Friday, February 17, 2012

ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ නායකත්වය රිකී පොන්ටින්ට.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟයේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායකත්වය හිටපු නායක රිකී පොන්ටින් වෙත පවරා තිබෙනවා. නායක මයිකල් ක්ලාක් මස්පිඩු ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තරඟයට ක‍්‍රීඩා කරන්නේ නැහැ. පොන්ටින්ගේ පත්කිරිම තාවකාලික බවයි  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් බලධාරීන් ප‍්‍රකාශ කළේ. ඬේවිඞ් වෝනර් කණ්ඩායමේ මීලඟ නායකයා ලෙස පෙරට ගෙන ආ යුතු වුවත් ඔහු තවමත් අත්දැකීම් අඩු ක‍්‍රීඩකයෙකු නිසා සිකුරාදා තරඟයට නායකත්වය ලබාදීම සඳහා සුදුසු නොවන බවයි  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් බලධාරීන්ගේ අදහස වී ඇත්තේ. කෙසේවෙතත් ක්ලාක් ලබන ඉරිදා ඉන්දියාව සමග පැවැත්වෙන තරඟයට යළි නායකත්වය ලබාදීමට නියමිතයි. මේ අතර  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක රයන් හැරිස් වෙනුවට තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන් සිකුරාදා තරඟයට කැඳවීමට නියමිත බවද වාර්තා වනවා.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්