Tuesday, February 14, 2012

පළමු තරග දෙක පරාජය වුණත් තරගාවලියේ අවසන් තරගය සඳහා පැමිණීමේ අවස්‌ථාව ඈත්වෙලා නැහැ-මහේල

කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් පසුවන ශ්‍රී ලංකාව අද (14 දා) ඉන්දියාව සමග ඇඩිලේඩ් හිදී දිවා රාත්‍රි තරගයකට සහභාගි වෙයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 8.50 ට පමණ ආරම්භ වීමට නියමිතය.

මෙතෙක්‌ තරගාවලියේ කිසිදු ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරග දෙකේදී ඉන්දියාව සහ ඔස්‌ටේ්‍රලියාව හමුවේ පරාජයට පත්විය. එම අවදානම් තත්ත්වය අනුව අද තරගය ශ්‍රී ලංකාව කෙසේ හෝ ජයගෙන තරගාවලියේ ඉදිරි තරග සඳහා සාර්ථක ප්‍රවේශයක්‌ ලබාගත යුතුව ඇත. මේ වන විටත්
ඔස්‌ට්‍රේලියාව සහ ඉන්දියාව තරග තුනකට බැගින් සහභාගි වී ජයග්‍රහණය දෙක බැගින් ලබා තිබීම මත ශ්‍රී ලංකාවට අද තරගයේ ජය අනිවාර්ය වී තිබේ. ප්‍රසාද ලකුණු සටහන අනුව ඔස්‌ටේ්‍රලියාව ලකුණු 9 ක්‌ ලබා පෙරමුණේ පසුවන අතර ඉන්දියාව ලකුණු 8 ක්‌ ලබා එහි දෙවැනි ස්‌ථානයේ පසුවෙයි.

අපි පළමු තරග දෙක පරාජය වුණත් තරගාවලියේ අවසන් තරගය සඳහා පැමිණීමේ අවස්‌ථාව ඈත්වෙලා නැහැ. අපිට අද තරගයත් එක්‌ක තව තරග හයක්‌ තියෙනවා ක්‍රීඩා කරන්න. එහිදී අපි බලාපොරොත්තු වෙනවා අපේ ඉලක්‌කය වෙත ළඟා වෙන්න.  යනුවෙන් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන තරගය පිළිබඳව අදහස්‌ දක්‌වයි.

ඇඩිලේඩ් තණතීරුව වේග පන්දු යවන්නන්ට යම් සහනයක්‌ දැක්‌වුවද පිතිකරුවන්ටද එය දක්‍ෂතා දැක්‌විය හැකි තණතීරුවක්‌ බව වාර්තා වේ. මෙම ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව තරග 15 කට සහභාගි වී ලබා ඇත්තේ ජයග්‍රහණ තුනක්‌ පමණක්‌ වන අතර එහිදී තරග 12 ක්‌ පරාජයට පත්වී තිබේ. ඉන්දියාව මෙම ක්‍රීඩාංගණයේදී තරග 12 කට සහභාගි වී ජයග්‍රහණ 7 ක්‌ ලබා ඇති අතර පරාජය වී ඇත්තේ තරග 5 ක්‌ පමණි. ඒ අනුව ක්‍රීඩාංගණයේ දක්‌වා ඇති දක්‍ෂතා අනුව ඉන්දියාව ඉදිරියෙන් පසුවීමද ඔවුන්ගේ මානසිකත්වය ඉහළ දැමීමට පිටිවහලක්‌ වනු ඇත. 1999 දී ශ්‍රී ලංකාව ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී ලකුණු 303 ක්‌ හඹා ගොස්‌ නවසීලන්තය පරාජය කිරීමට සමත් වූ අතර එය මෙම ක්‍රීඩාංගණයේ කණ්‌ඩායමක්‌ හඹා ගොස්‌ ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසද සටහන් වේ. එම තරගයේදී මහේල ජයවර්ධන ශතකයක්‌ ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබිය. ඒ අනුව ලකුණු නියඟයකින් පසුවන මහේල මෙම ක්‍රීඩාංගණයේදී ලකුණු අතරට පැමිණීමට සමත් වුවහොත් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල පිටිවහලක්‌ වනු ඇත.

ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු අතරට නොපැමිණීම සහ මැද පෙළ පිතිකරු ළහිරු තිරිමාන්න අසාර්ථක වීමද ශ්‍රී ලංකා පරාදවලට ප්‍රබල සාධකයක්‌ වූ අතර අද තරගයේදී තිරිමාන්න වෙනුවට තිලාන් සමරවීර ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් අද තරගයේදී ඉන්දියාව පරාජය කිරීමේ හැකියාව තම කණ්‌ඩායමට ඇති බව හිටපු නායක කුමාර් සංගක්‌කාරද විශ්වාස කරයි. ඉන්දියාව ඔවුන්ගේ රටේදී හොඳින් ක්‍රීඩා කළත් ඉන් පිටතදී එතරම් හොඳට ක්‍රීඩා කරන්නෙ නැහැ. ඒ අනුව ඕනෑම මොහොතක ඉන්දියාව විදේශ රටවලදී පරාජය විය හැකියි. යනුවෙන් සංගක්‌කාර අදහස්‌ දක්‌වා ඇත. ඉතිහාසයේ ඉන්දියාව විදේශවලදී තරග කරපු ආකාරය පිළිබඳවද සංගක්‌කාර එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා තිබේ.

සංගක්‌කාර වැඩිදුරටත් මෙසේ අදහස්‌ දක්‌වා තිබේ. අපිට දැන් අවශ්‍ය වන්නේ මේ තරගය ජය ගැනීම පමණයි. ඊට පස්‌සෙ අපිට තව තරග හතරක්‌ තුළ අවම වශයෙන් ජයග්‍රහණ දෙකක්‌ ලබා ගතහොත් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට බොහෝ අවස්‌ථාවක්‌ තියෙනවා. ඉන් පසුව අපිට තවත් තරගයක්‌ ඉතිරිව තිබෙනවා. අද තරගයේදී සංගක්‌කාර ලකුණු 42 ක්‌ ලබාගතහොත් ඔහුට ලකුණු දස දහසේ සීමාව ඉක්‌මවා යැමට හැකියාව ලැබෙන අතර ඔහු මේ වන විට එක්‌දින තරග 313 කදී ලකුණු 9958 ක්‌ ලබා තිබේ.

ඔස්‌ට්‍රේලියානු නායකයාට ආබාධයක්‌

මේ අතර
ඔස්‌ට්‍රේලියානු නායක මයිකල් ක්‌ලාක්‌ගේ පාදයක කලව ප්‍රදේශයේ ඇති වී තිබෙන ආබාධයක්‌ හේතුවෙන් ලබන සිකුරාදා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයට සහභාගි නොවන බව වාර්තාවේ.

එහෙත් ක්‌ලාක්‌ පවසන්නේ zමම ගොඩක්‌ උත්සාහ ගන්නවා සිකුරාදා තරගයට සහභාගි වන්නෙ. යනුවෙනි. ඒ අනුව ක්‌ලාක්‌ සහභාගි නොවුණහොත් ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම රිකී පොන්ටින් විසින් මෙහෙයවන බවද වාර්තා වේ. මේ වනවිට
ඔස්‌ට්‍රේලියානු නිත්‍ය උපනායක ෂේන් වොට්‌සන් ආබාධයක්‌ හේතුවෙන් ක්‍රීඩා නොකිරීම සහ ටෙස්‌ට්‌ තරගාවලියේ උපනායකයා වූ බ්‍රැඩ් හැඩින් ක්‍රීඩා නොකිරීම මත හිටපු නායක පොන්ටින් විසින් ශ්‍රී ලංකාව සමග සිකුරාදා පැවැත්වෙන තරගය මෙහෙයවීමට නියමිත බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැයට කිලෝමීටර් 150ක වේගයකින් පන්දු යවන බව  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන ක‍්‍රීඩක බෙට්ලි පවසනවා. ආබාධයක් හේතුවෙන් සී.බී. කුසලාන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීමට බෙට්ලිට මේ දක්වා අවස්ථාව හිමි වූයේ නැහැ. දැන් සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටින ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායමට අනතුරු අඟවා සිටින බවයි සිඞ්නි මෝර්නින් හෙරල්ඞ් පුවත්පත සදහන් කළේ. බෙට්ලි පසුගිය දා නිමාවට පත්වූ ඉන්දීය  ඕස්ටේ‍්‍රලියා විස්සයි විස්ස තරගයේදී ද පැයට කිලෝමීටර් 150ක වේගයකින් පන්දු යවනු ලැබුවා.


 

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්