Monday, February 20, 2012

හෙට තරගයට දෝනි නැහැ දෝනිට තරග තහනමක්



ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට තරග තහනමක් පනවා තිබේ.ඒ තුන්කොන් එක්දින තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවති තරගයේ නියමිත කාලයට පන්දුවාර 50 යවා අවසන් නොකිරීම හේතුවෙනි. මේ අතර දෝනිට අද තරගයෙන් හිමි ගාස්තුවෙන් 40%ක් දඩ ලෙස ගෙවීමට සිදුවන අතර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට 20%ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.ඒ අනුව දෝනිට ශ්‍රී ලංකාව සමග අනිද්දා පැවැත්වෙන තරගය අහිමි වනු ඇති.

මේ අතර  සුරේෂ් රයිනා යැවූ 28වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි, ඔස්ට්‍රේලියා ක්‍රීඩක මයික් හසීගේ කඩුල්ල බිද දැමු අතර එය දැවී යාමක් ද යන්න සටහන් කිරිමට තෙවැනි විනිසුරු වෙත යොමු කළේය.
තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරන බෘස් ඔක්සෙන්ෆොඩ්, සටහන් කළේ ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසය.අනතුරුව මයික් හසී පිටියෙන් ඉවතට යනවිට ඔහු පසු පස හඹා ගිය පිටියේ විනිසුරු දෙපළ සැල කළේ තෙවැනි විනිසුරු වැරදීමකින් මයික් හසී දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සටහන් කළ බවය.ඒ අනුව හසීට නැවතත් ක්‍රීඩා කිරමේ අවස්ථාව උදා විය.ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවසන ආකාරයට සිදුව ඇත්තේ තෙවැනි විනිසුරුවරයා විසින් සිය තීරණය ප්‍රකාශය කිරිම සදහා තද කිරිමට අවශ්‍ය බොත්තම වෙනුවට වැරද බොත්තම තද කර ඇති බවය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්