Saturday, November 17, 2012

රතු වැසි ඊයේ (16 වැනිදා) පදියතලාව ප්‍රදේශයට

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැළුණු රතු වැස්‌සට අදාළ වැසි ජල සාම්පල පරීක්‍ෂාවට ලක්‌ කළ වෛද්‍ය පර්යේෂණ ආයතනය එම වැසි ජලයෙහි ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයක්‌ ඇති බවට අනාවරණය කර ගෙන ඇත.

මෙම ජීවී විශේෂය ආලෝකයට විවෘත කළ විට අක්‍රීයව සිටින බවත්, ජලය තුළදී ක්‍රියාකාරීව සිටින බවත් හඳුනාගෙන තිබේ.

අදාළ ජීවී විශේෂය සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම සඳහා රතු වැසි ජල සාම්පල නැනෝ තාක්‍ෂණ ආයතනයට සහ ජාතික තාක්‍ෂණ ආයතනය වෙත යොමු කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

එහිදී ක්‍ෂුද්‍ර ජීව විද්‍යාත්මක පරීක්‍ෂණයක්‌ සිදු කර මෙම ජීවී විශේෂය පෘථිවියට ආවේණික වූවන් ද එසේත් නැත්නම් පිටසක්‌වල ජීවී විශේෂයක්‌ද කියා නිශ්චිතවම අනාවරණය කර ගත හැකි බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රතු වැසි ඊයේ (16 වැනිදා) පදියතලාව ප්‍රදේශයට ද ඇද හැලී ඇත. ඉකුත් 14 වැනිදා සහ 15 වැනිදා යන දිනයන්හිදී මෙම රතු වැසි සෙවනගල, මනම්පිටිය, පොලොන්නරුව, මොනරාගල, අම්පාර ප්‍රදේශවලට ද ඇදහැලුණි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්