Tuesday, February 28, 2012

අද ඉන්දියාව bonus point එකක් සමග ජය ගතහොත් ශ්‍රී ලංකාවට ඔස්‌ට්‍රේලියාව සමග තරගය ජයගැනීම අනිවාර්යයි

කොමන්වෙල්ත් කුසලාන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ 11 වැනි තරගය හෙවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (28 දා) හෝබාර්ට්‌හි බෙලිරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක්‌ වශයෙන් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 8.50 ට ආරම්භ වනු ඇත.

තරගාවලියේදී මෙතෙක්‌ තරග කළ තරග 7 න් තරග 2 ක්‌ පමණක්‌ ජයගෙන සිටින ඉන්දීය කණ්‌ඩායම පෙරේදා ඔස්‌ට්‍රේලියාව සමග පැවැති තරගය පරාජයට පත්වීමත් සමග තරගාවලියෙන් ඉවතට විසිවෙනු ඇතැයි අපේක්‍ෂා කෙරුණද තරගාවලි නීති රෙගුලාසිවලට අනුව අදාළ අවසන් මහ තරග අවස්‌ථාවට සුදුසුකම් ලැබීම සඳහා ඔවුන්ට තවමත් සුලූ අවස්‌ථාවක්‌ ඇත.

ඒ අනුව ඉන්දීය පිලට අවසන් තරග වරම් ලබා ගැනීමට නම් අද තරගයේදී ප්‍රසාද ලකුණද සමගින් ජයගත යුතු වන අතරම ලබන මාර්තු 02 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ
ඔස්‌ට්‍රේලියාව අතර තරගයෙන් ඔස්‌ට්‍රේලියාව ජය ගත යුතුය.

අද තරගය ප්‍රසාද ලකුණද සමගින් ඉන්දියාව ජය ගත හොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද 15 දක්‌වා ඉහළ යනු ලබන අතර එහිදී ප්‍රසාද ලකුණු 15 ක්‌ ලබා සිටින ශ්‍රී ලංකාව සමගින් සම තැන් ගනු ලබනු ඇත. ප්‍රසාද ලකුණු සමවීමේදී තරගාවලියේ ඉදිරිය තීරණය දල ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්ව වුවත්, මෙම තරගාවලියේ නීති රෙගුලාසිවලට අනුව උක්‌ත කරුණ සඳහන් වන්නේ සිව්වැනි තැනට වේ. ප්‍රසාද ලකුණු සමවීමේදී අනු ගමනය කළ යුතු වගන්තිවලට අනුව එකිනෙකාට එරෙහිව වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක්‌ වාර්තා කර තිබෙන කණ්‌ඩායම ඉදිරි තරග වටය සඳහා සුදුසුකම් ලබයි. එබැවින් අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් වූ අදාළ සුලු අවස්‌ථාව ඉන්දීය පිලට හිමිවී තිබේ.

එසේ වුවහොත් අදාළ අවසන් මහ තරග අවස්‌ථාව දිනා ගැනීමට නම් ශ්‍රී ලංකාවට ඔස්‌ටේ්‍රලියාව සමගින් පැවැත්වෙන තරගයේ ජය අනිවාර්ය වනු ඇත.

තරගාවලිය ආරම්භයේ යම් කිසි පසුබැස්‌මක්‌ පෙන්නුම් කළද සිව්වැනි තරගයේ සිට යළිත් සුපුරුදු දස්‌කම් අතරට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වත්මන් දක්‍ෂතා පිළිබඳ සලකා බැලීමේදී ප්‍රසාද ලකුණද සමගින් තරගයේ ජය වාර්තා කිරීම ඉන්දීය පිලට එතරම් පහසු කරුණක්‌ නොවනු ඇත.

එමෙන්ම කණ්‌ඩායමේ සිටින ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ආබාධයන්වලට ලක්‌වී සිටීම ඉන්දියාව මුහුණ දෙන තවත් බරපතල ගැටලුවකි. ඉන්දීය කණ්‌ඩායමේ සිටින ප්‍රබලම වේග පන්දු යවන්නා වන සහීර් ඛාන් බත් කෙණ්‌ඩ ආශ්‍රිත ආබාධයකට මුහුණදීම මත මේ වන විට තරගාවලියෙන් ඉවත්වී සිටින අතර අනෙක්‌ වේග පන්දු යවන්නා වන විනේ කුමාර්ද කලවයේ මස්‌පිඬු පෙරළීමේ ආබාධයකට මුහුණ දී සිටියි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන් ආබාධයකට ලක්‌වී තිබෙන බවක්‌ ඔස්‌ටේ්‍රලියානු වාර්තා වල සඳහන් නොවන අතර එහිදී ජයග්‍රාහී
ඔස්‌ට්‍රේලියානු පිලට එරෙහිව ක්‍රීඩා කරන ලද කණ්‌ඩායමේ සංයුතියම අද තරගයටද සහභාගි කරනු ඇතැයි සඳහන් වේ.

Sunday, February 26, 2012

සචින් විශ‍්‍රාම යැවිය යුතු කාලය ඇවිත් - ගංගුලිගෙන් ප්‍රකාශයක්


ඕස්ටේ‍්‍රලියාව සමග අද පැවැත්වෙන තරගයේදී ඉන්දියානු කණ්ඩායම ජයග‍්‍රහණය කිරීමට නම් කණ්ඩායම තුළ පවතින ගැටුම්කාරී තත්ත්වයෙන් මිදිය යුතු බව හිටපු ඉන්දීය කි‍්‍රකට් නායක සව්රව් ගංගුලි පවසනවා. කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ගංගුලි සඳහන් කරන්නේ  ඕස්ටේ‍්‍රලියානු සංචාරය පුරාවට ඉන්දීය කණ්ඩායම ලැබූ පරාජයන්ට කණ්ඩායම් තුළ පවතින අසමගිය හේතු වූ බවයි. මීට අමතරව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකු මීට වඩා කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. මීට පෙර ද ඉන්දීය හිටපු නායක සව්රව් ගංගුලි ප‍්‍රකාශ කර තිබුණේ ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකු වන සචින් තෙන්ඩුල්කාර් විශ‍්‍රාම යැවිය යුතු කාලය එළඹ ඇති බවයි. කෙසේ වුවත් ඉන්දීය කණ්ඩායම අද (26)  ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන තරගයේදී පරාජයට පත්වුවහොත්  ඕස්ටේ‍්‍රලියානු තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට ප‍්‍රවිෂ්ඨ වීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබෙනවා.

Saturday, February 25, 2012

ශ්‍රී ලංකාව පෙරමුනේ හෙට තරගය ඉන්දියාවට තීරනාත්මකයී


තුන්කොන් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 3ක විශිෂ්ට ජයක් හිමිවිය.හොබාර්ට්හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ  ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාර්ක් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 280ක් ලබා ගත්තේය.
අද සිය මංගල එක්දින ශතකය වාර්තා කිරිමට පීටර් ෆොරස්ට් සමත් විය.ඔහු ලකුණු 104ක් ලබා ගත්තේය.මයිකල් ක්ලාර්ක් ලකුණු 72ක් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේදි කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කිරිමට සමත් විය.දක්ෂ ඉණිමක් ක්‍රීඩා කළ නායක මහේල ජයවර්ධන ලකුණු 85ක් ලබා ගත් අතර යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් ලබා ගත්තේය.ශ්‍රී ලංකාව අසීරු අඩියකට වැටී තිබෙන අවස්ථාවේ පිටියට පැමිණි තිසර පෙරේරා පන්දු 11ක් තුළදි නොදැවී ලකුණු 21ක් ලබා ගත්තේය.එහිදී විශිෂ්ට හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා ජය මාවත එළි පෙහෙලි කර දීමට තිසර සමත් විය.ඔහුගේ ලකුණු 21ට හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය.තරගයේ වීරයා සම්මානය නායක මහේල ජයවර්ධනට හිමිවිය.මේ වනවිට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් විය.              


ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රවේගකාරී ආරම්භයක්‌ ලබාගත් මහේල ජයවර්ධන පන්දු 81 කදී හතරේ පහර 6 ක්‌ සහ දැවැන්ත හයේ පහරක්‌ සමග ලකුණු 85 ක්‌ ලබා සිටියදී අවාසනාවන්ත ලෙස ස්‌ටම්ප් කිරීමට හසුනොවන්නට ශ්‍රී ලංකා ජයග්‍රහණය මීඩ වඩා පහසු එකකක්‌ වීමට ඉඩ තිබිණි. පළමු පන්දුවේ සිටම වේගවත් පිතිහරඹයක්‌ දියත් කළ මහේල ලකුණු 39 ක්‌ ලබා ගන්නා අතරතුර ඩිල්ෂාන් ලබා සිටියේ එක්‌ ලකුණක්‌ වීම විශේෂත්වයකි. පිතිකරණයෙන් සහ නායකත්වයෙන් දැක්‌වූ විශිෂ්ට දක්‍ෂතාව හේතුවෙන් මහේල තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
තරගාවලිය පුරාවටම සාර්ථක පිතිහරඹයක්‌ දියත් කරමින් සිටින දිනේෂ් චන්දිමාල් ඊයේ තරගයේදීද ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වෙමින් පන්දු 100 කදී හතරේ පහර 7 ක්‌ සමග ලකුණු 80 ක්‌ ලබා ගැනීමට සමත් විය. එය ඔහුගේ හත්වැනි එක්‌දින අර්ධ ශතකය ලෙස සටහන් වේ. එම ඉනිමත් සමග තරගාවලියේ පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලාභියා බවට චන්දිමාල් මෙම තරගයේදී පත්විය. මේ වන විට චන්දිමාල් තරග 6 කදී ලකුණු 306 ක්‌ ලබා සිටින අතර මෙම තරගාවලියේදී ලකුණු 300 සීමාව ඉක්‌මවා ඇති එකම පිතිකරුවා වන්නේද මෙම යොවුන් ක්‍රීඩකයාය.
 

  කණ්‌ඩායම් තුනටම තවත් තරග දෙක බැගින් ඉතිරිව ඇති අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්‌ථානයේ සිටින ඉන්දියාව අවසන් තරග බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ඉතිරිව ඇති තරග දෙකම ජය ගැනීම අනිවාර්ය වේ. එහිදී ඉන්දියාව තරග දෙකම ජය ගැනීමට සමත් වුවත් ශ්‍රී ලංකාව එක්‌ තරගයක්‌ ජය ගතහොත් ඉන්දියාව අවසන් මහ තරගයෙන් ඉවතට විසිවනු ඇත. හෙට (26 දා) පැවැත්වෙන ඉන්දියාව සහ ඔස්‌ට්‍රේලියාව අතර තරගයේදී ඉන්දියාව පරාජය වුවහොත් ඉන්දියාවට අවසන් මහ තරග අවස්‌ථාව අහිමිව යැමේ වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වී ඇත.
                                        ප්‍රසාද ලකුණු සටහන


      highlight මෙතනින්

Friday, February 24, 2012

බෙලිරිව් ක්‍රීඩාංගණය ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමට අවාසිදායකයි


කොමන්වෙල්ත් කුසලාන ක්‍රිකට්‌ තරගාවලය යටතේ ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගිවනු ලබන හයවැනි එක්‌දින තරගය හෙවත් තරගාවලියේ 09 වැනි තරගය අද (24 දා) සත්කාරක ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම සමග හෝබාර්ට්‌හි බෙලිරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක්‌ වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 8.50 ට ආරම්භ වනු ඇත.

එක්‌දින ක්‍රිකට්‌ ලෝකයේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා සහ
ඔස්‌ට්‍රේලියාවේ වැඩිම එක්‌දින ලකුණු ලාභියා බවට පත්ව සිටින හිටපු නායක රිකී පොන්ටින්ව ඉවත් කිරීමෙන් පසු ඔස්‌ට්‍රේලියානු පිල සහභාගිවන පළමු එක්‌දින තරගයද මෙය වේ.

තරගාවලිය ආරම්භයේදී පසුබැස සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායම අවසන් තරග දෙකෙහිදී යළිත් සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණ සිටීම මත මේ වන විට අවසන් මහ තරග ස්‌ථාන දෙක සඳහා තියුණු සටනක්‌ නිර්මාණය වී තිබේ.

අද තරගයට සහභාගි වන කණ්‌ඩායම් දෙකම අවසන් වරට ඉන්දියාවට එරෙහිව පහසු ජයග්‍රහණ වාර්තා කර තිබීම හේතුවෙන් අද තරගයේ ප්‍රථිඵලය ප්‍රසාද ලකුණු සටහෙන් ඉදිරියට පැමිණෙන්නේ කවුරුන්ද යන්න තීරණය කෙරෙනු ඇත. තරග 5 කට සහභාගි වී ඇති ඔස්‌ටේ්‍රලියානු පිල ජයග්‍රහණ 3 ක්‌ වාර්තා කරමින් ලකුණු 14 ක්‌ ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේද තරග 5 කට සහභාගි වී තරග 2 ක ජය ලබා ප්‍රසාද ලකුණු 11 ක්‌ ලබා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම එම දෙවැනි ස්‌ථානයේ සිට අද තරගයට අවතීර්ණ වනු ඇත.

ආබාධයක්‌ හේතුවෙන් පළමු තරගවලට සහභාගි නොවූ ෂේන් වොට්‌සන් යළිත් ඔස්‌ටේ්‍රලියානු පිලට කැඳවා තිබෙන අතර එහිදී ඔහු සුපුරුදු ආරම්භක පිතිකරු ස්‌ථානයේ ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වේ. වොට්‌සන් නොමැතිවීම මත ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ මැතිව් වේඩ් මැද පෙළ පිතිකරුවකු ලෙසද අංක 3 පිතිකරු ස්‌ථානයේ ක්‍රීඩා කළ පොන්ටින්ගේ ස්‌ථානයේ නායක ක්‌ලාක්‌ ක්‍රීඩා කරනු ඇතැයි සඳහන් වේ. උප නායකයා ලෙස කණ්‌ඩායමට එක්‌වී සිටින වොට්‌සන් අද තරගයට සහභාගිවීම ඊයේ සවස්‌ වන තුරුත් ස්‌ථීර වී නොතිබීම විශේෂත්වයක්‌ විය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම තුරුම්පු බවට පත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනා වන මැතිව්ස්‌, තිසර සහ මහරූප් යන තිදෙනාම අද තරගයේදීත් පෙර තරගවල අයුරින්ම දක්‍ෂතා දැක්‌වුවහොත් තරගය පිළිබඳව ශ්‍රී ලංකාවට වැඩි බලාපොරොත්තු රඳවා ගත හැක.

අංක 3 පිතිකරු කුමාර් සංගක්‌කාරට බෙලිරිව් ඕවල් ක්‍රීඩා පිටිය ඉතා සුවිශේෂී එකකි. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ 2007 ටෙස්‌ට්‌ තරග සංචාරයේ හෝබාර්ට්‌හි පැවැති තරගයේදී ලකුණු 192 ක්‌ ලබාගැනීමට සංගක්‌කාර සමත්වූ අතර රූඩි කර්ස්‌ටන් විනිසුරුවරයාගේ දුර්වල විනිසුරු තීරණයක්‌ හමුවේ සිය ද්විත්ව ශතකය වාර්තා කිරීමේ අවස්‌ථාව සංගක්‌කාරගෙන් ගිලිහී ගියේය. සංගක්‌කාර මෙම තරගාවලිය යටතේ 26, 22, 31, 30 සහ 08 වශයෙන් දැවී ගිය අතර මෙම තරගයේදී යළිත් ලකුණු අතරට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

අද තරගය පැවැත්වෙන බෙලිරිව් ඕවල් පිටියේදී ශ්‍රී ලංකාව 1999 වසරේදී එකම එක්‌දින තරගයකට පමණක්‌ සහභාගිවී තිබෙන අතර එහිදී සත්කාරක
ඔස්‌ට්‍රේලියාව ශ්‍රී ලංකාවට පරාජය විය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙම තරගයේදී කිසිදු වෙනසක්‌ නොකර සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

Monday, February 20, 2012

අසාර්ථක පොන්ටින් එක්දින සංචිතයෙන් ඉවතට


ඕස්ටේ‍්‍රලියාවේ හිටපු නායක රිකී පොන්ටින්,  ඕස්ටේ‍්‍රලියානු එක්දින ක‍්‍රිකට් සංචිතයෙන් ඉවත්කර තිබේ.  ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී පොන්ටින්ට ලකුණු අතරට ඒමට නොහැකි වීම මෙලෙස සංචිතයෙන් ඉවත් කිරීමට හේතුව වී ඇත.
ඕස්ටේ‍්‍රලියාව තුන්කොන් තරගාවලියේදී සහභාගි වු තරග පහේදී පොන්ටින් රැස්කර තිබෙන ලකුණු සංඛ්‍යාව 18 කි. එහිදී පොන්ටින් ලකුණු 2, 1, 6, 2 සහ 7 ක් ලෙස තරග පහේදී දැවී ගොස් තිබෙන අතර ඔහුගේ එම තරග පහේ සාමාන්‍ය 3.60 කි. මයිකල් ක්ලාක් ආබාධයකට ලක්වීම නිසා තරග දෙකකදී  ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවීම පොන්ටින්ට පැවරිණ.
37 හැවිරිදි පොන්ටින් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය  ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත් විය. එක්දින තරග 375 කට සහභාගිවී ලකුණු 13704 ක් ලබා ඇති හිටපු  ඕස්ටේ‍්‍රලියානු නායකයා, ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගෙන් (18179) පසුව වැඩිම එක්දින ලකුණු රැස් කර සිටින පිතිකරුවා ද වේ.
පොන්ටින් වෙනුවට ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන්  ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතයට කැඳවා තිබේ. මිචෙල් ස්ටාක් වෙනුවට වේග පන්දු යවන රයන් හැරිස් ද සංචිතයට ඇතුළත් කිරීමට  ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

හෙට තරගයට දෝනි නැහැ දෝනිට තරග තහනමක්



ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට තරග තහනමක් පනවා තිබේ.ඒ තුන්කොන් එක්දින තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවති තරගයේ නියමිත කාලයට පන්දුවාර 50 යවා අවසන් නොකිරීම හේතුවෙනි. මේ අතර දෝනිට අද තරගයෙන් හිමි ගාස්තුවෙන් 40%ක් දඩ ලෙස ගෙවීමට සිදුවන අතර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට 20%ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.ඒ අනුව දෝනිට ශ්‍රී ලංකාව සමග අනිද්දා පැවැත්වෙන තරගය අහිමි වනු ඇති.

මේ අතර  සුරේෂ් රයිනා යැවූ 28වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි, ඔස්ට්‍රේලියා ක්‍රීඩක මයික් හසීගේ කඩුල්ල බිද දැමු අතර එය දැවී යාමක් ද යන්න සටහන් කිරිමට තෙවැනි විනිසුරු වෙත යොමු කළේය.
තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරන බෘස් ඔක්සෙන්ෆොඩ්, සටහන් කළේ ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසය.අනතුරුව මයික් හසී පිටියෙන් ඉවතට යනවිට ඔහු පසු පස හඹා ගිය පිටියේ විනිසුරු දෙපළ සැල කළේ තෙවැනි විනිසුරු වැරදීමකින් මයික් හසී දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සටහන් කළ බවය.ඒ අනුව හසීට නැවතත් ක්‍රීඩා කිරමේ අවස්ථාව උදා විය.ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවසන ආකාරයට සිදුව ඇත්තේ තෙවැනි විනිසුරුවරයා විසින් සිය තීරණය ප්‍රකාශය කිරිම සදහා තද කිරිමට අවශ්‍ය බොත්තම වෙනුවට වැරද බොත්තම තද කර ඇති බවය.

මේ වසරේ ඉන්දියාව නැතුව හෝ SLPL ගහනවාලු

මෙම වසරේ පැවැත්වීමට තීරණය කර සිටි අන්තර් පළාත් සිව්දින ක්‍රිකට්‌ තරගාවලිය වෙනුවට ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේද සහභාගිත්වයෙන් යුතුව ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් එස්‌. එල්. පී. එල්. පන්දුවාර 20/20 තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තීරණය කර තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියෙහි බලයලත් නියෝජිතයා වන සමර්සෙට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ වෙන්චර්ස්‌ ආයතනය සමගින් සාකච්ඡාවක්‌ පසුගිය සති අන්තයේදී පවත්වා තිබේ. අදාළ සාකච්ඡාවේදී දෙපාර්ශ්වයෙන්ම යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බවත් එම තරගාවලිය පැවැත්වීම සඳහා සමර්සෙට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ ආයතනය එකගතාවයද පළ කර තිබෙන බවත් මේ පිළිබඳව "දිවයින"ට අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන බලධාරියෙක්‌ සඳහන් කර සිටියේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ස්‌වරූපයෙන්ම අදාළ එස්‌.එල්. පී. එල්. තරගාවලිය මීට පෙර පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය උනන්දු වූවත්, හදිසියේම එම තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ඉන්දීය ක්‍රීඩකයන්ට ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් ඒ සඳහා අවසර දීම ප්‍රතික්‍ෂේප කළ බැවින් තරගාවලිය පැවැත්වීමේ අවස්‌ථාව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් ගිලිහී ගියේය.

තරගාවලියට සහභාගිවන ඉන්දීය ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමගින් නොව වෙනත් පෞද්ගලික ආයතනයකින් වීම මතත් සහ ඒ පිටුපස අයි. පී. එල්. තරගාවලියේ හිටපු සභාපතිවරයා වන ලලිත් මෝඩි සිටින බවට මතුවූ සැකයක්‌ මත තරගාවලිය නියෝජනය කිරීම සඳහා අවසර නොදීමට ආසන්නම හේතුව වශයෙන් ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය සඳහන් කර සිටියේය.

එහෙත් මෙවර තරගාවලියේදී ඉන්දීය ක්‍රීඩකයන් සහභාගි වුවත් නොවූවත් වෙනත් විදෙස්‌ ක්‍රීඩකයන් සමගින් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදන බව මේ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි එම බලධාරියා සඳහන් කර සිටියේය. මෙම තරගාවලිය ඉන්දීය කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවසානයත් සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර පවත්වනු ලබන බවද සඳහන් වේ.

පෙර පරිදිම අදාළ තරගාවලියේදී කණ්‌ඩායම් 7 ම තරග කිරීමට නියමිත වේ. එහිදී බස්‌නාහිර බෙයාර්ස්‌ පිල ටී .එම්. ඩිල්ෂාන් විසිනුත්, කඳුරට කයිට්‌ස්‌ පිල කුමාර් සංගක්‌කාර විසිනුත්, රුහුණ රයිනෝ සනත් ජයසූරිය විසිනුත්, ඌව යුනිකෝර්න් චමින්ද වාස්‌ විසිනුත්, වයඹ වොල්ව්ස්‌ මහේල ජයවර්ධන විසිනුත් උතුර ඔරික්‌සස්‌ ඩැනියෙල් විටෝර් විසිනුත් සහ නැගෙනහිර නාගාස්‌ ෂහිඩ් අෆ්රිඩී විසිනුත් මෙහෙයවීමට නියමිතව තිබිණි.

යෝජිත එස්‌. එල්. පී. එල්. තරගාවලිය සඳහා ඉන්දියාවෙන් දිනේෂ් කාර්තික්‌, ඉර්ෆdන් පතන්, මනීෂ් පාණ්‌ඩේ, මනෝඡ් තිවාරි, පෝල් වල්තාටි, රවීන්ද්‍ර ජඩේජා, සවුරබ් තිවාරි, උමේෂ් යාදව්, විනේ කුමාර්, මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, ආර්. අශ්වින් ද, පාකිස්‌තානයෙන් ෂොයෙබ් අක්‌තාර්, අබ්දූල් රසාක්‌, උමර් අක්‌මාල්, ෂොයෙබ් මලික්‌, ෂහිඩ් අෆ්රිඩි, මිස්‌බා උල්හක්‌, උමාර් ගුල්, සයිඩ් අඡ්මාල්ද, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින්, ක්‍රිස්‌ ගේල්, ඩැරන් බ්‍රාවෝ, ඩ්වයින් බ්‍රාවෝද, දකුණු අප්‍රිකාවෙන් හර්ෂල් ගිබ්ස්‌ද, නවසීලන්තයෙන් ඩැනියෙල් විටෝරිද, ඔස්‌ටේ්‍රලියාවෙන් ඩේවිඩ් වෝනර්, ෂෝන් ටේට්‌ සහ ෂෝන් මාෂ්ද සහභාගිවීමට නියමිතව සිටියහ.
 

Saturday, February 18, 2012

ඕස්ටේ‍්‍රලියාවේ 5 වෙනි විශාලම පරාජය

 
ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාලතම ජයග්‍රහනය  මෙය වේ. ශ‍්‍රී ලංකා සහ  ඕස්ටේ‍්‍රලියාව අතර සිඞ්නි හි පැවති එක්දින ක‍්‍රිකට් තරඟය කඩුලූ 8කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම  සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දු වාර 40යි පන්දු 1ක් තුළ දී සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 158ක් පමණයි. තරගයට වර්ෂාවෙන් බාධා සිදුවීම හේතුවෙන් ඩක්වර්ත් ලූවිස් ක‍්‍රමය අනුව ශ‍්‍රී ලංකාවට ලැබී තිබුණු  ඉලක්කය වූයේ පන්දු වාර 41කදී ලකුණු 152ක්. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 24යි පන්දු 1කදී කඩුලූ 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා
අදාළ ජයග්‍රහණය ප්‍රසාද ලකුණක්‌ සමග ජයගත් ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 7 ක්‌ ලබා ගනිමින් තරගාවලියේ ඉදිරිය සඳහා සාර්ථක ප්‍රවේශය ලබා ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාවට තවත් තරග හතරක්‌ ඉතිරිව ඇත.

උපුල් තරංග වෙනුවට තිලකරත්න ඩිල්ෂාන් සමග ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ආරම්භයේ සිටම ඔස්‌ටේ්‍රලියාවට පීඩනයක්‌ එල්ල කරමින් පන්දුවාර 70 කදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක්‌ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්‌ කිරීමට දායක විය. එහිදී සුපුරුදු වේගවත් පිතිහරඹය දියත් කළ ඩිල්ෂාන් පන්දු 41 කදී හතරේ පහර 4 ක්‌ සහ එක්‌ හයේ පහරක්‌ සමග ලකුණු 45 කට පිටියෙන් ඉවත් විය. අදාළ ඉනිම අතරතුරදී බ්‍රෙට්‌ ලී යවන ලද පිට පිට පන්දු තුනකට හතරේ පහර 3 ක්‌ එල්ල කිරීමට ඩිල්ෂාන් සමත්වීම විශේෂත්වයක්‌ විය.


උපුල් තරංග ඉවත් කරමින් ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක µර්වීස්‌ මහරුෆ් කණ්‌ඩායමට කැඳවා තිබූ අතර ඔහු විශිෂ්ඨ පන්දු යෑවීමක නිරත වෙමින් ලකුණු 18 කට කඩුලු 2 ක්‌ ලබා ගැනීමට සමත් විය.


ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවාවු නායක මහේල ජයවර්ධන පන්දු 67 කදී හතරේ පහර 5 ක්‌ සමග නොදැවී ලකුණු 61 ක්‌ ලබා ගැනීමට සමත් විය. "මේ තරගයේදී අපි යොදපු හැම උපක්‍රමයක්‌ම සාර්ථක වුණා. විශේෂයෙන් නවක ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් යුතුකම් ඉටු කිරීම ජයග්‍රහණයට පහසුවක්‌ වුණා. මෙම තරගයේදී මම ඉනිම ආරම්භ කළේ තරගයට අනුව ක්‍රීඩා කරන්න. බැරි වෙලාවත් මම ආරම්භක පිතිකරුවකු හැටියට මෙහිදී සාර්ථක නොවුණනම් හෙට පුවත්පත්වල මම ගැන විශේෂයෙන් සඳහන් වන්න තිබුණා" යනුවෙන් තරගය අවසානයේ මහේල පැවසීය.


මෙම තරගයේදී සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ සුවිශේෂී කඩඉමක්‌ පසුකළ කුමාර් සංගක්‌කාර ලොව එක්‌දින පිටියේ ලකුණු දස දහස ඉක්‌මවූ දහවැන්නා බවට ඊයේ ඉතිහාසගත විය. එවැනි දස්‌කමක්‌ කළ තෙවැනි ශ්‍රී ලාංකිකයා බවට සංගක්‌කාර පත්වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ලකුණු දස දහස සම්පූර්ණ කළ ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තාගත විය. සංගක්‌කාර තරග 315 කදී එම කඩඉම පසුකර යැමට සමත් විය. ඔහුට පෙර සනත් ජයසූරිය (තරග 337 කදී) සහ මහේල ජයවර්ධන (තරග 355 කදී) ලකුණු දස දහස සම්පූර්ණ කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් බවට පත්ව ඇත.


කාසියේ වාසිය සමග පළමුව පන්දුවට පහර දුන් ඔස්‌ටේ්‍රලියානු ඉනිම ලකුණු 158 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී ඔස්‌ටේ්‍රලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට ඩේවිඩ් හසී (58) පත්විය. හසී විසින් ලකුණු 9 ක්‌ ලබා සිටියදී ඩීෆ් එක්‌ස්‍රා කවර්ස්‌ හි පන්දු රකිමින් සිටි ලසිත් මාලිංග අතරට පහසු උඩපන්දුවක්‌ ලබා දුන්නද ඔහු අතින් එය ගිලිහී යැම හේතුවෙන් ඔස්‌ටේ්‍රලියාවට ලකුණු 100 ඉක්‌මවා යැමට හැකියාව ලැබිණි. ඩේවිඩ් හසී දැවි යාමට පෙර උඩ පන්දු තුනක්‌ ලබා දුන්නද එය ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගියේය.

  


 ප්‍රසාද ලකුණු සටහන

 

Friday, February 17, 2012

ක‍්‍රිකට් ක්‍රීඩකයින්ට හිඟ වැටුප් ගෙවන්න ලංකා බැංකුවෙන් මිලියන 600 ක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි ක‍්‍රිකට් තරග සංචාරක වැඩසටහන පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පෞද්ගලිකවම ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රු. මිලියන 600 ක මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලබාදීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාල පරිච්ජේදයේ ඇතිවූ මූල්‍ය අර්බුදය හේතුවෙන් ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ගේ මාසික වැටුප් ගෙවීම ප‍්‍රමාද වූ නමුත්, ක‍්‍රීඩකයින්ගේ පෙබරවාරි මස දක්වා සියලුම හිඟ වැටුප් පෙබරවාරි මස 28 දිනට ප‍්‍රථම ගෙවීමට කටයුතු කරන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව ද ක‍්‍රීඩා අමාත්‍යාංශ සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි ක‍්‍රිකට් සංචාර වැඩසටහන යටතේ 2012 සිට 2019 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 139 ක මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට නියමිත බැවින්, ලංකා බැංකුව, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමණාකරණය පිළිබඳව පැහැදිලි විශ්වාසයක් ගොඩ නැගී ඇති අතර ඉදිරියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු බාධාවකින් තොරව සිදුවන බව ක‍්‍රීඩා අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ මාර්තු මාසයේ වැටුප් ද නියමිත පරිදි ගෙවීමට කටයුතු කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ නායකත්වය රිකී පොන්ටින්ට.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟයේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායකත්වය හිටපු නායක රිකී පොන්ටින් වෙත පවරා තිබෙනවා. නායක මයිකල් ක්ලාක් මස්පිඩු ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තරඟයට ක‍්‍රීඩා කරන්නේ නැහැ. පොන්ටින්ගේ පත්කිරිම තාවකාලික බවයි  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් බලධාරීන් ප‍්‍රකාශ කළේ. ඬේවිඞ් වෝනර් කණ්ඩායමේ මීලඟ නායකයා ලෙස පෙරට ගෙන ආ යුතු වුවත් ඔහු තවමත් අත්දැකීම් අඩු ක‍්‍රීඩකයෙකු නිසා සිකුරාදා තරඟයට නායකත්වය ලබාදීම සඳහා සුදුසු නොවන බවයි  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් බලධාරීන්ගේ අදහස වී ඇත්තේ. කෙසේවෙතත් ක්ලාක් ලබන ඉරිදා ඉන්දියාව සමග පැවැත්වෙන තරඟයට යළි නායකත්වය ලබාදීමට නියමිතයි. මේ අතර  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක රයන් හැරිස් වෙනුවට තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන් සිකුරාදා තරඟයට කැඳවීමට නියමිත බවද වාර්තා වනවා.

Wednesday, February 15, 2012

අබුද්දස්ස කාලේ දේවල් මිනිහෙක් දරුවකු බිහි කරයි

එංගලන්තයේ අවුරුදු 30ක් වයසැති පිරිමියෙක් ‘ගැහැණියක්‘ වී දරුවකු බිහිකළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි. ගැහැණුන් බවට පත් වීමට කැමැති පිරිමින් සඳහා පිහිට වන බෝමන්ට් සංවිධානයේ උදව් උපකාර ඇතිව මෙයට වසරකට ප්‍රථම සිට ඔහු දරුවකු බිහිකිරීමට අවශ්‍ය ශල්‍ය කර්ම සිදුකර ගනිමින් වෛද්‍ය උපදෙස් ගෙන ඇත්තේ විශේෂඥ වෛද්‍ය ඉංගල් සීඩ්ගෙනි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පිරිමියකු දරුවකු බිහිකළ පළමු අවස්ථාව මෙයයි. මීට ප්‍රථම ඇමෙරිකාවේ හා ස්පාඤ්ඤයේ පිරිමි දෙදෙනෙක් මෙලෙස දරුවන් බිහි කළහ. ඇමෙරිකාවේ තෝමස් බෙට් 2007 සිට මේ වන විට දරුවන් තිදෙනකු බිහිකර ඇත්තේය. පිරිමියකු ගැහැණියක් බවට පත් වී දරුවන් බිහි කළ ලොව පළමු පුද්ගලයා ද තෝමස් බෙට්ය



 

ඇමරිකානු ඩොලරයට රුපියලේ අගය රු. 119 ඉක්‌මවයි


ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඊයේ (14 වැනිදා) වන විට රුපියල් 119 ඉක්‌මවා ගොස්‌ තිබේ.
 

ඒ අනුව ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 119.40 දක්‌වා ඉහළ ගිය අතර එය ඊට පෙර දින (13 දා) රුපියල් 116.58 ක්‌ විය.

පෙබරවාරි 03 වැනිදා ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 114.88 ක්‌ වූ අතර ඉන්පසු රුපියලේ අගය දිගින් දිගටම පිsරිහීමට ලක්‌වෙමින් මෙසේ ඊයේ දිනය වන විට රුපියල් 119 ද පසු කරමින් සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමට ලක්‌විය.

මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තීරණය වීම වෙළෙඳ පොළ බලවේගවලට ඉඩහැර ඇත.

ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළෙඳ පොළේ පවතින විනිමය හිඟය හේතුවෙන් මෙසේ රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙමින් තිබේ.

Tuesday, February 14, 2012

ජයසූරිය යළි දක්ෂතා අතරට.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ බරිසාල් බර්නර්ස් කණ්ඩායම සමග පැවති තරගය කුල්නා රෝයල් බෙන්ගාල් කණ්ඩායම කඩුලු 7කින් ජය ගත්තේය.
 

මීර්පූර්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බරිසාරි බරිසාල් බර්නර්ස් කණ්ඩායමේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 125කි.

මිර්පූර්හි ශෙයර් බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ කුල්නා රෝයල් බෙන්ගාල් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී බරිසාල් බර්නර්ස් කණ්ඩායමට ආරාධනය කළේය.


බරිසාරි බර්නාර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අහමඩ් සෙශාඩ් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය.


මොමිනුල් හක් ලකුණු 43ක් රැස් කළේ, කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි.


සනත් ජයසූරිය, ශකීබ් අල් හසන් සහ ශායිෆුල් ඉස්ලාම් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියහ.

පිළිතුරු ඉණිම වෙනුවෙන් පිටියට පිවිසි කුල්නා රෝයල් බෙන්ගාල් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් හර්ෂල් ගිබ්ස් සහ ශිවනරීන් චනද්‍රපෝල් ලකුණු 36ක සබඳතාවක් ගොඩනැගීය.

ඩ්වෙන් ස්මිත් නොදැවී ලකුණු 58ක් රැස් කළේය.


සනත් ජයසූරිය ඊයේ පැවති තරඟයේදී බරිසල් බර්නර්ස් කණ්ඩායමේ කඩුලූ දෙකක් ලකුණු 17 කට දවාලීමට සමත්වූ අතර පන්දු 18 කදී 6 යේ පහර දෙකක් සමග ලකුණු 23 ක් රැස් කළා.

පළමු තරග දෙක පරාජය වුණත් තරගාවලියේ අවසන් තරගය සඳහා පැමිණීමේ අවස්‌ථාව ඈත්වෙලා නැහැ-මහේල

කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් පසුවන ශ්‍රී ලංකාව අද (14 දා) ඉන්දියාව සමග ඇඩිලේඩ් හිදී දිවා රාත්‍රි තරගයකට සහභාගි වෙයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 8.50 ට පමණ ආරම්භ වීමට නියමිතය.

මෙතෙක්‌ තරගාවලියේ කිසිදු ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරග දෙකේදී ඉන්දියාව සහ ඔස්‌ටේ්‍රලියාව හමුවේ පරාජයට පත්විය. එම අවදානම් තත්ත්වය අනුව අද තරගය ශ්‍රී ලංකාව කෙසේ හෝ ජයගෙන තරගාවලියේ ඉදිරි තරග සඳහා සාර්ථක ප්‍රවේශයක්‌ ලබාගත යුතුව ඇත. මේ වන විටත්
ඔස්‌ට්‍රේලියාව සහ ඉන්දියාව තරග තුනකට බැගින් සහභාගි වී ජයග්‍රහණය දෙක බැගින් ලබා තිබීම මත ශ්‍රී ලංකාවට අද තරගයේ ජය අනිවාර්ය වී තිබේ. ප්‍රසාද ලකුණු සටහන අනුව ඔස්‌ටේ්‍රලියාව ලකුණු 9 ක්‌ ලබා පෙරමුණේ පසුවන අතර ඉන්දියාව ලකුණු 8 ක්‌ ලබා එහි දෙවැනි ස්‌ථානයේ පසුවෙයි.

අපි පළමු තරග දෙක පරාජය වුණත් තරගාවලියේ අවසන් තරගය සඳහා පැමිණීමේ අවස්‌ථාව ඈත්වෙලා නැහැ. අපිට අද තරගයත් එක්‌ක තව තරග හයක්‌ තියෙනවා ක්‍රීඩා කරන්න. එහිදී අපි බලාපොරොත්තු වෙනවා අපේ ඉලක්‌කය වෙත ළඟා වෙන්න.  යනුවෙන් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන තරගය පිළිබඳව අදහස්‌ දක්‌වයි.

ඇඩිලේඩ් තණතීරුව වේග පන්දු යවන්නන්ට යම් සහනයක්‌ දැක්‌වුවද පිතිකරුවන්ටද එය දක්‍ෂතා දැක්‌විය හැකි තණතීරුවක්‌ බව වාර්තා වේ. මෙම ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව තරග 15 කට සහභාගි වී ලබා ඇත්තේ ජයග්‍රහණ තුනක්‌ පමණක්‌ වන අතර එහිදී තරග 12 ක්‌ පරාජයට පත්වී තිබේ. ඉන්දියාව මෙම ක්‍රීඩාංගණයේදී තරග 12 කට සහභාගි වී ජයග්‍රහණ 7 ක්‌ ලබා ඇති අතර පරාජය වී ඇත්තේ තරග 5 ක්‌ පමණි. ඒ අනුව ක්‍රීඩාංගණයේ දක්‌වා ඇති දක්‍ෂතා අනුව ඉන්දියාව ඉදිරියෙන් පසුවීමද ඔවුන්ගේ මානසිකත්වය ඉහළ දැමීමට පිටිවහලක්‌ වනු ඇත. 1999 දී ශ්‍රී ලංකාව ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී ලකුණු 303 ක්‌ හඹා ගොස්‌ නවසීලන්තය පරාජය කිරීමට සමත් වූ අතර එය මෙම ක්‍රීඩාංගණයේ කණ්‌ඩායමක්‌ හඹා ගොස්‌ ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසද සටහන් වේ. එම තරගයේදී මහේල ජයවර්ධන ශතකයක්‌ ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබිය. ඒ අනුව ලකුණු නියඟයකින් පසුවන මහේල මෙම ක්‍රීඩාංගණයේදී ලකුණු අතරට පැමිණීමට සමත් වුවහොත් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල පිටිවහලක්‌ වනු ඇත.

ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු අතරට නොපැමිණීම සහ මැද පෙළ පිතිකරු ළහිරු තිරිමාන්න අසාර්ථක වීමද ශ්‍රී ලංකා පරාදවලට ප්‍රබල සාධකයක්‌ වූ අතර අද තරගයේදී තිරිමාන්න වෙනුවට තිලාන් සමරවීර ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් අද තරගයේදී ඉන්දියාව පරාජය කිරීමේ හැකියාව තම කණ්‌ඩායමට ඇති බව හිටපු නායක කුමාර් සංගක්‌කාරද විශ්වාස කරයි. ඉන්දියාව ඔවුන්ගේ රටේදී හොඳින් ක්‍රීඩා කළත් ඉන් පිටතදී එතරම් හොඳට ක්‍රීඩා කරන්නෙ නැහැ. ඒ අනුව ඕනෑම මොහොතක ඉන්දියාව විදේශ රටවලදී පරාජය විය හැකියි. යනුවෙන් සංගක්‌කාර අදහස්‌ දක්‌වා ඇත. ඉතිහාසයේ ඉන්දියාව විදේශවලදී තරග කරපු ආකාරය පිළිබඳවද සංගක්‌කාර එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා තිබේ.

සංගක්‌කාර වැඩිදුරටත් මෙසේ අදහස්‌ දක්‌වා තිබේ. අපිට දැන් අවශ්‍ය වන්නේ මේ තරගය ජය ගැනීම පමණයි. ඊට පස්‌සෙ අපිට තව තරග හතරක්‌ තුළ අවම වශයෙන් ජයග්‍රහණ දෙකක්‌ ලබා ගතහොත් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට බොහෝ අවස්‌ථාවක්‌ තියෙනවා. ඉන් පසුව අපිට තවත් තරගයක්‌ ඉතිරිව තිබෙනවා. අද තරගයේදී සංගක්‌කාර ලකුණු 42 ක්‌ ලබාගතහොත් ඔහුට ලකුණු දස දහසේ සීමාව ඉක්‌මවා යැමට හැකියාව ලැබෙන අතර ඔහු මේ වන විට එක්‌දින තරග 313 කදී ලකුණු 9958 ක්‌ ලබා තිබේ.

ඔස්‌ට්‍රේලියානු නායකයාට ආබාධයක්‌

මේ අතර
ඔස්‌ට්‍රේලියානු නායක මයිකල් ක්‌ලාක්‌ගේ පාදයක කලව ප්‍රදේශයේ ඇති වී තිබෙන ආබාධයක්‌ හේතුවෙන් ලබන සිකුරාදා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයට සහභාගි නොවන බව වාර්තාවේ.

එහෙත් ක්‌ලාක්‌ පවසන්නේ zමම ගොඩක්‌ උත්සාහ ගන්නවා සිකුරාදා තරගයට සහභාගි වන්නෙ. යනුවෙනි. ඒ අනුව ක්‌ලාක්‌ සහභාගි නොවුණහොත් ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම රිකී පොන්ටින් විසින් මෙහෙයවන බවද වාර්තා වේ. මේ වනවිට
ඔස්‌ට්‍රේලියානු නිත්‍ය උපනායක ෂේන් වොට්‌සන් ආබාධයක්‌ හේතුවෙන් ක්‍රීඩා නොකිරීම සහ ටෙස්‌ට්‌ තරගාවලියේ උපනායකයා වූ බ්‍රැඩ් හැඩින් ක්‍රීඩා නොකිරීම මත හිටපු නායක පොන්ටින් විසින් ශ්‍රී ලංකාව සමග සිකුරාදා පැවැත්වෙන තරගය මෙහෙයවීමට නියමිත බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැයට කිලෝමීටර් 150ක වේගයකින් පන්දු යවන බව  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන ක‍්‍රීඩක බෙට්ලි පවසනවා. ආබාධයක් හේතුවෙන් සී.බී. කුසලාන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීමට බෙට්ලිට මේ දක්වා අවස්ථාව හිමි වූයේ නැහැ. දැන් සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටින ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායමට අනතුරු අඟවා සිටින බවයි සිඞ්නි මෝර්නින් හෙරල්ඞ් පුවත්පත සදහන් කළේ. බෙට්ලි පසුගිය දා නිමාවට පත්වූ ඉන්දීය  ඕස්ටේ‍්‍රලියා විස්සයි විස්ස තරගයේදී ද පැයට කිලෝමීටර් 150ක වේගයකින් පන්දු යවනු ලැබුවා.

 

Sunday, February 12, 2012

ශ‍්‍රී ලංකා පිළ නිවැරදි මඟක. - ජෙෆ් මාෂ්


 වසර 2ක කොන්ත‍්‍රාත්තු කාලයෙන් මාස හතරක් පමණක් ගතවී තිබියදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු තනතුරෙන් ඉවත් කළ  ඕස්ටේ‍්‍රලියානු ජාතික ජෙෆ් මාෂ් ඊයේ (10) සිය ශ‍්‍රී ලංකා අත්දැකීම් පිළිබදව ප‍්‍රසිද්ධියේ අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළ ශක්තිමත් අන්දමින් ප‍්‍රගතියක් අත්කර ගනිමින් සිටින බව තමා විශ්වාස කරන බවයි. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ව්‍යුහයේ පරිවර්තන යුගයක තමා පුහුණුකරු තනතුරට යොදා ගත් බව පැවසූ ජෙෆ් මාෂ් නව පාලක මණ්ඩලය එක් වරක් පමණක් හමුවූ බවත් කියා සිටියා. තමා තනතුරින් ඉවත් කළ ද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඒ සඳහා හේතු ප‍්‍රකාශ නොකළ බවයි ජෙෆ් මාෂ් ප‍්‍රකාශ කළේ. තම කාලය තුළ ශ‍්‍රී ලංකා පිළ දකුණු අප‍්‍රිකාවේ දී ප‍්‍රථම ටෙස්ට් ජයග‍්‍රහණය අත් කර ගත් බව පෙන්වා දුන් ජෙෆ් මාෂ් එය කණ්ඩායමේ ඉලක්කයක් වූ බවත් සඳහන් කළා. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සමග කටයුතු කිරීම සුන්දර අත්දැකීමක්. එහෙත් එය අත්දැකීමට සිදුවූයේ සිව් මසක් පමණයි. පිටියේදී තිලකරත්න ඩිල්ශාන් තරම් කැපවීමක් පෙන්නුම් කර කිසිදු ක‍්‍රීඩකයෙකු නොමැති තරම්. එහෙත් මහේල ජයවර්ධන ශ‍්‍රී ලංකා පිළ ඉදිරියට ගෙන යාමට සුදුසුම පුද්ගලයා බව අන් බොහෝ දෙනා මෙන් තමා ද විශ්වාස කරන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් හිටපු පුහුණුකරු ජෙෆ් මාෂ් අවධාරණය කළේ.
වැඩි දුර

Wednesday, February 8, 2012

ලෝක ශූරයන් හා අනුශූරයන් අතර ලෝක කුසලානයෙන් පසුව ප්‍රථම ගැටුම අද

දිවා රාත්‍රි තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.

තරගාවලියේ ආරම්භක තරගයේදීම සත්කාරක ඔස්‌ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වූ ඉන්දියාවට අද දිනයේ ඇති සැනසුම් සහගත තත්ත්වය වන්නේ මීට මාස 10 කට පෙර ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමේ සුබවාදී මානසිකත්වය පමණි. ඒ හැරෙන්නට ඔවුන් ඔස්‌ටේ්‍රලියානු සංචාරයේදී ටෙස්‌ට්‌ තරගාවලිය 4-0 ක්‌ වශයෙන්ද අනතුරුව 20-20 තරගාවලිය පරාජයට පත්වී හෙම්බත්ව සිටිති.

ශ්‍රී ලංකාවද ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කිසිදු එක්‌දින තරගාවලියක්‌ ජයග්‍රහණය නොකළද ඉකුත් දකුණු අප්‍රිකානු සංචාරයේ අවසන් තරග දෙකේදී ලකුණු 300 කට වැඩි ඉලක්‌කයන් හඹා ගොස්‌ ජයග්‍රහණය කිරීමේ සුබවාදී මානසිකත්වය සමග අද තරග වදිනු ලබයි. "අපිට කණ්‌ඩායමක්‌ ලෙස පසුගිය දිනවල එක දිගට ජයග්‍රාහී රිද්මය පවත්වා ගන්න බැරිවුණා. ඒත් අපි දැන් අලුත් විදිහට හිතල තමයි මේ තරගාවලියට සහභාගි වෙන්නේ. තුන් ඉරියව්වෙන්ම සමබර දක්‍ෂතාව දැක්‌වීම තමයි අපේ අරමුණ." යනුවෙන් මහේල අදහස්‌ දක්‌වා සිටියි.

ඉකුත් ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් මාස 10 කට පසුව ලෝක ශූර ඉන්දියාව සහ එහි අනුශූර ශ්‍රී ලංකාව මුණ ගැසෙන පළමු අවස්‌ථාව මෙය වෙයි. මීට පෙර දෙපිළ එක්‌දින තරග 129 කට සහභාගි වී ශ්‍රී ලංකාව ජයග්‍රහණ 50 ක්‌ද ඉන්දියාව ජයග්‍රහණ 68 ක්‌ද ලබා තිබේ.

ඩිල්ෂාන් නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු මහේල ජයවර්ධනගේ නව නායකත්වය යටතේ සහ නව පුහුණුකරුවකු යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගයද මෙය වන අතර මීට පෙර මහේල ශ්‍රී ලංකාව මෙහෙයවූ තරග 94 කදී ජයග්‍රහණ 54 ක්‌ ශ්‍රී ලංකාවට ලබා දීමට සමත්ව ඇත.

අද තරගයේදී කුමාර් සංගක්‌කාර ලකුණු 90 ක්‌ ලබාගත හොත් ලකුණු දස දහස සම්පූර්ණ කළ ලොව දහ වැන්නා සහ ශ්‍රී ලංකාවෙන් එවැනි දස්‌කමක්‌ කළ තෙවැන්නා ලෙස ඔහු ඉතිහාස ගත වනු ඇත. සංගක්‌කාර දැනට එක්‌දින තරග 311 කදී ලකුණු 9910 ක්‌ ලබා තිබේ.

වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක්‌ ලෙස හඳුන්වනු ලබන පර්ත් තණතීරුවේ මෙම තරගය සඳහාද මද කොළ පැහැයකින් යුත් තණතීරුවක්‌ සකසා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව පර්ත් ක්‍රීඩාංගණයේදී එක්‌දින තරගයකට පිවිසෙන්නෙ (2008 න් පසුව) සිව් වසරකට පසුව වන අතර ඉන්දියාව පර්ත් ක්‍රීඩාංගණයේදී එක්‌දින තරගයකට සහභාගි වන්නේ (2004) වසර 12 කට පසුවීම විශේෂත්වයකි. මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව තරග 15 කට සහභාගි ජයග්‍රහණ 2 ක්‌ ලබා ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වන්නේ 233 කි. ඉන්දියාව පර්ත් ක්‍රීඩාංගණයේදී සහභාගි වී ඇති තරග 9 කදී ජයග්‍රහණ තුනක්‌ ලබා තිබුණද ඔවුන් ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 227 ක්‌ ලෙස සටහන් වේ.

තරගාවලියට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකකට සහභාගි වුවද ඉන් එක්‌ තරගයක්‌ වර්ෂාවට සේදී ගිය අතර සෙසු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. වික්‌ටෝරියා දෙවැනි පෙළ කණ්‌ඩායම සමග පැවැති එම පුහුණු තරගයට මහේල, ඩිල්ෂාන්, මැතිව්ස්‌ සහ මාලිංග යන ප්‍රබල ක්‍රීඩකයන් ක්‍රීඩා නොකළද ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 173 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 149 ට සීමා විය. "පුහුණු තරගයේ පරාජය මේ තරගයට කොහෙත්ම බලපෑමක්‌ නැහැ. අපේ සැලසුම තියෙන්නේ තරගාවලියේ ඉදිරියට යැම පමණයි." යනුවෙන් මහේල අදහස්‌ දක්‌වා තිබේ.

ඉන්දියානු නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි අද තරගයේදී විවේක ගැන්වීම පිළිබඳව වාර්තා වුවද එහි අවසන් තීරණය අද උදෑසන තීරණය වන බවද වාර්තා වේ. දෝනි අද ක්‍රීඩා නොකළොත් ෂෙවාර්ග් ඉන්දියානු කණ්‌ඩායම මෙහෙයවනු ලබයි. කෙසේ වෙතත් ඉන්දියානු නවක ක්‍රීඩකයන්ට අවස්‌ථාව ලබාදීම තම කණ්‌ඩායමේ ප්‍රධාන අරමුණ බව ෂෙවාර්ග් පවසයි. එබැවින් නායක දෝනි ක්‍රීඩා කළහොත් ආරම්භක පිතිකරු වූ ගෞතම් ගාම්භීර්ට ස්‌ථානය අහිමිව යැමේ අවධානමක්‌ පවතී.

තරගයට සහභාගි වීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකාව කණ්‌ඩායම - තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, නුවන් කුලසේකර, රංගන හේරත්, ලසිත් මාලිංග,  ධම්මික ප්‍රසාද්

තරගයට සහභාගි වීමට අපේක්‍ෂිත ඉන්දියානු කණ්‌ඩායම - විරේන්ද්‍ර ෂෙවාර්ග්, සචින් ටෙන්ඩුල්කාර්, රෝහිත් ෂර්මා, සුරේෂ් රයිනා, මහේන්ද්‍ර සිං දෝනි, ඉර්පන් පතන්, රවී චන්ද්‍රන් අස්‌වින්, විනි කුමාර්, ප්‍රවීන් කුමාර්, සහීර් ඛාන්

 

Tuesday, February 7, 2012

පාසල් නිල ඇඳුම් තවම නෑ-ජෝශප් ස්ටාලින්

නිල ඇඳුම් සඳහා මුදල් වෙන්කර තිබුණද 2012 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මෙතෙක් ලබාදීමට කටයුතු කර නොමැති බව ලංකා ගුරු සංගමය පවසයි.

ලංකා ගුරු සංගමයේ ‍ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනය පහත පරිදිය.

රජයේ පාසල්වලට ලබාදෙන නිල ඇඳුම් 2012 වර්ෂය සඳහා මේ වන විටත් ලබා දී නැත. අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ සියලූ ම පාසල්වල සිසුන්ට නිල ඇඳුම් සහ පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සිවුරු රෙදි ලබාදීම සඳහා රුපියල් මිලියන 1595 ක් වෙන්කර තිබියදීත් 2012 වර්ෂයේ පළමු වාරය ආරම්භ වී මසකට වැඩි කාලයක් ගතවී ඇතත් මේ දක්වා පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමට කටයුතු කර නැත.

2011 වසරේ ද නිල ඇඳුම් ලබාදීම ප‍්‍රමාද වූ අතර, මාධ්‍ය සහ ගුරු සංගම් විසින් ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමේදී නිල ඇඳුම් ලබාදුන්න ද, එම නිල ඇඳුම් රෙදි බාල රෙදි බව පාර්ලිමේන්තුවේ ද ප‍්‍රකාශ විය. එසේ ම මේ පිළිබඳ ව පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ 2012 වසරේදී එවැනි තත්ත්වයක් උදා නොකරන බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා විවිධ ප‍්‍රචාරක ව්‍යාපෘති සඳහා අති විශාල මුදල් සම්භාරයක් වියදම් කරමින් අධ්‍යාපනයේ සිදුකරන ආශ්චර්යමත් වෙනස්කම් ගැන පුරසාරම් දොඩවමින් සිටියද පාසල් ළමුන්ට නිල ඇඳුම් ලබා දීමටවත් මේ වන තෙක් පියවර ගෙන නැත. නිදහස් අධ්‍යාපනය සුරකින් බව සපථ කරමින් නිල ඇඳුම් රෙදි ප‍්‍රමාද කිරීමෙන් දෙමව්පියන්ට තම වියදමින් රෙදි මිල දී ගැනීමට සිදුවී ඇත.

10 ශ්‍රේණියට සමත් වන සිසුන්ට කොට කලිසම වෙනුවට දිග කලිසම් ඇඳීමට සිදුවීම තුළ ඔවුන්ට අලූතෙන් ම නිල ඇඳුම් සකසා ගැනීමට සිදු වේ. එම නිසා වහාම පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය බල කර සිටියි.

Sunday, February 5, 2012

හිස කෙස් ගැලවී යන එක ප්‍රශ්නයක් කරගත් අයට ආයුර්වේද උපදෙස් මෙහෙමයි

කාන්තාවන්ගේ සුන්දර පෙනුම සඳහා කෙස් කලඹ මගින් ලැබෙන පිටිවහල වචනයෙන් විස්තර කිරීමත් අපහසු තරම්. කෙස් කලඹ සුන්දර වන්නේ එය නිරෝගී වූ විටයි. නිරෝගි කෙස් කලඹක් ලැබෙන්න නම් තමන්ගේ කෙස්වල ස්වභාවය නිවැරදිව හඳුනාගෙන ඊට ගැලපෙන ප්‍රතිකාර කළ යුතුයි.
හිස කෙස්වල එක එක වර්ග තිබෙනවා. සිනිඳු, රළු, කැරලි සහිත, සෘජු ආදී වශයෙන් නොයෙකුත් ආකාරවලට මේවා වර්ග කරන්න පුළුවන්. ආයුර්වේදයේ ප්‍රකෘතිය යනුවෙන් සඳහනක් තිබෙනවා.
වාත, කඵ, පිත්ත යන ත්‍රිදෝෂවලට අනුව වාත ප්‍රකෘති, කඵ ප්‍රකෘති, පිත්ත ප්‍රකෘති යනුවෙන් දක්වා ඇති අතර අප ඕනෑම කෙනෙක් මේ ප්‍රකෘති තුනෙන් එකකට අයිතියි.
මේ අනුව වාත ප්‍රකෘතිය සහිත අයගේ හිසකෙස් රළු ඝනකම් ස්වභාවයක් ගන්නවා. පිත්ත ප්‍රකෘතියට අයත් වූවන්ගේ අකලට කෙස් සුදුවීම, වැටීම ආදිය බහුලයි. ඒ වගේම පිත්ත ප්‍රකෘතියට අයත් පුද්ගලයන්ගේ හිසකෙස් දුඹුරු පැහැයෙන් යුතුයි. කළු ප්‍රකෘති නම් කළු කැරලි ගැසුණු හිසකෙස් දකින්න පුළුවන්.
මේ ඕනෑම හිසකෙස් වර්ගයක් තීරණය වන්නේ තමන්ගේ ජාන අනුව තමන්ට හිමි ප්‍රකෘතියට අනුකූලවයි.
හිස කෙස් සම්බන්ධයෙන් බලපාන රෝග තත්ත්වයන් රැසක් තිබෙනවා. හිසකෙස් අකලට පැසීම, අධික ලෙස කෙස් හැලීයාම, උඳුගොව්වා කෑම.
උඳුගොව්වා යනු පියවි ඇසට නොපෙනෙන පර‍පෝෂිතයෙක්. මෙයට නිසි ප්‍රතිකාර නොකළොත් හිසකෙස් සියල්ල හැලී තට්ටය පෑදෙන්න පුළුවන්.
මේ හැලෙන කෙස් නැවත හටගන්නේද නෑ, හිසේ සම ඉතාම සියුම් ලෙස හැලීයාම (මෙහිදී කෙස් කැසීම, වැටීම සිදුවන අතර මේ තත්ත්වය හිස්හොරිවලට සමානයි) අහුරු ලෙස හිසකෙස් ගැලවීයාම. (මේ රෝගය ආයුර්වේදයේ හැඳින්වෙන්නේ ඛාලිත්‍ය රෝගය ලෙසිනුයි), ආදී වශයෙන් කෙස්වලට අදාළ තවත් රෝග තත්ත්වයන් රැසක් දක්වන්න පුළුවන්.
හිසකෙස්වලට බහුලව බලපාන රෝග තත්ත්වයන් කිහිපයක් ගැන විශේෂයෙන් අවධානය යොමු කළොත් එහිදී මුල්තැන ලැබෙන්නේ අධික ලෙස කෙස් හැලීයාම සහ අකලට හිසකෙස් පැසීමේ තත්ත්වයටයි.
මෙවැනි ප්‍රතිඵල හටගැනීමට බොහෝ කරුණු හේතු වෙනවා.
අකලට කෙස් පැසීම හා අධික ලෙස කෙස් හැලීයාම යන තත්ත්වයන් දෙකම කාන්තාවකගේ රූසපුව කෙරෙහි විශේෂයෙන් බලපානවා. මේ තත්ත්වයන් දෙක ඇතිවන්නේ විවිධ හේතු රාශියක් නිසයි. මේවා හැකිතාක් වළක්වා ගන්නට නම් ඒ හේතු ගැන දැන ඒවා පාලනය කරගැනීම වැදගත්.
නිතර ශාරීරිකව හා මානසිකව දැනෙන වෙහෙසකාරී බව එනම් මානසික ආතතිය කෙස් අකලට පැසීම හා වැටීම සඳහා බලපාන ප්‍රධාන හේතුවක්. ඒ වගේම ඔබ නිතර කෝපයෙන් ද්වේෂයෙන් හෝ ශෝකයෙන් පසුවන කෙනෙක් නම් මෙවැනි සිතුවිලිද හිසකෙස්වල ඉහත කී තත්ත්වයන් ඇතිවීම සඳහා මුල් වෙනවා.
හිස් හොරිද, කෙස්වැටීම හා පැසීම ඇතිකරවන තවත් රෝගී තත්ත්වයක්. හිස්හොරි ඇතිවීම යනු හිසේ මතුපිට සම දිරාපත් වීමයි. දුම්, දූවිලි ආදී වූ පරිසරයේ විවිධ දූෂිත තත්ත්වයන් හිසේ මතුපිට සම දිරාපත්වීමට ප්‍රබල ලෙසම හේතුවෙනවා. මෙය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පහසුවෙන්ම බෝ වන අතර එසේ බෝවන්නේ පනා, කොට්ට, තුවා වැනි දෑ හවු‍ලේ භාවිතා කිරීම මගිනුයි.
පීනස් රෝග තත්ත්වයද කෙස් අකලට පැසීම සඳහා බලපාන ප්‍රධාන හේතුවක්
සමහරුන්ගේ වයස තිස් හතළිස් ගණන්වල දී කෙස් බොහෝ සෙයින් පැසී තිබෙනු දකින්න පුළුවන්. ඒ අයගේ දෙමාපියන් ගැන බැලුවොත් මව හෝ පියා මේ ආකාරයට අකලට කෙස් පැසුණු කෙනෙකු බව බොහෝවිටම අනාවරණය කර ගත හැකිවේවි. මේ තත්ත්වය ඇතිවන්නේ එය පරම්පරාවට යාම නිසයි.
වයසට යන විට කෙස් පැසීම සහ ගැලවී යාම ස්වභාවික තත්ත්වයක්. නමුත් ආයුර්වේදයේ රසායන වර්ගවලින් මේ තත්ත්වය ප්‍රමාද කරන්න පුළුවන්. නිතර කෙස් පවිත්‍රව තබාගැනීම. හිසකෙස් අවුල් හැර පීරීම, තෙල් ගැල්වීම වැනි දේවල් මගින් හිසකෙස් පැසීම ප්‍රමාද කළ හැකියි. ඒ වගේම හිසකෙස් අධික ලෙස ගැලවීයාම වළක්වා ගන්නටත් මෙයින් උපකාර ලැබෙනවා.
හිසට තෙල් දමන්න සමහරු කැමති නෑ. නමුත් තෙල් දැමීම තුළින් හිසකෙස් මුලට ශක්තිමත් බවක් ලැබෙනවා. ඒ වගේම දුඹුරු මළානික ස්වභාවය දුරුවී කළු පැහැයක්ද එමගින් හිමිවෙනවා.
තෙල්ගැල්වීමේදී නළලෙන් බේරෙන තරමට තෙල් ගොඩක් ගාන්න වුවමනා නෑ. අත්ලට තෙල් ටිකක් ගෙන අනෙක් අතේ ඇඟිලි තුඩුවලින් හිසේ සමේ ගල්වා හොඳින් සම්බාහනය කිරීමයි තෙල් ගැල්වීමේ නියම ක්‍රමය වන්නේ. ඒ වගේම තෙල් ගැල්විය යුත්තේ උදය කාලයේ මිස රාත්‍රී කාලයට එය සුදුසු නෑ.
දිගු හිසකෙස් තිබෙන අය සවස් යාමයේ නෑම නොසුදුසුයි. ඒ හිසකෙස් නිසි පරිදි වේලෙන්නෙ නැති නිසයි. එවිට පීනස වැනි සෙම්රෝග හටගැනීමේ අවදානම වැඩියි. ඒ වගේම නෑමට සුදුසු උණුවතුර නොවෙයි, ඇල්වතුරයි. උණුවතුර නිසා හිසකෙස්වලට හානි පැමිණෙන්න පුළුවන්.
කෘත්‍රිම ෂැම්පු වර්ගවලින් හිස-කෙස්වලට බලපෑම් ඇතිවෙනවා. එනිසා හිස පිරිසිදු කරන්නට ස්වභාවික දෑ තෝරා ගතහැකි නම් එය වඩාත් සුදුසුයි.
ඒ වගේම හිස්හොරි දුරුවන්නට උළුහාල් දෙහිගැට එකට තම්බා හිස ගැල්වීම හොඳ ප්‍රතිකාරයක්. නමුත් සෙම්රෝග ඇති අයට මේ ප්‍රතිකාරය සුදුසු නෑ. හිස්හොරිවලට තවත් සුදුසු ප්‍රතිකාරයක් වන්නේ කෝමාරිකා කොළය මැද ඇති ජෙලි කොටස ගැල්වීමයි. එසේම වෙරළු කොළ තම්බා හිස සේදීම, ගොඩපර ගෙඩි තම්බා හිස සේදීම තවත් ප්‍රතිකාර ක්‍රම වෙනවා. මේවායින් හිසකෙස් වර්ධනය වීමටත් පිටිවහලක් සැලසෙනවා. නමුත් සෙම් රෝග ඇති අය කෝමාරිකා මදය හිස ගැල්වීම සුදුසු නෑ. මෙය සීතල ගුණයෙන් යුතු නිසා සෙම් රෝග වැඩිවන්න පුළුවන්.
පීනස රෝග ඇත්නම් හිසකෙස් ඉක්මනින් පැසීම සිදුවන බව ඉහතද සඳහන් කළා. මෙහිදී හිසකෙස් පැසීමට පමණක් ප්‍රතිකාර කළාට ඵලක් වන්නේ නෑ. ඊට හේතු වන පීනසට ප්‍රතිකාර කර සුව කරගත යුතුයි. ඉන්පසු හිසකෙස් පැසීම වළක්වන ප්‍රතිකාර කළ හැකියි.
හිස වේලා ගැනීමට හෙයා ඩ්‍රයරය පාවිච්චි කිරීම නුසුදුසුද කියලා සමහරු අපෙන් ප්‍රශ්න කරනවා. හදිසියේ රාත්‍රියේ නාන්නට සිදුවූවිට හෝ හදිසි ගමනක් යාමට සූදානම්වී නෑමට සිදුවූවිට වැනි අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී හෙයා ඩ්‍රයරය භාවිත කළත් නිතර නිතර හෙයා ඩ්‍රයරයේ තද උණුසුමට හිස ඇල්ලීමේදී හිසකෙස් පලුදුවීමට හැකියාව තිබෙනවා.
අකලට හිසකෙස් පැසීම ගැලවී යාම යන කරුණු දෙක කෙරෙහි අප ගන්නා ආහාර පානත් බලපානවා. හිසකෙස් හටගන්නේ මව්කුසේ සිටියදීයි. ගැබිනි සමයේදී ගන්නා ආහාරපාන දරුවාගේ හිසකෙස් මනාව වර්ධනයවීමට හෝ නොවීමට බලපානවා. එනිසා දරුවාට හොඳ කෙස් කළඹක් අනාගතයේ හිමිවන්නට නම් ඊට මූලික අඩිතාලම දැමීමේ වගකීම මවට පැවරෙනවා. දරුවාගේ හිසකෙස් වර්ධනයවීම සඳහා මව ගතයුතු ආහාර අතර මුකුණුවැන්න, ගොටුකොළ, මොනරකුඩුම්බිය, කතුරු මුරුංගා, කංකුන් වැනි පලා වර්ගත් කලවම් පලා වර්ගත් විශේෂයි.
දිගු කෙස් තිබෙන විට අගින් පැලීමට තිබෙන අවදානම වැඩියි. ඒ නිසා බොහෝ දෙනෙක් කරන්නේ එය අගින් අඟලක් දෙකක් කපා දැමීමයි. නමුත් හිසකෙස් කපා නොදමා තෙල් ගල්වා ඇඟිලි තුඩුවලින් කෙස් අග මසාජ් කිරීම තුළින් කෙස් අග පැළීමේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන්.
‍පෝෂණ ඌනතාවයද කෙස් පැලීම සඳහා හේතු වෙනවා. එනිසා සම්පූර්ණ කෙස් ගසටම ‍පෝෂණය ලබාදිය යුතුයි.
කෙස්වල ‍පෝෂණයට ඉවහල්වන ප්‍රතිකාර කිහිපයක් ගැන මෙහිදී අප මතක් කරනවා. ඒ මෙහෙමයි.
ඵළ නොකරන ලද කළු තල සෝදා වේලා වියළි බෝතලයක දමා තබාගෙන අවශ්‍ය වෙලාවට තේ හැඳි එකක් ගෙන කබ‍ලේ බැද හකුරු සමග දිනපතා ආහාරයට ගන්න.
තිල රසායනය ආයුර්වේද වෛද්‍ය උපදෙස් ඇතිව දිනපතා පාවිච්චි කරන්න.
හිසට තෙල් ගෑම හිසකෙස් පැලීම වැළැක්වීමටද ප්‍රතිඵලදායකයි. නීල්‍යාදි තෛලය, භෘංග මලක තෛලය, ත්‍රිපලා තෛලය, දීවකාන්ති තෛලය, දිව්‍යාංගනාදී තෛලය, පාඨා තෛලය වැනි තෙල් වර්ගයකින් ඔබට වඩාත්ම සුදුසු තෙල් වර්ගය වෛද්‍යවරයෙකු වෙතින් දැනගෙන ගල්වන්න. දිනපතා තෙල් ගැල්වීම තුළින් හිසකෙස් දුර්වර්ණවීම පාලනය කරගත හැකියි. එසේ නොහැකි නම් සතියේ නිවාඩු දිනවලදී නොවරදවාම හිසට තෙල් ගල්වන්න. මෙය ගල්වා පැයකින් පමණ සෝදා හැරිය හැකියි.
නිරෝගිමත් කෙස් කලඹකට අවශ්‍ය ආහාර වන්නේ පලා වර්ග, කොළ කැඳ, කොළපාට එළවළු, පලතුරු ආදියයි. පලතුරු අතරින් නෙල්ලි, වෙරළු, නමිනං වඩාත් සුදුසුයි.
අවසන් වශයෙන් මේ උපදෙස් පිළිපදින්න.
දිනකට තුන් වතාවක්වත් හොඳින් අවුල්හැර හිසකෙස් පීරන්න. එයින් හිසේ සමට ව්‍යායාමයක් ලැබෙනවා.
පෞද්ගලික සෞඛ්‍ය ගැන සිතීමේදී හිසකෙස් සඳහාද වැඩි අවධානයක් යොමු කරන්න.
නිරෝගිමත් කෙස් කළඹකට අවශ්‍ය ආහාරපාන සම්බන්ධයෙන් ඔබේ අවධානය ලබාදෙන්න. ඒ සඳහා මෙහි ඉහත දක්වා ඇති උපදෙස් පිළිපදින්න.

Saturday, February 4, 2012

මහේල ඩොලර් මිලියන 1.4 වෙන්දේසි වෙයි.

දැනට තත්වය
මහේල ඩොලර් මිලියන 1.4   මුරලි ඩොලර් ලක්ෂ 2.2 චන්දිමාල්  ඩොලර් 50000  තිසර  පෙරේරා ඩොලර් ලක්ෂ 6.5 යි

Bought
Brendon McCullum - $900,000 to Kolkata Knight Riders (base price $400,000)
Ravindra Jadeja - Maximum purse of $2 million bid by Chennai Super Kings and Deccan Chargers. It goes to a tiebreaker. Bought by Chennai Super Kings for an undisclosed amount (base price $100,000).
Muttiah Muralitharan - $220,000 to Royal Challengers Bangalore (base price $200,000)
Mahela Jayawardene - $1.4 million to Delhi Daredevils (base price $300,000)
Herschelle Gibbs - $50,000 to Mumbai Indians (base price $50,000)
Brad Hodge - $475,000 to Rajasthan Royals (base price $200,000)
Parthiv Patel - $650,000 to Deccan Chargers (base price $200,000)
Dinesh Chandimal - $50,000 to Rajasthan Royals (base price $50,000)
Andre Russell - $450,000 to Delhi Daredevils (base price $50,000)
Mitchell Johnson - $300,000 to Mumbai Indians (base price $300,000)
RP Singh - $600,000 to Mumbai Indians (base price $200,000)
Vinay Kumar - $1 million to Royal Challengers Bangalore (base price $100,000)
Sreesanth - $400,000 to Rajasthan Royals (base price $400,000)
Ramesh Powar - $160,000 to Kings XI Punjab (base price $100,000)
Brad Hogg - $180,000 to Rajasthan Royals (base price $100,000)
Sunil Narine - $700,000 to Kolkata Knight Riders (base price $50,000)
Robin Peterson - $100,000 to Mumbai Indians (base price $100,000)
Daniel Harris - $70,000 to Deccan Chargers (base price 50,000)
Kevon Cooper - $50,000 to Rajasthan Royals (base price 50,000)
James Faulkner - $190,000 to Kings XI Punjab (base price $100,000)
Azhar Mahmood - $200,000 to Kings XI Punjab (base price $100,000)
Thisara Perera - $650,000 to Mumbai Indians (base price $50,000)
Marchant de Lange - $50,000 to Kolkata Knight Riders (base price $50,000)
Darren Bravo - $100,000 to Deccan Chargers (base price $100,000)
Doug Bracewell - $50,000 to Delhi Daredevils (base price $50,000)
Unsold
James Anderson - base price $300,000
Tamim Iqbal - base price $50,000
Adrian Barath - base price $50,000
Ramnaresh Sarwan - base price $100,000
Ian Bell - base price $200,000
Owais Shah - base price $200,000
Upul Tharanga - base price $50,000
VVS Laxman - base price $400,000
Matt Prior - base price $200,000
Brendan Taylor - base price $100,000
Mark Boucher - base price $100,000
Justin Kemp - base price $100,000
Marlon Samuels - base price $100,000
Steven Smith - base price $200,000
Ravi Bopara - base price $100,000
Luke Wright - base price $200,000
Kevin O'Brien - base price $50,000
Dwayne Smith - base price $100,000
Lonwabo Tsotsobe - base price $50,000
VRV Singh - base price $100,000
Vernon Philander - base price $200,000
Fidel Edwards - base price $100,000
Ravi Rampaul - base price $100,000
Peter Siddle - base price $200,000
Tim Southee - base price $100,000
Graeme Swann - base price $400,000
Rangana Herath - base price $50,000
Ajantha Mendis - base price $50,000
Steve O'Keefe - base price $100,000
Xavier Doherty - base price $100,000
Michael Klinger - base price $50,000
Richard Levi base price $50,000
Alviro Petersen base price $100,000
Lendl Simmons base price $50,000
Farveez Maharoof - base price $50,000
Jacob Oram - base price $100,000
Moises Henriques - base price $50,000
Ben Laughlin - base price $50,000
Ryan McLaren - base price $100,000
Nicky Boje - base price $200,000
Jacques Rudolph - base price $20,000
Andy McKay - base price $50,000
Alister McDermott - base price $20,000
Michael Neser - base price $50,000
Retained
(Players who were signed last year as a replacement for injured players and then retained by the franchise for this year)
Chris Gayle - Royal Challengers Bangalore, $550,000
Sourav Ganguly - Pune Warriors, $400,000
David Miller - Kings XI Punjab, $100,000
Transferred
(Main players signed during the IPL's trading window between December 15 and January 20)
Kevin Pietersen - Deccan Chargers to Delhi Daredevils
Andrew McDonald - Delhi Daredevils to Royal Challengers Bangalore
Dinesh Karthik - Kings XI Punjab to Mumbai Indians
Pragyan Ojha - Deccan Chargers to Mumbai Indians
R Sathish - Mumbai Indians to Kings XI Punjab
Harmeet Singh - Deccan Chargers to Kings XI Punjab

Friday, February 3, 2012

ගුරුවරුන්ට හිමි වැටුප් වර්ධකය අදාළ වසර තුළම ගෙවිය යුතුයි - මහීපාල හේරත්

ගුරුවරුන්ට හිමි වැටුප් වර්ධකය අදාළ වසර තුළම ගෙවිය යුතු බව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා නියෝග කර තිබේ.

ඒ අනුව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ගුරු මහත්ම මහත්මීන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය කල් මැරීමකින් තොරව අදාළ වර්ෂය තුළම ගෙවීමට පියවර ගත යුතු යැයි සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා අද (02) සබරගමුව පළාතේ විදුහල්පතිවරුන්,ගුරු උපදේශකවරුන් කොට්ඨාස සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් අමතමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කොට්ඨාස මට්ටමින් සංවිධානය කර තිබූ රැස්වීම් මාලාව අමතමිනි.

සබරගමුව පළාතේ පාසල්වලට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් මේ වන විට සතුටුදායක තත්ත්වයක පවතින බව ඇමතිවරයා එහිදී සඳහන් කළේය.

ඉහළම ප්‍රතිඵල පෙන්වමින් නැණ ගුණවත් දරු පරපුරක් බිහිකිරීම සඳහා අවශ්‍ය වාස්තවික පසුබිම සපයා ඇති බැවින් පැවරුණු කාර්යය මැනවින් ඉටු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන්නේ යැයිද විදුහල්පතිවරුන් අමතමින් මහ ඇමතිවරයා කියා සිටියේය.

පසුගිය වසර කීපය පුරා සබරගමුවේ විසි එක්දහසක් වන ගුරු මහත්ම මහත්මීන්ට විවිධාකාරයෙන් හිඟ වැටුප් ලෙස එකතු වී තිබූ රුපියල් ලක්ෂ හාරදහස් හයසිය අනූවක් තරම් දැවැන්ත මුදලක් ගෙවා අවසන් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහාය ඇතිව ඉටු කිරීමට හැකි වූ බවද මහ

ලබන වසරේ සිට ඉතිහාසය විෂය ජාතික උරුමයන් හා පරිසර විෂය ලෙස වෙනස්‌ කරයි

ලබන වසරේ සිට ඉතිහාසය විෂය ජාතික උරුමයන් හා පරිසර විෂය ලෙස වෙනස්‌ කෙරෙන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ජාතික උරුමය පිළිබඳ හා පරිසරය පිළිබඳ දරුවන් තුළ ඇති දැනුම ඉතා අල්ප බවත්, මුල සිටම අදාළ විෂයන්වල  ඇති වැදගත්කම දරුවන් වෙත ගෙන යැමේ අරමුණින් ඉහත තීරණය ගත් බවත් හෙතෙම කීවේය.

එසේම සම්පත් බෙදී යැමේ විෂමතාවය නිසා ගම්බද දරුවන්ට සිදුවන අසාධාරණකම් අවම කිරීමට ජාතික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පවසයි.

එම ජාතික වැඩපිළිවෙළට සමගාමීව ඇරැඹෙන නව ද්වීතික පාසල් සඳහා තොරතුරු තාක්‍ෂණය, විද්‍යාගාර මෙන්ම හරිත විද්‍යාගාරයක්‌ ඇති කිරීමට කටයුතු කරන මෙන් පරිසර අමාත්‍යාංශයෙන් හෙතෙම ඉල්ලීමක්‌ ද කළේය.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (02 වැනිදා) එම අදහස්‌ පළ කළේ ලෝක තෙත් බිම් ජාතික දින සැමරුම් උත්සවය බත්තරමුල්ල වෝටර්ස්‌එඡ් හි දී පැවැති අවස්‌ථාවේදී

Thursday, February 2, 2012

පසුගිය වර්ෂයේ හොඳම වොලිබෝල් ඡායාරූපය අපෙන්



ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය විසින් 2011 වර්ෂයේ දි 12 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ක‍්‍රියාත්මක කරන ලද Volley Aall Festival වැඩ සටහනට අනුබද්ධව පැවැති ඡායාරූප තරගයකින් පළමු ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිවී තිබේ.
මෙම වැඩසටහන පසුගිය වසරේ මැයි 31 හා ජුනි 01 වන දිනවල බදුල්ල හාලිඇල ජාතික පාසල් ක‍්‍රීඩාංගනයේදී සංවිධානය කරන ලද අතර එහිදී ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රසාද් රශ්මික විසින් ගන්නා ලද ඡුායා රූපය 2011 වසරේ ලොව හොඳම ඡායාරූපය වශයෙන් ජාත්‍යාන්තර වොලිබෝල් සම්මෙලනයේ තාක්‍ෂණික කමිටුව විසින් තෝරා ගනු ලැබ ඇත.
හාලිඇල මුගුණුමත විද්‍යාලයේ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන නෙත්මි ශාක්‍යා ක‍්‍රීඩිකාව මෙම ඡායාරූපයේ සිටින්නීය.
Volley Aall Festival යනුවෙන් නම් කරන ලද මෙම වැඩසටහන ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ රටවල් 220 තුලම 2011 වසරේදී කි‍්‍රයාත්මක කරන ලදි.
මෙම ඡායාරූපය 2012 වර්ෂයේදී ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනයේ සියලූම ප‍්‍රකාශන වල යොදා ගැනීමට ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය තිරණය කර ඇති අතර එහි රූපය ප‍්‍රථම ස්ථානය දිනා ගැනිම හේතුවෙන් මේ වසරේ ඇමරිකාවේදී පැවැත්වෙන 33 වන ජාත්‍යාන්තර වොලිබෝල් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට විශේෂ තිළිණයක් පිරිනමන බවටද ජාත්‍යාන්තර වොලිබෝල් තක්‍ෂණික කමිටුව නිවේදනය කරයි.

ජෙෆ් මාෂ් තමා ගැන සදහන් කරයි


තමා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ  පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ කම්පනයට පත්වූ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ජෙෆ් මාෂ් පවසනවා.  ඕස්ටේ‍්‍රලියානු පුවත් වෙබ් අඩවියක් සමග සාකච්ඡාවකට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. තමාව ඒ ධුරයෙන් ඉවත් කළ බවට මුලින්ම දැන ගත්තේ ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය හරහා බවයි ජෙෆ් මාෂ් එහිදී සඳහන් කර තිබෙන්නේ.  කෙසේ වුවත්, දැන් ඒ සියල්ල තමා අමතක කර ඇති බවත්, පුහුණුකරුවෙකු ලෙස ඉදිරියටත් තමාගේ සේවය වෙනත් කණ්ඩායමකට ලබා දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


මේ අතර  සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් එංගලන්තයේ ග්ලොස්ටෙෂයර් ප‍්‍රාන්ත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියකට ක‍්‍රීඩා කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මීට පෙර ද ග්ලොස්ටෙෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමට ක‍්‍රීඩා කර ඇති මුත්තයියා මුරලිදරන් තවදුරටත් ඊට ක‍්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය තරගාවලියේදී මුරලි කඩුලූ 12ක් දවා ගැනීමට සමත් වුණා. 39 හැවිරිදි මුරලි 2011 වසරේදී ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගත් අතර ඒ වන විට ඔහු ටෙස්ට් කඩුලූ 800ක් සහ එක්දින කඩුලූ 534ක් දවා ගෙන තිබෙනවා.





Wednesday, February 1, 2012

IPL නැවත වෙන්දේසියේ මහේලට ඩොලර් ලක්‍ෂ 3 ක අඩු ලංසුවක්


පෙබරවාරි මස 04 වැනි දින බැංගලෝරයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පස්‌වැනි අදියර සඳහා වන ක්‍රීඩකයන් වෙන්දේසියේදී ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 3 ක කාණ්‌ඩ යටතේ ලංසු තැබීමට නියමිතව ඇත.  ක‍්‍රීඩකයින් 144 දෙනෙකු වෙන්දේසි කිරීමට නියමිතයි.
ඉකුත් වසරේ පැවැති අයි. පී. එල්. තරගාවලියේදී කෝචි ටස්‌කර්ස්‌ ක්‍රීඩා සමාජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15.9 ක මුදලක්‌ ගෙවා(ශ්‍රී ලංකා රුපියල් කෝටි 17 කට ආසන්න මුදලක්‌) මහේල ජයවර්ධනව මිලදී ගත්තද මෙවර තරගාවලියේදී එම කණ්‌ඩායමට තරග කිරීම තහනම් කිරීමට ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය ක්‍රියා කිරීම මත මෙලෙස මහේල ජයවර්ධනව මෙවර තරගාවලියේදීත් යළිත් වෙන්දේසි වීමට නියමිතව තිබේ.

මහේල ජයවර්ධන සමගින් කෝචි ටස්‌කර්ස්‌ පිල නියෝජනය කරන ලද සෙසු සාමාජිකයන් 15 දෙනාද මෙවර වෙන්දේසියේදී ලංසු තැබෙනු ඇත. ඒ අතරට ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන්ද සිටින අතර හෙතෙම ඩොලර් ලක්‍ෂ 2 ක කාණ්‌ඩය යටතේ මෙවර වෙන්දේසියේ ලංසු තැබීමට නියමිතව සිටියි. දිල්හාර ප‍්‍රනාන්දු ඩොලර් ලක්ෂයකට මිල තබා ඇති බව සඳහන්.

අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේදී ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට ගෙවිය යුතු ගෙවීම් කෝචි ටස්‌කර්ස්‌ කණ්‌ඩායම විසින් පැහැර හැරීම මත ලබන අප්‍රේල් මස 04 වැනිදා සිට පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට්‌ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව ඔවුන්ට තහනම් වී තිබේ.

එම කණ්‌ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් වන වී. වී. එස්‌. ලක්‌ෂ්මන්, ශ්‍රීෂාන්ත් සහ බ්‍රෙන්ඩන් මැකලම් යන ක්‍රීඩකයන්ද සිටින අතර ඔවුන් තිදෙනාම ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 4 ක කාණ්‌ඩය යටතේ ලංසු තැබෙනු ඇත.