Wednesday, August 22, 2012

ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්‌ථානය දකුණු අප්‍රිකාවට එංගලන්තය පසු බසියි

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ එංගලන්තය අතර ලෝඩ්ස්‌ පිටියේ පැවැති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් ලකුණු 51 ක ජයක්‌ අත්කර ගත් දකුණු අප්‍රිකානු කණ්‌ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර ටෙස්‌ට්‌ තරගාවලිය 2-0 ක්‌ ලෙස ජයග්‍රාහීව අවසන් කිරීමට පෙරේදා (20 දා) සමත්විය.

මෙම තරගාවලියේ ජය හිමිවීමත් සමග ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්‌ථානය දක්‌වා පැමිණීමට දකුණු අප්‍රිකාවට හැකිවිය. දෙරට අතර තරගාවලිය ආරම්භවීමට පෙර මෙහි පළමු ස්‌ථානයේ පසුවූ එංගලන්තය ලත් අදාළ තරගාවලි පරාජයත් සමග ඔවුන් මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්‌ථානය දක්‌වා පහත බැස සිටියි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 346 ක්‌ එංගලන්ත කණ්‌ඩායම හමුවේ තැබුවද පස්‌වැනි දිනයේ තේ පානයෙන් පසුව දකුණු අප්‍රිකානු නායකයා නව පන්දුව ලබා ගැනීමත් සමග එංගලන්ත ඉනිම ලකුණු 294 කට සීමා වූවේය.

මෙහිදී දකුණු අප්‍රිකානු ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පන්දු යෑවීමක නිරත වූ වර්නන් පිලෙන්දර් ලකුණු 30 ක්‌ තුළදී එංගලන්ත පිතිකරුවන් 5 දෙනෙකු දවා ගැනීමට සමත්වූවේය. දකුණු අප්‍රිකානු ප්‍රබල පන්දු යෑවීම හමුවේ එංගලන්ත පිතිකරුවන් තිදෙනකු පමණක්‌ අර්ධ ශතක ඉක්‌මවා ලකුණු රැස්‌ කර ගැනීමට සමත්වූ අතර ට්‍රොට්‌ (63), ප්‍රයර් (73) සහ බාරිස්‌ටු (54) එම පිතිකරුවන් වූහ.

ලකුණු සාරාංශය - දකුණු අප්‍රිකාව පළමු ඉනිම 309 යි සහ දෙවැනි ඉනිම 351 යි (අම්ලා 121, කලිස්‌ 31, ඩිවිලියර්ස්‌ 43, පිලෙන්දර් 35, රිµන් 74/4, ස්‌වෝන් 94/2, බ්‍රොඩ් 85/2, ඇන්ඩර්සන් 73/2)

එංගලන්තය පළමු ඉනිම 315 යි සහ දෙවැනි ඉනිම 294 යි(ට්‍රොට්‌ 63, බැරිස්‌ටු 54, ප්‍රයර් 73. බ්‍රොaඩ් 37, ස්‌වෝන් 41, පිලෙන්දර් 30/5)

නවතම ශ්‍රේණිගත කිරිම

 

1 comment:

  1. දක්ෂ කන්ඩායම් දෙකක් නේ....

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්