Thursday, February 2, 2012

ජෙෆ් මාෂ් තමා ගැන සදහන් කරයි


තමා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ  පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ කම්පනයට පත්වූ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ජෙෆ් මාෂ් පවසනවා.  ඕස්ටේ‍්‍රලියානු පුවත් වෙබ් අඩවියක් සමග සාකච්ඡාවකට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. තමාව ඒ ධුරයෙන් ඉවත් කළ බවට මුලින්ම දැන ගත්තේ ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය හරහා බවයි ජෙෆ් මාෂ් එහිදී සඳහන් කර තිබෙන්නේ.  කෙසේ වුවත්, දැන් ඒ සියල්ල තමා අමතක කර ඇති බවත්, පුහුණුකරුවෙකු ලෙස ඉදිරියටත් තමාගේ සේවය වෙනත් කණ්ඩායමකට ලබා දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


මේ අතර  සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් එංගලන්තයේ ග්ලොස්ටෙෂයර් ප‍්‍රාන්ත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියකට ක‍්‍රීඩා කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මීට පෙර ද ග්ලොස්ටෙෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමට ක‍්‍රීඩා කර ඇති මුත්තයියා මුරලිදරන් තවදුරටත් ඊට ක‍්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය තරගාවලියේදී මුරලි කඩුලූ 12ක් දවා ගැනීමට සමත් වුණා. 39 හැවිරිදි මුරලි 2011 වසරේදී ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගත් අතර ඒ වන විට ඔහු ටෙස්ට් කඩුලූ 800ක් සහ එක්දින කඩුලූ 534ක් දවා ගෙන තිබෙනවා.





0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්