Saturday, March 26, 2011

ඩිල්ෂාන් සහ තරංග එංගලන්තයේ අවසන් පූර්ව තරග බලාපොරොත්තුව සුන් කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා කණ්ඩායම අද සුදුසුකම් ලබා ගත්තේය.ඒ කොළඹ, ඛෙත්තා‍රාම ආර්. ප්‍රේමසදාස ක්‍රීඩාංගණයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදි එංගලන්තය පරාජය කරමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා ගත්තේය.

කොළඹ, ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ 100වෙනි එක්දින ජාත්‍යන්තර තරගය මෙය වීමද විශේෂත්වයකි.

තරගයේ කාසිය වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඇන්ඩෲ ස්ට්‍රවුස් සහ ඉයන් බෙල් එංගලන්ත ඉණිම ආරම්භ කළේය.

මේ අතර ලසිත් මාලිංග සමග නව පන්දුවෙන් පන්දු යැවීමට  ටී.එම්.ඩිල්ෂාන් කැදවීම තරගයේ සුවිශේෂි සිදුවීමකි.

ඉයන් බෙල් ලකුණු 25ක් ලබා ගත්තේය.

අනතුරුව ජොනතන් ට්‍රොට් සහ රවී බො‍පාරා අතර තෙවන කඩුල්ල සදහා ගොඩනැගුණු සබදතාව ලකුණු 64කි.

රවී බොපාරා ලකුණු 31ක් ලබා ගත්තේය.

ජොනතන් ට්‍රොට් සිය එක්දින ක්‍රිකට් දිවියේ 11වැනි අර්ධ ශතකය වාර්තා කිරිමට අද සමත් විය.

ඉයොයින් මෝගන් අද සිය එක්දින ක්‍රිකට් දිවියේ 12වෙනි අර්ධ ශතකය වාර්තා ක‍ළේය.

ලකුණු 50ක් රැස් කළ මෝගන් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.

අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ග්‍රැහැම් ස්වෝන් ලකුණු නොලඹා දැවී ගියේය.

පන්දු 115කදී හතරේ පහර 2ක් සමග ජොනතන් ට්‍රොට් ලකුණු 86ක් ලබා ගත්තේය.

පන්දුයැවීමේදි මුත්තයියා මුරලිදරන් පන්දුවාර 9කදී ලකුණු 54කට කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ලෙස ලකුණු 230ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යමින් උපුල් තරංග සහ ටී.එම්.ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කළේය.

ඔවුන් දෙදනාම අද ශතක වාර්තා කිරිමට සමත්වීම වි‍ශේෂත්වයකි.

සිය එක්දින ක්‍රිකට් දිවියේ 10වැනි ශතකය වාර්තා කිරිමට ඩිල්ෂාන් සමත් විය.

ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ දෙවැනි ශතකය මෙය වේ.

ඩිල්ෂාන් පන්දු 115කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 108ක් රැස් කළේය.

එම ශතකයත් සමග තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් ඩිල්ෂාන් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 384කි.

උපුල් තරංග එක්දින ක්‍රිකට් දිවියේ 11වැනි ශතකය වාර්තා කළ අතර ඔහුද මෙවර තරගාවලියේදී වාර්තා කළ දෙවැනි ශතකය මෙය වේ.

උපුල් තරංග පන්දු 122කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 102ක් රැස් කළේය.

පන්දුවාර 39යි පන්දු 3කදී ජයග්‍රාහී සීමාව පසු කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට අඛණ්ඩව සුදුසුකම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයවන අතර ඔවුන් ලබන අගහරුවාදා නවසීලන්තය සමග තරග වැදීමට නියමිතය.

තරගයේ වීරයා සම්මානය ටී.එම්.ඩිල්ෂාන්ට හිමිවිය.

England innings (50 overs maximum) R B 4s 6s SR
View dismissal AJ Strauss* b Dilshan 5 19 0 0 26.31
View dismissal IR Bell c Samaraweera b Mathews 25 32 3 0 78.12
View dismissal IJL Trott c Jayawardene b Muralitharan 86 115 2 0 74.78
View dismissal RS Bopara lbw b Muralitharan 31 56 1 0 55.35
View dismissal EJG Morgan c Mathews b Malinga 50 55 4 0 90.90
View dismissal GP Swann lbw b Mendis 0 1 0 0 0.00

MJ Prior not out 22 19 2 0 115.78

LJ Wright not out 1 3 0 0 33.33

Extras (lb 3, w 6) 9











Total (6 wickets; 50 overs) 229 (4.58 runs per over)
Did not bat TT Bresnan, JC Tredwell, CT Tremlett
Fall of wickets1-29 (Strauss, 7.6 ov), 2-31 (Bell, 8.6 ov), 3-95 (Bopara, 26.6 ov), 4-186 (Morgan, 42.6 ov), 5-186 (Swann, 43.1 ov), 6-212 (Trott, 48.3 ov)










Bowling O M R W Econ

View wicket SL Malinga 10 0 46 1 4.60 (2w)
View wicket TM Dilshan 6 1 25 1 4.16 (1w)
View wicket AD Mathews 5 0 20 1 4.00


HMRKB Herath 10 1 47 0 4.70

View wicket BAW Mendis 10 0 34 1 3.40

View wickets M Muralitharan 9 0 54 2 6.00 (1w)









Sri Lanka innings (target: 230 runs from 50 overs) R B 4s 6s SR

WU Tharanga not out 102 122 12 1 83.60

TM Dilshan not out 108 115 10 2 93.91

Extras (b 9, lb 6, w 6) 21











Total (0 wickets; 39.3 overs) 231 (5.84 runs per over)
Did not bat KC Sangakkara*†, DPMD Jayawardene, TT Samaraweera, LPC Silva, AD Mathews, SL Malinga, HMRKB Herath, BAW Mendis, M Muralitharan










Bowling O M R W Econ


TT Bresnan 8 1 40 0 5.00


GP Swann 9 0 61 0 6.77 (2w)

CT Tremlett 7.3 0 38 0 5.06 (1w)

RS Bopara 5 1 22 0 4.40


JC Tredwell 6 0 38 0 6.33


LJ Wright 4 0 17 0 4.25 (1w)

Wednesday, March 23, 2011

අර්ධ අවසන් පූර්ව වටය අද පාකිස්‌තනය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර

තරගය බංග්ලාදේශයේ ෂියා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක්‌ ලෙසින් ප.ව. 2.30 ට ආරම්භ වේ.

"ඒ" කාණ්‌ඩයෙන් තරග කළ පාකිස්‌තාන කණ්‌ඩායම එහි ශූරයන් ලෙසින් අද තරග වදින අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම "බී" කාණ්‌ඩයෙන් සිව්වැනි ස්‌ථානය දිනා ගනිමින් අර්ධ අවසන් පූර්ව තරග අවස්‌ථාව හිමිකර ගත්තේය.

අද තරගයෙන් ජය ගන්නා කණ්‌ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන අතර එහිදී හෙට පැවැත්වෙන ඉන්දියා-ඔස්‌ටේ්‍රලියා තරගයෙන් ජයගන්නා කණ්‌ඩායම සමග ඔවුන් අවසන් පූර්ව තරගයට සහභාගි වේ.

තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වන පාකිස්‌තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් දෙක අතුරින් පාකිස්‌තාන කණ්‌ඩායම පළමු වටයේදී සහභාගි වූ තරග 6 න් එක්‌ පරාජයක්‌ සමග සෙසු තරග පහම ජය ගෙන ඇත. එහිදී නවසීලන්තයට පමණක්‌ ලකුණු 110 කින් පරාජය වූ පාකිස්‌තානය, කෙන්යාවට එරෙහිව ලකුණු 205 කින්ද, කැනඩාවට එරෙහිව ලකුණු 46 කින්ද සිම්බාබ්වේට එරෙහිව කඩුලු 7 කින්ද ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව කඩුලු 4 කින් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 11 කින් වශයෙන් පළමු වටයේ තරග ජය ගැනීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම පළමු වටයේ සහභාගි වූ තරග හයෙන් පරාජයන් තුනක්‌ සහ ජයග්‍රහණයක්‌ තුනක්‌ ලබා තිබේ. එහිදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 215 කින්ද බංග්ලාදේශයට එරෙහිව කඩුලු 9 කින් සහ අයර්ලන්තයට එරෙහිව ලකුණු 44 කින් වශයෙන් ජයගත් කොදෙව්වන් දකුණු අප්‍රිකාවට කඩුලු 7 කින්, ඉන්දියාවට ලකුණු 80 කින් සහ එංගලන්තයට ලකුණු 18 කින් වශයෙන් පරාජයට පත් විය.

අද තරග වදින කණ්‌ඩායම් දෙකේම පිතිකරුවන් අතරින් එක දිගට සාර්ථකත්වයක්‌ පෙන්නුම් කිරීමට පාකිස්‌තාන් කණ්‌ඩායම වෙනුවෙන් උමාර් අක්‌මාල්ද කොදෙව් කණ්‌ඩායම වෙනුවෙන් ඩිවයින් ස්‌මිත් ද සමත්ව ඇත. එහිදී අක්‌මාල් තරග හයකදී ලකුණු 211 ක්‌ද ස්‌මිත් තරග 6 කදී ලකුණු 293 ක්‌ද ලබා තිබේ.

පන්දු යෑවීමේදී පාකිස්‌තාන් කණ්‌ඩායමේ සහිඩ් අෆ්රීඩි තරග හයකදී කඩුලු 17 ක්‌ බිඳ හෙළා ඇති අතර ඔහු සමස්‌ත තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වේ. කොදෙව් කණ්‌ඩායම වෙනුවෙන් කෙමා රොච් කඩුලු 13 ක්‌ ලබා පළමු වටයේ පන්දුවෙන් දස්‌කම් දක්‌වා ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව සිය ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදීමට තීරණය කර ඇති ෂොයිබ් අක්‌තාර්ට අද පාකිස්‌තානය වෙනුවෙන් වැඩි වැඩ කොටසක්‌ කිරීමට සිදුවේ. ජයග්‍රාහී සමුගැනීමක්‌ අපේක්‍ෂාවෙන් පසුවන ඔහුගේ වේගවත් පන්දුව අද කොදෙව් පිතිකරුවන්ට තියුණු තර්ජනයක්‌ එල්ල කරනු ඇතැයි විශ්වාසය වී තිබේ.

පාකිස්‌තානය සමස්‌ත තරගාවලිය පුරාවට පන්දු රැකීමේදී දැක්‌වූ දුර්වලතාව අද තරගයේදී නිවැරදි කරගෙන තොතිබුණහොත් එය කොදෙව්වන්ට විශාල ශක්‌තියක්‌ වනු ඇත.

මීපූර් හි පිහිටි ෂර්දා පටෙල් ක්‍රීඩාංගණය සහ ඒ අවට අද තරගය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්‌ දියත් කර ඇති බවද එරටින් වාර්තා වේ.

පාකිස්‌තාන් කණ්‌ඩායම

ෂහිඩ් අෆ්රීඩි (නායක), මිස්‌බා උල් හක්‌, අබ්දුල් රසාක්‌, අබ්දුර් රෙහෙමාන්, අහමඩ් ෂෙහසාඩ්, අසාද් සෆීක්‌, ජුනියිඩ් ඛාන්, කමරන් අක්‌මාල්, මොහොමඩ් හනීස්‌, සහිඩ් අඡ්මාල්, ෂොයිබ් අක්‌තාර්, උමාර් අක්‌මාල්, උමාර් ගුල්, වහාබ් රියාස්‌, යුනිස්‌ ඛාන්, සොහිල් තන්වීර්

බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම

ඩැරන් සමී (නායක), සුලෙයිමන් බෙන්, ඩෙවින්ද්‍ර බිෂෝ, ඩැරන් බ්‍රාවෝ, ෂිවනරියන් චන්ද්‍රපෝල්, කීර්ක්‌ එඩ්වඩ්ස්‌, ක්‍රිස්‌ ගේල්, නිකිටා මිලර්, කිරාන් ගෝල්ඩ්, රවී රම්ෂුවල්, කෙමාර් රොච්, ඇන්ඩි්‍ර රසල්, රමනරේෂ් ෂර්වාන්, ඩිවෝන් ස්‌මිත්, ඩිවෝන් තෝමස්‌, ඇඩ්රියන් බර්ත්, කාල්ටන් බෝර්ග්, ඩිවයන් බ්‍රාවෝ

දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය හෙට ඉන්දියාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර අහමදාබාද්හිදී (දිවා/රාත්‍රී)

දිවයින ඇසුරින්

Monday, March 21, 2011

අර්ධ අවසන් පූර්ව වටයේදි ශ්‍රී ලංකාවට එංගන්තය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි හමුවෙයි

ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදි තරග වදින්නේ එංගලන්තය කණ්ඩායම සමගිනි.ඒ අද පැවති ඉන්දියා - බටහිර ඉන්දීය කොදෙව් තරගයෙන් ඉන්දියාව ජය ගැනීම හේතුවෙනි.

එංගලන්තය  තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට හැකි වුවොත් ශ්‍රී ලංකාවට  අවසන් පූර්ව තරග‍යේදී  දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර තරගය ජය ගන්නා කණ්ඩායම ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි ම ක්‍රීඩාකිරීමට හැකිවීම අපේ කණ්ඩායමට ඉතාමත් වාසිදායකය.

 තරග ප්‍රතිඵල වලට අනුව අර්ධ අවසන් පූර්ව වටයේදි තරග වදින කණ්ඩායම් නිල වශයෙන් ප්‍රකාශයට පත්විය.

"ඒ" කාණ්ඩයෙන් පෙරමුණ ගත් පාකිස්ථානය "බී" කාණ්ඩ‍‍යේ සිව්වැනි ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ලබන බදාදා මීර්පූර්හීදි තරග වදිනු ලැබේ.

ලබන බ්‍රහස්පතින්දා ලෝක ශූර ඔස්ට්‍රේලියා කණ්ඩායම අහමදාබාද්හීදී "බී" කාණ්ඩයේ දෙවනි ස්ථානයේ පසුවන ඉන්දියාව සමග තරග වදිනු ඇත.

නවසීලන්තය සහ "බී" කාණ්ඩයේ පෙරමුණ ගත් දකුණු අප්‍රිකාව අතර තරගය ලබන සිකුරාදා මීර්පූර්හීදි පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව "ඒ" කාණ්ඩයේ දෙවනි ස්ථානයේ පසුවන අතර ඔවුන්"බී" කාණ්ඩයේ තුන්වැන් ස්ථානයේ පසුවන එංගලන්තය සමග ලබන සෙනසුරාදා කොළඹ, ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි තරග වදිනු ලැබේ.
ලකුණු සටහන


Friday, March 18, 2011

ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය අද ජයග්‍රහණය සඳහා අපි සූදානම් - සංගක්‌කාර

ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා ධනාත්මක බලාපොරොත්තු තබා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම පළමු වටයේ අවසන් තරගයට අද (18 දා) නවසීලන්ත කණ්‌ඩායම සමගින් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි වැන්කඩේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 2.00 ට ආරම්භ වීමට නියමිතය.

"ඒ" කාණ්‌ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්‌ඩායම් දෙකම දැනටමත් අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් සපුරා තිබුණද අද තරගයේ ජයග්‍රහණය ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ නැගීම වෙනුවෙන් දෙපිලටම තීරණාත්මක සාධකයක්‌ වී තිබේ. කණ්‌ඩායම් දෙකම පළමු වටයේ සහභාගිවන අවසන් තරගය මෙය වන අතර මේ වන විට නවසීලන්තය තරග පහහකදී ප්‍රසාද ලකුණු 8 ක්‌ද ශ්‍රී ලංකාව තරග 5 කදී ප්‍රසාද ලකුණු 7 ක්‌ද ලබා සිටී.

ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්‌ථානයට නියත වශයෙන් පත්වේ. නවසීලන්තයද අද තරගය ජයගතහොත් ඔවුන්ටද ප්‍රසාද ලකුණු සටහනේ පළමු හෝ දෙවැනි ස්‌ථාන වලට පත්වීමට අවස්‌ථාව උදාවේ. යම් ලෙසකින් ශ්‍රී ලංකාව අද තරගයේදී පරාජයට පත්වුවහොත් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්‌ථානය හිමිකරගනිමින් "බී" කාණ්‌ඩයේ පළමු ස්‌ථානයේ පසුවන කණ්‌ඩායම (බොහෝ දුරට දකුණු අප්‍රිකාව සමග) සමග ශ්‍රී ලංකාවේදී අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වේ.

අද තරගය ජය ගැනීම සඳහා තම කණ්‌ඩායම සූදානමින් සිටින බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී කුමාර සංගක්‌කාර පැවසීය. "අපි වැන්කඩේ ක්‍රීඩාංගණයේ පුහුණු සැසි කිහිපයකටම සහභාගි වුණා. එහිදී ක්‍රීඩාංගණයේ සහ තණතීරුවල මෙන්ම මෙහි දේශගුණය පිළිබඳවද අපි හොඳ අධ්‍යයනයක්‌ ලැබුවා. ඉතාමත් හොඳ පුහුණුවීම්වලින් සහ ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරගය ජය ගැනීමට අපි සූදානම්" යනුවෙන් සංගක්‌කාර වැඩි දුරටත් පැවසීය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැදගත්ම සාධකයක්‌ බවට පත්ව ඇති පිතිකරු පවර් ප්ලේ පන්දුවාර පහ පිළිබඳව අදහස්‌ දැක්‌වූ සංගක්‌කාර පිතිකරු පවර් ප්ලේ අවස්‌ථාව හොඳට කල්පනාකාරිව පාවිච්චි කළ යුතුවන බව පැවැසීය.

"කණ්‌ඩායම් නායකයා ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරල සුදුසු අවස්‌ථාවේදී පවර් ප්ලේ අවස්‌ථාව ලබා ගන්න කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මෙවර තරගාවලියේ පිතිකරු පවර් ප්ලේ අවස්‌ථාවේ හොඳින්ම ප්‍රයෝජන ගැනීමට අයර්ලන්ත කණ්‌ඩායම එක තරගයකදී සමත් වුණා. ඔවුන් එහිදී පන්දුවාර පහ තුළදී ලකුණු 60 ක්‌ ලබා ගත්තා. මෙවැනි තරගාවලියකදී එය හොඳ ලකුණු ප්‍රමාණයක්‌" යනුවෙන් සංගක්‌කාර පවසයි.

ඩැනියෙල් වෙටෝරි සහ වේග පන්දු යවන ක්‍රීඩක කයිල් මිල්ස්‌ මේ වන විට ආබාධවලට මුහුණදී තිබීම මත ඔවුන් දෙදෙනාටම අද තරගයට ක්‍රීඩා කිරීම අහිමි වී තිබේ. එම හේතුව මත අද තරගයේදී නවසීලන්ත කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම රොස්‌ ටේලර්ට පැවරී තිබේ. රෝස්‌ ටේලර් පසුගියදා පාකිස්‌තානය සමඟ තරගයේදී අවසන් පන්දුවාර කිහිපය තුළදී වේගවත් පිතිහරඹයක්‌ දියත් කිරීමට සමත්වූ අතර එම ඉනිම අද තරගයේදී ශ්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සංගක්‌කාර "ඔහුට ෆුල් ටෝස්‌ පන්දු යවන්නැතුව හිටියහම එහෙම වෙන එකක්‌ නැහැ" යෑයි සිනා මුසු මුහුණින් ප්‍රකාශ කර සිටියේය.

මෙවර ලෝක කුසලාන අවසන් මහ තරගය පැවැත්වෙන වැන්කඩේ ක්‍රීඩාංගණයේදී එම අවසන් මහ තරග අවස්‌ථාව බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවට ක්‍රීඩාංගණය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමටද මෙම තරගය වැදගත් වනු ඇත. ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේදී තරග දෙකකට සහභාගි වී ජයග්‍රහණ සහ පරාජයන් එක බැගින් ලබා ඇත. නවසීලන්තය මෙම ක්‍රීඩාංගණයේදී එක තරගයකට සහභාගි වී ඇති අතර එය මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ කැනඩා කණ්‌ඩායමට එරෙහිව වේ. ක්‍රීඩා පිටියේ වැඩි විශාලත්වයක්‌ දක්‌නට නොලැබෙන මෙම ක්‍රීඩාංගණයේ නරඹන්නන් 45000 කට පමණ තරග නැරඹිය හැකිවේ. අද තරගය සඳහා විශාල ප්‍රේක්‍ෂක සහභාගිත්වයක්‌ සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

අද තරගයට නිර්මාණය කර ඇති තණතීරුව මඳ තණකොළ ස්‌වභාවයක්‌ දකින්නට තිබුණද එය පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ට සහයෝගයක්‌ දක්‌වන තණතීරුවක්‌ බව ශ්‍රී ලංකා නායකයාගේ විශ්වාසය වී තිබේ. මුරලිදරන් සමග අජන්ත මෙන්ඩිස්‌ අද ශ්‍රී ලංකා දග පන්දු යෑවීමේ අංශය ශක්‌තිමත් කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබෙන අතර වේග පන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග සමගින් නුවන් කුලසේකර ක්‍රීඩා කරනු ඇත. ඊයේ පෙරවරුවේ තරගයට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායම අවසන් පුහුණු සැසියට සහභාගි වූ අතර නවසීලන්ත කණ්‌ඩායම පස්‌වරුවේ පුහුණුවීම්වල යෙදීමට නියමිතව තිබිණ.

දෙරට අතර එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ මෙතෙක්‌ තරග 72 ක්‌ පවත්වා තිබෙන අතර එහිදී 35 වතාවක්‌ නවසීලන්තයද 32 වතාවක්‌ ශ්‍රී ලංකාවද තරග ජයග්‍රහණය කර තිබේ.

අද තරගය ක්‍රීඩා කිරීමට අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්‌ඩායම - තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, චාමර සිල්වා, ඇන්ජලො මැතිව්ස්‌, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්‌ සහ මුත්තයියා මුරලිදරන්.

නවසීලන්ත කණ්‌ඩායම - රොස්‌ ටේලර්(නායක), හමීෂ් බෙනට්‌, ඡේම්ස්‌ ෆ්‍රeන්ක්‌ලින්, මාටින් ගප්ටිල්, ජිමී හව්, බ්‍රෙන්ඩන් මැකලම්, නාදන් මැකලම්, කයිල් මිල්ස්‌, ජෙකොබ් ඕරාම්, ජෙසී රයිඩර්, ටිම් සවුති, ස්‌කොට්‌ ස්‌ටයිරීස්‌, කේන් විලියම්සන්, ලුක්‌ වුඩ්කොක්‌.



අසේල විතාන ඉන්දියාවේ මුම්බායි නුවර සිට දිවයින පුවත්පතට පවසයි

Sunday, March 13, 2011

ශ්‍රී ලාංකික කතක් ක්වෙයිට් හි කසිප්පු පෙරලා

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කොට අලෙවි කළ ශ්‍රී ලාංකික කාන්තාවක් ක්වෙයිට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අහමදි ආරක්ෂකයෙකු විසින් ඇය අත්අඩංගුවට ගෙන එරට පොලීසියට ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ක්වෙයිට් හි මාබූලා ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් යට මෙම නීති විරෝධී මත්පැන් අලෙවි කරමින් සිටියදී ඇය අත්අඩංගුවට පත්වී ඇති බව"අරාබි ටයිම්ස්"වෙබ් අඩවිය උපුටා දක්වයි.

පසුව පොලසීසිය විසින් කරන ලද සෝදිසියකදී මාබූලා ප්‍රදේශයේ තට්ටු නිවාස ගොඩනැඟිල්ලේ පැවති ඇයගේ නිවසේ තිබියදී මත්පැන් බැරල් 8 ක් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට උපයෝගී කරගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ලංකාවට ලංකාවේ සෙල්ලම් කරන්න ඔනේ නම් A කාන්ඩයේ 4 හෝ 3 ස්ථාන වල සිටිය යුතුයි.

ලංකාවට ලංකාවේ සෙල්ලම් කරන්න ඔනේ නම් A කාන්ඩයේ 4 හෝ 3 ස්ථාන වල සිටිය යුතු වේවි.මෙන්න draw එක.














මෙන්න දැනට Points Table එක

Teams Mat Won Lost Tied N/R Pts Net RR
Group A
Sri Lanka 5 3 1 0 1 7                                         +2.705
N Zealand 4 3 1 0 0 6                                         +1.848
Pakistan 4 3 1 0 0 6                                         +0.760
Australia 3 2 0 0 1 5                                         +1.813
Zimbabwe 4 1 3 0 0 2                                         -0.690
Canada 4 1 3 0 0 2                                         -2.083
Kenya 4 0 4 0 0 0                                         -3.403
Teams Mat Won Lost Tied N/R Pts Net RR
Group B
India 5 3 1 1 0 7                                     +0.768
West Indies 4 3 1 0 0 6                                     +2.206
Sth Africa 4 3 1 0 0 6                                     +1.352
England 5 2 2 1 0 5                                     +0.013
Bangladesh 4 2 2 0 0 4                                      -1.241
Ireland 4 1 3 0 0 2                                     -0.444
Netherlands 4 0 4 0 0 0                                     -2.728



Thursday, March 10, 2011

ශ්‍රී ලංකාව අපිට ප්‍රබල අභියෝගයක් චිගම්බුරා

ලෝක කුසලාන 2001 ක්‍රිකට්‌ ශූරතා තරගාවලියේ "ඒ" කාණ්‌ඩයේ 13 වැනි තරගය සහ සමස්‌ත තරගාවලියේ 26 වැනි තරගය වන ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගය දිවා රාත්‍රි තරගයක්‌ වශයෙන් අද පස්‌වරු 2.30 ට මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඒ කාණ්‌ඩය යටතේ මෙතෙක්‌ සහභාගි වූ තරග 4 න් 2 ක්‌ ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 ක්‌ සහ ඔස්‌ටේ්‍රලියාව සමග තරගය විසඳුමකින් තොරව අවසන් වීම මත ප්‍රසාද ලකුණක්‌ද සමග මුලු ප්‍රසාද ලකුණු 5 ක්‌ ලබා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම, අද තරගය ජය ගතහොත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන කණ්‌ඩායම් 4 අතරට පිවිසීම ස්‌ථිර වනු ඇත.

යම් ලෙසකින් මෙම තරගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට අවාසිදායක වුවහොත් තරගාවලියේ දෙවැනි වටය වන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව ලබන 18 වැනිදා නවසීලන්ත කණ්‌ඩායම සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගතු තත්ත්වයක්‌ උදාවනු ඇත.

"මේ තරගාවලියේදී කවුරු දිනයිද කවුරු පරදියිද කියලා කාටවත් කියන්න බැහැ. එය මෙතෙක්‌ පැවැති තරගවලදී හොඳින් අනාවරණය වෙලා තියෙනවා. ඒක නිසා සිම්බාබ්වේ කණ්‌ඩායමටත් අද තරගයේදී පුදුමය දනවන දෙයක්‌ කරන්න හැකියාව තියෙනවා" යනුවෙන් අද තරගය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ උපනායක මහේල ජයවර්ධන සඳහන් කර සිටියේය.

එක්‌දින තරගවලදී ලකුණු 9000 සීමාව පසුකර යැමට තවත් ලකුණු 25 ක්‌ පිටුපසින් පසුවන ශ්‍රී ලංකා උපනායකයා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින්, ප්‍රතිවාදී කණ්‌ඩායම්වල ශක්‌තිය මෙන්ම දුර්වලතාවලට අනුකූලව ක්‍රීඩකයන්ව යොදා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පිල සතුවීම මෙවර තරගාවලියේදී තම කණ්‌ඩායමට හිමි විශාලම ශක්‌තියක්‌ වන බවයි.

නායක කුමාර් සංගක්‌කාරද ලකුණු 9000 සීමාවට පිවිසීම සඳහා ලකුණු 60 ක්‌ පිටුපසින් සිටියි. පන්දුවට පහරදීමේදී මහේලට පෙර සංගක්‌කාර පිටියට පිවිසෙන බැවින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනියට ලකුණු 9000 ඉලක්‌කය පසුකර යැමේ වැඩි ඉඩකඩක්‌ සංගක්‌කාර සතු වනු ඇත.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පෙරේදා (08 දා) පවත්වන ලද පළමු තරගයේ දෙවැනි භාගයේදී ක්‍රීඩාංගණයේ දැඩි පිණි සහිත ස්‌වභාවයක්‌ දැක ගැනීමට හැකි වූ අතර එය අද තරගයේදී ඒ අයුරින්ම සිදුවෙනු ඇතැයි අනුමාන කළ හැක. එබැවින් අද තරගයේ තීරණය සඳහා කාසියේ වාසිය කොතරම් දුරට බලපාන්නේ දැයි මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරුකින් මහේල, පාලනය කළ නොහැකි දේවල් ගැන හිතනවට වඩා පාලනය කළ හැකි දේවල් පිළිබඳව අවධානය යොමු කිරීම කණ්‌ඩායමක්‌ ලෙස ඉතාමත් යෝග්‍ය වන බව පවසයි.

"කාසියේ වාසිය කියන්නෙ අපිට පාලනය කරන්න බැරි දෙයක්‌. ඒක නිසා ඒ ගැන වැඩිය සිතිය යුතු නැහැ. අපි වඩාත් අවධානය යොමු කරන්න ඕන අපිට පාලනය කරන්න පුලූවන් දේවල් ගැන. ඒක නිසා පාලනය කළ නොහැකි දේවල් පිළිබඳව හිත හිත ඉන්න එක කණ්‌ඩායමක්‌ හැටියට යෝග්‍ය නැහැ" යනුවෙන් මහේල අදහස්‌ දැක්‌වීය.

"වැඩි අවධානයක්‌ යොමු කරන්න ඕන තරගයෙන් තරගයටයි. එතනදී කොයි කණ්‌ඩායම සමඟ තරග කිරීමට සිදුවේද කියන එක වැදගත් වන්නේ නැහැ. ශූරතාව දිනා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවානම් ලැබෙන සෑම තරගයක්‌ම ජය ගත යුතුයි කියන මානසිකත්වයෙන් ක්‍රීඩා කරන්න ඕන" යනුවෙන් ඉදිරි තරගාවලිය පිළිබඳව අදහස්‌ දක්‌වමින් ජයවර්ධන පැවැසීය.

පල්ලකැලේ තණතීරුවේ" ජාත්‍යන්තර තරග වලට සහභාගි වී නොමැති වුවත් දේශීය තරගවලදී ක්‍රීඩා කර තිබෙන බවද පවසන ජයවර්ධන එහිදී තණතීරුවේ වැඩි වෙනසක්‌ දකින්නට නොමැති බව පැවැසීය. තරමක්‌ පන්දුව ඉපිලීමේ ස්‌වභාවයක්‌ උසුලන අද තරගයේදී දිල්හාර ප්‍රනාන්දුව කණ්‌ඩායමට කැඳවීමේ වැඩි ඉඩ කඩක්‌ තිබෙන බව පවසන ජයවර්ධන, ඒ පිළිබඳ අවසන් තීරණය ඊයේ සවස පැවැත්වීමට නියමිත කණ්‌ඩායම් රැස්‌වීමේදී හෝ අද උදෑසන තණතීරුව නිරීක්‍ෂණය කිරීමෙන් පසු බව සඳහන් කළේය.

2007 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගය දක්‌වා රැගෙන ඒමට සමත්වූ මහේල ජයවර්ධන ජයග්‍රාහී කණ්‌ඩායම් සංයුතිය වෙනස්‌ කිරීමට කිසි විටෙකත් කටයුතු නොකළේය. මෙවර තරගවාරය තුළදී එයින් පරිබාහිරව කණ්‌ඩායමේ වැඩි ක්‍රීඩකයන් සංඛ්‍යාවකට තරගවලට සහභාගිවීමේ අවස්‌ථාව උදාවී තිබෙන අතර ඒ පිළිබඳව තමන් දරන්නේ කුමන අදහසක්‌ දැයි නගන ලද පැනයකට පිළිතුරු මහේල, ක්‍රීඩකයකුට ක්‍රීඩකයෙක්‌ විවිධ දක්‍ෂතාවලින් හෙබිව සිටීම මත එම වෙනස මෙම තරගාවලියේදී දැක ගැනීමට හැකි වී තිබෙන බව පැවැසීය.

"මම කළින් සඳහන් කළා වගේ මේ තරගාවලියේදී අපිට තියෙන වාසිය තමයි එකිනෙකට වෙනස්‌ දක්‍ෂතා තිබෙන ක්‍රීඩකයන් කණ්‌ඩායමේ සිටීම. ඒක නිසා ප්‍රතිවාදී කණ්‌ඩායමේ ශක්‌තිය සහ දුර්වලතාවලට අනුව ක්‍රීඩකයන් යෙදවීමේ හැකියාවක්‌ අපිට තියෙනවා. ඒ අනුව තමයි මෙවර තරගාවලියේදී ගොඩක්‌ අයට ක්‍රීඩා කිරීමට හැකියාවක්‌ තිබුණේ. 2007 දී එහෙම නෙවෙයි. අපි සීමිත පන්දු යවන්නන් සංඛ්‍යාවක්‌ සිටියේ. ඔවුන් අතින් වාස්‌, මාලිංග සහ මුරලි විතරයි කැපී පෙනෙන පන්දු යවන්නන්ට සිටියේ. අන්න එය තමයි එතන තියෙන වෙනස" යනුවෙන් ජයවර්ධන පවසයි.

මේ අතර සිම්බාබ්වේ නායක එල්ටන් චිගම්බුරා, ප්‍රබල කණ්‌ඩායමක්‌ වන ශ්‍රී ලංකාව සමඟ අද පැවැත්වෙන තරගය ඉතාම අභියෝගයක්‌ වන බව පවසයි. එහිදී අසාර්ථක වී සිටින පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම අනිවාර්ය බව පවසන හෙතෙම, ඉදිරි පෙළ ඉක්‌මනින් දැවී යැම පෙර තරග පරාජයවීමට මුල් වූ බව පැවැසීය. සිම්බාබ්වේ පිල මෙතෙක්‌ තරග 3 කට සහභාගිවී තිබෙන අතර එහිදී කැනඩාව සමග පැවැති තරගය පමණක්‌ ජයගැනීමට සමත්ව සිටියි. ආබාධයක්‌ මත කණ්‌ඩායමේ පසුවූ ෂෝන් විලියම්ස්‌ වෙනුවට විසූ සිබන්ඩා කණ්‌ඩායමට එක්‌ව සිටියි.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සිව්වතාවක්‌ මුණ ගැසී තිබෙන අතර එම අවස්‌ථා 4 දීම ජය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී සිටියි. එමෙන්ම දෙරට අතර මෙතෙක්‌ පවත්වා ඇති එක්‌දින තරග 46 න් අවස්‌ථා 38 කදී ශ්‍රී ලංකා කණ්‌ඩායම අවස්‌ථා 7 කදී සිම්බාබ්වේ කණ්‌ඩායමද ජය අත්කර ගැනීමට සමත්ව තිබෙන එක්‌ තරගයක්‌ පමණක්‌ ජය පැරදීමෙන් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - කුමාර් සංගක්‌කාර (නායක), මහේල ජයවර්ධන, ටී. එම්. ඩිල්ෂාන්, උපුල් තරංග, තිලාන් සමරවී කුලසේකර.

සිම්බාබ්වේ කණ්‌ඩායම - එල්ටන් චිගම්බුරා(නායක), රෙගිස්‌ චකබ්වා, චාර්ල්ස්‌ කොවෙන්ටි්‍ර, ග්‍රැහැම් ක්‍රිමර්, ක්‍රෙග් එර්වින්, ග්‍රෙග් ලෑම්බ්, ශින්ගිරායි මසකඩ්සා, ටිනෝ මවෝයා, ක්‍රිස්‌ මµa, රේ ප්‍රයිස්‌, එඩ්වර්ඩ්ස්‌ රෙයින්ස්‌µර්ඩ්, ටටෙන්දි තායිබු, බ්‍රෙන්ඩන් ටේලර්, ප්‍රෙස්‌පර් උට්‌සෙයා, වුසිමුසි සිබන්ඩා.


චමිල කරවිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට දිවයිනට පවසයි
 

Wednesday, March 9, 2011

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ක්‍රීඩකයන් 10 දෙනෙක්‌ තහනම් උත්තේජක භාවිත පරීක්‌ෂාවට

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය 2011 ආශ්‍රිතව තහනම් උත්තේජක භාවිත පිළිබඳ පරීක්‌ෂණ සඳහා මේ වන විට ක්‍රීඩකයන් 10 දෙනකුගේ මුත්‍රා සාම්පල ලබාගෙන ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය සහ එහි ශ්‍රී ලංකා පාර්ශ්වය වන ශ්‍රී ලංකා ජාතික තහනම් උත්තේජක නිවාරණ ආයතනය ඒකාබද්ධව මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ පරීක්‌ෂණ සඳහා මුත්‍රා සාම්පල ලබා ගන්නා ලද ක්‍රීඩක පිරිසට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මෙන්ම තරගාවලියේ සංචාරක කණ්‌ඩායම්වල ක්‍රීඩකයන්ද අයත් වෙති.

මෙහි අවසන් සාම්පල එකතුව ඉකුත් 5 දා පැවැති එහෙත් අයහපත් කාලගුණය හේතුවෙන් අත්හරින ලද ශ්‍රී ලංකා ඔස්‌ටේ්‍රලියා තරගයේ දී එක්‌ ක්‍රීඩකයකුගෙන් ලබා ගෙන ඇත.

අදාළ සාම්පල සියල්ල පරීක්‌ෂණ සඳහා ජගත් තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ සහ ජගත් ක්‍රිකට්‌ කවුන්සිලයේ අනුමැතිය ලත් එංගලන්තයේ පිහිටි විශේෂ පර්යේෂණාගාරයකට යෑවීමට නියමිතය.

ඉකුත් පෙබරවාරි මස 19 දා ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන ලබන අප්‍රේල් 2 දා දක්‌වා කාලය අතර පරීක්‌ෂණ සඳහා ලබා ගැනීමට නියමිත මුත්‍රා සාම්පල සංඛ්‍යාව 100 ක්‌ වේ. ඉන් සාම්පල 30 ක්‌ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී ක්‍රීඩකයන්ගෙන් ලබා ගැනීමට නියමිතය.

මේ අතර ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ යුනෙස්‌කෝ ප්‍රඥප්තියට ශ්‍රී ලංකා රාජ්‍ය කැබිනට්‌ මණ්‌ඩලයේද අනුමැතිය ලැබී ඇති හෙයින් තහනම් උත්තේජක භාවිත වරදට හසුවන ඕනෑම ක්‍රීඩකයකුට අදාළ දඬුවම් පැමිණ වීමට ශ්‍රී ලංකාව දැන් රාජ්‍ය මට්‌ටමින් බැඳී සිටියි.

Saturday, March 5, 2011

පාසල් කාලය දීර්ඝ කිරීම සුදුසුද ?සුදුසු නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

පාසල් කාලය දීර්ඝ කිරීමට පියවර ගැනීම සුදුසු නොවන බව ලංකා ගුරු සංගමය පවසයි.

පාසල් කාලය දීර්ඝ කිරීම අධ්‍යාපන මනෝ විද්‍යාවට පටහැනි බව එම සංගමයේ ‍ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි.

මෙරට පාසල් පද්ධතිය තුළ පාසල් කාලය තීරණය කර තිබෙන්නේ අධ්‍යාපඥයින්, අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් ඇතුළු පිරිස් සාකච්ඡා කිරීමෙන් බවත්, එය කාලාන්තරයත් පුරා ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් බවත් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වාදෙයි.

එම ක්‍රියාවලිය වෙනස්කිරීම පිළිබඳව කිසිවකු හෝ සමග සාකච්ඡා නොකර තමන්ගේ අදහසක් මත අධ්‍යාපන අමාත්‍යවරයා මෙවන් පියවරක් ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.

අමාත්‍යවරයා සිය තනි මතයට අනුව මෙසේ පාසල් කාලය දීර්ඝ කිරීමට කටයුතු කරන්නේ නම් ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ වන බව හෙතෙහ වැඩිදුරටත් අවධාරණය කරයි.

අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පාසල් 1000 ක් හරහා සිදුවන සංවර්ධනයක් සිදුවන්නේ නම්, පවතින පාසල් 9662 න් සෙසු පාසල් පිළිබදව තත්ත්ව කෙසේදැයි ස්ටාලින් මහතා විමසයි.

එහෙත් සියලු සම්පත් සංවර්ධනය කොට මෙම පාසල්වල අධ්‍යාපනය ඉහළ නංවන බව බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට මෙම පාසල් 1000 හි ආරම්භ පියවර වශයෙන් ගුණාත්මක අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා පෙරවරු 7 .30 සිට පස්වරු 3 .00 දක්වා පැවැත්වීමට කටයුතු කරන බව ඔහු පෙන්වාදෙයි.

එවැනි කාලයක් පාසල් තුළ අකමැත්තක් දක්වන රජයේ සේවකයින්ට සෙසු පාසල් වලට මාරුවීම් ලබාගත හැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

මෙම පාසල් 1000 තුළ දිසාපාමොක් පරපුරේ ගුරු ශිෂ්‍ය පිරිසක් ගොඩනගන බව ද බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ලෝක කුසලාන තරගාවලියේ "මහ ගැටුම" අද

1996 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගයේදී ඔස්‌ටේ්‍රලියාව පරාජය කිරීමෙන් පසු ලෝක කුසලාන තරගාවලියකදී ඔස්‌ටේ්‍රලියාව පරාජය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්‌ඩායමද ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ සහභාගි වූ අවසන් තරග 25 ම ජය ගනිමින් මෙතෙක්‌ රැකගෙන ආ ජයග්‍රාහී ගමන දිගටම පවත්වා ගැනීමේ අරමුණ ඇතිව ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමද අද (05 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයදී තරගයට පිවිසෙනු ඇත. තරගය ප.ව. 2.30 ට ආරම්භ වේ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ පාකිස්‌තානය හමුවේ පරාජය වීම මත ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්‌ථානයක්‌ දිනා ගැනීම සඳහා කිසියම් අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමට අද තරගයේ ජය දැඩිව තීරණාත්මක වන අතර එම හේතුවම ඔස්‌ටේ්‍රලියාවටද පොදුවන බැවින් කණ්‌ඩායම් දෙකම සිය උපරිමයම යොදවනු ඇත.

මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇතැයි අපේක්‍ෂිත රටවල් දෙකක්‌ වන ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව ලෝක කුසලාන තරගවලදී අවස්‌ථා 7 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී 1996 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාව කඩුලු 7 කින් පරාජය කරමින් ලෝක ශූරතාව දිනාගත් අවසන් මහ තරගය හැරෙන්නට සෙසු සියලුම තරග ඔස්‌ටේ්‍රලියාව හමුවේ පරාජය වී තිබේ. එමෙන්ම එක්‌දින ක්‍රිකට්‌ තරග ඉතිහාසයේදී අවස්‌ථා 71 කදී දෙරට මුණ ගැසී තිබෙන අතර එහිදී 47 වතාවක්‌ ඔස්‌ටේ්‍රලියාවද 22 වතාවක්‌ ශ්‍රී ලංකාවද ජයග්‍රහණ අත්කරගෙන තිබේ. තරග 2 ක ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියකදී අවසන් වරට දෙපිළ 2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී මුණ ගැසුණු අතර (එම තරගය ඔස්‌ටේ්‍රලියාව ලකුණු 53 කින් ජය ගෙන තිබේ) එම තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්‌ඩායම අවස්‌ථා 7 කදී ඔස්‌ටේ්‍රලියාව සමඟ තරග වැදී තිබේ. එම අවස්‌ථා 7 න් තෙවතාවක්‌ම ශ්‍රී ලංකා කණ්‌ඩායම ජයග්‍රහණය කර තිබෙන අතර එම අවස්‌ථා තුනම ඔස්‌ටේ්‍රලියාවේදී ජයගැනීම විශේෂත්වයක්‌ වේ.

ආබාධ හේතුවෙන් පළපුරුදු ක්‍රීඩකයන් කිහිපයක්‌ නොමැති ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට පැයට කිලෝ මීටර 150 ඉක්‌මවා පන්දු යෑවීමට හැකි පන්දු යවන්නන් තිදෙනකුගෙන් (බ්‍රෙට්‌ ලී, ෂෝන් ටේට්‌ සහ මිචෙල් ජොන්සන්) මෙන්ම ආධුනික වුවද පිතිකරණ ලැයිස්‌තුවේ අංක 8 දක්‌වා වූ සියලුම පිතිකරුවන් හොඳින් දක්‍ෂතා දැක්‌වීම මත අද තරගය ශ්‍රී ලංකාවට තියුණු අභියෝගයක්‌ එල්ල වනු ඇත. සිය මව් බිමේදී මෙම තරගය පැවැත්වුවද එතරම් හුරු නොමැති ආර්. ප්‍රේමදාස තණතීරුවේදී පුහුණු තරගයකට සහ එක්‌දින තරග 2 කට සහභාගිවීම හැර ශ්‍රී ලංකාවට බලපාන අමතර වාසිය වන්නේ ප්‍රේක්‍ෂක දිරිගැන්වීම පමණි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට පෙර දෙරට අවස්‌ථා 9 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී වැඩි තරග සංඛ්‍යාවක්‌ (තරග 5 ක්‌) ශ්‍රී ලංකාව ජයගෙන තිබීම කණ්‌ඩායමේ මානසික අතින් අතිරේක වාසියක්‌ වනු ඇත. එමෙන්ම දෙපිළේම නායකයන් පවසන අන්දමට කාසියේ වාසිය තරගයේ තීරණයට බෙහෙවින්ම බලපානුයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගවලද ඉතිහාසය ගෙන බැලීමේදීය. දිවා/රාත්‍රී වශයෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙතෙක්‌ පවත්වා ඇති තරග 75 න් තරග 46 කම ජයග්‍රහණය කර ඇත්තේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්‌ඩායම් වන අතර තරග 23 ක්‌ පමණක්‌ දෙවැනියට පන්දුවට පහර දුන් කණ්‌ඩායම් ජයග්‍රහණය කර ඇත. අදාළ දත්ත කාසියේ වාසිය පිළිබඳව ස්‌ථිර නිඟමණයකට පැමිණීමට ප්‍රමාණවත් වනු ඇත.

එහෙත් කාසියේ වාසිය පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටින ශ්‍රී ලංකා නායකයා, කාසියේ වාසිය එක්‌තරා අන්දමකට වාසියක්‌ වන නමුත්, කණ්‌ඩායමක්‌ ලෙස එන ඕනෑම අභියෝගයකට මුහුණදීමේ හැකියාවක්‌ තිබිය යුතු බව පවසයි. තරගයට පෙර ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී මාධ්‍ය හමුවේ අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා, සමබර ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ අභියෝගයට මුහුණ දීම වෙනුවෙන් තමන් ඇතුලු කණ්‌ඩායම පූර්ව සූදානමකින් මෙන්ම ඉහළ මානසික මට්‌ටමකින් පසුවන බව සඳහන් කළේය.

මෙහිදී අද තරගයේදී ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනාම (මුරලි-හේරත් සහ මෙන්ඩිස්‌) ප්‍රයෝජනයට ගැනීමට බලාපොරොත්තු වන්නේද යන පැනයට පිළිතුරු දුන් සංගක්‌කාර, කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වන සංයුතිය අද උදෑසන තණතීරුව නිරික්‍ෂණය කිරීමෙන් අනතුරුව ගන්නා බව සඳහන් කර සිටියේය.

යම් ලෙසකින් අද තරගයේ ජය ඔස්‌ටේ්‍රලියාව විසින් දිනාගත හොත් එය ඔස්‌ටේ්‍රලියානු නායක රිකී පොන්ටින්ට සුවිශේෂී වනු ඇත. පොන්ටින්ගේ නායකත්වය යටතේ මෙතෙක්‌ එක්‌දින තරග 249 ක්‌ ඔස්‌ටේ්‍රලියාව ජය ගෙන තිබෙන අතර ලොව මෙතෙක්‌ බිහිවූ නායකයන් අතර එක්‌දින තරග 250 ක්‌ ජයගෙන තිබෙන පළමු මෙන්ම එකම නායකයා වීමේ අවස්‌ථාවද එහිදී පොන්ටින්ට හිමිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ බලාපොරොත්තුව වී සිටින මහේල ජයවර්ධන අද තරගයේදී ලකුණු 48 ක්‌ ලබා ගත හොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ලකුණු 9000 සීමාව ඉක්‌මවා ගිය තෙවැනි පිතිකරුවා වීමේ අවස්‌ථාව ඔහුට උදාවනු ඇත. මහේල මේ වන විට තරග 330 කදී එක්‌දින ලකුණු 8952 ක්‌ ලබා සනත් ජයසුරිය 3362) සහ අරවින්ද ද සිල්වාට(9284) පසුපසින් සිටියි.

මේ අතර අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වන ඔස්‌ටේ්‍රලියානු නායක රිකී පොන්ටින්, ලෝක කුසලාන තරගාවලි 3 ක්‌ පිට පිටම ජයග්‍රහණය කර තිබුණත් මෙවර තරගාවලියේදී තමන් ඇතුලු කණ්‌ඩායම ගමන් කරනු ලබන්නේ තරගයෙන් තරගයට සැලසුම් සකස්‌ කරමින් බවත් පැවැසීය. මෙහිදී අද තරගයේ තම පිතිකරුවන්ට වැඩිම බලපෑමක්‌ ලසිත් මාලිංගගෙන් එල්ල වන බව පවසන ඔස්‌ටේ්‍රලියානු නායකයා, ආබාධයක්‌ සුවවීමෙන් අනතුරුව නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ සිටින ලසිත් මාලිංග කෙරෙහි තම කණ්‌ඩායම විශේෂ අවධානයක්‌ යොමු කොට තිබෙන බවද සඳහන් කර සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදීම පරාජය කිරීම බෙහෙවින්ම අසීරු කටයුත්තක්‌ බව පවසන හෙතෙම, මෙම තරගය කිසි විටෙකවත් සුලුවෙන් තැකික නොහැකි තරගයක්‌ බවත්, එහිදී තම කණ්‌ඩායමේ උප§මය ලබාදීමට බලපොරොත්තු වන බවත් පැවැසීය.

මේ අතර ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩාමේ කඩුලු රකින ක්‍රීඩක බ්‍රැඩ් හැඩින්ද මීට පෙර අදහස්‌ දක්‌වමින්, ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙවර තරගාවලියේ සිටින අභියෝගාත්මකම කණ්‌ඩායම බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - කුමාර් සංගක්‌කාර(නායක), මහේල ජයවර්ධන, ටී. එම්. ඩිල්ෂාන්, උපුල් තරංග, තිලාන් සමරවීර, චාමර සිල්වා, ඇංජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්‌, නුවන් කුලසේකර, දිල්හාර ප්‍රනාන්දු, චාමර කපුගෙරද.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම - රිකී පොන්ටින් (නායක), මයිකල් ක්‌ලාක්‌, කලම් µර්ගියුසන්, බ්‍රැඩ් හැඩින්, ජොන් හස්‌ටින්ග්ස්‌, ඩේවිඩ් හසී, මිචෙල් ජොන්සන්, ෙæසන් ක්‍රෙæසා, බ්‍රෙට්‌ ලී, ටිම් පේන්, ස්‌ටීවන් ස්‌මිත්, ෂෝන් ටේට්‌, ෂේන් වොට්‌සන්, කැමරන් වයිට්‌.
  දිවයින ඇසුරිනි

Thursday, March 3, 2011

කෙවින් ඕබ්‍රයන්ගේ වාර්තාගත ශතකය හේතුවෙන් අයර්ලන්තයට පෙරළිකාර ජයක්‌ ශ්‍රී ලංකා වාර්තාව බිඳ වැටේ

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලි ඉතිහාසයේ පිතිකරුවකු රැස්‌ කර ගන්නා ලද වේගවත්ම ශතකයට හිමිකම් කී අයර්ලන්ත කණ්‌ඩායමේ කෙවින් ඕබ්‍රයන් පන්දු 63 කදී රැස්‌ කරන ලද ලකුණු 113 ක ඉනිම මත එංගලන්තයට එරෙහිව කඩුලු 3 ක පෙරළිකාර ජයක්‌ වාර්තා කර ගැනීමට අයර්ලන්ත කණ්‌ඩායමඊයේ (02 වැනිදා)

සමත් විය.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ "බී" කාණ්‌ඩය යටතේ බැංගලෝර්හි කින්නස්‌වාමි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්‌ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8 කට ලකුණු 327 ක්‌ ලබා ආධුනික අයර්ලන්ත කණ්‌ඩායමට ප්‍රබල අභියෝගයක්‌ ලබා දුන් නමුත් කෙවින් ඕබ්‍රයන් සහ ඇලෙක්‌ස්‌ කියුසෙක්‌ විසින් හයවැනි කඩුල්ලට පන්දු 103කදී ලකුණු 162 ක්‌ රැස්‌ කිරීම මත අදාළ ඉලක්‌කය පන්දු 5 ක්‌ ඉතිරිව කඩුලු 7 ක්‌ දැවී සපුරා ගැනීමට අයර්ලන්ත කණ්‌ඩායම සමත් විය.

ඉතාමත් තියුණු මුහුණුවරක්‌ ගනු ලැබූ මෙම තරගයේදී අයර්ලන්ත කණ්‌ඩායම ලබාගත් අදාළ ජයග්‍රහණය ලෝක කුසලාන ක්‍රිකට්‌ ඉතිහාසයේ කණ්‌ඩායමක්‌ ලකුණු සංඛ්‍යාවක්‌ හඹා යමින් ජයග්‍රහණය වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තාවටද හිමිකම් කියයි. ඊට පෙර අදාළ වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකාව වන අතර 1992 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 313 ක්‌ හඹා ගොස්‌ ජයග්‍රහණය කිරීම මීට පෙර වාර්තාව විය.

කඩුලු 4 ක්‌ ලකුණු 104 කට බිඳ වැටී තිබූ අවස්‌ථාවේ පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි කෙවින් ඕබ්‍රයන් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ දැවැන්ත පහර එල්ල කරමින් වාර්තාගත ලකුණු 100 පන්දු 50 කදී සම්පූර්ණ කර ගනු ලැබීය. ඕබ්‍ර්‍රයන් විසින් බිඳ හෙළනු ලැබුවේ ඔස්‌ටේ්‍රලියානු පිතිකරු මැතිව් හේඩ්න් විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 68 කදී රැස්‌ කරගන්නා ලද ශතකය විය. පන්දු 63 කින් සමන්විත වූ ඕබ්‍රයන්ගේ ලකුණු 113 ඉනිමට අලංකාර හයේ පහර 6 ක්‌ සහ හතරේ පහර 13 ක්‌ එල්ල කර තිබිණ. ඔහුගේ ශතකය වේගවත්ම ශතකවලින් ලෝකයෙන්ම හයවැන්නද විය. ඔහුට අනගි සහයක්‌ ලබා දුන් ඇලෙක්‌ස්‌ කියුසෙක්‌ පන්දු 58 කදී ලකුණු 47 ක්‌ ලබා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යැමකට හසුවිය.

කියුසෙක්‌ මෙන්ම ඕබ්‍රයන්ද දුවද්දී දැවී යැමකට හසුව පිටියෙන් ඉවත් වීමට සිදුවුණිද හත්වැනි කඩුල්ල වෙනුවෙන් මූනී සමඟ පන්දු 40 කදී ලකුණු 44 ක්‌ රැස්‌ කිරීමට දායක වීම අයර්ලන්ත ජයග්‍රහණයට බෙහෙවින්ම ඉවහල් විය. එහිදී මූනී ගේ දායකත්වය පන්දු 30 කදී ලකුණු 33 ක්‌ විය.

එංගලන්ත කණ්‌ඩායම වෙනුවෙන් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 167 ක සම්බන්ධතාවක්‌ පවත්වමින් ලකුණු 300 සීමාව පසු කර යැමට ප්‍රධාන අඩිතාලම දැමීමට ඉයන් බෙල් සහ ජොනතන් ට්‍රොට්‌ සමත් වූහ. එහිදී ට්‍රොට්‌ පන්දු 92 කදී ලකුණු 92 ක්‌ රැස්‌ කරගත් අතර බෙල් පන්දු 86 කදී ලකුණු 81 ක්‌ රැස්‌ කර ගන්නා ලදී.

මෙවර තරගාවලිය යටතේ එංගලන්ත කණ්‌ඩායම ප්‍රබල ඉන්දියාව සමඟ තරගය ලකුණු සම කරගනිමින් අපරාජිතව පසු වුවද ආධුනික අයර්ලන්තය හමුවේ පරාජයට පත්වීම සුවිශේෂී විය.

Tuesday, March 1, 2011

අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද නීති අකුරටම ප්‍රචාරක සැරසිලි කළොත් අත්අඩංගුවේ

මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් කටවුට්‌ බැනර් සහ සැරසිලි කරන පුද්ගලයන් සහ විවිධ සැරසිලි කළ ප්‍රචාරක වාහන පාවිච්චි කරන පුද්ගලයන් අද (01 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් පසු වහාම අත්අඩංගුවට ගැනීමට සියලුම පොලිස්‌ ස්‌ථානවලට නියෝග කර ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.

මැතිවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයාද පොලිසියට උපදෙස්‌ දී ඇති බව පැවසූ ගාමිණී නවරත්න මහතා සාධාරණ සාමකාමී මැතිවරණයක්‌ පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකස්‌ කිරීමට පොලිසිය දැඩිව කටයුතු කරන බව ද කියා සිටියේය.

මේ අතර රට පුරාම ඉදිකර ඇති නීති විරෝධී කටවුට්‌ බැනර් සහ සැරසිලි අද මධ්‍යම රාත්‍රියට පෙර ඉවත් කර ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සියලුම අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටියි. එසේ ඉවත් නොකරන සියලුම සැරසිලි පොලිසිය යොදා ඉවත් කර ඒවා විනාශ කිරීමට පියවර ගන්නා බවද නවරත්න මහතා පවසයි.

මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සියලුම පොලිස්‌ නිලධාරීන් මේ වන විටත් දැනුවත් කර ඇති අතර මැතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අපේක්‍ෂකයන්ද දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවයා කියා සිටියි.