Wednesday, February 15, 2012

ඇමරිකානු ඩොලරයට රුපියලේ අගය රු. 119 ඉක්‌මවයි


ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඊයේ (14 වැනිදා) වන විට රුපියල් 119 ඉක්‌මවා ගොස්‌ තිබේ.
 

ඒ අනුව ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 119.40 දක්‌වා ඉහළ ගිය අතර එය ඊට පෙර දින (13 දා) රුපියල් 116.58 ක්‌ විය.

පෙබරවාරි 03 වැනිදා ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 114.88 ක්‌ වූ අතර ඉන්පසු රුපියලේ අගය දිගින් දිගටම පිsරිහීමට ලක්‌වෙමින් මෙසේ ඊයේ දිනය වන විට රුපියල් 119 ද පසු කරමින් සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමට ලක්‌විය.

මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තීරණය වීම වෙළෙඳ පොළ බලවේගවලට ඉඩහැර ඇත.

ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළෙඳ පොළේ පවතින විනිමය හිඟය හේතුවෙන් මෙසේ රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙමින් තිබේ.

1 comment:

  1. මේ මොනවා කියනවද පිටිගල. ඊයේ දවල් 12.30 ට මම බැංකුවට ගියා. ඩොලර් එක 121.87 යි. කාලා වරෙන්කො. හෙට අනිද්දට අපට දෙකට නැවිලා අපේම . . . තමයි කාගන්ඩ වෙන්නේ.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්