Monday, March 21, 2011

අර්ධ අවසන් පූර්ව වටයේදි ශ්‍රී ලංකාවට එංගන්තය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි හමුවෙයි

ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදි තරග වදින්නේ එංගලන්තය කණ්ඩායම සමගිනි.ඒ අද පැවති ඉන්දියා - බටහිර ඉන්දීය කොදෙව් තරගයෙන් ඉන්දියාව ජය ගැනීම හේතුවෙනි.

එංගලන්තය  තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට හැකි වුවොත් ශ්‍රී ලංකාවට  අවසන් පූර්ව තරග‍යේදී  දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර තරගය ජය ගන්නා කණ්ඩායම ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි ම ක්‍රීඩාකිරීමට හැකිවීම අපේ කණ්ඩායමට ඉතාමත් වාසිදායකය.

 තරග ප්‍රතිඵල වලට අනුව අර්ධ අවසන් පූර්ව වටයේදි තරග වදින කණ්ඩායම් නිල වශයෙන් ප්‍රකාශයට පත්විය.

"ඒ" කාණ්ඩයෙන් පෙරමුණ ගත් පාකිස්ථානය "බී" කාණ්ඩ‍‍යේ සිව්වැනි ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ලබන බදාදා මීර්පූර්හීදි තරග වදිනු ලැබේ.

ලබන බ්‍රහස්පතින්දා ලෝක ශූර ඔස්ට්‍රේලියා කණ්ඩායම අහමදාබාද්හීදී "බී" කාණ්ඩයේ දෙවනි ස්ථානයේ පසුවන ඉන්දියාව සමග තරග වදිනු ඇත.

නවසීලන්තය සහ "බී" කාණ්ඩයේ පෙරමුණ ගත් දකුණු අප්‍රිකාව අතර තරගය ලබන සිකුරාදා මීර්පූර්හීදි පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව "ඒ" කාණ්ඩයේ දෙවනි ස්ථානයේ පසුවන අතර ඔවුන්"බී" කාණ්ඩයේ තුන්වැන් ස්ථානයේ පසුවන එංගලන්තය සමග ලබන සෙනසුරාදා කොළඹ, ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි තරග වදිනු ලැබේ.
ලකුණු සටහන


1 comment:

  1. ඔයාට ඇඩ්සෙන්ස් අකව්න්ට් එකක් තියනවද? නැත්නම් මම හදල දෙන්න සූදානම්. මම ඒකට සුළු මුදලක් අය කරනවා. ඇඩ්සෙන්ස් අකව්න්ට් එක ඔබ අතට පත් වුනාට පස්සේ මට සල්ලි දෙන්න පුලුවන්. අවශ්‍ය නම් මට ඊමේල් කරන්න. මගේ ඊමෙල් එක, irshadnilamඇටliveඩොට්com

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්