Friday, February 3, 2012

ලබන වසරේ සිට ඉතිහාසය විෂය ජාතික උරුමයන් හා පරිසර විෂය ලෙස වෙනස්‌ කරයි

ලබන වසරේ සිට ඉතිහාසය විෂය ජාතික උරුමයන් හා පරිසර විෂය ලෙස වෙනස්‌ කෙරෙන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ජාතික උරුමය පිළිබඳ හා පරිසරය පිළිබඳ දරුවන් තුළ ඇති දැනුම ඉතා අල්ප බවත්, මුල සිටම අදාළ විෂයන්වල  ඇති වැදගත්කම දරුවන් වෙත ගෙන යැමේ අරමුණින් ඉහත තීරණය ගත් බවත් හෙතෙම කීවේය.

එසේම සම්පත් බෙදී යැමේ විෂමතාවය නිසා ගම්බද දරුවන්ට සිදුවන අසාධාරණකම් අවම කිරීමට ජාතික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පවසයි.

එම ජාතික වැඩපිළිවෙළට සමගාමීව ඇරැඹෙන නව ද්වීතික පාසල් සඳහා තොරතුරු තාක්‍ෂණය, විද්‍යාගාර මෙන්ම හරිත විද්‍යාගාරයක්‌ ඇති කිරීමට කටයුතු කරන මෙන් පරිසර අමාත්‍යාංශයෙන් හෙතෙම ඉල්ලීමක්‌ ද කළේය.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (02 වැනිදා) එම අදහස්‌ පළ කළේ ලෝක තෙත් බිම් ජාතික දින සැමරුම් උත්සවය බත්තරමුල්ල වෝටර්ස්‌එඡ් හි දී පැවැති අවස්‌ථාවේදී

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්