Sunday, May 30, 2010

S B ගේ පුද්ගලික විශ්ව විද්‍යාල ශ්‍රිලංකාවට ගැලපේද?

S B ගේ පුද්ගලික විශ්ව විද්‍යාල කතන්දරය ගැන ඹබ කුමක් සිතන්නේද?  දැනට ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරින්ට අප රට තුල රැකියාවක් සොයා ගැනිම ඉතා අපහසු කටයුත්තක් වන අතර එයට පුද්ගලික විශ්ව විද්‍යාල කතන්දරය ගැටළුවක් කර නොගත යුතුය.ලංකාවේ පවතින රැකියා වලට ගැලෙපෙන උපාධි පාඨමාලා ඇත්තේ කියෙන් කියද? මේවා අප රටට ගැලපෙන වෙනස්කල යුතු නොවේද?  

මට හිතෙන විදිහට අපරට තුලට විදේශ විනිමය ගෙන්වා ගැනිමට හා අප රටේ අනාගත පරපුරට මෙමගින් ( නොමිලේ ටික දෙනෙකුට හෝ ) අවස්ථාවක් ලැබෙන්නේ නම් S B ඇමතිතුමාගේ මෙම උත්සහය අගය කල යුතු නොවේද?

තවත් සමහරෙකුට කිව හැකියි මෙමගින් අධ්‍යාපනය පුද්ගලිකරනය වන බවත් අධ්‍යාපනය මුදලට විකිනෙන බවත්. ඔව් ඇත්ත එසේ විය හැකියි. නමුත් අධ්‍යාපනය අමුතුවෙන් පුද්ගලිකරන කිමටත් විකිනීමටත් අවශ්‍ය නැත. එය සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ අශිර්වාද මැද ටියුෂන් ගුරැවරැන් ජයටම කරගෙන යයි. අද දෙකේ තුනේ පංතියේ සිට දොළහ දහතුන පංති දක්වාම සියළුම විෂයන් සදහාම ටියුෂන් පවත්වාගෙන යයි. විශේෂයෙන්ම පාසැල් පැවැත්වෙන කාලයේත් (උදේ 7.30 සිට දහවල් 1.30)  මොවුන් පංති පවත්වා ගෙන යයි.   

දැන් අධ්‍යාපනය විකුණා අවසන් නොවේද? තවත් විකිනීමට දෙයක් ඉතිරි වී තිබේද? ඉතින් පුද්ගලික විශ්ව විද්‍යාල ශ්‍රිලංකාවට නොගැලපේද?



Anonymous  active කර ඇති නිසා බනින්න අවශ්‍ය අයට හොදට බනින්න පුළුවන්.  බනින සමහර අය නිදහස් අධ්‍යාපනය ගැන කතා කලාට හවසට හවසට ටියුෂන් එකක් කරලා කියක් හරි හොයා ගන්න අය වෙන්නත් පුළුවන්.  

Saturday, May 22, 2010

සනත් ජයසුරිය මට කරපු දේ...

සනාට මම facebook එකේ කොමට් එකක් දැම්මා දැන් ඇති ක්‍රිකට් ගැහුවා අයින් වෙන්න. ක්‍රිකට් ගැන හිතන්නවත් එපා ලංකාවේ ක්‍රිකට් නැතිකරන්න එපා කියලා. හැබැයි මම කොමට් එක දැම්මේ සනා දාලා තිබුනු රනවිරු උපහාරයටයි. මම මෙහෙමත් දැම්මා යුද්දෙට නායකත්වය දුන් පුද්ගලයා හිරේ ඉද්දි මොන රනවිරැ උපහාරද කියා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියලත් ඇහුවා.




මම කොමට් එක දැම්මේ මේ මාසේ 18 වෙනිදා හවස ඊට පස්සේ නැවත මම facebook එකට log වෙන්න හැදුවේ 19 වෙනිදා හවස දෙකට විතර බලන කොට මගේ account එක disable කරලා.

පස්සේ මම අපේ මල්ලි කෙනෙකුට call කරලා මම facebook එකේ ඉන්නවද බලන්න කිව්වා. බැලුවට පස්සේ මම පිළිබද කිසිම සදහනක් නැති බවත් මට දාපු කොමට් තියෙන බවත් මම දාපු කොමට් නැතිබවත් දැනගන්නට ලැබුනා.

මට තියෙන ප්‍රශ්නය මාව facebook එකෙන් ඉවත් කලේ ජයසුරියට ක්‍රිකට් ගහන්න එපා කියපු එකද? නැතිනම් සරත් පොන්සේකා මැතිතුමා හිරේ ඉන්නවා කියපු නිසාද?



මෙය රජයෙන් කල දෙයක්ද?

මේකද මහලොකුවට කතා කරන ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය?



ජයසුරිය ගැන කතා කලොත් දැන් මෙයා ට ටෙනිස් බොලයක් දැම්මත් හරියට ගහන්න බැහැ එත් ලොක්කගේ බලාපොරොත්තුව 2011 ලෝක කුසලානයලු එහෙම වුනොත් ලංකාවට සෙල්ලම් කරන්න වෙන්නේ 10 එක්ක හා අනිත් පිලේ 12 ක් එක්ක. ලංකාවේ ක්‍රිකට් ඉවර කරන්න කොන්ත්‍රාත් එකක් අරන්ද දන්නේ නැහැ.

මුන්දා හින්දා අළුත් කොල්ලෝ කියක් එළියෙද? 40 පැන්නැම ඇස් පේන්නෙත් අඩුවෙන්ලුනේ.නම්බුකාර විදිහට සමුගන්න තිබුනු අවස්ථා කීයක් මග හැර ගත්තද? දැන් ඉතින් තියෙන්නේ ලොකු මහත්තයෝ පැදුරටත් නොකියා සමුගන්නා එකයි.



කොච්චර මෙයාට බැන්නත් මෙයාව බලෙත් ඔපනින් එවලා පකිස්තානයට සාජා වලදි දඩි බිඩි ගලා ගහපු ලකුණු 30 න් ආරම්භ කරපු ගමනට 2009 විතර වෙන තෙක් දෙයියෙකුට වගේ අපි සැලකුවනේ.

Sunday, May 16, 2010

හොදම සැටලයිට් ටෙලිවිෂන් අත්දැකීම හෙවත් dialog tv මුලාව

ශ්‍රි ලංකාව තුල සැටලයිට් ටෙලිවිෂන් ආයතන එකක් පමනක් පැවතීම නිසා මිනිසුන් මුලා කරමින් අයුක්ති සහගතව ඉතා අසාධාරණ ලෙස මිනිසුන් ගෙන් මුදල් කොල්ල කැමට dialog tv ආයතනය කටයුතු කරගෙන යයි.




කොළඹ හා ශ්‍රි ලංකා‍ෙව්  වෙරළ ආසන්නයේ ජිවත්වන ජනතාවට නම් මෙය එතරම් ප්‍රශ්ණයක් නෙවනු ඇත. ඊට හේතුව එම ප්‍ර‍ෙද්ශවලට ඇන්ටනාවක් මගින් ශ්‍රි ලංකා‍ෙව් විකාශනය වන සියළුම channel නැරඹිය හැකිය. ටිකෙන් ටික රට ඇතුලට යැමේදි පැන නැගෙන ප්‍රධානම ප්‍රශ්ණය වනුයේ ඇන්ටනාවක් මගින් TV channel හරි හැටිව නැරඹිය නොහැකි විමයි.



මෙය හදුනා ගත් කලින් dialog tv ආයතනය RS 100 කට lite100 package එක හදුන්වා දෙන ලදි. එම කාලය තුල විශාල ප්‍රමානයක ජනතාවක් dialog tv සම්බන්ධතාවය ලබා ගත්තේය. පසුව lite100 package එක lite250 package බවට වෙනස් කරන ලදි.



dialog ආයතන‍ෙය් අයිතිකරැවන් වෙනස් විමෙන් පසුව lite100 package එක RS 199 ද ඊට පසුව RS 250 දක්වා අසාධාරණ ලෙස වැඩි කරන ලදි. lite250 package එක RS 500 දක්වා ඉතා අසාධාරණ ලෙස වැඩිකරන ලදි.



තවද සමහර අවස්ථා වලදි (cricket match විකාශනය වන අවස්ථා වලදි channel eye ) channel අත්හිටවයි. සමහර නොමිලේ දුන් channel ආගිය අතක් නැත. මේකද මේ අයගේ හොදම සැටලයිට් ටෙලිවිෂන් අත්දැකීම.





dialog tv පාරිභොගිකයින් එකතු වි යමක් කිරිමට කාලය දැන් එළඹ ඇත.



අපි දැන් කුමක් කරමුද?