Monday, December 17, 2012

සා.පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිට වෙලාද?


පෙරේදා (15 වැනිදා) පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 19 ක්‌ ඒ ආකාරයෙන්ම ඊට පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු විසින් සිසුන්ට ලබා දී ඇති බවට වාර්තා වී ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

මෙම අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න 18ක් එනම් 12, 14, 15, 17, 19, 23, 25, 27, 28, 30, 32, 35, 37, 38, 41, 43, 45 සහ 47 යන ප‍්‍රශ්න සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍රයේ පිළිවෙලින් 22,24, 38, 23, 25, 26, 37, 36, 27, 28, 39, 29, 30, 31, 32, 33, 34 සහ 35 යන ප‍්‍රශ්නවලට සමානව තිබේ.

මෙවර විභාග දෙපාර්තමේන්තුව ලබා දුන් සාමාන්‍ය පෙළ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ දෙවැනි කොටසේ හය වැනි ප‍්‍රශ්නයේ දක්වා ඇති සුසුම්නාවේ හරස්කඩ රූප සටහනේ ශ්වේත ද්‍රව්‍ය හා ධුසර ද්‍රව්‍ය නම් කර ඇත්තේ පෙළ පොතේ 53 වැනි පිටුවේ සදහන් රූප සටහනට පරස්පරවයි.

මෙම අනුමාන ප්‍රශ්න පත්‍රය සපයා ඇත්තේ විද්‍යාවේ මහා ඇදුරුදු ලෙස සඳහන් කරමින් උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු බව පැවසේ. උපකාරක පන්තිවලට සහභාගි වූ දරුවන්ට මේ ගුරුවරයා ලබාදුන් ප්‍රශ්න 50 ක ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්නවලින් 19 ක්‌ ඒ අයුරින්ම මෙවර විභාග දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ සඳහන්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම ගුරුවරයා විසින් අනුමාන ප්‍රශ්න 50 ක්‌ දරුවන්ට ලබා දී ඉන් ප්‍රශ්න 26 ක්‌ මුහුණු සලකුණ යොදා විශේෂ කර තිබෙන බවත් ඒ 26 න් 19 ක්‌ රූපසටහන් සහ අකුරක්‌ හෝ නොවෙනස්‌ව සා.පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහි වඩාත් විමතියට හේතුව නම් සාමාන්‍ය දැනුම විමසා බැලීම සඳහා ලබා දී ඇති විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍රයේ 38 සහ 40 ප්‍රශ්න දෙක අකුරක්‌වත් වෙනස්‌ නොවී උපකාරක පන්ති ගුරුවරයාගේ ප්‍රශ්න පත්‍රයේ ඒ අයුරින්ම සඳහන්ව තිබීම යෑයි ද හෙතෙම කීය.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සියලු තොරතුරු එක්‌රැස්‌ කරගැනීමෙන් පසු අදාළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් පියවරක්‌ ගන්නා බව ද ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය පිළිබඳ විභාගයෙන් පසුව ලද පැමිණිලි පරීක්‍ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු කරගත් මොහොතේම සිද්ධිය පිළිබඳව පොලිස්‌පතිවරයාට මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා  පැවසීය.
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්‌ථාන 4048 කදී දරුවන් 5,42,260 ක්‌ පෙනී සිටින බව කී ජයසිංහ මහතා මෙම හෙළිකිරීම සම්බන්ධයෙන් තම සංගමය පිළිබඳව සොයා බැලීමට වඩා මීට සම්බන්ධ අයට දඬුවම් දීම සහ අසාධාරණයට ලක්‌වන දරුවන්ට සාධාරණය ඉටුකරදීම වඩාත් යෝග්‍ය බව බලධාරීන්ට අවධාරණය කර සිටින බව ද කීය.


ඒ අවස්ථාවේදී විභාග කොමසාරිස්වරයා විසින් පවසන ලද්දේ රහස් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලද බවයි. එසේම රහස් පොලීසිය හෙට දිනයේදී විභාග දෙපාර්තමේන්තුවේද පරීක්ෂණ සඳහා පැමිණෙන බව ඔහු සඳහන් කළේය. නමුත් ලංකා ගුරු සංගමයේ ඉල්ලීම වූයේ රහස් පොලිස් පරීක්ෂණ පැවතියද විභාග දෙපාර්තමේන්තුව මගින් වෙනම ස්වාධීන පරීක්ෂණයක් මේ පිළිබඳව සිදුකළ යුතු බවයි. එවැනි පරීක්ෂණයක් සඳහා කමිටුවක්  පත් කරන බවද විභාග කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරන ලදී.  




3 comments:

  1. අද දැන් තියෙන ගණිතය ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න ඊයේ ටියුශන් පන්ති වල දිලාලු

    ReplyDelete
  2. ලංකාවේ බොහෝ දෙවල් අතරින් අන්තිමට විශ්වාසයක් ඇතුව ඉතිරි උනේ විභාග දෙපාර්තමේන්තුව විතරයි. දැන් ටික කාලයක ඉඳල ඒකත් ඉවරයි. දැන් දරුවන්ට විභාග පිළිබඳ කිසිම විශ්වාසයක් නෑ. මේ ප්‍රශ්න ටික දීපු එකා ඉස්සෙල්ල හොයා ගන්න ඕන.මේ වගේ කාලකන්නි නිසා ටියුෂන් කියන එක දැන් අසූචි වලක් වෙලා ඉවරයි. හරියට ඒ වැඩේ කරන ගුරුවරුන්ටයි ගැටළුව.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්