණ දිගැති, විෂ්කම්භය අගල් 2-3ක්‌ පමණ වූ අමු මඤ්ඤොක්‌කා අල කෑල්ලක්‌ ගෙන, සුද්ද කොට කුඩා කැබැලිවලට කපා ගන්න. ඉන්පසුව එම කැබැලි බ්ලෙන්ඩරයකට දමා වතුර කෝප්ප 2ක්‌ ද දමා (පිරවූ කෝප්ප 2ක්‌) විනාඩි 2ක්‌ අඹරා (බ්ලෙන්ඩ්) ගන්න. අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය 2ක්‌ ශීතකරණයේ තබන්න. සුදු කොටස (ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට) එවිට භාජනයේ පත්ලේ තැන්පත් වනු ඇත. ඉහළින් ඇති අවර්ණ වතුර බඳු දියර කොටස පරෙස්‌සමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් බාගයක්‌ උදේ ද ඉතිරි බාගය සවස ද පානය කරන්න."

B 17 නැමැති ද්‍රව්‍ය නිස්‌සාරණය කිරීමට මහාචාර්ය නවාරෝ යොදා ගත්තේ යථොක්‌ත ක්‍රමයයි. මේ නිස්‌සාරකය දියවැඩියා රෝගීන්ට ද යොදා ගත හැකි ය. ඒ සීනි කොටස ඉවත් ව ඇති හෙයිනි. එසේ ම මෙය පිළිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට ද යොදා ගත හැකි ය. නැවුම් දොඩම් යුෂ හෝ ලෙමන් යුෂ එක්‌ කර ගැනීමෙන් එය ප්‍රණීතවත් පානයක්‌ කර ගත හැකි ය. පිළිකා නිවාරණ ඖෂධ සඳහා මුදල් වැය කිරීමට හැකියාවක්‌ නැති අයට මේ තොරතුරු විශේෂයෙන් වැදගත් වේ යෑයි සිතමි.


වෛද්‍ය සින්තියා ජයසූරිය
wilfredjayasuriya@yahoo.com
පරිවර්තනය - ආචාර්ය පියසිරි අමිලසිත් යාපා
විදුසර සටහන :
රෝගීන් මේ ලිපියෙහි ඇතුළත් කරුණු මත පමණක්‌ පදනම් ව පිළිකා හෝ දියවැඩියා ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණයකට එළඹීම ඥනාන්විත නො වන බව විශේෂඥ වෛද්‍ය මතයයි. පිළිකා හෝ දියවැඩියාව සඳහා මඤ්ඤොක්‌කා ප්‍රතිකාර ක්‍රමය සම්මත ප්‍රතිකාරයක්‌ ලෙස පිළිගැනීමට ලක්‌ වීමට නම් රටවල් රැසක රෝගීන් විශාල ප්‍රමාණයක්‌ අරභයා පරීක්‌ෂා කර ප්‍රතිඵල තහවුරු කරගත යුතු ය. මේ සඳහා සම්මත විද්‍යාත්මක විධික්‍රම අනුගමනය කළ යුතු ද වේ. මේ කෙරෙහි වෛද්‍ය පර්යේෂණ අංශවල අවධානය නොපමා ව යොමු වන්නේ නම් මැනැවි.

උපුටා ගැනීම
 http://www.vidusara.com/2012/12/12/vedasara.html

Saturday, December 15, 2012

නැවත මාලිංග ගැන ටෙස්ට් ක්‍රීඩා කිරීම ගැන කතා බහක්


ඕස්ටේ‍්‍රලියානු බිග් බෑෂ් විස්සයි විස්ස තරගාවලියේ දී විශිෂ්ඨ දස්කම් ප‍්‍රදර්ශනය කළ ද ලසිත් මාලිංග නැවතත් ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සඳහා කැඳවීමේ අදහසක් නැතැයි මහේල ජයවර්ධන පවසනවා.  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල කියා සිටියේ එමගින් ඔහුගේ කි‍්‍රකට් කී‍්‍රඩා දිවිය අවදානමකට ලක් කිරීමට සූදානම් නොමැති බවයි. තමාටම ආවේණික ශෛලියකින් වේග පන්දු යවන මාලිංග  ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් තරගාවලියේ දී ලකුණු 7කට කඩුලූ 6 ක් බිද හෙලූවා. එය  ඕස්ටේ‍්‍රලියාවේදී මෙතෙක් වාර්තා වූ විශිෂ්ඨතම විස්සයි විස්ස පන්දු යැවීමයි. කෙසේ නමුත් මහේල ජයවර්ධන කියා සිටියේ ටෙස්ට් තරග සඳහා සහභාගි විය හැකි බවට සියයට සියයක විශ්වාසයක් පවතින්නේ නම් මාලිංග ඒ සඳහා සහභාගිවීමේ ගැටළුවක් නොමැති බවයි. එවැනි අවස්ථාවක ඔහු ටෙස්ට් කණ්ඩායමට යළි කැඳවීමට තමාද කැමැත්තෙන් සිටින බව මහේල ජයවර්ධන සඳහන් කළා.
තවද කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබාදීමේ අරමුණින් මහේල ජයවර්ධන සිය ධුරයෙන් ඉවත් වන බවට අද නිවේදනය කළ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කළමනාකරු චරිත් සේනානායක පවසනවා. අද පැවති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණු සැසියෙන් අනතුරුව මහේල ජයවර්ධන සිය ඉවත්වීම සම්බන්ධයෙන් එරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. 
මේ අතර, වෝන් - මුරලි කුසලානය සඳහා පැවැත්වෙන ශ‍්‍රී ලංකා -  ඕස්ටේ‍්‍රලියා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය හොබාට්හි - බෙලරීව් ඔව්ල් ක‍්‍රීඩාංගනයේදී ඊයේ(14) ආරම්භ වුණා. ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අද (15) දිනයේදී දිවා ආහාරයට නතර කරන විට  කඩුලූ5ක් දැවී ලකුණු 364 ක් ලබා සිටියා. පිලිප් හියුස්  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ලකුණු 86 ක් රැස් කළ අතර ඬේවිඞ් වෝනර් ලකුණු 57 ක් ද නයක මයිකල් ක්ලාක් ලකුණු 74ක් හාමයික් හසි නොදැවී ලකුණු 66 ක් ලබා ගත්තා. ඔස්ටේ‍්‍රලියානු පිලේ දැවී ගිය කඩුළු 05 න් කඩුළු 3 ක්ම බිඳ හෙලූවේ චානක වෙලගෙදරය.

Friday, December 14, 2012

ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර පළමු තරගය අද


ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර පැවැත්වෙන 11 වැනි ටෙස්‌ට්‌ තරගය මෙය වන අතර මුරලි-වෝන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තෙවැනි ටෙස්‌ට්‌ තරගාවලියේ පළමු තරගය අද (14 දා) බිලර්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ඔස්‌ට්‍රේලියාවේදී පළමු වරට ටෙස්‌ට්‌ තරග ජයක්‌ ලැබීමේ දැඩි බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙවර තරගාවලියට සහභාගි වන අතර මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වය ලබා දෙන අවසන් ටෙස්‌ට්‌ තරගාවලියද මෙය වේ.

"තේරීම් කමිටුවේ ඉල්ලීම මත මම මාස 12 ක කාලයකට තමයි නායකත්වය ලබාගත්තෙ. මේ සංචාරයෙන් පසු මම නායකත්වයෙන් ඉවත් වෙනවා. ඒ ගැන තේරීම් කමිටු නිලධාරීන් සමගත් මම සාකච්ඡා කළා. ඇන්ජලෝ මැතිව්ස්‌ මගෙන් පස්‌සෙ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය සඳහා සූදානමින් සිටිනවා.
ඔස්‌ට්‍රේලියාවේදී ටෙස්‌ට්‌ ජයක්‌ ලැබීමට මෙම තරගාවලිය අපිට හොඳ අවස්‌ථාවක්‌. ටෙස්‌ට්‌ තරග තුනක්‌ තිබීම ගොඩක්‌ හොඳයි." යනුවෙන් ටෙස්‌ට්‌ තරගය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මහේල ජයවර්ධන අදහස්‌ දක්‌වා ඇත.

අද තරගය පිළිබඳව
ඔස්‌ට්‍රේලියානු නායක මයිකල් ක්‌ලාක්‌ පවසා සිටියේ, "ශ්‍රී ලංකාව ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකුගෙන් සමන්විතයි. සංගක්‌කාර, මහේල සහ ඩිල්ෂාන් ශ්‍රී ලංකා පිතිකරු අංශය ශක්‌තිමත් කරන අතරවාරයේ රංගන හේරත් පන්දු යෑවීමේ ප්‍රධාන තුරුම්පුව වෙලා තියෙනවා.' යනුවෙනි.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමේ අංක 3 පිතිකරු වූ රිකී පොන්ටින් ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඔස්‌ට්‍රේලියාව සහභාගි වන පළමු ටෙස්‌ට්‌ තරගාවලිය මෙය වේ. පොන්ටින්ගේ ස්‌ථානය සඳහා පිලිප් හොග් කණ්‌ඩායමට එක්‌කොට ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායම වේග පන්දු යවන්නන් තිදෙනකු සමග අද තරගයට පිවිසෙන බව
ඔස්‌ට්‍රේලියාවෙන් වාර්තාවේ. රංගන හේරත් දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කරන බව වාර්තා වේ. ආරම්භක පිතිකරු තරංග පරණවිතාන වෙනුවට දිමුත් කරුණාරත්න අද තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම තරගය සඳහා සකසා ඇති ඕවල් තණතීරුව ටෙස්‌ට්‌ ක්‍රීඩාවට උචිත ලෙස සකස්‌ කර ඇති අතර එය පිතිකරුවන්ට වාසිදායක වනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්‌ට්‌ තරග දෙකම පරාජයට පත්ව තිබේ. ශ්‍රී ලංකා ප්‍රධාන පිතිකරුවන් යුගල වන මහේල ජයවර්ධන (104) සහ කුමාර් සංගක්‌කාර (192) ඕවල් ක්‍රීඩාංගණයේදී ශතක ලැබූ පිතිකරුවන් වේ.

ඔස්‌ට්‍රේලියාව ඕවල් ක්‍රීඩාංගණයේදී තරග 10 කට සහභාගි වී ඉන් තරග 7 ක්‌ ජය ගෙන ඇති අතර අවසන් වරට ඉකුත් 2011 දී නවසීලන්තය හමුවේ ලකුණු 07 ක පරාජයක්‌ ලබා තිබේ.

ටෙස්‌ට්‌ ලකුණු දස දහසේ සීමාව ඉක්‌මවා යැම සඳහා ලකුණු 107 ක්‌ පිටුපසින් පසුවන සංගක්‌කාරට මෙම තරගයේදී අදාළ ඉලක්‌කය පසුකිරීමට හැකියාව ලැබුනොත් ලොව ටෙස්‌ට්‌ ලකුණු දස දහස සීමාව ඉක්‌මවා ගිය 11 වැනියා ලෙස ඔහු ඉතිහාස ගත වේ.

ඔස්‌ට්‍රේලියානු කාලගුණ වාර්තාවලට අනුව මෙම ටෙස්‌ට්‌ තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවස්‌ථාවක්‌ පවතින අතර තරගයේ පළමු දින හතරේදී එම අවධානම පවතින බව වාර්තා වේ.

Thursday, December 13, 2012

මහේල ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසු නායකත්වයෙන් ඉවත්වන බව පවසයි


ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසු තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව මහේල ජයවර්ධන පවසයි. ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සංචාරය සම්බන්ධයෙන් එරට දී පැවැති මාධ්‍ය හමුවකදී මහේල මේ බව පවසා ඇතැ බව සඳහන්ය.
ඒ අනුව ජනවාරි 23 වැනිදා හෝබාට් හි පැවැත්වෙන 5 වන එක් දින තරඟයෙන් අනතුරුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වනු ඇති. තිලකරත්න දිල්ෂාන් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග මහේල ජයවර්ධන යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර නව නායකයෙකුට කණ්ඩායම භාරකරන තුරු කෙටි කාලසීමාවකට තමන් නායකත්වය දරණ බවයි මහේල එහිදී ප‍්‍රකාශ කළේය.මහේල ජයවර්ධන මාස 12 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණේ පසුගිය ජනවාරී මාසයේදීය.
තමන් එම කාලය තුළදී ලබාගත් සාර්ථකත්වය පිළිබඳව සෑහීමට පත්වන බවද මහේල එම මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇත. ඒ අනුව ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් පසු විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වනු ලැබුවා. මහේල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග බොහෝදුරට උපනායක ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වේයයි සිතිය හැක. 

Wednesday, December 12, 2012

කෘෂි රසායන හා රජරට වකුගඩු රෝගය

රජරට පුරාවට නැවතීමක්‌ නැතිව පැතිරී යන වකුගඩු රෝගයට හේතුකාරකය වී ඇත්තේ ආසනික්‌ රසායනික මුහුවූ කිවුල් ජලය පානය කිරීමෙන් යෑයි දිවයිනේ විද්‍යාඥ කණ්‌ඩායම් මතුකළ සොයා ගැනීම පිළිගැනීමට තරම් ප්‍රබල සාධක ඇතැයි අන්තර්ජාතික වෝහාරික වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය "නූනෝ විෂ්රා" මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ගාලුමුවදොර හෝටලයේ පැවති විද්වත් සාකච්ඡාවට හවුල් වූ විෂ්රා මහතා රජරට ප්‍රදේශයේ පැතිරී යන වකුගඩු රෝගයට හේතු සාධක අනාවරණය කරගත් දේශීය විද්‍යාඥ කණ්‌ඩායම්වල සොයාගැනීම පැසසුමට ලක්‌ කළේය.

සමහර ලතින් ඇමරිකානු රටවල දැනට මතුවෙමින් පවත්නා වකුගඩු රෝගයද රජරට වකුගඩු රෝගයට බෙහෙවින් සමාන යෑයි සඳහන් කළ මහාචාර්යවරයා ලෝකයේ බොහෝ කෘෂිකාර්මික රටවල මතුවෙමින් පවත්නා රසායනික ජල අපවිත්‍රතාව පිළිබඳ ලාංකික විද්‍යාඥ කණ්‌ඩායම් මතුකරගත් සත්‍යය මුළුමහත් ලෝකයටම ඵලදායක වනු ඇතැයි අවධාරණය කළේය.

"කැල්සියම් ආසනේට්‌" සංයෝගයේ රසායනික හැසිරීම් රටාවේ ඇති සුවිශේෂත්වය නිසා "හේතු කාරකය" වෛද්‍ය විද්‍යාවට අබිරහසක්‌ව පැවති නමුත් ලාංකීය විද්‍යාඥ කණ්‌ඩායම් එය නිවැරදිව හඳුනා ගෙන එළියට දැමීම ගැන ජාත්‍යන්තර ඇගයීමකට මොවුන් ලක්‌වනු ඇතැයි මහාචාර්යවරයා තවදුරටත් අනාවරණය කළේය.

මුලදී කැල්සියම් ප්ලෝරයිඩ් සහ කැඩ්මියම් බැරලෝහ රජරට භූගත ජලයේ තැනින් තැන මුහුවී තිබූ අතර මෑතක දී ඉතා වේගයෙන් ආසනික්‌ සහ රසදිය ජලයේ කිව්ලට මුහුවන්නට විය. මෙම රසායනික ක්‍රියාකාරීත්වය ගැන කිසිවක්‌ නොදන්නා පොදු ජනතාව පුරුදු පරිදි ළිංවල, උල්පත්වල ජලය පානයට ලබාගත්හ.

අපේ විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි අඩසියවසක්‌ පුරාවට මෙරට මහ පොළවට වක්‌කරන ලද කෘෂි රසායනවල පවත්නා රසායනික විෂ කාරකයන් වන ආසනික්‌, රසදිය වැනි දේ භූගත ජලයට මුහුවී තිබීමේ හේතුවෙන් එම විෂකාරක මුහුවූ ජලය කාලයක්‌ තිස්‌සේ පානය කිරීම හේතුවෙන් රජරට ජනතාව වකුගඩු රෝගයට බිලිවන බව ලෝක විද්වතුන්ගේද, ලෝක සෞඛ්‍ය සංවිධානයේද පිළිගැනීම වී තිබේ. නමුත් මේ සියලු මත තවමත් පිළිගැනීමට මැළිවන්නේ රජරට ජනතාවට වගකිවයුතු උතුරු මැද පළාත් සභාව සහ මධ්‍ය රජයයි.

"නිකරගුවාවේ" බහුල ලෙස සිදු කෙරෙන උක්‌ වගාවට කෘෂි රසායන භාවිතා කිරීමේ හේතුවෙන් 2009 මැයි 22 වැනිදා වන විට "සෑන් ඇන්තෝනියෝ සීනි සමාගමේ සේවය කළ කම්කරුවන්ගෙන් 3251 ක්‌ වකුගඩු රෝගය සෑදීමෙන් මියගොස්‌ ඇති බව වාර්තාවේ. මේ උක්‌ ගොවිපළවල්වල බිමේ වල් නැසීම සඳහා ඔවුන් නිරන්තරයෙන් භාවිතා කර ඇත්තේ ග්ලයිපොසේට්‌, පැරකොට්‌, නමැති වල් නාශකයන්ය. දේශීය වශයෙන් දැනුදු භාවිතා කරන කෘමිනාශක හා වල් නාශකයන්ද මීට සමානය. 1960 ආරම්භ කළ හරිත විප්ලවයත් සමග මෙරට ගොවිතැනට කඩා වැදුණ ක්‌ලෝරිනී කෘත පළිබෝධ නාශකයන් ඩී. ඩී. ටී, ඩියෑල්ඩ්‍රන්, ඇල්ඩ්‍රන්, එන්ඩොසල්පාන්, මැලතියන් වැනි කෘෂි රසායන වර්ග 1976 දී කිලෝලීටර් 2000 ක්‌ ද 1978 දී කිලෝලීටර් 5000 ක්‌ ද මෙරටට ආනයනය කර තිබේ. අවුරුද්දක්‌ පාසා ක්‍රමයෙන් වැඩිකරන ලද මෙම සියලු විෂකාරකයන් අඩසිය වසක්‌ මුළුල්ලේ වක්‌කරන ලද්දේ අපේ මහ පොළවටය. මේ අනුව තවදුරටත් භූගතයේ පිරිසිදු ජලයක්‌ පවතීද?

තවමත් අපේ රටේ ගොවිතැනට යොදා ගන්නා පළිබෝධ නාශක හා දිලීර නාශකයන් ඇමරිකාවේ සෘජුවම තහනම් කර තිබේ.

ඇමෙරිකාවේ දී දශක දෙක තුනකට පෙර තහනම් කරන ලද පළිබෝධ හා දිලීර නාශකයන් තවමත් අප රටේ භාවිතයෙහි පවතී. ඒවා ගොවිතැනට යෙදීමෙන් අනෙකුත් රෝගවලට අමතරව ජල දූෂණයද සිදුවන බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. මේ අනුව අපේ විද්‍යාඥයන්ගේ සොයා ගැනීම එනම් ආසනික්‌, රසදිය ආදී රසායනික විෂකාරකයන් භූගත ජලයට මුහුවී එම ජලය පානයට ගැනීමෙන් වකුගඩු රෝගය වැළඳෙන බවට කර ඇති නිගමනය නිවැරදිය.

හරිත විප්ලවය පටන් ගත් 1960 සිට අඩසියවසක්‌ මුළුල්ලේ පළිබෝධ නාශක, දිලීර නාශක සහ වල් නාශක අපේ පොළවට වැක්‌කිරීමෙන් මේ වනවිට පටන් ගෙන ඇත්තේ මහා මිනිස්‌ ඝාතනයකි. අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ වෛද්‍ය පාලිත බණ්‌ඩාර මහාතට අනුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රජරට වකුගඩු රෝගය පිළිබඳ කර ගෙන යන පර්යේෂණ කණ්‌ඩායම් දහයක නිගමන අනුව රජරට ජනතාවගෙන් 15.5% කට මේ වනවිට වකුගඩු රෝගය වැළඳී තිබේ. අනුරාධපුර වකුගඩු රෝග පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අසංක රණසිංහ මහතාට අනුව අනුරාධපුරයේ දින දෙකකට එක්‌ රෝගියකු බැගින් වකුගඩු රෝගීන් මියයති. වකුගඩු උවදුරෙන් ජීවිත බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය කැඳවුම්කරු වූ වෛද්‍ය සුසිල් රණසිංහ මහතාට අනුව මේ වනවිට උතුරු මැද පළාතේ එක්‌ ලක්‍ෂ විසිදහසකට පමණ වකුගඩු රෝගය සෑදී තිබේ. "වකුගඩු රෝගය හැදුනා" යනු මරණ වරෙන්තුව අතට ලැබීමකි. මක්‌ නිසාද? මෙම වකුගඩු රෝගය නිට්‌ටාවට සුව කිරීමට මෙතෙක්‌ දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් කිසිදු ඖෂධයක්‌ සොයා ගෙන නැතිවීමය. දැනට වකුගඩු රෝගීන්ට සපයනු ලබන බටහිර ඖෂධවලින් කෙරෙන්නේ රෝගය උත්සන්න වන්නට ඉඩ නොදී ටික කලකට රෝගියා ජීවත් කරවීමය. ඖෂධවලට අඩංගු නොවන තැන තවත් බටහිර ප්‍රතිකාර ක්‍රමවේදයක්‌ වූ රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ කාර්යය සතියකට දෙතුන් වරක්‌ යන්ත්‍රානුසාරයෙන් ඉෂ්ට සිද්ධකරයි. ඒ මගින්ද වැඩි කලක්‌ රෝගියා ජීවත් කිරීමට නුපුළුවන. මේ සියල්ල බටහිර ඖෂධ මාපියාවේ රෝගීන් මුලා කිරීමේ ප්‍රතිකාර මිස රෝගය නිට්‌ටාවට සුව කිරීමේ පිළියම් නොවේ.

මේ දවාචකයේ අවසාන ප්‍රතිඵලය කුමක්‌ විය හැකිද? අතීතයේ පැවති මාඝ ආක්‍රමණයේ දී මෙන් රජරට ප්‍රදේශය යළිත් ජනශූන්‍ය ප්‍රදේශයක්‌ විය හැකිය. කුඹුරුපිටි පාලුවී... පුරන්වී වැව් අමුණු කැඩී බිඳී ගොස්‌ රටට බත සපයන පරිසරයත්, ගොවි හමුදාවත් නැතිවී යාහැකිය. දේශපාලකයන්ගේ ඉසුරුමත් ස්‌වර්ග රාජ්‍යයද සෝදාපාළු විය හැකිය.

ජනතාවට වතුර පෙරණයක්‌ නොමිලයේ ලබාදී ඔවුන් ටික කලකට රැවටිය හැකිය. නමුත් වකුගඩු රෝගය රවටන්නට ඒ මගින් නුපුළුවන. ජනතාවට පානයට පිරිසිදු ජලය ලබාදීමට අමතරව භූගත ජලයට විෂකාරක මුහුකරන කැඩ්මියම් සහිත ආනයනික රසායනික පොහොර, ආසනික්‌, රසදිය සහිත කෘමිනාශක, දිලීර නාශක සහ වල්නාශක යන සියලු දේ මෙරටට ගෙන්වීම නවත්වා ලෙඩවී ඇති රජරට මහපොළව යළි සුවපත් කිරීමත් රට හදන්නට ගොස්‌ සිටින රජරට දේශපාලකයන්ගේ පැහැර හැරිය නොහැකි වගකීමකි. ඡන්දය ලබා ගත්තාට මදි. ඉදිරියේදීත් ඡන්දය ලබා ගන්නට නම් ජනතාවගේ දිවි රැක දිය යුතුය.

Tuesday, December 11, 2012

100000 කඩඉම පසුකලා



පිටිගල විත්ති 100000 ක් වාරයක් බැලූ ඔබ සියළුදෙනාටම      බෙහෙවින්ම ස්තූතියි.



ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට නවක තරු අවශ්‍යයි -ග‍්‍රැහැම් ෆෝඞ්


ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළේ සුපිරි ක‍්‍රීඩකයන් විශ‍්‍රාම යන විට ඔවුන්ගේ තැන ගැනීම සඳහා නව කී‍්‍රඩකයන් සොයා ගැනීම කඩිනමින් සිදුකළ යුතු බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසනවා. එසේ නොමැති වුවහොත් ශ‍්‍රී ලංකා පිළ නුදුරේදීම ජාත්‍යන්තර තලයේ අසීරුතාවට පත්වනු ඇති බවට ඔහු අනතුරු ඇගවීමක් ද කළා. ශී‍්‍ර ලංකා පිළේ වත්මන්  ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් පසු සිය කි‍්‍රකට් අනාගතය පිළිබදව තීරණයකට එළඹෙන බව නායක මහේල ජයවර්ධන දැනටමත් පවසා අවසන්. මහේල මෙන්ම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු බල ඇණියට අයත් කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ශාන් සහ තිලාන් සමරවීර වයස අවුරුදු 35 ඉක්මවූ කී‍්‍රඩකයන්. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසන්නේ ඔවුන්ගේ සේවය තව බොහෝ කල් ලබා ගැනීම දුෂ්කර බවයි. එබැවින් ශ‍්‍රී ලංකා පිළේ අනාගතය ස්ථාවර කිරීම සඳහා නව සුපිරි තරු බිහි විය යුතු අතර එය කඩිනමින් සිදුවිය යුත්තක් බව පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසා ඇත.

Monday, December 10, 2012

ජාතික භාෂා ඇමතුම් මධ්‍යස්‌ථානයක්‌

දැනට දිවයිනේ බොහෝ ආයතනවල ක්‍රියාත්මකවන භාෂා ඇමතුම් මධ්‍යස්‌ථානවලට වඩා උසස්‌ තාක්‍ෂණික හා සන්නිවේදන ක්‍රමෝපායන් අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ රාජ්‍ය තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනයේ පූර්ණ සහාය ඇති ව ජාතික භාෂා ඇමතුම් මධ්‍යස්‌ථානයක්‌ පසුගිය 28 වැනි දින පිහිටුවනු ලැබී ය. 1956 කෙටි දුරකථන අංකය යටතේ පිහිටවනු ලැබු මේ ජාතික භාෂා මධ්‍යස්‌ථානය පිsළිබඳ අදහස්‌ දැක්‌වු ජාතික භාෂා සමාජ ඒකාබද්ධ හා අමාත්‍ය වායුදේව නානායක්‌කාර මහතා ශ්‍රී ලාංකිකයන්ට දිවයිනේ ඕනෑ ම ප්‍රදේශයකින් කටයුතු කරගැනීමේ දී තම මවු භාෂාවෙන් එම කාර්යයන් ඉටු කර ගැනීමට හැකියාව තිබිය යුතු බැව් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් තහවුරු වී තිබෙන බවත් කිසියම් රාජ්‍ය ආයතනයක දී මවු භාෂාවෙන් කිසියම් කාර්ය කරගැනීමේ දී අපහසුතාවක්‌ හෝ භාෂාමය ගැටලුවක්‌ ඇති වුව හොත් ක්‍ෂණික ඇමතුම් මධ්‍යස්‌ථානය ඇමතීමෙන් ඒ සඳහා කඩිනම් විසඳුමක්‌ ලබාගත හැකි බවත් පවසී ය. භාෂාමය ගැටලු භාෂා අධ්‍යාපනික අවස්‌ථාව සඳහා තෝරතුරු ලබා දීමට අමතරව රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක නො වන අවස්‌ථාවල දී අදාළ පාර්ශ්වයන් සමග කටයුතු කරන මැදිහත්කරුවකු ලෙස මේ ජාතික භාෂා ඇමතුම් මධ්‍යස්‌ථානය ක්‍රියාත්මක වන බව ද ඒ මහතා පැවසී ය.

testtt posttt

testtt posttt

test post

kkdkfklreg;

Sunday, December 2, 2012

ඇන්රොයිඩ් ඇප්ස් 3 කොටස



Google map වල Navigation active කර ගනිමු


මුලින්ම මේ video එක බලලම ඉන්නකෝ

 

අපේ android phone එකට එන Google map එකේ  Navigation  වලට ගියවිට  අපේ රටට support කරන්නේනැහැ කියලා මේ විදිහට message එනවා.එහෙම ඇවිල්ලා නැතිනම් Google map වල Navigation  වලට  ගිහිල්ලා බලන්න.

 

ලංකාවේ වැඩිපුරම පාරවල් තියෙන එකම හොදම නොමිලේ දෙන මැප්එක තමයි google maps කියන්නේ. සල්ලි වලට ගන්න තියෙන එවායේ කොළඹින් පිට පාරවල් ගොඩක් අඩුයි ඒකනිසා  google map navigation ලංකාවේ ඉන්න අපිට ගොඩක් වටිනවා.

මුලින්ම කරන්න ඔනේ තියෙන map එක අයින් කරන එක. අයින් කරාට බය වෙන්න එපා ඔනනම් ආයිත් restore කර ගන්න පුළුවන්. මේ ඇප් එක අයින් කරන්න සමාන්‍ය විදිහට බෑ. ඒ කියන්නේ  application manager වල පෙන්වන්නේ නැහැ. ඒක නිසා මේ වැඩේට අපිට ටයිටේනියම් බැකප් app එකත් ඕන වෙනවා ඒ කියන්නේ phone එක root කරලා තියෙන්න ඔනේ.

titanium backup (ටයිටේනියම් බැකප්) ගැන ඇන්රොයිඩ් ඇප්ස්  1 කොටසෙන් බලන්න.

මුලින්ම titanium backup  app එක open කර backup/restore  tab එකට ගොස් MAP එක click කරන්න.

රූපය බලන්න

දැන් backup එක ඔබා google map app එක backup කර ගන්න.
රූපය බලන්න


දැන් Wipe data click කර data wipe කර ගන්න
රූපය බලන්න


දැන් uninstall click කර google map app එක uninstall  කර ගන්න
රූපය බලන්න


දැන් පහත ලින්ක් එකකින් නැවත google map එක install  කර ගන්න.




application manager වල කලින් නොතිබුනු google map දැන් ඇවිත් ඇති දැන් application manager  එකට ගිහින් බලන්න.
රූපය බලන්න

දැන් google map එක click කර clear cache හා clear data යන දෙකම ඔබා  පසුව උඩ තියෙන uninstall එකත් click කර google map එක uninstall  කර ගන්න.
රූපය බලන්න

ඊලගට කරන්න තියෙන්නේ Navigation  active කරපු Google map  එක install කර ගන්න එකයි.
මෙන්න ඒ Map එක



මේ Navigation  active කරපු Google map  එක install කර ගත්තට පසුව එක පාරට open කරන්න යන්න එපා. තව පොඩි වැඩක් තියෙනවා කරන්න.
ඊට පස්සේ නැවතත් කලින් විදිහටම titanium backup  app එක open කර backup/restore  tab එකට ගොස් MAP එක click කරන්න.
දැන් කරන්න තියෙන්නේ restore  එක ඔබන්න.
 රූපය බලන්න


දැන් එකේ තියෙන data only කියන එක ඔබන්න.
රූපය බලන්න




දැන් වැඩේ හරි MAP එකට ගිහිල්ලා Navigation  click කරලා බලන්න.