Saturday, January 29, 2011

S B මේ කියන්නේ මර්වින් ඇමතිතුමාටද?

ප්‍රමිතියකින් තොරව දේශපාලඥයින්ට ආචාර්ය උපාධි පිරිනැමීම නැවැත්විය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ප්‍රතිපත්ති රාමුවක් සැකසීම පිළිබදව ඊයේ කොළඹදී පැවති වැඩමුළුව අමතමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ හතර දිග්භාගයේ ආචාර්ය උපාධි දෙන බවත් විශ්වවිද්‍යාලයෙන් එකක් දෙනවිට දැන් ගස්යට විශාල ගණනාවක් උපාධි දෙන බවය.

Thursday, January 27, 2011

කොදෙව් තරග සියල්ලම එස්‌.එස්‌.සී ක්‍රීඩාංගණයට





ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්‌දින තරග තුන කොළඹ එස්‌. එස්‌. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඊයේ (26දා) තීරණය කළේය.

මීට පෙර පළමු එක්‌දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදීද දෙවැනි සහ තෙවැනි තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට යෝජිතව තිබුණි. අදාළ ක්‍රීඩාංගණ ලෝක කුසලාන තරග සඳහා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් මේ වන විට භාරගෙන තිබීම හේතුවෙන් එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයට ගෙන ඒමට සිදුව තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් "දිවයින" කළ විමසීමකදී පවසා සිටියේ, "අපි අයි.සී.සී. යෙන් මේ තරග තුන සඳහා ක්‍රීඩාංගණ ලබාගැනීමට ඉතාමත් වෙහෙස වූණා. නමුත් ඔවුන් ලෝක කුසලාන තරග පැවැත්වෙන තුරු කිසිදු තරගයක්‌ එම ක්‍රීඩාංගණවල පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව තීරණය කළා. අන්තර් පළාත් අවසන් තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට පමණයි අවසර ගන්න පුළුවන් වුණේ." යෑයි පැවසීය.

ඒ අනුව මෙම 31 වැනිදා පළමු එක්‌දින තරගයද දෙවැනි එක්‌දින තරගය ලබන මස 3 වැනිදා සහ තෙවැනි එක්‌දින තරගය 6 වැනිදා දිවා තරග ලෙස එස්‌.එස්‌.සී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

Tuesday, January 25, 2011

ජයසූරියට චෙන්නායි නගරයේ ක්‍රීඩා කරන්න ඉඩදෙන්නේ නෑ -සීමාන්

ඉන්දියාවේ වෙළඳ ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන සුහද ක්‍රිකට් තරගාවලියක් සඳහා අද(25) දිනයෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සහභාගි වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ඉන්දීය"නාන් තමිලන්"කණ්ඩායමේ නායක සෙබස්තියන් සීමාන් දැඩි විරෝධය පළ කර තිබේ.

අදාළ තරගාවලියෙහි අවසන් තරගය හෙට චෙන්නායි නගරයේ මායාජාල් නම් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සනත් ජයසූරිය හා අරවින්ද ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

නමුත් එම තරගයේදී සනත් ජයසූරිය ක්‍රීඩා කරනු ලැබුවහොත් ක්‍රීඩාංගණය හා අදාළ තරගාවලියට අනුග්‍රහය දක්වන ආයතන වටලා විරෝධතා ව්‍යාපාරයක නියැලෙන බවට සීමාන් අවධාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ අවතැන් කඳවුරු වල තවමත් ද්‍රවිඩ ජනතාව දුක් විඳින බවත්, එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා ජනාධිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා එවීමෙන් දෙමළ ජනතාව පිළිබඳ වන නොසැලකිල්ල පෙන්නුම් කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

අදාළ ක්‍රිකට් තරගය පැවැත්වෙන චෙන්නායිහි මායාජාල් ක්‍රීඩාංගණය රජයේ ක්‍රීඩාංගණයක් බවත්, එම ක්‍රීඩංගණයෙහි ද්‍රවිඩ ජනතාවට අසාධාරණකම් සිදුකළ පුද්ගලයින්ට ක්‍රීඩා කිරීම සඳහා ඉඩලබා නොදෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

සනත් ජයසූරිය තරගයෙන් ඉවත් කරන ලෙස තමිල්නාඩු රජයෙන් හා තරගය සංවිධානය කරනු ලබන ආයතන වෙතින් ඉල්ලා සිටින බවත්, එසේ නොවුනහොත් ක්‍රීඩාංගණය වටලා විරෝධතාවයක නිරතවන බව සීමාන් සඳහන් කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඛෙත්තාරාම ලෝක කුසලාන තණ තීරු විවර කරන්නැයි ක්‍රීඩක පැමිණිලි

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ප්‍රතිසංස්‌කරණය කරන ලද කොළඹ ඛෙත්තාරාම, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරු හතරක්‌ ලෝක කුසලාන තරග සඳහා වෙන් කොට, එයට බාහිර තණතීරුවල තරග පැවැත්වීම පිළිබඳ ක්‍රීඩක නොසන්සුන්තාවක්‌ හට ගෙන ඇති අතර ඒ පිළිබඳ ඉහළ ක්‍රිකට්‌ බලධාරීන් වෙත පැමිණිලි ද ගොනුවී ඇතැයි "දිවයින"ට වාර්තා වේ.

ලෝක කුසලාන තරග සඳහා යෝජිත තණතීරු භාවිතා කොට "පදම්" කිරීම වෙනුවට එම තණතීරු ප්‍රවේශම් කිරීමෙන් ක්‍රීඩකන්ට මෙන්ම බලධාරීන්ටද කිසිදු වාසියක්‌ නොසැලසෙන බවට එම ක්‍රීඩකයෝ පැමිණිලි කර ඇත.

අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට්‌ තරගාවලිය යටතේ බස්‌නාහිර සහ වයඹ පළාත් අතර පළමු අවසන් පූර්ව තරගයේදී වයඹ පළාත් පිල ලකුණු 69 කින් පරදා බස්‌නාහිර පළාත් කණ්‌ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර එහිදී වයඹ කණ්‌ඩායම "පාසල් මට්‌ටමේ" ලකුණු සංඛ්‍යාවකට දැවී යැම අදාළ ක්‍රීඩක නොසතුටට ආසන්නතම හේතුව වී ඇත.

තණතීරුවේ හැසිරීම ප්‍රාථමික මට්‌ටමට වැටීම තවත් හේතුවක්‌ වශයෙන් ක්‍රීඩකයන් විසින් බලධාරීන්ට පෙන්වා දී ඇති අතර, භාවිත තණතීරුවේ තත්ත්වය මෙය නම් තරගවලට භාවිතා නොකොට සුරක්‍ෂිත තත්ත්වයේ පවත්වාගෙන යන තණතීරුවල තත්ත්වය කෙසේ විය හැකි දැයි ක්‍රීඩකයෝ ප්‍රශ්න කරති.

මේ අනුව ලෝක කුසලාන තරග සඳහා වෙන් කර ඇති තණතීරු තරග පැවැත්වීම සඳහා වහා විවෘථ කළ යුතු වත්, එමගින් ක්‍රීඩකයන්ට එම තණතීරු පිළිබඳ නිසි පූර්ව අවබෝධයක්‌ ලබාගත හැකි බවත් ක්‍රීඩක දැඩි මතය වී තිබේ.

බස්‌නාහිර - වයඹ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බස්‌නාහිර පළාත් පිල පන්දුවාර 50 කදී කඩුලු 9 කට ලකුණු 221 ක්‌ රැස්‌ කළ අතර ඊට පිළිතුරු ලෙස වයඹ පළාත් පිලට රැස්‌ කර ගත හැකි වූයේ පන්දුවාර 38.2 කදී ලකුණු 152 කි. ලෝක කුසලාන කණ්‌ඩායමේ මෙන්ම ජාතික තලයේ පසුවන ප්‍රබලම ක්‍රීඩකයන් රැසක්‌ සතු වයඹ කණ්‌ඩායමේ ඉනිම එහිදී පාසල් කණ්‌ඩායමක ස්‌වරූපයක්‌ (පන්දුවාර 40 කට ආසන්න පන්දුවාර සංඛ්‍යාවකදී ලකුණු 152 ක්‌) ගැනීමද සුවිශේෂී වෙයි. මීට පෙර මෙම ක්‍රීඩාංගණයේදීම පැවැති අන්තර් සමාජ පන්දුවාර තරගාවලියේදීද පැවැති අවසන් පූර්ව තරගවලදී (වර්ෂාව හේතුවෙන් අවසන් මහ තරග නොපැවැත්විණි) කිසිදු කණ්‌ඩායමක්‌ ලකුණු 225 සීමාව පසු කර යැමට අපොහොසත් වීමද විශේෂත්වයකි.

මේ පිළිබඳව ජාතික තණතීරු සකසන්නා වන අනුරුද්ධ පොළොන්නෝවිට මහතාගෙන් "දිවයින" කරුණු විමසන ලදුව, කිසිදු ක්‍රීඩකයකු තමාට එවැනි පැමිණිල්ලක්‌ නොකළ බව සඳහන් කළේය.

මෙහිදී වයඹ පළාත් කණ්‌ඩායමේ ලකුණු සංඛ්‍යාව මෙතරම් අඩු අගයක්‌ ගත්තේ කුමන සාධකයක්‌ බලපෑවේ දැයි "දිවයින" විසින් නගන ලද පැනයකට පිළිතුරු දුන් ඒ මහතා "පෞද්ගලික හේතුවක්‌ මත තරගය නිමා වන තෙක්‌ ක්‍රීඩාංගණයේ රැඳී සිටීමට මට නොහැකි වුණා. නමුත් රෑ ටිකක්‌ බෝලෙ "ස්‌විංග්"(දොaලනය) වුණා" යනුවෙන් පැවැසූ ඒ මහතා එය වයඹ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවක්‌ ගැනීමට බොහෝ ලෙස ඉවහල් වන්නට ඉඩ ඇතැයිද සඳහන් කර සිටියේය.

Saturday, January 22, 2011

නව මෝටර් රථ සදහා වසරකින් පසු දුම් පරීක්ෂාව අනිවාර්යයි

නව මෝටර් රථ සදහා වසරකින් පසු දුම්පරීක්ෂාව අනිවාර්යය කිරීමට මෝටර් රථ කොමසාරිස් කාර්යාලය තීරණය තිබේ.


මෝටර් රථ කොමසාරිස් ජනරාල් ලලිත් ධර්මප්‍රිය මහතා සදහන් කළේ, එම නීතිය පෙබරවාරි පළමු වෙනිදා සිට ක්‍රියාත්මක බවය.

මීට පෙර එවැනි මෝටර් රථ සදහා  දුම්පරීක්ෂාව කළ යුතුව තිබුණේ මිලදී ගැනීමෙන් වසර තුනක් ඉක්මයාමෙන් පසව බවද ඔහු සදහන් කළේය.

ලලිත් ධර්මප්‍රිය මහතා පැවසුවේ, අදාළ නීතිය යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සදහා ද බලපාන බවය.

නිසියාකාර නඩත්තුවක් නොකිරීම හේතුවෙන් අළුතින් මිලදී ගන්නා වාහනවල දුම් පිටවීමේ ප්‍රවනතාව ඉහළ ගොස් ඇතී නිසා  මෝටර් රථ කොමසාරිස් කාර්යාලය අදාළ තීරණය ගෙන තිබේ.

මෙරටට ගෙන්වනු ලබන පාවිචිචි කරන ලද සියලුම වාහන ලියාපදිංචි කරන අවස්ථාවේදිම දුම් සහතිකය ලබා ගත යතු බවට පවතින නීතිය  එලෙසම ක්‍රියාත්මක වන බව මොටර් රථ කොමසාරිස්වරයා සදහන් කළේය.

Thursday, January 20, 2011

නව යොවුන් වියේ දරුවන් කෙරෙහි වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතුයි

"දශක ගණනාවකට පෙර විද්‍යාත්මක මතය වූයේ වයස අවුරුදු 14 වන විට දරුවකු ගේ මොළය සම්පූර්ණයෙන් වර්ධනය වී ඇත යන්නයි. එහෙත් අද අනාවරණය වී තිබෙනවා, දරුවකු ගේ මොළය වයස අවුරුදු 12ත් 25ත් අතර කාලය දක්‌වා වර්ධනය වෙනවා කියල. මොළයේ ක්‍රියාකාරීත්වයට මොළයේ සෛල හා ඒවා අතර ඇති මයලින් නම් ලිපිඩ තැන්පත් වීම ඉතා ම වැදගත්. මොළයේ සෛලවල මයලින් තැන්පත් වීම මොළයේ පිටුපස පෙදෙසින් ආරම්භ වී ක්‍රමයෙන් ඉදිරිපසට ව්‍යාප්ත වෙනවා. දරුවා ගේ හැඟීම් පහළ වීමට අවශ්‍ය මොළයේ කොටස්‌වල අවුරුදු 15 වන විට මයලින් තැන්පත් වී පරිණත වෙනවා. මේ නිසා අවුරුදු 15-17 අතර කාලය වන විට දරුවන්ට වැඩිහිටියකුට ඇති වන හැඟීම් පහළ වෙනවා. එහෙත් මොළයේ ඉදිරිපස කොටසේ සෛලවල මයලින් තැන්පත් වී නැති නිසා තීරණ ගැනීමේ හැකියාවෙහි දුර්වලතාවක්‌ පෙන්නුම් කරනවා. ඔවුන් සිතට නැඟෙන ආවේග වලට අනුව ක්‍රියාත්මක වුණත් සිතාබලා කරන පාලනයක්‌, තීරණ ගැනීමේ දක්‌ෂතාවක්‌ පෙන්නුම් කරන්නේ නෑ හරියට තිරිංග නැති රියක්‌ පදවනවා වගේ. ඒ නිසා වැඩිහිටියන් තීරණ ගැනීමේ දී ඔවුන්ට උදව් කළ යුතුයි."

දෙසැම්බර් 27 වැනි දින කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාතෘත්වයට බලපාන නීතිමය අභියෝග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයේ දී මේ අදහස්‌ පළ කර සිටියේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය මහත්මියයි. එහි දී වැඩිදුරටත් කතා කළ ඒ මහත්මිය මෙසේ ද පැවසුවා ය.

"නව යොවුන් විය කෙනකු ගේ ජීවිතයේ ඉතා ම සුවිශේෂී අවස්‌ථාවක්‌. නව යොවුන් විය අවස්‌ථා තුනකට බෙදා වෙන් කෙරෙනවා. එකක්‌ පෙර නව යොවුන් විය. මෙයට වයස අවුරුදු 12ත් 14ත් අතර වයස්‌ කාණ්‌ඩය අයත් වෙනවා. වයස අවුරුදු 15ත් 17ත් අතර වයස්‌ කාණ්‌ඩය අයත් වන්නේ මැදි නව යොවුන් වියටයි. පසු නව යොවුන් වියට අයත් වන්නේ වයස අවුරුදු 18ත් 19ත් අතර කාල සීමාවයි. මාපියන් සමග බැඳීම අඩු වීම, සම වයසේ යහළුවන් ඇති කර ගැනීම, තමන් ගේ අනන්‍යතාවක්‌ ඇති කර ගැනීමට උත්සාහ කිරීම, හැඟීම් බර වීම, පුද්ගලිකත්වය රැක ගැනීමට උනන්දු වීම, අවදානම් හැසිරීම් අත්හදා බැලීමට උත්සාහ කිරීම වැනි ලක්‌ෂණ රාශියක්‌ පෙන්නුම් කරනවා. නව අත්දැකීම් අත්හදා බලන්නට යැම මේ වයසේ දරුවන් ගේ ප්‍රධාන ලක්‍ෂණයක්‌. මත්ද්‍රව්‍ය භාවිතයට මත්පැන් භාවිතයට මෙන්ම සමාජයේ කැපී පෙනීමට දුම්වැටි පානය කිරීමට පෙලඹෙන්නේ මේ වයස්‌ කාණ්‌ඩවල අයයි. වැඩිහිටියන් වශයෙන් අපි කළ යුත්තේ ඔවුන් පිළිබඳව අවධානයෙන් සිට වරද නිවැරැදිව පෙන්වා දී ආදරය දැක්‌වීමයි"


 අමල් උඩවත්ත විදුසරට ලියු සටහනකිනි

Tuesday, January 18, 2011

පොලිස් නිලධාරින් ගංජා විකුණයි -‍උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට

දිර්ඝ කාලයක් තිස්සේ ගංජා අලෙවිකිරිමේ යෙදි සිටි පොලිස් විශේෂ කාර්ය බලකා‍යේ ‍උපපොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


මහනුවර මහියංගනය මාර්ගයේ පොක්පිටිය ප්‍රදේශ‍යේදි සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ උප පොලිස් පරික්ෂකවරයාගෙන් ගංජා මිලදි ගැනිමට පුද්ගලයෙකු යොදවා එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළේය.

ඒ අවස්ථාවේ ඔහු සන්තකයේ ගංජා ග්‍රෑම් 500ක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් ‍උපපොලිස් පරික්ෂක වරයා කන්තලේ ප්‍රදේශයේ සේවයේ නියුතු අයෙකි. ඔහු තණමල්විල ප්‍රදේශයේ සිට  ගංජා රැගෙන එන බව හෙළිවි තිබේ.

අසිරිමත් කැලණි පුද බිමේ අසිරිමත් සිදුවීමක්‌


කැලණි රජමහා විහාරයේ දුරුතු මහ පෙරහැර පූජෝත්සවයේ උඩමළුවේ පෙරහැර ආරම්භවීමට පැයකට පමණ පෙර චෛත්‍යරාජයාණන් වහන්සේ ජයාරූප ගත කළ මොහොතේ එම ඡායාරූපයෙහි සටහන් වූ මේ සුවිශේෂ ආලෝක වෘත්තිය කුමක්‌ද? පළමු ඡායාරූපයේ එවැනි යමක්‌ දුටු සැණින් තත්පර දෙකක්‌ ඇතුළත ගත් අනෙක්‌ ඡායාරූපයේ අඳුරු අහස පමණක්‌ සටහන් වීමද සුවිශේෂ සිදුවීමකි. එම මොහොතේම ඩිජිටල් කැමරාවේ ඡායාරූපය දැකීමෙන් කැලණි රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත හිහිපාණන් කියා සිටියේ කැලණි රජමහා වෙහෙරෙහි දෙවියන්ද වැඩවසන බවත් මෙය නියත වශයෙන්ම ඒ හා සම්බන්ධ වූ සිදුවීමක්‌ විය හැකි බවයි.

Monday, January 17, 2011

අපි විශ්වකර්ම වැඩක්‌ කළා අයි. සී. සී. යෙන් එන පිරිසට පුදුම හිතෙවි - සුරාඡ් දන්දෙනිය දිවයිනට පවසයි

ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනෙහි තණතීරුව, ක්‍රීඩා පිටියේ මෙන්ම එහි ආරක්‍ෂක කටයුතු තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ ඉහළම පෙළේ නිලධාරීන් පිරිසක්‌ ලබන 20 ත් 25 ත් අතර කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පවසන ලෝක කුසලාන ශ්‍රී ලංකා කාර්යාල අධ්‍යක්‍ෂ සුරාඡ් දන්දෙණිය මහතා කෙටි කාලයක්‌ තුළ ශ්‍රී ලංකාවේ කොන් තුනක අංග සම්පූර්ණ ක්‍රීඩාංගණ 3 ක්‌ ඉදිකිරීම පිළිබඳව මෙම පිරිස අනිවාර්යයෙන්ම පුදුමයට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව සඳහන් කර සිටියි.

දුරකථනයෙන් එක්‌වෙමින් "දිවයින" සමගින් අදහස්‌ දැක්‌වූ ඒ මහතා, ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ ඉහළම පෙළේ නිලධාරීන් පිරිසක්‌ වන මෙම පිරිස ලබා දෙන සහතිකය ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ තරග අදාළ ක්‍රීඩාංගණවල පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය වන බවද සඳහන් කර සිටියි.

එම කාල සීමාවේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිල ඉහළ පෙළේ නිලධාරීන් අතරට, ලෝක කුසලාන තරගාවලි අධ්‍යක්‍ෂක මහාචාර්ය රත්නකාර් ෂෙටි, එම වෙළෙඳ කළමනාකරු ජිමී කැම්බ්බෙල්, එම අනු කමිටු කළමනාකරු ක්‍රිස්‌ ටේට්‌ලි, එම අනුග්‍රාහක සහ වෙළෙඳ ප්‍රවර්ධක කළමනාකරු ඩග් වොලර් සමගින් ඉන්දියාවේ ශාරාද් පවාර් හෝ එන්. සිරිනිවාසන් යන දෙදෙනාගෙන් කෙනකු අයත් වනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ තණතීරු පිළිබඳ උපදේශක ඇන්ඩි ඇට්‌කින්සන් මහතා සහ ආරක්‍ෂක කළමනාකරු ෂෝන් පැරල් මහතා පසුගිය 14 සහ 15 වැනි දිනවල ලෝක කුසලාන තරග පැවැත්වෙන හම්බන්තොට, පල්ලෙකැලේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ බව පවසන දන්දෙණිය මහතා, එහිදී ක්‍රීඩාංගණවල තත්ත්වය පිළිබඳ ඔවුන් ඉතාම සතුටට පත්ව සිටින බව සඳහන් කර සිටියේය.

"ක්‍රීඩාංගණ පරීක්‍ෂා කිරීම සඳහා මොවුන් ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවේ කොන් 3 ක ක්‍රීඩාංගණ 3 ක්‌ අලුතින්ම ඉදිකිරීම පිළිබඳව ඔවුන් විහිලුවටයි කතා කළේ. නමුත් මේ පාර ආවහම මොවුන් මගෙන් ඇහුවේ මේවා මෙච්චර ඉක්‌මනට ඉවර කළේ කොහොමද කියලා" යනුවෙන් පවසන ලෝක කුසලාන ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරයා, ක්‍රීඩාංගණවල තත්ත්වය පිළිබඳව ඇට්‌කින්සන් තම ප්‍රශංසාව පළ කළ බවද සඳහන් කර සිටියේය.

ඇට්‌කින්සන් සහ පැරල් දෙදෙනාගේ මෙම ක්‍රීඩා පිටි වල තත්ත්වය පිළිබඳ නැවතත් පරීක්‍ෂා කර ඇති අතර එහිදී ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට තම වාර්තාවන් ඉදිරිපත් කිරීමට නියමිත වේ.

"පල්ලෙකැලේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල වැඩ කටයුතු 100% කින්ම ඉවරයි. එහිදී රථ ගාල සහ ක්‍රීඩාංගණයට ඇතුළු වන මාර්ගවල සුලු වැඩ කොටසක්‌ පමණක්‌ අවසන් වීමට තියෙනවා. ඒත් එක්‌කම හම්බන්තොට ක්‍රීඩාංගණයේ වැඩ කටයුතුත් බොහෝ දුරට නිම වෙලා තියෙන්නෙ. එහිදී ඉතිරිවෙලා තියෙන්නේ ක්‍රීඩාංගණයට ඇතුළු වූ විට දිස්‌වන පෙදෙසේ පමණක්‌ වීදුරු ඇල්ලීම වැනි සුලු සුලු වැඩ කටයුතු පමණයි" යනුවෙන් ක්‍රීඩාංගණ වල සූදානම පිළිබඳව දන්දෙණිය මහතා පවසයි.

මෙහිදී ක්‍රීඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය වෙත ලබාදෙනන දිනය කවදාදැයි "දිවයින" විසින් දන්දෙනිය මහතාගෙන් කරුණු විමසන ලදුව, "ක්‍රීඩාංගණ භාර දෙන්නේ කාටද...? භාර දෙන්න තියෙන්නෙ මටමනේ" යනුවෙන් සඳහන් කර සිටි අතර එහිදී මෙම සතිය තුළදී ඉංජිනේරු සංස්‌ථාවෙන් පල්ලෙකැලේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල යතුරු භාර ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

"අපි මේ ක්‍රීඩාංගණ හදන්න පටන් ගත්තේ පසුගිය 2010 අප්‍රේල් 28 වැනිදා. මේ ක්‍රීඩාංගණ 3 එකිනෙකට එකක්‌ වෙනස්‌ ඒවා. එමෙන්ම ක්‍රීඩාංගණ නිර්මාණය වෙලා තියෙන්නේ ලෝකයේ තියෙන ප්‍රධානතම ක්‍රීඩාංගණවලට දෙවැනි නොවන අන්දමටයි. ඒ තරමටම මෙම ක්‍රීඩාංගණ වල ඉදිකිරීම් විශිෂ්ඨයි" යනුවෙන් පවසන දන්දෙණිය මහතා කෙටි කාලයක්‌ තුළ මෙවන් ක්‍රීඩාංගණ ඉදිකිරීම විශ්වකර්මයක්‌ වනු ඇති බවද සඳහන් කර සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමගින් වන තරග 3 කින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරගය මෙම මස 31 වැනිදා හම්බන්තොටදීත්, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙළින් 4 හා 6 දිනවල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

Sunday, January 16, 2011

මම ජාත්‍යන්තර පිටියට සමුදෙනවා...... ඒත් ඇගේ ක්‍රිකට්‌ තියෙනවා - වාස් දිවයිනට කියයි

ඉකුත් 7 වැනිදා රාත්‍රියේත් ඊට පසුදිනත් මෙරට මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවල ප්‍රධාන ක්‍රීඩා පුවත බවට පත්වූයේ "සනත් සහ වාස්‌ ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට" යන ප්‍රවෘත්තියයි. එම ප්‍රවෘත්තියෙන් සත් දිනකට පසු චමින්ද වාස්‌ සහ සනත් ජයසූරිය ගේ අදහස්‌ "දිවයින ඉරිදා ක්‍රීඩා සංග්‍රහය" පාඨකයන් වෙනුවෙන් මෙසේ පළ කිරීමට ප්‍රයත්න දැරුවෙමු.

එහෙත් අවාසනාවකට සනත් ජයසූරිය ඒ සඳහා අකමැත්ත පළ කළේය. "මම මේ දවස්‌වල කිසිම මාධ්‍යකට ප්‍රකාශ ලබා දෙන්නෙ නැහැ. කාගෙවත් හොඳ කියන්නවත් නරක කියන්නෙවත් නැතිව ඉන්න එක හොඳයි. හැබැයි මම ජයග්‍රහණය වෙනුවෙන් අපේ කණ්‌ඩායමට සුබ පතනවා." යනුවෙන් පමණක්‌ ජයසූරිය පැවසීය.

ජයසූරිය සහ වාස්‌ යනු මෙරට බිහිවූ සුපිරිම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දෙදෙනෙක්‌ය. එදා මෙන් අද ජයසූරියගේ පිත්ත ක්‍රියාත්මක නොවුනද චමින්ද වාස්‌ එදා මෙන්ම අදත් හොඳින් පන්දු යවයි. අවසන් 15 දෙනා අතරට ඒමට ඔහුට නොතිබුණේ වාසනාව පමණි. ලැබුණ හැම අවස්‌ථාවකදීම උපරිමය කර පෙන්වීය. එවන් මොහොතක මෙරට ක්‍රීඩාවට ලැදි පාඨක ජනතාව වෙනුවෙන් චමින්ද වාස්‌ මෙසේ සංවදයට එක්‌ විය.

ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධව මොනවද හිතෙන්නෙ?

වාස්‌ - තේරීම් කමිටුව ලංකාවෙ ඉන්න හොඳම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් 15 දෙනා ලෝක කුසලාන සඳහා තෝරල තියෙනවා. ඒගොල්ල මුලින්ම 30 දෙනෙක්‌ තේරුවා. මම හිතන්නෙ අවසන් තරගවල හොඳට ක්‍රීඩා කරපු 15 දෙනා තෝරන්න ඇති.

ලෝක කුසලාන සංචිතයට එන්න තරම් දක්‍ෂතා පෙන්නුවෙ නැහැ කියල හිතෙනවද?

වාස්‌ - මට කරන්න පුළුවන් උපරිමය පසුගිය තරගවලදී කරල තියෙනව. මම කොහොමත් ඕනෑම තරගයකදී සියයට සියයක්‌ම උපරිමය කරන්න උත්සහ කරන කෙනෙක්‌. ඒ හින්ද මාව කණ්‌ඩායමෙන් ඉවත් කරා කියල දුකක්‌ නැහැ.

කණ්‌ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධව කවුරු හරි ඉන්නව කියල හිතනවද?

වාස්‌ - කවුරුත් ඉන්නව කියල හිතන්නෙ නැහැ. තේරීම් කමිටුව, නායකයා, පුහුණුකරු එකතුවෙලා ඔවුන්ට ගැලපෙන කණ්‌ඩායම තෝරල තියෙනවා. මොකද අපේ රටේ මිලියන 20 කට විතර උත්තර දෙන්න පුළුවන් කණ්‌ඩායමක්‌ නම් කරල තියෙනවා.

කණ්‌ඩායමේ ස්‌ථාන අහිමි වෙන්න හේතුව මොකක්‌ද?

වාස්‌ - මම හිතන්නෙ අපිට හොඳ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක්‌ සංචිතයෙ ඉන්නවා. ලසිත් මාලිංගට මොනව හරි වුණොත් දිල්හාරව නම් කරල තියෙනවා. නුවන් කුලසේකර නව පන්දුවෙන් පන්දු යවන අනිත් ක්‍රීඩකයා. ඔහුට ආබාධයක්‌ ඇති වුණොත් මැතිව්ස්‌, තිසර වගේ ක්‍රීඩකයන් ඉන්න නිසා මට අවස්‌ථාව නොලැබෙන්න ඇති.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියෙන් පස්‌සෙ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නවා කිව්ව නේද?

වාස්‌ - ඔව්. මම අනිවාර්යෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් පස්‌සෙ කිව්ව වගේම ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නවා. හැබැයි දේශීය සහ විදේශීය තරගවලට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගේ ඇගේ තවම ක්‍රිකට්‌ තියෙන හින්ද.

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඉදිරියේදී ඔබ මොන වගේ සහයෝගයක්‌ද ලබා දෙන්න බලාපොරොත්තුව

වාස්‌ - තවම ඒ පිළිබඳ හිතල නැහැ.

කවුද මෙවර ලෝක කුසලාන දිනන්නෙ?

වාස්‌ - මම හිතන්නෙ අපේ රටට මෙවර දිනන්න හොඳ අවස්‌ථාවක්‌ තියෙනවා. ඒ සඳහා හොඳ කණ්‌ඩායමක්‌ ඉන්නවා. අපි හැමෝම එකතුවෙලා ඒ අයට ලෝක කුසලාන දිනන්න සුබ පතන්න ඕන.

Saturday, January 15, 2011

එදා මෙහේ පොල් එහේ : මෙදා එහේ පොල් මෙහේ සමන්ත විද්‍යාරත්න (ජවිපෙ)

පාලකයන්ගේ තුවක්‌කුවලට යුද්ධය නවත්වන්න පුළුවන් වුණාට පාලකයන්ගේ තුවක්‌කුවලට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා එසේ පැවසුවේ මොණරාගල ප්‍රජා ශාලාවේ පැවැති දේශනයකදීය.

"දං ගෙඩියට ගෙන යන ගොවිතැන" මැයෙන් වූ දේශනය සංවිධානය කොට තිබුණේ සමස්‌ත ලංකා ගොවිජන සේවා සම්මේලනයයි.

වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ( හෙළ උරුමය පාර්ලිමේන්තුවට යන කොට කිව්වේ ගෞතම බුද්ධ රාජ්‍යය ඇති කරනව කියලයි.

අපේ රටේ කැසිනෝ නීතිගත කරලා. ඒත් බේබි කැපීම තහනම්.

හෙළ උරුමයේ නායකයන්ගෙන් අපි අහන්න කැමතියි ගෞතම බුද්ධ රාජ්‍යයේ කැසිනෝ වීදිය තියෙන්නේ කොහේද කියලා?

අපේ ඡන්ද ටික කොල්ලකාලා අධිරාජ්‍යවාදී මහත්වරුන්ට සේවය කරන එකයි හැමෝම කරන්නේ. මහින්ද මහත්තයත් එකයි. ඊට පෙර හිටිය මහත්වරුත් එහෙමයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා කියනවා ව්‍යාපාරිකයෝ කුමන්ත්‍රණය කරනවා කියලා. ඇමැතිතුමාට කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේ.

එදා පරාක්‍රමබාහු රජතුමා කිව්වේ අහසින් වැටෙන එක දිය බිඳක්‌ අපතේ යවන්න එපා කියලා. ඒත් අද ඉන්න රජාල කියන්නේ එක වී ඇටයක්‌වත් අනිත් මෝල්වලට යන්න දෙන්න එපා අපේ මෝලටම විතරක්‌ යන්න ඕන කියලා. එදා පෙරදිග ධාන්‍යාගාරය. අද පිටරටින් හාල් ගෙන්වනවා. එදා මෙහේ පොල් එහේ. අද එහේ පොල් මෙහේ.

අපෙන් ඡන්ද ගත්ත අය මේ රට ගෙන යන්නේ සුද්දන්ට ඕනෑ විදියට මිසක්‌ ස්‌වදේශික ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන ආකාරයට නොවෙයි. වක්‌කඩෙන් අත හෝදාගෙන නාම යෝජනා පත්‍රයට අත්සන් කෙරුව කෙනා පිටරටින් හාල් ගෙන්වනවා. මොණරාගල අහිංසක ගොවීන්ගේ ඉඩම් කොම්පැණිකාරයන්ට දෙනවා. මහවැව් තුනකින් වටවෙලා සිටින මොණරාගල ජනතාව නියඟයෙන් පීඩා විඳිනවා.

මන්ත්‍රීවරුන්ට ප්‍රාඩෝ දෙන්න රු. කෝටි එකසිය හතළිස්‌ අටක්‌ වැය කරන්න පුළුවන්. ජනාධිපතිගේ වැය ශීර්ෂයට කෝටි දෙසීය අනූඅටක්‌ වියදම් කරන්න පුළුවන්. ඒත් හැත්තෑ ලක්‍ෂයක්‌ නිරතවන කෘෂිකර්මාන්තයට වෙන්කරන්නේ ලක්‍ෂ 358 යි. කොහොමද පුතේ ආශ්චර්ය. චිරං ජයතු.

දේශප්‍රේම - දේශප්‍රේමය කියලා උදේ ඉදන් රෑ වෙනකම් කෑ ගහනවා. ඒත් මේ රට යන්නේ සුද්දන්ට ඕනෑ විදිහටයි. උදරයට ප්‍රේම කරන අය ජනතාවට කියනවා දේශයට ප්‍රේම කරන්න කියා.

සීගිරි චිත්‍ර නිර්මාණය කළේ, සාගරය පරදන මහ වැව් කළේ, ගල් පර්වත පිළිම බවට පත් කරන අපට අවශ්‍ය දැනුම දුන්නේ ලෝක බැංකුව නොවෙයි. ආසියානු සංවර්ධන බැංකුව නොවෙයි. අපේ පැරැණි ඥනය හා ශක්‌තිය මතයි ඒ දේවල් සිදු කළේ. ඒවායේ පදනම කෘෂිකර්මාන්තයයි.

කෘෂිකර්මයේ බොහෝ දේවල් විනාශ වෙමින් යන්නේ. එදා ලංකාවට ආවේණික වී වර්ග 2800 ක්‌ තිබුණු බව පොත්වල සඳහන් වෙනවා. අද කෝ ඒ වී. ඒවා අමතක වී. මේ යන විදියට කෘෂිකර්මය ගියොත් තව අවුරුදු 10 කින් කෘෂිකර්මාන්තය ඉවර වේවි. මේ රටේ පාලකයන්ට අපි ගැන, අපේ රට ගැන, අපේ උරුමයන් ගැන කැක්‌කුමක්‌ නැහැ. අපිට ඕවා වැඩක්‌ නැහැ. දෙන දෙයක්‌ කාලා අපි අපේ පාඩුවේ ඉන්නවා කිව්වොත් වැඩි කල් නොගිහිල්ලා කෘෂිකර්මාන්තය පිළිබඳ මරණ දැන්වීම අලවන්න වේවි.

ගොවියා බෙහෙත් ගන්න රෝහල්වල බෙහෙත් නැහැ. ගොවියන්ගේ දරුවන් ඉගෙන ගන්න පාසල්වලට ගුරුවරු නැහැ.

කෘෂිකර්මය ජාතියේ අත්තිවාරමයි. ජාතියේ අත්තිවාරම දෙදරන්න දෙන්න බැහැ. මිය යන්නට පෙර රට රැකිය යුතු කාලය ඇවිල්ලා.

Friday, January 14, 2011

කොළඹට වසර 61 කට පසු නුවරඑළියට 82 කට පසු අඩුම උෂ්ණත්වය ඊයේ

කොළඹ දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල දැඩි සීතල තත්ත්වයක්‌ පවතින අතර ඊයේ (13 වැනිදා) එහි උපරිම තත්ත්වයක්‌ වාර්තා වූ බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ජී. බී. සමරසිංහ මහතා "දිවයින"ට පැවසීය. ඒ අනුව වසර 61 කට පසු කොළඹ දිස්‌ත්‍රික්‌කයේ අඩුම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 18.8 ක්‌ ලෙස ඊයේ වාර්තා වූ බව ඒ මහතා සඳහන් කළේය. මේ අතර නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට ද අඩුම උෂ්ණත්වයක්‌ ඊයේ වාර්තා වූ අතර එය සෙල්සියස්‌ අංශක 7.9 ක්‌ බව ඒ මහතා කීවේය.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ මෙවැනි අඩුම උෂ්ණත්වයක්‌ වාර්තා වූයේ වසර 82 කට පසුවය.

කොළඹ දිස්‌ත්‍රික්‌කයට 1950 ජනවාරි මාසයේ දී සෙල්සියස්‌ අංශක 15.2 ක අඩුම උෂ්ණත්වයක්‌ ලැබුණු අතර 1929 දී නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට සෙල්සියස්‌ අංශක සෘණ 2.6 ක අඩුම උණුසුමක්‌ ලැබී තිබේ.

ශාන්තිකර සාගරයේ උණුසුම අඩුවීම හෙවත් ලානිනා තත්ත්වය හේතුවෙන් ලොව පුරා සුළං සංසරණ පද්ධතියේ සිදුවී ඇති වෙනස්‌කම් මෙසේ ශ්‍රී ලංකාවේ කාලගුණික වෙනස්‌වීම්වලට ද බලපා ඇති බව සමරසිංහ මහතා පැවසීය.

දැනට පවතින වැසි, සුළං, වලාකුළු සහිත බව හා සීතල අද (14 වැනිදා) සිට ක්‍රමයෙන් අඩුවී යන බවත්, උතුරු නැගෙනහිර පළාත්වලට තරමක වැසි ඉදිරි දින කිහිපයේ දී අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.

පෙබරවාරි මාසයෙන් පසු ශ්‍රී ලංකාවට උණුසුම් කාලගුණයක්‌ ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද හෙතෙම පැවසීය.

මේ දිනවල නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට බලපා ඇති මල් තුහින පතිතවීම (හිම වැනි තරමක ඝනකම පිණි බිඳු) භෝග වගාවන්වලට හානිකර විය හැකි බැවින් එම වගාවන් ආවරණය කිරීම සුදුසු බව ද සමරසිංහ මහතා අවධාරණය කළේය. 


දිවයින online

Thursday, January 13, 2011

ලෝක කුසලාන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් 100 ක්‌ තහනම් උත්තේජක පරීක්‍ෂාවට

එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග ආශ්‍රිතව තහනම් උත්තේජක පරීක්‍ෂණ 100 ක්‌ පමණ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය (අයි.සී.සී.) කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ අධිකාරියේ නියමයන්ට අනුව අයි.සී.සී. යේ සෘජු අධීක්‍ෂණය යටතේ මෙම පරීක්‍ෂණ සිදුකිරීම සඳහා අදාළ මෙරට බලධාරීන් වන ජාතික තහනම් උත්තේජක නිවාරණ අධිකාරිය යොදා ගැනෙනු ඇත.

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ජාතික තහනම් උත්තේජක නිවාරණ අධිකාරිය සමග අයි.සී.සී. යේ තහනම් උත්තේජක නිවාරණ කමිටු කළමනාකාරිණී වෛද්‍ය ලොරින්ඩා රෝගුස්‌ පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති හමුවකදී එම පරීක්‍ෂණ සිදුවිය යුතු ආකාරය පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව තරග අවස්‌ථාවලදී මෙන්ම තරග රහිත විවේක අවස්‌ථාවලදීද දැනුම් දෙන පරිදි ක්‍රීඩකයන්ගේ මුත්‍ර සාම්පල ලබාගැනීමට සූදානමින් සිටිය යුතු බව අයි.සී.සී. නියෝජිතවරිය ජාතික අධිකාරියට උපදෙස්‌ දී ඇත.

එම උපදෙස්‌ වලට අනුව සෑම තරගයක්‌ අවසානයේදීම එක්‌ පිලකින් දෙදෙනකු බැගින් ක්‍රීඩකයන් සිව්දෙනකු පරීක්‍ෂණයට ලක්‌කෙරෙණු ඇත.

තරගයක්‌ ඇරඹීමට ප්‍රථම තරග තීරකවරයා සහ දෙපිලේ කළමණාකරුවන් ඉදිරියේ කණ්‌ඩායම්වල පිතිකරු ලැයිස්‌තුවේ අංකවලට අයත්ව සිදුකෙරෙන කුසපත් ඇදීමකින් එම තරගයේදී පරීක්‍ෂාවට ලක්‌කෙරෙන ක්‍රීඩකයන් සිව්දෙනා අහඹු ලෙස තෝරාගැනීමට නියමිතය.

තරගයක්‌ මුත්‍ර සාම්පල දකුණු අප්‍රිකාවේ පිහිටි අයි.සී.සී. යේ තහනම් උත්තේජක පරීක්‍ෂණාගාරය වෙත යෑවෙනු ඇත.

කොළඹින් පිට පැවැත්වෙන තරගවලදී ලබාගන්නා සාම්පලද එදිනම කොළඹට එවීමට කටයුතු කරනු ලබන අතර අදාළ මුත්‍ර සාම්පල ආරක්‍ෂිත රැකවල් මධ්‍යයේ ප්‍රවාහනය කරනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය සමයේ තරග පැවැත්වෙන රටවල් තුනෙහිදීම (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලිදේශය) තරග පැවැත්වීමේදී සහ තරග රහිත අවස්‌ථාවලදී ක්‍රීඩකයන්ව අහඹු වශයෙන් මෙම පරීක්‍ෂණයට ලක්‌ කරනු ඇත .

Wednesday, January 12, 2011

හදිසි පත්වීම්වල ඇත්ත මොකක්ද..?හදිසි පත්වීම්වල ඇත්ත මොකක්ද..?

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින්"දකුණු පළාත් උපාධිධාරී එකතුව"විසින් ගාල්ල නගරයේදී උද්ඝෝෂණයක් පවත්වන ලදී. 2007 වසරේ දී දකුණු පළාත් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා විභාගයක් පැවති අතර එහි ලකුණු පදනම් කරගෙන යැයි පවසමින් වසර 3 කට පමණ පසුව හෙට දින පුරප්පාඩු 334 ක් අතුරින් 178 දෙනෙකුට පමණක් ගුරු පත්වීම් ලබාදීමට තීරණය කර ඇතත් හදිසියේ ලබාදීමට කටයුතු කරන මෙම පත්වීම් පිළිබඳ පැන නැගී ඇති ගැටලු වලට විරෝධය පාමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.



01 - පත්වීම් ලබාදීමේ නාමලේඛනයක් ප‍්‍රසිද්ධ නොකිරීම.

02 - ඉහළ ලකුණු ලබාගත් උපාධිධාරීන්ට පත්වීම් ලබා නොදීම.

03 - 334ක් පමණ වන පුරප්පාඩු වලින් 178 දෙනෙකු පමණක් බඳවා ගැනීම.

මේ වන විට ආණ්ඩුව පොරොන්දු වූ ජනසභා ලේකම් පත්වීම් 14,500 සහ සෞන්දර්ය උපාධිධාරී පත්වීම් 3,174 පිළිබඳ කිසිදු කතාවක් නැත.

අද දෙරණ ඇසුරිනි

Sunday, January 9, 2011

ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී ඉහළම මිල මහේලට ( ඉන්දියානුවන් හැර )

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම වටිනාකමක් හිමිකරගැනීමට මහේල ජයවර්ධන සමත්ව තිබේ.

ඒ අයි පී එල් කෝචි කණ්ඩායම වෙනුවෙනි. ඒ අනුව ඔහු අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී අමෙරිකා‍නු ඩොලර් මිලියන 1 .5 ට අලෙවි වී ඇති බව සඳහන්ය.

අපේ මුරලි ද  කෝචි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියේදී අමෙරිකා‍නු ඩොලර් මිලියන 1 .1 ට අලෙවි  විය‍

ඇන්ජලෝ මැත්ව්ස්  පුනේ කණ්ඩායම වෙනුවෙන් අමෙරිකා‍නු  ඩොලර් ලක්ෂ 9.5 ට අලෙවි  විය‍

මීට අමතරව ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම සඳහා කුමාර් සංගක්කාරට එම ක්‍රීඩක වෙන්දේසියේ දී ලැබී ඇති වටිනාකම ‍අමෙරිකානු ඩොලර් හත් ලක්ෂයකි.

තවද තිලකරත්න ඩිල්ෂාන් අමෙරිකානු ඩොලර් හය ලක්ෂ 50,000 ට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් අලෙවි වී තිබේ.






ලසිත් මාලින්ගව  මුම්බායි කණ්ඩායමෙන් ඩොලර් ලක්ෂ 5 වැනි අඩු මිලකට රදවා ගන්නා ලදි.


ඊයේ දිනයේ වෙන්දේසි වු ක්‍රීඩකයන්ගේ සම්පූර්ණ විස්තරය පහත වේ.


IPL 4 - Player Auction 2011
Player Name Country IPL Team Cost (USD)
Zaheer Khan India Royal Challengers Bangalore 900000
Yuvraj Singh India Pune Warriors 1800000
Yusuf Pathan India Kolkata Knight Riders 2100000
Wriddhiman Saha India Chennai Super Kings 100000
VVS Laxman India Kochi 400000
Virender Sehwag (retained) India Delhi Daredevils 1800000
Virat Kohli (retained) India Royal Challengers Bangalore 1800000
Tim Paine Australia Pune Warriors 270000
Tillakaratne Dilshan Sri Lanka Royal Challengers Bangalore 650000
Suresh Raina (retained) India Chennai Super Kings 1300000
Stuart Broad England Kings XI Punjab 400000
Steven Smith Australia Kochi 200000
Sreesanth India Kochi 900000
Shikhar Dhawan India Deccan Chargers 300000
Shaun Marsh Australia Kings XI Punjab 400000
Shane Watson (retained) Australia Rajasthan Royals 1300000
Shane Warne (retained) Australia Rajasthan Royals 1800000
Shakib Al Hasan Bangladesh Kolkata Knight Riders 425000
Saurabh Tiwary India Royal Challengers Bangalore 1600000
Sachin Tendulkar (retained) India Mumbai Indians 1800000
S Badrinath India Chennai Super Kings 850000
Ryan Harris Australia Kings XI Punjab 325000
RP Singh India Kochi 500000
Ross Taylor New Zealand Rajasthan Royals 1000000
Rohit Sharma India Mumbai Indians 2000000
Robin Uthappa India Pune Warriors 2100000
Ravindra Jadeja India Kochi 950000
Ramesh Powar India Kochi 180000
Rahul Dravid India Rajasthan Royals 500000
R Ashwin India Chennai Super Kings 850000
Praveen Kumar India Kings XI Punjab 800000
Pragyan Ojha India Deccan Chargers 500000
Piyush Chawla India Kings XI Punjab 900000
Paul Collingwood England Rajasthan Royals 250000
Parthiv Patel India Kochi 290000
Nathan McCullum New Zealand Pune Warriors 100000
Naman Ojha India Delhi Daredevils 270000
Muttiah Muralitharan Sri Lanka Kochi 1100000
MS Dhoni (retained) India Chennai Super Kings 1800000
Morne Morkel South Africa Delhi Daredevils 475000
Michael Hussey Australia Chennai Super Kings 425000
Manoj Tiwary India Kolkata Knight Riders 475000
Mahela Jayawardene Sri Lanka Kochi 1500000
M Vijay (retained) India Chennai Super Kings 900000
Lasith Malinga (retained) Sri Lanka Mumbai Indians 500000
Kumar Sangakkara Sri Lanka Deccan Chargers 700000
Kieron Pollard (retained) West Indies Mumbai Indians 900000
Kevin Pietersen England Deccan Chargers 650000
JP Duminy South Africa Deccan Chargers 300000
Johan Botha South Africa Rajasthan Royals 950000
James Hopes Australia Delhi Daredevils 350000
James Franklin New Zealand Mumbai Indians 100000
Jacques Kallis South Africa Kolkata Knight Riders 1100000
Ishant Sharma India Deccan Chargers 450000
Irfan Pathan India Delhi Daredevils 1900000
Harbhajan Singh (retained) India Mumbai Indians 1300000
Graeme Smith South Africa Pune Warriors 500000
Gautam Gambhir India Kolkata Knight Riders 2400000
Eoin Morgan England Kolkata Knight Riders 350000
Dwayne Bravo West Indies Chennai Super Kings 200000
Doug Bollinger Australia Chennai Super Kings 700000
Dirk Nannes Australia Royal Challengers Bangalore 650000
Dinesh Karthik India Kings XI Punjab 900000
Davy Jacobs South Africa Mumbai Indians 190000
David Warner Australia Delhi Daredevils 750000
David Hussey Australia Kings XI Punjab 1400000
Daniel Vettori New Zealand Royal Challengers Bangalore 550000
Dale Steyn South Africa Deccan Chargers 1200000
Cheteshwar Pujara India Royal Challengers Bangalore 700000
Cameron White Australia Deccan Chargers 1100000
Callum Ferguson Australia Pune Warriors 300000
Brett Lee Australia Kolkata Knight Riders 400000
Brendon McCullum New Zealand Kochi 475000
Brad Hodge Australia Kochi 425000
Brad Haddin Australia Kolkata Knight Riders 325000
Ashish Nehra India Pune Warriors 850000
Angelo Mathews Sri Lanka Pune Warriors 950000
Andrew Symonds Australia Mumbai Indians 850000
Amit Mishra India Deccan Chargers 300000
Albie Morkel (retained) South Africa Chennai Super Kings 500000
Adam Gilchrist Australia Kings XI Punjab 900000
Abhishek Nayar India Kings XI Punjab 800000
AB de Villiers South Africa Royal Challengers Bangalore 1100000
Aaron Finch Australia Delhi Daredevils 300000

Friday, January 7, 2011

තට්ටය කෙස් සහිත හිසක් බවට පත් කිරීමට ආලේපනයක්!

පිරිමින්ගේ තට්ටය ඇතිවීමට හේතුව අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් විසින් අනාවරණ කරගෙන තිබේ.

ඔවුන් පෙන්වා දෙනු ලබන්නේ, හිස කෙස් වැවෙන දෛහික සෛලවල ගැටලුවක් හේතුවෙන් තට්ටය පෑදෙන බවය.

සැබවින්ම තට්ටයක් මත ඇසට නොපෙනෙන මට්ටමේ හිසකෙස් තිබෙන බව ඔවුන් හදුනාගෙන තිබේ.

ඉහත සෛලීය ක්‍රීයාකාරීත්වය යථා තත්ත්වයට පත්කරලීම තුළින් තට්ටයය යළි කෙස්  සහිත හිසක් බවට පත් කළ හැකි බව විද්‍යාඥ කණ්ඩායමේ විශ්වාසය වේ.

තට්ටය මත සෛල, යළි හිස කෙස් වර්ධනය කරවන තත්ත්වයට පත්කිරීම සදහා ආලේපන නිර්මාණය කිරීම කෙරෙහිද එම අමෙරිකානු විද්‍යාඥ පිරිසේ අවධානය යොමු වී ඇත.

Thursday, January 6, 2011

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ අයත් නොවන පළාත් පාලන ආයතන වල නිල කාලය අදින් අවසන්

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ අයත් වන පළාත් පාලන ආයතන කිහිපයක්‌ හැර සෙසු පළාත් පාලන ආයතනවල නිල කාලය අද (06 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරේ.මීට අදාළ අති විශේෂ ගැසට්‌ පත්‍රය පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා විසින් අද නිකුත් කිරීමට නියමිතය.

පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම සඳහා නාමයෝජනා පත්‍ර කැඳවීම මෙම මස අගදීත් මැතිවරණය මාර්තු මස 12 වැනිදාත් සිදු කෙරේ.

නිල කාලය අවසන් වන ආයතනවල පාලනය අදාළ පළාත් පාලන කොමසාරිස්‌වරුන් වෙත පැවරේ.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අයත් පළාත් පාලන ආයතන කිහිපයක නිල කාලය අවසන් නොකර ඡන්ද විමසීම පසුවට කල් තබනු ඇතැයි දැනගන්නට ඇත. ඊට අදාළ අති විශේෂ ගැසට්‌ නිවේදනය ද රජය විසින් නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ, මහනුවර, ගාල්ල යන මහනගර සභා හා දඹුල්ල, සූරියවැව ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පසුව සිදු කෙරෙනු ඇත.

Wednesday, January 5, 2011

අන්තර් ජාල තුළ සිදු වන වංචා ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය වෙත දැනුම් දෙන්න

අන්තර්ජාලය භාවිත කිරීම, ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමග විවිධ පුද්ගලයින් වංචාකාරී හා විනාශකාරී දේ සිදු කිරීමට පෙලඹී ඇතැයි ශ්‍රී ලංකා සර්ට්‌ ආයතනයේ හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක ලාල් ඩයස්‌ මහතා පැවසී යෑයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ ආයතනයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
එම නිවේදනයේ සඳහන් අන්දමට විශේෂයෙන් Face book වැනි සමාජ සම්බන්ධතා වෙබ් අඩවිවලට පිවිසෙන අය ගේ රහස්‌ මුර පද (Pass word) ප්‍රයෝගකාරීව සොරකම් කිරීමට ද ඇතැම් කූට පුද්ගලයින් පෙලඹී සිටින්නේ එමගින් මුදල් ඉපැයීමේ අරමුණිනි. අන්තර් ජාලය තුළ සිදුවන මෙවැනි අපරාධකාරී සහ වංචාකාරී ක්‍රියා පිළිබඳව ශ්‍රී ලංකා සර්ට්‌ ආයතනය වෙත දන්වන්නේ නම් පරිගණක අපරාධ පනත යටතේ ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සර්ට්‌ ආයතනයේ www.slcert.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි විස්‌තර ලබා ගත හැකි ය.

Tuesday, January 4, 2011

ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නුසුදුසුයි - අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාල සීමාවේ පළාත් පාලන මැතිවරණයට දින නියම කිරිම නුසුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙන්නේය.
ඊයේ පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැනි මැතිවරණ තිබෙන අවස්ථාවක පක්ෂ අතර ප්‍රශ්න අතර ඇතිවෙන බැවින් ලෝක කුසලානය පවතින කාල සීමාව තුළම මැතිවරණය පැවැත්වීමෙන් අප රට පිළිබද වැරදි ප්‍රචාරනයක් පිටරටවලට යා හැකි බවය.

මේ පිළිබදව අවධානය යොමු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්ද ක්‍රිඩකයෙක් හා නායකයෙකු ලෙස ඉල්ලා සිටින බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේය.

Sunday, January 2, 2011

සංචාරකයින්ට අන්තර්ජාලය හරහා වීසා ලබා ගැනීමට වරම්

මෙරටට පැමිණෙන සංචාරකයින්ට අන්තර්ජාලය හරහා වීසා ලබා ගත හැකි ක්‍රමවේදයක් හදුන්වාදීමට රජය තීරණය කර තිබේ.


ජනාධිපතිවරයා‍ගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී එම කරුණු අනාවරණ විය.

විදේශිකයින්ට තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා විසා ලබා ගැනීමට ඒ අනුව අවස්ථාව උදාවනු ඇත.

එම සේවය පැය 24 පුරාම ක්‍රියාත්මක අතර එය කඩිනමින් හදුන්වා දෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.