Wednesday, August 29, 2012

ටෙස්ට්, එක්දින හා 20 යි 20 තරගවල පළමුතැනට දකුණු අපි‍්‍රකාව.

දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායම එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. එංගලන්තය සමග ඊයේ පැවති එක්දින තරගය ලකුණු 80 කින් ජයග‍්‍රහණය කිරීමත් සමගයි මෙලෙස එක්දින ශ්‍රේණිගත කිරීම්වල දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රථම ස්ථානයට පත්වූයේ. මීට දින කිහිපයකට පෙර 20 යි 20 තරගවලද සහ ටෙස්ට් තරග ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රථම ස්ථානයට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පැමිණ ඇති බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය නිවේදනය කළා. ජාත්‍යන්තර කි‍්‍රකට් කණ්ඩායමක් ප‍්‍රථම වතාවටයි මෙලෙස, ටෙස්ට්, එක්දින සහ 20 යි 20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ ඇත්තේ

පන්දුව දමා ගසන බවට සැක සහිත ක‍්‍රීඩකයින් පරීක්ෂා කිරීම සඳහා නව මෙවලමක්

කි‍්‍රකට් ක‍්‍රීඩාවේ පන්දුව දමා ගසන බවට සැක සහිත ක‍්‍රීඩකයින් පරීක්ෂා කිරීම සඳහා නව මෙවලමක් සංවර්ධනය කිරීමට අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලනය ඩොලර් පන්ලක්ෂයක මුදලක් ආයෝජනය කර තිබෙනවා. එම මුදල ලබාදී ඇත්තේ ක‍්‍රීඩකයන්ගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබද පරීක්ෂා කිරීමේ විශේෂඥ දැනුම සහිත  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩා විද්‍යා ආයතනයටයි. මීට පෙර අනුගමනය කළ ක‍්‍රමවේදය වූයේ ඉරියව්ව සැක සහිත පන්දු යවන්නන් පිළිබදව විනිසුරුවන් විසින් ජාත්‍යන්තර සම්මේලනය වෙත පැමිණිලි කිරීමයි. ඉන් පසුව එම ක‍්‍රීඩකයන් පර්යේෂණාගාරවලදී පරීක්ෂාවට භාජනය කෙරෙනවා. නව මෙවලම සංවර්ධනය කිරීමෙන් පසු එය පැළදීමෙන් සජීවි ලෙසම පන්දු යවන්නන්ගේ ඉරියව් විනිශ්චය කිරීමට හැකියාවක් ලැබෙනු ඇති. ලොව වැඩිම ටෙස්ට් කඩුලූලාභියා වූ ශ‍්‍රී ලංකා පිළේ හිටපු සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ද කිහිප විටක්ම පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල වුණා. එහෙත් පරීක්ෂණාගාර පරීක්ෂණවලින් පසු මුරලිගේ ඉරියව්ව නීති්‍යානුකූල බව නිගමනය කෙරුණා. පන්දු යවන්නන් වැලමිටෙන් අංශ 15ක ආනතියක් සහිතව පන්දුව එල්ල කිරීම නීත්‍යානුකූල බව තීරණය කෙරුණේ ඉන් අනතුරුවයි.

ඌව නෙක්ස්ට් අවසන් මහ තරගයට


ඌව නෙක්ස්ට් ක‍්‍රීඩකයෝ එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (28) රාත‍්‍රි පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල ලකුණු 20 කින් මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල පරාජය කළේය.
ලකුණු 27 කට කඩුලූ 7 ක් බිද වැටී සිටි වයඹ පිලේ අටවැනි කඩුල්ල වෙනුවෙන් අෂාර් මහ්මුඞ් සහ ඉසුරු උදාන පන්දු 80 කදී ලකුණු 120 ක වේගවත් සම්බන්ධතාවක් පැවැත්වූහ.
ඌව නෙක්ස්ට් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 171 (ඩිල්ෂාන් මුණවීර 23, තිළිණ කණ්ඩම්බි 29, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 50, ජේකබ්  ඕරම් 41, අබ්දුල් රසාක් 17/2)
වයඹ පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 151 (තමීම් ඉක්බාල් 11, අෂාර් මහ්මුඞ් නොදැවී 75, ඉසුරු උදාන 42, ජේකබ්  ඕරම් 16/3, සචිත‍්‍ර සේනානායක 38/2, උමාර් ගුල් 18/2)

Friday, August 24, 2012

2012 විස්සයි - 20 ලෝක කුසලානරී ලංකා සංචිතයට SLPL වලින් අකිල ධනංජය සහ ඩිල්ෂාන් මුණවීර නම් කරයි





ලබන මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට යොවුන් ක්‍රීඩකයන් වන අකිල ධනංජය සහ ඩිල්ෂාන් මුණවීර නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.



දැන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේදී පන්දු යවන්නකු ලෙස දැක්‌වූ විශිෂ්ඨ දක්‍ෂතා හේතුවෙන් අකිල ධනංජය ශ්‍රී ලංකා සංචිතයට එක්‌ කර තිබේ. දකුණතින් පිට දඟ පන්දු යවන අකිල එස්‌.එල්.පී.එල්. තරගාවලියේ තරග හතරකදී කඩුලු 7 ක්‌ දවා ගෙන ඇති අතර එහිදී පන්දුවාරයකට ලබා දී ඇති දළ ලකුණු ප්‍රමාණය 4.81 ක්‌ ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකා ජාතික සංචිතයකට වරම් ලැබූ 18 හැවිරිදි අකිල ධනංජය පානදුර මහානාම විදුහලේ ඉගෙනුම ලබන අතර මෑත භාගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට අඩුම වයසකදී එක්‌වූ ක්‍රීඩකයා වන්නේද මොහුය. එස්‌.එල්.පී.එල්. තරගාවලියේදී වයඹ කණ්‌ඩායම නියෝජනය කරන අකිල පිළිබඳව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක මහේල ජයවර්ධන පවසා සිටියේ ඔහු අනාගතයේදී දක්‍ෂ ක්‍රීඩකයකු වන බවයි.

මීට අමතරව ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට පළමු වරට එක්‌වූ ඩිල්ෂාන් මුණවීර ආරම්භක පිතිකරුවකු වන අතර ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස නම් දරා සිටියි. පළමු පෙළ 20-20 තරග 15 කට ක්‍රීඩා කර ඇති ඩිල්ෂාන් මුණවීර අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 349 ක්‌ ලබා ඇති අතර එහි ප්‍රහාරාත්මක වේගය 122.88 ක්‌ ලෙස සටහන් වේ. මෙවර එස්‌.එල්.පී.එල්. තරගාවලියේදී ඌව කණ්‌ඩායම නියෝජනය කරමින් තරග හතරකදී ලකුණු 100 ක්‌ ලබා ගැනීමට 23 හැවිරිදි ඩිල්ෂාන් මුණවීර සමත්ව තිබේ.

තුනටිය ආශ්‍රිතව ආබාදයක්‌ හේතුවෙන් ඉකුත් ජනවාරි මස සිට ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්ව සිටි අජන්ත මෙන්ඩිස්‌ නම් කරන ලද ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව ඇත. මීට අමතරව ෂමින්ද එරංග සහ ආබාධය සුව වීමෙන් පසු නුවන් කුලසේකරද ශ්‍රී ලංකා සංචිතයට එක්‌ව තිබේ.

20-20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය

මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස්‌ (උප නායක), කුමාර් සංගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්‌, ඩිල්ෂාන් මුණවීර, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ෂමින්ද එරංග, අකිල ධනංජය

Thursday, August 23, 2012

2012 විස්සයි - 20 ලෝක කුසලාන එංගලන්ත සංචිතයෙන් පීටර්සන් ඉවතට


එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවන එංගලන්ත කණ්ඩායමෙන් මැද පෙළ පිතිකරු කෙවින් පීටර්සන් ඉවත් කිරීමට එංගලන්ත කි‍්‍රකට් බලධාරීහු ඊයේ පියවර ගත්හ.
බටහිර ඉන්දීය දූපත් සමූහයේදී අවසන් වරට පැවැති විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය කුසලාන දිනාගත් අතර එවර තරගාවලියේ වීරයා වූයේද පීටර්සන්ය. එංගලන්තය දිනාගත් ලෝක මට්ටමේ එකම කුසලානය වන්නේද 2010 විස්සයි - 20 ලෝක කුසලානයයි.
ජූලි මස මුල් සතියේදී එක්දින සහ විස්සයි - 20 කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට පීටර්සන් තීරණය කළ අතර විස්සයි - 20 අන්තර්ජාතික තරග සඳහා ඉදිරිපත් වීමට ඔහුගේ බලාපොරොත්තුවක් තිබුණ නමුත් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය ඊට එක`ග නොවීය.
එංගලන්ත නායකයා සහ කණ්ඩායම විවේචනය කරමින් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන්ට කෙටි පණිවුඩ යැවීම නිසා එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගය ද පීටර්සන්ට අහිමිවිය.
එංගලන්ත විස්සයි - 20 ක‍්‍රිකට් සංචිතය:
ස්ටුවට් බ්‍රෝඞ් (නායක), ජෝනි බෙයාර්ස්ටෝව්, රවී බොපරා, ටිම් බ්‍රෙස්නන්, ඩැනී බි‍්‍රග්ස්, ජොස් බට්ලර්, ජේඞ් ඩ‍්‍රැන්බච්, ස්ටීවන් ෆින්, ඇලෙක්ස් හේල්ස්, ක්‍රෙග් ක‍්‍රිස්වටර්, මයිකල් ලැම්බ්, ඉවෙන් මෝගන්, ස්මිත් පටෙල්, ගේ‍්‍රම් ස්වොන් සහ ලූක් රයිට්.

Wednesday, August 22, 2012

ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්‌ථානය දකුණු අප්‍රිකාවට එංගලන්තය පසු බසියි

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ එංගලන්තය අතර ලෝඩ්ස්‌ පිටියේ පැවැති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් ලකුණු 51 ක ජයක්‌ අත්කර ගත් දකුණු අප්‍රිකානු කණ්‌ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර ටෙස්‌ට්‌ තරගාවලිය 2-0 ක්‌ ලෙස ජයග්‍රාහීව අවසන් කිරීමට පෙරේදා (20 දා) සමත්විය.

මෙම තරගාවලියේ ජය හිමිවීමත් සමග ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්‌ථානය දක්‌වා පැමිණීමට දකුණු අප්‍රිකාවට හැකිවිය. දෙරට අතර තරගාවලිය ආරම්භවීමට පෙර මෙහි පළමු ස්‌ථානයේ පසුවූ එංගලන්තය ලත් අදාළ තරගාවලි පරාජයත් සමග ඔවුන් මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්‌ථානය දක්‌වා පහත බැස සිටියි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 346 ක්‌ එංගලන්ත කණ්‌ඩායම හමුවේ තැබුවද පස්‌වැනි දිනයේ තේ පානයෙන් පසුව දකුණු අප්‍රිකානු නායකයා නව පන්දුව ලබා ගැනීමත් සමග එංගලන්ත ඉනිම ලකුණු 294 කට සීමා වූවේය.

මෙහිදී දකුණු අප්‍රිකානු ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පන්දු යෑවීමක නිරත වූ වර්නන් පිලෙන්දර් ලකුණු 30 ක්‌ තුළදී එංගලන්ත පිතිකරුවන් 5 දෙනෙකු දවා ගැනීමට සමත්වූවේය. දකුණු අප්‍රිකානු ප්‍රබල පන්දු යෑවීම හමුවේ එංගලන්ත පිතිකරුවන් තිදෙනකු පමණක්‌ අර්ධ ශතක ඉක්‌මවා ලකුණු රැස්‌ කර ගැනීමට සමත්වූ අතර ට්‍රොට්‌ (63), ප්‍රයර් (73) සහ බාරිස්‌ටු (54) එම පිතිකරුවන් වූහ.

ලකුණු සාරාංශය - දකුණු අප්‍රිකාව පළමු ඉනිම 309 යි සහ දෙවැනි ඉනිම 351 යි (අම්ලා 121, කලිස්‌ 31, ඩිවිලියර්ස්‌ 43, පිලෙන්දර් 35, රිµන් 74/4, ස්‌වෝන් 94/2, බ්‍රොඩ් 85/2, ඇන්ඩර්සන් 73/2)

එංගලන්තය පළමු ඉනිම 315 යි සහ දෙවැනි ඉනිම 294 යි(ට්‍රොට්‌ 63, බැරිස්‌ටු 54, ප්‍රයර් 73. බ්‍රොaඩ් 37, ස්‌වෝන් 41, පිලෙන්දර් 30/5)

නවතම ශ්‍රේණිගත කිරිම
 

Wednesday, August 15, 2012

වැටුප් විෂමතා ඉවත් නොකරන්නේ නම් තෙවැනි පාසල් වාරයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගක

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළුව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්‌ නොලැබෙන්නේ නම් තෙවැනි පාසල් වාරයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ගුරු හා විදුහල්පති සංගම් නවයක නියෝජිතයෝ තීරණය කර සිටිති.

ලංකා ගුරු සංගමය, සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය, සමස්‌ත ලංකා ජාතික අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රෝණිධාරී විදුහල්පති සංගමය, ස්‌වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය හා ජාතික විදුහල්පති සංගමය ඇතුළු වෘත්තීය සංගම් නවයක්‌ විසින් ඉල්ලීම් 13 ක්‌ අමාත්‍යාංශයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස්‌ කරන ලද අතුරු වැටුප් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම, ගුරු හා විදුහල්පති සේවා ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් සමග සාකච්ඡා කිරීම ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඇතුළුව අමාත්‍යාංශයට ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳ මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැතැයි කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සංගම් නියෝජිතයෝ ඊයේ (14 වැනිදා) පැවසූහ.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් තවදුරටත් අමාත්‍යාංශය නිහඬව සිටින්නේ නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට හානියක්‌ නොවන අයුරින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවද ඔවුහු කීය.

Thursday, August 9, 2012

හෙට විදුලිය කැපෙන හැටි

දිවයිනේ ප්‍රධාන නගර 58 ක සහ ඒ ආශ්‍රිත ගම්මාන වල හෙට(09) පැය 2 යි මිනිත්තු 15 ක කාලයකට විදුලිය සැපයුම බිඳවැටෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී නිවේදනය මෙන්ම විදුලිය බිඳවැටෙන ප්‍රදේශ පහත පරිදිය.

අද උදෑසන ලක්විජය බලාගාරයේ සිට වේයන්ගොඩ දක්වා දිවෙන ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත වී ඇත. මේ තත්ත්වය හේතුවෙන් බලාගාරයේ සියලු අංශ ක්‍රියාවිරහිත කිරීමට සිදුවූ බව බලාගාර පාලනාධිකාරිය අවධාරණය කරයි. එම තීරණය ගනු ලැබුවේ පූර්ව ආරකෂණ ක්‍රියාමාර්ගයක් ලෙස යැයි බලාගාර ඉංජිනේරුවන් පෙන්වා දෙයි.

මේ තත්ත්වය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අද උදෑසන සිට අහිමිවී ඇත. සම්ප්‍රේෂණ මාර්ගය සහ බලාගාරයේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා විශේෂ ඉංජිනේරු කණ්ඩායමක් මේ වනවිට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය සඳහන් කරයි. මේ හේතුවෙන් හෙට (09) ක්‍රියාත්මක බිඳවැටුම් ලේඛනය මෙසේය.



01.කාණ්ඩ 01 යටතේ උදෑසන 8.30 - පෙ.ව. 10.45 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නොච්චියාගම, තන්තිරිමලේ, කරුවලගස්වැව, යාපනය හන්දිය, මාතලේ හන්දිය, හබරණ ප්‍රදේශයේ මින්නේරිය, තිරප්පනේ, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ මන්නාරම් දූපත, මාන්තේ බටහිර, කිලිනොච්චි, මුලතිවු, ඕමන්තේ, පලයි, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව සිට යාන්ගල්මෝදර, වලකුඹුර, පන්නල ප්‍රදේශයේ කුලියාපිටිය, මාවතගම, දන්කොටුව, කිරිමැටියාන, පුත්තලම ප්‍රදේශයේ මදුරන්කුලිය, නිකවැරටිය, ආනමඩුව, කුරුණෑගල ප්‍රදේශයේ රිදීගම නගරය, ගොකරැල්ල නගරය, මැල්සිරිපුර, හලාව, මාදම්පේ, පනාවල, ලේනව, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ ගම්පොල,ගලගෙදර, හතරලියද්ද, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, උකුවෙල ප්‍රදේශයේ පොල්ගොල්ල, උඩුදුම්බර, හසලක, තුල්හිරිය ප්‍රදේශයේ මිරිගම, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ සමන්තුරෙයි, කල්මුනේ, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ චීන වරාය, කින්නියා, කන්තලේ, බස්නාහිර පළාත (උතුර) - කිරිල්ලවල, මහර හන්දිය, කඩවත නගරය, ගනේමුල්ල, ගම්පහ, බියගම ප්‍රදේශයේ ඉඹුල්ගොඩ, ගලහිටියාව. සියඹලාපේ, පෑලියගොඩ, මරදාන, උස්වැටකෙයියාව, කෙරවලපිටිය, කටුනායක ප්‍රදේශයේ නයිකන්ද, ආඬිඅම්බලම, හීනටියාන, කැළණිය ප්‍රදේශයේ දළුගම, කැළණිය, කොස්ගම ප්‍රදේශයේ පූගොඩ, කිරිඳිවැල, රදාවාන, වතුරුගම, මල්වාන, වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව, පස්යාල, වේයන්ගොඩ, බස්නාහිර පළාත (දකුණ ii ) - අතුරුගිරිය ප්‍රදේශයේ කඩුවෙල, මුල්ලේරියාව, අංගොඩ, කොස්ගම ප්‍රදේශයේ හංවැල්ල, ලබුගම, දුන්කලහේන, පන්නිපිටිය ප්‍රදේශයේ පැලැන්වත්ත, සිද්ධමුල්ල, මත්තේගොඩ, කොට්ටාව නගරය, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, අවිස්සාවේල්ල, පුවක්පිටිය, සබරගමුව පළාත - ඇඹිලිපිටිය ප්‍රදේශයේ වීරවිල නව නගරය, තණමල්විල, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, මහියංගනය, බිබිල, නුවරඑළිය ප්‍රදේශයේ නුවරඑළිය, රිකිල්ලගස්කඩ, හඟ=රන්කෙත, කඳපොල, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, රාගල, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ අම්බලන්ගොඩ නගරය, ගෝනාපීනූවල, හික්කඩුව නගරය, දෙණියාය ප්‍රදේශයේ මොරවක, පිටබැද්දර, හුලංදෑව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ ලූණුගම්වෙහෙර, තණමල්විල, කිරිඉබ්බන්වැව, ගාල්ල ප්‍රදේශයේ වඳුරඹ, තලාව, මාතර ප්‍රදේශයේ කනංකේ, කඹුරුගමුව, අකුරැස්ස, බස්නාහිර පළාත (දකුණ i) - මතුගම ප්‍රදේශයේ මීගස්පිටිය, මතුගම, කළුතර, අගලවත්ත, අලුත්ගම, බේරුවල නගරය, පානදුර ප්‍රදේශයේ පානදුර නගරය, පල්ලිමුල්ල, කෙසෙල්වත්ත, රත්මලාන ප්‍රදේශයේ බොරුපන, කඳවල,



01.කාණ්ඩ 02 යටතේ පෙ.ව. 10.45 - ප.ව. 1.00 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නාච්චදූව, තඹුත්තේගම නගරය, රාජාංගනය, හබරණ ප්‍රදේශයේ පොළොන්නරුව, කරුවෙල, මාදුරු ඔය, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා-මන්නාරම් මාර්ගයේ නෙල්ලූකුලම් දක්වා, චෙට්ටිකුලම්, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව, ගිරිඋල්ල, නාරන්ගමුව, සියඹලාවලාන, බෝලවත්ත ප්‍රදේශයේ බෝලවත්ත හන්දිය, පුත්තලම ප්‍රදේශයේ පලාවිය සිට පුත්තලම නගරය දක්වා, දළුව, කජුවත්ත, කුරුණෑගල ප්‍රදේශයේ මොරගොල්ල, මාස්පොත, දොළුකන්ද, හිරිපිටිය, යාපහුව, මධ්‍යම පළාත - කිරිිබත්කුඹුර ප්‍රදේශයේ පල්ලෙකැලේ, වික්ටෝරියා, තුල්හිරිය ප්‍රදේශයේ වාද්දෙණිය, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ නවගංගොඩ, පුදුකුඩුඉරිප්පු, කල්ලඩි, අම්පාර නගරය, ඉඟිනියාගල, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රිමා කර්මාන්ත ශාලාව, බස්නාහිර පළාත (උතුර) - බියගම ප්‍රදේශයේ හැඳල පාර, මරදාන, කැළණිය, කොටුගොඩ ප්‍රදේශයේ මිනුවන්ගොඩ නගරය, සපුගස්කන්ද ප්‍රදේශයේ පේරලන්ද, දළුපිටිය, රාගම, වේයන්ගොඩ ප්‍රදේශයේ දිවුලපිටිය නගරය, මරදගහමුල, වේයන්ගොඩ, ගොඩිගමුව, බස්නාහිර පළාත (දකුණ ii) - අතුරුගිරිය ප්‍රදේශයේ නවගමුව, අවිස්සාවේල්ල පාර, හොරණ ප්‍රදේශයේ බුලත්සිංහල, බෝතලේගම, කොස්ගම ප්‍රදේශයේ කොස්ගම නගරය, ගලගෙදර, පානදුර ප්‍රදේශයේ කිරිබේරිය, බණ්ඩාරගම නගරය, පමුණුගම, පන්නිපිටිය ප්‍රදේශයේ මහරගම, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, ඇල්ල, වැල්ලවාය, පස්සර, මොණරාගල, බිබිල, බුත්තල, නුවරඑළිය ප්‍රදේශයේ ලිඳුල, තලවකැලේ, ආගරපතන, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ නාගොඩ, ගොඩදෙණිය, දෙණියාය ප්‍රදේශයේ කෙටවල, අලකොලදෙණිය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදලංගල රෝහල, බරවාකුඹුර නෝනාගම, ගාල්ල ප්‍රදේශයේ හල්ගස්මුල්ල, වල්පොල, වක්වැල්ල, වටරැක, බූස්ස, මාතර ප්‍රදේශයේ වැලිගම නගරය, මිරිස්ස, තෙලිජ්ජවිල, බස්නාහිර පළාත (දකුණ ෂ) - දෙහිවල ප්‍රදේශයේ දෙහිවල නගරය, ගල්කිස්ස, මතුගම ප්‍රදේශයේ දොඩන්ගොඩ, නෑබඩ, පානදුර ප්‍රදේශයේ වාද්දුව සිට වස්කඩුව, කළුතර නගරය, රත්මලාන ප්‍රදේශයේ පිළියන්දල සිට මොරටු පාර, ඇරැව්වල, බෝකුන්දර, වේරහැර, කටුවාවල



03.කාණ්ඩ 03 යටතේ ප.ව. 1.00 - ප.ව. 3.15 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නව නගරය , මිහින්තලේ, හොරොව්පතාන, හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, දියසේනපුර, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා නගරය, හොරොව්පතාන පාර, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ නාරම්මල නගරය, කටුගම්පොල, පන්නල ප්‍රදේශයේ මාකඳුුර සිට සිංගක්කුලිය, බෝලවත්ත ප්‍රදේශයේ නාත්තන්ඩිය සිට උඩුබද්දාව, නාත්තන්ඩිය නගරය, පුත්තලම ප්‍රදේශයේ කල්ලඩිය, වෙප්පමඩු, කුරුණෑගල ප්‍රදේශයේ තිස්සවැව, වාරියපොල නගරය, රඹාවැව නගරය, හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ආඬියාගම, විල්පොත, මනුවන්ගමුව, මධ්‍යම පළාත - කිරිිබත්කුඹුර ප්‍රදේශයේ පේරාදෙණිය, ගෙලිඔය, ගලහ, උකුවෙල ප්‍රදේශයේ කටුගස්තොට නගරය, අකුරණ, අඹතැන්න, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අම්පාර, උහන, මහඔය, පදියතලාව, කරතිවු, හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, අඹගස්වැව, රන්ටැඹේ ප්‍රදේශයේ යකඩපාලම, දෙහිඅත්තණ්ඩිය, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිලාවැලි, කුච්චවේලි, කුඹුරුපිටිය, මොරවැව, මහදිවුල්වැව, අනුරාධපුර හන්දිය, වාලච්චේන ප්‍රදේශයේ වවුනතිවු, මඩකලපුව නගරය, කල්ලඩි, බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ මරදගහමුල, දිවුලපිටිය, බියගම ප්‍රදේශයේ සියඹලාපේ, නාරගල, කොස්ගම ප්‍රදේශයේ කිරිඳිවැල සිට පැපිලියාවල, උඩගම, කොටුගොඩ ප්‍රදේශයේ සීදූව කොටුගොඩ ප්‍රධාන පාර, ඒකල, සපුගස්කන්ද ප්‍රදේශයේ සපුගස්කන්ද පෙට්‍රෝලියම්, අංගොඩ, තලංගම, කොස්වත්ත, වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව නගරය, යක්කල, තිහාරිය, වතුපිටිවල, බස්නාහිර පළාත (දකුණ ii) - අතුරුගිරිය ප්‍රදේශයේ මාලඹේ පාර, අතුරුගිරිය, මිලේනියම් සිටි, අරංගල, හොරණ ප්‍රදේශයේ ගුරුගොඩ, පොකුණුවිට, පානදුර ප්‍රදේශයේ මෙරෙන්තුඩුව, මිල්ලනිය, පන්නිපිටිය ප්‍රදේශයේ තලවතුගොඩ, දෙපානම, හෝකන්දර, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල නගරය, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බණ්ඩාරවෙල, නුවරඑළිය ප්‍රදේශයේ වැලිමඩ, බොරලන්ද, උඩපුස්සැල්ලාව, රන්ටැඹේ ප්‍රදේශයේ ගිරාදුරුකෝට්ටේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඛෙන්තොට, ඉඳුරුව, දෙණියාය ප්‍රදේශයේ දෙණියාය, පල්ලෙගම, කොටපොල, ඌරුබොක්ක, ඇඹිලිපිටිය ප්‍රදේශයේ නෝනාගම, ලූනාව, රන්න, ගාල්ල ප්‍රදේශයේ යක්කලමුල්ල, කරගොඩ, මාතර ප්‍රදේශයේ මාලිම්බඩ, කිරින්ද, බස්නාහිර පළාත (දකුණ i) - මතුගම ප්‍රදේශයේ අගලවත්ත, බදුරලිය, පයාගල, පානදුර ප්‍රදේශයේ මාවිත්තර, කැස්බෑව, පිළියන්දල, කහතුඩුව, රත්මලාන ප්‍රදේශයේ කටුබැද්ද, තෙලවල, මෝල්පේ



04.කාණ්ඩ 04 යටතේ ප.ව. 3.15 - ප.ව. 5.30 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, එප්පාවල, බුල්නෑව, හබරණ ප්‍රදේශයේ කැකිරාව, මඩාටුගම, කලවැව, වයඹ පළාත - පන්නල ප්‍රදේශයේ පන්නල නගරය, බෝපිටිය, නාරන්ගමුව, බෝලවත්ත ප්‍රදේශයේ කිරිමැටියාන හන්දිය, කුරුණෑගල ප්‍රදේශයේ මාවතගම නගරය, ඉබ්බාගමුව, හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ඉරනවිල, මුගුනුවටවන, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිළිමතලාව, කඩුගන්නාව, කඩුගන්නාව, තුල්හිරිය ප්‍රදේශයේ වරකාපොල, බෙලිගල, විමලසුරේන්ද්‍ර ප්‍රදේශයේ නාවලපිටිය නගරය, අඹගමුව නගරය, මාතලේ නගරය, පන්නිල නගරය, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අක්කරෙයිපත්තුව, පොතුවිල්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ත්‍රිකුණාමල නගරය, නාවික හමුදා මුලස්ථානය, වාලච්චේන ප්‍රදේශයේ රිදීතැන්න, ජයන්තියාය, කල්කුඩා, බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ වැලිගම්පිටිය සිට නිවන්දම, මාඑළිය සිට මැදැල්ලවිට, බියගම ප්‍රදේශයේ දෙකටන සිට දෙල්ගොඩ, වැලිවේරිය, ඉඹුලාගොඩ, බෝලවත්ත ප්‍රදේශයේ දිවුලපිටිය පාර, තිඹිීරිගස්කටුව, පිටිපන, තලාහේන, මීගමුව නගරය, කොටුගොඩ ප්‍රදේශයේ මහකඩේ හන්දිය, ඒකල ගුරුගෙවත්ත, නිවාසිපුර, මිලේනියම් සිටි, මිනුවන්ගොඩ පාර, සපුගස්කන්ද ප්‍රදේශයේ හෙයියන්තුඩුව, බටලන්ද, බස්නාහිර පළාත (දකුණ ii) - අතුරුගිරිය ප්‍රදේශයේ පරණ අතුරුගිරිය, මාකුඹුර සිට හෝමාගම නගරය, හොරණ ප්‍රදේශයේ හොරණ නගරය, මොරගහහේන, ගෝනපොල, කොස්ගම ප්‍රදේශයේ නවගමුව, ජල්තර, පන්නිපිටිය ප්‍රදේශයේ කටුවන, පිටිපන, ජම්බුගස්මුල්ල, දියගම, ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල, කොස්වත්ත, සබරගමුව පළාත - ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඹිලිපිටිය නගරය, සීතාවක ප්‍රදේශයේ කරවනැල්ල, යටියන්තොට, කොටියාකුඹුර, රුවන්වැල්ල, දැරණියගල, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ හාලිඇල, කන්දකැටිය, දෙමෝදර, නුවරඑළිය ප්‍රදේශයේ රම්බොඩ, පුස්සැල්ලාව, කොත්මලේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ අහුන්ගල්ල, කොස්ගොඩ, ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම, දෙණියාය ප්‍රදේශයේ නෙළුව, ඕපාත, ඇඹිලිපිටිය ප්‍රදේශයේ මිද්දෙණිය, මැදමුලන, වීරකැටිය, ගාල්ල ප්‍රදේශයේ හික්කඩුව, හම්බන්තොට ප්‍රදේශයේ කතරගම, තිස්ස, යාල, කිරින්ද, මාතර ප්‍රදේශයේ කුඩාවැල්ල, දික්වැල්ල, මතුගම ප්‍රදේශයේ මීගහතැන්න, ඛෙන්තර, ඇල්දූව, බස්නාහිර පළාත (දකුණ i) - දෙහිවල ප්‍රදේශයේ අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, මතුගම ප්‍රදේශයේ පැලවත්ත නගරය, නෙළුව පාර, පොල්ගම්පොල, පානදුර ප්‍රදේශයේ හිරණ, පොතුපිටිය, කළුතර හොරණ පාර, රත්මලාන ප්‍රදේශයේ ගල්කිස්ස, මොරටුව, අත්තිඩිය.

Saturday, August 4, 2012

යුද හමුදාවේ මංගල පසු බැස ක්‍රීඩා පරිපාලනයට 'වෙඩි තියයි'

ලන්ඩන් - 2012 ඔලිම්පික්‌ තරගාවලියේ ඉලක්‌කයට වෙඩි තැබීම ඉසව්වේ මීටර 50 'ප්‍රොaන්' පූර්ව ඉසව්වේ තරග කළ මංගල සමරකෝන් සමස්‌ත ලකුණු 600 න් 585 ක්‌ වාර්තා කරමින් අදාළ ඉදිරි ගමන් සඳහා අවස්‌ථාව අඩාල කර ගත්තේය.

ඔලිම්පික්‌ සහභාගීත්වය සඳහා ලකුනු 593 ක්‌ (කොළඹදී) ලබා සුදුසුකම් දිනා ගත් හෙතෙම ඊයේ තරගයේදී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව අනුව (585) එය ලකුණු 5 ක පසුබෑමක්‌ මෙන්ම ඉසව්වේ සංකීර්ණත්වය අනුව දැඩි ඇද වැටීමකි.

එංගලන්ත රාජකීය යුද හමුදා කාලතුවක්‌කු සේනා වෙඩි පිටියේ පැවැති මෙම පූර්ව තරගයේ ස්‌ථානඅංක 47 හි තරග කළ මංගල අදාළ වට හයේදී පිළිවෙලින් ලකුණු 96, 98, 100, 97, 97, 97 වශයෙන් ලකුණු ලබමින් අදාළ අවසන් ලකුණු සංඛ්‍යාව වාර්තා කරන ලදී.

ඉසව්වේ අනෙක්‌ දකුණු ආසියානු ක්‍රීඩකයන් දෙදෙනා වන ඉන්දියාවේ ගගන් නාරායන් ලකුණු 593 ක්‌ද, ජොයෙදීන් කර්මතාර් ලකුණු 595 ක්‌ද වාර්තා කළේය. ජොයෙදීන් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව ඔහුට අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට අවස්‌ථාව උදා කළේය.

තරගයේ අදාළ පළමු වටයේදී ලකුණු 600 න් 600 ම වාර්තා කළ බෙලාරුස්‌ හි සෙර්ජි මාටිනොµa එමගින් පවතින ඔලිම්පික්‌ වාර්තාවද (600 ජර්මනියේ ක්‍රිස්‌ටියන් කීල්ස්‌) සම කිරීමට සමත් විය. අවසන් වටයට සුදුසුකම් ලැබූ සෙසු ක්‍රීඩකයන් 7 දෙනාම ලකුණු 595 බැගින් වාර්තා කිරීම විශේෂ අවස්‌ථාවකි.

පූර්ව වටයේ පළමු ස්‌ථානය දිනු මාටිනොµa ඉසව්වේ ලොව අංක 1 ක්‍රීඩකයා වන අතර 2000 සිඩ්නි සහ 2004 ඇතැන්ස්‌ ඔලිම්පික්‌ තරගාවලිවල ලෝකඩ පදක්‌කම් ලාභියා වේ.

"මීටර 50 ප්‍රොaන් තරගය මගේ ප්‍රියතම ඉසව්වයි. තරගයේදී විශේෂ දස්‌කමක්‌ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ලන්ඩනයේදී හොඳ පුහුණුවක්‌ ලැබුවා. එකම ප්‍රශ්නය පුහුණුකරුවෙක්‌ නැති කමයි" යි තරගයට පෙර 'දිවයින' ට ප්‍රකාශ කළ මංගල ඊයේ තරගයේදී ලද පසුබෑමට ප්‍රධාන හේතුව තමාට පුහුණුකරුවකු නොමැතිවීම යෑයි අවධාරණයෙන්ම කියා සිටියේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් කෙනන් එබිමා මංගලගේ නිත්‍ය පුහුණුකරු වේ.

"මම මේ ඉසව්ව සඳහා ඉතා හොඳින් පුහුණු වුණා. කාලගුණික තත්ත්වය හැමෝටම බලපෑවා. සුළඟිනුත් බාධා වුනා. ඒ අවස්‌ථාවන් මම හිතින් හඳුනා ගත්තත් ඒවා සංඥ කරලා කියලා දෙන්නෙ පුහුණුකරුවායි. මට නොදැනෙන අඩුපාඩු කියලා දෙන්නෙත් පුහුණුකරුයි. අනෙක්‌ හැමෝටම ඒ වාසනාව තිබුණත් මට ලැබුණේ නැහැ. මේ මගේ පළමු වැනි ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල. ලැබූ අත්දැකීම් අප්‍රමාණයි. ලෝකෙ ඉන්න හොඳම වෙඩික්‌කරුවන් එක්‌කයි තරග කළේ. සංතෝෂයි. ඒත් හරිම කනගාටුයි පුහුණුකරුවෙක්‌ නොමැති වීම ගැන. මට විතරක්‌ නෙමෙයි. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කාටවත්ම පුහුණුකරුවෝ නැහැ. මගේ පුහුණුකරු ලන්ඩනයට එවන්න යුද හමුදාපතිතුමාත්, මැක්‌ස්‌වෙල් සිල්වා මහතාට (ඔලිම්පික්‌ ලේකම්) කථා කළා. එතකොට එයා යුද හමුදාපතිතුමාට කියලා තියෙනවා, "අපි ෂෙමාල්ව අරින්නය තීරණය කරලා තියෙන්නෙ." කියලා. මම දන්නෙ නැහැ ඔලිම්පික්‌ කමිටුවේ අභ්‍යන්තරයේ මොන ප්‍රශ්න තියෙනවද කියලා. කෙසේ වෙතත් යුද හමුදාව නැත්නම්, මම ඔලිම්පික්‌ නොවෙයි, කොහේ ඉඳියිද කියලා දන්නෙ නැහැ." යි ද පවසමින් මංගල සිය ඔලිම්පික්‌ තරග සංචාරය නිමා කළේය.

මේ අතර මෙම ඉසව්ව නැරඹීම සඳහා පැමිණ සිටි ශ්‍රී ලංකා ඔලිම්පික්‌ වෙඩික්‌කරුවකු වන ලකී රාජසිංහ තමාට මංගල පිළිබඳව නිල ප්‍රකාශයක්‌ කළ නොහැකි වුවද මංගලට මානසික ඒකාග්‍රතාව පිළිබඳව දැඩි පුහුණුවක්‌ ලබාදීම අත්‍යවශ්‍ය බව දක්‌නට තිබුණු බව පැවසීය.

"ඔහු හොඳ අනාගතයක්‌ ඇති ක්‍රීඩකයෙක්‌. මානසික පුහුණුවක්‌ ලබාදිය යුතුයි. එහෙත්, මෙවැනි අවස්‌ථාවලදී ඔහුගේ පුහුණුකරුවා සිටිය යුතුමයි.' යි ද හෙතෙම පැවසීය.

බාසිලෝනා ඔලිම්පික්‌ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ලකී රාජසිංහ මෙම ඉසව්ව නැරඹීම සඳහාම ඇමරිකාවේ කැලිෙµdaනියාවේ සිට පැමිණි අතර අද ඔහු ආපසු සිය ගම රට බලා යනු ඇත.

http://www.divaina.com/2012/08/04/sports01.html