Thursday, July 10, 2014

ගනන් බැරි අයට සුබ ආරංචියක්

 
සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් වන සිසු සිසුවියන්ට වසර දෙකක් තුළ ගණිතය සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට හැකිවන ආකාරයට කැබිනට් පති‍්‍රකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත හෙට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව මෙම කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමි වුවහොත් පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සිට ඉදිරියට ගණිතය අසමත් වන සිසුන්ට මෙම අවස්ථාව හිමි වනු ඇති. දැනට උසස් පෙළ හැදෑරීමට නම් ගණිතය ඇතුළුව විෂයන් 03ක් සමත්වීම අනිවාර්යය බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක‍්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා. පළමුවර ගණිතය අසමත් වන දරුවෙකුට එය ඊලඟ වසරේ සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබා දීම මෙතෙක් පැවති ක‍්‍රමයයි. එහෙත් මෙම නව කැබිනට් පත‍්‍රිකාවට අනුව ගණිතය සමත් වීමට වසර දෙකක කාලයක් ලබා දෙනු ඇති.

Saturday, April 5, 2014

Samsung බාල Copy/Replica හැමතැනම කල යුත්තේ කුමක්ද?


අනෙක් ඉලෙක්ට්‍රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල් (Seoul) අගනුවර. චීනයට එලවලු, පලතුරු හා මාලු අපනයනය කරන සමාගමක් විදියට තමයි ආරම්භ වෙන්නේ. 40 දශකයේ අගභාගය වන විට පිටි ඇඹරුම්හල් හා රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලා Samsung සමාගමසතුව තිබුණා. 1958 සිට 1970 දක්වා ඔවුන්ගේ වෙළෙඳ කටයුතු මුල්‍ය, මාධ්‍ය, රසායනද්‍රවය හා නැව් නිපදවීම දක්වා පුලුල් කරන ලදී.
1969 දි Samsung Electronics සමාගම ආරම්භ කලා. මුලින්ම රූපවාහිනි, ගුවන් විදුලි හා පරිගණක කොටස් නිෂ්පාදනය පටන් ගත්තා. 1983 දී තමන්ගේ ප්‍රථම දුරකතනය ලෙස කාර් රථ සඳහා සවිකල දුරකතනයක් නිපදවූවා. එය අසාර්ථක වූ නමුත් පසුව සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස පළමු ජංගම දුරකතනය වු SH-100 1988 දි නිපදවනු ලැබුවා. එය කොරියාවේ නිපදවු පලමු ජංගම දුරකතනය බවට පත් වුණා. 1994 වන විට ඇමරිකානු සමාගමක් වන Motorola සමාගම විසින් නිපදවන දුරකතන වලට සමාන තාක්ෂණයක් සහිත දුරකතන නිපදවීමට සමත් වුනා.
1993 නොවැම්බර් මාසයේදි එවකට වෙළෙඳපලේ තිබු "බර අඩුම" ජංගම දුරකතනය වූ SH-700 නිපදවීමට Samsung සමාගම සමත් වුනා. එහි සෑම දුරකතනයක්ම එකින් එක ගෙන තත්ව පරික්ෂාවක්ට ලක් කලා. වැරදි සහිත දුරකතන සේවකයන් ඉදිරියේදිම පුලුස්සා දමනු ලැබුවා. එසේ සිදුකලේ ඔවුන්ගෙ දුරකතනවල තත්වය (quality) ආරක්ෂා කරගැනීමට.
1994 ඔක්තෝබරයේදී SH-700 ඉදිරි නිපැයුමක් ලෙස යන "Anycall" වෙළෙඳ නාමය යටතේ තත්වයෙන් ඉතා ඉහල SH-770 දුරකතනය වෙළෙඳ පළට ඉදිරිපත් කලා. Samsung සමාගමේමෙම දියුණුවත් සමග 1995 වන විට කොරියානු වෙළෙඳ පලේ Samsung දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 25.8% දක්වා ඉහල ගිය අතර Motorola දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 42.1% දක්වා පහත බැස තිබුණා. මින් පසුව ඔවුන්ගේ නිෂ්පාදන ඇමෙරිකාව , හොංකොං, බ්‍රසීලය, ලතින් ඇමරිකාව ආදි රටවලට අපනයනය කීරීමට පටන්ගත්තා. මෙහි ප්‍රතිපලයක් ලෙස 1998 දී බ්‍රසීලයේ Samsung දුරකතන නිෂ්පාදනාගාරයක් ආරම්භ කලා.
2012 වන විට ලෝකයේ වැඩිම ජංගම දුරකතන අලෙවි කරන සමාගම බවට Samsung පත්වුනේ එතෙක් පලවෙනි ස්ථානයෙ සිටි Nokia සමාගම දෙවැනි තැනට පත්කරමින්. එය 23% ප්‍රතිශතයක් වුනා.
අද වන විට...,
2009 සිට අද දක්වා ලෝකයේ විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස Samsung Electronics පලවෙනි ස්ථානයේ පසුවෙනවා. සේවයකන් තුන්ලක්ෂ හැත්තෑදහසකට (370,000) අධික සේවක පිරිසක්, රටවල් 88ක වෙළෙඳ ජාල හා එකසල් කිරීමේ කර්මාන්ත ශාලා තුල මෙහෙයවන්නට සමාගමට හැකිවී තිබෙනවා. ඉතාමත් ජනප්‍රිය වූ Samsung Galaxy Smart phone series නිකුත් කිරීමෙන් අනතුරුව Apple iphone සමාගම අභිබවමින් smart phone ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීමට අදවනවිට Samsung සමාගමට හැකිවී තිබෙනවා.

මම ඉතිහාසය ගැන ලියන්න හිතුවෙ වෙන මොකවත් නිසා නෙවෙයි, ලංකාවේ අපේ අය හිතන් ඉන්නේ Samsung කියන්නේ Vietnam වල හෝ China වල පටන් ගත්ත සමගමක් කියලා. කොරියන් එකක් විකුණන්න දැන්වීමක් දාලා තිබුනම "හපොයි කොරියන්ද....., එහෙනම් එපා" කියලා කියන අය ඕන තරම් ඉන්නවා. එහෙම මතයක් රටේ තියෙන්නේ Samsung ඉතිහාසය ගැන දන්නේ නැති නිසා.
ඒත් Copy හැමතැනම...,
අදවන විට Samsung Galaxy Smart phone series එකේ Copy එහෙම නැත්නම් replica/Clone හැමතැනම විකුණන්න දාලා තියෙනවා. Facebook group වල ikman.lk එකේ ඕන තරම් ads දාලා තියෙනවා දැකලා ඇතිනේ. උදාහරණ විදියට S4, Note 3, S4 mini, S3 mini ජයටම විකුණනවා මේ දවස් වල. S4 එක මුලින්ම ආපු දවස් වල 25,000-30,000 මුදලකට විකුණුවා, එත් දැන්නම් 13,000-20,000 ත් විකුණනවා.

Korean Version කියන්නේ copy නෙවෙයි...,
ඉහත සඳහන් කල ගොඩක් වෙලාවට විකුණන්නේ "Korean Version", "Original Korean" කියන නම් වලින්. සමහර වෙලාවට තියෙනවා " Original Korean version, not a cheap Anycall or Chinese copy" කියලත්. මේවා දැක්කම හිනාත් යනවා.ඒත් මේවා ගන්න අයට sorry තමයි. මේවයේ බැටරි එක අයින් කලාම housing එකේ අලවල තියෙන sticker එකේ තියෙනවා කියලා "Made in Samsung by Korean" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ කොරියාවේ නෙවෙයි, චීනයේ. මේවාට යොදාගෙන තියෙන්නේ ඉතාමත් බාල තත්වයේ Hardware parts.ඒක නිසා තමයි ඉතාමත් අඩු මුදලකට මේවා විකුණන්නේ. චිනයේ නිෂ්පාදනය කරන නිසා Labor cost එකත් අඩුයි.

Original Korean Version දුරකතන හඳුනාගන්නේ කොහොමද කියලා දැනගන්න,
අදවන විට බහුලව තිබෙන Copy,
1. Samsung Galaxy S4
S4 එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි "Made in Samsung by Korea" කියලා තියෙන එක. අනෙක් එක තමයි "Made in Samsung by Vietnam කියලා තියෙන එක. මේ දෙකේම Model No. එක තියෙන්නේ GT-i9500 කියලා. ඒ කියන්නේ International version එකේ Model No. එක. නමුත් Korean version එකේ Model No. එක වෙන්නේ SHV-E300S/K/L. මේවා දැනට 13,000-20,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 80,000-90,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 45,000-65,000තරම් මිල වෙනවා.
2. Samsung Galaxy Note 3

මේවා දැනට 20,000-25,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 105,000-115,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 75,000-90,000තරම් මිල වෙනවා.
3. Samsung S3 Mini
මුලින්ම කියන්න ඕනේ S3 mini එකේ Korean Version එකක් නැතිබව. ඒ නිසා කවුරුහරි Korean කියලා විකුණනවනම් අනිවාර්යයෙන්ම Copy එකක් වියයුතුයි.
4. Samsung S4 Mini
මේකත් S3 mini එක වගෙම තමයි, මේකෙත් Korean Version එකක් නැහැ.
මීට අමතරව S3, S2, S, Note 2, Note 1සෑම එකක්ම අඩු වැඩි වශයෙන Copy තියෙනවා.
ඉහත සඳහන් කල හැම model එකකම තියෙන්නේ International එකේ model no. එකෙන්. ඒ කියන්නේ model no. එක GT- i වලින් පටන් ගන්න ඒවා. නමුත් SHW හෝ SHV වලින් Model No.එක පටන් ගන්න Korean Version වල එකක්වත් copy නැතිබව කිය යුතුයි. ඒ නිසා SHW,SHV වලින් model no.එක පටන් ගන්න phone එකක් මිලදී ගන්න බයවෙන්න දෙයක් නැහැ.
කළ යුත්තේ කුමක්ද...,
මේ විදියට වංචාවෙන් Original කිය කියා බාල Copy විකුණන ads Facebook group ඕන තරම් දැකලා ඇති. සමහර විට ඔබ ඒවා copy බව දන්නව වෙන්නත් පුලුවන්. ඒත් ඔබ ඒවා copy බව දැන දැනත් ඒ බව ප්‍රකාශ නොකිරීම තුල සිදුවෙන්නේ මෙවැනි වංචනිකයන් තව තවත් දිරිමත් වෙන එක. අනෙක් අතින් මේව ගැන නොදන්න කෙනෙක්, මහන්සියෙන් හරිහම්බ කරගත්ත සල්ලි නිරපරාදේ වියදම් කරලා අමාරුවේ වැටෙන්න පුලුවන්. සමහර විට ඔබ මෙවැනි දේට හසුවි ලැජ්ජාව නිසා තමන්ට එවැනි දෙයක් සිදුවු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේන් වැළකෙන්න පුලුවන්.

නමුත් අපි කළයුත්තේ එය නොවෙයි.....,
1. පලමුවෙන්ම දැනුමත් වෙන්න

2. අන් අය දැනුමත් කරන්න
3. මෙවැනි Ads දුටු වහාම Admin ට Report කරන්න
4. තමන් මෙය Copy බව දන්න බවට Comment කරන්න.
එවිට ads එක දැමු තැනැත්තා දැන ගනිවි මේවා ගැන දන්න අය සිටින බවට. වැදගත්ම දේ තමයි නොදන්නා අය දැන ගනිවි මෙය copy එකක් බව. එසේ කිරිමට පැකිලෙන්න එපා. එය ඔහුගේ businessඑක කඩාකප්පල් කිරීමක් නොවෙයි, වංවාවට එරෙහි වීමක් පමණි. Copy, copy ලෙසම විකුණනවා නම් ප්‍රශ්නයක් නැත. නමුත් ඔවුන් කරන්නේ Copy, Original ලෙස විකිණීමයි.


මෙම post එකත් තනිකරම facebook page එකකින් උපුටා ගන්නා ලදි.

Tuesday, April 30, 2013

ඉවත් කර තිබූ උ/පෙළ ජීව විද්‍යා හා රසායන විද්‍යා විෂය ඒකක යළි විභාගයට

පසුගිය වසර දෙකේදී (2011/2012) ඉවත් කර තිබූ උසස්‌ පෙළ ජීව විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන්හි විෂය ඒකක මෙම වසරේ සිට උසස්‌ පෙළ විභාගයට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සියලුම විදුහල්පතිවරුන්ට ලිතව දැනුම් දී ඇත.

මෙම විෂය ඒකක ඉවත් කරන බව 2011/9 අංක දරන චක්‍රලේඛයෙන් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබුණේ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්. එම්. ගුණසේකර මහතාය. පසුගිය වසරේ නිකුත් කළ 2012/12 චක්‍රලේඛයෙන් ද හිටපු ලේකම්වරයා දන්වා සිටියේ 2012 වසරේදීත් එම විෂය ඒකක ඉවත් කර ඇති බවය. එම විෂය කොටස්‌ 2013 වසරේ විභාගයට අදාළ වන බව ද එම චක්‍රලේඛයේ සඳහන් විය.

ගෝඨාභය ජයරත්න මහතා විදුහල්පතිවරුන්ට කර ඇත්තේ එහි සිහිකැඳවීමකි.

එම විෂය කොටස්‌ ඉවත් කිරීමට හේතුව කුමක්‌දැයි අමාත්‍යාංශයෙන් විමසූ විට දැනගැනීමට ලැබුණේ ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්‌ අනුව ඒවා ඉවත් කළ බවය. මේ පිළිබඳව විමසීමට ජාතික අධ්‍යාපන ආයතනයේ රසායන විද්‍යා අංශයේ හෝ ජීව විද්‍යා අංශයේ කිසිවකු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

Tuesday, April 23, 2013

Thursday, February 21, 2013

ජාතික වේග පන්දු පුහුණුකරු තනතුරට වාස්‌


ශ්‍රී ලංකා ජාතික වේග පන්දු පුහුණුකරු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ හිටපු ප්‍රවීණ වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස්‌ අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වාස්‌ අදාළ තනතුර භාර ගැනීමට කැමැත්ත පළකර ඇත.

චමින්ද වාස්‌ට අදාළ තනතුර පිරිනැමීම ස්‌ථිර කිරීම සඳහා ඊයේ පස්‌වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටු රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ වේග පන්දු ක්‍රීඩකයන්ගේ ප්‍රවණතා අඩාල වෙමින් පවතින බවට ඒත්තු ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය, වත්මන් වේගපන්දු පුහුණුකාර චම්පික රාමනායක වෙනුවට ආදේශකයකු සොයමින් සිටියදී චමින්ද වාස්‌ කෙරෙහි සැලකිල්ල යොමු විය.

මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ චමින්ද වාස්‌ අතර සාකච්ඡා වට කිහිපයක්‌ පැවතුණද, අවසන් ප්‍රතිඵලයක්‌ නොලැබුණු හෙයින් චමින්ද වාස්‌ට නවසීලන්තය, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රවලින් ලැබී තිබූ ආරාධනා කෙරෙහි සැලකිලිමත් වීමට පෙළැඹුණු අතර, ඉදිරි දෙසතිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙතින් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණහොත් අදාළ යෝජනා ක්‍රියාත්මක සාකච්ඡා ඇරඹීමට හෙතෙම සූදානම්ව සිටියේය.


වත්මන් තත්ත්වය පිළිබඳ චමින්ද වාස්‌ගෙන් කරුණු විමසන ලදුව, "ඒ සාකච්ඡා අවසන් වුණා. සාර්ථකයි. මම කැමැත්ත දුන්නා." යි පැවැසූ අතර, 'කවුරුන් හරි දේශපාලන හෝ ක්‍රීඩා සමාජ හෝ වෙනයම් හෝ කිසිදු බලපෑමක්‌ කළොත් මම මේක අතහැර දමනවා" යිද අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම, "මේ තනතුර අවුරුදු දෙකකට විය යුතුයි. පාසල් ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ගේ තත්ත්වය දියුණු කිරීම සඳහා මගේ විශේෂ සැලැස්‌මක්‌ තියෙනවා." යි ද පැවසීය.

යෝජිත පුහුණු කටයුතු ක්‍රියාත්මක කරන අතරතුර, නවසීලන්තයෙන් හෝ ඉන්දියාවෙන් හෝ බටහිර ඉන්දීය කොදෙව්වෙන් හෝ වැඩි මුදලකට කොන්ත්‍රාත්තුවක්‌ යෝජනා කළහොත් තමා එය භාර ගන්නේදැයි විමසූ විට "කොහෙත්ම නැහැ. මට ලොකු උනන්දුවක්‌ තිබුණා මෙම තනතුර ගැන. මම ක්‍රිකට්‌ ඉගෙන ගත්තේ ඒ රටවලින් නෙවෙයි. ලංකාවෙන්. මේක වෘත්තියක්‌ වුනත්, සේවයක්‌ වශයෙන්ද සලකන්න පුළුවන්." යි චමින්ද වාස්‌ පැවැසීය.

Monday, January 14, 2013

තිරිමාන්න හා ඩිල්ෂාන් එකතුව පහසුවෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවයි


ශ්‍රී ලංකා කණ්‌ඩායම සත්කාරක ඔස්‌්‍රලියානු කණ්‌ඩායම කඩුලු 8 ක පරාජයකට ඇද දමමින් තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ (13 දා) සමත් වූයේය.

ටෙස්‌ට්‌ තරගාවලියේ තරග 3ම සහ අනතුරුව පැවැති ආරම්භක එක්‌දින තරගයේ පරාජයත් සමග ජයග්‍රහණ නියඟයකට හසුව සිටි ශ්‍රී ලංකාවට මෙම දැවැන්ත ජයග්‍රහණය තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් ඉතා වටිනා මානසික උත්තේජනයක්‌ බවට පත්විය. ශ්‍රී ලංකාව 2013 වසරේ ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසින්ද මෙම තරග ප්‍රතිඵලයට විශේෂත්වයක්‌ හිමිවේ.

ඇඩිලේඩ්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී සත්කාරක කණ්‌ඩායම පන්දුවාර 46.5 කදී ලකුණු 170 කට සීමා කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත්වූහ. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දැවී ගිය මෙන්ම හයවැනියට දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූ අදාළ පහසු ඉලක්‌කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ එය පන්දු 59 ක්‌ ඉතිරිව තිබියදී කඩුලු 2 ක්‌ පමණක්‌ දැවී සම්පූර්ණ කර ගැනීමට සමත්වූහ.

 ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක්‌ දියත් කළ ළහිරු තිරිමාන්න ඔස්‌්‍රලියානු වේග පන්දු යවන්නන් හමුවේ සිය පිත්ත හසුරුවනු ලැබුවේ කුමාර් සංගක්‌කාරගෙන් පසු අංක 3 පිතිකරණ ස්‌ථානයට තමාට වඩා සුදුස්‌සකු තවත් නොමැති බව මොනවට විදහා දක්‌වමිනි. සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ මංගල ශතකය මෙම තරගයේදී වාර්තා කර ගත් තිරිමාන්න හතළිස්‌ එක්‌ වැනි පන්දුවාරයේ පළවැනි පන්දුවට හතරේ පහරක්‌ එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කරගන්නා විට ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයද සනිටුහන් වීය. පන්දු රකින්නන් නොමැති ස්‌ථාන අතරින් අලංකාර කවර් ඩ්‍රයිව් පහර කීපයක්‌ම එල්ල කළ තිරිමාන්න සිය නොබිඳුණු ඉනිම හතරේ පහර 12 කින් අලංකාර කරගෙන තිබිණි.

මෙම ශතකය වාර්තා කිරීමත් සමග ඔස්‌්‍රලියාවේදී ශතකයක්‌ රැස්‌ කරන ලද සිව්වැනි පිතිකරුවා බවටද තිරිමාන්න ඊයේ පත්විය. ඔහුට පෙර ඔස්‌්‍රලියාවේදී ශතක රැස්‌ කර ඇති පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය (සිඩ්නිහිදී දෙවතාවක්‌), මාවන් අතපත්තු(සිඩ්නිහිදී) සහ ටී. එම්. ඩිල්ෂාන්(ඇඩිලේඩ්හිදී) යන පිතිකරුවන් පමණි.

ශ්‍රී ලංකා ලකුණු හඹා යැමේදී සුපුරුදු පරිදි උපුල් තරංග දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණක්‌ හෝ වාර්තා වීමට ප්‍රථමය. මැකේ විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී, පන්දුව පැමිණෙන රේඛාවට අවතීර්ණ නොවී පහර එල්ල කිරීමට තරංග උත්සුක වීම මත ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව යළිත් අසාර්ථක වුවද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සාර්ථක සම්බන්ධතාවක්‌ එක්‌ කිරීමට ඩිල්ෂාන් සහ තිරිමාන්න දෙදෙනා සමත්වූහ. පන්දු 199 කදී වාර්තා වූ එම ලකුණු සම්බන්ධතාවට ඩිල්ෂාන් පන්දු 88 කදී ලකුණු 51 කින් දායක විය. ප්‍රහාරාත්මක පිතිකරණ රටාවෙන් මඳකට මිදුණු ඩිල්ෂාන් සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ 29 වැනි අර්ධ ශතකයට ඇතුළත් කරගෙන තිබුණේ හතරේ පහර 4 ක්‌ පමණි.

ආබාධයකට ලක්‌වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට මෙම තරගයේදී මංගල එක්‌දින තරග වරම් ලද කුසල් පෙරේරා, පන්දු 14 කදී ලකුණු 14 ක්‌ ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ එල්ල කරන ලද එකම හයේ පහරද කුසල් පෙරේරා විසින් එල්ල කරන ලද අතර ඊට අමතරව හෙතෙම කඩුලු රකිමින් උඩ පන්දු 4 ක්‌ද රැක ගත්තේය.

ඕවල් ක්‍රීඩාංගණය අවට පැවැති තරමක වැහි සහිත කාලගුණික තත්ත්වය සිය කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ට සහයෝගයක්‌ දක්‌වනු ඇතැයි අදහස පෙරදැරිව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දු යෑවීම තෝරා ගන්නා ලදී.

ශ්‍රී ලංකා නායකයාගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ උප නායක මැතිව්ස්‌ සහ නුවන් කුලසේකර ඔස්‌ටේ්‍රලිsයානු ආරම්භක පිතිකරුවන් වූ පළමු තරගයේ ශතක ලාභී පිලිප් හියුස්‌ (03) සහ ඇරන් µsන්ච් (04) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 12 ක්‌ව තිබියදී නැවත ක්‍රීඩාගාරය වෙත යෑවීමට සමත් වූහ.

ලබා දුන් සාර්ථක ආරම්භය මතම අනුගත වූ තිසර පෙරේරා සහ ලසිත් මාලිංග ඕවල් තණතීරුවේදී වේග පන්දු යවන්නන්ට දක්‌වන ලද සහය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ඔස්‌ටේ්‍රලියානු ඉනිමේ හරි අඩක්‌ අවසන් වීමටත් කණ්‌ඩායමේ සිටින ප්‍රධාන පිතිකරුවන්ගෙන් 6 දෙනෙකුම ලකුණු 83 කට දවා ගැනීමට සමත්වූහ.

ඔස්‌්‍රලියානු පිලේ තරමක්‌ දුරට සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ කඩුලු රකින ක්‍රීඩක බ්‍රැඩ් හැඩින් වන අතර හෙතෙම පන්දු 67 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර 4 ක්‌ සමගින් ලකුණු 50 ක්‌ රැස්‌ කර ගත්තේය. ඔස්‌්‍රලියානු ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මෙන්ඩිස්‌ගේ පන්දුවක්‌ හමුවේ ඩීප් මිඩ් විකට්‌ කලාපයේ පන්දු රකිමින් සිටි තිරිමාන්න අතට උඩ පන්දුවක්‌ දී දැවී යැමට ප්‍රථම හත්වැනි කඩුල්ල වෙනුවෙන් බෙන් කටින්(27) සමග එම ඉනිමේ වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවටද හැඩින් දායක වී තිබුණේය.

මනා පන්දු පාලනයකින් යුක්‌තව පන්දු යෑවූ මැතිව්ස්‌ නියමිත පන්දුවාර 10 අවසනදී නිලකුණු පන්දු වාරයක්‌ සමගින් ලකුණු 24 කට කඩුලු 2 ක්‌ද, තිසර පෙරේරා ලකුණු 40 කට කඩුලු 2 ක්‌ද දවා ගත්හ. පසුගිය තරගයේ දැඩි ප්‍රහාරයකට ලක්‌ වුවද මෙම තරගයේදී තරමක්‌ දුරට සාර්ථකතාවක්‌ දැක්‌වූ ලසිත් මාලිංග ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වෙමින් ලකුණු 32 කට කඩුලු 3 ක්‌ දවා ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්‌දින තරගය ලබන 18 වැනිදා බ්‍රිස්‌බේන්හි වූලන්ගැබා පිටියේදී දිවා/රාත්‍රී තරගයක්‌ ලෙස පැවැත්වේ.

Wednesday, December 26, 2012

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය ආරක්‌ෂා කිරීමට ආරක්ෂාව පුළුල් කෙරේ.


විභාගවල රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විධි විධාන යෙදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ CCTV කැමරා පද්ධතිය පුළුල් කර සියලු අංශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලයට කිසිවක්‌ සඟවාගෙන යා නොහැකි අන්දමේ නිල ඇඳුමක්‌ හඳුන්වා දීමටත් පියවර ගැනීමට සැලසුම් කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවීමේ සිද්ධියෙන් පසුව මෙම පියවර ගැනෙන අතර ප්‍රශ්න පිට කළ බව කියන රහස්‍ය මුද්‍රණ අංශයේ මංගල මුණසිංහ නමැත්තාගේ වැටුප් නතර කර විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව රටින් පිටවීම ද තහනම් කර ඇත.

මේ වන විට වැඩතහනමට ලක්‌ව සිටින ඔහු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්‌ පවත්වා සේවයෙන් පහකිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

විභාගවල රහස්‍යභාවය රැක ගැනීම සඳහා තවත් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බවද විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය. රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලය වෙත තබා තිබූ විශ්වාසය කඩවූ හෙයින් මින් ඉදිරියට විශ්වාසය මත නොව නීතිය අනුව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.