Thursday, January 27, 2011

කොදෙව් තරග සියල්ලම එස්‌.එස්‌.සී ක්‍රීඩාංගණයට





ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්‌දින තරග තුන කොළඹ එස්‌. එස්‌. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඊයේ (26දා) තීරණය කළේය.

මීට පෙර පළමු එක්‌දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදීද දෙවැනි සහ තෙවැනි තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට යෝජිතව තිබුණි. අදාළ ක්‍රීඩාංගණ ලෝක කුසලාන තරග සඳහා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් මේ වන විට භාරගෙන තිබීම හේතුවෙන් එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයට ගෙන ඒමට සිදුව තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් "දිවයින" කළ විමසීමකදී පවසා සිටියේ, "අපි අයි.සී.සී. යෙන් මේ තරග තුන සඳහා ක්‍රීඩාංගණ ලබාගැනීමට ඉතාමත් වෙහෙස වූණා. නමුත් ඔවුන් ලෝක කුසලාන තරග පැවැත්වෙන තුරු කිසිදු තරගයක්‌ එම ක්‍රීඩාංගණවල පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව තීරණය කළා. අන්තර් පළාත් අවසන් තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට පමණයි අවසර ගන්න පුළුවන් වුණේ." යෑයි පැවසීය.

ඒ අනුව මෙම 31 වැනිදා පළමු එක්‌දින තරගයද දෙවැනි එක්‌දින තරගය ලබන මස 3 වැනිදා සහ තෙවැනි එක්‌දින තරගය 6 වැනිදා දිවා තරග ලෙස එස්‌.එස්‌.සී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

1 comment:

  1. ඊයේ ප්‍රොවින්ෂල් මැච් එක තිබ්බේ ICC එකට හොරෙන්ද?

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්