Tuesday, December 11, 2012

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට නවක තරු අවශ්‍යයි -ග‍්‍රැහැම් ෆෝඞ්


ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළේ සුපිරි ක‍්‍රීඩකයන් විශ‍්‍රාම යන විට ඔවුන්ගේ තැන ගැනීම සඳහා නව කී‍්‍රඩකයන් සොයා ගැනීම කඩිනමින් සිදුකළ යුතු බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසනවා. එසේ නොමැති වුවහොත් ශ‍්‍රී ලංකා පිළ නුදුරේදීම ජාත්‍යන්තර තලයේ අසීරුතාවට පත්වනු ඇති බවට ඔහු අනතුරු ඇගවීමක් ද කළා. ශී‍්‍ර ලංකා පිළේ වත්මන්  ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් පසු සිය කි‍්‍රකට් අනාගතය පිළිබදව තීරණයකට එළඹෙන බව නායක මහේල ජයවර්ධන දැනටමත් පවසා අවසන්. මහේල මෙන්ම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු බල ඇණියට අයත් කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ශාන් සහ තිලාන් සමරවීර වයස අවුරුදු 35 ඉක්මවූ කී‍්‍රඩකයන්. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසන්නේ ඔවුන්ගේ සේවය තව බොහෝ කල් ලබා ගැනීම දුෂ්කර බවයි. එබැවින් ශ‍්‍රී ලංකා පිළේ අනාගතය ස්ථාවර කිරීම සඳහා නව සුපිරි තරු බිහි විය යුතු අතර එය කඩිනමින් සිදුවිය යුත්තක් බව පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසා ඇත.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්