Sunday, February 12, 2012

ශ‍්‍රී ලංකා පිළ නිවැරදි මඟක. - ජෙෆ් මාෂ්


 වසර 2ක කොන්ත‍්‍රාත්තු කාලයෙන් මාස හතරක් පමණක් ගතවී තිබියදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු තනතුරෙන් ඉවත් කළ  ඕස්ටේ‍්‍රලියානු ජාතික ජෙෆ් මාෂ් ඊයේ (10) සිය ශ‍්‍රී ලංකා අත්දැකීම් පිළිබදව ප‍්‍රසිද්ධියේ අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළ ශක්තිමත් අන්දමින් ප‍්‍රගතියක් අත්කර ගනිමින් සිටින බව තමා විශ්වාස කරන බවයි. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ව්‍යුහයේ පරිවර්තන යුගයක තමා පුහුණුකරු තනතුරට යොදා ගත් බව පැවසූ ජෙෆ් මාෂ් නව පාලක මණ්ඩලය එක් වරක් පමණක් හමුවූ බවත් කියා සිටියා. තමා තනතුරින් ඉවත් කළ ද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඒ සඳහා හේතු ප‍්‍රකාශ නොකළ බවයි ජෙෆ් මාෂ් ප‍්‍රකාශ කළේ. තම කාලය තුළ ශ‍්‍රී ලංකා පිළ දකුණු අප‍්‍රිකාවේ දී ප‍්‍රථම ටෙස්ට් ජයග‍්‍රහණය අත් කර ගත් බව පෙන්වා දුන් ජෙෆ් මාෂ් එය කණ්ඩායමේ ඉලක්කයක් වූ බවත් සඳහන් කළා. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සමග කටයුතු කිරීම සුන්දර අත්දැකීමක්. එහෙත් එය අත්දැකීමට සිදුවූයේ සිව් මසක් පමණයි. පිටියේදී තිලකරත්න ඩිල්ශාන් තරම් කැපවීමක් පෙන්නුම් කර කිසිදු ක‍්‍රීඩකයෙකු නොමැති තරම්. එහෙත් මහේල ජයවර්ධන ශ‍්‍රී ලංකා පිළ ඉදිරියට ගෙන යාමට සුදුසුම පුද්ගලයා බව අන් බොහෝ දෙනා මෙන් තමා ද විශ්වාස කරන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් හිටපු පුහුණුකරු ජෙෆ් මාෂ් අවධාරණය කළේ.
වැඩි දුර

1 comment:

  1. ඇත්තටම අපි යහපත් අරම්භයක් ලබා ගත්තා දරුවෝ.මුල් තරග දෙක පැරදුනත් සුබවාදී බලාපොරොත්තු තියාගන්න පුළුවන්.අපිට ගහාලා ඉන්දියාව ෆෝම් වුනා.අද ඕස්ටේ‍්‍රලියාවටත් ගැහුවා නෙව.තරගාවලිය ගොඩක් උණුසුම්.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්