Wednesday, February 1, 2012

IPL නැවත වෙන්දේසියේ මහේලට ඩොලර් ලක්‍ෂ 3 ක අඩු ලංසුවක්


පෙබරවාරි මස 04 වැනි දින බැංගලෝරයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පස්‌වැනි අදියර සඳහා වන ක්‍රීඩකයන් වෙන්දේසියේදී ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 3 ක කාණ්‌ඩ යටතේ ලංසු තැබීමට නියමිතව ඇත.  ක‍්‍රීඩකයින් 144 දෙනෙකු වෙන්දේසි කිරීමට නියමිතයි.
ඉකුත් වසරේ පැවැති අයි. පී. එල්. තරගාවලියේදී කෝචි ටස්‌කර්ස්‌ ක්‍රීඩා සමාජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15.9 ක මුදලක්‌ ගෙවා(ශ්‍රී ලංකා රුපියල් කෝටි 17 කට ආසන්න මුදලක්‌) මහේල ජයවර්ධනව මිලදී ගත්තද මෙවර තරගාවලියේදී එම කණ්‌ඩායමට තරග කිරීම තහනම් කිරීමට ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය ක්‍රියා කිරීම මත මෙලෙස මහේල ජයවර්ධනව මෙවර තරගාවලියේදීත් යළිත් වෙන්දේසි වීමට නියමිතව තිබේ.

මහේල ජයවර්ධන සමගින් කෝචි ටස්‌කර්ස්‌ පිල නියෝජනය කරන ලද සෙසු සාමාජිකයන් 15 දෙනාද මෙවර වෙන්දේසියේදී ලංසු තැබෙනු ඇත. ඒ අතරට ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන්ද සිටින අතර හෙතෙම ඩොලර් ලක්‍ෂ 2 ක කාණ්‌ඩය යටතේ මෙවර වෙන්දේසියේ ලංසු තැබීමට නියමිතව සිටියි. දිල්හාර ප‍්‍රනාන්දු ඩොලර් ලක්ෂයකට මිල තබා ඇති බව සඳහන්.

අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේදී ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට ගෙවිය යුතු ගෙවීම් කෝචි ටස්‌කර්ස්‌ කණ්‌ඩායම විසින් පැහැර හැරීම මත ලබන අප්‍රේල් මස 04 වැනිදා සිට පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට්‌ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව ඔවුන්ට තහනම් වී තිබේ.

එම කණ්‌ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් වන වී. වී. එස්‌. ලක්‌ෂ්මන්, ශ්‍රීෂාන්ත් සහ බ්‍රෙන්ඩන් මැකලම් යන ක්‍රීඩකයන්ද සිටින අතර ඔවුන් තිදෙනාම ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 4 ක කාණ්‌ඩය යටතේ ලංසු තැබෙනු ඇත.
 


 

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්