Friday, January 20, 2012

කලින් තරගයේ වීරයා කොසල කුලසේකර අදත් ක්‍රීඩා කරයිද?


පිට පිටම එක්‌දින තරග හයක්‌ පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකාව අද (20 දා) දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන සිව්වැනි එක්‌දින තරගයට කිම්බර්ලි හිදී සහභාගි වෙයි. දිවා තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට ආරම්භ වීමට නියමිතය.

තරග පහකින් සමන්විත දෙරට අතර එක්‌දින තරගාවලිය මේ වනවිට 3-0 ක්‌ ලෙස ජය ගෙන සිටින දකුණු අප්‍රිකානු කණ්‌ඩායම අද තරගයේදී හෝ පරාජය කරමින් ගෞරවය රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උත්සහ කළ යුතුව ඇත.

තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ සහභාගි පිට පිටම පරාජය වූ සිව්වැනි එක්‌දින තරගාවලිය මෙය වන අතර මීට පෙර පැවැති පාකිස්‌තානය සමග තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේදීද ශ්‍රී ලංකාව ජය ගත්තේ එක්‌ තරගයක්‌ පමණි.

අද තරගයට ලකුණු අතර නොසිටින මහේල ජයවර්ධන ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. තෙවැනි එක්‌දින තරගයේදී පිට කොන්දේ ආබාධයකට ලක්‌ව ඇති මහේල සම්පූර්ණ සුවය ලබා තිබුණහොත් පමණක්‌ අද ක්‍රීඩා කිරීමට නියමිත බව දකුණු අප්‍රිකා වාර්තා සඳහන් කරයි.

දෙරට අතර පැවැත්වෙන පස්‌වැනි සහ අවසන් එක්‌දින තරගය ලබන ඉරිදා (22 දා) පැවැත්වීමට නියමිතය.

ඉදිරියේදී ඕස්ට්‍රේලියානු එක්දින තරග සංචාරයට සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධනට හිමිවනු ඇති බවට ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඕස්ට්‍රේලියාව,ඉන්දියාව හා ශ්‍රී ලංකාව සහභාගීවන තුන්කොන් එක්දින තරගාවලිය පෙබරවාරි 12 වන දින ඇඩලේඩ්හි ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ වැදගත් තීන්දු කිහිපයක් ගනු ඇති බවට එකි ආරංචි මාර්ග තහවුරු කරයි.

මීට ප්‍රථම 2006-2009 වකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේද මහේල ජයවර්ධනයි. 

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්