Monday, January 30, 2012

ලාංකික විද්‍යාඥවරියකගෙන් නව සොයා ගැනීමක්



මෙතෙක් විද්‍යාත්මකව වර්ගීකරණයට ලක්ව නොතිබූ නව ශාඛයක් ‍ලොවට හඳුන්වාදීමට ශ්‍රී ලාංකික කෘෂි  විද්‍යාඥවරියක සමත්ව සිටී.

එම ශාඛය "අනිත්ත" යන නමින් හදුන්වනු ලැබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපාධිලාභිනියක සහ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධි අපේක්ෂිකාවකවන ප්‍රභා අමරසිංහ මෙනෙවිය පැවසුවේ වසර ගණනාවක පර්යේෂණවලින් අනතුරුව මෙම ශාඛය ලොවට හඳුන්වාදීමට හැකිවූ බවය.


ඇය මේ නව පැළෑටිය සොයා ගැනීමට අදාළ පර්යේෂණ පටන්ගත්තේ 2008 වසරේ දී වන අතර මේ ව්‍යාපෘතියේ උපදේශක වූයේ ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතාය.

එඩින්බර්ග් ජර්නල් ඔෆ් බොට්නිහි , 68 වැනි වෙළුමෙහි තුන්වැනි කලාපයේ තුළින් මෙම ශාඛය නව සොයා ගැනීමක් ලෙසට ලොව පුරා ප්‍රකාශයට පත් වූ බව ඇය සඳහන් කළාය.

 "මා අලුතෙන් සොයා ගත් ශාක විශේෂය විද්‍යාත්මකව මෙතෙක්‌ වර්ගීකරණයට බඳුන් වී තිබුණේ නැහැ. එහි සිංහල නම අනිත්ත (Anitta). එහෙත් මීට පෙර විද්‍යාත්මකව මෙය විමර්ශනය කර නැහැ. මෙය දෙමළෙන් නාගමුල්ලි කියාත් ඉංග්‍රීසියෙන් White Crane Flower කියාත් හඳුන්වනවා. අයත් වන්නේ Acanthaceae කුලයට. මේ සොයාගත් නව විශේෂය විද්‍යාත්මකව නම් කරන්නේ Rhinacanthus flavovirens (Amarasinghe & Wijesundara) යනුවෙන්. ලොව මේ Rhinacanthus ගණයට අයත් ශාක විශේෂ 30ක්‌ විතර හඳුනාගෙන තියෙනවා. ලංකාවේ මේ Rhinacanthus ගණයට අයත් විශේෂ දෙකක්‌ මීට කලින් හඳුනාගෙන තියෙනවා. එකක්‌ R.nasutus. අනෙක R.polonnaruwensis. දෙවැන්න ලංකාවට ආවේනිකයි. nasutus විශේෂය ලංකාවේ චර්ම රෝගවලටයි, නයි විෂටයි පාවිච්චි කරනවා. ඒ වගේ ම මෙය ප්‍රතිබැක්‌ටීරිකාරක, ප්‍රතිවයිරස හා ප්‍රතිදීලීරක ගුණ දරනවා. එසේ ම පිළිකා නාශක ගුණ ද තිබෙනවා. මෙහි ඇතුළත් රසායනය රයිනකැන්තීන්. එය ඉතා වැදගත්. මේ පැළෑටිය උතුරුමැද, මධ්‍යම හා දකුණු පළාත්වල දක්‌නට ලැබෙන්නක්‌."

1 comment:

කියන්න, බනින්න, ඔබේ අදහස්