Monday, February 20, 2012

අසාර්ථක පොන්ටින් එක්දින සංචිතයෙන් ඉවතට


ඕස්ටේ‍්‍රලියාවේ හිටපු නායක රිකී පොන්ටින්,  ඕස්ටේ‍්‍රලියානු එක්දින ක‍්‍රිකට් සංචිතයෙන් ඉවත්කර තිබේ.  ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී පොන්ටින්ට ලකුණු අතරට ඒමට නොහැකි වීම මෙලෙස සංචිතයෙන් ඉවත් කිරීමට හේතුව වී ඇත.
ඕස්ටේ‍්‍රලියාව තුන්කොන් තරගාවලියේදී සහභාගි වු තරග පහේදී පොන්ටින් රැස්කර තිබෙන ලකුණු සංඛ්‍යාව 18 කි. එහිදී පොන්ටින් ලකුණු 2, 1, 6, 2 සහ 7 ක් ලෙස තරග පහේදී දැවී ගොස් තිබෙන අතර ඔහුගේ එම තරග පහේ සාමාන්‍ය 3.60 කි. මයිකල් ක්ලාක් ආබාධයකට ලක්වීම නිසා තරග දෙකකදී  ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවීම පොන්ටින්ට පැවරිණ.
37 හැවිරිදි පොන්ටින් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය  ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත් විය. එක්දින තරග 375 කට සහභාගිවී ලකුණු 13704 ක් ලබා ඇති හිටපු  ඕස්ටේ‍්‍රලියානු නායකයා, ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගෙන් (18179) පසුව වැඩිම එක්දින ලකුණු රැස් කර සිටින පිතිකරුවා ද වේ.
පොන්ටින් වෙනුවට ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන්  ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතයට කැඳවා තිබේ. මිචෙල් ස්ටාක් වෙනුවට වේග පන්දු යවන රයන් හැරිස් ද සංචිතයට ඇතුළත් කිරීමට  ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්