Wednesday, August 29, 2012

පන්දුව දමා ගසන බවට සැක සහිත ක‍්‍රීඩකයින් පරීක්ෂා කිරීම සඳහා නව මෙවලමක්

කි‍්‍රකට් ක‍්‍රීඩාවේ පන්දුව දමා ගසන බවට සැක සහිත ක‍්‍රීඩකයින් පරීක්ෂා කිරීම සඳහා නව මෙවලමක් සංවර්ධනය කිරීමට අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලනය ඩොලර් පන්ලක්ෂයක මුදලක් ආයෝජනය කර තිබෙනවා. එම මුදල ලබාදී ඇත්තේ ක‍්‍රීඩකයන්ගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබද පරීක්ෂා කිරීමේ විශේෂඥ දැනුම සහිත  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩා විද්‍යා ආයතනයටයි. මීට පෙර අනුගමනය කළ ක‍්‍රමවේදය වූයේ ඉරියව්ව සැක සහිත පන්දු යවන්නන් පිළිබදව විනිසුරුවන් විසින් ජාත්‍යන්තර සම්මේලනය වෙත පැමිණිලි කිරීමයි. ඉන් පසුව එම ක‍්‍රීඩකයන් පර්යේෂණාගාරවලදී පරීක්ෂාවට භාජනය කෙරෙනවා. නව මෙවලම සංවර්ධනය කිරීමෙන් පසු එය පැළදීමෙන් සජීවි ලෙසම පන්දු යවන්නන්ගේ ඉරියව් විනිශ්චය කිරීමට හැකියාවක් ලැබෙනු ඇති. ලොව වැඩිම ටෙස්ට් කඩුලූලාභියා වූ ශ‍්‍රී ලංකා පිළේ හිටපු සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ද කිහිප විටක්ම පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල වුණා. එහෙත් පරීක්ෂණාගාර පරීක්ෂණවලින් පසු මුරලිගේ ඉරියව්ව නීති්‍යානුකූල බව නිගමනය කෙරුණා. පන්දු යවන්නන් වැලමිටෙන් අංශ 15ක ආනතියක් සහිතව පන්දුව එල්ල කිරීම නීත්‍යානුකූල බව තීරණය කෙරුණේ ඉන් අනතුරුවයි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්