Friday, February 3, 2012

ගුරුවරුන්ට හිමි වැටුප් වර්ධකය අදාළ වසර තුළම ගෙවිය යුතුයි - මහීපාල හේරත්

ගුරුවරුන්ට හිමි වැටුප් වර්ධකය අදාළ වසර තුළම ගෙවිය යුතු බව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා නියෝග කර තිබේ.

ඒ අනුව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ගුරු මහත්ම මහත්මීන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය කල් මැරීමකින් තොරව අදාළ වර්ෂය තුළම ගෙවීමට පියවර ගත යුතු යැයි සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා අද (02) සබරගමුව පළාතේ විදුහල්පතිවරුන්,ගුරු උපදේශකවරුන් කොට්ඨාස සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් අමතමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කොට්ඨාස මට්ටමින් සංවිධානය කර තිබූ රැස්වීම් මාලාව අමතමිනි.

සබරගමුව පළාතේ පාසල්වලට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් මේ වන විට සතුටුදායක තත්ත්වයක පවතින බව ඇමතිවරයා එහිදී සඳහන් කළේය.

ඉහළම ප්‍රතිඵල පෙන්වමින් නැණ ගුණවත් දරු පරපුරක් බිහිකිරීම සඳහා අවශ්‍ය වාස්තවික පසුබිම සපයා ඇති බැවින් පැවරුණු කාර්යය මැනවින් ඉටු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන්නේ යැයිද විදුහල්පතිවරුන් අමතමින් මහ ඇමතිවරයා කියා සිටියේය.

පසුගිය වසර කීපය පුරා සබරගමුවේ විසි එක්දහසක් වන ගුරු මහත්ම මහත්මීන්ට විවිධාකාරයෙන් හිඟ වැටුප් ලෙස එකතු වී තිබූ රුපියල් ලක්ෂ හාරදහස් හයසිය අනූවක් තරම් දැවැන්ත මුදලක් ගෙවා අවසන් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහාය ඇතිව ඉටු කිරීමට හැකි වූ බවද මහ

1 comment:

  1. සබරගමු පළාත ගැන හරිම සතුටුයි. දකුණු පලාත තාමත් ඒ මඩ ගොඩේමයි. කාටවත් ඒක වෙනස් කරන්න උවමනාවක් නෑ. පව් පින් ගැන හිතල වැඩකරන ගුරුවරු ටිකකුයි විදුහල්පති වරු ටිකකුයි ඉන්න නිසා තාමත් දකුණු පළාතේ දරුවෝ ඉගෙන ගන්නව.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්