Thursday, December 13, 2012

මහේල ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසු නායකත්වයෙන් ඉවත්වන බව පවසයි


ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසු තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව මහේල ජයවර්ධන පවසයි. ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සංචාරය සම්බන්ධයෙන් එරට දී පැවැති මාධ්‍ය හමුවකදී මහේල මේ බව පවසා ඇතැ බව සඳහන්ය.
ඒ අනුව ජනවාරි 23 වැනිදා හෝබාට් හි පැවැත්වෙන 5 වන එක් දින තරඟයෙන් අනතුරුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වනු ඇති. තිලකරත්න දිල්ෂාන් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග මහේල ජයවර්ධන යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර නව නායකයෙකුට කණ්ඩායම භාරකරන තුරු කෙටි කාලසීමාවකට තමන් නායකත්වය දරණ බවයි මහේල එහිදී ප‍්‍රකාශ කළේය.මහේල ජයවර්ධන මාස 12 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණේ පසුගිය ජනවාරී මාසයේදීය.
තමන් එම කාලය තුළදී ලබාගත් සාර්ථකත්වය පිළිබඳව සෑහීමට පත්වන බවද මහේල එම මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇත. ඒ අනුව ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් පසු විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වනු ලැබුවා. මහේල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග බොහෝදුරට උපනායක ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වේයයි සිතිය හැක. 

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්