Sunday, July 15, 2012

එස්‌.එල්.පී.එල්. තරගාවලිය ලබන අගෝස්‌තු මස 10 වැනිදා සියල්ල සූදානම්


එංගලන්තයේ ප්‍රාන්ත දෙකක්‌ අතර අත්හදා බැලීමේ තරගයක්‌ ලෙසින් ආරම්භ වූ පන්දුවාර 20-20 නමැති ක්‍රිකට්‌ ක්‍රීඩාවේ වේගවත් තරග රටාව අද වන විට ලොව ජනප්‍රියතම ක්‍රිකට්‌ තරග රටාව බවට පත්ව තිබේ. ඉන්දියාව විසින් ලෝක ක්‍රිකට්‌ ක්‍රීඩාව ආක්‍රමණය කරමින් ලොව දැවැන්ත ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද අයි.පී.එල්. පන්දුවාර 20-20 තරගාවලියෙන් පසු ලොව බොහෝ රටවලට පන්දුවාර 20-20 ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධානය කිරීමේ දැඩි වුවමනාවක්‌ ඇති විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස පළමු වරට විදෙස්‌ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේද එස්‌.එල්.පී.එල්. තරගාවලිය ලබන අගෝස්‌තු මස 10 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

අයි.පී.එල්. තරගාවලියේ අනුරුවක්‌ ලෙස එංගලන්ත ප්‍රාන්ත අතර විදෙස්‌ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ෆ්‍රෙන්ඩ් 20-20 තරගාවලිය සංවිධානය කළ අතර පසුව බංග්ලාදේශය විසින්ද බී.පී.එල්. 20-20 තරගාවලිය සංවිධානය කිරීමට ඉකුත් 2011 වසරේ සමත් විය. එහෙත් එංගලන්තයට හෝ බංග්ලාදේශයටද ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය මෙන්ම ඩොලර් මිලියන ගණන් ලාබ ඉපයීමට එම තරගාවලි වලදී නොලැබුණ බවද වාර්තා වේ. අයි.පී.එල් කොපියේ තෙවැන්න ලෙස සංවිධානය වන එස්‌.එල්.පී.එල්. තරගාවලිය කොතරම් දුරට සාර්ථක වේද එම තරගාවලිය අවසානයේදී මාතෘකාවට බඳුන් වනු ඇත. එහෙත් තරගාවලිය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ සිද්ධියක්‌ වනු ඇති බව පැහැදිලි වන කරුණක්‌ වුවද මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ නම් ක්‍රිකට්‌ ආයතනයට වැඩි මුදලක්‌ උපයා ගැනීමට හැකි වනු ඇත.

සේවකයන් 250 කට අධික සංඛ්‍යාවක්‌ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට මෙවැනි තරගාවලියක්‌ සංවිධානය කිරීමට ශක්‌තියක්‌ නොමැති වුවද සමර්සෙට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ නැමැති විදෙස්‌ සමාගම තරගාවලිය සංවිධානය කිරීමේ අයිතිකරු ලෙස ඉදිරිපත්ව වසර හතක කාලයක්‌ පුරා මෙම තරගාලිය වාර්ෂිකව පැවැත්වීමට එකඟතා ගිවිසුම් වලට පැමිණ ඇත. ඒ අනුව විදෙස්‌ සමාගම් හතක්‌ මගින් ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් කණ්‌ඩායම් හත මිලදී ගෙන තරගාවලිය පැවැත්වීම සඳහා සියලු කටයුතු දැන් සූදානම් කර ඇත.

සැප්තැම්බර් මස පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය වැදගත් පෙරහුරුවක්‌ වන අතර ඒ සඳහා සහභාගි වන ක්‍රීඩකයන්ට සිය අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට මෙම තරගාවලිය පිටිවහලක්‌ වේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දේශීය පළමු පෙළ තරගාවලියක්‌ ක්‍රීඩා කිරීමෙන් ලැබෙන මුදලට වඩා විශාල මුදලක්‌ මෙම තරගාවලියේදී ලැබීම ක්‍රීඩකයන්ගේ තරගකාරීත්වය ඉහළ දමන්නක්‌ වන අතර ඔවුන්ගේ ඉදිරි සුබ සිද්ධිය වෙනුවෙන් එය වටිනා සාධකයක්‌ බවට පත්ව තිබේ.

ඉන්දියානු ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන්ට මෙම තරගාවලියට සහභාගි වීම සඳහා එරට ක්‍රිකට්‌ ආයතනය අවසර නොදීම එස්‌.එල්.පී.එල්. තරගාවලියට වැදුණු කණේ පහරක්‌ බඳු විය. එහෙත් අයි.පී.එල් තරගාවලිය නියෝජනය කිරීමට පාකිස්‌තාන් කිසිම ක්‍රීඩකයකුට එරට ක්‍රිකට්‌ ආයතනය අවසර ලබා නොදුන් අතර එස්‌.එල්.පී.එල්. තරගාවලිය සඳහා පාකිස්‌තාන් ප්‍රබල ක්‍රීඩකයන් රැසක්‌ තරග වැදීම අයි.පී.එල්. තරගාවලියට කදිම කණේ පහරක්‌ බඳුව ඇත.

විදේශීය පුහුණුකරුවන් මගින් සෑම කණ්‌ඩායමක ප්‍රධාන පුහුණුකරු ධුරය දැරීම මගින් දේශීය ක්‍රීඩකයන්ට වැඩි අත්දැකීමක්‌ ලබාගැනීමට අවස්‌ථාව ඇත. ලබන අගෝස්‌තු 10 වැනිදා සිට 31 දා දක්‌වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනම මෙම තරගාවලිය ලොව පුරා රටවල් 20 කට අධික සංඛ්‍යාවක්‌ පුරා විකාශනය කිරීමට නියමිතව ඇත.

තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් "ඒ" කාණ්‌ඩයේ සිට "ඊ" කාණ්‌ඩය දක්‌වා කාණ්‌ඩ ගත කර ඇති අතර එහිදී "ඒ" කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට උපරිමය ඇමරිකානු ඩොලර් 35000 ක්‌ද "බී" කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට උපරිමය ඇමරිකානු ඩොලර් 20000 දක්‌වාද "සී" කාණ්‌ඩයේ ක්‍රීඩකයකු උපරිමය ඇමරිකානු ඩොලර් 15000 ක්‌ද "ඩී" කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 7000 ක්‌ද "ඩී" කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට ඇමරිකාරනු ඩොලර් 7000 ක්‌ සහ "ඊ" කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 5000 ක්‌ද වන ගෙවීම් කරනු ලබයි.

තරගාවලියේ සුපිරි කාණ්‌ඩයට අයත් ක්‍රීඩකයන් හත් දෙනකු නම් කර ඇති අතර එම ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 50000 ක්‌ ගෙවීමට නියමිතව ඇත. එම සුපිරි ක්‍රීඩකයන් ලෙස මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, මුත්තයියා මුරලිදරන්, ලසිත් මාලිංග, තිලකරත්න ඩිල්ෂාන්, ක්‍රිස්‌ ගේල් සහ ෂහිඩ් අෆaරිඩි කණ්‌ඩාම් හත සඳහා නම් කර ඇත.

අදාළ මිල ගණන් අනුව "ඒ" කාණ්‌ඩයේ වැඩිම වටිනාකම් ඇති ක්‍රීඩකයන් ලෙස සනත් ජයසූරිය (ඇ.ඩො 35000), නුවන් කුලසේකර (ඇ.ඩො 35000), රංගන හේරත් (ඇ.ඩො.35000), තිසර පෙරේරා (35000), චාමර කපුගෙදර (ඇ.ඩො. 35000) නම් කර ඇත. මීට අමතරව "ඒ" කාණ්‌ඩයට ඇතුළත් අජන්ත මෙන්ඩිස්‌, චාමර සිල්වා, චමින්ද වාස්‌, උපුල් තරංග, දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර, ෆර්වීස්‌ මහරුප්, ප්‍රසන්න ජයවර්ධන, සුරාඡ් රන්දිව්, සුරංග ලක්‌මාල්, තරංග පරණවිතාන, තිලාන් සමරවීර යන ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 25000 බැගින් තරගාවලි සහභාගිත්වය වෙනුවෙන් ගෙවනු ලැබේ.


එස්‌.එල්.පී.එල් 20-20 තරගාවලිය නියෝජනය කරන කණ්‌ඩායම් සංචිත

වයඹ - මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, කුෂල් ජනිත් පෙරේරා, අකිල ධනංජය, කෞෂාල් වීරරත්න, ෂෙහාන් ජයසූරිය, සුරංග ලක්‌මාල්, මිලින්ද සිරිවර්ධන, චතුර කුමාර, නිමේෂ් පෙරේරා, චමින්ද වාස්‌, අලංකාර අසංක, දසුන් ෂානක, මාලිංග පුෂ්පකුමාර, දිලේෂ් ගුණරත්න

විදෙෂ් ක්‍රීඩකයන් - අසාර් මහමුද්, උමාර් අක්‌මාල්, තමීම් ඉක්‌බාල්, කොලින් ඉන්ග්රාම්, කෙමාර් රොච්, ඡේම්ස්‌ ෆුල්ක්‌නර්, අබ්දුල් රසාක්‌, බ්‍රැඩ් හොග්

කඳුරට - කුමාර් සංගක්‌කාර, තිසර පෙරේරා, තිලාන් සමරවීර, කෝසල කුලසේකර, කිත්රුවන් විතානගේ, කෞෂාල් ලොකුආරච්චි, ජීවන්ත කුලතුංග , මලින්ද වර්ණපුර, චානක වෙලගෙදර, සනත් ජයසූරිය, දිල්හාර ලොකුහෙට්‌ටිගේ, තරංග පරණවිතාන, රොමේෂ් බුද්ධික, චින්තක පෙරේරා, කෞෂාල් සිල්වා, නිරෝෂන් දික්‌වැල්ල,

විදෙස්‌ ක්‍රීඩකයන් - සයිඩ් අඡ්මාල්, මිස්‌බා උල් හක්‌, ෂොහිල් ටන්විර්, ක්‍රිස්‌ ලයන්, ඩැනී විලස්‌, ඇල්බි මෝර්කල්, ජොහාන් බෝතා, ඇඩම් වොග්ස්‌

පුහුණුකරු -

රුහුණ - ලසිත් මාලිංග, චාමර සිල්වා, ප්‍රසන්න ජයවර්ධන, දිල්රුවන් පෙරේරා, රමිත් රඹුක්‌වැල්ල, තරංග ලක්‌ෂිත, ගිහාන් රූපසිංහ, ෂාලූක කරුණානායක, දෙනුවන් රාජකරුණා, මාලිංග බණ්‌ඩාර, කසුන් මධුෂංක, ධනංජ ද සිල්වා, ෂානුක දිසානායක, ගයාන් විඡේකෝන්, චමින්ද විදානපතිරණ

විදෙස්‌ ක්‍රීඩකයන් - ෂහිඩ් අෆaරිඩි, ඩැනියෙල් හැරිස්‌, රයන් හැරිස්‌, එරෝන් ෆර්න්ච්, ජෙරොම් ටේලර්, නෙදන් මැකලම්, රයන් මැක්‌ලරන්, රිචඩ් ලිවී

ඌව - සචිත්‍ර සේනානායක, තිළිණ කණ්‌ඩම්බි, උපුල් තරංග, දිල්ෂාන් මුණවීර, දිල්හාර ප්‍රනාන්දු, භානුක රාජපක්‌ෂ, චින්තක ජයසිංහ, සමීර සොයිසා, සීකුගේ ප්‍රසන්න, අශාන් ප්‍රියංජන, විශ්ව ප්‍රනාන්දු, ලහිරු මධුෂංක, අකිල ඉෂංක, දිනේෂ් දර්ෂප්‍රිය, සාලිය සමන්, අශේන් සිල්වා

විදෙස්‌ ක්‍රීඩකයන් - ක්‍රිස්‌ ගේල්, ඇන්ඩෘ මැක්‌ඩොලඩ්, උමාර් ගුල්, ෂොයිබ් මලික්‌, කැලූම් ෆර්ගියුසන්, ඡේම්ස්‌ ෆ්‍රැන්ක්‌ලීන්, අබ්දුර් රෙහෙමාන්, හමීඩ් අසාම්

බස්‌නාහිර - තිලකරත්න ඩිල්ෂාන්, ජීවන් මෙන්ඩිස්‌, රංගන හේරත්, ඉන්දික ද සේරම්, දනුෂ්ක ගුණතිලක, ධම්මික ප්‍රසාද්, ළහිරු ජයරත්න, රුෂාන් ජලීල්, සචිත්‍ර සේරසිංහ, නුවන් ප්‍රදීප්, දිමුත් කරුණාරත්න, අමල් ඇතුලත්මුදලි, සංජය ගංගොඩවිල, නදීර නාවල, තිලාන් තුෂාර, ඉෂාර අමරසිංහ

විදෙස්‌ ක්‍රීඩකයන් - බ්‍රැඩ් හොග්, මාලන් සැමුවෙල්, ඩැනියල් ස්‌මිත්, ඩර්ක්‌ නනීස්‌, රොබින් පීටර්සන්, ටිම් සවුති, ක්‌ලින්ට්‌ මැකේ, කැමරන් බ්‍රොග්ස්‌

උතුර - මුත්තයියා මුරලිදරන්, චාමර කපුගෙදර, ජෙහාන් මුබාරක්‌, ෆර්වීස්‌ මහරුප්, ජනක ගුණරත්න, නිලංක ප්‍රේමරත්න, මහේල උඩවත්ත, චතුර පීරිස්‌, අකලංක ගනේගම, රොෂේන් සිල්වා, පී කෞෂල්‍ය, සඳුන් වීරක්‌කොඩි, මදුර ලක්‌මාල්, සොහාන් බොරලැස්‌ස, යොහාන්ද සිල්වා, මදුෂංක ඒකනායක

විදෙස්‌ ක්‍රීඩකයන් - ෂකීබ් අල් හසන්, බ්‍රෙන්ඩන් ටේලර්, කෙවන් කෝපර්, ඉම්රාන් පර්හත්, ෆsඩෙල් එඩ්වර්ඩ්, ඩේවිඩ් මිලර්, ඩිලන් දූ ප්‍රිස්‌, සැමුවෙල් බද්ද්‍රි

නැගෙනහිර - ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, ඇන්ජලෝ පෙරේරා, අජන්ත මෙන්ඩිස්‌, ටී. එම්. සම්පත්, සචිත් පතිරණ, සුරාඡ් රන්දිව්, ගයාන් මනීෂාන්, චමීර දුෂ්මන්ත, ෂමින්ද එරංග, උදාර ජයසුන්දර, කණිෂ්ක ඇල්විටිගල, සජීව වීරකෝන්, ඇන්ඩී සොලමන්, ඉෂාන් ජයරත්න, චරිත් සිල්වෙස්‌ටර්

විදෙස්‌ ක්‍රීඩකයන් - මිචෙල් මාර්ෂ්, ඉම්රාන් නසීර්, ටේ්‍රවිස්‌ බර්ට්‌, අහමඩ් ෂිහිශැඩ්, බෙන් ලගුලින්, එලිස්‌ සනී, මුස්‌ෆාකාර් රහීම්, නසීර් හොසේන්

1 comment:

කියන්න, බනින්න, ඔබේ අදහස්