Wednesday, November 28, 2012

මොනරාගලට නැවතත් රතු වැස්සක්

මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් තෙනගල්ලන්ද ප්‍රදේශයට පෙරේදා (26 දා) පස්‌වරු 5.00 ට පමණ ඇදහැළුණු වර්ෂාවෙන් විනාඩි 15 ක්‌ පමණ රතු වැස්‌සක්‌ ඇති වී ඇත.

මෙම වර්ෂාව ඇතිවී ඇත්තේ තෙනගල්ලන්ද, බෝහිටිය, ඉත්තෑකටුව පහතආරාව ආදී ප්‍රදේශවලටයි. වැඩිහිටියන් පවසනුයේ මෙවැනි රතු වැස්‌සක්‌ ඇතිවූ මුල්ම අවස්‌ථාව මෙය බවයි.

මේ වන විට රතු වැසි කීපයක්‌ම මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ සෙවනගල, හඳපානාගල සහ බිබිල ප්‍රදේශයේ පදියතලාව ආසන්නයේ මීට පෙර වාර්තා වී ඇති බව මොනරාගල දිස්‌ත්‍රික්‌ භාර ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‌ෂ රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා පවසයි.

මේ අතර මහ වැස්‌සත් සමග ආණමඩුව ප්‍රදේශයටද පෙරේදා (26 දා) සවස 4.00 ට පමණ රතු වැස්‌සක්‌ වැටී තිබේ.

ප්‍රදේශයේ නිවෙස්‌ කීපයක එළියේ තිබූ භාජනවලද, වළවල්වලද තිබූ ජලය රත් පැහැයෙන් යුක්‌ත විය.

එක්‌කාසු කරගත් ජල සාම්පලයක්‌ ආණමඩුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ආර්. ඒ. ඩේමියන් ද සිල්වා මහතාට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී පැවසුවේ මේ ප්‍රදේශයේ ස්‌ථාන කීපයකින් රතු පැහැ ජල වැස්‌සක්‌ වැටී ඇති බවට කීප දෙනකු ප්‍රකාශ කළ බවයි. මෙසේ සිදුවන්නේ රතු ඇල්ගී හෝ දූවිලි වළාකුළු නිසා බවද ඒ මහතා කීය.
 

Tuesday, November 27, 2012

ඇන්රොයිඩ් ඇප්ස් 2 කොටස







ඔබේ smart phone එකේ තියෙන ඇප්ස් (applications) වල තියෙන කරදරකාරි google ads ඔබට මතක ඇති .ads  ඉවත් කිරිමට හා සමහර applications වල තිබෙන license verification ඉවත් කිරිම වැනි තවත් බොහෝ දේ කල හැකිය. හැබැයි phone එක root  කරලා තියෙන්න ඔනේ.





                                                            මෙන්න video link එක 


                                                
                                              lucky patcher download link