Saturday, July 21, 2012

SLPL 2012 ප්‍රශ්න මැද



ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් (එස්.එල්.පී.එල්) තරගාවලියේ කණ්ඩායම් මිලදී ගත් සමාගම් වලට අවශ්‍ය නම් ඊට තවත් කොටස් කරුවන් සම්බන්ධකරගත හැකි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.
මෙම තරගාවලිය සඳහා වන ‘කඳුරට වොරියර්ස්’ කණ්ඩායම මිලදී ගත් සමාගම එයින් ඉවත් වූයේ යැයි කියැවෙන තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම්වරයා පවසා සිටියේ කණ්ඩායමක ප‍්‍රධාන අයිතිය ලබාගත් ආයතනය එය අතහැරිය බවක් මේ දක්වා තමන්ට දැනුම්දී නැති බවයි.
මෙම සමාගම් අතරට බොලිවුඞ් සිනමාවේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ද එක්ව ඇතැයි දැනගන්නට තිබේ.
"නළුවකුට කිසියම් කණ්ඩායමකට සම්බන්ධ වෙන්න පුළුවන්. අයිතිකරුවන් උත්සාහ කරන්නේ තරගාවලිය වර්ණවත් කිරීමට සුපිරි තරු එකතු කර ගැනීමටයි” යැයිද රණතුංග මහතා පැවසීය.
කඳුරට වෝරියස් පිලේ වර්තමාන හිමිකරු ‘නම්බර් වන් ස්පෝර්ස්ට් කන්සල්ටන් ප‍්‍රයිවට් ලිමිටඞ්’ ලෙස එස්.එල්.පී.එල්. නිල වෙබ් අඩවියේ ඊයේ පස්වරුවේ සඳහන්ව තිබුණි. කඳුරට වෝරියස් පිලේ සංකේත ක‍්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරයි.
මේ අතර තවත් කණ්ඩායම් තුනක ද අයිතිකරුවන් සිය කොටස් විකිණීමට සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ.
කණ්ඩායමක කොටස් විකිණීමේ ඉඩකඩ ඒවායේ වත්මන් අයිතිකරුවන්ට තියෙනවා තමයි. ඒත් කණ්ඩායමක ප‍්‍රධාන හිමිකම වෙනත් අයකුට පැවරිය නොහැකියි”
කණ්ඩායමක ප‍්‍රධාන හිමිකම පවරන්නේ නම් එම පැවරීමේ මුදලින් 10% ක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතුයි” යයිද රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර එස්. එල්. පී. එල්. තරගාවලියේ විනිසුරුවන් සම්බන්ධයෙන් ඇතිවී ඇතැයි කියන අර්බුදය පිළිබඳවද රණතුංග මහතාගෙන් විමසීමක් කරන ලදි.
"අපි මේ තරගාවලිය ආරම්භ කර ගොඩන`ගාගත යුතුයි. කිසිවකුට අපි ගෙවන මුදලට තරග විනිශ්චය කරන්න බැරිනම් ඒ ගැන අපට ලිඛිතව දැනුම් දෙන්න. විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට තව බොහෝ දෙනෙක් ඉන්නවා” යයි ඒ පිළිබඳව කළ විමසුමට පිළිතුරු වශයෙන් රණතුංග මහතා පැවසීය.
මෙම තරගාවලියේ අන්තර්ජාතික රූපවාහිනි විකාශන අයිතිය ඊ.එස්.පීී.එන්. ස්ටාර් සමාගමට හිමිවනු ඇතැයි ඉතාම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
කඳුරට වොරියර්ස්, වයඹ යුනයිටඞ්, රුහුණ රෝයල්ස්, නැගෙනහිර නාගාස්, ඌව නෙක්ස්ට්, උතුර රුද්‍රාස් සහ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙති.
මුදලට තරග පාවාදීම හෝ ඔට්ටු කරුවන්ගේ අවශ්‍යතා අනුව කී‍්‍රඩා කිරීම වැළැක්වීම සඳහා දුෂණ මර්ධන ඒකකය පිහිටුවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරින් පැමිණීමට නියමිත බවත් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ සම්බන්ධීකරණයෙන් ස්ථාපිත කිරීමට නියමිත බව ද වාර්තා වේ.
එස්. එල්. පී. එල්. තරගාවලිය දේශිය සහ විදේශිය ක‍්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 11 වැනිදා සිට 31 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
තරග සටහන

ඉන්දීයාව සමග පලමු එක්‌දින තරගය අද හම්බන්තොටදී

සංචාරක ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක තරග 5 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භක තරගය අද (21 දා) හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා/රාත්‍රී තරගයක්‌ වශයෙන් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

වත්මන් ලෝක ශූරයන් වන ඉන්දීය කණ්‌ඩායම මාස එකහමාරකට අධික කාලයක්‌ විවේකීව ගත කරමින් මෙම තරගාවලියට අවතීර්ණ වුවත්, තමන් ශූරතාව දිනූ තරගාවලියේ අනුශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකාවට එරෙහිව වන තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්දීය කණ්‌ඩායම අද තරග බිමට පිවිසෙනු ඇත.

පාකිස්‌තානය සමගින් ඉකුත්දා අවසන් වුණු එක්‌දින සහ ටෙස්‌ට්‌ තරගාවලි දෙකෙහි ජයග්‍රහණ වාර්තා කරමින් උපරිම දස්‌කම් අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී සිටියත්, පාකිස්‌තානු කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සහ ඉන්දීය කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සංසන්දනය කිරීමේදී ඉන්දීය ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා ගවු ගණනක්‌ ඉදිරියෙන් පසුවීම මත මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට කිසි සේත්ම පහසු එකක්‌ නොවනු ඇත.

ඉන්දීය කණ්‌ඩායම ඉකුත් මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියෙන් පසුව ක්‍රීඩා කරන ලද්දේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වන අතර එම තරගාවලියෙන් අනතුරුව ගතවූ මාස 2 කට ආසන්න කාලයේදී ඔවුන් එකම හෝ එක්‌දින තරගයට ක්‍රීඩා කර නොමැත. පන්දුවාර 20-20 තරගවල රිද්මයට වඩා එක්‌දින තරග රිද්මය තරමක්‌ වෙනසක්‌ ගනු ලබන බැවින් එම තත්ත්වය ශ්‍රී ලංකාවට වාසි සහගත තත්ත්වයක්‌ ලෙස සඳහන් කළ හැක. එමෙන්ම අද තරගය පැවැත්වෙන මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්‌ඩායම එකම තරගයකට හෝ ක්‍රීඩා නොකර තිබීමද ශ්‍රී ලංකාවට හිමිවන තවත් අතිරේක වාසියකි.

එම තත්ත්වය පිළිබඳව ඊයේ හම්බන්තොටදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස්‌ දක්‌වා සිටි ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි, අත්දැකීම් නොමැති සූරියවැව පිටියේ පන්දුq යෑවීමට වඩා පන්දුවට පහර දීම සහ පන්දු රැකීම පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍ය බවයි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි ඉන්දීය නායකයා, 'මෙහි පුහුණුවීම් වලදී දැක්‌ක දෙයක්‌ තමයි වැඩියෙන් සුළං සහිත තත්ත්වයක්‌ පැවැතීම. සමහර විට එය තීරණාත්මක සාධකයක්‌ බවට පත්වන්නට පුලුවන්. එහෙත් එහි වැඩි බලපෑම පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ට බලපාන බැවින් පිතිකරුවන් වැඩි පුහුණුවක්‌ ලබා ගත යුතුයි'.

'එමෙන්ම මෙය විශාල ක්‍රීඩා පිටියක්‌ නිසා පන්දු රකින්නන් පන්දු රකින ස්‌ථාන පිළිබඳව හොඳින් අවධානය යොමු කර සිටීම ඉතාම වැදගත්. එහෙම නොවුණොත් ලකුණු 2-3 වැඩි වශයෙන් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන්ට හැකියාව තිබෙනවා. එවැනි දේවල් නතර කිරීම එක්‌දින තරගයකදී ඉතා වැදගත් යනුවෙන් ' වශයෙනි.

මෙහිදී අද තරගයට ක්‍රීඩා කරන සංයුතිය පිළිබඳවද විමසීමේදී අදහස්‌ දක්‌වා සිටි දෝනි, ශ්‍රී ලංකාව වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන් පසුවන කණ්‌ඩායමක්‌ සමග ක්‍රීඩා කිරීමේදී කණ්‌ඩායම නම් කිරීම ඉතාමත් පරිස්‌සමින් කළ යුතු බවත්, එසේ නොවුණහොත් ඒ සුළු ඉඩකදී පවා වාසි ගැනීමේ හැකියාව ඔවුන් සතු වන බවද සඳහන් කර සිටියේය.

'අද තරගයට ඉර්පන් පතන්ව ක්‍රීඩා කෙරෙව්වොත් විශේෂඥ පන්දු යවන්නන් පස්‌ දෙනෙකු සමගින් ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙනවා. එහෙම නැතුව විශේෂඥ පන්දු යවන්නන් සිව් දෙනෙකු සමග තරගයට අවතීර්ණ වුණොත් කෝලි, රයිනා සහ රෝහිත් ෂර්මා වැනි අයටත් අතුරු පන්දු යවන්නන් හැටියට කටයුතු කරන්න සිදුවෙනවා. එහෙම වුණොත් තත්ත්වය ටිකක්‌ වෙනස්‌ වෙනවා. මොකද ශ්‍රී ලංකාව වගේ අත්දැකීම් සපිරි කණ්‌ඩායමක්‌ එක්‌ක ක්‍රීඩා කරන කොට ඔවුන් අපි යොදා ගනු ලබන පස්‌වැනි අතුරු පන්දු යවන්නාගෙන් වැඩි වාසි ලබා ගන්න උත්සාහ දරනවා. එහෙම දේවල් පසුගිය කාලයේදීත් සිදුවෙලා තියෙනවා. ඒ නිසා අපි කණ්‌ඩායමේ සංයුතිය තෝරද්දී ඒ පිළිබඳව වැඩියෙන් පරෙස්‌සම් විය යුතුයි' වශයෙන් පැවැසීය.

අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා නායකයා, ඉන්දීය කණ්‌ඩායමට මෙම ක්‍රීඩාංගණය නැවුම් අත්දැකීමක්‌ වීම තරමක වාසියක්‌ වන නමුත්, ඉන්දීය කණ්‌ඩායමේ සමස්‌ථයක්‌ ගත් විට ඔවුන්ව පැරදවීම අසීරු කාර්යක්‌ බව සඳහන් කර සිටියේය.

'ඔවුන් මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන්නේ පළමු වතාවට. මේ තණතීරුවලට පුළුවන් තරම් ඉක්‌මනට හැඩ ගැහෙන්න ඔවුන් උත්සාහ දරයි. නමුත් අපි බලන්න ඕන උපරිම ශක්‌තියක්‌ යොදලා කණ්‌ඩායමක්‌ විදියට සෙල්ලම් කරන්නේ කොහොමද කියන එක.' යනුවෙන් පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා නායකයා, 'අපි පාකිස්‌තානය සමග තරග කළා වගේ කරපු හොඳ දේවල් සියල්ල ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ කණ්‌ඩායමේ නවක ක්‍රීඩකයන් ගොඩක්‌ ඉන්නවා. අපි බලන්න ඕන ඔවුන්ටත් උපරිම අවස්‌ථාව ලබා දෙමින් මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න' යනුවෙන් පැවැසීය.

ඉන්දියාව සමගින් වන තරගාවලියට චාමර කපුගෙදරව සහ ඉසුරු උදානව නම් කර තිබුණද ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට ඔවුන් දෙදෙනා සහභාගිවී සිටීම මත තවමත් ඔවුන් කණ්‌ඩායමට එක්‌වී නොමැත.

පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වී සිටින චාමර කපුගෙදරව කණ්‌ඩායමට නම් කර ඇත්තේ කෙසේද යන්න මාධ්‍යවේදීන් විසින් ශ්‍රී ලංකා නායකයාගෙන් ප්‍රශ්න කර සිටි අතර, ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමේ තරග සංචාරය පිළිබඳ සලකා බලමින් නොව දේශීය තරගාවලියේදී දක්‌වන ලද දක්‍ෂතා මෙන්ම ආසියානු කුසලාන තරගාවලියේ එක්‌ ඉනිමක රැස්‌ කරගන්නා ලද ලකුණු 60 පිළිබඳව සලකා බලමින් ඔහුට නැවතත් ජාතික කණ්‌ඩායමට පැමිණීමේ අවස්‌ථාව උදා වූ බව මහේලගේ පිළිතුරු විය.

Wednesday, July 18, 2012

ගිවිසුම අද මේ වසරේ මුල් කාර්තුව සඳහා මෙතෙක් වැටුප් ගෙවා නොමැත-මහේල

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින් සහ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සමග පැවැති ගැටළුසහගත තත්ත්වය මේ වන විට පහව ගොස් තිබෙනවා. එළඹෙන වසරක කාලය සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සමග ක‍්‍රීඩකයින් ගිවිසුම්ගතවීම අද (18) සිදුකෙරෙන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ. ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට ලැබිය යුතු තරග ගාස්තු නොලැබුණහොත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට ක‍්‍රීඩා නොකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පසුගිය සඳුදා ප‍්‍රකාශ කර තිබුණා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයින් අතර, අත්සන් කර ඇති ගිවිසුම් නිසි පරිදි කි‍්‍රයාත්මක නොවීම මීට තවත් හේතුවක් බවයි. සාමාන්‍යයෙන් මාර්තු මාසය වන විට වසරේ කොන්ත‍්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබුණ ද මේ දක්වා නව වසර සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සහ ක‍්‍රීඩකයින් ගිවිසුම්වලට එළඹ නොමැති බව ද මහේල කියා සිටියා. පසුගිය පාකිස්තාන සංචාරය සඳහා ද තම ක‍්‍රීඩකයින් ක‍්‍රීඩා කළේ ගිවිසුම් අත්සන් කිරීමකින් තොරව බව ද මහේල පෙන්වා දෙනවා. එමෙන්ම ක‍්‍රීඩකයින්ට මේ වසරේ මුල් කාර්තුව සඳහා මෙතෙක් වැටුප් ගෙවා නොමැති බවයි මහේල කියා සිටියේ.

Monday, July 16, 2012

අවසන් තරගය ජය පැරදුමෙන් තොර නසාශ‍්‍රී ලංකාව තවදුරටත් 6 වන ස්ථානයේ නමුත් පකිසථානය ඉදිරියට

අන්තර්ජාතික ක‍්‍රිකට් සම්මේලන ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ එංගලන්තයට හිමි ප‍්‍රමුඛස්ථානය යළි තහවුරු වී තිබෙනවා. ක‍්‍රිකට් සම්මේලන දර්ශකවල වාර්ෂික ඇගයීමට අනුව එහි පළමු ස්ථානයේ සිටින එංගලන්තය සහ දෙවන ස්ථානයේ සිටින  ඕස්ටේ‍්‍රලියාව අතර ප‍්‍රසාද ලකුණු පරතරය ලකුණු 6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එංගලන්තයට ප‍්‍රසාද ලකුණු 122 ක් හිිමිව ඇති අතර  ඕස්ටේ‍්‍රලියාවට හිමිව ඇති ප‍්‍රසාද ලකුනු සංඛ්‍යාව 116 ක්. තුන්වන ස්ථානය හිමිව තිබෙන්නේ ප‍්‍රසාද ලකුණු 113 ක් ලබා සිටින දකුණු අප‍්‍රිකාවයි. එහෙත් ඉදිරි සතියේ ආරම්භ වන ටෙස්ට් තරඟාවලිය දකුණු අප‍්‍රිකාව විසින් ජයගතහොත් මෙම ස්ථානවල වෙනසක් අපේක්ෂා කළ හැකියි. එංගලන්තය පසුගිය වසරේදී ටෙස්ට් දර්ශකයේ ප‍්‍රමුඛ ස්ථානයට පැමිණියේ ඉන්දියාවට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණයක් වාර්තා කරමින්. ශ‍්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරඟාවලියෙන් පරජය වුවද ජාත්‍යන්තර ටෙස්ට් දර්ශකයේ පාකිස්ථානයට හිමි ස්ථානය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පාකිස්ථානය දර්ශකයේ හතරවන ස්ථානය හිමිකරගෙන ඇති අතර පස්වන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවටයි. මීට පෙර 4 වන ස්ථානයේ රැඳී සිටියේ ඉන්දියාවයි. ප‍්‍රසාද ලකුණු 98 ක් හිමිකරගෙන තිබෙන ශ‍්‍රී ලංකාව තවදුරටත් 6 වන ස්ථානයේ පසුවනවා.
 පන්දුවාර 71කදී ලකුණු 270ක ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකාව උනන්දුවක් නොදැක්වීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි නොසතුටට හේතු විය. අඩුම තරමින් ඉලක්කය හඹා යාමට උත්සාහයක්වත් නොගත් බවට චෝදනා එල්ල වූ නමුත් මාස 35කින් ටෙස්ට් තරගාවලියක් ජයගෙන නොසිටිව සිටි ශ්‍රී ලංකාව ගාල්ලේ තරගය ජය ගෙන 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියදී අවදානමක් ගැනීමට මහේල අකමැති වී ඇත.
එහෙත් තරගයෙන් අනතුරුව මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ තේ පානයෙන් පසු චන්දිමාල්ගෙන් පන්දුවාර 6-7කදී ප්‍රහාරයක් එල්ල කොට ඉන් පසු තිසර පෙරේරා එවා ඉලක්කය හඹා යාමට කළින් සැලසුම් කර තිබූ බවයි. එහෙත් තේ පානයට පෙර චන්දිමාල් දැවී යාමත් සමගම සිය සැලසුම් වෙනස් කිරීමට සිදුවූ බවත්, තමා සහ සංගක්කාර එක්වී පන්දුවාර 25 සීමාව දක්වා පැමිණි පසු ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළද තමා දැවී යාමෙන් ඉලක්කය හඹා නොයාමට තීරණය කළ බවත්, මහේල පැවැසීය. එසේ වුවද ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට අසමත්ව සිටි ශ්‍රී ලංකාව 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියදී ප්‍රබල පන්දු යවන්නන්ගෙන් සමන්විත පාකිස්තානය හමුවේ ලකුණු හඹායාමකට ගොස් කඩුලු 2-3ක් පිට පිටම බිඳ වැටුණා නම් පරාජය වීමේ අවදානමක්ද තිබුණි. එහෙයින් ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජය ගැන සිතා ඒ මොහොතේ ගත් තීරණය වරදක් ලෙස දැකිය නොහැක. එසේ වුවද ක්‍රීඩා ලෝලීන්ට නම් ලකුණු හඹා නොයාම පිළිබඳ වේදනාවක් ඇතිවී ඇති බව කිව යුතුය.

SLPL සදහා පාකිස්ථානයේ ක‍්‍රීඩකයින්ට නිල වශයෙන් අවසර ලැබේ

ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා සිය රටේ ක‍්‍රීඩකයින්ට අවසර ලබාදීමට පාකිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු ප‍්‍රකාශ කර ඇත්තේ ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරය සහ රාමසාන් උත්සවය හේතුවෙන් සිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට වෙනත් විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගිවීමට අවසර ලබා නොදුන්නත් එස් එල් පී තරගාවලියට සහභාගිවීමට අවසර ලබාදීමට තීරණය කළ බවයි. ඒ අනුව, සයිඞ් අෆ්රිඩි, අබ්දුල් රසාක්, ඉම්රාන් නසීර්, මිස්බා උල්හක්, සයිඞ් අජ්මාල්, උමාර් ගුල්, යුනිස් ඛාන් යන ක‍්‍රීඩකයින් එස් එල් පී එල් තරගාවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇති.

Sunday, July 15, 2012

එස්‌.එල්.පී.එල්. තරගාවලිය ලබන අගෝස්‌තු මස 10 වැනිදා සියල්ල සූදානම්


එංගලන්තයේ ප්‍රාන්ත දෙකක්‌ අතර අත්හදා බැලීමේ තරගයක්‌ ලෙසින් ආරම්භ වූ පන්දුවාර 20-20 නමැති ක්‍රිකට්‌ ක්‍රීඩාවේ වේගවත් තරග රටාව අද වන විට ලොව ජනප්‍රියතම ක්‍රිකට්‌ තරග රටාව බවට පත්ව තිබේ. ඉන්දියාව විසින් ලෝක ක්‍රිකට්‌ ක්‍රීඩාව ආක්‍රමණය කරමින් ලොව දැවැන්ත ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද අයි.පී.එල්. පන්දුවාර 20-20 තරගාවලියෙන් පසු ලොව බොහෝ රටවලට පන්දුවාර 20-20 ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධානය කිරීමේ දැඩි වුවමනාවක්‌ ඇති විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස පළමු වරට විදෙස්‌ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේද එස්‌.එල්.පී.එල්. තරගාවලිය ලබන අගෝස්‌තු මස 10 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

අයි.පී.එල්. තරගාවලියේ අනුරුවක්‌ ලෙස එංගලන්ත ප්‍රාන්ත අතර විදෙස්‌ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ෆ්‍රෙන්ඩ් 20-20 තරගාවලිය සංවිධානය කළ අතර පසුව බංග්ලාදේශය විසින්ද බී.පී.එල්. 20-20 තරගාවලිය සංවිධානය කිරීමට ඉකුත් 2011 වසරේ සමත් විය. එහෙත් එංගලන්තයට හෝ බංග්ලාදේශයටද ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය මෙන්ම ඩොලර් මිලියන ගණන් ලාබ ඉපයීමට එම තරගාවලි වලදී නොලැබුණ බවද වාර්තා වේ. අයි.පී.එල් කොපියේ තෙවැන්න ලෙස සංවිධානය වන එස්‌.එල්.පී.එල්. තරගාවලිය කොතරම් දුරට සාර්ථක වේද එම තරගාවලිය අවසානයේදී මාතෘකාවට බඳුන් වනු ඇත. එහෙත් තරගාවලිය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ සිද්ධියක්‌ වනු ඇති බව පැහැදිලි වන කරුණක්‌ වුවද මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ නම් ක්‍රිකට්‌ ආයතනයට වැඩි මුදලක්‌ උපයා ගැනීමට හැකි වනු ඇත.

සේවකයන් 250 කට අධික සංඛ්‍යාවක්‌ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට මෙවැනි තරගාවලියක්‌ සංවිධානය කිරීමට ශක්‌තියක්‌ නොමැති වුවද සමර්සෙට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ නැමැති විදෙස්‌ සමාගම තරගාවලිය සංවිධානය කිරීමේ අයිතිකරු ලෙස ඉදිරිපත්ව වසර හතක කාලයක්‌ පුරා මෙම තරගාලිය වාර්ෂිකව පැවැත්වීමට එකඟතා ගිවිසුම් වලට පැමිණ ඇත. ඒ අනුව විදෙස්‌ සමාගම් හතක්‌ මගින් ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් කණ්‌ඩායම් හත මිලදී ගෙන තරගාවලිය පැවැත්වීම සඳහා සියලු කටයුතු දැන් සූදානම් කර ඇත.

සැප්තැම්බර් මස පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය වැදගත් පෙරහුරුවක්‌ වන අතර ඒ සඳහා සහභාගි වන ක්‍රීඩකයන්ට සිය අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට මෙම තරගාවලිය පිටිවහලක්‌ වේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දේශීය පළමු පෙළ තරගාවලියක්‌ ක්‍රීඩා කිරීමෙන් ලැබෙන මුදලට වඩා විශාල මුදලක්‌ මෙම තරගාවලියේදී ලැබීම ක්‍රීඩකයන්ගේ තරගකාරීත්වය ඉහළ දමන්නක්‌ වන අතර ඔවුන්ගේ ඉදිරි සුබ සිද්ධිය වෙනුවෙන් එය වටිනා සාධකයක්‌ බවට පත්ව තිබේ.

ඉන්දියානු ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන්ට මෙම තරගාවලියට සහභාගි වීම සඳහා එරට ක්‍රිකට්‌ ආයතනය අවසර නොදීම එස්‌.එල්.පී.එල්. තරගාවලියට වැදුණු කණේ පහරක්‌ බඳු විය. එහෙත් අයි.පී.එල් තරගාවලිය නියෝජනය කිරීමට පාකිස්‌තාන් කිසිම ක්‍රීඩකයකුට එරට ක්‍රිකට්‌ ආයතනය අවසර ලබා නොදුන් අතර එස්‌.එල්.පී.එල්. තරගාවලිය සඳහා පාකිස්‌තාන් ප්‍රබල ක්‍රීඩකයන් රැසක්‌ තරග වැදීම අයි.පී.එල්. තරගාවලියට කදිම කණේ පහරක්‌ බඳුව ඇත.

විදේශීය පුහුණුකරුවන් මගින් සෑම කණ්‌ඩායමක ප්‍රධාන පුහුණුකරු ධුරය දැරීම මගින් දේශීය ක්‍රීඩකයන්ට වැඩි අත්දැකීමක්‌ ලබාගැනීමට අවස්‌ථාව ඇත. ලබන අගෝස්‌තු 10 වැනිදා සිට 31 දා දක්‌වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනම මෙම තරගාවලිය ලොව පුරා රටවල් 20 කට අධික සංඛ්‍යාවක්‌ පුරා විකාශනය කිරීමට නියමිතව ඇත.

තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් "ඒ" කාණ්‌ඩයේ සිට "ඊ" කාණ්‌ඩය දක්‌වා කාණ්‌ඩ ගත කර ඇති අතර එහිදී "ඒ" කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට උපරිමය ඇමරිකානු ඩොලර් 35000 ක්‌ද "බී" කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට උපරිමය ඇමරිකානු ඩොලර් 20000 දක්‌වාද "සී" කාණ්‌ඩයේ ක්‍රීඩකයකු උපරිමය ඇමරිකානු ඩොලර් 15000 ක්‌ද "ඩී" කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 7000 ක්‌ද "ඩී" කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට ඇමරිකාරනු ඩොලර් 7000 ක්‌ සහ "ඊ" කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 5000 ක්‌ද වන ගෙවීම් කරනු ලබයි.

තරගාවලියේ සුපිරි කාණ්‌ඩයට අයත් ක්‍රීඩකයන් හත් දෙනකු නම් කර ඇති අතර එම ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 50000 ක්‌ ගෙවීමට නියමිතව ඇත. එම සුපිරි ක්‍රීඩකයන් ලෙස මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, මුත්තයියා මුරලිදරන්, ලසිත් මාලිංග, තිලකරත්න ඩිල්ෂාන්, ක්‍රිස්‌ ගේල් සහ ෂහිඩ් අෆaරිඩි කණ්‌ඩාම් හත සඳහා නම් කර ඇත.

අදාළ මිල ගණන් අනුව "ඒ" කාණ්‌ඩයේ වැඩිම වටිනාකම් ඇති ක්‍රීඩකයන් ලෙස සනත් ජයසූරිය (ඇ.ඩො 35000), නුවන් කුලසේකර (ඇ.ඩො 35000), රංගන හේරත් (ඇ.ඩො.35000), තිසර පෙරේරා (35000), චාමර කපුගෙදර (ඇ.ඩො. 35000) නම් කර ඇත. මීට අමතරව "ඒ" කාණ්‌ඩයට ඇතුළත් අජන්ත මෙන්ඩිස්‌, චාමර සිල්වා, චමින්ද වාස්‌, උපුල් තරංග, දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර, ෆර්වීස්‌ මහරුප්, ප්‍රසන්න ජයවර්ධන, සුරාඡ් රන්දිව්, සුරංග ලක්‌මාල්, තරංග පරණවිතාන, තිලාන් සමරවීර යන ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 25000 බැගින් තරගාවලි සහභාගිත්වය වෙනුවෙන් ගෙවනු ලැබේ.


එස්‌.එල්.පී.එල් 20-20 තරගාවලිය නියෝජනය කරන කණ්‌ඩායම් සංචිත

වයඹ - මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, කුෂල් ජනිත් පෙරේරා, අකිල ධනංජය, කෞෂාල් වීරරත්න, ෂෙහාන් ජයසූරිය, සුරංග ලක්‌මාල්, මිලින්ද සිරිවර්ධන, චතුර කුමාර, නිමේෂ් පෙරේරා, චමින්ද වාස්‌, අලංකාර අසංක, දසුන් ෂානක, මාලිංග පුෂ්පකුමාර, දිලේෂ් ගුණරත්න

විදෙෂ් ක්‍රීඩකයන් - අසාර් මහමුද්, උමාර් අක්‌මාල්, තමීම් ඉක්‌බාල්, කොලින් ඉන්ග්රාම්, කෙමාර් රොච්, ඡේම්ස්‌ ෆුල්ක්‌නර්, අබ්දුල් රසාක්‌, බ්‍රැඩ් හොග්

කඳුරට - කුමාර් සංගක්‌කාර, තිසර පෙරේරා, තිලාන් සමරවීර, කෝසල කුලසේකර, කිත්රුවන් විතානගේ, කෞෂාල් ලොකුආරච්චි, ජීවන්ත කුලතුංග , මලින්ද වර්ණපුර, චානක වෙලගෙදර, සනත් ජයසූරිය, දිල්හාර ලොකුහෙට්‌ටිගේ, තරංග පරණවිතාන, රොමේෂ් බුද්ධික, චින්තක පෙරේරා, කෞෂාල් සිල්වා, නිරෝෂන් දික්‌වැල්ල,

විදෙස්‌ ක්‍රීඩකයන් - සයිඩ් අඡ්මාල්, මිස්‌බා උල් හක්‌, ෂොහිල් ටන්විර්, ක්‍රිස්‌ ලයන්, ඩැනී විලස්‌, ඇල්බි මෝර්කල්, ජොහාන් බෝතා, ඇඩම් වොග්ස්‌

පුහුණුකරු -

රුහුණ - ලසිත් මාලිංග, චාමර සිල්වා, ප්‍රසන්න ජයවර්ධන, දිල්රුවන් පෙරේරා, රමිත් රඹුක්‌වැල්ල, තරංග ලක්‌ෂිත, ගිහාන් රූපසිංහ, ෂාලූක කරුණානායක, දෙනුවන් රාජකරුණා, මාලිංග බණ්‌ඩාර, කසුන් මධුෂංක, ධනංජ ද සිල්වා, ෂානුක දිසානායක, ගයාන් විඡේකෝන්, චමින්ද විදානපතිරණ

විදෙස්‌ ක්‍රීඩකයන් - ෂහිඩ් අෆaරිඩි, ඩැනියෙල් හැරිස්‌, රයන් හැරිස්‌, එරෝන් ෆර්න්ච්, ජෙරොම් ටේලර්, නෙදන් මැකලම්, රයන් මැක්‌ලරන්, රිචඩ් ලිවී

ඌව - සචිත්‍ර සේනානායක, තිළිණ කණ්‌ඩම්බි, උපුල් තරංග, දිල්ෂාන් මුණවීර, දිල්හාර ප්‍රනාන්දු, භානුක රාජපක්‌ෂ, චින්තක ජයසිංහ, සමීර සොයිසා, සීකුගේ ප්‍රසන්න, අශාන් ප්‍රියංජන, විශ්ව ප්‍රනාන්දු, ලහිරු මධුෂංක, අකිල ඉෂංක, දිනේෂ් දර්ෂප්‍රිය, සාලිය සමන්, අශේන් සිල්වා

විදෙස්‌ ක්‍රීඩකයන් - ක්‍රිස්‌ ගේල්, ඇන්ඩෘ මැක්‌ඩොලඩ්, උමාර් ගුල්, ෂොයිබ් මලික්‌, කැලූම් ෆර්ගියුසන්, ඡේම්ස්‌ ෆ්‍රැන්ක්‌ලීන්, අබ්දුර් රෙහෙමාන්, හමීඩ් අසාම්

බස්‌නාහිර - තිලකරත්න ඩිල්ෂාන්, ජීවන් මෙන්ඩිස්‌, රංගන හේරත්, ඉන්දික ද සේරම්, දනුෂ්ක ගුණතිලක, ධම්මික ප්‍රසාද්, ළහිරු ජයරත්න, රුෂාන් ජලීල්, සචිත්‍ර සේරසිංහ, නුවන් ප්‍රදීප්, දිමුත් කරුණාරත්න, අමල් ඇතුලත්මුදලි, සංජය ගංගොඩවිල, නදීර නාවල, තිලාන් තුෂාර, ඉෂාර අමරසිංහ

විදෙස්‌ ක්‍රීඩකයන් - බ්‍රැඩ් හොග්, මාලන් සැමුවෙල්, ඩැනියල් ස්‌මිත්, ඩර්ක්‌ නනීස්‌, රොබින් පීටර්සන්, ටිම් සවුති, ක්‌ලින්ට්‌ මැකේ, කැමරන් බ්‍රොග්ස්‌

උතුර - මුත්තයියා මුරලිදරන්, චාමර කපුගෙදර, ජෙහාන් මුබාරක්‌, ෆර්වීස්‌ මහරුප්, ජනක ගුණරත්න, නිලංක ප්‍රේමරත්න, මහේල උඩවත්ත, චතුර පීරිස්‌, අකලංක ගනේගම, රොෂේන් සිල්වා, පී කෞෂල්‍ය, සඳුන් වීරක්‌කොඩි, මදුර ලක්‌මාල්, සොහාන් බොරලැස්‌ස, යොහාන්ද සිල්වා, මදුෂංක ඒකනායක

විදෙස්‌ ක්‍රීඩකයන් - ෂකීබ් අල් හසන්, බ්‍රෙන්ඩන් ටේලර්, කෙවන් කෝපර්, ඉම්රාන් පර්හත්, ෆsඩෙල් එඩ්වර්ඩ්, ඩේවිඩ් මිලර්, ඩිලන් දූ ප්‍රිස්‌, සැමුවෙල් බද්ද්‍රි

නැගෙනහිර - ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, ඇන්ජලෝ පෙරේරා, අජන්ත මෙන්ඩිස්‌, ටී. එම්. සම්පත්, සචිත් පතිරණ, සුරාඡ් රන්දිව්, ගයාන් මනීෂාන්, චමීර දුෂ්මන්ත, ෂමින්ද එරංග, උදාර ජයසුන්දර, කණිෂ්ක ඇල්විටිගල, සජීව වීරකෝන්, ඇන්ඩී සොලමන්, ඉෂාන් ජයරත්න, චරිත් සිල්වෙස්‌ටර්

විදෙස්‌ ක්‍රීඩකයන් - මිචෙල් මාර්ෂ්, ඉම්රාන් නසීර්, ටේ්‍රවිස්‌ බර්ට්‌, අහමඩ් ෂිහිශැඩ්, බෙන් ලගුලින්, එලිස්‌ සනී, මුස්‌ෆාකාර් රහීම්, නසීර් හොසේන්

Saturday, July 7, 2012

SLPL ගහන ශ‍්‍රී ලංකික ක‍්‍රීඩකයන්

ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියට(SLPL)සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ඊයේ (06) පැවැති හමුවේ පළමු අවස්ථාව ලැබූ වයඹ පිලේ නායක මහේල ජයවර්ධන පළමු ක‍්‍රීඩකයා ලෙස යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ.
හිටපු නායක කුමාර් සංගක්කාර සිය පළමු අවස්ථාවේදී තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා තෝරා ගත්තේය.
මෙහිදී කණ්ඩායම් 7 ට දේශීය ක‍්‍රීඩකයෝ 16 දෙනකු බැගින් 112 දෙනකු තෝරාගෙන තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්

Friday, July 6, 2012

SLPL සදහා විදෙස් ක්‍රීඩකයින් 56ක් වෙන්දේසි කරයි

SLPL තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් ඊයේ වෙන්දේසි කරනු ලැබුවා.මෙහි ඇති විශේෂත්වය වනුයේ  ඉන්දිය ක්‍රීඩකයින් හා එන්ගලන්ත ක්‍රීඩකයින් නොමැති වීමයි. තවද නැගනහිර නාකයා ලෙස නම් වු සයිඩ් අප්රීඩි  රුහුනු කන්ඩායමට ලබා ගෙන ඇත. අද අපේ ක්‍රීඩකයින් වෙන්දේසි කරනු ඇත.
 මෙහිදී ක්‍රීඩකයින් කණ්ඩායම්වලට අනුව වෙන් කර තිබෙන්නේ මේ ආකාරයටයි.