Thursday, January 6, 2011

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ අයත් නොවන පළාත් පාලන ආයතන වල නිල කාලය අදින් අවසන්

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ අයත් වන පළාත් පාලන ආයතන කිහිපයක්‌ හැර සෙසු පළාත් පාලන ආයතනවල නිල කාලය අද (06 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරේ.මීට අදාළ අති විශේෂ ගැසට්‌ පත්‍රය පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා විසින් අද නිකුත් කිරීමට නියමිතය.

පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම සඳහා නාමයෝජනා පත්‍ර කැඳවීම මෙම මස අගදීත් මැතිවරණය මාර්තු මස 12 වැනිදාත් සිදු කෙරේ.

නිල කාලය අවසන් වන ආයතනවල පාලනය අදාළ පළාත් පාලන කොමසාරිස්‌වරුන් වෙත පැවරේ.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අයත් පළාත් පාලන ආයතන කිහිපයක නිල කාලය අවසන් නොකර ඡන්ද විමසීම පසුවට කල් තබනු ඇතැයි දැනගන්නට ඇත. ඊට අදාළ අති විශේෂ ගැසට්‌ නිවේදනය ද රජය විසින් නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ, මහනුවර, ගාල්ල යන මහනගර සභා හා දඹුල්ල, සූරියවැව ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පසුව සිදු කෙරෙනු ඇත.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්