Saturday, February 18, 2012

ඕස්ටේ‍්‍රලියාවේ 5 වෙනි විශාලම පරාජය

 
ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාලතම ජයග්‍රහනය  මෙය වේ. ශ‍්‍රී ලංකා සහ  ඕස්ටේ‍්‍රලියාව අතර සිඞ්නි හි පැවති එක්දින ක‍්‍රිකට් තරඟය කඩුලූ 8කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම  සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දු වාර 40යි පන්දු 1ක් තුළ දී සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 158ක් පමණයි. තරගයට වර්ෂාවෙන් බාධා සිදුවීම හේතුවෙන් ඩක්වර්ත් ලූවිස් ක‍්‍රමය අනුව ශ‍්‍රී ලංකාවට ලැබී තිබුණු  ඉලක්කය වූයේ පන්දු වාර 41කදී ලකුණු 152ක්. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 24යි පන්දු 1කදී කඩුලූ 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා
අදාළ ජයග්‍රහණය ප්‍රසාද ලකුණක්‌ සමග ජයගත් ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 7 ක්‌ ලබා ගනිමින් තරගාවලියේ ඉදිරිය සඳහා සාර්ථක ප්‍රවේශය ලබා ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාවට තවත් තරග හතරක්‌ ඉතිරිව ඇත.

උපුල් තරංග වෙනුවට තිලකරත්න ඩිල්ෂාන් සමග ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ආරම්භයේ සිටම ඔස්‌ටේ්‍රලියාවට පීඩනයක්‌ එල්ල කරමින් පන්දුවාර 70 කදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක්‌ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්‌ කිරීමට දායක විය. එහිදී සුපුරුදු වේගවත් පිතිහරඹය දියත් කළ ඩිල්ෂාන් පන්දු 41 කදී හතරේ පහර 4 ක්‌ සහ එක්‌ හයේ පහරක්‌ සමග ලකුණු 45 කට පිටියෙන් ඉවත් විය. අදාළ ඉනිම අතරතුරදී බ්‍රෙට්‌ ලී යවන ලද පිට පිට පන්දු තුනකට හතරේ පහර 3 ක්‌ එල්ල කිරීමට ඩිල්ෂාන් සමත්වීම විශේෂත්වයක්‌ විය.


උපුල් තරංග ඉවත් කරමින් ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක µර්වීස්‌ මහරුෆ් කණ්‌ඩායමට කැඳවා තිබූ අතර ඔහු විශිෂ්ඨ පන්දු යෑවීමක නිරත වෙමින් ලකුණු 18 කට කඩුලු 2 ක්‌ ලබා ගැනීමට සමත් විය.


ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවාවු නායක මහේල ජයවර්ධන පන්දු 67 කදී හතරේ පහර 5 ක්‌ සමග නොදැවී ලකුණු 61 ක්‌ ලබා ගැනීමට සමත් විය. "මේ තරගයේදී අපි යොදපු හැම උපක්‍රමයක්‌ම සාර්ථක වුණා. විශේෂයෙන් නවක ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් යුතුකම් ඉටු කිරීම ජයග්‍රහණයට පහසුවක්‌ වුණා. මෙම තරගයේදී මම ඉනිම ආරම්භ කළේ තරගයට අනුව ක්‍රීඩා කරන්න. බැරි වෙලාවත් මම ආරම්භක පිතිකරුවකු හැටියට මෙහිදී සාර්ථක නොවුණනම් හෙට පුවත්පත්වල මම ගැන විශේෂයෙන් සඳහන් වන්න තිබුණා" යනුවෙන් තරගය අවසානයේ මහේල පැවසීය.


මෙම තරගයේදී සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ සුවිශේෂී කඩඉමක්‌ පසුකළ කුමාර් සංගක්‌කාර ලොව එක්‌දින පිටියේ ලකුණු දස දහස ඉක්‌මවූ දහවැන්නා බවට ඊයේ ඉතිහාසගත විය. එවැනි දස්‌කමක්‌ කළ තෙවැනි ශ්‍රී ලාංකිකයා බවට සංගක්‌කාර පත්වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ලකුණු දස දහස සම්පූර්ණ කළ ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තාගත විය. සංගක්‌කාර තරග 315 කදී එම කඩඉම පසුකර යැමට සමත් විය. ඔහුට පෙර සනත් ජයසූරිය (තරග 337 කදී) සහ මහේල ජයවර්ධන (තරග 355 කදී) ලකුණු දස දහස සම්පූර්ණ කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් බවට පත්ව ඇත.


කාසියේ වාසිය සමග පළමුව පන්දුවට පහර දුන් ඔස්‌ටේ්‍රලියානු ඉනිම ලකුණු 158 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී ඔස්‌ටේ්‍රලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට ඩේවිඩ් හසී (58) පත්විය. හසී විසින් ලකුණු 9 ක්‌ ලබා සිටියදී ඩීෆ් එක්‌ස්‍රා කවර්ස්‌ හි පන්දු රකිමින් සිටි ලසිත් මාලිංග අතරට පහසු උඩපන්දුවක්‌ ලබා දුන්නද ඔහු අතින් එය ගිලිහී යැම හේතුවෙන් ඔස්‌ටේ්‍රලියාවට ලකුණු 100 ඉක්‌මවා යැමට හැකියාව ලැබිණි. ඩේවිඩ් හසී දැවි යාමට පෙර උඩ පන්දු තුනක්‌ ලබා දුන්නද එය ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගියේය.

  


 ප්‍රසාද ලකුණු සටහන

 

1 comment:

කියන්න, බනින්න, ඔබේ අදහස්