Saturday, December 15, 2012

නැවත මාලිංග ගැන ටෙස්ට් ක්‍රීඩා කිරීම ගැන කතා බහක්


ඕස්ටේ‍්‍රලියානු බිග් බෑෂ් විස්සයි විස්ස තරගාවලියේ දී විශිෂ්ඨ දස්කම් ප‍්‍රදර්ශනය කළ ද ලසිත් මාලිංග නැවතත් ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සඳහා කැඳවීමේ අදහසක් නැතැයි මහේල ජයවර්ධන පවසනවා.  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල කියා සිටියේ එමගින් ඔහුගේ කි‍්‍රකට් කී‍්‍රඩා දිවිය අවදානමකට ලක් කිරීමට සූදානම් නොමැති බවයි. තමාටම ආවේණික ශෛලියකින් වේග පන්දු යවන මාලිංග  ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් තරගාවලියේ දී ලකුණු 7කට කඩුලූ 6 ක් බිද හෙලූවා. එය  ඕස්ටේ‍්‍රලියාවේදී මෙතෙක් වාර්තා වූ විශිෂ්ඨතම විස්සයි විස්ස පන්දු යැවීමයි. කෙසේ නමුත් මහේල ජයවර්ධන කියා සිටියේ ටෙස්ට් තරග සඳහා සහභාගි විය හැකි බවට සියයට සියයක විශ්වාසයක් පවතින්නේ නම් මාලිංග ඒ සඳහා සහභාගිවීමේ ගැටළුවක් නොමැති බවයි. එවැනි අවස්ථාවක ඔහු ටෙස්ට් කණ්ඩායමට යළි කැඳවීමට තමාද කැමැත්තෙන් සිටින බව මහේල ජයවර්ධන සඳහන් කළා.
තවද කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබාදීමේ අරමුණින් මහේල ජයවර්ධන සිය ධුරයෙන් ඉවත් වන බවට අද නිවේදනය කළ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කළමනාකරු චරිත් සේනානායක පවසනවා. අද පැවති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණු සැසියෙන් අනතුරුව මහේල ජයවර්ධන සිය ඉවත්වීම සම්බන්ධයෙන් එරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. 
මේ අතර, වෝන් - මුරලි කුසලානය සඳහා පැවැත්වෙන ශ‍්‍රී ලංකා -  ඕස්ටේ‍්‍රලියා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය හොබාට්හි - බෙලරීව් ඔව්ල් ක‍්‍රීඩාංගනයේදී ඊයේ(14) ආරම්භ වුණා. ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අද (15) දිනයේදී දිවා ආහාරයට නතර කරන විට  කඩුලූ5ක් දැවී ලකුණු 364 ක් ලබා සිටියා. පිලිප් හියුස්  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ලකුණු 86 ක් රැස් කළ අතර ඬේවිඞ් වෝනර් ලකුණු 57 ක් ද නයක මයිකල් ක්ලාක් ලකුණු 74ක් හාමයික් හසි නොදැවී ලකුණු 66 ක් ලබා ගත්තා. ඔස්ටේ‍්‍රලියානු පිලේ දැවී ගිය කඩුළු 05 න් කඩුළු 3 ක්ම බිඳ හෙලූවේ චානක වෙලගෙදරය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්