Saturday, December 1, 2012

හේරත් දෙවැනි තැනට



ශ්‍රී ලංකා වමතින් පා දඟ පන්දුයවන ක‍්‍රීඩක රංගන හේරත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණෙමින්, දඟ පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව සිටියි.
නවසීලන්තයට එරෙහිව කොළඹදී පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 170 කට කඩුලූ 9 ක් දවා ගැනිමින් හේරත් ස්ථාන දෙකක් පෙරමුණට පැමිණියේය. හේරත්, නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකේදී කඩුලූ 20 ක් දවාගත්තේය.
නවසීලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට රටවල් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ ප‍්‍රසාද ලකුණු 98 ක් ලබා සිටි ශ්‍රී ලංකාව එම තරගය පරාජයට පත්වීමත් සමග ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 96 ක් දක්වා අඩුවී තිබේ.
නවසීලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගක්කාර සිවුවැනි ස්ථානය දක්වා පහතට වැටී තිබේ. එම ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම සංගක්කාරට රැුස්කළ හැකි වූයේ ලකුණු 16 ක් පමණි.
රංගන හේරත් ගාල්ලේදී පැවැති පළමු දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 11 ක් දවාගැනීමෙන් පසු ප‍්‍රසාද ලකුණු 828 ක් සමගින් සිවුවැනි ස්ථානයට පැමිණි අතර මේ වන විට ප‍්‍රසාද ලකුණු 838 ක් ලබා සිටියි.
වර්තමාන ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම දඟ පන්දුයවන්නා වන 34 හැවිරිදි රංගන හේරත් මේ වන විට ටෙස්ට් තරග 42 කදී කඩුලූ 174 ක් දවාගැනීමට සමත් සිටියි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්