Thursday, February 2, 2012

පසුගිය වර්ෂයේ හොඳම වොලිබෝල් ඡායාරූපය අපෙන්



ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය විසින් 2011 වර්ෂයේ දි 12 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ක‍්‍රියාත්මක කරන ලද Volley Aall Festival වැඩ සටහනට අනුබද්ධව පැවැති ඡායාරූප තරගයකින් පළමු ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිවී තිබේ.
මෙම වැඩසටහන පසුගිය වසරේ මැයි 31 හා ජුනි 01 වන දිනවල බදුල්ල හාලිඇල ජාතික පාසල් ක‍්‍රීඩාංගනයේදී සංවිධානය කරන ලද අතර එහිදී ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රසාද් රශ්මික විසින් ගන්නා ලද ඡුායා රූපය 2011 වසරේ ලොව හොඳම ඡායාරූපය වශයෙන් ජාත්‍යාන්තර වොලිබෝල් සම්මෙලනයේ තාක්‍ෂණික කමිටුව විසින් තෝරා ගනු ලැබ ඇත.
හාලිඇල මුගුණුමත විද්‍යාලයේ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන නෙත්මි ශාක්‍යා ක‍්‍රීඩිකාව මෙම ඡායාරූපයේ සිටින්නීය.
Volley Aall Festival යනුවෙන් නම් කරන ලද මෙම වැඩසටහන ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ රටවල් 220 තුලම 2011 වසරේදී කි‍්‍රයාත්මක කරන ලදි.
මෙම ඡායාරූපය 2012 වර්ෂයේදී ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනයේ සියලූම ප‍්‍රකාශන වල යොදා ගැනීමට ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය තිරණය කර ඇති අතර එහි රූපය ප‍්‍රථම ස්ථානය දිනා ගැනිම හේතුවෙන් මේ වසරේ ඇමරිකාවේදී පැවැත්වෙන 33 වන ජාත්‍යාන්තර වොලිබෝල් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට විශේෂ තිළිණයක් පිරිනමන බවටද ජාත්‍යාන්තර වොලිබෝල් තක්‍ෂණික කමිටුව නිවේදනය කරයි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්